My name is රයිටර් who writes, some kind of ඇවටියෙල් stories..

Wednesday, January 9, 2013

ඇඩෝව් එතකොට උඹ බිහිවුනේ ස්පෝථනයෙන්ද.....?


හා හපුරා කියලා නමෝ විත්තියෙන් අලුත් රස්සාවට යන්න අම්මා හදපු චිකන් හොද්ද එක්ක කිරිබත් කෑල්ලක් හෙම කාලා රම්බායි මමයි රාහු කාලේ පන්නලා දකුණු කකුල පෙරට තියලා ගේ ඉස්සරහ පාත්තියේ තිබුන බට් කෙහෙල් පඳුරටත් මන්නෙන් කොටාගෙනම ගියේ තියන වස් දොස් කුඩු කැවුතු වෙලා යන්න. පුරුදු පාර මගෑරලා කැලෑ පාරකින් වහන් වෙවී එන්.ජී.ඕ. ඔෆිස් එක පැත්තට යමන් කියලා රම්බා කිව්වේ  උදේ පාන්දර මොකෙක් හරි කුඩුකේඩුවෙක් මුලිච්චි වුනොත් සුභ ගමන එහෙම්පිටින්ම චකබ්ලාස් වෙයි කියල බය වුන හින්දා වෙන්න ඇති. හන්දියෙන් වීරේ මාමවත් දක්කගත්තාම එතන ඉඳන් එන්.ජී.ඕ. ඔෆිසියට රුපියල් පහේ අයිස් පැකට් එකේ දුරක් තියෙන්නේ. දකින මුස්පේන්තු ඩයල් එකක්  දැකල කටකැඩිච්ච කතාවක් කිව්වොත් ඒ හරියේදී තමා.

"රයිටර්...?"  හෙන නිහැඬියාවක වේලිලා, ඇඹරිලා හිටපු රම්බා ගේ වොයිස් එක.

"හ්ම්.........?"

"උඹ දන්නවද වැඩක්......?"

"කාගේද......."

"අපේ ලොක්කගේ......උඹ කාටවත් කියනවාහෙම නෙවෙයි ..."

"නෑහ්...පිස්සුද මම කියනවද බං .... මොන ලොක්කද ඉතින් ඔය....?"

"ඔව් බං.....බලපන්කො මගේ නම්බරෙත් තියනවා බං...ප්‍රසිඩන්ට් ගාව....මට අලුත් අවුරුද්දට විශ් කරලා සුභ පැතුමක් එවලා.

"හෑ....ඉතින් ඉතින් උඹත් රිප්ලයි කරාද......? !" උගේ වදන් ශ්‍රවන ගත වෙලා  බඩ බුරුල් වේගෙන වගේ ආවයින් මම හිනාව නවත්තගත්තේ දත්මිටි කාලා.

"එහෙනම් එහෙනම්....මමත් මැසේජ් දෙකක්ම යැව්වා වැඩිය යවලා කරදර කරන්නත් හොඳ නෑනේ... ඉතින්  එකක් විශ් කරලා යැව්වා.. අනික පොඩි ඉල්ලීම් ටිකක් කෙටියෙන් ලියල යැව්වා"

"හෑ.... ඉතින් මොනවද ඉල්ලපු ඉල්ලීම්....?....ඒවටත් රිප්ලයි ආවද.....?"

" අපේ පාර කොන්ක්‍රීට් කරලා දෙන්න සල්ලි පාස් කරන්න කියලා, අනික ගමේ එවුන්ට ජීවත් වෙන්න අමාරුයි පොඩ්ඩක් ඒ ගැන හිතලා  ගන්න තීරණයක් ගන්න  කියලා, තව ඔය ඔය වගේ මානුශවේදී ඉල්ලීම් ටිකක් යැව්වා...එදා පැය ගානක් නෙට්වර්ක් බිසීනේ බං....රිප්ලයි එවන්න ඇති..හැබැයි මට ආවේ නෑ"


අපි එන්.ජී.ඕ. ඔෆිසියට කිට්ටු වෙද්දී එතන යමර යුද්ධයයි. කට්ටියක් බෝඩ් ලෑලි උස්සගෙන පෝලිමට ගිහින් බස් එකකට ගොඩ වෙනවා. තවත් පෝලිමක් රුපියල් පන්සීය ගන්න පොත අත්සන් කරලා බත් පැකට් එක ගන්න කවුන්ටරේ දිහාට දුවනවා. අපිත් දඩි බිඩියේ දුවලා ගියා පෝලිම මැදට. පොත අත්සන් කරලා බත්මුලත් අරගෙන බෝඩ් ලෑලි දෙක තුනත් කිහිලි ගහගෙන බස් එකට නැග්ගා. අපිත් එක්ක හිටපු තව සෙට් එකක් වෙන දිහාකට ගියා වෙන තැනක කුලියට කෑගහන්න.  බස් එකේදී එන ගමන් එන්.ජී.ඕ. එකේ ලොක්කා අපිට හෙන දේශනයක් දුන්නා.

