Tuesday, August 21, 2012

බිලිපූජාව

හිටි හැටියේම අපේක්ෂා නොකළ වැස්සක් කඩා පාත්වුණද පෙර සිටම සුදානමක් ඇතුව අප විසින් එළඹී සිටි සම්මත සැලසුම වෙනස් කිරීමට පේද්‍රික් උන්නැහේගේ කැමැත්තක් නොවීය. එබැවින් ඔහුද මාද පීටර්ද ඇතුළු අප තුන් කට්ටුවට සිහින් පොදයේ වුවද එකා පසු පස එකා වැටී වන ලැහැබ තුලට පිවිසියෙමු. ගොම්මන් අඳුර කැලෑව පුරා අරක්ගෙන කෙමෙන් රාත්‍රිය බවට පරිවර්තනය වෙමින් සිටිද්දී අත වූ විදුලිපන්දමේ එළියෙන් පේද්‍රික් උන්නැහේ විටින් විට යමක් මතුරමින් ඉදිරියෙන්ම ගමන් කළේය. ඔහුට පසුව මාද මගේ පසුපසින් පීටර්ද ඔහුව අනුගමනය කළෙමු. පේද්‍රික් උන්නැහැගේ දකුණු උරයේ රැඳී තිබුනේ යක් බෙරයක් විය යුතුය, එසේත් නැතිනම් එය කුමන සම්ප්‍රදායට අයත් එකක් දැයි නිශ්චිතවම හඳුනා තහවුරු කරගැනීමට තරම් එවලෙහි මගේ කල්පනාව නිරවුල්ව නොවිණි. ඇදහැළුණු වර්ෂාව නිසා මුකලාන තුල පැවතියේ ගත හිරිගඩු නංවන තරමේ සීතලකි. වැස්සෙන් ලද ජීවයෙන්  පණ ගැසුණු කැලේ වීරයින් ප්‍රීතිඝෝෂා නංවද්දී එයින් මා ඇතුළු පිරිස අපමණ අපහසුතාවයකට පත්වුනා යයි කලින් මට සිතුනද, මා හැරුණු කොට අනික් දෙදෙනාට එය සැලකිය යුතු දෙයක් නොවුණු බව පසුව මට ඒත්තු ගියේය.    තෙතමනයෙන් යුක්ත පඳුරු අතරින් රිංගා යන විට සීතල වතුර බිඳිති කමිසය තුලට කිඳා බැස්සේ ඉතා ආක්‍රමණශීලී ලෙස බව මට හැඟුනි. වැහි කබාය අතපසුවීමේ විපාකය තදින් අත්විඳිමින් සිටි මට අද පැමිණි ගමන පිළිබද යම් අවිනිශ්චිත හැඟීමක්ද ඇතිවිය.


"ෂ්....ෂ්..ෂ්." හිටි හැටියේ ඉද්ද ගැසුවාක් මෙන් නතර වූ පේද්‍රික් උන්නැහේ යම් අනතුරක සේයාවක් හැඟවීම නිසා මගේ කල්පනාවද බිඳවැටුණි.


තනියා...තනියා....ෂ් .....ෂ්....ෂ්....! පේද්‍රික් මුවට ඇඟිල්ල තබා රහසින් පවසන්නට ඇතැයි මම නිගමනය කලේ ඔහු එය පැවසු ලතාවටත්, එවකට විදුලිපන්දමත් නිවාදමා තිබු නිසාත් කෑලි කැපෙන අඳුර එකිනෙකාගේ මුහුණු හඳුනාගත නොහැකි ලෙස ඝනව පැවතුනු නිසාත්ය. පේද්‍රික් මන්තරයක් මතුරන්නට ගත්තේය. මාද පීටර්ද තුෂ්නිභුතවී නොසෙල්වී සිට ගැහෙන හදවතින් යුතුව දෙවියන් යැද්දෙමු. මහා ඝන කැලෑවක් මැද අවාසනාවන්ත ලෙස අකාලයේ ජීවිතයෙන් සමුගැනීම කිසිසේත් මා සිහිනෙන්වත් නොපැතූ දෙයකි.


