Wednesday, January 9, 2013

ඇඩෝව් එතකොට උඹ බිහිවුනේ ස්පෝථනයෙන්ද.....?


හා හපුරා කියලා නමෝ විත්තියෙන් අලුත් රස්සාවට යන්න අම්මා හදපු චිකන් හොද්ද එක්ක කිරිබත් කෑල්ලක් හෙම කාලා රම්බායි මමයි රාහු කාලේ පන්නලා දකුණු කකුල පෙරට තියලා ගේ ඉස්සරහ පාත්තියේ තිබුන බට් කෙහෙල් පඳුරටත් මන්නෙන් කොටාගෙනම ගියේ තියන වස් දොස් කුඩු කැවුතු වෙලා යන්න. පුරුදු පාර මගෑරලා කැලෑ පාරකින් වහන් වෙවී එන්.ජී.ඕ. ඔෆිස් එක පැත්තට යමන් කියලා රම්බා කිව්වේ  උදේ පාන්දර මොකෙක් හරි කුඩුකේඩුවෙක් මුලිච්චි වුනොත් සුභ ගමන එහෙම්පිටින්ම චකබ්ලාස් වෙයි කියල බය වුන හින්දා වෙන්න ඇති. හන්දියෙන් වීරේ මාමවත් දක්කගත්තාම එතන ඉඳන් එන්.ජී.ඕ. ඔෆිසියට රුපියල් පහේ අයිස් පැකට් එකේ දුරක් තියෙන්නේ. දකින මුස්පේන්තු ඩයල් එකක්  දැකල කටකැඩිච්ච කතාවක් කිව්වොත් ඒ හරියේදී තමා.

"රයිටර්...?"  හෙන නිහැඬියාවක වේලිලා, ඇඹරිලා හිටපු රම්බා ගේ වොයිස් එක.

"හ්ම්.........?"

"උඹ දන්නවද වැඩක්......?"

"කාගේද......."

"අපේ ලොක්කගේ......උඹ කාටවත් කියනවාහෙම නෙවෙයි ..."

"නෑහ්...පිස්සුද මම කියනවද බං .... මොන ලොක්කද ඉතින් ඔය....?"

"ඔව් බං.....බලපන්කො මගේ නම්බරෙත් තියනවා බං...ප්‍රසිඩන්ට් ගාව....මට අලුත් අවුරුද්දට විශ් කරලා සුභ පැතුමක් එවලා.

"හෑ....ඉතින් ඉතින් උඹත් රිප්ලයි කරාද......? !" උගේ වදන් ශ්‍රවන ගත වෙලා  බඩ බුරුල් වේගෙන වගේ ආවයින් මම හිනාව නවත්තගත්තේ දත්මිටි කාලා.

"එහෙනම් එහෙනම්....මමත් මැසේජ් දෙකක්ම යැව්වා වැඩිය යවලා කරදර කරන්නත් හොඳ නෑනේ... ඉතින්  එකක් විශ් කරලා යැව්වා.. අනික පොඩි ඉල්ලීම් ටිකක් කෙටියෙන් ලියල යැව්වා"

"හෑ.... ඉතින් මොනවද ඉල්ලපු ඉල්ලීම්....?....ඒවටත් රිප්ලයි ආවද.....?"

" අපේ පාර කොන්ක්‍රීට් කරලා දෙන්න සල්ලි පාස් කරන්න කියලා, අනික ගමේ එවුන්ට ජීවත් වෙන්න අමාරුයි පොඩ්ඩක් ඒ ගැන හිතලා  ගන්න තීරණයක් ගන්න  කියලා, තව ඔය ඔය වගේ මානුශවේදී ඉල්ලීම් ටිකක් යැව්වා...එදා පැය ගානක් නෙට්වර්ක් බිසීනේ බං....රිප්ලයි එවන්න ඇති..හැබැයි මට ආවේ නෑ"


