My name is රයිටර් who writes, some kind of ඇවටියෙල් stories..

Tuesday, January 31, 2012

ඔබිචුවරියේ යතාර්ථය හෙවත් මරණ දැන්වීමේ සත්‍ය

 "ඔබිචුවරී" (obituary) නොහොත් දන්නා සිංහලෙන් කිව්වොත් "මරණ දැන්වීම්" ගැන නොදත් අයෙක් නම් ඉන්න බෑ.  මොකද කෙනෙක් මිය ගිය විට පාරක් පාරක් ගානේ ලයිට් කණුවක් ගානේ බෝක්කුවක් ගානේ ඇලවෙන මරණ දැන්වීම් කලාව නොදත් කොල්ලෙක් කුරුට්ටෙක් මේ බ්ලොග් පිටු අතර නැති තරම්. නැති තරම් නෙමෙයි කොහොමත් නෑ.

කෙනෙක් මැරුණම "මරණය" අසල්වාසීන්ට දන්වන්න ලේසිම පහසුම ක්‍රමේ තමයි මේ මරණ දැන්වීම... අද මම මේ කතා කරන්න යන්නෙත් මේ එක්තරා විදිහක මරණ දැන්වීමක් ගැන තමයි.  සමහර විට මේ මාතෘකාව බ්ලොග් පිටුවල ලියවෙලත් නැතුව ඇති. ලියවෙලා  ඇත්නම් සමාව අයදිමි. මේ ලිපිය කියවල ඉවර වෙලා මට මේ ගැන තවත් අදහස් දෙන්න කියල මම අරාධනෙකුත් කරන ගමන් කතාව පටන් ගන්නවා. ඔබගේ ගල් මුල් වැනි වාග් ප්‍රහාරත් මම බලාපොරොත්තුවෙන් තමයි ලියන්න ගත්තේ.

අනම් මනම් කතා නැතුව කතාවට බහිමු ..."කෙනෙකුගේ මරණය" පුවත්පතක  දැන්වීමක් වශයෙන් පළකර කෙනෙක් මම ඉහත සඳහන් කල ප්‍රචාරණයම බලාපොරොත්තු වෙනවා. . මොකද බොහෝ දෙන පත්තර බලන අය නිසා. ඇත්ත වශයෙන්ම පිටරටවල ජීවත් වෙන නෑදෑයින් හිතමිතුරන් මෙන්ම මේ රටේ සම්බන්ධ කර ගත නොහැකි බොහෝ දෙනෙක් මේ දැන්වීම් ප්‍රයෝජනයට ගන්න බවක් තමයි පෙනෙන්නේ.  සමහර පුවත්පත් ආයතන මුදල් අයකර මෙන්ම තවත් සමහර ආයතන නොමිලයේ මේ මරණ දැන්වීම් ප්‍රචාරණය කරනවා.


ඇත්තටම මේ දැන්වීම පලකරන අය එනම් මරණ දැන්වීමේ අයිතිකරුවන්  "මරණය" දැන්වීමට නොහොත් ප්‍රචාරණයට අමතරව තවත් යමක් බලාපොරොත්තු වන බවයි මට හැඟෙන්නේ.  මොහොතක් සිතන්න....


"අසවලාගේ අසවලා වුද" "අසවලාගේ සහෝදරයා වුද", "අසවලාගේ නැන්දනිය වුද" "අසවලාගේ මාමණ්ඩිය වුද" "අසවලාගේ මුණුපුරා වුද"   යනුවෙන් සඳහන් කර තමන්ගේ වරිගේ ජීවත්ව සිටින නොසිටින බොහෝ දෙනෙක් මේ දැන්වීමට ඇඳාගෙන මොවුන් බලාපොරොත්තු වන්නේ කුමක්ද. පිටුව පිරෙන තරමට තමන්ගේ පරම්පරාව බලගතු බවද. ? නැත්තම් කුමක්ද ?

මියගිය පුද්ගලයාට සම්බන්ධ කමක් ඇති නමුත් මීට පෙර බොහෝ කලකට මිය ගිය පුද්ගලයෙක් එමෙන්ම බොහෝ දුර නෑදෑකමක් වේනම්, ඔහු මේ රටේ ප්‍රසිද්ධ පුද්ගලයෙක් නම්, රාජ තාන්ත්‍රිකයෙක් නම්, රටේ නම ගිය ආයතනයක සේවය කරනවානම්, විදේශ රටක සේවය කරනවානම්, අසවල් පාඨමාලාව හදාරනවනම්  ඔහුගේ පට්ටම් තානාන්තර මේ මරණ දැන්වීමට කුමකටද.?
මෙයින් මම අදහස් කරන්නේ මරණ දැන්වීම් වලින් සියල්ලම නෙවෙයි. නමුත්  90% පමණ මේ ඝනයට වැටෙනවා.


කෙනෙක්ට මේ තර්කයට විරුද්ධ වෙනවනම් එකම එක තර්කයකින් විරුද්ධ වියහැකියි. එයත් සඳහන් කරලම මම මේක අවසන් කරන්නම්..

එනම් කෙනෙක් මේ මරණ දැන්වීමට මේ මම ඉහත කියූ දේ ඇඳාගන්නේ බොහෝ දෙනාගේ දැනගැනීම පිණිසය කියල.
හරි එකත් ඇත්ත වෙන්න පුළුවන්.

"අනේ මේ අපේ කොම්පැණියේ අසවලාගේ අසවලාගේ අසවලානේ මැරිලා තියෙන්නේ."
"මේ කොම්පැණියේ නමවත් නැත්තම් කොහොමද අපි දැන ගන්නේ"
"යාලුවන්ගේ යාළුවො නැත්තම් කොහොමද දැන ගන්නේ"

හරි එකත් හරි.  මෙවන් විස්තර අඩංගු විය යුතුයි.  නමුත් සීමා සහිතව. මුළු පරම්පරාවේම පුද්ගලයින් මේ මරණ දැන්වීමට සම්බන්ධ කරගත යුතුද.  මෙසේ කිරීමෙන් ඉඩ අහුරන්නේ තවත් දැන්වීමකට තියන ඉඩ කඩ නොවේද.  (එයත් මේ ඝනයේම එකක් හෝ හුදෙක් මරණය පමණක් ප්‍රචාරණය කිරීමට ප්‍රකාශිත එකක් විය හැක)..

මරණ දැන්වීමකට මුවා වී තමන්ගේ වරිගේ ප්‍රදර්ශනය කරනවද. නැත්තම් දැන්වීමට අවශ්‍ය කරුණු පමණක් ඉදිරිපත් කර වරිගේ බෙරගන්නවද කියා අපි සිතිය යුතුද  නැද්ද?

Sunday, January 29, 2012

මිස් කෝල් ප්‍රේමය..

මිස් කෝල් ප්‍රේමය..



ආදරය මහා පුදුමාකාරය... විටෙක භයන්කාරය... නෙතඟට කඳුලක් එක්කල හැකි සේම ආදරයට මුවගට සිනහවක්ද එක්කල හැකිය.. තව බොහෝ දේ එක් කිරීමටත් තියන සබ්බ සකලමනාව නැත්තටම නැතිකර දමන්නටත් මේ පුදුමාකාර වූ ආදරයට හැකිය. සමහරු විහිලුවකට ගන්නා අතරේ  තවත් සමහරු දේවත්වයෙන් පුද දෙන්නේද මේ ආදරයමය. ජීවිතයේ අතරමන් වුවන්ට ආදරය මහත් පිලිසරනකි. හිතකට ආදරයක් දැනෙන්නට මහා වෙලාවක් ගත වෙන්නෙත් නැත.. ඒ වගේම මහා මෙරක් තරම් ආදරය නැති වෙන්නත් ඒතරම්ම වෙලාවක් යන්නෙත් නැත. එකයි මේ ආදරය "පුදුමාකාර" කියන කුලකයේ තවත් අවයවයක් වෙන්නේ.


මා දාර්ශනිකයෙකු නොවේ . මා නවකතා කරුවෙකුද  නොවේ. මා කෙටි කතා කරුවෙකුද නොවේ. මා බ්ලොග් ලියන්නෙකි.  මෑතක සිට බ්ලොග් ලියන්නෙමි.
බ්ලොග් අවකාශයේ අහම්බෙන් ලැබුන සබැදියාවක්මත ක්ලික් කිරීමෙන් බ්ලොග් කරුවෙකු වීමි. පුදුමාකාරය...
කිසිවක් ලබා ගනු පිණිසවත් මඩිය තරකර ගැනීමවත් පිණිස නොව මා බ්ලොග් ලියන්නේ. මට හම්බ කරගන්නට බොහෝ දේ ඇත. ඒ මුදල් නොවේ. මේ පොස්ටින්ග් කියවන ඔබ සේම ඔබ මෙහි පහල රඳවා තබා යන වචන කීපයක කමෙන්ටු මට හම්බකර ගැනීමට අවශ්‍ය වේ. කොතරම් දුරට සාධාරණ වේද නොදනිම්. නමුත් මට අවශ්‍ය එපමණකි.  මා ලස්සනට ලියන්නට නොදනිමි. උපමා ගලපන්නටද නොදනිමි. විටෙක ලියන භාෂාවෙන්ද, විටෙක කයිවාරු භාෂාවෙන්ද බ්ලොග් ලියන මම තවමත් ආධුනිකයෙකි. මේ ඉසව්වට නවකයෙකි...
මට දුර යන්න ඔබේ සහයෝගය අවශ්‍ය වන්නේ එබැවිනි. 


මහදැන මුත්තාගේ ලොකු ටෝක් අවශ්‍ය නැත. එහෙනම් මගේ ප්‍රේම ජවනිකා වලින් මට වැරදුනු තැන් මේ ඉස්සව්වේ තවත් දිග වෘතාන්තයක් දිග හරින්නයි මේ සුදානම. මීට පෙර ලියු ලත් තැනම ලොප් වුන මගේ ප්‍රේමයත් එවැන්නකි.
දිනය හරියටම මතක නැත. නමුත් උසස් පෙළ විභාගය සඳහා සුදානම් වුණ මාස කීපයකින් එකක් බව මතකය (සමහරු උසස් පෙලට සුදානම් වන්නේ සාමාන්‍ය පෙළ ලියන කාලයේදීය.. නමුත් මා අන්තිම මාස හයේ සිට සුදානම් වීමි.. මගේ ප්‍රතිපලය හා කිසිවක් මේ බ්ලොග් ප්‍රකාශය වෙත ඍජුව බල නොපාන හේතුවෙන් ප්‍රතිපලය පිළිබද කිසිවක්  නොඅසන්න). අහ් හරි... හරියටම මාසය මැයි මාසය. ඔව් මැයි මාසයම තමා...

ගමේ දන්සලට හරි හරියේ ලක ලැස්ති වෙන ඒ කාලයේ එක් දිනක උදෑසන ආ අහඹු මිස් කෝල් ඒක නැත්තම් අද මෙසේ මේ බ්ලොග් ප්‍රකාශය නැත.

යන්තම් දහය පහු වෙන්න කලින් නමයයි පනස් පහට විතර  නැගිට දනී පනි ගා දත කට මැදගත්තෙමි. අම්ම බෙදා තිබුන බත් පංගුව ගිල දැමු මා, ටි ෂර්ට් එකක් පටලාගෙන  මගේ මවුන්ටනේ කිහිල්ලේ ගහගෙන ගෙයින් පිටට දවසේ මංගල අඩිය තියනවත් එක්කම මගේ සහෝ.



"අයියේ.. මේ නම්බර් ඒක දන්නවද"

"මොන"

"මේ මේක 081 XXXXXXX"

"කෝ දෙනවා බලන්න"

එතකොටම මෙන්න බොලේ ලියුම් කවරයකුත් ආවා ඒ නොම්බරෙන්ම.
දනී පනි ගා ඇඟිලි ජන්ගමේ බොත්තම් අතර යැවූ මං හනි හනිකට කෙටි පයින්ඩේ  කියවන්නට වීමි.


"Hi . Dinu ... dont  worry ... Mama  amaa"  (අමා ඇගේ ඇත්ත නම නොවේ.)


 හැරෙන තැපෑලෙන් මමත්


"Mama  nam  dinu  nemei .... oya  kawuda  ....?"


විනාඩියක් හිටියා නො රිප්ලයි... දෙකක් හිටියා.. ම්...හු...

"විජහට කියනවකො නොම්බරේ දන්නවද කියල"  මල්ලි බර බරේ දැම්ම.


"ආ ඔව් ඔව්.. මම ටෝක් කරන කෑල්ල.. අද මට ෆෝන් ඒක ඕනි"


මමත් කෙප්පයක්  දැම්ම...

හත් වලාමේ කියන බොරු වලට හෙනවත් ගහයිද දන්නේ නෑ (ඒවායේ ප්‍රති විපාකද දන්නේ නෑ අද තවමත් තනිකඩව ඉන්න සිද්ද වෙලා තියෙන්නේ) දෙවීයෝ දනිති අපි නොදනිති.

