My name is රයිටර් who writes, some kind of ඇවටියෙල් stories..

Tuesday, February 19, 2013

"අ.....නේහ්..!!!....එයාට රිදෙයි...!!! .පරිස්සමෙන්...අනේ"


ගිය පෙබරවාරි දාහතර වෙනිදා, ඒ කියන්නේ අන්තර්ජාතික වැලන්ටයින් දවසේ පාන්දර අටට විතර හීනෙන් බය වෙලා උඩ ගිහින් ඇහැරුනේ ඉහින් කනින් දාඩිය පෙරාගෙන... දැකපු ඇවටියෙල් හීනෙ තේරුම් ගන්න බැරුව, අත්තික්කා කොළ කොටලා බීපු මයිනා වගේ මම දහ අතේ කල්පනා කළා. හීනේ පලවෙනි රූප රාමුව විදිහට දිනුම් ඇදීමකින් සිලෙක්ට් වෙලා අපිට චාන්ස් එකක් ආවා නුවර එළියේ කේබල් කාර් ප්‍රොජෙක්ට් එකේ ටෙස්ටින් රයිඩ් එකට ඇඩ්මිට් වෙන්න..

රයිඩ් එක අතරේ අහසේ අතරමං වෙලා තිබ්බ නිල්ම නිල් වලාකුලක් මැද්දෙන් යනකොට දිලූ මගේ අත කිටි කිටියේ මිරිකගෙන මගේ උරහිස්සට හෙමින් ඔලුව තිබ්බා.. හම්බේ ආදරේට මගේ පපු කැවුත්ත පැලෙන්ඩ වගේ. ලොවක් දිනපු පෙම්වතෙක් වගේ මම හෙන ආඩම්බරෙන් දිලූ දිහා බලලා ඇහැක් ඉඟිමරුවා... දිලූ ඇස් දෙක බාගෙට අඩවන් කරගෙන මං දිහා උමතුවෙන් වගේ බලාගෙන හිටියා..හම්බේ...දිලිසෙන ඇස්...මගේ කවි හිත ඔද්දල් වෙන්න පටන් ගත්තා.... දිලූ එක පාරටම පැනලා මගේ බෙල්ල බදාගත්තා..ඊට පස්සේ ඉතින් කියල වැඩක් නෑනේ.. මමත් "අහස අපේ කියලා" වෙන දෙයක් වෙද්දෙන් කියල දිලුට සපෝට් එක දුන්නා..හම්බේ ඒ උම්මා එකේ දිග...දිලූ බෙල්ල අතාරින පාටක් නෑ. ඔහොම ටික වෙලාවක් යනකොට මට  හුස්ම ගන්න බෑ බෑ වගේ දැනුණා. මම කෑගැහුව..හයියෙන් කෑගැහුවා...දිලුට ඇහෙන්නේ නෑ..

"දි..දී...දී...ම..ම...ට   හු. හු...හ්..ම  ගන්...ඩ බෑ....දි..දී.ලූ...දිලූ".

හුස්ම ගන්න බැරුව මගේ වකුග පෙනහල්ල පුපුරන්ඩ වගේ කකියැවා . ඒ පාර මම යටිගිරියෙන් කෑගහගෙනම ඇහැරුනා, ඇහැරුනාමත් හුම්ම ගන්න බෑ.අත පත ගාලා බලද්දී ඇඳගෙන උන්නු සරම බෙල්ල වටේ එතිලා ඔට්ටපාලේ වගේ. ඉතින්  කොහොමද කියහන්කෝ හුස්ම ගන්නේ...!!!

මල පැනපු පාරට සරම ගලවල විසික් කරා සිවිලිමට.."හුටඃ " කාපන්කෝ ගල් බනිස් සීනි සම්බෝල එක්ක කියන්නැහැ...සරම ෆෑන් එකේ පැටලුනා..එන්න එන්න ෆෑන් එකේ වේගේ අඩුවෙලා.. අඩුවෙලා...නැතිවෙලාම ගිහින්...හෙන දුමාරයකින් කාමරේම පිරුනා.