"මෙහෙමයි.....තමුන්ට කරන්න තියෙන්නේ  අපි ගිහින් දාන තැනට ගිහින්, මේ පත්‍රිකාවේ තියන විදිහට මරාගෙන මැරෙන ඇක්ටින් එකක් මුනට අරන් ගිරිය පුප්පගෙන කෑ ගහන එකයි..බිම පෙරලිලා වැඩිපුර සෙල්ලම් දාන උදවියට එක්ස්ට්‍රා ස්පෙෂල් පේමන්ට් එකක් කරනවා ඒ අයගේ පර්ෆෝමන්ස් බලලා.. ප්‍රොටෙස්ට් එක වෙලාවේ මොකා මයික් එකක් කැමරාවක් දික් කරගෙන ආවත් කියන්න තියෙන්නේ අපිට ලොකු අසාධාරණයක් වෙලා තියෙන්නේ, අපි ඒකට විසඳුම්, අදාළ පාර්ශවෙයෙන්  දෙනකම් අපි අඛණ්ඩ උද්ගෝෂණයේ , ඒ වගේම අපේ ඉල්ලීම් සපුරා නුදුන්නොත්  අපි මැරෙන්න උනත් සුදානම්  කියලා..උන් උඹලගේ උද්ගෝෂණයට හේතුව හාර හාර අහනකොට උඹලා නොඇහුනා ගානට ඉඳපල්ලා"

ලොක්කා බලාගන්න කියලා අතට දුන්න පත්‍රිකාව ඉරලා, කටේ දාලා ගුලි හදලා බස් එකේ වීදුරුවෙන් මගදිගට හිටපු පාරේ කෙල්ලන්ට, ඇන්ටිලට  ගහ ගහ ගිය රම්බාට ඔය කිව්ව එක වචනයක් ඇහුනේ නැති බවට මට සීයට අසූ හාරදාස් එකසීයයි සත පනහක්  ෂුවර්. ඌ රස්සාව හොයල දීපු එකේ ගෞරවේවත් තියන්න ඕනේ හින්දයි මම එවලේ ඩෙනිම කරට නොගෙන හිටියේ. කොහොමෙන් කොහොම හරි බහින තැන කිට්ටු වෙනකොට රම්බා උගේ පත්‍රිකාවටයි, වීරේ  මාමගේ පත්‍රිකාවටයි, මගේ අතේ තිබ්බ එකෙන් බාගේකටයි බඩු මැන්ගුස් කරලා.

කට්ටිය බස් එකෙන් බැහැලා බෝඩ් ලෑලි උස්සගෙන ගිරිය යටින් බලිය බලිය පාර අයිනට ලයින් කළා.. සමහරු බිම පෙරලීගෙන කෑගහනවා, සමහරු ඔලුවේ දෑත බදාගෙන, තව එවුන් ටිකක් ටයර් පුච්චනවා.  අපි එතනට යන්නත් කලින් ඇවිත් හිටපු මීඩියා නංගිලා, මල්ලිලා මයික් කැමරා  අල්ල අල්ල කෑ ගහන එවුන් පස්සෙන් පන්නනවා වොයිස් කමෙන්ට් ගන්න. ඔය අතරේ වීරේ මාමා කැමරාවකට කඳුළු පෙර පෙර කුලියට අඬනවා මම යාන්තමින් දැක්කා. වීරේ මාම වැඩේ වැඩේ අතැරලා නෑ, ස්පෙෂල් පේමන්ට් එක ගන්න වෙන්නැති  උන්දෑගේ කල්පනාව.