වෙන මොන දෙකට ගේමට හිටියත් මලය ලව් සීන් වලට බොක්කෙන්ම සප් එක දෙනවා.
මම නැවතත් මවුන්ටනේ කිහිල්ලේ ගහගෙන පඩිපෙළ බැස්සේ පස්ස බලන්නෙත් නැතුවයි.


"මොනවද ඔයි...ඕක තියල යනවකෝ"  


මල්ලි දීලත් බෑ නොදීත් බෑ වගේ කියනවා යන්තම් ඇහුණ. සමහර විට මේ උගේ මරාලයක්ද දන්නෙත් නෑ.
"නෑ නෑ උට කොහෙන්ද කෙල්ලෝ". මගේ හිත මටම මිමිනුව. මේ නම් මම සිරාවටම  සිරා ලයින් පාර දාන බාලිකාවේ නිශා වෙන්න ඇති කියලයි මම හිතුවේ.


එයා කොහොම හරි මගේ නම්බරේ හොයා ගන්න ඇති. ෂා ෂා ෂා .... එල එල.

මගේ ජන්ගමේ ලොකු  එකක් නොවේ. නොකියා 2100 එකක්. ඒ හා හාපුරා  කියල මගේ අත ගත්ත මගේ ප්‍රථම ජන්ගමේ..


මල්ලයි මායි සහයෝගයෙන් හවුලේ තමයි ඕක පාවිච්චි කරන්නේ. මං පන්ති යන දවසට මං ගාවත් එයා පන්ති යන දවසට එයා ගාවත් ඉන්න තමයි කොන්දේසිය වුනේ.


හැබැයි සල්ලි දන්නේ අම්ම හරි තාත්ත හරි.. මාසෙකට රුපියල් පනහක් වගේ තමා එත්. සමහර මාස වල එකත් නෑ.


උත්තර බඳින්න ගියොත් ප්‍රශ්න කෝටියයි.. ඒක හන්ද ශේප් එකේ සැහැල්ලු ගියරයකට දාල පාගල වේගේ වැඩි වෙනවත් එක්කම පට පට ගාල ගියර් ටික කඩාගෙන මම මාරු වුනා.


කඩේ ගාව කොල්ලෝ සෙට් එක ගාවට ගියා විතරයි තවත් ඇමතුමක්.


"හප්පට සුර ... මූ දැන් මාර බිසී පොරක් වෙලානේ... යකඩෝ... කෑල්ලක් වත් දාගෙනද"


කට තියාගෙන ඉන්න බැරි එකෙක් කියනවා ඇසින. කියන්නේ මට නොවේ වගේ පාලම් ගැට්ටට හේත්තු වී  මමත් හැල්මේ ආව කෝල් එක අන්ස්වර් කරන්න ගත්ත.


"හෙලෝ"

මිහිරි කටහඬක් අවකාශය දිගේ තරන්ගයක්ව ඇවිත් නැවත මගේ ජන්ගමේ මල බැඳුනු පීකර අතරින් මට ඇසෙන්නට විය.


ඇසිපිය සැලෙන පමණටම හදවතද ගැහෙන්නට විය.


කටහඬ ලස්සන යක්කුත් ඉන්නවා කියා මා අසා තිබුනට මේ නම් යකෙක් වෙන්න බෑ මයි කියල මට හිතුනේ..
අනේ දෙයියනේ මෙකි නම් යකෙක් වෙන්න එපා කියලයි මම හිතුවේ.


"හෙලෝ"

"ඔය කවුද"

ම.....


මට වචන අමතක විය.. හින්තෙරුවෙන්ම මේ නම් කෙල්ලෙක් බව දැන් නම් සක්සුදක් සේ පැහැදිලි හින්ද මමත් කනේ තියාගෙනම උන්නා.

" ආ ආ....මේ දිනුගේ අයියද එයාට පොඩ්ඩක් ෆෝන් එක දෙනවද අයියේ"

හඩේ අප්පේ මේ කෙල්ල හරි ෆෝවඩ්නේ  අප්පා.


"සොරි wrong නම්බර්"  කියා කට් කරන්නටද සිතින..


නමුත් මගේ හිත කිවේ "ටෝක් කරපන් ටෝක් කරපන්" කියායි.

"හෙලෝ ප්ලීස් ඔය කවුද කියනවද" මම දිනුගේ අයිය නෙවෙයි"


"ඔහ් සොරි"

අහෝ දුකකි..."බීප් බීප් බීප් " කෝල් එක කට් විය.


නොයෙකුත් වැඩ රාජකාරීන් අතරේ දවස ගෙවුන.  ඉරත් බෑ බෑ කියා කියා පල්ලම් බහිනවා.
එත් එක්කම වට පිටාවේ තැන තැන රඳිලා තියන එළියත් ඉර හොයාගෙන යනවා. හවස ඇලෙන් නාගෙන තෙත පිටින්ම මවුන්ටනේ නැගී මා ගෙදර බලා පාගන්නට ලැස්ති වුනා.. යන අතර මැගදී "ටිටික් ටිටීක් " ......wow ..........  මෙන්න මගේ ආගන්තුක තැනැත්තියගෙන් කෙටි පයින්ඩයක්... SMS  එකක්. හනි හනිකට කකුල බිම අද්දා මවුන්ටනේ නවත්තගත්ත මම සීතලට වෙව්ලන අතැඟිලි අතරින් SMS  එක කියවුව..


ඔයා කවුද ? ඔයාගේ ඇත්තම විස්තර මට කියන්න"

එකේ තිබ්බේ එහෙම...

ඊට පසු අපි අපි  ගැන බොහෝ දේ හුවමාරු කරගතිමු...මාස 4 කට අඩු කාලයකදී අපි දුරකථනය හරහා බිහිවන තවත් එක අසම්මත පෙම් යුවලක් වීමු.....


මා ඇයටද ඇය මටද ආදරය කළෙමු.   (ඔන්න දැන් ඉතින් ලියන බාෂාවෙන් ලියවෙනවා)
මා කිසි දා ඇය දැක නැත. ඈද කිසිදින මා දැක නැත. නමුත් අපි පෙම්වතුන් වීමු..


ජිවිතයේ ප්‍රථම වතාවට අසම්මත ආදරයකට හදවතින්ම ආදරය කලෙමි. සැබවින්ම ආදරය කලෙමි. ඔහේ රස්තියාදු ගසමින් උන් මම ටිකෙන්  ටික හිමින් සීරුවට ආදරය කරන්නට ඉගෙන ගත්තෙමි. ආදරය විඳින්නට ඉගෙන ගත්තෙමි. ඇත්තටම මා ඉගෙන ගත්තා නොව මට එසේ කරන්නට මගේ හිතත් ඇගේ ආදරයත් බල කරන්නට ඇති. කාන්තාරෙක ඉපදුන සමනලයෙක්ට පරවුන මලක් වුවත් මහා මෙරක් වටිනවා විය යුතුය.  (කාන්තාරේ කොහෙන්ද සමනල්ලු, පරවෙන්නවත් කාන්තාරේ මල් කොයින්ද. කමක් නෑ. මගේ හිතට ඒක පාරට අවේ කාන්තාරේ සමනලයා.) මට ඕනේ වුනේ මං ගැන පුංචි හැඳින්වීමක් කරන්න විතරයි.

එදා මහා වැස්ස දවසක්.. බක් මහා අකුණු මැයි මාසේවත්  අතැරලා යන්න සුදානම් නෑ වගේ.  හරියට මමත් එයාව අතැර යන්නට ලැස්ති නෑ වගේ.


"පැතුම්"

"ඇයි වස්තු"

"ඔයාට කවද හරි මම නැති වුනොත්"

"ඇයි එහෙම අහන්නේ"

"මම කියන්නේ ඔයාට අපි දුරයි කියල හිතුනොත්"

"මට එහෙම හිතෙන්නේ නෑනේ"

"මං කියන්නේ හිතුනොත්"

"හිතුනොත්..... ම් ම් ම් .. ලඟට ගන්නවා"

දැඩි නිශ්ශබ්ද තාවයක්....

පුපුරු ගහන අකුණු නොතකා අපි අපේ ෆෝන් වලින් ආදරය කලේ එහෙම.

කෙල්ලන්ට සමහර දේ දරාගන්නට බැරිය.  මේ මා කියන දෙයක් නොව. හැමෝම කියන දෙයක්.
හැමදේම දරාගන්න කෙල්ලොන්ද සිටිති.

නමුත් මේ කතාවේ නායිකාවට මෙසේ දරා ගැනීමේ හැකියාවක් නොවුන බව මා දැන ගත්තේ සිහින් ඉකි බිඳුමක් මගේ කනට ඇසෙද්දිය.

"පැටියෝ"

"ඇයි අඬන්නේ මැණික"

"නෑ"

"නැත්තේ මොකද ඇයි කියන්නකෝ මේ"


"බීප් බීප් බීප්"


දෙයියනේ ඇයි කට් වුනේ. මටත් පිස්සුනේ ඇයි මං මේ ගොරවන වෙලාවේ මේ කෙල්ලට කෝල් කලේ.

එළියේ මහා සද්දෙන් අකුණක් පිපිරී ගියේය. මගේ හිත ඇතුලෙත් එවැනිම අකුණු පිට පිට පුපුරන්නට විය.


එවලෙහිම.. මට ඇමතුමකි.


"ඇයි රත්තරන් කට් වුනේ"


"මට කියන්න ඇයි ඔයා අරේම කිව්වේ"


"රත්තරන් රත්තරන්.. තියාගනින් උඹේ රත්තරන්"


"තෝ අයෙම සැරයක් මේකිට කෝල් කරලා අහු වුනොත් මම තොට හොඳ වැඩක් කරනවා"


"මම නරක මිනිහය කියන්න එපා"


කකුල් දෙක පන නැති විය. උගුර හිර වෙන්නාක් මෙන් දැනින.
කටේ ඉතුරු වූ  කෙල බිඳක් ඇත්දැයි සොයමින් දිව වෙහෙසෙන්නට විය.

මින් පසු කිසි දිනක ඇගේ දුරකථනය ක්‍රියාත්මක වුවේ නැත.


"ඔබ අමතන ජංගම දුරකථනය සමග මේ අවස්ථාවේ සම්බන්ධ විය නොහැක"

මා ඇයට කතා කරීමට උත්සහ කල හැම විටම අසන්නට අකමැතිම වචන ටික නැවත නැවත ඇසෙන්නට විය.

පසු කලෙකදිත් යාලුවෙකුට හෝ ඇමතුමක් ගත්විට මේ අඬහැරය ඇසෙන විට මට ඇයව සිහි වෙයි. පපුව පත්තු වී යි..


"මට ඇය කතාකල  නිවසේ දුරකතනයටද කතා කලෙමි. එයත් භාවිතයෙන් ඉවත්කර ඇත"

කර ගත දෙයක් නොහැකිව මා ලතවුනෙමි. නමුත් මා පිස්සෙක් නොවුවෙමි. දුකට ගස් පල්ලේ කානු පල්ලේ බිබී  කාලකන්නියෙක් නොවුනෙමි.

නමුත් එදා සිට මා ආදරයට වෛර  කලෙමි.
  

Friday, January 27, 2012

පද්ද පද්ද ලැම ගස්ස ගස්ස ඉඟ

ඇස් දෙකේ කළු ඉන්ගිරියාවල් බ්ලොග් පිටු අස්සේ  එහෙ මෙහෙ යනකොට මටත්  හිතට දැනෙන අමුතු තාලේ පොස්ටින්ග් එකක් ලියන්නයි කියල හිතුවට ම්හු... නො අයිඩියා... අපි තාම පොඩි ළමයිනේ.
එත් කවද හරි අපේ අතිනුත් ඒ වගේ සුපිරි කතා ලියවෙන්නේ නැතැ.
 
මො....ක....ක්..ද..... ලියන්නේ........?
 
හප්පට සිර ඔය මතක් වුනේ... 
කියවන කෙනෙක් කියෙව්වාවේ කියල ඔන්න ඔහේ ලියනවා...
 