අපි එන්.ජී.ඕ. ඔෆිසියට කිට්ටු වෙද්දී එතන යමර යුද්ධයයි. කට්ටියක් බෝඩ් ලෑලි උස්සගෙන පෝලිමට ගිහින් බස් එකකට ගොඩ වෙනවා. තවත් පෝලිමක් රුපියල් පන්සීය ගන්න පොත අත්සන් කරලා බත් පැකට් එක ගන්න කවුන්ටරේ දිහාට දුවනවා. අපිත් දඩි බිඩියේ දුවලා ගියා පෝලිම මැදට. පොත අත්සන් කරලා බත්මුලත් අරගෙන බෝඩ් ලෑලි දෙක තුනත් කිහිලි ගහගෙන බස් එකට නැග්ගා. අපිත් එක්ක හිටපු තව සෙට් එකක් වෙන දිහාකට ගියා වෙන තැනක කුලියට කෑගහන්න.  බස් එකේදී එන ගමන් එන්.ජී.ඕ. එකේ ලොක්කා අපිට හෙන දේශනයක් දුන්නා.

"මෙහෙමයි.....තමුන්ට කරන්න තියෙන්නේ  අපි ගිහින් දාන තැනට ගිහින්, මේ පත්‍රිකාවේ තියන විදිහට මරාගෙන මැරෙන ඇක්ටින් එකක් මුනට අරන් ගිරිය පුප්පගෙන කෑ ගහන එකයි..බිම පෙරලිලා වැඩිපුර සෙල්ලම් දාන උදවියට එක්ස්ට්‍රා ස්පෙෂල් පේමන්ට් එකක් කරනවා ඒ අයගේ පර්ෆෝමන්ස් බලලා.. ප්‍රොටෙස්ට් එක වෙලාවේ මොකා මයික් එකක් කැමරාවක් දික් කරගෙන ආවත් කියන්න තියෙන්නේ අපිට ලොකු අසාධාරණයක් වෙලා තියෙන්නේ, අපි ඒකට විසඳුම්, අදාළ පාර්ශවෙයෙන්  දෙනකම් අපි අඛණ්ඩ උද්ගෝෂණයේ , ඒ වගේම අපේ ඉල්ලීම් සපුරා නුදුන්නොත්  අපි මැරෙන්න උනත් සුදානම්  කියලා..උන් උඹලගේ උද්ගෝෂණයට හේතුව හාර හාර අහනකොට උඹලා නොඇහුනා ගානට ඉඳපල්ලා"

ලොක්කා බලාගන්න කියලා අතට දුන්න පත්‍රිකාව ඉරලා, කටේ දාලා ගුලි හදලා බස් එකේ වීදුරුවෙන් මගදිගට හිටපු පාරේ කෙල්ලන්ට, ඇන්ටිලට  ගහ ගහ ගිය රම්බාට ඔය කිව්ව එක වචනයක් ඇහුනේ නැති බවට මට සීයට අසූ හාරදාස් එකසීයයි සත පනහක්  ෂුවර්. ඌ රස්සාව හොයල දීපු එකේ ගෞරවේවත් තියන්න ඕනේ හින්දයි මම එවලේ ඩෙනිම කරට නොගෙන හිටියේ. කොහොමෙන් කොහොම හරි බහින තැන කිට්ටු වෙනකොට රම්බා උගේ පත්‍රිකාවටයි, වීරේ  මාමගේ පත්‍රිකාවටයි, මගේ අතේ තිබ්බ එකෙන් බාගේකටයි බඩු මැන්ගුස් කරලා.