"අනේ අයියේ ප්ලීස්...ඔයාවත් පොඩි කමෙන්ට් එකක් දෙන්න.." සුන්දර සුකුමාල කෙල්ලෙක් දුවගෙන දුවගෙන මං ගාවට ඇවිත් හීනියට හිනා වෙලා යටි තොල හපාගෙන ඇස් කොනකින් මා දිහාම බලාගෙන හිටියා. අහෝ..!!!....සීමා මායිම් නැති මගේ උත්කෘෂ්ට කවි හිත තැන නොතැන බලන්නේ නැතුව බස බස බස ගාලා මෝදු වෙන්න ගත්තා, අක්මාව ටින් ටින් ගෑවා..මගේ දකුණු වකුගඩුව වගේ ඉන්න දිලූ කෙල්ලට ද්‍රෝහී වෙන්න බැරි හින්දා දත්මිටි කාගෙන කටට ආව කවි පද ටිකත් කෙල ගුලියක් එක්ක ගිල්ලා.

"ආ..ආ..ආ...ඔව් නංගි..කියන්න"

"අනෙහ්..... ඔයා....හොඳ.... අයියා........මෙහෙමයි අයියේ...මට දැනගන්න ඕන ඇයි ඔයාලා මේ විදිහට ප්රෝටෙස්ට් කරන්නේ"

"කොටින්ම කියනවනම් අපිට ගෙවනවානේ"  හුටා...කියවුනා .!!

"හෑ...! ගෙවනවා...?...එතකොට ඔයාලා කුලියටද මේ ප්‍රොටෙස්ට් කරන්නේ...?" කෙල්ලගේ ඇස් දෙක ඔලුවේ තිබ්බ බෑන්ඩ් එක දිහාට ගියා.

"හාහ් හාහ්.... හා.....හූඌ.....හූ....කෙල්ල රැවටුනා....යේ...යේඒඒඒ...මං වීළුවක් කලේ......" මම ප්‍රථමික ලෙවල් එකේ විහිළුවක් කලේ සැදැහැ සිතින් වුනාට මේකි ඒකට රෙස්පොන්ස් කලේ පට්ට පදිරි විදිහට.

"හඅ...එන්න එපා ඔව්වට...මම පත්තරේට ලියනවා වොයිස් කමෙන්ට් එක ගන්න අතරේ මට බලහත්කාරකම් කළා කියලා හඅ....!!" කෙල්ල මාව ආමාශ ගත කරන ටයිප් එකකින් බලාන හිටියා. සකල බුජං කොට කලිසන් කියන්නේ ඔව්වට තමයි.. යකෝ මේක හරි කෙළියක්නේ.

"ඇත්ත වශයෙන්ම නංගි.." මම වචනේ දැම්මා...කෙල්ලට කඳුළු පනින සයිස්. "කාලාංතරේක ඉඳන් ඉතිහාසගතවන උද්ධමන රටාවකට අනුපාතිකව සමානුපාත වන ඒක පුද්ගල දල ජාතික නිෂ්පාදනයේ සර්ව අයිතිය පුද්ගලයන් අතරේ සම සමව නොබෙදීම නිසා තමයි මේ අවිධිමත් ගැටළු හට ගන්නේ...මේකට පිළියම් හොයන්න ගූගල් එකේ "සෙක්ස්" කියල ගහල සර්ච් කරාට හරියන්නේ නෑ..විසඳුම විදිහට අපි සියලු ජනයාගේ වාර්ගික වස්ත්‍ර අමු අමුවේ නිර්වස්ත්‍ර කරලා මේ ලෝකය සකල විශ්ව ගම්මානයක් කරන්න ඕනේ.." මගේ කමෙන්ට් එක ලියාගෙන කෙල්ලගේ කට දෙකොන  කරාඹු දෙකේ ගෑවෙන සයිස්....

"බොහොම ස්තුතියි අයියේ බොහොම ස්තුතියි"

ඔය අතරේ ආතක් පාතක් නැතුව කෑ ගහ ගහ හිටපු රම්බා ගාවට අර කෙල්ල මයික් එක අරන් ගියා..මමත් බෝඩ් කෑල්ල උස්සගෙන ඒකි පස්සෙන් ගියා.

"...එක්ස්කියුස් මී...මිස්ට අයියා.....මට මේ ව්‍යාපාරේ පිළිබද පොඩි කමෙන්ට් එකක් දෙන්න පුලුවන්ද"  රම්බා පැණි හිනාව දාගෙන විරිත්තාගෙන කෙල්ලට කමෙන්ට් එක දෙන්නයි හදන්නේ.

