Wednesday, June 15, 2016

වැරදිකාර නිවැරදි මම




දෙතොල් ඉම කරා
පැමිණෙනු අවැසිව
ස්වරාල සීමාවට ඔබ්බෙන්
සමූල ඝාතනයට ලක්වූ
සියලු චිත්ත සන්තානයන්හි
කෲරතම මරණවලට
වගකිව යුතු වැරදිකාර
නිවැරදි කෙනෙක් වේ නම්
ඒ ආයාසයෙන් මැඩගත්
ස්වකීය හෘද සාක්ෂියය...

~ ජෙනොසයිඩඩ් රයිටර් ~

1 comment:

  1. හදවතේ කෝෂිකාවක
    පෙනහල්ලේ ගර්තයකද
    මොලයෙ නියුරෝනයකද
    සෙව්වද නැත සොයාගන්නට... ඉතින් හර්ද ශාක්ෂිය
    නොබියව එනු ඉදිරියටම...
    පෙර වැරදි අහෝසියි....
    නුඹ වටී මනුසතට....

    ReplyDelete