කට්ටිය බස් එකෙන් බැහැලා බෝඩ් ලෑලි උස්සගෙන ගිරිය යටින් බලිය බලිය පාර අයිනට ලයින් කළා.. සමහරු බිම පෙරලීගෙන කෑගහනවා, සමහරු ඔලුවේ දෑත බදාගෙන, තව එවුන් ටිකක් ටයර් පුච්චනවා.  අපි එතනට යන්නත් කලින් ඇවිත් හිටපු මීඩියා නංගිලා, මල්ලිලා මයික් කැමරා  අල්ල අල්ල කෑ ගහන එවුන් පස්සෙන් පන්නනවා වොයිස් කමෙන්ට් ගන්න. ඔය අතරේ වීරේ මාමා කැමරාවකට කඳුළු පෙර පෙර කුලියට අඬනවා මම යාන්තමින් දැක්කා. වීරේ මාම වැඩේ වැඩේ අතැරලා නෑ, ස්පෙෂල් පේමන්ට් එක ගන්න වෙන්නැති  උන්දෑගේ කල්පනාව.

"අනේ අයියේ ප්ලීස්...ඔයාවත් පොඩි කමෙන්ට් එකක් දෙන්න.." සුන්දර සුකුමාල කෙල්ලෙක් දුවගෙන දුවගෙන මං ගාවට ඇවිත් හීනියට හිනා වෙලා යටි තොල හපාගෙන ඇස් කොනකින් මා දිහාම බලාගෙන හිටියා. අහෝ..!!!....සීමා මායිම් නැති මගේ උත්කෘෂ්ට කවි හිත තැන නොතැන බලන්නේ නැතුව බස බස බස ගාලා මෝදු වෙන්න ගත්තා, අක්මාව ටින් ටින් ගෑවා..මගේ දකුණු වකුගඩුව වගේ ඉන්න දිලූ කෙල්ලට ද්‍රෝහී වෙන්න බැරි හින්දා දත්මිටි කාගෙන කටට ආව කවි පද ටිකත් කෙල ගුලියක් එක්ක ගිල්ලා.

"ආ..ආ..ආ...ඔව් නංගි..කියන්න"

"අනෙහ්..... ඔයා....හොඳ.... අයියා........මෙහෙමයි අයියේ...මට දැනගන්න ඕන ඇයි ඔයාලා මේ විදිහට ප්රෝටෙස්ට් කරන්නේ"

"කොටින්ම කියනවනම් අපිට ගෙවනවානේ"  හුටා...කියවුනා .!!

"හෑ...! ගෙවනවා...?...එතකොට ඔයාලා කුලියටද මේ ප්‍රොටෙස්ට් කරන්නේ...?" කෙල්ලගේ ඇස් දෙක ඔලුවේ තිබ්බ බෑන්ඩ් එක දිහාට ගියා.

"හාහ් හාහ්.... හා.....හූඌ.....හූ....කෙල්ල රැවටුනා....යේ...යේඒඒඒ...මං වීළුවක් කලේ......" මම ප්‍රථමික ලෙවල් එකේ විහිළුවක් කලේ සැදැහැ සිතින් වුනාට මේකි ඒකට රෙස්පොන්ස් කලේ පට්ට පදිරි විදිහට.

"හඅ...එන්න එපා ඔව්වට...මම පත්තරේට ලියනවා වොයිස් කමෙන්ට් එක ගන්න අතරේ මට බලහත්කාරකම් කළා කියලා හඅ....!!" කෙල්ල මාව ආමාශ ගත කරන ටයිප් එකකින් බලාන හිටියා. සකල බුජං කොට කලිසන් කියන්නේ ඔව්වට තමයි.. යකෝ මේක හරි කෙළියක්නේ.

"ඇත්ත වශයෙන්ම නංගි.." මම වචනේ දැම්මා...කෙල්ලට කඳුළු පනින සයිස්. "කාලාංතරේක ඉඳන් ඉතිහාසගතවන උද්ධමන රටාවකට අනුපාතිකව සමානුපාත වන ඒක පුද්ගල දල ජාතික නිෂ්පාදනයේ සර්ව අයිතිය පුද්ගලයන් අතරේ සම සමව නොබෙදීම නිසා තමයි මේ අවිධිමත් ගැටළු හට ගන්නේ...මේකට පිළියම් හොයන්න ගූගල් එකේ "සෙක්ස්" කියල ගහල සර්ච් කරාට හරියන්නේ නෑ..විසඳුම විදිහට අපි සියලු ජනයාගේ වාර්ගික වස්ත්‍ර අමු අමුවේ නිර්වස්ත්‍ර කරලා මේ ලෝකය සකල විශ්ව ගම්මානයක් කරන්න ඕනේ.." මගේ කමෙන්ට් එක ලියාගෙන කෙල්ලගේ කට දෙකොන  කරාඹු දෙකේ ගෑවෙන සයිස්....