"ඕපඃ  ගැන්ග්නම් ස්ටයිල්....ඕපඃ ගැන්ග්නම් ස්ටයිල්...."

මගේ දෙයියා රින්ග් වෙන්න ගත්තා...උදේ පාන්දර දිලුගෙන් වැලන්ටයින් විෂ් එක අහගන්න මම සැදී පැහැදී, කවුද බලන්නේවත් නැතුව දෙයියා කනේ තියාගත්තේ මේ උදේ පාන්දර වෙන වැදගත් එකෙක් කෝල් කරන්නේ නෑ  කියලා තක්කෙටම දන්න හින්දා.

"හෙලෝ...ඔ..ඔ...!"

"හෙලෝව්....රයිටර්".... නෙ...ද්..ද..කින් මේ හිපාටුවනේ....!

"ආ..ආ.. ඔව් කියපන් රම්බා...."

"මාර සීන් එක වෙලා තියෙන්නේ...මල හුට්ටප්පර හතයි රයිටර්"

"විකුණගන්න බැරි වෙයිද...?"

"මොනාද...?"

"මල හුට්ටප්පර....හතක්ම තියනවා කිව්වේ"

"උඹේ ආච්චිට මම හු......ඟක්  ආදරෙයි කිව්වා කියහන්" රම්බා මට අසමජ්ජාති ආඩපාලියක් කිව්වේ, නහුතෙට තද වෙලා..

"හරි හරි... ඔරොප්පු නැතුව කියහන්කෝ ඉතින්...."

"ගමම එතන...විජහට වරෙන්....අදොනිස් මාමගේ කොල්ල ගඟ අයිනේ මුරුංගා ගහේ බෙල්ලේ වැල දාගෙන..."

 හුට්ටප්පරි රඹුට කැකරී කිව්වලු...මදැයි උදේ පාන්දර වැලන්ටයින් විශ් එක ඇහුවා...


"හා හා..උඹ හන්දියේ ඉඳපන් මං ටාර් ගාල එන්නම් "

---------

මමයි රම්බයි එතනට යද්දී ගඟ අයිනේ මුරුංගා ගහ වටේ සූ ගාලා සෙනග.. ගගේ එල්ලුන එකා දිහාවට හැම එකාම ෆෝන් එක උලුක් කරගෙන පොටෝ ගහනවා..ෆ්ලෑෂර් වදිනවා වටේට විදුලි කොටනවා වගේ.. මැරිලත් උට තියන පබ්ලිසිටිය යකෝ.

ඔන්න "පැය හයකට හතකට" පස්සේ එතනට පොලිස් රාහලාමිල ආවා මරණ පරීක්ෂණ කටයුතු කරන්න..මොනඃ....ඒ මිනිස්සුන්ට එතනට ඇවිල්ලත් මිනිය එල්ලෙන තැනට එන්ඩ පැය කාලක් විතර ගියා. ඒ තරමට ප්‍රේක්ෂක ජනකාය. අන්තිමට පොලිස් රාලහාමි කෙනෙක් බොහොම හෙමින් කරුණාවෙන් ඉල්ලීමක් කළා..

"කරුණාකරලා අපට අපේ රාජකාරිය කරන්න ඉඩ දෙන්න, මේ මරණකාරයාව ඉක්මනට මල්සාලාවට අරන් ගිහින් එම්බාම්වැඩ කටයුතු ටික කරලා ඉක්මනින්  මිනිය ගෙදර ගෙන්ඩ අපට සහයෝගය දෙන්න"

ඔය අතරේ කොහේද උන්නු ඇග්නස් ආච්චි මැද්දට පැනලා හප හප හිටපු බුලත් හපේ තුහ් කියලා විසික් කරලා චීත්තේ ගැටේ තද කරන ගමන් මෙහෙම කියපි.