හරි බයවෙන්න කාරියක් නෑ...තනියා මගෑරුනා..... ආ...! මේ පිරිත් නූල අල්ලගත්තනම්, පේද්‍රික් පැවසීය. ඔය නූල පංචස්කන්ධයේ ගෑවිලා තියනකම් බයවෙන්න කාරියක් නෑයි කියමින් නුලේ එක කොනක් පේද්‍රික් අල්ලාගත්තේය. අගම කොටස පීටර් අල්ලාගත් නිසා මැදින් ගමන් කල මා එය මැදින්  ගෙන මහපට ඇඟිල්ලේ තදින් වෙලාගෙන ගැටයක්ද ගසාගතිමි. අප තිදෙනා එකම සියුම් නුලකින් එකිනෙකාට සම්බන්ධ වී තිබුණි, එය එක්තරා විහිළුවක් ලෙස හැඟුනද එයින් සිතට තරමක් දුරට සැනසිල්ලක් උදාවුයේ පේද්‍රික්ගේ සහජ හැකියාව පිළිබද මසිතේ සැකයක් නොවුන නිසාය.


පැයක් පමණ නොනැවතී ගමන් කිරීම නිසා මගේ දෙපා බොහෝසෙයින් කකියන්නට විය. කුඩැල්ලෝ ගුලියක් බූට් සපත්තුව ඇතුලේ නලියන බව දැනුනත් වේදනාව විඳදරා ගමන් කරනවා හැරුණුකොට විකල්පයක් නොවුයේ වැස්ස අපේ කාලයෙන් බොහෝ ප්‍රමාණයක්  ඒ වනවිටත් පැහැරගෙන තිබුන නිසාවෙනි. ප්‍රමාදවී සියලු බලාපොරත්තු සුන්කරගෙන හිස් අතින් ආපසු යනවාට වඩා සුළුවෙලාවක් ඉවසාදරාගෙන අභිමතාර්ථය ඉෂ්ට කරගෙනම විනා නැවත ආපසු නොයාමට මගේ සිත ධෛර්යසම්පන්න කරගතිමි. එක වරම, නිහඬතාවය බිඳිමින්.....කුක්කු.....කුක්......කූ.......!!!  කුකුලෙක් මා කරලාගෙන සිටි මල්ල මත හිඳ හඬලන්නට වුයෙන් මා අඩියක් ඉදිරියට විසිවී ගොස් පේද්‍රික්ගේ ඇඟේ හැපුණි.


"බය වෙන්න කාරියක් නෑ, මහත්තයා....මන්තරයකින් සිහි විසඥ කරපු කුකුලෙක් මම පන් පෙට්ටියකට දාල මහත්තයාගේ ගමන් මල්ලට දැම්මා. අපි සුනංගු වෙච්ච හන්දා නියම වෙලාවට කලින් කුකුල් නාම්බට සිහි ඇවිල්ලා. අපි හරිනම් මෙලහකට වැඩ කටයුතු පටන් අරන් තියෙන්න ඕනේ.  නාම්බා පණපිටින් කුදලාගෙන ආවොත් උගේ කෙකරගෑවිලලට අපිට ගමන යාගන්ඩ වෙන්නේ නැති හන්දා සිහි විසඥ කොරලා ගෙනාවේ. තකහනියේ ආවහන්ද කලබලේට මට ඕක මහත්තයාට කියාගන්න වෙලාවත් තිවුනේ නෑ"