"බොහොම ස්තුතියි අයියේ බොහොම ස්තුතියි"

ඔය අතරේ ආතක් පාතක් නැතුව කෑ ගහ ගහ හිටපු රම්බා ගාවට අර කෙල්ල මයික් එක අරන් ගියා..මමත් බෝඩ් කෑල්ල උස්සගෙන ඒකි පස්සෙන් ගියා.

"...එක්ස්කියුස් මී...මිස්ට අයියා.....මට මේ ව්‍යාපාරේ පිළිබද පොඩි කමෙන්ට් එකක් දෙන්න පුලුවන්ද"  රම්බා පැණි හිනාව දාගෙන විරිත්තාගෙන කෙල්ලට කමෙන්ට් එක දෙන්නයි හදන්නේ.

"යැස් නංගි කියන්න...."

"ඇයි ඔයාලා මෙහෙම ප්රෝටෙස්ට් කරන්නේ....ඔයාලගේ අරමුණ මොකක්ද....?"

"සල්ලි නංගි සල්ලි...."

"හ්ම්...මට පැහැදිලි මදි"

"මෙහෙමයි....මම නංගිට මේ වගක් කිව්වා කියලා කාටවත් කියන්න එපා..,දැනට මෙතන ඉන්න ඔයා වගේ අහිංසක දෙතුන් දෙනෙක්ට විතරයි කිව්වේ...අපි අහවල් එන්ජීඕ එකෙන්..ඊසි ගතමන්ට් එකක් ගන්න ලේසි චාන්ස් එකක් සපයල දෙන සංවිධානයක්..නංගි මොකෝ කියන්නේ....ඔය මයික් අල්ලාගෙන හන්දියක් හන්දියක් ගානේ ප්රොටෙස්ට් කවර කර කර චාටර් කනවට වඩා මේක ලේසියි."

"ඈ.....සිරාවටමද අයියේ....සත්තයි කියන්න...?"

"සිරාගේ ගෑනි පල්ලා නංගි....සීරියස්..."

කෙල්ල වටෙන් ගොඩෙන් රම්බාට පානිය දාලා ඔක්කොම විස්තරේ අහගත්තා කියලා තේරුනේ කෙල්ල අන්තිමට දාපු  කිනිසි ටෝක් පාරට...

"අයියේ මේ මාධ්‍ය මර්ධනය කරන්න එන්න එපා හරිය....මම මේ ඔක්කොම පත්තරේට ලියනවා.." කියලා කෙල්ල හෙන කින්ඩි හිනාවක් දැම්මා. රම්බාට කට උත්තර නෑ...

"නොලියා ඉන්න පුළුවන් මේ දැන්ම රුපියල් දෙදාහක් දුන්නොත්...නැත්තම් හෙට පත්තරේ පොටෝ පිටින් වැටෙයි විස්තරේ....ආ.. " කෙල්ලගේ හයිරම් ටෝක් එකට රම්බා සරෙන්ඩර්..."

ඔය අස්සේ එතනට ආව එන්ජීඕ එකේ ලොක්කට රම්බාගේ සීන් එක මාට්ටු වෙලා උගේ ගැන් එක ඇවිත් අපි දෙන්නව බෙල්ලෙන් ඇදගෙන පැත්තකට අරන් ගියා...වීරේ මාමගේ පුරුවේ පිනකටද කොහෙද මිනිහට වැඩේ අල්ලලා ගියා.


"ඇඩෝව්.....තොපිලා වගේ ආතක් පාතක් නැති එවුන්ට රස්සා දෙන්නවට අපි පොලවේ පස් කන්න ඕනේ ඩො..."

