Sunday, June 19, 2016

රහස් කතා



දින පොතේ
හිම පාට
පිටු අතර පමණක්
රහසේම
හුස්ම ගන්නා,
"
කිසිවෙකුට"
කිව නොහැකි
කතා කාටත්
තිබෙන්නට
පුළුවන...
එනමුත් ප්‍රියාවිය,
මා සතු එවන්
පොත්වල
"
කිසිවෙකුටත්"
කියන තැන
"
නුඔත් ඇතුළුව" කියා
මම කොහේවත්
කියා නැත...

~ අන්ටෝල්ඩ් රයිටර් ~

1 comment:

  1. ප්‍රියාවිය හිතවත්,
    ප්‍රියයා ඔබේ
    කොතෙකුත් දේලියා ඇත මගේ ගත මත.
    ඒ ලියා ඇති සියලු දේ ඔබ ගැනම පමණයි ප්‍රියාවිය...
    -මම දිනපොත-

    ජයවේවා!!!

    ReplyDelete