තවත් අඩහෝරාවක් පමණ ගමනේම ගෙවා දණක් ගැඹුරු ඇලපාරකින් එගොඩවී පියවර කීපයක් ගිය පසු ගස්කොළන් නොවැඩුණු කවාකාරව පිහිටි බිම්කඩකට අවතීර්ණ වීමු. නටබුන් වී ගිය ගල්කණු කීපයක්ද, ශේෂව ගිය පිළිමයක යයි සැලකිය හැකි ශිලා නිර්මානයක සුන්බුන්ද තැන තැන විසිර තිබුණි. ඊට අමතරව මහා ගුප්ත බවක් මුළු වටපිටාවම ගිලගෙන තිබිණි.  පුරාණයේ ඇදහීමකට ලක්වූ දේවාලයක ස්වරුපය මට සිහි විය. ඒ අසලම පිහිටි කළුගල් පර්වතය පිහිටියේ අමුතුම හැඩයකටය.  විෂ්කම්භය මීටර් අටක් පමණ වූ කවාකාර  භුමිය මත ඇවිදන කල එතුලින් බොල් හඬක් නැගිණි.  මහා කැලය මැද මෙවන් ස්ථානයක් දැකීමෙන් මගේ හිත කුතුහලය මිශ්‍ර ත්‍රාසයකින් ඇවිලී ගියේය.


"හරි එහෙමන් තවත් සුනංගු නොවී කාරිය පටන් ගමු. පේද්‍රික් කිවේය. කෝ මහත්තයාගේ මල්ලත් මෙතනින් තියන්න පරිස්සමෙන්, මම කළමනා ටික ලැස්ති කරනකම්..  ම්....  පීටර්....එතකන් අර ඉපල් කෑල්ල අරන් මෙතන ගල් පෘස්ටේ  මතුවෙනකම් පෑදුවනම් වටේටම කොලරොඩු  ටික අයින් කරලා.


මා ගමන් මල්ල එතනින් තබා නොයිවසිල්ලෙන් එතනින් මෑත්වී මගේ බුට් දෙක ගැලවුයෙමි. වතුර වලටම තැම්බී ගිය දෙපතුල් සුදු පැහැයට හැරී මදිපාඩුවට සෑම ඇඟිලි කරුවකම පාහේ  කුඩැලලන් ගුලියකින් පිරි තිබිණි. මම මහත් අපුලකින් කුඩැලලන් එකින් එක ගලවා විසික් කලෙමි. මා එම කාරිය නිමකර ඉවර වෙනවාත් සමගම වාගේ පේද්‍රික් මල්තට්ටුවක් දොලපිදෙනියක් ඇතුළු අවශ්‍ය සියල්ල සුදානම් කර තිබුණි. දෙපයින් ගලන රත් පැහැති රුධිරය වලක්වාගන්නට වෙනත් විකල්ප ක්‍රමයක් නොවුණු නිසාවෙන් මම පත්තර කඩදාසියක් පුළුස්සා අළු ඇඟිලි කරු අතර රුවා ගතිමි.


"හරි මහත්තය එහෙනම් මම දැන් මතුරන්න පටන් ගන්නවා. කොහොමත් ඒකට පැයක් විතර යයි..  . අද වැස්ස වැහලා දැන් හඳේ සේයාවක්වත් නොවුනට  හරියටම 12.01  ට හඳේ චායාව මතුවෙනවා...පුස්කොල පොතේ තියෙන්නේ එහෙමයි....ඊට පස්සේ ඒ මෝදුවිල්ල 12. 17 වෙනකම්  තියනවා. මතුරලා මතුරලා හඳ මතුවෙනවත් එක්කම මට සිහිය නැති වෙනවා, එතකොට මම මල් තට්ටුව ගාව වැතිරෙනවා.පීටර් මගේ උදව්වට ඉන්නවා.   මහත්තයට තියෙන්නේ ඒ මිනිත්තු 16 ඇතුලත මේ කණ්ණාඩිය හඳ එලියට අල්ලලා එකෙන් වැටෙන එලිය  අර ගල්කනුවේ පාදමේ තියන තාරකාවට යොමු කරන එක.  හඳ එලිය ගල්කනුවේ පාදමට එක දිගට මිනිත්තු හතක් වැටුනාම කුකුළා හඬලනවා. එතකොටම මහත්තයට කරන්න තියෙන්නේ මෙන්න මේ වෙඩි නුල පත්තු කරන එක. වෙඩිනුල ඇවිලිලා ගල් පර්වතය ගාවට යන්න කලින් මහත්තය හනික ඇවිත්  මල් තට්ටුව උඩ තියන පහනෙන් තෙල් ඩින්ගිත්තක්  අරන් මගේ හිසේ අතුල්ලන්න. එතනින් එහාට මම බලාගන්නම්."