"හඃ...රාලහාමි මගුලක් කියනවා...අපිට මේවගේ දර්ශනයක් බලා කියාගන්ඩ කාලාතුරකින් ලැබෙන චෑන්ස් එකත් මිස් කරන්ඩද හදන්නේ ඈ.....? ඕකා ඊයේ රෑ  ඉඳන් එල්ලිලා හිටපු එකේ තව ටිකක් වෙලා එල්ලිලා හිටපුවාවේ අපිට නිවී හැනහිල්ලේ බලාගන්ට ...මොකෑ රාලහාමිට ඔච්චර හදිස්සිය මූ රාලහාමිගේ බෙල්ලේ එල්ලිලා ඉන්නවායෑ...!!! "

රාලහාමිට දැන් ඇඩෙන සයිස්...බැරිම තැන රාලහාමි මුරුංග ගහ පාමුල ඉඳගත්තේ "දර්ශනේ නරඹලා ඉවරවෙලා කාරිය කියන්ඩකෝ ඈ එහෙනම් "  කියලා... කොහොම හරි පැයකට හමාරකට පස්සේ ප්‍රේක්ෂක ජනතාවගේ කාලගෝට්ටිය මැද්දේ පරීක්ෂණ පවත්වලා මිනිය බිමට බාන්ඩ අපේ ගමේ පයිලට් වෙච්ච ඇඩ්වින් ගොයියා මුරුංගා ගහට නැග්ගෙව්වා...කොහෙද නාඹර ගැටිස්සියක් ඇවිත් මරලතෝනි දෙන්න ගත්තයින් වටේ හිටපු ගෑනු උදවිය ඒ ගැටිස්සි වටේ රොක් වෙලා ඒකිත් එක්කම තරඟෙට බලියන්ඩ ගත්තා. ගමම මළගෙයක සිරියෙන් බැබළුණා..

"අනේ අයියේ..ඇයි ඔයා මෙහෙම දෙයක් කරගත්තේ...මගේ දෙයියෝ......මම ඔයාට කැමති වෙලා පස්සේ අකමැති උන හින්දාද....මගේ...අයියේ...ඔහොම යන්න ගියේ..කියල ගියානම් කමක් නෑ..අනේ...මට බෑ...අනේ....ව..ව...තුර ටිකක් වතුර ටිකක්" කෙල්ලගේ ඇඩියාව මගින් නැවතුනා වතුර ඉල්ලලා. වටේ පිටේ හිටපු එකෙක් ගඟට බැහැලා පොල්කට්ටකට වතුර ටිකක් ගෙනත් දුන්නා. එක හුස්මට බීපු වතුර වලින් රීස්ටාර්ට් වුන කෙල්ලගේ එන්ජිම ආයේ වැඩ කරන්ඩ පටන් ගත්තා..

"...ඒ වුනාට අයියේ ඔයා මට මහ බලු වැඩේ කලේ අයියේ...ගම පුරාම කිව්වේ ඇයි  අයියේ මම ඔයාගේ කියලා...මං  කොහොමද අයියේ..... ආයේ මිනිහෙක් එක්ක දීග යන්නේ අයියේ..මට වාවන්නේ නෑ  අයියේ.."

ඔය අනම් මනම් අවකැපෙන කතා අස්සේ ස්වදේශික පයිලට් ඇඩ්වින් ගොයියා කඹේ ගාවට කිට්ටු කරලා. හතර දෙනෙක් යටට වෙලා රෙද්දක් අල්ලාගෙන ඉන්නවා මිනිය කැච් කරන්න.

"ඔන්න මල්ලිලා...එහෙනම් මං කපන්නද....?" ඇඩ්වින් ගොයියා අහපි.

"වතාවක් කියල පිහිය අතට දීල ගහට යැව්වේ කපන්ටනේ බොල ඉක්මනට කපහන්" පහලින් එකෙක් කියපි

"මල්ලියේ...මේ....මේ....මිනියට පෝකස් කරලා මාවත් පැත්තකින් අහුවෙන්න ෆොටෝර් එකක් ගහපන්කෝ"

"හා හා ජුන්ඩක් හිනාවෙයන්" බැරිම තැන පහල එකෙක් ෆොටෝර් එකකුත් ගැහුවා.