"ක....ක.....කවුද ආතක් පාතක් නැති එවුන්...මේ අපිද.....අයියා හිතුවද අපි සුළඟ මගින් බෝවෙන එවුන් කියල ආ...ගැහුවට කමක් නෑ කැත කතා කියන්න එපා හරි..." රම්බාගේ මොරාල් එක අප් වෙලා..

"ඔව් ඩො තොපි සුළඟ මගින් බිහිවුන එවුන් තමයි......කපනවා දැනගන් "

"එතකොට අයියා බිහිවුනේ ස්පෝථනයෙන්ද.....?" රම්බා ඇහුවා....

අපිට සද්දේ දාපු එකා  ස්පෝථනයෙන් බිහිවුනේ කොහොමද කියලා එක එක  අසභ්‍ය ගනයේ  චිත්ත රුප මැවෙන අස්සේ අරුගේ යටි බඩට දෙකක් ඇනලා අපි හුවකුත් තියල පන එපා කියලා දිව්වා.  මග දිගට දුවන ගමන් කල්පනා කලේ රම්බාගේ කුප්ප කතාව. මතුපිටින් සරල සුගම වුනාට කොච්චර ගැඹුරු තේරුමක් තියද අම්මාපා. ඒ ගැඹුරේ දිග පළල විෂ්කම්භය මගේ කවි හිත පුරාම ඇඳුනා.

දෙයියනේ එතකොට ස්පෝථනයෙන් බිහිවුන එකාගේ උගේ අප්පොච්චා....!!!       

85 comments:

  1. රයිටර් නම් ස්ථානෝචිත ප්‍රඥාව යොදල ෂේප් වෙලා. ඒත් අයියෝ රම්බා වැඩේ කාලානෙ...

    ReplyDelete
    Replies
    1. අන්න ඒක රම්බාට නැති එකනේ අප්පා පොරශ්නේ

      Delete
  2. මරු ඈ අදනම් හාස්‍යය එක්ක .. වට පිටට ටොකු ටිකකුත් ඇනලා...නියමයි

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් එකක් දෙකක් ඇන්නා. රිදෙන්න නැතුව ඇති නේ ?

      Delete
  3. හි හි හී හැමදාම රම්බා වැඩේ කනවනෙ අප්පා :D

    ReplyDelete
    Replies
    1. සික්..කියලා වැඩක් නෑ..ලිහිණියෝ

      Delete
  4. එහෙනම් සුළග මගින් බෝ වෙන උනුත් ඉන්නවා ඈ.. එල එල...

    ReplyDelete
    Replies
    1. එහෙනම් එහෙනම්....සුළඟ මගින් බිහිවුන හැටි ගැන වැඩිය කල්පනා කරන්න යන්න එපා දිනේෂ් අයියේ. හෙහ් හෙහ්

      Delete
  5. සිරාගේ ගෑනි පල්ලා කිව්වට බං අපේ සිරා අයියට තාම ගෑනියෙක් නෑනේ නේද?
    හික්ස්!
    එල එල! :)

    ReplyDelete
    Replies
    1. අනේ බලපං නාඩියා මේ සත්ගුණවත් සිරා කොලුවවත් මේ රයිටරයා මේ කථා වලට ඈදගෙනනෙ...දුකේ බෑ අයියෝ...ගෑණියෙක් තියා ආච්චි කෙනෙක්වත් සිරා කොලුවා දිහා බලයිද මේ නවනිංගිරාවට...

      Delete
    2. සිරාවටම සිරා අයියේ ගෑනියෙක් තියා ගෑනු පුළුටක්වත් නැද්ද හැබෑට?

      Delete
    3. අප්පට සුර, සිරා අයියත් තනිකඩ්ඩේක් ද.....?

      Delete
    4. මාට වාවන්නෙ නෑ බන්... හිටපු උන් ඔක්කොම මගෙ පර්ස් එකට විදලා මාරු උනා...

