Wednesday, August 15, 2012

මම දෑවැදි ඉල්ලන මිනිහෙක් නෙමෙයි

"හරි මචන් රම්බා මම උඹට ලියුම ලියල දෙන්නම් හැබැයි ඊට කලින් කරන්න බොහොම බැරෑරුම් කටයුත්තක් තියනවා"


"හරි හරි රයිටර් ඕනේ බැරෑරුම් දෙයක් මම කරන්නම්, මට ඇඟ හිරිවැටිලා යන ලියුං කඩදහියක් ලියල දෙනවනම්, ඉතින් !.. ඉතින් !.. කියපන්කො මොනවද කෙරෙන්න ඕනි කියල"

ඒ වෙලාවේ ඉල්ලුවොත්, හඳෙන් කෑල්ලක් හරි ගෙනත් දෙන සයිස් එකේ හිටපු රම්බා දැන් ඕනේ දේකට එවරෙඩි මමත් ඉතින් මගේ කවි හිතයි ටිකිරි මොලෙයි පාවිච්චි කරලා මුට කාරණාව කාරණාව එකින් එක තේරුම් කරා!!!


"මෙහෙමයි මචං උඹ දන්නවනේ මම මේ ලිවිල්ලට බොහොම ගරු කරනවා, මේක හැමෝටම පිහිටන්නේ නෑනේ. කලාතුරකින් කෙනෙක්ට තමයි පිහිටන්නෙත්.  දැන්..... නිකමට හිතපන්, උඹයි මමයි එක වයසේ, ඒ වුනාට උඹට පුලුවන්ද උඹලගේ පොඩි අක්කගේ ලොකු එකා ලියන සිස්සත්ව රචනාවක්වත් ලියා ගන්න.. බෑනේ." 


එහෙම කීවම නම් රම්බාගේ මුණ දිය වෙලා යන අයිස් කැටයක් වගේ වුනා. 

"අන්න එකනේ, උඹට තේරෙනවනේ මම කියන එක? උඹ නොදන්නවා වුනාට මම දැන් ජනප්‍රිය වේ........ගෙන එන්නේ. රෙදි නැන්දගේ දුව උඹට කිව්වේ නැද්ද මගේ බ්ලොග් එකේ ෆලෝවර්ස්ලා ගැන,? හිට්ස්  කවුන්ටරේ ගැන ? වැටෙන කමෙන්ට් ගැන.? මම මුණට හෙනම හෙන සිරා මුඩ් එකක් අරන් කිව්වා. මම මෙහෙම ෆේමස් වෙලා ඉන්නේ මගේ  දාඩිය මහන්සියෙන් කැපවීමෙන් වගේම ලියවිල්ල වෙනුවෙන්  කරන්න ඕනේ වත්පිළිවෙත් ටිකත් හරියාකාරව කරපු හින්ද.. මෙහෙමයි රම්බා, මම උඹට හින්දා කියන්නේ, මේවා රහස්, උඹ මේවා කාටවත් කියයි කියල මම හිතන්නේ නෑ...


"මේ ලඟදි ඉඳන් මම ලිවිල්ලක් ලියන්න කලින් පොඩි වත්පිළිවෙත් ටිකක් කරනවා. ....  .පිළිවෙත් හරියාකාරව ඉටු කරාම තමයි ලියන ලියවිල්ල සාර්ථක වෙන්නේ."  මම වටපිට බලලා කට හඬේ සද්දේ පොඩ්ඩක් අඩු කරලා රම්බගේ කනට කරලා කීවා.  රම්බා හෙන සීරියස් ලුක් එකකින් මං දිහා අභිමානයෙක් බැලුවේ "උඹ අපිට සම්පතක්" කියනවා වගේ

"හරි හරි ඉතින් මල් කරමලෝ මොනවද මං කරන්න ඕනේ... ඕනේ බම්බුවක් කියපන් මැරිලා හරි ගෙනත් දෙන්නම්, උඹේ ඔය ඉලව් පිළිවෙත් ටික කරලා හරි මගේ කඩදහිය ලියල දියන්කෝ "  මගේ පම්පෝරි පුරාජේරුව අහගෙන ඉන්න බැරුව අජපල් වේගෙන වගේ එද්දී රම්බා කිව්වා.


