Friday, February 3, 2012

අහක ඉන්න නයි රෙද්ද අස්සේ දාගැනීම හෙවත් ඇදගෙන නෑම.

  අපේ සමහර කොල්ලෝ කෙල්ලෝ අහක ඉන්න නයි රෙද්ද අස්සේ දාගෙන ඒ කියන්නේ අහක තියන ගිනි ගොඩවල්  වලට පැනල මුළු අත්මේම පුච්චගෙන දුක් විඳින කතා ඔබ කොතෙකුත් අහල ඇති. ගොඩක් වෙලාවට ඔය ගොල්ලොත් මේවගේ සිද්ධි වලට මුහුණ පාල ඇති...
මේවගේ සිද්දි වලට සමහරු ඔබව පොළබවද්දී  ඔබගේ බුද්ධිමත්කම නිසා ඒවාට සම්බන්ධ නොවී ඉන්න තරම් ඔබ වාසනාවන්ත වෙන්න ඇති. නැතත්  ඔයාලගේ යාළුවො හරි මේ වගේ අත්දැකීම් විඳලා ඇති. මේවගේ දේකට ඔයා හෝ ඔයාගේ යාළුවා සම්බන්ධ වුනා නම් ඒ දේ වුනේ කොහොමද.?

එක්කෝ හැඟීම් වලට වහල් වෙලා හරි, වෙන කරන්න දෙයක් නැතුව හරි, ඔන්න ඔහේ ආතල් එකට ජොලියට කරනවා කියල හිතල හරි නෙමෙයිද.

දන්නෙම නැතුව ඔබ අපි වෙන කෙනෙක්ගේ ගොදුරක් වෙලා. අන්තිමට සමාජෙට මුණ දෙන්න බැරුව අපු වලෙන්ම ගොඩ යන්න හිතාගෙන තව තවත් තව තවත් ඒ දේම කරනවා.

මම දන්නා මගේ එක යාලුවෙක් ඉන්නවා. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කියනවනම් මිනිහ මහා "කුකුලා".. මොනවා හරි ජිල්මාට් එකක් දාල කෙල්ලෙක් නම් අල්ලගන්නවමයි. ඒ විතරක් නම් මදැයි. අන්තිමට කෙල්ලට නැති වෙන්න තියන ගොඩක් දේවලුත් නැති කරලා තමයි මිනිහ නවතින්නේ. පස්සේ මිනිහ නෙමෙයි අර කෙල්ලෝ දිහා ඇහැක් ඇරලා බලන්නේ. අයෙම ඉතින් තව ප්‍රාණයකට තමයි ඉව අල්ලන්නේ . මම කීප දවසක්ම මිනිහට කීවා,

"යකෝ ඕක නවත්තපන්.. කවද හරි උඹේ ළමයෙක්ට මෙහෙම දෙයක් වුනොතින් හෙම" කියල

මිනිහ මහා නක්කල් හිනාවක් දාල කියනවා " මම බඳින්නේ නෑනේ මචන්" කියල

බන්දින්නේත් නැත්තම් මේ මනුස්සය නටන නැටුම කීම ?


තවත් යාලුවෙක් හිටිය මිනිහ ඇම දාන්නේ මුණු පොතේ ඉන්න කෙල්ලොන්ට. මිනිහත් අරහෙම "චැට්" එකට සෙට් කරගෙන කොහොම හරි කෙල්ලෙක් නම් අමාරුවේ දානවමයි. මාසෙකට දෙකකට එකක් නැති වෙන්නේනම නෑ

කවුරු හරි හිතයි උඹට (මට) ඉන්නේ මේවගේ යාළුවො විතරද කියල.. අපෝ නෑ..
මේ ලෝකේ හැම කෙනාම එක විදිහේ නෑනේ. එකෙක්ට එකෙක් වෙනස්..  ජීවිතේ වගේ , ඇස් දෙක වගේ , පණවගේ ආදරේ කරන එක කෙල්ලෙක් විතරක් ආශ්‍රය කරන හොඳ යාලුවොත් ඉන්නවා. 
අපි කතා කර කර උන්නේ උන් ගැන නෙමෙයි.

සුළුතරයක්ව ඉන්න මේ අමුතු තාලේ කුකුලෝ කිකිලියෝ ගැන.


කොල්ලා මුණු පොතේ ප්‍රොෆයිල්එකට හෙන ලුක් එකක් තියන ෆොටෝ එකක් දාල තියනවනම් හරි කෙල්ල දනිස්ස උඩට වියතක් දිග කඩමාල්ලක් ඇඳගෙන සෙක්සි ලුක් එකකින් ඉන්න එකක් දාල තියනම් හරි ..... අන්න මාර කෑල්ල, මාර බඩුව..ෂාහ් මාර හැන්ඩි.....කොල්ලා....