      Delete
    5. හපොයි දෙවියනේ සිරා අයියේ..ආයේ කෙල්ල හම්බෙන්න යනකොට පර්ස් එක ගෙදර තියල යන්නෝ. එතකොට විදින්න වෙන්නේ නෑ කෙල්ලන්ට

      Delete
  6. //විසඳුම විදිහට අපි සියලු ජනයාගේ වාර්ගික වස්ත්‍ර අමු අමුවේ නිර්වස්ත්‍ර කරලා මේ ලෝකය සකල විශ්ව ගම්මානයක් කරන්න ඕනේ//

    මාත් එකඟයි... වාර්ගික කෑල්ල වැඩියි වගේ මේකට.... ඇත්තටම බං මොකද්ද ඔය ඉස්පෝතනය?

    ReplyDelete
    Replies
    1. ස්ඵෝටනය = පිපිරීම
      කූඩළු වගේ ජාති බෝ වෙන්නේ අන්න ඒ ක්‍රමයෙන් :)

      Delete
    2. ස්පෝටනය කියන්නේ "පිපිරීම" තිසා.....එතකොට හිතා ගනින්කෝ පිපුරුවේ මක්කද කියලා... හෙහ් හෙහ්

      Delete
  7. සීන් එක පත්තරේ ගියාද නැත්තන් අර ගෑණු ළමයට දෙදහක් දීල ගොඩින් බේරගත්තද දන්නෙ නෑ නේ?...

    ReplyDelete
    Replies
    1. ඔය අස්සෙනේ සාතන් අයියේ මැනේජර් කාරයා අපිට නෙලන්ඩ ආවේ....ඉතින් ඒකෙන් ගැලවුනා

      Delete
  8. මොනිටරේට කෙලත් විසික්කා උනා.
    එලටම ලියලා තියෙනව. අදත් රම්බා වැඩේ දෙක කොරලා.

    ReplyDelete
  9. 'දැනට මෙතන ඉන්න ඔයා වගේ අහිංසක දෙතුන් දෙනෙක්ට විතරයි කිව්වේ.'
    ඒ ඔක්කොම සුංදර සුකුමාල කෑලි වෙන්න ඇති නේද?

    ReplyDelete
    Replies
    1. එහෙනම් එහෙනම්...දන්නවනේ ඉතින් හෙහ් හෙහ්

      Delete
  10. සුකුමාල හිනාව තමයි ඔක්කොටම මුල

    ReplyDelete
    Replies
    1. ආයෙත් ආහලා...ඕක තමයි ඔකොටම මුල...

      Delete

  11. මරාගෙන හිනා වෙන් පුළුවන් ඔයි , පට්ටයි ,අදමයි ආවෙත් මේ පැත්තේ ,
    රබ්බ නම් සිරා ,

    :D

    ReplyDelete
    Replies
    1. එල් ටී ටී කාලේ හෙම ඔය කතාව කිව්වනම් බොලා අද නෑනෙව. මරාගෙන මැරෙන හමුදාවට අරන් යාවි.හෙහ් හෙහ්

      Delete
  12. හික්ස්... අයියෝ අයියෝ...හැමදාම රම්බා අනාගන්නවනේ..... :D

    ReplyDelete
    Replies
    1. රම්බාව හදන්න බෑ අප්පා මොක කලත්

      Delete
  13. රම්බට ඔය අස්සේ මතක් වෙච්ච වචනේ... හි හි

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්...ස්පෝථනය...!ස්පෝථනය !!

      Delete
  14. රම්බා හෙන මොඩයෙක් නෙ.