 "ඔන්න....ඔන්න උඹ මගේ  සාස්තරේ හෑල්ලු කරන්න හදන්නේ, මම හොඳින් කියන්නේ රම්බෝ, කට වරද්දගන්න එපා. දැන් මං කියන ටික හොඳට අහගනින්"


"හරි හරි සමාවෙන්න දෙවියනේ.... කියල රම්බා අත්දෙක නළලට අරන් උඩ බලාගෙන තුන්පාරක් විතර කලබලෙන් වැන්දා !."


 දේවාලෙකට ගිය ආතුරයෙක් දේවාලේ කපුමහත්තය ඉස්සරහ පිහිටක් ඉල්ලලා බැගෑපත් වෙනවා වගේ හැඟීමකින් රම්බා මං දිහා බැලුවා නිකන් හරියට "අපි මෙච්චර කල් උඹේ අගේ තේරුම් ගත්තේ නෑ කියලා, අපිට සමාවෙයන් කියන්නැහැ "

------------------------

මං කියපු විදිහට බඩු ලැයිස්තුව ගෙන්න පිටත් වෙලා ගිය රම්බා ගියාට වඩා වේගෙන් ආවා. හැබැයි දෙකේ  සිලි සිලි බෑගයක් කට කපල කරේ තියන් එන උගේ මුණේ තිබ්බේ අලුත බැඳපු ඉලන්දාරියෙක්ගේ මුනේ තියන සුකුමාර පැණි හිනාව. මට දුකත් හිතුනා.


ශාන්ති කර්මයක් කරනවා වගේ මම ඌ ගෙනාපු කොකා කෝලා බෝතලේ මේසේ උඩින් තියල, ආප්ප ටිකයි, තඩි බිස්කට් එකයි කඩලා ඒවා කෙහෙල් කොළ අතුරපු පොඩි පීරිසි වලට දාල, පහනක් පත්තු කරලා හඳුන්කුරු ටික පලතුරු වට්ටියේ තිබ්බ පොල්ගෙඩියේ මුඩ්ඩේ  ගැහුවා. මල් වර්ග දෙක තුනත් එක්ක මේසේ පෙනුනේ කට්ටඩියෙක් මොකක් හරි ගේමක් දෙන්න යනව වගේ. මම  මගේ හඩු ගඳ ගහන රතුපාට සාලුව ඉන වටේ ඔතාගත්තා, ඇස් දෙක පියාගෙන  "ඕන් රීන් රීන් රීන්....එස්වාහාහ්....වර ...වර....වර............පොත් මේසේ පලාගෙන වර, කොකාකෝලා බෝතලේ අඩිය පලාගෙන වර, බිත්තර ආප්පේ සවුදම කඩාගෙන වර.අ..අ .අ ..අ .. හඃහා හඃ .... !!!! ....කියල මම මතුරන්න පටන් ගත්තා 


"යකෝ ගල් මුසලය වගේ බකන්ඩිලාගෙන ඉන්නේ නැතුව වැඳගනින් !!" 
එතකොටත් මං දිහා කට බලියාගෙන බලා හිටපු රම්බාට මම කිව්වා.


 "හා හා දැන් ඉක්මන් කරලා ගනින් උඹ ලියුම ලියන්ඩයි කියලා ගෙනාව කඩදහිය"


රම්බාගේ මුනේ තිබ්බේ පැණි හිනාවක් වගේම ලොකු අධිෂ්ටානයක්.  සාක්කුවේ දාගෙන හිටපු ලියුම් කවරයක් දිගෑරලා කොලයක් ගත්තා. ආප්ප සුවඳ, බිස්කට් සුවඳ, හඳුන්කුරු සුවඳ  කපාගෙන ආව නහය හිරවෙලා හුස්ම යන සයිස් එකේ සෙන්ට් සුවඳට මට කිබුහුමක් ගියා. කිබුහුමේ හුලන් පාරට  පත්තු කරලා තිබ්බ පහන නිමුනා. ඒ අස්සේ රම්බත් කිබුහුම් දෙක තුනක් අරිනවා ඇහුනා...


"දරුවෝ..... සුවඳ කවන්නේ ලියුම ලිව්වට පස්සේනේ , දැන් පහනත්  නිමුනනේ, අනේ මන්දන්නේ නෑ ළමයෝ, මේක බාධා වෙලා කරලා පරහක් හිටීද කියල.... මම නිකන් ආවේශ කරගත්ත අනුකම්පාවකින් රම්බා දිහා බලලා කිව්වා.