මීට පෙරද සියවතාවක් පමණ කලයුත්තේ කුමක්ද යන්න දැන සිටි මට අවසන් වරටද උපදෙස් ලැබිණි. පේද්‍රික් බෙරය කරලාගෙන විටෙක බෙරය හඬලමින් මතුරන්නට විය. හඳුන්කුරු සුවඳත්, බෙර හඬත් කට්ටකුමන්ජල් සුවඳත් මන්තර ජපකිරීමත් දසත පැතිරෙද්දී මගේ හදවත වේගයෙන් නොයිවසිල්ලකින් මෙන්ම ගුප්ත හැඟීමකින්  පිරෙන්නට විය. මා මට නියමිත ස්ථානයේ අසුන්ගෙන කළයුත්ත නැවත මෙනෙහි කලෙමි. පේද්‍රික් දැන් මතුරා පැයක් සම්පුර්ණ වීමට අසන්න විය. නියමිත හෝරාව උදාවීමට මිනිත්තුවක් පමණ තිබුන කල එතනින් නැගිට එම මිනිත්තුවත් අසිහියෙන් මෙන් ගෙවා දැමුවෙමි.  ඔරලෝසුවේ හරියටම 12.1 සටහන් වෙද්දී මම බලාපොරොත්තු පිරි දෙනෙතින් අහස වෙත බැල්මක් හෙලීමි. ගතේ හිරිගඩු නංවමින් චන්ද්‍රයා අහසේ බැබළිණි. ඒ සමගම මහා භයන්කාර හඬක් නගමින් පේද්‍රික් සිහිසුන් විය. පීටර් ඔහුව වත්තන් කර බිමින් හාන්සිකළේය.  වහා නැගිටි මම කණ්ණාඩිය වෙත  ගොස් කියූ පරිදි සඳ එලිය තාරකා සටහන වෙත යොමු කලෙමි.  ජීවිතේ කිසිදා නොවිඳි ලෙස හදවත සැලෙමින් තිබුණි, සඳ කිරණ තාරකාව මත වැටී මිනිත්තු හතක් හරියටම ගත වෙද්දී කුකුලා හඬලුවේය. මා දල්වාගත් ලයිටරයෙන් වෙඩිනුල දැල්වූයේ මල් තට්ටුව මට ඇති පහන ලඟට යාමට අඩිය ඉක්මන් කරමිනි. දැල්වෙන වෙඩි නුල ගිනි පුලිඟු නංවමින් යන අතරේ මා මල් තට්ටුව වෙත දිව්වෙමි. ලිස්සා ගිය පය විලන්ගුවී බිම ඇදවැටුණු මගේ හිස ගල් කණුවක ගැටුනේ අනපේක්ෂිතවය. පෙර පිනකට මා සිහිසුන් නොවීය.   ක්ෂණයෙන් මා සිහි එලවාගෙන නැගිට  මල්තට්ටුව දෙසට දිව ගියේ ඇවිලෙන වෙඩි නුල දෙස බලමිනි. මන්ද එය පිපිරී යන්නට මත්තෙන් පහනේ තෙල් මා විසින් පේද්‍රික්ගේ හිසේ ගැලවිය යුතුය. නැත්තම් ඩයිනමයිට් පිපිරුමෙන් පීටර්ගේද පේද්‍රික්ගේද ජීවිත අහිමි වන නිසාවෙනි.