    ReplyDelete
    Replies
    1. මෝඩ ගහක් නිසු අක්කේ

      Delete
    2. මෝඩ ගහක් නිසු අක්කේ

      Delete
  15. ඔව්වට කියන්නෙ මෙහෙමයි"නංගී,ඔයා මේ ව්‍යාපාරය ගැන තියෙන උනන්දුව මම මගේ හද පත්ලෙන්ම අගය කරනවා.ඔයා වගේ උද්යෝගී තරුනියන් ඉන්න නිසා තමයි අපේ රටේ ජනමාධ්‍ය පවතින්නෙ,අපි අද හවසට මාධ්‍ය සාකච්ඡාවක් තියනවා,ඒකට ඉන්වයිට් කරන්න ඔයාගේ කන්ටැක්ට් නම්බරයක් දෙන්න කෝ,,,,,,,,,,,,,,,,කියලා.www.amuthusithuwili,wordpress.com මගේ එකෙන් ප්‍රතිචාර දාන්න ප්‍රශ්න ගොඩයි

    ReplyDelete
    Replies
    1. අඩේයප්පා ඒ විදිහත් නරකම නෑ.. හෙහ් හෙහ්

      Delete
  16. අලුත් කුණු හබ්බයක් ඉගෙන ගත්තා ස්පොථ්නය

    ReplyDelete
  17. ස්පෝඨනය කියන්නෙ පුපුරනවා කියන අදහසට නේද ? උඹේ වචන වලට ගහන්න වචන නෑ බන්... සුපිරියි...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් සිරා අයියේ. විද්‍යාව පාඩමේ උගන්වන්නේ අර බීජ ව්‍යාප්තිය පාඩමේ. හෙහ් හෙහ්

      Delete
  18. හප්පා ඕයි හෙහ් හෙහ් :)

    එල ඈ!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  19. රම්බො ගැන කියල ලියන්නෙ උබ ගැනද මන්දා ;)

    ReplyDelete
    Replies
    1. හාහ් හාහ් හාහ් මම ඔය තරම් කුප්ප වැඩ කරන්නේ නෑනේ සෑම් අයියේ

      Delete
  20. ස්පෝථනයෙන් ඒ මොකක්ද බං..

    ReplyDelete
    Replies
    1. පුපුරන එක අසාර් අයියේ පුපුරන එක. විද්‍යාව පාඩමේ කියා දෙන්නේ බීජ ව්‍යාප්තිය පාඩමේ

      Delete
  21. වෙනදා වගේම අදත් මම උඹේ වචන සෙට් එකට වශී වෙලා ඉන්නෙ.

    ඔය පත්තරවලට විහිලු තීරු ලියන හුඟදෙනෙකුට උඹට තරම් හොඳට ලියන්න බෑ බං.

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්

      හැමදාම වගේ ඔය වචනේ මගේ බොක්කටම වදිනවා ඩුඩ් අයියේ

      Delete
  22. අර කෙල්ලගේ ඇස් දෙක බෑන්ඩ් එක දිහාට ගියා විතරයි ශික් ..කරන්ට් එක ගියා ..මගුල ! ඉතුරු ටික පස්සේ කියවන්නම් ඈ !

    ReplyDelete
    Replies
    1. ඕන් ඉතිරි ටිකත් කියෙව්වා හරිය ..........හු ........රම්බා ..හික්

      Delete
  23. හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්... ස්පෝඨනයෙන්???? හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්... මෙයාට හිතෙන එව්වා බලන්නකෝ හෆ්ෆා.. ඇත්තටම හොද හිනා යන කතා සෙට් එකක් මේකනම්..

    ReplyDelete
  24. මාධ්‍ය වේදිනියන්ට කිංඩි දැමීම පිළිකුලෙං යුතුව හෙලා දකිනවා...
    ඇයි යකෝ මොනා නැතත් අපේ සහෝදරියොනේ...

    ReplyDelete
    Replies
    1. මේ...මේ.. දිලිසෙන සියල්ල රත්තරන් නොවේ තරියා. ඒවගේම සියලු මාධ්‍ය වේදිනියන් බොලාලගේ නෙමෙයි හරිය....හෙහ් හෙහ් හෙහ්

      Delete
  25. මොනා වුනත් රම්බගෙ කටනම් මරු. රයිටර්ගෙන්ම පුරුදු වුන ඒව වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. රම්බා කට ගන්න දෙයක් නැ ගිමා අයියේ.

