My name is රයිටර් who writes, some kind of ඇවටියෙල් stories..

Friday, January 27, 2012

පද්ද පද්ද ලැම ගස්ස ගස්ස ඉඟ

ඇස් දෙකේ කළු ඉන්ගිරියාවල් බ්ලොග් පිටු අස්සේ  එහෙ මෙහෙ යනකොට මටත්  හිතට දැනෙන අමුතු තාලේ පොස්ටින්ග් එකක් ලියන්නයි කියල හිතුවට ම්හු... නො අයිඩියා... අපි තාම පොඩි ළමයිනේ.
එත් කවද හරි අපේ අතිනුත් ඒ වගේ සුපිරි කතා ලියවෙන්නේ නැතැ.
 
මො....ක....ක්..ද..... ලියන්නේ........?
 
හප්පට සිර ඔය මතක් වුනේ... 
කියවන කෙනෙක් කියෙව්වාවේ කියල ඔන්න ඔහේ ලියනවා...
 
වෙනසකටත් එක්ක අද ලියනවා කෙල්ලෝ ගැන. (සියල්ලම නෙමෙයි)
සියල්ලම ලියල ඉවර කරන්න කෙනෙක් හිතාගෙන ඉන්නවනම්
ඉතින් මැරෙනකන් වත් එක කරන්න පුළුවන්වෙයි කියල මම නම් හිතන්නේ නෑ..
කෙල්ලෝ ඒ තරමටම ගුප්තයි. මුහුදේ වතුර බීල ඉවර කරන්න පුළුවන් වුනත් කෙල්ලොන්ව නම් තේරුන් අරන් ඉවර කරන්න
බැ කියල දවසක් බුකියේ මම ෆොටෝ එකකුත් දාල තිබුන. ඒවාට නම් ඉතින් කොමෙන්ටු වැටෙනවා හොරයි.. අනේ මන්ද... විශ්වාශ කරන්න මම මේ පොස්ටුව දාන තුරුත් මගේ බ්ලොග් එකේ වත් එකම ඒක කමෙන්ට් එකක් නෑ. දුකේ බෑ අප්පා. ඇරත් අපි කමෙන්ට් වැස්සට තෙමෙන්න මහා ලොකු පොරසිද්ධ අයත් නෙමෙයිනේ. ඊයේ පෙරේද උපන් අපට තව දුර යන්න තියනවා කියල හිත හද ගන්නවා.  කමෙන්ට් නැති ඒක වෙනම කතාවක්. 
 
 
අපි දැන් අකමැත්තෙන් වුනත් මුල ටික කියවපු එකේ ඉතුරු ටිකත් කියලම ඉමු.
 
 
මට තියන විසඳගන්න අමාරු ප්‍රශ්න වලින් එකක් තමයි ඇයි මේ තරම් කෙල්ලෝ කොල්ලෙක් දැක්කම පස්ස නලවන්නේ ඇයි කියල. (විසඳ ගන්න නම් ප්‍රශ්න කෝටියක් තියනවා....මම කිවේ මේවගේ ඒවා)
එච්චර වැදගත් නොවෙන්න පුළුවන්.
පද්ද පද්ද යන කෙල්ලෙක් දිහා බලල
 
"ඇයි නංගි ඔය ඔච්චර නලවන්නේ"
 
ඔහොම අහන්න පුළුවන්යැ මුණටම..
 
"ඇයි අයියේ එපාද"
 
 කියලවත් ඇහුවොත් හැරෙන තැපෑලෙන්...
 
ඉල්ලන් කනවා කියල ඔහොමත් කන්න පුලුවන්ද.... පච වෙනවා කියල ඔහොමත් පච වෙන්න පුලුවන්ද.
අම්මෝ ඒක හින්ද මේවගේ අවකාශයක් මේවගේ ඒවා කතා කරන්න හොඳ තැනක් හන්ද තමයි මේකත් ලියන්නේ.
 
ඒක ජම්මෙන් එන පුරුද්දද. එහෙම නැත්තම් කොල්ලන්ගේ ආකර්ෂණය දිනා ගන්න කරන තවත් මායමක්ද කියල දෙපාරක් නෙමෙයි කීප සැරයක් හිතුවත් ඔබට කවද හරි උත්තරේ ලැබිල තියද. ? 
 