"යැස් නංගි කියන්න...."

"ඇයි ඔයාලා මෙහෙම ප්රෝටෙස්ට් කරන්නේ....ඔයාලගේ අරමුණ මොකක්ද....?"

"සල්ලි නංගි සල්ලි...."

"හ්ම්...මට පැහැදිලි මදි"

"මෙහෙමයි....මම නංගිට මේ වගක් කිව්වා කියලා කාටවත් කියන්න එපා..,දැනට මෙතන ඉන්න ඔයා වගේ අහිංසක දෙතුන් දෙනෙක්ට විතරයි කිව්වේ...අපි අහවල් එන්ජීඕ එකෙන්..ඊසි ගතමන්ට් එකක් ගන්න ලේසි චාන්ස් එකක් සපයල දෙන සංවිධානයක්..නංගි මොකෝ කියන්නේ....ඔය මයික් අල්ලාගෙන හන්දියක් හන්දියක් ගානේ ප්රොටෙස්ට් කවර කර කර චාටර් කනවට වඩා මේක ලේසියි."

"ඈ.....සිරාවටමද අයියේ....සත්තයි කියන්න...?"

"සිරාගේ ගෑනි පල්ලා නංගි....සීරියස්..."

කෙල්ල වටෙන් ගොඩෙන් රම්බාට පානිය දාලා ඔක්කොම විස්තරේ අහගත්තා කියලා තේරුනේ කෙල්ල අන්තිමට දාපු  කිනිසි ටෝක් පාරට...

"අයියේ මේ මාධ්‍ය මර්ධනය කරන්න එන්න එපා හරිය....මම මේ ඔක්කොම පත්තරේට ලියනවා.." කියලා කෙල්ල හෙන කින්ඩි හිනාවක් දැම්මා. රම්බාට කට උත්තර නෑ...

"නොලියා ඉන්න පුළුවන් මේ දැන්ම රුපියල් දෙදාහක් දුන්නොත්...නැත්තම් හෙට පත්තරේ පොටෝ පිටින් වැටෙයි විස්තරේ....ආ.. " කෙල්ලගේ හයිරම් ටෝක් එකට රම්බා සරෙන්ඩර්..."

ඔය අස්සේ එතනට ආව එන්ජීඕ එකේ ලොක්කට රම්බාගේ සීන් එක මාට්ටු වෙලා උගේ ගැන් එක ඇවිත් අපි දෙන්නව බෙල්ලෙන් ඇදගෙන පැත්තකට අරන් ගියා...වීරේ මාමගේ පුරුවේ පිනකටද කොහෙද මිනිහට වැඩේ අල්ලලා ගියා.


"ඇඩෝව්.....තොපිලා වගේ ආතක් පාතක් නැති එවුන්ට රස්සා දෙන්නවට අපි පොලවේ පස් කන්න ඕනේ ඩො..."

"ක....ක.....කවුද ආතක් පාතක් නැති එවුන්...මේ අපිද.....අයියා හිතුවද අපි සුළඟ මගින් බෝවෙන එවුන් කියල ආ...ගැහුවට කමක් නෑ කැත කතා කියන්න එපා හරි..." රම්බාගේ මොරාල් එක අප් වෙලා..

"ඔව් ඩො තොපි සුළඟ මගින් බිහිවුන එවුන් තමයි......කපනවා දැනගන් "

"එතකොට අයියා බිහිවුනේ ස්පෝථනයෙන්ද.....?" රම්බා ඇහුවා....

අපිට සද්දේ දාපු එකා  ස්පෝථනයෙන් බිහිවුනේ කොහොමද කියලා එක එක  අසභ්‍ය ගනයේ  චිත්ත රුප මැවෙන අස්සේ අරුගේ යටි බඩට දෙකක් ඇනලා අපි හුවකුත් තියල පන එපා කියලා දිව්වා.  මග දිගට දුවන ගමන් කල්පනා කලේ රම්බාගේ කුප්ප කතාව. මතුපිටින් සරල සුගම වුනාට කොච්චර ගැඹුරු තේරුමක් තියද අම්මාපා. ඒ ගැඹුරේ දිග පළල විෂ්කම්භය මගේ කවි හිත පුරාම ඇඳුනා.

දෙයියනේ එතකොට ස්පෝථනයෙන් බිහිවුන එකාගේ උගේ අප්පොච්චා....!!!