කවදාවත් දරුවෝ කියල කතා කරලා නැති උට මගේ හැසිරීම හෙන කුහුලක් වගේම මං කරන්න යන දේ ගැන උගේ හිතේ සැකයක් තිබ්බනම් ඒ  කුකුසත් මේකෙන් නැති වෙන්න ඇති.


"අනේ නැ එහෙම වෙන එකක් නෑ රයිටර්,  ලව් ලෙටර් සුවඳ ගන්න එපැයි කියල පත්තරේක තිබ්බ, ඉතින්  සුවඳ ගහන්න පොලෙන් ගෙනාපු සෙන්ට් බෝතලේ ඉවර වෙනකම් මේකට ස්ප්‍රේ කරා" රම්බා කිව්වේ වැඳගෙනමයි.

මම බොරුවට නෝක්කාඩුවෙන් වගේ උගේ දිහා බලලා පෑන ඔලුව වටේ තුන්පාරක් කරකවලා ලියුම ලියන්න ගත්තා..



 සඳ රාහු ගිලගත් රැයක
තනිකම දෝත දරා
ලියමි නුඹ වෙත
ආදරියේ....

ආදරණීය සකු,

ඔබ කිසිදා ලැබෙතැයි විස්වාස නොකළ මේ ලියමන ඔබ අතට පත්වෙන විට ඔබ පුදුමයට පත්වෙනු ඇති, නමුත් බොහෝ කාලයක සිට ඔබට කියන්නට මා සිතේ දෙයක් ඇති බව දන්නේ මා පමණි, එය දැන ගැනීමට කරුණාකර ලිපිය අග තෙක් රැඳී සිටින්න කියා ආදරෙන් ඉල්ලා සිටිමි. ගත ලොමු දැහැ ගැන්වෙන පාළුව මගේ හිතට එහෙන් මෙහෙන් කින්ඩි දමන විට, ජීවිතේ මටම කියා කාත් කවුරුවත් නැතැයි හැඟෙන විට මට සිහිවෙන්නේ ඔබම පමණක් බව මා කාට කියන්නද.?, දුක මා වෙලාගෙන තනිකම ඇස් වලින් මිරිකා මිරිකා කඳුළු හලන කොට ඒ ගලන ගලන කඳුලකම ඔයාගේ සුවඳ මට දැනෙනවා සකු. ඔබ දුටුදා පටන් හිතේ හටගත්ත මිහිරි වේදනාවක් මගේ හිත හැමවිටම මාව අඩපණ කරනවා. කොටින්ම ඒ වේදනාව මගේ නින්ද පවා මට අහිමි කරනවා කියල ඔයා නොදන්නවා ඇති. නමුත් විශ්වාස කරන්න කුසට බඩගින්නක් දැනෙන විට ඔබ සිහි වූ විට එය පහව යයි. ගත දහදියෙන් තෙත් වූ විට ඔබ සිහිවීමෙන් ගතම සිසිල් වෙයි. මගේ දින එදිනෙදා චර්යාවන් ඔයාගේ ඔය ලස්සන හිනාව මගෙන් හොරාගෙන සකු. එදා හිටපු මම අද ඔයා නිසා උම්මත්තකයෙක් වෙලා, සමහර විට ඔබ විශ්වාස නොකරාවි, මම ඔබේ සිනාව දුටු දා පටන් මේ ලිපිය ලියන තුරු තවමත් ස්නානය කර නොමැත. මා කියන්නේ මුසාවක් නොවේ. මා එතරම්ම ඔබට වශීකෘත වී ඇතැයි හැඟේ.

ගෙවෙන ගත වෙන සෑම තත්පරයකදීම මම අපේ අනාගතේ ප්ලෑන් කරනවා සකු. ඔයයි මමයි අත් පටලාගෙන මේ ගම වටේ යන හැටි මම හීන දකිනවා රත්තරන්. මම ඔයාගේ අම්මගේ වෙරළු බිස්නස් එක ඩිවලොප්  කරන්න හිතාගෙන ඉන්නවා කියල ඔයා දන්නේ නෑ නේද? ඔව් මම කිව්වේ නෑනේ. එහෙනම් අහගන්න. මම හිතන් ඉන්නවා ඔයත් එක්ක එක වහලක් යටට ආවම ඔයාගේ අම්ම කරන වෙරළු බිස්නස් එක ඉන්ටර්නැෂනල් ලෙවල් එකෙන් කරන්න. ඔයා මට එකට උදව් කරනවා නේද? ඔව් මම එක දියුණු කරනවා. ලංකාවේ හොඳම එක්ස්පෝර්ට් බිස්නස් එක කරනවා. අපිට දුක් විඳින්න ඕනේ නෑ රත්තරන්, මම ඔයාව ඔය වලෙන් ගොඩ ගන්නවා මැණික...!