මල් තට්ටුව වෙතට පියවර කීපයක් තිබියදී කන් අඩි පුපුරන සද්දෙන් අවාසනාවන්ත ලෙස ඩයිනමයිට් කරල පුපුරා ගියේය. දෑස් නිලංකාර වී යද්දී මා නැවත වරක් බිම ඇදවැටුණි. අවසාන වතාවට දුටුවේ මල් තට්ටුව සුනුවිසුනු වී යන ආකාරයත් මා දෙසට දිව එන පීටර්වත් පමණි. ඊට මද වෙලාවකට පසු මදක් ඈතින් කෙඳිරිලි හඬත් විනා අන් කිසිවක් නෑසුනි. මා දෙනෙත් හැර සිටිනවාද නැතිනම් පියාගෙන සිටිනවාද යන්න මට වටහාගත නොහැකි වුයේ  මගේ දෙනෙත් මට අහිමි වී ගිය නිසාද යන්න වටහාගැනීමට මට බොහෝ වෙලාවක් ගත විය.

62 comments:

  1. ම්ම්ම්...මම එකද?? ජය වේවා
    කතාව මරු පැතුම්..

    ReplyDelete
    Replies
    1. නැතෝ ඔයා දෙක !!! ගොඩක් ස්තුතියි ඩබල් ආර් එච්

      Delete
  2. හෑ......?

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හෑ.....!

      පස්වාන් දහසකට වල්කම්

      Delete
  3. බ්ල්ලට දුන්නේ ඇස්දෙක ....

    ReplyDelete
    Replies
    1. ඔව් රොබින් එහෙම හිතන්නත් පුළුවන්

      Delete
  4. අගෙයි පැතුම් මල්ලි...

    ReplyDelete
  5. අඩේ ඉවර නෑ නේද?????
    මේ ටිකනං පට්ටම පට්ට...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තරියා


      ඉවරයි බං ඉවරයි..... කෙටි කතාවක්නේ

      Delete
  6. මරු මරු.. ඉවර නෑ නේද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිෂ් අයියේ. ඉවරයි....එක කොටසයි වෙන නැතෝ

      Delete
  7. කෝ කෝ ඉතිරි කොටස..
    ලස්සනට ලියලා තියෙනවා මල්ලියෝ.. ආසාවෙන් කියෙව්වා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නන්දු අක්කේ. ඉවරයි වෙන නැතියෝ !!!

      Delete
  8. කතාව ඉවරද? පට්ට ඈ..ජය...!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රදීප් අයියේ. කතාව ඉවරයි...මට නිමි කියල දාන්න බැරි වුනානේ

      Delete
  9. ලස්සනයි කතාව.. සුබපතනවා දිගටම ලියන්න.

    ReplyDelete
  10. මේ ජාතියේ කතා අහන්ඩ මම් හෙන ලයික් !
    ඉස්සර ඉස්කෝලේ යන කාලෙත් ඔය ජාතියේ කතා පොත් කියෙව්වා !

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් ලයික් නම් මරු. ස්තුතියි මධුරංග අයියේ.

      Delete
  11. වෙනස් ආකාරෙක කතාවක් . මට මේක කියවද්දී ට් බී ඉලන්ගරත්නගේ "හපනා " පොත මතක් උනා .

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගිම් අක්කේ... අර අමාරිස් ඉන්න කතාව නේද හපනා ?

      Delete
  12. නියම නිර්මානයක් හිතට ගතට දැනෙන්න ලියලා

    ReplyDelete
  13. අපූරුයි කතාව හ්ම්ම් :)

    ReplyDelete
  14. මෙන්නෝ නිධන් හාරනවො !!මනුස්සයෙකුත් බිල්ලට දුන්නෝ !!