වෙනසකටත් එක්ක අද ලියනවා කෙල්ලෝ ගැන. (සියල්ලම නෙමෙයි)
සියල්ලම ලියල ඉවර කරන්න කෙනෙක් හිතාගෙන ඉන්නවනම්
ඉතින් මැරෙනකන් වත් එක කරන්න පුළුවන්වෙයි කියල මම නම් හිතන්නේ නෑ..
කෙල්ලෝ ඒ තරමටම ගුප්තයි. මුහුදේ වතුර බීල ඉවර කරන්න පුළුවන් වුනත් කෙල්ලොන්ව නම් තේරුන් අරන් ඉවර කරන්න
බැ කියල දවසක් බුකියේ මම ෆොටෝ එකකුත් දාල තිබුන. ඒවාට නම් ඉතින් කොමෙන්ටු වැටෙනවා හොරයි.. අනේ මන්ද... විශ්වාශ කරන්න මම මේ පොස්ටුව දාන තුරුත් මගේ බ්ලොග් එකේ වත් එකම ඒක කමෙන්ට් එකක් නෑ. දුකේ බෑ අප්පා. ඇරත් අපි කමෙන්ට් වැස්සට තෙමෙන්න මහා ලොකු පොරසිද්ධ අයත් නෙමෙයිනේ. ඊයේ පෙරේද උපන් අපට තව දුර යන්න තියනවා කියල හිත හද ගන්නවා.  කමෙන්ට් නැති ඒක වෙනම කතාවක්. 
 
 
අපි දැන් අකමැත්තෙන් වුනත් මුල ටික කියවපු එකේ ඉතුරු ටිකත් කියලම ඉමු.
 
 
මට තියන විසඳගන්න අමාරු ප්‍රශ්න වලින් එකක් තමයි ඇයි මේ තරම් කෙල්ලෝ කොල්ලෙක් දැක්කම පස්ස නලවන්නේ ඇයි කියල. (විසඳ ගන්න නම් ප්‍රශ්න කෝටියක් තියනවා....මම කිවේ මේවගේ ඒවා)
එච්චර වැදගත් නොවෙන්න පුළුවන්.
පද්ද පද්ද යන කෙල්ලෙක් දිහා බලල
 
"ඇයි නංගි ඔය ඔච්චර නලවන්නේ"
 
ඔහොම අහන්න පුළුවන්යැ මුණටම..
 
"ඇයි අයියේ එපාද"
 
 කියලවත් ඇහුවොත් හැරෙන තැපෑලෙන්...
 
ඉල්ලන් කනවා කියල ඔහොමත් කන්න පුලුවන්ද.... පච වෙනවා කියල ඔහොමත් පච වෙන්න පුලුවන්ද.
අම්මෝ ඒක හින්ද මේවගේ අවකාශයක් මේවගේ ඒවා කතා කරන්න හොඳ තැනක් හන්ද තමයි මේකත් ලියන්නේ.
 
ඒක ජම්මෙන් එන පුරුද්දද. එහෙම නැත්තම් කොල්ලන්ගේ ආකර්ෂණය දිනා ගන්න කරන තවත් මායමක්ද කියල දෙපාරක් නෙමෙයි කීප සැරයක් හිතුවත් ඔබට කවද හරි උත්තරේ ලැබිල තියද. ? 
 
දුර ඉඳන් යස අගේට ඇවිද ගෙන එන කෙල්ලෝ සරමක්, කලිසමක් දැක්ක හැටියේ හරි හරියට වෙනස් වෙනවා.
මේ අතර ගස්සා ගස්සා යාම හෙවත් පද්ද පද්ද යාම විශේෂයි... අනේ දෙයියනේ ගැලවිලා යන තරමට මෙහෙමත් පද්දනවද.
 
දවසක් මගේ අතිජාත මිත්‍රයෙක් කනට කරලා කියනවා.
 
"ඔන්න බලපන් බොරුනම් ඔය ඈතින් එන කෙල්ලගේ ඉනෙන් පහල ජොයින්ට්  ඒක (වැරදියටමයි තේරුම් ගන්නේ. ජොයින්ට් ඒක කිවේ හන්දියට = උකුලට)  වෙනම හයි කරපු එකක් බං. ඒක ක්‍රියාත්මක වෙන්නේ ස්වයන්ක්‍රියව".
 
බැලින්නම් කතාව ඇත්ත.. මු මේ කෙල්ල ගැන මාර අධ්‍යනයක්නේ කරලා තියෙන්නේ.
 
කිව්වත් වගේ පණ ඇති ප්‍රාණියෙකුට නම් එහෙම කරන්න බෑ ඒවගේ  ලතාවට පද්දන්න බෑ.. (අනිවා මොකක් හරි ගුප්ත ගැජමැටික් එකක් ඇති කියලයි අපට හිතුනේ)
 
ඉතින් ඕකනේ මම මුලදීම කිවේ කෙල්ලෝ මහා ගුප්තයි කියල. .. තව කොච්චර කොච්චර ගැජමැටික් ඇත්ද  අපි නොදන්න. (අපි නොදන්න ගැජමැටික්)
 
මං හිතන්නේ කොල්ලෝ පේන දුරින් ඉන්නකම් පස්ස වන වනා ගිහින් කොල්ලෝ නැති වුනාම කෙල්ලෝ හති අරිනවා ඇති.  
 
අනිත් කතන්දරේ තමා අඩියක් විතර අඩි උස සෙරෙප්පු දාගෙන ගිහින් පෙරහැරවල් වල යන බොරු කකුල් කාරයෝ වගේ යන හැටි.
 
දවසක් මට තනියම හිනා. ඇයි හත්වලාමේ සෙරෙප්පු දෙකක් දාගෙන මේ කෙල්ල විඳින වදේ...දුකේ බෑ අප්පා.
 
දාන බැරි මගුලක් අමාරුවෙන් දානවට වැඩ නොදා හිටියනම් සැපයිනේ.
 
 මෙලෝ රහක් නැති පොස්ටින් දාන එකෙත් මෙලෝ රහක් නෑ...
 
තව පාරක් හිතන්නම වෙනවා.
 
එහෙනම් අයිබෝවන්ඩ මං ගෙහුං ඒඤන්...
 

Thursday, January 26, 2012

පැල ඉනිවැට ළඟ බළල් අවතාරය

මේ හිත සසල කරවන සිද්ධියට මුහුණ පානවිට මා සාමාන්‍ය පෙළ සිසුවෙක්මි, 

අද ලෝකේ කොතරම් දුයුණු වුවත්, ගුප්ත සිදුවීම් හා අත්භූත සිදුවීම් නගරයෙන් එපිට
බොහෝ ගම්මාන වල  සිදුවෙන බව නම් නොරහසක්.
මෙවන් සිදුවීමක් පැවසීම  බොහෝ දෙනාගේ හාස්‍යට ලක්වීමට උදහසට ලක්වීමකට බොහෝ විට හේතු විය හැකි නිසා මේ 
සිදුවීම් වලට  මුහුණ පෑ උදවිය ඒවා රහසක් වශයෙන් තියා ගැනීමට උත්සාහ දරති. 

නගරයෙන් තරමක් දුර පිහිටි ගමක ජීවත් වෙන මාද මෙවන් සිදුවීම් කිහිපයකට මුහුණ පා තිබීම හේතුවෙන් මෙවන් කල්පිත මත එකහෙලාම ප්‍රතික්ෂේප කිරීම පිළිබද පුද්ගලිකවම දෙවරක් සිතීමට සිදුවී ඇත.

කතාව මෙසේ විස්තර කරමි.


 මගේ අතිජාත මිත්‍රයෙක් වන ලහිරු මට වඩා වසරකින් වැඩිමහල්ය.  නමුත්  ඔහුට කොතැනක හෝ සිදුවූ වැරදීමකින් දෙවෙනි වරත් මා සමග සාමාන්‍ය පෙළ විභාගය කිරීමට සිදුව තිබිණ. අපේ නිවසේ වැඩි හරියක් කල් ගෙවූ ලහිරු  මා සමග සාමාන්‍ය පෙළ විභාගය සඳහා පාඩම් කිරීම්වල නිරත වුවේය. අවාසනාවකට එවකට ඔහුගේ පියා දෛවයේ සමග මාරාන්තික සටනක නිරත වෙමින් සිටියේ දරුණු පිළිකාවකින්  පෙලීම නිසාය.
පාඩම් කරන අතරතුර රෝහලේ ඇඳ මත සිටි පියාගේ ළඟ නැවතීමටත් ලහිරුට සිදුවිය.
කෙසේහෝ ඔහුගේත් තව බොහෝ දෙනෙකුගේත් ඇස්වල  කඳුළුවලට ගලන්නට ඉඩ දී  ලහිරුගේ පියා අවසන් ගමන් ගියේය
.
 බිම පෙරලීගෙන ලහිරු අඬපු හැටි මට අද වගේ මතකය.


 දිනය 2006 වසරේ නොවෙම්බර් මාසයේ දිනයක් විය යුතුය..

 සුදු කොඩි ඇද සරසා තිබුන මළගේ අවට මෙන්ම ගමේම මහා මුසල කමක් පැතිර තිබෙනු දැක ගන්නට ලැබිණ.  බීම, තේ, බිස්කට් ඇල්ලීමෙන් දවස ගෙවූ අපේ කොල්ලෝ රෑන එදා රෑ පහන් කිරීමට මළගෙදරට රැස් වෙන පොරොන්දුව මත හැන්දෑවේ ගෙවල් වලට ගියහ .


වෙලාව රාත්‍රී 8.00 පමණ  ඇති.

කෙල්ලන්ට බැල්මට් දන්නට මෙන්ම, කාලය කාදමන්නටද  ඉලන්දාරි වන අපට මල ගෙවල්, බණ ගෙවල් තෝතැන්නක්ම විය. ගමේ බණ ගෙයක් තිබෙන කල අපි අනාරධනයෙන්ම එහි යන්නෙමු.  නිවෙසියෝද එහි වරදක් දැකීම කෙසේ වෙතත් මේ වන තුරු නම් කිසිවක් කියනවා අසා නැත.

මළගෙදර පාලු කපන්න කොල්ලෝ රැල අනගි සේවයක් කරනවා කියාය ගැමියෝ සිතන්නට ඇත්තේ.

කොතරම් කතා බහ ඇහුනත් දැඩි නිශ්ශබ්ද තාවයක් ප්‍රදේශය පුරාම පැතිරුණ මුසල ගතියත් නිසා අපි තනිව නොසිට කණ්ඩායම් වශයෙන් සිටින්නට වීමු. අඩුම තරමේ දෙදෙනා බැගින්වත්

චූ බරක් හැදුනොත්

"ඒ වරෙන්කො බන් යන්න"

කියා කියන තරමට මල ගෙවල් අසල පැටිකිරිය දන්නා අපේ කොල්ලන් තව කෙනෙක් සමග යාමට පෙළඹෙයි.(අපේ පුංචි හදවත් එසේ කිරීමට අපට බල කරන්නට ඇත)

කැරම්, කාඩ් ගැහිල්ල හරි හරියට ගිය බැවින් මල ගෙදර අවට වට පිටාව පිළිබද එතරම් ගැටළුවක් නොවීය.
පහුවදා සෙනසුරාදා දිනයක් බැවින් විද්‍යාව පන්තියට යාම සඳහා කල් ඇතිව නිවසට පැමිණෙන පොරොන්දුව පිට අම්මා මට මල ගෙදර  පැමිණීමට අවසර ලබා දී තිබිණ.

 "පුතේ.. රෑ වෙලා එනවනම් තතියම හෙම එන්නේ නෑ.. මල්ලිත් එක්ක එනවා මිසක්.."
 හා අම්මේ හා මම එයත් එක්කම එන්නම්කෝ..
 මගේ හොඳ අම්මනේ.... මම යන්නද?
 හා හා ගිහින් එන්න. බුදුසරණයි


 අම්මගේ දෙපා වැඳලා මල්ලියි මමයි පිටත් වුනේ එහෙම....


රාත්‍රී ආහාරය ගැනීමෙන් පසු මට මහා නිදිමතක් විය. කැරම් බෝඩ් එක අසල මෙන්ම කාඩ් ගහන තැන වටයක් දෙකක් කැරකුණු මට ගෙදර යන්නට සිත් විය..

නිකමට කුස්සියට ගොස්  බැද තිබුණු පපඩම් අහුරකින් සාක්කුව පුරෝගත් මම ටිකවෙලාවක් පපඩම් කමින් ඔහේ සිටියෙමි. (කුස්සිය කිවේ මල ගෙදරට එහා ගෙදර තිබුණු එනම් එකම මිදුලේ පිහිටා තිබුන යාබද ගෙදර කුස්සියයි. මල ගෙදර තිබුන නිවසේ සාමාන්‍යයෙන් ලිපේ බතක් ඉදෙන්නේ නැත)

"අඩෝ මම යනවා බං"

 "පිස්සු කෙලින්නැතුව අද ඉඳල පලයන් මචන්"

 ඉල්ලීම ලහිරුවගෙනි.

 "බෑ මචන් හෙට පන්ති අම්මා එන්න කිව බං... මං එනකම් ඇහැරලා ඇති.."


(විභාගය ගොඩ දා ගැනීමේ අමාරුව අත්දැකීමෙන් දන්නා හින්ද ලහිරුවා මං යනවට එතරම් විරුද්ධත්වයක් නොදැක්වන්න ඇති.)

 "හරි හරි පලයන් උඹ".. "එහෙනම් මල්ලිවත් එක්කගෙන යන්නැතුව ඒකාව තියල පලයන්..."