දුර ඉඳන් යස අගේට ඇවිද ගෙන එන කෙල්ලෝ සරමක්, කලිසමක් දැක්ක හැටියේ හරි හරියට වෙනස් වෙනවා.
මේ අතර ගස්සා ගස්සා යාම හෙවත් පද්ද පද්ද යාම විශේෂයි... අනේ දෙයියනේ ගැලවිලා යන තරමට මෙහෙමත් පද්දනවද.
 
දවසක් මගේ අතිජාත මිත්‍රයෙක් කනට කරලා කියනවා.
 
"ඔන්න බලපන් බොරුනම් ඔය ඈතින් එන කෙල්ලගේ ඉනෙන් පහල ජොයින්ට්  ඒක (වැරදියටමයි තේරුම් ගන්නේ. ජොයින්ට් ඒක කිවේ හන්දියට = උකුලට)  වෙනම හයි කරපු එකක් බං. ඒක ක්‍රියාත්මක වෙන්නේ ස්වයන්ක්‍රියව".
 
බැලින්නම් කතාව ඇත්ත.. මු මේ කෙල්ල ගැන මාර අධ්‍යනයක්නේ කරලා තියෙන්නේ.
 
කිව්වත් වගේ පණ ඇති ප්‍රාණියෙකුට නම් එහෙම කරන්න බෑ ඒවගේ  ලතාවට පද්දන්න බෑ.. (අනිවා මොකක් හරි ගුප්ත ගැජමැටික් එකක් ඇති කියලයි අපට හිතුනේ)
 
ඉතින් ඕකනේ මම මුලදීම කිවේ කෙල්ලෝ මහා ගුප්තයි කියල. .. තව කොච්චර කොච්චර ගැජමැටික් ඇත්ද  අපි නොදන්න. (අපි නොදන්න ගැජමැටික්)
 
මං හිතන්නේ කොල්ලෝ පේන දුරින් ඉන්නකම් පස්ස වන වනා ගිහින් කොල්ලෝ නැති වුනාම කෙල්ලෝ හති අරිනවා ඇති.  
 
අනිත් කතන්දරේ තමා අඩියක් විතර අඩි උස සෙරෙප්පු දාගෙන ගිහින් පෙරහැරවල් වල යන බොරු කකුල් කාරයෝ වගේ යන හැටි.
 
දවසක් මට තනියම හිනා. ඇයි හත්වලාමේ සෙරෙප්පු දෙකක් දාගෙන මේ කෙල්ල විඳින වදේ...දුකේ බෑ අප්පා.
 
දාන බැරි මගුලක් අමාරුවෙන් දානවට වැඩ නොදා හිටියනම් සැපයිනේ.
 
 මෙලෝ රහක් නැති පොස්ටින් දාන එකෙත් මෙලෝ රහක් නෑ...
 
තව පාරක් හිතන්නම වෙනවා.
 
එහෙනම් අයිබෝවන්ඩ මං ගෙහුං ඒඤන්...
 

5 comments:

  1. හිකිස්....හැබැයි ඔහොම නැති කෙල්ලොත් ඉන්නව...වැඩේ කියන්නෙ...කොල්ලන්ගෙ ඇහැ යන්නෙ ඔය වගේ කෙල්ලොන්ට විතරයිනේ...:D

    ReplyDelete
    Replies
    1. එහෙම නැති කෙල්ලෝ හොයා ගන්න නෑනේ ඉතින්. 99% ක්ම ඉන්නේ මේ විදිහේ අයනේ.

      කොල්ලන්ගේ නම් ඔය කාට කාටත් ඇහැ යනවා. කාගෙන් නම් තහනමක්ද.....

      Delete
  2. නිසපුගෙ කතාවට මමත් එකඟයි. එහෙම නොවෙන කෙල්ලො කොච්චර හිටියත් කොල්ලන්ට මතක හිටින්නෙ එහෙම වෙන කෙල්ලන්ව විතරයි. ඇයි ඉතින් එයාලත් බලන් ඉන්නෙ එහෙම කෙනෙක් දකිනකං නේ...

    ReplyDelete