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් නර බිල්ලක් සරත් අයියේ

      Delete
  15. aththatama lassana kathawak ayya.........meke tawa kotasakuth tiyenawa neda sithum ayya.......?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අරලියා. වෙන කතාවක් නැතෝ මේකෙන් ඉවරයි.

      Delete
  16. මරු කතාව! මදැයි නිදන් හෑරුවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගිම් නිවන්නෝ..නිධන් හාරන එක භයානකයි කියන්නේ එකනේ

      Delete
  17. ලස්සනට ලියල තියනවා .. අවසානය තව ටිකක් විස්තර උනානම් මරු

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මී ගොඩයෝ......මටත් හිතෙනවා පොඩ්ඩක් විස්තර වුනා මදි වගේ.

      Delete
  18. මම හිතුවේ රම්බාගේ කතාවක් කියලා බැලින්නම් මේ වෙන එකක් නේ, මම මෙ හිතා ගන බැරුව ඉන්නේ ඉවරද නැත්තන් තව කොටසක් තියෙනවද කිය

    ReplyDelete
    Replies
    1. රම්බා හැමදාම පට්ට ගහන්න බෑනේ කවි අක්කේ. ඉතින් වෙන කතාවක් ලීවා.... වෙන කොටසක් නැතෝ...හම්බෝ මගේ කට රිදෙනවෝ මේක කියල කියලම :P

      Delete
  19. විශිෂ්ටයි.....ලස්සනට ලියැවිලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි සුමිත් අයියේ.

      Delete
  20. තව කොටසක් තියනවා නේද?

    ReplyDelete
    Replies
    1. වෙන කොටසක් නැතෝ. හයියෝ මට "නිමි" කියල දාන්ඩ බැරි වුනානේ

      Delete
  21. මලා කැපුවා ඉවරයි නේද බොලාගේ ලිස්සිල්ල නිසා? :)
    කෝ බං ෆේමස් රයිටර්ගේ ලව් සීන් එක?.

    ReplyDelete
    Replies
    1. ලිස්සල ගියා මචන් හබක් වුනා !! රයිටර් පසුවට හොඳේ

      Delete
  22. දෙවෙනි කොටසත් දානවද තියෙනවානම් ! නැත්නම් අපිට හිතා ගන්නද ලිවුවේ ?

    ReplyDelete
    Replies
    1. සරත් අයිය පොස්ට් එක දෙපාරක් කියෙව්වද එහෙම නැත්තන්........(දෙපාරක් කමෙන්ට් දාල තියෙන්නේ ?)

      Delete
  23. මාරක කතාවක් වගේ නේද... ඉවර නෑ නේද?

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම් මාරාන්තිකයි මචෝ. ඉවරයි දෙයියනේ ඉවරයි මචෝ

      Delete
  24. හොඳ ලියල මල්ලි..අවසාන නැහැ නේද...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි දීපි අක්කේ

      Delete
  25. ඔන්න කතාවත් කියෙව්වා. 100 ට ෆලෝ කලේ මම.:)) හැබෑට නිධන් හාරන්න ගිහින් තියනවද ඈ :))

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා මචන් 100ට.... නිධන් හාරන්න නම් ගිහින් නැතියෝ ...!

      Delete
  26. හරිම බයංකාරයිනේ..
    ඊළඟ ටික අපිම හිතාගන්නම් නේද?

    ReplyDelete
    Replies
    1. නිධන් හෑරිල්ල එහෙම තමයි රූ අක්කේ. ඔව් ඔව්. අන්තිම ටික හිතා ගන්න තමයි

      Delete
  27. හ්ම්ම්ම්... පැතූ ආයෙමත් ලස්සන කෙටි කතාවක් ලියලා නේද? මාතෘකාව දැක්කම මට බයත් හිතුණා... ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. ඔව් අනු. කලවමේ ලියනවා. ගොඩක් ස්තුතියි හොඳේ ...!

      Delete