මගේ අතිජාත මිත්‍රයාගේ පළමු ඉල්ලීම ඉවත දැමු මා දෙවන ඉල්ලීම අහකදානු බැරිව කට්ටියටම සමුදී ගෙදර දිහාවට
තනිපංගලමේම අඩි ඉක්මන් කලෙමි.

සෙල්ලමට බර අපේ මල්ලි පොඩි නිසා මා ගැන ඒ හැටි තේරුමක් නොවන්නට ඇති. නැත්තම් මට තනි පංගලමේ ගෙදර යන්න අම්ම එපා කියලත්, මා සමග ඒමට වැඩි කැමැත්තක් නොදක්වුවේ ඒ හන්ද වෙන්නට ඇති.

මල්ලි දුකෙන් වගේ අහනවා


"අයියේ අම්ම බනියි තනියම අව කියල"

"නෑ නෑ අවුලක් නෑ මට ගියහැකි"


මල්ලිත් මා සමග එනවාට වඩා එහෙ ඉන්නට කැමති බව තේරුම් ගත් මම හිතට දිරිය අරගෙන එන්නට පිටත් වීමි. මා සිතුවේ මල්ලිද මා සමග පැමිණේවි කියායි. නමුත් මල්ලිට එන්න කියා  නහයෙන් අඬන්න ගියොත් කොල්ලෝ ඉදිරියේ පච වනවාට වඩා යකා ගහන එක සැපය.


කට්ට කරුවල කෑලි කැපෙන තරමට තිබෙද්දී කලාතුරකින් යන මෝටර් බයිසිකලයක් පුස් බයිසිකලයක් ඇරුනම තාර පාර මුළුමනින්ම නිහඬකමේ ගිලෙමින් රාත්‍රිය තව තවත් වැළඳ ගමින් තිබිණ.
උපරිමය බිඳ දැමු  රැහැයියන්ගේ, පලගැටියන්ගේ මුසල ගොරනාඩුවත් මදි නොකියන්න රාත්‍රියට 
සහයෝගය පළකරමින් දවසක නිමවා සනිටුහන් කරන්නට සුදානමින් සිටියේය.

මා එනු දැක කලබලවූ වවුලෙක් බස බස ගා පියාපත් ගසා ලඟම පිහිටි වරක ගහට ඇදෙනු ලා සඳ එලියේම දුටිමි.   ක්ෂණයෙන්  ගැස්සුන මගේ හිත දන්නා කියන සියලුම ගාථා මුමුණන්නට  විය.  සිතල නිසා සාක්කු දෙකට අත් ඔබා ගත් මම උඩ ගැස්සී ගියේ පපඩම් අහුර අතට අසුවීමෙනි.


"පුළුටු කෑම වලට, තෙල් කෑම වලට  පෙරේතයෝ බැල්ම දානවා ලොකු පුතේ"
"පුළුටු කෑම වලට, තෙල් කෑම වලට  පෙරේතයෝ බැල්ම දානවා ලොකු පුතේ"
"පුළුටු කෑම වලට, තෙල් කෑම වලට  පෙරේතයෝ බැල්ම දානවා ලොකු පුතේ"
මා දවසක්  හවස කැවුම් කමින් මිදුලේ සෙල්ලම් කරනු දුටු පිල්කඩ උඩ ඉඳගෙන සිටි  ආච්චි අම්මා කියූ දේ කන්අඩි පැලෙන සද්දෙන් නැවත නැවත ඇසෙන්නට විය.

විශ්වාශ කරන්න.


මට මගේ අම්මා සිහිවිය, එමෙන්ම තාත්තා, මල්ලි, මෙන්ම මා වඩාත් ආදරය කල මීට හරියටම සතියකට ඉහත මියදුන පුස් පැටියා සිහි විය. බොහෝ දේ සිහිවිය. ජීවිතයේ පළමු වරට සිතට  මරණ බිය දැනිණ.


මා ගත් මෝඩ තීරණය ගැන පසුතැවුනෙමි. ආපසු ගියත් එකයි, නොනැවතී ගෙදර ගියත් එකයි. ඒ වන විට ගමනේ හරි අඩක් පමණ ගොස් තිබුන මා තව තවත් හයියෙන් අඩි තබන්නට වීමි. හදිස්සියට යන්නට හදන විට පය පැටලෙයි.


"හිතට බයක් දැනුනම ඉතිබිසෝ ගාථාව කියන්න ලොකු පුතේ.."


ආච්චි අමගේ වදන් මට නැවතත් සිහි විය.  කරුමයක මහත.. ගෙදරදී අග ඉදන් මුලටත් මුල ඉඳන් අගටත් ඉතිබිසෝ ගාථාව කියවන මට එදින ගාථාවේ පද පවා  අමතක විය.

යටි බඩ කොර වෙන තරමට චූ බරක්ද සෑදී තිබුණි. සියලු වීරිය දෙපයට රැගෙන පස්ස බල බල දුවන්නට වීමි. රෑට තනි පංගලමේ කොහේ හෝ හරි යනවනම් පිටි පස්ස බලන්නට හිතුනොත් අනිවාර්යෙන් පස්ස බලන පුරුද්දක් මට කුඩා කල සිටම තිබිණ.


විනාඩි දහයක පමණ දිවීමෙන් මගේ නවාතැන් පලට සේන්දු වෙන තුරුත් මා යහතින් සිටීම පිලිබඳ සතුටු වූවෙමි.
දොර ලඟට පැමිණ විනාඩි බාගයක් පමණ හති අරුපු මං දොරට සෙමෙන් ගසා අම්මට ඇහැරවුවෙමි.

එවිටම වගේ පැල ඉනි වැටට ළඟ ඉඳන් මොකෙක් හරි මං දිහා බලන් ඉන්නවා කියල හිතුන සැකේට නොදැනුවත්වම මට ඒ ඉසව්ව ඇස ගැටුණි.

අමුතුම දිස්නයක් ඇති බෝල දෙකක් පැල ඉනි වැට අසල සිට මා දෙසට එල්ල වී තිබිණ.

මා තවත් ඕනා කමින් බලද්දී පුදුමයකි...සතියකට පමණ පෙරාතුව මියදුන  මා ආදරය කල පූස් පැටියා වැට ගාවට වී මං දිහා බලන ඉඳියි. අදහන්න බැරි දේ නම්, මට එවිට මීට පෙර පුස් පැටියා මියදුන බව නොසිතිමයි.

මා සිතුවේ ඌ ජිවෙත් වෙතැයි කියායි.  අම්මත් දොර අරින සද්දය ඇසුණු නිසා මම දෙවරක් නොසිතු මම

"ස් ස්  ස්  ස් කිටි කිටි ඉසේ ඉසේ " කියා කියා පැල ඉනි වැටට කිට්ටු වෙන්න හදන විටම පුස් පැටියා හැරි කැලය දෙසට සෙමින් යන්නට විය.

ඒ සමගම අම්මා දොර අරගෙන එන්නට ඇති

ඒ වන විටත් පැල ඉනි වැට දෙසට යාර කීපයක් ගමන් කර තිබුණු මා දැක අම්මා


"පුතේ"

"අම්මේ පුසා.. අතන ඉන්නවා"

"මොන?"

"අපේ පූසා අම්මේ"

වෙච්ච දේ ඉවෙන් වගේ තේරුම් ගත්ත අම්ම මගේ පිටට  හයියෙන් පහරක් ගසා

"හා හා ගෙට යමු ගෙට යමු  විජහට"

කියා කීවාය.  (ඇය මට ගැසුවේ මගේ බය නැති කරන්නට මිසක් කෙන්තියකට නොවේ. )

අම්මා පිටට ගැසුවාට පසු මා ක්ෂණයෙන් වෙනස් වීමි.   එනම් මා පෙර සිටියේ පියවි ලෝකයේ නොවන  බව මට වැටහුනේ අම්මා පිටට ගැසුවාට පසුවය. (බය වුන විට හයියෙන් පිටට ගැසීමට කෙමක් බව මා අසා තිබුණි).

[ මා විඳි අත්දැකීම... මට දැනුන හැඟීම එලෙසින්ම බ්ලොග් අවකාශයේ සටහන් කිරීමට තරම් මා දක්ෂයෙක් නොවෙමි.]

ඇයට කීකරු වූ මා ගෙට ගොඩ වී බැංකුව මත ඉඳගෙන නිච්චියක් නැතුව ඉද්දී අම්මා බුදු පහනින් තෙල් ටිකක් ගෙන මොනවදෝ මතුර මතුරා මගේ ඔලුවේ ගෑවාය .. .


ඉහින් කනින් දාඩිය පෙරාගෙන වෙව්ලන අතපය පය ඇතිව බල ගත්තු අත බලාගෙන  පැය කීපයක් මා සිටි බව අම්මා පසුව පැවසුවාය


මට තරමක් සාමාන්‍ය තත්වයට පැමිණීමට බොහෝ වෙලා යන්නට ඇත.

 
මුණ හොද ගන්න එලියට යන්න සැදු විට ගේ ඇතුලෙම බේසමක් ගෙනවිත් මුණ හෝදන්නට සලස්වා මට නින්ද යනතුරු මා ලඟින්ම සිටියාය...

පහුවදා එලි වෙද්දී මට සහලෝල උණ අරන් තිබුණු  අතර හරියටම බෙහෙත් ගත්තත් දවස් හතක් උණ ඒ විදිහටම තිබුන..

පසු දිනක මා අම්මගෙන් සිද්ධ වුනේ කුමක්ද යන්න විමසු විට ඇය එය කීමට මැලි වූ අතර මාගේ බලවත් පෙරැත්තය හේතුවෙන් යලි සිත බය නොකරගන්නවා කියන පොරොන්දුව මත සියල්ල පැවසුවාය.


"මල ගෙදර ඉඳන් තනි පංගලමේ තෙල්  පුළුටු කාලා වතුරවත් නොබී ඒ මදිවට සාකුවෙත් දාගෙන ගෙදර එද්දී මල පෙරේතයෝ බැල්ම නොදා ඉඳීද "


මීට පෙර ආච්චි අම්ම කියූ එම කතාවම  සිහියට නැගුණි

"ඉතින් උන් කොහොම හරි අපේ ඇඟට ඇතුල් වෙන්න තමයි  හදන්නේ. 
අපේ හිත හයිය වුනාම උනාට එක කරන්න බෑ,"

"එක හින්ද ඉස්සෙල්ලම අපේ හිත දුර්වල කරනවා.
වැට ගාව හිටිය පුස් පැටියාත් මායාවක්.."

"එහෙම තමයි මේ මායා අපිව මුල කරනවා"

"ඔයාව කැලේට එක්කන් යන්න එක හොඳ උපායක්".. "අර ටික බය වේවි දුව දුව පයින් ආව ඔයා වැට ගාවට යන්න බය වුනේ නෑනේ."


ඇත්ත තමයි මරුන පූසා ජීවත්ව සිටියි කියා මට සිතුනේ මේ නිසා වන්නට පුළුවන.
එසේ නම් මේ දුෂ්ටි මායාව මගේ සිතුවිලි පවා පාලනය කරන්න සමත්කම් වූ හැටි....


කැලේට අරන් ගිහින් ඔයාව බය කරලා..........

ඇති ඇති අනේ ඇති... අම්මේ ඔතනින් එහා කියන්න එපා.

විශ්වාශ කරන්න... මේ කතාව ලියන විටත් වරින් වර මගේ ශරීරයේ ලොමු දැහැගැනීම  මොන විදිහකින්වත් නවත්වන්නට  මා අපොහොසත් වූ බව.

ජීවිතයේ පළමු වරට බළල් අවතාරයකින් මගේ හිත සසල කරන්න ඔබ, මා කවුරුත් නොසිතන අදුශ්යමාන බලවේගයකට හැකි විය.


ප.ලි - යම් මතයක සත්‍ය අසත්‍යතාව අත් දැකීමෙන් දුටුවාට පසුව විශ්වාශ
කරනවා කියා සිතීමට නොපෙළඹෙන්න. මෙවන් මත බැහැර කිරීමට පෙර දෙවරක් සිතන්න.
අපි නොදන්නා මේ ලෝකය බොහෝ රහස් පිරි ගුප්ත සාගරයකි...

එයින් පසු බොහෝ දිනක් යන තුරු මට රාත්‍රී ගමන් තහනම් විය.
එමෙන්ම මා සුවපත් වුයේ අම්මා විසින් කට්ටඩියෙකු ලවා දෙහි ගෙඩියක් ජීවම් කරගෙන ඒමෙනි.

