Thursday, March 31, 2016

අයිස් හාදු





ස්නේහ සා
පිපාසාවෙන්
පෙළෙනා වූ
දෙතොලකට
අයිස් හාදුවක්
අවැසිය...

~ ඩ්‍රයිඩ් රයිටර් ~

Wednesday, March 30, 2016

විරසක සයන




ප්‍රියයෙනි,
සයනයද
සුසානයකි,
ඔබ විරසක වූ
මෙවැනි
මුසල දවස්වල
වතුර මල යටින්
ගිලිහෙන්නේද
උණුම උණු
ගිණි දැල්ය,
සියොලඟම
දවාලන

~ බර්න්ඩ් රයිටර් ~

Tuesday, March 29, 2016

අභයදානය





 බීෆ් කරි පෝෂන්
විකුණන හෝටලයක,
පිරී ඉතිරුණ කැටයකි
අයකැම් අසුන ලඟ,
අභයදානයකට
ආධාර පිණිස
ගවයින්ට

~ කන්ෆියුස්ඩ් රයිටර් ~

සපථ කාරණා








ඔබ ඇවිත්
ගියා වූවද,
ගිය බවක්
නොදැනීමම,
ඔබ හිතේ
උන්නු තැන
සපථ කරනා වු
කාරණාවක්
නොවෙද...

~ බේබිෂ් රයිටර් ~

Monday, March 28, 2016

බමන මත



අගනුවර කළු………වර වීදියක
හෙවණැලි ස...මග පිළිස්‍රඳරක
ප්‍රේමයෙන් ආ.....තුර හිතට
බමන මත පමණි....... සැනෂුම

හිස කර..කැවී බිම.. පථිත ව..න
දෙවැල මිට හා...නික......ට රිධුමකි
ඔබ ඇවිත්දැයි හො..ය....න
ඇඟිලි තුඩු විපරමෙ....නි තිරය මත


~ ඩ්‍රන්කන් රයිටර් ~