මම නම් කියන්නේ මේකට "කැහිල්ල" කියල.  ගොඩක් අය නම් එක එක නම් වලින් මේක හඳුන්වනවා.. මෝල් අමාරුව. ගාය වගේ ඒවායින්..

හෙන පොෂ් ලූක් එකක් තිබුන පලියට, දවස් දෙකක් චැට් එකට ආව පලියට තමන්ගේ පෙම්වතා හෝ පෙම්වතිය තීරණය  කරන්න මේ සාධක විතරක් ඇතිද?
ගොඩක් කෙල්ලෝ විහින් තමයි අමාරුවේ වැටෙන්නේ.. මම අර කලින් කිවුව ෆේස්බුක් මල්සරාගෙන් දවසක් ඇහැවුව මන්


"අනේ බං ඉතින් උඹ දාන ටෝක් වලට කෙල්ලෝ උඹව හොයාගෙන එනවද බං"

"නැත්තම් යකෝ... කියන පරක්කුව විතරයි.....අහවල් තැනට අහවල් වෙලාවට එන්න කිවම ගානට ලස්සනට එතන"


සමහර කෙල්ලෝ (දුර පලාත්වල අය එන්නේ උදේ පාන්දරමලු, යාලුවන්ගේ පාටි, පන්ති වලට යනවා වගේ බොරු ගෙදරට කියලලු එන්නේ)


අනේ ඉතින් මේ කෙල්ලොන්ගේ දෛවය  චිත්රපටි ශාලාවක "බොක්ස්" එකක හරි කොහේ හරි අගුපිලක හරි විසඳෙන හැටි?


ආපු ගොඩක් කෙල්ලෝ කලිනුත් මේවගේ ගිහින් තියන අයලු.. ඒ උනාට ඉස්කෝලේ යන පුංචි කෙල්ලොත් මුගේ උගුලට අහුවෙනවා මං ඕනෙවටත් වඩා හොඳට දන්නවා.

මේ එන ගොඩක් කෙල්ලොත් ආදරයට කලින් රාගය ඉස්සරහට දාගෙන එනවයි කියල තමයි ඌ කියන්නේ.. "උගේ භාෂාවෙන්ම කියනවනම්  "ගොඩක් ඇම්ම තියන කෙල්ලොලු එන්නේ."


"ගලන ගඟෙන් දිය දෝතක් බිවට මොකද බං" මම දවසක් උට උපදෙසක් දෙන්න ගිහින් ඌ කියපු කතාවෙන් මට කට උත්තර නැති වුනා.

"උඹට ඔය පව් හොදගන්න ගලන ගඟක වතුරත් මදි වෙයි" කියල මම එන්න ආව.


අපි මේ කොහාටද යන්නේ.... ආදරයට කලින් රාගය මතු කරගෙන හැඟීම් වලට වහල් වෙලා හුදෙක් කය පමණක් සංසිඳුවන තරමට ආදරේ අද කිසිම වටිනාකමක් නැති,, ඇමක් විදිහට යොදා ගන්න තරම් ලෝකේ දරුණු වෙලා.

පාලු ගෙවල් වල, චිත්රපටි ශාලා වට, ලැගුම්හල් වල තම තමන්ගේ  ඉරණම ලියා ගන්න තරම් අපේ කෙල්ලෝ, කොල්ලෝ පව්කාරයෝ වෙලා.


ඉතින් ලෝක විනාසය අත ළඟ නොවේද?


10 comments:

  1. ලෙසටම ලියල තියෙනව...ආයෙ කියන්න කිසිමදෙයක් නෑ....
    ආදරයයි රාගයයි පටලවගෙන අයාලේයන සාමාජයක දැක්ක හරවත්ම ලිපියක්....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිසපු....
      ආදරයයි රාගයයි ගැන කියල ඉවර කරන්න බැරි තරම් කොච්චර දේවල් තව තියනවද...

      Delete
    2. කොහෙද අප්පේ ගිහින් හිටියෙ?

      Delete
    3. මං කොහේ යන්නද අප්පේ මේවා දාල....?

      (කිරි අම්මා නැති වුණා.. ඉතින් මළගෙදර කටයුතු හන්ද මේ පැත්තේ එන්න බැරි වුණා "නිසු")

      Delete
  2. අපි මේ එකක්වත් නැතුව ඉන්නව!:p

    ReplyDelete
    Replies
    1. අපි හොයාගමු... මම කියපු අය වගේ නම් ඕනේ තරම් ඉන්නවා මචන්.....

      Delete
  3. හැබැයි තනි අතින් අප්පුඩි ගහන්නත් බැහැ.ඒත් ඒ කොල්ල කරන දේ සාධාරණය කරන්නෙත් නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔබ තුමා හරි.. 100%.... තනි අතින් අප්පුඩි ගහන්න බෑ... කොල්ලත් වැරදියි, එන කෙල්ලොත් වැරදියි.

      Delete
  4. කතාවට මමත් සම්පූර්ණයෙන්ම එකඟයි.

    ReplyDelete