Wednesday, January 25, 2012

කොට්ටාගේ කොටු පැනීම 2

නිකමට අපට කොට්ටාව මීටර් වුණා.
බලනකොට මු බංකුවේ නෑ.  මම හිතන්නේ විනාඩි 10 හෝ ඊට අඩු තමා, වැඩි වෙන්න නම් බෑ....මු මාරු වෙලා.
එතකොටම තමා මාරම මාර සීන් එක වුනේ. කොල්ලෝ ඔක්කොම ෆුල් මොංගල් වෙලා, 
හීන් දාඩිය බින්දු එක දෙක තොල් උඩ මතුවෙද්දී කෙල ගිලෙන්නතුව යන්න පටන් ගත්තා.
(ඔන්න ඔහොමනෙ අපි කතාව නැවෙත්තුවේ)

කියෙව්වේ නැත්තම් පලවෙනි එක  මෙතනින්
කතාව මෙලෝ රහක් නෑ වගේ වුනාට අහන්න බලන්න... මොකද මම තවම ප්‍රවීණ  පොරක් නෙමෙයිනේ.
අපි ටික ටක හැදෙමුකෝ.

වෙලාව රෑ 1.00 ට විතර ඇති මගේ හිතේ.
අවුරුදු 35 ක විතර ගෑනු කෙනෙක් පොල්ලක් අරගෙන කෑ ගගහ මොනවද කියා කියා මොකෙක්වද හොයනවා. අපට මීටර් නෑ.
ඔන්න මේ ගනු කෙනා රුමාගේ කඩේ ඉස්සරහටත් අවා. ගමකට ගහන සයිස් එකේ ඉන්න අපේ සෙට් එකේ එකෙක්වත් නෝකතා නෝසිනා.


"කෝ අර කොල්ලා? අර විට කන පොඩි කොල්ලා.
කෝ ඔය කාලකන්නියා, අර පහල ******* ගෙදර නැවතිලා ඉන්න ****** ගේ කොල්ලා? අර මිටි එකා...
ඕක අහු වුනොත් මම.. අද  ඕකට ******......"


ගෑනිත් ආවේශ වෙලා වගේ කියවගෙන යනවා.  නිකන් හරියට තමන් නිදි මරල නිදි මරල  ආරක්ෂා කරපු, වගාව විනාශ කරපු ඌරෙක්ව මරන්ඩ හොයනවා වගේ.  අපි අන්දුන් කුන්දුන්...
අපේ  එවුන්  තුන් හිතකින්වත් අපේ කොට්ටා මේ ගෑනිගේ අපබ්‍රංස කතාවට  කොහොම හරි  සම්බන්ධයක් ඇති කියල හිතුවේ නෑ.
විශ්වාශ කරන්න මේ ගෑනි එයාගේ භූමිකාව කඩේ ඉදිරිපිට රඟ දක්වල යනවත් එක්කම කොට්ටා රොකට් එකක් වගේ අපිවත් පෙරලගෙන, වැටි වැටි රුමාගේ කඩේ තේ හදන අඳුරු කාමරය ඇතුලට  රිංග ගත්ත. අපි ශේප් එකේ ගිහින් අහනකොට මූ මහම මහා අලුකුත්තේරු හිනාවක් දාගෙන කියනවා.
"ඇයි බං මොකද ? මොකක්ද සීන් එක.
අර ගෑනි ගියාද? කියල.
සඳුදට කලින් අඟහරුවාදා එනවා කියන්නේ ඕකට තමයි
මූ සීන් එක දන්නේ නෑ. එත් ගෑනි ගැන දන්නවා.

අඩෝ මේ වල් **** කතා නැතුව  කියපන් සීන් එක පැහැදිලිව 
නැත්තම් තව පොඩ්ඩකින් පොලිසි යන්න ලැස්ති වෙලා හිටපන්

අපේ සෙට් එකේ හිටපු තදයා වන ඩබලා එහෙම කියල ඉවර වෙන්නත් කලින් උගේ ඇඟිලි පහක්  කෝට්ටගේ කම්මුල සිප ගත්ත. ඩබල ගැහුවේ තරහකට නෙමේ  ඌ ගැහුවේ ඇත්තටම මේ කතාව දැන ගන්න තිබුන හදිස්සියට.
අපි පුදුම වුනේ නෑ. අපේ ගැන් එකේ ඉවසීම අඩුම එකා තමයි ඩබලා. ඒකට ඉවසීම පුරුදු කරන්න පුලුවන්නම් මාළුන්ට පියාඹන්න උගන්වන එක නතින්ග්.
කොට්ටා ඇස් රතු කරගෙන කියල මට අඳුරේදීම දැක්කා..
දැන් මූ පාපොච්චාරණය කරනවා.


"මෙහෙමයි සීන් ඒක.. මචන්." 


කොට්ටා සිහින් ඉකියක් අස්සෙන් කතාව පටන් ගත්තා.
අපි දැන් මරණ දඬුවමට මුහුණ දෙන්න නියමිත වැරදිකාර මිනිහෙක් ස්වයං පාපොච්චාරණයක් කරනවා වගේ කන් දෙක හතර කරගෙන මදි පාඩුවට කටත් ඇරගෙන අහන් ඉන්නවා.


"මට...... බොකක් සෙට් වුණා බං......  ඉතින් .......මම පහල තියන ටොයිලට් ඒකට ගියා."

"ඉතින් අපට කියල යන්න තිබුනනේ"   අපේ එකෙක් මැදින් ඇඩ් එකක් දැම්ම


"උඹලට  කියා කියා ඉන්න වෙලාවක් තිබුනේ නෑ. අන්තිම අමාරු වෙලා ගියේ බං"

 තප්පර දහයක් විතර කතාව නවත්තල ආයෙම පටන් ගත්තේ ඩබලගේ අත ඉස්සෙනවා දැකල.


"ඔක්කොම කරලා ඉවර වුනාට පස්සේ තමයි බං ටැප් එක ඇරියේ.."

අපි ඔක්කොටම "බකස් ගාල හිනාවක් ගියා.. " අපේ ඩබලත් බඩ අල්ලාගෙන හිනා වෙනවා.

"වතුර නෑ කියල උඹල එකෙක්ට කෝල් එකක් දෙන්න හදනකොට තමයි මතක් වුනේ මගේ ෆෝන්***** බංකුව උඩ කියල"
ඒ වෙනකොටත් බංකුව උඩ රුමාගේ ජන්ගමයයි කෝට්ටගේ ජන්ගමයයි පුට්ටු වෙලා තිබුන.

"එතකොටම අර ගෙදර ගෑනිට අමාරුවක් හැදිලාද කොහෙද  ටොයිලට් ඒකට ලඟට ඇවිත් දොර අරිනවත් එක්කම මම ඇතුලේ ඉන්නවා දැකල කෑ ගහගෙන එහාට වුනා. මම ඩබල් එකේ කලිසම අතට අරන් දුවල අවා."
අපේ එවුන් ඔක්කොම පස්සට වුනා නහය අතෙන් වහගෙන

"හරි හරි බං මම හෝදගෙන ආවේ ඇල පාරට ගිහින්..."

මූ දිව හපාගෙන කියපු තාලෙට අපිට බඩ යන්න හිනා.
ඒ ගෑනි රුමාගේ කඩේ පහල තිබුන ගෙදර කුලියට හිටිය කෙනෙක්.... මහා රෑ මේ ගෑනිටත් වුවමනාවක් හැදිලා ටොයිලට් ඒකට ඇවිත්.

"එකත් එකටම ඒ ගෑනි හිතන්නැති උඹ බලහත්කාරකමක් කරන්න මේක ඇතුලේ හැංගිලා ඉන්න ඇති" කියල. මම කීවා.

"මටනම් සැක අර ගෑනි යහතින් ආව එක බං.  ඔන්න බලපන් තොවිලයක් නටන්න වෙන්නේ නැත්ද  කියල හෙට දිහෑ".... රුමා කියනවා.

"මුගේ බෙට්ටේ ගඳට ඒකිට බය අමතක වෙන්න ඇති බං"... බ්‍රොසංක ඇඟට නොදැනී කියල මාරු වුනා.


එලි වෙන්නත් කිට්ටුයි.

පහුවදා උදෙන්ම කට්ටිය ප්‍රශ්නේ විසඳන්න අර ගෑනු කෙනාගේ ගෙදර ගියා.
කතාව කිවම අපේ පෙර පිනට කෝට්ටගේ පිනට ඒ ගෑනු කෙනා ඇත්ත තත්වය තෙරුන් ගත්තා..
එත් උදේ දහය වෙන්නත්  කලින් ගමේ හොඳ හොඳ කතා පැතිරුණ එක නම් නවත්තන්න අපට බැරි වුනා.
හොඳම සීන් එක තමයි අපි ප්‍රශ්නේ විසඳලා එද්දී
විල්බට්  මාමා  කොට්ටා දිහා නොන්ඩි බැල්මක් දාල මෙහෙම කියනවා


ඈ බොල කොල්ලෝ මම මෙතන අවුරුදු 4 ක් ඉන්නවා එත් මට බැරිවුනානේ මොකවත් කරගන්න.


එදායින් මාස 6 ක් විතර යනකන් කොට්ටා අපේ ගමේ හිටියේ නෑ. පහුවදාම ගමේ ගිහින් මාස 6 කට පස්සේ තමයි ආවේ.

ප.ලි -
කොට්ටා ගැන හීනෙකින්වත් නොසිතු කට කතා ගම පුරාම අසන්නට ලැබුණි. එමෙන්ම අපගේ උපකතා නායිකාවත් ඒ බෝඩිමේ මාසයක්වත් නොසිටින්නටත් ඒ කට කතාම හේතු වෙන්නට ඇති.
 
(කොට්ටා පිටගම් කාරයෙක් වුනත් අපේ ගම උගේ ගම කරගෙන මලගෙවල්, මගුල් ගෙවල්, පොදු වැඩ උගේම කාරියක් ලෙස නොපිරිහෙලා ඉටු කිරීමට මෙන්ම පසු කලකදී මෙලෝ දෙයක් නොසිදුවුවා සේ අපිත් එක්ක රස්තියාදු ගහන්නත් තරම් හිත හොඳ කොල්ලෙක් විය)


   

Monday, January 23, 2012

කොට්ටාගේ කොටු පැනීම

කොට්ටාගේ කොටු පැනීම

මේ නිර්ලජ්ජිත වැඩේට මුහුණ දුන්නේ මම උසස් පෙළ  විභාගය ඉහලින් අසමත් නොවී නුලෙන් සමත් වෙලා ගමේ හන්දියක් හන්දියක් ගානේ රස්තා පාර දාගෙන හිටපු දවස් වල.  අතේ පිච්චියක් නැතුව ගෙදරින් දෙන දේ කාලා ඒත් ෆුල් සොමියේ හිටපු 2010 මාර්තු මාසේ දෙවෙනි සතියේ දවස් හතෙන්  එකකත් උදේ හරියටම වෙනද වගේ ඉර පායලා තිබුන. පස්ස පැත්තට ඉර එලිය වැටෙනකන් නිදා ගන්න මට ඉස්කෝලේ යන කාලේ මාරම මාර ආසාවක් තිබුණා. මොකද මම ඉස්කෝලේ ගියේ ගෙදරින් 45 කි.මී විතර දුර ප්‍රසිද්ධ ඉස්කෝලෙකට. 5 වසරේ ශිෂ්‍යත්වේ සමත් වෙලා අයදුම් කරපු නගර ගානක් පහු කරලා තියන ඉස්කෝලෙකට මාව තේරිලා තිබුණා හින්ද කුකුළා එලාම් එක ගහන්නත් කලින් ඇහැරිලා ලෑස්ති වෙන්න තිබුණා.. ඉතින් නින්ද මට කුඩා කල සිටම අහිමි විය. කුකුළා ඇහැරෙන්නෙත් මම ටොයිලට් යන්න හදනකොට.


දැන් මම මුලින් කිව දවසෙත් උදේ 4.30 ට එලාම් එක තියල snooze කර කර නිදා ගන්නවා. එක හරිම ආතල් වැඩේ. නැත්තම් නින්ද යන්නේ නෑ. අවුරුදු ගානක් ඇහැරිලා පුරුදු වෙලා නින්ද යන්නේ නෑ....

උදේ පාන්දර 7.00 පහුවෙලා විනාඩි 20 ක් ඇති, ඉතින් මම ඔහොම සාමදානයෙන් මගේ කෝට්ටේ බදාගෙන මුනින් අතට නිදාගෙන ඉන්නකොට නිකන් හීනෙන් වගේ නහය කඩාගෙන යන සුවඳක් මගේ ස්ටෑන්ඩ්බයි වෙලා තිබුණා memory යට දැනුන. 

