My name is රයිටර් who writes, some kind of ඇවටියෙල් stories..

Thursday, March 24, 2016

රතු හාදු සලකුණ




මට මතකයි
ඉස්සරම දවස්වල,
අපි මුණ ගැහුණු
මුල්ම මාසවල,
ඉරට බහින්නට
අමතකව ගිය,
දවස් තිබුණා
කැලැන්ඩරවල...

 
මේ ලඟදි දවසක හමුවුන
ඒ දින කැලැන්ඩරයක,
රතු හාදු ලකුණින් වටකළ
දිනක් තිබුණා විශේෂිත..
අදක් වෙනතුරු ඒ ගැන
නොකීවට ඔබට,
ඒ තමයි දවස,
පළමු හාදුව
ඔබ මට තිලිණ කල

~ ලවින්ග් රයිටර් ~

2 comments:

  1. රතු හුන්ඩුව ගැන ලිව්වනම් මීට වැඩිය හොඳයි.

    ReplyDelete
  2. ඒක ගැන උබ ලියපං

    ReplyDelete