මම දෑවැදි ඉල්ලන මිනිහෙක් නෙමෙයි. මට ඕනේ ඔයා විතරයි. ඒත් ඔයාගේ ගෙදරින් දෙන දෙයක් තියනම් අරන් ආවට මගේ අමනාපයක් නෑ. මම ඕනෙනම් විල්සන් අයියගේ බරබාගේ සෙට් කරන්නම් බඳින දවසට දෑවැද්ද පටවාගෙන යන්න, පෙට්‍රල් වියදම නැති නිසා හයර් එකත් අඩු වෙයි. ඔයා හිතනවා ඇති මට පිස්සු කියල, ඔව් මට පිස්සු, මම ඉහත සඳහන් කල විදිහටම මට පිස්සු. ඒ ඔයා නිසා. ඔව් ඔයාම නිසා. ලියුම කියෙව්වම මම කොච්චර අනාගතය ගැන හිතල තියනවද කියල ඔයාට තේරෙනවා නේද දැන්. ඉතින් ඔයාට අපේ අනාගතේ සුරක්ෂිතයි කියල තේරෙනවා නේද.  ඔයාට කියන්න දේවල් ගොඩක් තියනවා. ඒත් ඒවා ලියාගන්න බෑ. පෑනේ තීන්ත ඉවර වේගෙන එන්නේ. මම දුප්පත් ඔයා දන්නවනේ. ඒත් මම ඔයාගේ අම්මගේ වෙරළු බිස්නස් එක ඩිවලොප් කරනවා කියල මතක තියා ගන්න.  අපිට හෙට රටක් තියෙයි. මට මෙච්චර වෙලා ඔයාට කියන්න ඕනේ උනේ මම ඔයාට ආදරේ කරනවා කියලා. වෙන්න ඕනේ ඉතුරු ටික ඔයා දන්නවනේ. මම මුලින් කීව අවසානය එයයි. මම හනිකට විගහට ඉක්මනට පිළිතුරක් ඕනේ.  එහෙනම් මම අදට නවතිනවා සුදු....ඔයාට බුදු සරණයි

මීට රයිටර් රම්බා !!!


අන්තිමට මගේ නම ලියවුන එක පරහට හිටීද? ඇයි මට එහෙම වුනේ, ඒ කියන්නේ මමත් සකුන්තලාට ආදරෙයිද?  වැරදිච්ච එක රම්බා දකින්න කලින් මම ලියුම නමලා දිගෑරලවත් බලන්නැතුව ඒකිගේ අතටම දෙන්න කියල දුන්නා !!!

46 comments:

  1. මම එක.. දැන් යන් කියවන්න

    ReplyDelete
    Replies
    1. අපොයි මෙන්න මෙයාත් රෙදි නැන්දාගේ දූට ලයින් වගේ.. හිහි..මම මේ ලියුම දාලා ද බලන්න ඊයේ සැරින් සැරේ මෙහෙට ආවා.. ඇයි මගේ බ්ලොග් එකේ පෙන්නවානේ දාලා කියලා..මෙහෙ ආවාම නැ කියනවා.. . ජය වේවා!!! :D

      Delete
    2. ඔව් අප්පා ඊයේ මම ලියුම ලිව්වේ JPEG විදිහට. ඉතින් ඒක හරි නෑ කියල හිතුන හින්දා පණ දාගෙන ආයෙම ටයිප් කළා. එකයි කලින් ඒක අයින් කලේ. සොරි හොඳේ ඩබල් ආර් එච් !

      අපෝ යාළුවා පවුනේ ලයින් දාන එක හරි නෑනේ !!

      එක වුනාට ඔයාට ලබන සතියේ තෑග්ගක් දෙන්නම්කො !!