හප්පට සිර. මම හිතුවේ දිව්‍යන්ගනවියක්වත් දීව්‍ය ලෝකෙන් සම්ප්‍රාප්ත වෙලා මාව උස්සන් යන්න හදනවත්ද කියල. ඔන්න ඔහේ ඕනේ මැන්ගුස් ගෙඩියක් වෙච්ච දැන් කියල මම තද නින්දේ වගේ හිටියා. මෙන්න බොලේ සිහින් දිය දහරාවක් මගේ බෙල්ල හරහා පහත් ප්‍රදේශ හොයාගෙන ගලාගෙන යනවා. දැන් නම් sure මේක ෆුල් ලට පට සීන් එකක් කියල. මට 35000 ට මල පැනල. මම සාමාන්‍යයෙන් කැමති නෑ මාව උදේට කවුරු හරි කුද්දනවට. ස්වභාවිකව ඇහැරුණාම මාර ගති.


නොදකින් මේ ගල් මුකලන් ඇටිකුබ්බ නේ...


විට කාලා කාලා වඳුරු දත් වගේ වෙලා තිබුන කොට්ටාගේ දත් වහල්ල විරිත්තාගෙන හිනා වුණා. අනේ මට මූ මරාගෙන ගැන අනුකම්පාවක් ආවා. සිරාවටම කොට්ටා අපේ ගමේ එකෙක් නොවුනට ඌට  සුපිරි බොක්කක් තිබුන කියල මම දැනගත්තේ ඌව ආස්සරේ කරන්න පටන් අරන්  දවස් කීපයකින්.

අද රුමාගේ රෑ කඩේ opening එක. ඉතින් රුමා මුව අපේ දිහා එවල අදරෑ කොහෙවත් මුල් ගල් තැබීම්, ගෙට ගෙවදීම් දාගන්නේ නැතුව උගේ කඩේ රැය පහන් කරන්න වරෙන් කියල කිව්වා කිව්වා කියල කොට්ටා කිව්වා. එකනේ අප්පා මන් දැන් මාර බිසී පොරක් වෙලා.. කරන මගුලකුත් නෑ මගුලේ කෑලිත් නෑ.

දවල් දවස නම් ගත උනේ කොහොමද කියලනම් නිනව්වක් නෑ.

ඔන්න දැන් රාත්‍රී 8.00 විතර මගේ බ්රේක් කලඳක් නැති මවුන්ටනේ පාගල පාගල රුමාගේ කඩේට එන්න පිටත් වුනා. (ජහ ජරා බලු වැඩ, පෙර වැරදි කිසිවක් මගේ රිපෝට් එකේ නැති හන්ද ගෙදරින් කිසිම objection  එකක් නෑ. රාත්‍රී ගමන් බිමන් මණ්ඩලයෙන් අනුමත වෙලා තිබුනේ.


කඩේ හන්දියෙන් [රුමාගේ කඩේට මෙහා තිබුන කඩේ] පැන ගන්නකම් පපුවේ සද්දේ මටම ඇහුන. මම ඒ මගේ මවුන්ටනේ කාර්මික දෝෂයක් කියල හිත සමාධි කරගෙන දවල් කාපු බත් පංගුවේ වීරියයි හවස 
ගිලපු කිඹුලා බනිස් එකේ හයියයි කකුල් දෙකට අරගෙන දිව හපාගෙන  පෑගුවා.


යන්තම් චෝ ගාල ලේ දහරා පපුවට ගලන්න ගත්තේ රුමාගේ කඩේ දැකපුහම. (එච්චර බය වෙන්න හේතුව ඉස්සරහට කියන්නම්කො) 

ඔන්න දැන් රුමාගේ කඩේ රුමාගේ බාරේ. දවල්ට සිල්ලර කඩේ රුමාගේ දෙමවුපියන් යටතේ පාලනය වෙනවා. රෑට  නයිට් කඩේ ඒකාධිපති රුමා.

මම, මගේ සහෝ, බ්‍රොමාර, බ්රෝසංක, කොට්ටා, බ්‍රොමුක්ති, ජූලා, ඩබලා ආප්ප කකා ප්ලේන්ටි බිබී රැය පහන් කරනවා.

පට්ට හීතලයි, ඒ දවස් වල සුරා සූදුවෙන් තොර මම දැහැමෙන් සෙමෙන් ජිවත් වෙන පොරක්. අනිත් කොල්ලොත් එහෙමම තමයි . (අනේ මන්දා)

කොට්ටා ඇරෙන්න අනිත්  උන් අපි සේරම බර කයියක්. ගමේ කෙල්ලන්ගේ සීග්‍ර වර්ධනය, හන්දියේ සිමා ගෙනාපු මෝටර් බයිසිකලේ  වගේ  වල පල මාතෘකා තමා විෂය වුනේ මගේ හිතේ. (හරියටම මතක නෑ, කොහොමත් අනිවා ඒවා වෙන්න ඕනේ වැදගත් දෙයක් නම් වෙන්න බෑ

කොට්ටා බංකුවක නිදාගෙන ඌ අලුතෙන් ගත්ත Sony ericsson  K 310 එකයි රුමාගේ  W 200 එකයි පුට්ටුවක්  ගහල. (bluetooth  නැති හින්ද infrared වලින් තමා ගනුදෙනු.. මොනවා හුවමාරු වුනාද දන්නේ නෑ. හැබැයි හොඳ දෙයක් නම් වෙන්න බෑ.

ඔන්න ඔහොම ඉන්නකොට අපිට කයිය හන්දම ඌ ගැන alert  එකේ ඉන්න බැරි වුනා. [විශේෂයෙන් alert  එකේ ඉන්න මූ පොඩි බබෙක්වත් හොරෙක්වත් නෙවෙයිනේ]

රුමාගේ කඩේ සුපිරි ආප්ප කඩේ දියුණුවෙන් දියුණුවට පත්වේවා කියල අපි කොහොම හරි ආප්ප 30-40 කට වග කීවා

අනන් මනම් තවත් බොහෝ රස කතා පැණි කතා, මගඩි කතා අතරේ අපි හිටිය අද දුම්ගැහිච්ච  බිත්ති ඔරලෝසුවේ  විනාඩි කට්ට පණ එපා කියල දුවනවා.
තප්පරකට්ට ඊට එහා. වෙලාවකට මට හිතෙනවා ඔරලෝසුව හොයා ගත්තු කෙනා  තප්පර කට්ටා අපරාදේ ඔරලෝසුවට දැම්මේ කියල. මු නැත්තම් විනාඩි කටට මෙච්චර හයියෙන් දුවන්නේ නෑනේ. 

නිකමට අපට කොට්ටාව මීටර් වුණා.

බලනකොට මු බංකුවේ නෑ.  මම හිතන්නේ විනාඩි 10 හෝ ඊට අඩු තමා, වැඩි වෙන්න නම් බෑ....මු මාරු වෙලා.


එතකොටම තමා මාරම මාර සීන් එක වුනේ. කොල්ලෝ ඔක්කොම ෆුල් මොංගල් වෙලා, 
හීන් දාඩිය බින්දු එක දෙක තොල් උඩ මතුවෙද්දී කෙල ගිලෙන්නතුව යන්න පටන් ගත්තා. 

ඉතුරු ටික හොඳම හරිය  මීළඟ පොස්ටුවෙන් දාන්න හිතුව. එහෙම හොඳයිනේ ? 

ඕනෙම දෙයක් ඕනෙවට වඩා ඕනෙම නැහැලුනේ

Sunday, January 22, 2012

අලුත් වසරට සුපිරි ගැම්මක් [2]

පලවෙනි කොටස කියෙව්වේ නැත්තම් ඒක මෙතනින් කියවලාම ඉන්නකෝ

 සින්දුව කියල පැය බාගෙකට විතර පස්සේ  පාරේ ඇත කොනේ ඉඳන් රුවක් ඇදෙනවා සිරාවටම.
ඔලුවක් පේන්නෙත් නෑ.


ලඟට අවමයි දැක්කේ මේ   **** අයිය [නම කියන්න ටයිප් කරන්න  දිව ඇඟිලි නැමෙන්නේ නෑ අප්පා]  කියල t -ෂර්ට් එකෙන් ඔලුවත් වහගෙන [t -ෂර්ට්  ඒක ඇඳගෙන ඉන්න ගමන් කොලර් ඒක ගාවින් උස්සල ඔලුවට දාගෙන.. එකයි අපට ඔලුව පෙනිලා නැත්තේ නැතුව අර මම කලින් කිව බෝතල්  වල අවසානෙත් එක්ක ලැබෙන ප්‍රතිපලේ හින්ද  නෙමෙයි..

දෙයියනේ මම බොක්කෙන්ම ගරු කරන. මේ මනුස්සය දැක්කම මට පුදුමත් හිතුණා. පාරේදී දැක්කම "මල්ලි" කියල බොක්කෙන්ම කතා කරන අතලොස්සක් දෙනා අතරේ මෙයත් උන්නා.

  මෙයා හොඳටම වසරේ ආරම්භය සමරලා වගේ.  [හිතා ගන්න පුළුවන්නේ]

**** අයිය : හෙමොටම.....ෂුබම ශුබ නව වෂරක් වේවා. කියල කඩ්ඩෙනුත් කොටලා [මෙයා සුද්දාටත් ඉංගිරිසි උගන්නයි සිරාවටම මාර මීටරේ]
ඉඳගත්ත...

ඉතුරුවෙලා තිබුණ අර මම කිව බෝතලෙන් ළඟ නමාගෙන
"දියන් මල්ලි බෙරේ" මම ගය ගය වයන්නම් කියල බොන්ගොව ඉල්ලගත්ත.

ප්‍රවීනම් වැඩ්ඩන් හොති  අධුනිකන්කවරක්  කොරති 

කියල හිතල මම බෙරේ දුන්න.

ඔය අතරේ එයා පොඩ්ඩක් ඩාන්ස් පාරක් දාන්න ගිහින් අර බෝතල් වලින් එකක් ටේබල් එකෙන් පෙරලුණා.. කට්ටියම නෑවා.....[නව වසරේ කිරි ඉතිරෙනවා]

මම හිතුවේ එයා [**** අයිය අම්බානක පසු තැවෙයි කියල.... මොන...

"just  simply  just  simply"

එයා කිව්වේ එච්චරයි.


තනිකරම මිල්ටන් අයියගේ ඇල්බම් එකෙන් විරහ ගීත දෙකක් ගායනා කරලා සින්දුවේ නිධාන කතාවත් දේශනා කරන්නයි හදන්නේ.

1) තරිඳු නැගෙන යාමේ
2) සැදී රන් අබරණින්

ඉතින් අපේ උන්ට මේකට මල 18000 ට.. ඇති ඇති මචන් කියල ශේප් ක‍රගන්න හැදුවම මෙන්න බොලේ හීනෙකින් වත් නොහිතපු විදිහට මෙයා ගේම ඉල්ලුව.

කට කැඩෙනකන් කිවත් අපේ උන්ටවත් සන්සුන් වෙයන් කියල මොන....... තඹ දොයිතුවකට ගණන් ගත්තේ නෑ.

හරි මල් වෙඩි සංදර්ශනේ.... ආහ ඌහ් .. ඌහ්
කට්ටිය කෙල ගන්නවා..

වසරේ උදාව සමග මහා ගුටි කෙලි සංදර්ශනේ බොහෝ වෙලාවකට පසු අවසන් විය.

අපේ ජැකා මල්ලි **** අයියව වත්තම් කරගෙන බොරිත් අයියයි බෝනිත් අයියයි එක්ක  බෝනිත් අයියගේ වාහනේ දාගෙන **** අයියගේ  ගෙදරටම ගෙනිහින් දැම්ම.... [කවුරුත් හිතයි දැන් ඒක කැත වැඩක් කියල. එතකොට ඒ කිරි සප්පය ගෙදරට මාට්ටු වෙනවනේ කියල. කොරන්ඩ දෙයක් නෑ. වැඩිහිටියන්ගේ තීරණේනේ . ඊට එහායින් ගෙම්බෙකුටවත් පනින්න බෑ...

ගෙදර ගියාමත් මෙයා අපේ ලොකු අයියලාගෙන් ගේම ඉල්ලලා . බැරිම තැන අපේ අයියලත් මදි නොකියන්න දීල [සැ.යු - නිවසේ මිත්තනිය පමණක් සිටි නිසා ඇයගේද පූර්ණ අනුමැතිය සහ සහයෝගය ඇතුවයි සංග්‍රහය කරලා තියෙන්නේ. [දැන ගන්න ලැබුණු ආකාරයට]

එකත් ජය සිරි මංගලම් කියල වසරේ අමිය [අපේ උන් එහෙමයි කියන්නේ' එහෙමයි] එතෙකින් අවසන් විය.
.
නව වසරට යෝධ ගැම්මක්. තවත් මොන කතාද ?

[ප:ලි - අපි සිතුවේ අපට පසුව return  ඒක ලැබෙදොහොයි කියායි.. මොකද ටවුන් එකේ ලොකු ලොකූ අයියල මෙයාගේ ගැන් එකේ හිටපු හන්ද..... නමුත් පසුව ආරංචි වුනේ ඔහු
"මට මුකුත් මතක නෑ මචන් අවුලක් නෑ"  කියා ඔහු  මගේ යාලුවෙක් වන ඔහුගේත් යාලුවෙක් වන අයෙකුට කියා තිබෙන බවත්ය]  

අලුත් වසරට සුපිරි ගැම්මක් [1]

අලුත් වසරට සුපිරි ගැම්මක්

ඔන්න ඉතින් මේ ස්ටොරිය වෙන්නේ 2012 අවුරුද්දේ අලුත් දවස් හාහාපුරා කියල මේ ලෝකේ පාට හොයන වෙලාවේ.

