Tuesday, June 21, 2016

දිගු ඉතිහාස


ඉතා කෙටි පෙම්
කතාවකට වුව
මහා දිගු
ඉතිහාසයක්
තිබිය හැක

~ හිස්ටොරික් රයිටර් ~

Monday, June 20, 2016

ඔබ නොමැති බොහෝ දිගු දවස්




ඔබ නොමැති
බොහෝ දිගු
දවස්වල
මට කියාදෙන
එක්තරා
පාඩමක් ඇත
කොයි දේ
කොයි විදිහට
වුණත් හෙට,
නුඹ නොමැති
දිනක් ගැන
මා සිහිනෙන්වත්
සිතා නැත

~ අන්ඩ්‍රීම්ඩ් රයිටර් ~

සොහොන් මල්




කොතෙක්
මල් පිපුණද
සොහොන් වට,
මල් වත්තක්
වන්නට
නොහැක
කනත්තට

~ ගොස්ට් රයිටර් ~

Sunday, June 19, 2016

රහස් කතා



දින පොතේ
හිම පාට
පිටු අතර පමණක්
රහසේම
හුස්ම ගන්නා,
"
කිසිවෙකුට"
කිව නොහැකි
කතා කාටත්
තිබෙන්නට
පුළුවන...
එනමුත් ප්‍රියාවිය,
මා සතු එවන්
පොත්වල
"
කිසිවෙකුටත්"
කියන තැන
"
නුඔත් ඇතුළුව" කියා
මම කොහේවත්
කියා නැත...

~ අන්ටෝල්ඩ් රයිටර් ~

Friday, June 17, 2016

ළපටි උණ පඳුරු




ළපටි
උණ පඳුරු දරුවන්,
තදින් වැළඳගෙන හිඳිති
වෙසක් මාසෙට
මව් උණ පඳුරු
වැඩියෙන්

~ ග්‍රිප්ඩ් රයිටර් ~

Thursday, June 16, 2016

අහිමි වන්නේ කොතැනත්




සුමුදු මුදු ඇඟිලි
තුඩගින් නෙලුවද
තියුණු දැති
සැතකින් සිඳුවද
අහිමි වන්නේ
කොතැනත්
නටුවකට
මලමය...

~ ඩිප්‍රිව්ඩ් රයිටර් ~

Wednesday, June 15, 2016

වැරදිකාර නිවැරදි මම




දෙතොල් ඉම කරා
පැමිණෙනු අවැසිව
ස්වරාල සීමාවට ඔබ්බෙන්
සමූල ඝාතනයට ලක්වූ
සියලු චිත්ත සන්තානයන්හි
කෲරතම මරණවලට
වගකිව යුතු වැරදිකාර
නිවැරදි කෙනෙක් වේ නම්
ඒ ආයාසයෙන් මැඩගත්
ස්වකීය හෘද සාක්ෂියය...

~ ජෙනොසයිඩඩ් රයිටර් ~

Tuesday, June 14, 2016

යටගියාවක සුවඳ




එකී යටගියාවක
ප්‍රේමයෙහි සුවඳ
තවම ඉතිරිව
ඇත්නම්,
ඒ ඇත්තේ
උද්‍යාන බංකුව
මතය....
අපි ඇවිද ගිය
මාවත් දෙපසය..
දවා අළුකල
සමරු සැමරුම්
සිහිවටන තුළය...

~ නිව්බෝ(ර්)න් රයිටර් ~