      Delete
  2. අඩෝ පට්ට ලියුම බං මටත් එකක් ලියල දියන්කෝ ඉරිදට කලින් ඕන හැබැයි ;ඩ්

    ReplyDelete
    Replies
    1. ඒ කි න්නේ ඉරිදට උඹ ලියුමක් දෙන්න ඉන්නේ. හරි හරි. ලියල දෙන්නම් අග්ගිස්සෙන් නම ලියන්නේ නැතුව ඉන්න මතක් කරගෙනම ලියල දෙන්නම්කෝ

      Delete
  3. මාත් ඊයේ ඉඳන් එන්නෙ ලියුම කියවන්න..ඒත් තිබ්බෙ නෑනෙ.අද නං ඔන්න ලියුම කියෙවුවා.රම්බාට කියපු විදිහටම ලියුම බලන්නෙ නැතුව හිටියොත් නම් ප්‍රශ්නයක් නෑ.හැබැයි නිකමට හරි කියෙවුවොත් තමයි වැඩේ;) බලමුකො ඉස්සරහට.....

    ReplyDelete
    Replies
    1. ඔව් Chams ඊයේ අවුලක් වුණා. නෑ නෑ රම්බා බලන එකක් නෑ කියල හිතමුකෝ !!! මේ පැටිකිරිය අල්ලාගෙන දිගටම ලියන එක නිකන් හිතට හරි මදි වගේ අප්පා ඒ වුනාට !!! කික් එකක් නෑ

      Delete
  4. හි හි....නම දැම්මේ නැතත් රයිටර් කෙසේ වෙතත් රම්බා මේ ලියුම ලිව්වේ නැති බව සකු ටක්කෙටම දැනගනී... කථාවේ ඉතුරු හරිය ඉක්මණට...!!!

    ReplyDelete
    Replies
    1. නෑ නෑ රයිටර් වැරදිච්ච එක කුරුටු ගාල මැකුවා..සැකයක් හිතිලා හොඳට බැලුවොත් තමයි කොස්ස ! එක දිගට මේකට ලිව්වම කික් එකක් නැති හින්දා ආයෙම ටිකක් පුරුදු ශෛලියට එන්න හිතුවා අනු !

      Delete
  5. ඇත්තටම රයිටර් උබත් සකූට ආදරෙයිද කොයිද බං?????
    කරුමෙ කියන්නෙ බං මටත් මේ ඩිංගට ආදරේ හිතුන එකනේ

    ReplyDelete
    Replies
    1. නෑ නෑ බං යාළුවා වෙනුවෙන් හැඟීම් මැඩපවත්වාගන්න මම උත්සාහ කරනවා. බොක්කේ යාළුවාට ද්‍රෝහී වෙන්න බෑනේ බං !! හා හා මේ, උඹ පැත්තකට වෙලා ඉඳින්, රම්බා ඒකි ගැන බලාගනිවී

      Delete
  6. හම්මා...
    අනෙ අසරණ රම්බා..

    ReplyDelete
    Replies
    1. රම්බා අසරණ නෑ. ඌ ගොඩ යාවි අනිවා !!!

      Delete
  7. අත් අකුරු වෙනස් නිසා මාට්ටු වෙයි..

    උබ දන්නවද ඉස්කෝල යන කාලේ අපේ එවුන් ලියුම් ලියා ගත්තෙ මට කියලා. සෙට් වුනා නැතා කෙසේ වෙතත් කෙල්ල කියවල හිනා වෙනවලු !

    ReplyDelete
    Replies
    1. කෙල්ල රම්බාගේ අකුරු දැකලා නැති හින්දා කොස්සක් හිටින එකක් නෑ සමහර විට.

      ඇඃ එහෙනම් සෑම් අයියට හොඳ පළපුරුද්දක් ඇතිනේ !!!

      Delete
  8. හි හී මරු ලියුම අනේ... මට හිනා

    ReplyDelete
    Replies
    1. හිහ් හිහ් හිහ් හිහ් හිහ් හිහ් :D

      Delete
  9. අඩෝ පව් වැඩ කරන්නෙපා බං රම්බා නිකන් ගෙම්බා වගේ උඹේ ලව් ලෙටර් එක සකූට ගිහින් දෙයි.ඒකි අන්තිමට බොට සෙට් වෙයි.කොකාකෝලා එකයි බිත්තර ආප්පෙයි උඹයි සකුයි ගිලියි අරු වැවේ පනියි මේවා සහගහන වැඩ

    ReplyDelete
    Replies
    1. අපෝ පිස්සුද මඩියෝ රයිටර් එහෙම අවලම් වැඩ කරනවද ? යාලුවට ද්‍රෝහී වෙන්න බෑනේ මචන් මොනවා වුනත් !!