31 වෙනිදා

ඒ කියන්නේ 2011 දෙසැම්බර් 31 ට මාසෙකට කලින් ඉඳන් ප්ලැන් කරලා කරලා එදා හවස වෙද්දීත්  ප්ලැන් කරලා කරලා ඉවරකර ගන්න බැරි  වුන  කොට උඩ තිබුන  අපේ වැඩසටහන[වැඩසටහනෙහි  න්‍යාය පත්‍රය පොස්ටින්ග් එක කියවද්දී වැටහේවා]  යාන්තම් ක්‍රියාවට නංවන්න කියල ගැන්සිය මීවිත පිරුවා. [ඔන්න ඔය අතරේදී තමා ස්ටොරිය පෙරලෙන්නේ... පොඩ්ඩක් වටේ ගිහින් ආවෙ නැත්තම් රසයක් නෑනේ]  ඔන්න එහෙනම් නෝනාවරු මහත්වරු සීට් බෙල්ට් පැළඳ ගන්න අපි වටේ යන්නයි යන්නේ [හුදෙක් විහිළුවක් පමණි : කතාවට කොහෙත්ම අදාලම නැත]

 [ඉතින්  දෙයියනේ හිතකින් කොහොමද මුන්ගේ නම් කියන්නේ] ඔන්න ඔහේ ඕනේ කෙන්ගෙඩියක් බෝලයක් වෙන්න කියල හිතාගෙන අන්වර්ථ නාමවත් භාවිතා කරනවා.] 

හවස 7.30 ට ඇති.

"පීප් පී......පී"

ගේට්ටුව ඉස්සරහ හොන් එකක් මැරෙන්න පණ අදිනවා. මම නිකමට ඔලුව දැම්මේ කවුද කියල නොදැන නෙමෙයි. [ඇයි අප්පා මැරෙන්න පණ අදින හතුරෙක්ට වුනත් වතුර පොදක් දෙන්න කියල ගොඩාක් ඉස්සර අහපු බණ කතාවක තිබුන [සැ.යු -  මතක ඇති කාලෙකින් බණක් නොඇසුවාට මා දැන් අධර්මිෂ්ටයෙක්  බව නොසිතන්න].

ජුලා : වරෙන් වරෙන් නිර්වස්තරේ වහගෙන විජහට
මම : මොකටද බන් ?
ජූලා : විල්සොන් මාමගේ දුවට බබා හම්බෙවෙන්න කිට්ටුයි. උඹව එක්කන් එන්න කිව වින්නඹු වැඩේට [අනේ මූ ඒක කියපු තාලේ කට ඇද කරලා]
මම : හරි හරි බන් ඉඳින්

[දැන් ඉතින් දෙයියනේ නොගිහින් කොහොමෙයි]

කියල T -ෂර්ට්  කෑල්ලක් දවටගෙන මමත් රෝද තුන උඩින් ඉඳගත්ත [අහ් කියන්න බැරි වුනානේ.. කලින් මැරෙන්න පණ ඇදල තියෙන්නේ බෝනිත් අයියගේ අණට විතරක් කීකරු දැන් දැන් ජුලාගේත් අණටත්  හුරු වේගෙන යන ආටා ඒක. ]   අප්පට සිර මෙන්න බොලේ තව 4 දෙනෙක් පිටිපස්සේ ඉඳගෙන..
කොහොම කොහොම හරි ටවුන් එකට කිට්ටු වුණා. [පස් දෙනෙකු තුන් දෙනෙකුට ඇති ඉඩ ප්‍රමාණය බෙදා ගත් ආකාරය සිහියට නගා ගැනීමට උත්සහ කරන්න]


ජුලා : මචන් පැතුමා
මම  : ම්.ම්
ජුලා : ටක් ගාල දෙන්නෙක් පැනපන්
[හත්වලාමේ මුන් මාව මරන්නද හදන්නේ]

ජුලා : ඉස්සරහ ලොකු අයියල හිටියොත් හෙම

[හරි හරි එහෙම සීන් එකකට නෙමේ]
මම : ඕකේ බොස් .. ඉස්සරහ හෝල්ට් එකේ බහිනවා

[මු බෝනිත් අයියගේ දෙයිය  ස්ලෝව් කරා].

තදියමට බස් එකෙන් බහින බැහිල්ල බහින්න ගිහින් තව පොඩ්ඩෙන් කැළණි ගඟට දිවි පිදු  මිතුරෝ වෙනවා] ඇයි අප්පා කොන්ද නමාගෙන පනින්න එපායේ

දැන්  මාර්ග නීති තද හින්ද අපි  දෙන්නෙක් මග බස්සල ගියා. නැත්තම් නව වසරේ උදාව සමග තව බොහෝ දේ සිදුවන්නට තිබිණ, ඒක අතකට ඒක උනා නම් එකක් කියල හිතෙන්නේ දැන් තමයි අප්පා.

 මං මුන් කොහේ ගියාද දන්නේ නෑ. [හැබැයි එද්දී පිටිපස්සේ තේ වතුර පාට ද්‍රව්‍යක් අඩංගු බෝතල්  කීපයක් නම් තිබුණා]

මමයි ගයියයි තමයි සරණාගතයෝ වෙලා පාලම ගාව නැවතුනේ [දැන් මං දන්නවා මු අනිවා උගේ අජුත love  ස්ටෝරි ඒක දිග හරිනවා කියල] කොච්චරවත් මුගේ කතාවට හරස් කපන්න හැදුවත් අනේ දෙවියනේ මම අසමත් විය.... අහෝ දුකකි තව මොකක්ද එකකි !!!

කොහොම කොහොම හරි අවශ්‍ය කළමනා ටික රැස් කරගෙන අපි දැන් නව වසර ලැබීමේ ප්‍රීතිය සමරන්න රෙඩි වුණා.

කෝ ගනින් බලන්න බොන්ගෝ ඒක කියල මමත් ක්‍රීඩාවට එන්ටර් වුණා. [මම තමා ඉතින් කවදත් එදා ඉඳන් "නිල බොන්ගෝ ප්ලේයර්"] මගේ අතිජාත මිත්‍ර බ්‍රොසංක තමයි නිල ඔක්ටෝපැඩ ශිල්පිය.

මොකද මන්ද වෙනද යස අගේට රිදම් එකට ප්ලේ කරන කොලුවාට අද පොඩ්ඩක් ටැපලෙනවා... 
හෙමින් යන සින්දුවට remix ටයිප් එකේ music දෙනවා. 
මම, බ්‍රොමාර, සුද්ද [දැන් වැඩිය අපිත් එක්ක නෑ]  එතකොට අපේ මලයා [එක බඩවැල කඩාගෙන අපු මගේ සහෝ] ගයියා, ජුලා, ඩබලා.. ජැකා මල්ලි  තමා ඉඳ හිට හරි  සෙට් වෙලා සින්දුවක් කියල ආතල් එකේ ඉන්නේ. [සැ.යු : මෙවන් අවස්ථාවල අර මම කිව බෝතලේ පිහිටෙන් නම් නෙමෙයි. 100% සුපිරි සිහියෙන් පිරිසිදු සිතෙන්]  

හොඳම හරිය...  11.50 (ප.ව) ඇති.

රුවක් ඇදෙනවා
කවුදෝ එනවා
මීවිත ඇඳිරිය
දෑස වසනවා

සින්දුව කියල පැය බාගෙකට විතර පස්සේ  පාරේ ඇත කොනේ ඉඳන් රුවක් ඇදෙනවා සිරාවටම.
ඔලුවක් පේන්නෙත් නෑ.

ඉතුරු හරිය ඊළඟ පොස්ටින් එකෙන් කියන්නම් හොඳේ.  දිග වැඩියි අප්පා

 එහෙනම් දෙවෙනි එකත් දැන්ම කියවනවානම් මෙතනින් කියවලම ඉන්නකෝ

අහම්බෙන් වෙච්චි සිද්ධියක්

 බ්ලොග් ලියන එකත් හරි ෂෝක් අප්පා කම්මැලිකමට.
 
මට මේ ලඟදි අහම්බෙන් blog  එකක් කියවන්න හම්බුනා. ඉතින් එක කියෙව්වට පස්සේ මටත් බ්ලොග් එකක් කරන්න ඇත්නම් කියල හිතුන පාර නැවතුනේ බ්ලොග් එක හදල.  මෙහෙමයි බ්ලොග් සාහිත්‍යක් තියනවනේ මම ඔහේ ලියනවා. මෙලෝ හසරක් නොදැන ලියනවා. එත් මම මේ බ්ලොග් එක කොරටම කරනවා. [ "කොරයි කොරයි" කියල දැන් ඉතින් ප්‍රවීන බ්ලොග් අයියල අක්කල  මට හිනා වෙනවා ඇති] මම මේ ෆීල්ඩයට අලුත්. ඉතින් මේ දවස් වල පටන් අරගෙන කරගෙන යනවා. තවත් දෙයක් තියනවා. මම copy  කරන්නේ නම් නෑ.. එත් ප්‍රවීන blogger ඇත්තෝන්ව ආදර්ශෙට ගන්නවා. එහෙම හොඳයිනේ....
 
මම විශේෂයෙන් ස්තුති කරනවා මගේ  "වින්දික" [ඉස්කෝලේ කල්ලියේ]  සහෝදරයට. මගේ බ්ලොග් එකේ පළමුවෙන්ම මාත් එක්ක ඉන්න කෙනා විදිහට ආවට. වින්දික මචන් උඹටයි මේ මල් මිට.....
 
 
ඉතින් මීට පස්සේ බ්ලොග් එක follow කරන ඈයෝ තරහ ගන්ට එපා.  එයාලට වෙනමම මල් දුන්නේ නෑ කියල. මගේ පලවෙනි follower  තරමටම ඔයගොල්ලොත් වටිනවා. 
කටට හිතට රහට බ්ලොග් එක ලියන්න බැරි උනාට 5 වසරේදී අපේ ටීචර් කිව්වේ මම තමයි ශිෂ්ශත්ව පන්තියේ හොඳම රචනා ලියන්නේ කියල. ඉතින් ඒ ගැම්මෙන්ම මම බ්ලොග් එකත් ලියනවා.
 
උපමා උපමේය අහලකවත් නැති, වක්‍යලන්කාර පේනතෙක් මානෙක නැති වුනාට.. මට ලියන්න පුළුවන් හොඳම විදිහෙන් මම ලියනවා.
 
[කාටවත් හිතල නම් මඩ ගහන්නේ නෑ. වැරදිලාවත් මඩ වගේ දෙයක්  වැදිලා තිබුනොත් පමා නොවී සමාවත් ඉල්ලන්න මේ කොල්ල එවරෙඩි..

මට හිතුනේ මෙහෙමයි.

 මේක නම් මට හිතුන දෙයක්.
 
මම weekend  එකේ ගෙදර යද්දී තමා මේ සීන් එක වුනේ හොඳේ. කොළඹ ඉඳන් 57km  ඇවිත් යන වෙලාවම යනවා ඉතුරු 2km  යන්න. ඔය වෙලාවට තමයි බස් එකේ ඩ්‍රයිවර් එක්ක කෙළගන්න හිතෙන්නේ සින්දු කියන්න හිතෙන්නේ. [අනේ මගේ කට].
ඔන්න ඉතින් වෙලාව උදේ 8.15 ට ඇති.  මේ අහිංසක කොල්ලගේ බලාපොරොත්තු මල් පල ගැන්විලා ඉහේ මල පිපෙන සීන් එක උනේ මෙන්න මේ හෝරාවේදී. වෙන මොන මගුලක් වත් නෙමෙයි. private  බස්  කට්ටක් ස්ටෑන්ඩ් එකට අවා.. හොඳවයින් ඔක්ෂිජන් ටිකක් මගේ පෙනහළු වලට පුරෝගෙන නැග්ග බස් එකට. 8.20 යි වෙලාව, තවම එතනමයි. 8.35 යි. තවම එතන. අනේ ඉතින් 8.40 ට තමා ඩ්‍රයිවර්ට අක්සිලේටර පොල්ල  පාගන්න මතක් වුනේ. මම හිතුව අනේ මු අපි ගැන හිතල මේක කොරා කියල.   මොන........! පිටිපස්සෙන් ලංගමයක් දුම් දාගෙන එනවා. සෑම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් තියනවා කියල 9 වසරේදී ඉගෙන ගත්ත දේ ඇස් පනාපිටම ගම්‍ය වුණා. [බර වැඩිද මන්ද] 
ප්‍රයිවට් බස් එක හැටට හැටේ එනවා.  දැන් මෙහෙම යන අතරමගදී සිරිතක් වශයෙන් මේ ගොල්ලෝ කවුරුත් මග තියන දේවාලෙට පඬුරක් දාල දෙවියන්ගෙන් ආශීර්වාදය හෙම අරන් තමයි  යන්නේ. බස් ඩ්‍රයිවර්ලා කොන්දොස්තරලා ඇරුනම ගොඩක් බෞද්ධයෝ මේ සිරිත කරන්න පුරුදු වෙලා ඉන්නවා.... ඇත්තටම එහෙම කලාම දෙවියන්ගේ ආශීර්වාදය ලැබෙනවා කියන එක කවුරුත් දන්නවා.
 