      Delete
  26. මේ අර මාධ්‍ය නංගී ලස්සනද? මාත් අහන්නමයි හිටියේ. සිරා තාම තනිකඩයානේ

    ReplyDelete
    Replies
    1. ලස්සනදත් අහනවා....ඉටි රූපේ වගේ...

      Delete
  27. hika hikazz..
    Hakka patas...
    Spotanayen una nam kohoma wenda athda bn.. :p

    ReplyDelete
    Replies
    1. ස්පෝටනය ගැන පොඩ්ඩක් හිතලා බලාපන්කෝ

      Delete
  28. හුටා...ටොකු ගොඩයි....
    පට්ටයි ඈ...

    ReplyDelete
  29. හික්ස් හයියූ මේ කොල්ලනම්..... මගෙ මතකෙ නැවතුනේ විද්‍යාව පාඩමේ...හික් හික්...ස්ඵෝටනය...හික් හික්..පැතූ ඔයානම්.....

    ReplyDelete
  30. ම්..පැතුම්ගේ ලිවීමේ ශෛලිය නම් හරිම වෙනස්..සමහර වෙලාවට ඇත්ත තිත්ත වුනත් හිනාවෙන්න පුළුවන්..

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හෙහ් හිනා වෙන්ටකෝ එහෙනම් අක්කේ

      Delete
  31. හම්මෝ.. හරබර වචන නොවැ රම්බටත් මතක්වෙන්නෙ මේ දඩිබිඩි වෙලාවෙ.. :D
    කතාවටනම් තවම හිනාව නවත්තගන්න බෑලූ..

    ReplyDelete
    Replies
    1. රම්බා තමයි රම්බා අක්කේ....හෙහ් හෙහ් හෙහ්

      Delete
  32. //"ඔව් ඩො තොපි සුළඟ මගින් බිහිවුන එවුන් තමයි......කපනවා දැනගන් "

    "එතකොට අයියා බිහිවුනේ ස්පෝථනයෙන්ද.....?" රම්බා ඇහුවා....

    අපිට සද්දේ දාපු එකා ස්පෝථනයෙන් බිහිවුනේ කොහොමද කියලා එක එක අසභ්‍ය ගනයේ චිත්ත රුප මැවෙන අස්සේ අරුගේ යටි බඩට දෙකක් ඇනලා අපි හුවකුත් තියල පන එපා කියලා දිව්වා.//

    :D :D හිනා වෙලා පන යනෝ :D

    ReplyDelete
  33. හි හී.... නියමයි... උපහාසය...

    ReplyDelete
  34. ආයේ මොනා කියන්නද අයියේ උපරිමයි අර හර බර ටෝක් ටික තමා පාර.... ස්ඵෝටනයෙන් බිහිවුන එකාගේ අප්පුච්චා මල හත්ඉලව්වයි මොනා හිතන්නද මන්දා එල ඈ

    මෙහෙම ජෝක් අදහස් එන්නත් නිතරම විහිළුවෙන් තහළුවෙන් ඉන්න චරිතයක්ද කියලත් හිතෙනවා වෙලාවකට

    ReplyDelete
    Replies
    1. ස්ඵෝටනයෙන් බිහිවුන එක ගැන හිතලා වැඩක් නෑ මලේ...හෙහ් හෙහ්


      හෙහ් හෙහ් එහෙම ඩයල් එකක්ද නැද්ද කියලා හම්බෙච්ච දවසක බලා ගමුකො මලේ..හෙහ්

      Delete
  35. මචං "ස්පෝථනයෙන්" කියනෙනම් මොකද්ද බන් . .

    උඹ ලියන ස්ටයිල් එක නම් පට්ට . .

    සිරාවටම හෙන ම ආතල් ස්ටයිල් එකක් . . .

    දිගටම ලියපන් ඈ . .

    ReplyDelete