      Delete
  10. onna dan dala letter eka.(me tika kiwwe tikak tarahen hode...)sithum ayya...ara cocacola ehema genna gaththe yaluwage salli walinda?ehema karanam paw hode ramba ayya.mata hithena hatiyata sithum ayya ara kellawa daganiy wage......

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අරලියා එයාගේ සල්ලි වලින් තමයි හෙහ් හෙහ් හෙහ්

      අපෝ මම රම්බාට ද්‍රෝහී වෙන්නේ නෑ

      Delete
  11. මචන් මට ඇත්ත කියහන්... :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අඩේ ඇත්ත තමයි කීවේ රජෝ

      Delete
  12. දැන් තමා කතාවේ හොඳම සීන් එක !
    ඊට පස්සේ මොකද උනේ කියලා බලනකන් ඉවසිල්ලක් නෑ... එලකිරි..
    අරූ ලියුම අරන් ගිහින් ඒ කෙල්ලට දේවි ද ?

    ReplyDelete
    Replies
    1. ඒක දැන ගන්න නම් මධුරංග අයියේ ටිකක් ඉන්නවේවි ! රාමගේ සීනි කිරුවා ඇති දැන් මමත් !!!

      Delete
  13. ශික් මෙහෙමත් යාළුවෝ... අන්තිමේ මරා ගන්න වැඩක් නේ ඉතින්..

    ReplyDelete
    Replies
    1. සෙස් සෙස් සෙස් එහෙම හිතන්න එපා දිෂ් අයියේ මං ගැන

      Delete
  14. ඊයෙ ලිපිය කියවල කොමෙන්ට් එකක් දාන්න බලනකොට මෙන්න පෝස්ට් එක අතුරුදහන් වෙලා. දැන් නියමයි! ලියුම නම් සුපිරි. ඒක බලනකොට නම් හිතෙන්නෙ රම්බට වැඩිය රයිටර් ලව් කියල :D

    ReplyDelete
    Replies
    1. ඔව් කලින් දවසේ පොස්ට් එකට අවුලක් ගියා ගිමන් නිවන්නෝ. නෑ නෑ. මම රම්බාට ද්‍රෝහී වෙන්නේ නෑ

      Delete
  15. //මම දෑවැදි ඉල්ලන මිනිහෙක් නෙමෙයි. මට ඕනේ ඔයා විතරයි. ඒත් ඔයාගේ ගෙදරින් දෙන දෙයක් තියනම් අරන් ආවට මගේ අමනාපයක් නෑ. //

    අනේ ඇත්තට :ඩි

    ReplyDelete
    Replies
    1. ඔන්න මිනිස්සු සයුරි අක්කේ

      Delete
  16. පව් අප්ප එයා :(

    ReplyDelete
    Replies
    1. හයියෝ ගණන් ගන්න එපෝ

      Delete
  17. මෙවැනි මිතරන් ඉන්නා කල සතුරන් කුමකටද ? D

    ReplyDelete
    Replies
    1. එවැනි මිතුරන් සතුරන්ට වඩා හපන්ය.. ඔබ තුමා හරි

      Delete
  18. ඒ ලව් ලෙටර් එකට නම් මම මාරම ලව්...! :D

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හේ සිරාවටම ??

      Delete
  19. දෙපාර දෙපාර එකම කියවන්න ගියාම එපා වෙනවා අප්පා කමක් නෑ ඔන්න ඔහේ

    ReplyDelete
    Replies
    1. අඩේ එපා වෙනවා නම් තමයි, පොඩි පරහක් හිට්ටා බං ගියපාර පොස්ට් කරද්දී

      Delete
  20. පව් අප්පා රම්බා...

    ReplyDelete
    Replies
    1. හයියෝ පව් නෑ. රම්බා ගොඩ යාවි

      Delete
  21. අයියෝ මෙහෙමත් යාළුවෝ..‍ෙ
    මේ පෙම් හසුනෙ පැණි වැටිලා දැන් ලැප්ටොප් එක පුරාම කූඹි..:)

    ReplyDelete
    Replies
    1. හයියෝ, පැණි කී බෝඩ් එක ඇතුලට යන්න කලින් වතුර බාල්දියක් ගහලා දාන්න අක්කේ !!!

      Delete
  22. හොඳ නිර්මාණයක් රස වින්දා..... :)

    ReplyDelete