දැන් සීන් කොන් එක මේකයි.
 
මම යමින් හිටපු බස් එකත් "බ්රාස්" ගාල බ්රේක් පාරක් ගැහුවා,, දේවාලේ ළඟ පිං කැටේ ගාව.  කොන්දා [අපි මෙහෙම කියමු ආදරේට,,, කොන්දොස්තර නම දිග වැඩි හන්ද නෙමෙයි] දඩි බිඩි ගාල බස් එකෙන් පැන්නා. දුවල ගියා පිං කැටේ ලඟට,.. සෙරෙප්පු දෙක  බාගෙට ගලවාගෙන [ඊට වඩා හොඳයි සෙරෙප්පු දාලම ගියා නම්,] සාකුවෙන් කාසියක් අරන් පිං කැටේට දාල පට පට ගාල තුන් පාරක් වැඳලා ඒ වෙනකොට ටික දුරක් ගිහින් තිබුන බස් එකේ ආයේ එල්ලිලා සුපුරුදු කාරිය පටන් ගත්තා.
 
ඇත්තමයි මට නම් මේ සීන් එක දැකපුහම මෙහෙම එකක් මතක් වුණා..
 
මට නිකමට හිතුන අනේ දැන් මේ කොන්දා මොනවා ප්‍රර්ථනා කරන්න ඇත්ද පඬුර දාල කියල...
 
මට හිතුනේ මෙහෙමයි.
 
"අනේ දෙවියනේ වැඳ වැඳ ඉන්න වෙලාවක් නෑ... පිටි පස්සෙන් ලංගමේ එනවා.. පරක්කු වුනොත් අද ට්‍රිප් එකෙන් වැඩක් නෑ.. ඒක  හන්ද මට පට පට ගාල මේ පඬුර වෙනුවෙන් පිහිට වෙලා  ආශීර්වාදය දීල ඉස්සරහින් නගින්න ඉන්න ලංගමේ කෑලි ටිකත්  මේ බස් එකටම සෙට් වේවා........."
 
මට නෙවෙයි මේක දකින ඕන කෙනකුට එහෙම හිතෙන එකත් හිතෙනවා. ඒක මට ෂුවර්..
 
අනේ ඉතින් .... ජීවන තරඟය....මෙහෙන් මිනිස් ජීවිත... අරෙහෙන්  සදාචාරය මේ ඔක්කොම එකකට එකක් අනුගත වෙන දිනයක් නම් කවදා එයිද ?
 
අන්න එදාට ඔබෙත් මගෙත් රටෙත් අනාගතේ සුපිරිම සුපිරි වෙයි     
මම නොදැක්කට ඕවගේ දේවල් තව රටේ කොතනත් වෙනවා.
 
පඬුරක් නොදා හිතින් හිතුවත් ඇති පිහිට ලැබෙන්න කියල [ පඬුරු නොදැම්මට දෙවියෝ තරහ වෙන්නේ නෑ]

මෙහෙම කරද්දී ලැබෙන ආශීර්වාදෙත් නොලැබෙන ඒක අහන්නත් දෙයක්ද. ?
 
හිතන්න දේවල් ගොඩයි. ඉතින්  හිත හිත ඉන්නකෝ

Friday, January 20, 2012

ලත් තැනම ලොප් වුන මගේ ප්‍රේමය

ඔන්න ඉතින් මේක තමයි මගේ පලවෙනි පොස්ටින්ග් එක.

මේක මට වෙච්ච සිද්ධියක්.

මම සාමාන්‍ය පෙළ කරන කාලේ English වලට Class ගියේ බුලත්කොහුපිටිය කියල නගරයක තිබුන පන්තියකට. ගෙදර ඉඳන් අම්බානක දුරයි උනත් යන්න වෙනවා මොකද මට ඒකාලේ English උණක් තිබුන. අනික කොහොම හරි exam එකට "A" එකක් ගන්න මාරම මාර ට්‍රයි එකක් දුන්න. ඔන්න ඉතින් class එකේ අපේ ස්කොලේ මගේ ෆිට් යාලුවෙකුත් හිටිය අසේල කියල. මේ ලඟදි ඌව contact කරගන්න බැලුව. වැඩේ හරි ගියේ නෑ. ඔන්න ඉතින් අපි දෙන්න class එක පටන් ගන්න කලින් පස්සෙම පෝලිමට වෙලා ඉඳගෙන ඉන්නවා. කයිවාරු ගහ ගහ.. "පයිතගරස් නම් මහා පිස්සෙක් බන්. අයිසැක් නිව්ටන් ඊට හපන්" [කොහෙද ඉතින් ගණන් බැරි වුනාම පයිතරස් පලියි.. විද්‍යාව බැරි වුනාම නිව්ටන් පලියි.] ඔය වගේ අනම් මනම් වල්පල් තමයි අපේ subject වෙන්නේ.
කොහොම හරි ඔහොම ඉඳගෙන ඉන්නකොට කෙල්ලෙක් එනවා පේනවා. අපි හිටියේ දොර ලගම තියන බංකුවේ.
මෙන්න බොලේ කරුමෙක මහත. මෙන්න මේකී අපි දිහා බැලුව [අපි දිහා කීවට මං දිහා :P]. මේ දවස් වල මල් සරා හූ කියා කියා අපේ දිහා නක්කලේට වගේ බල බල දුවන කාලේ.
කෙල්ල බැලුව විතරයි තිබ්බ නේද මල් සරා එපා කියද්දී මගේ පපුව මැදටම හෙන තඩි ඊතලයකින්. මොන කරන්නද දැන් ඉතින්....

සංසාරේ අපටමයි වෙන්නේ කියල එදා ඉඳන් ගේමට බැස්ස. කොහොම කොහොම හරි අවුරුද්දටම එකම එක දවසයි class එක cut උනේ. එත් මාරම මාර අප්සෙට් එකකින් තමයි. එත්වෙන පන්තියක් එදාට දාල. ඒත් අනිත් හැම දවසෙම ගියා. දැන් මම හැමදාම කලින් නැගිටලා හැඩ වැඩ වෙලා පන්ති යනවා. ආදරේ කොච්චර දෝර ගැලුවත් හාල් පොතට වගේ තිබුනේ හම ගියපු ඩෙනිම් දෙකකුයි t-shirt කෑලි දෙක තුනක් විතරයි. ඕක ඇඳගෙන ගිහින් ඉතින් අරුත් එක්ක [අසේල]. පිස්සු තමයි කියවන්නේ. මොන වුනත් exam එක ගොඩ දාගන්න අපි දෙන්නටම මාර ඕනේකමක් තිබුන.

ඔන්න දැන් කෙල්ලත් ටික ටික මට ටින් ටින් වේගෙන වගේ යන්නේ. අසේලය කියනවා "මචන් කෙල්ල උඹට answer වගේ, තව පොඩ්ඩක් බොක්කෙන් කරපන්" කියල.
මූ පිස්සු කතා කරනවා, මගේ බොක්කෙන් විතරක් නෙමෙයි ආමාශේනුත් ආදරේ දොරේ ගලනවා.[වයසේ වැරැද්ද ] ...

තීරණාත්මක දවස

ඔන්න ඉතින් අද නම් ආදරේ යුද්දේ ප්‍රකාශ කරනවා කියල හිතාගෙන පන්ති ගියා. එදා class එකට අලුතෙන් කොල්ලෝ දෙන්නෙකුත් ඇවිත්. උන් දෙන්නගෙන් එකෙක් මං ලඟයි අනිකා මට පිටිපස්සෙනුයි ඉඳගත්ත. එදා සර් අපට පේපර් එකක් ලියන්න දීල bank එකට ගියා ටක් ගාල එන්නම්  කෑ නොගහ පේපර් එක ලියන්න  කියල. අනේ පව් සර්.
සර් පව් කියල හිතුනේ සර් අපි ගැන හිතන් ඉන්න හැටි හිතිලා. අපිනේ දන්නේ අපේ උන්ගේ  පැටිකිරිය
මගේ හිත ගත්ත කෙල්ල ඉඳගන්නේ කෙල්ලොන්ගේ පේලියේ ඉස්සරහම. අපි ඉන්නේ අනිත් පැත්තේ පිටිපස්සෙම දිගම බංකුවේ. මට දර්ශනේ  [එයාව = කෙල්ලව ] හොඳට පේනවා. පේපර් එක පැත්තකින් තියල මම මගේ පෙම දිහා බැලුව. දෙන දෙයියෝ ගෙටම ගෙනත් දෙනවා කියන්නේ මේකට තමා. කෙල්ල මට මොකක්ද කියන්න හදනවා. අම්මේ මගේ හිතේ සන්තෝසේ වැක්කෙරෙනවා. බිම දිගේ ගලාගෙන යනවා. [වැරදියට හිතන්න එපා ඉතින්] මම shape එකේ අසේලයට කිව "මචන් මම enter වෙන්නත් කලින් ඒයා enter වෙන්නයි යන්නේ. එයා හරි ෆොර්වර්ඩ් වගේ මචන්" කියල.

"මචන් අද මල් සරා උඹට හොඳ පාඩමක් උගන්වනවා" කියල අසේලය මට නොන්ඩි බැල්මට් එකක් දැම්ම... විනාඩියක් විතර පේපර් එකේ කුරුටු ගාල ආයෙම බැලුව. මෙන්න මෙයා ආයෙම හිනා වෙනවා. එතකොටම අසේලය මට කනට කරලා කියනවා

"මචන් shape එකේ පිටිපස්ස බලපන්" කියල. මමත් නිකමට වගේ බැලුව. ඉවරයි ඉවරයි. මාස 4 ක් පුරාවට බ්ලොක් ගල් ඇදල ඇදල කොන්ද හම ගහගෙන හදා ගත්තු මාලිගාව දඩන් බඩන් ගාල ඔලුවටම කඩාගෙන වැටුන.
අලුතෙන් අව කොල්ල මගේ ඔලුවට උඩින් එයාට [මගේ වෙන්න හිටපු කෙල්ලට] message යවනවා. එයා [මගේ වෙන්න හිටපු කෙල්ල] ඒවාට reply දෙනවා.
මම wrong number එකකට රැවටිලා... අනේ ඇත්තට මේ කෙල්ලෝ. මේකා එක්ක යාලු වෙලා ඉඳගෙනනේ මටත් පනාව දාල තියෙන්නේ.
නුඹ නාඩන් නුඹ නාඩන් නුඹට ඕව හොඳ පාඩම්. අවසනාවක මහතතතතත.......... අද මේකා පන්ති ඇවිත් තියෙන්නේ දඹුලු ගිහින් අර මොකාදත් මරාගෙන එන්න වගේ තමයි.
එතකොටම සර් අව. මගේ ඇස් බොඳ වෙනවා අසේලය දැකලද කොහෙද පිටට තට්ටුවක් දාල දැන් ඉතින් හිත හදා ගනින් මචන්.. දුක තමා කියල කියනවා වගේ
මං දිහා දුක හිතෙන බැල්මට් එකක් දාලා පේපර් එක ලියන්න ගත්ත. මට මොන පේපර්ද. අසේලය එපා කියද්දී සර් එහා මෙහා වෙනකන් ඉඳල පන්තියෙන් පැනල ගෙදර ආව.
ලත් තැනම ලොප් උන මගේ ප්‍රේමය.... එදායින් අවසන් විය.

අහ් එයාගේ නම කියන්න බැරි උනානේ එයා "ධනුෂි "

සුන්දරම සුන්දර ඒ අතීතය නැත්තම් අපිට අද පිස්සු හැදිලා. 

හා නැද්ද හා..........?

අයෙත් මේවගේ අන්දරයකින් හම්බෙමුකෝ.......

Thursday, January 19, 2012

දෙයියනේ කියල පටන් ගත්ත

මේ දවස් වල බ්ලොග් එකේ layout  එක හදාගෙන යනවා.
ළඟදීම වැඩකිඩ ටික බල ගන්න පුළුවන් වේවි.
කලින් දාපු posting  ටිකත් remove  කරලා මුල ඉඳන්ම පටන් ගන්නයි යන්නේ.