බිම හතර දෙනෙක් රෙද්දක් අල්ලාගෙන කට ඇරගෙන උඩ බලාගෙන ඉන්නවා.

ඇඩ්වින් ගොයියා කඹේ කැපුවයින් එක පාරටම හෙන කඳය පොලවේ ගැහුවා වගේ එල්ලිලා උන්නු එකා රෙද්ද උඩ බම්බර් වෙලා පොලවට "තපස්" ගාලා වැටුනා"

ඕක බලාගෙන හිටපු අර ගැටිස්සි....

"අ.....නේහ්..!!!....එයාට රිදෙයි...!!! .පරිස්සමෙන්...අනේ....රිද්දන්න එපා.." කියපි.

ආනී බොලේ කෙල්ලගේ හුරතලේ.....ඒක  අහන් උන්න මට හෙට උදේ බෙල්ලේ වැල දාගන්ට හිතුනා....දෙයියම්පා..

කෙල්ලගේ පැත්තට චුයින්ගම් ඇහැ දාගෙන උන්නු රම්බා මගේ කනට කරලා අහනවා "මචන් මේ මම සිරාවටම අහන්නේ.......අරුට රිදෙනවා ඇත්ද බං" කියලා.

                                                 ---------------------------------------

අපේ ගමේ ගැණු ටික පාරට බැහැලා  උද්ඝෝෂණය කරලා, ඉහලට තැන්වලට  දැනුම් දීල, ඉස්සර ජාතික වීරයෙක්ගේ නමින් තිබ්බ පාරක්  "චන්ගුමී මාවත" කියලා වෙනස් කරගත්තා. අපි දෙන්නාත් අමාරුවෙන් ඒ දිනාගත්ත  "චන්ගුමී මාවත" දිගේ ඉස්සරගටම ආවා.. උදේ පාන්දර වරුව  සුභ ආරංචියකින් අරුත් ගන්නපු හින්දා මම රම්බාට ස්තුති කර කර එනකොට, හෙන සැහැල්ලුවෙන් අත්දෙක වන වනා සින්දුවක් කිය  කිය එන ඩයල් එකක් පේනවා..පේන විදිහට පොර පට්ට හැපී එකේ.

"අප්පට සිරි ගජ බොල....මේ අපේ ඔඩියානේ"  මමයි රම්බයි ලඟට ආවට පස්සේ පොරව අඳුන ගත්තා.

"ඉ...තින්... ඉ...තින් ඔඩියා සන්තෝසේ බෙද බෙද කොහෙද මේ යන්නේ"

"මේ ගිහින් එන ගමන්  රයිටර්" කියපු ගමන් මිනිහා උරුවමක්  බෑවා ජීවිතේට අහපු නැති සින්දුවක තාලෙට

"එහෙමද වැලන්ටයින් සරු  ඇති එහෙනම් ....?" රම්බා  පැන්නා.

"හ්ම්... හ්ම්.... කෙල්ල කාලෙක ඉඳන්  මගෙන් ස්පෙෂල් තෑග්ගක් ඉල්ලුවා.....ඉතින් මං  ඒක  වැලන්ටයින් එකත් අල්ලලම දුන්නා....."  ඔඩියා හෙන ආඩම්බරෙන් කිව්වා

"අප්පට සිරි මිනිහා දියුනු වෙලා..ඈ....ඉතින් මොනවද බං  දුන්න තෑග්ග...." රම්බටත් ඕනේ නැති මී කුණක් නෑ

"මං  දුන්න මචන් බඩට දරුවෙක්"



  


91 comments:

  1. හෙහ් හෙහ් හෙහ්...

    ReplyDelete
  2. පට්ට කතාව බං. මටත් හුබ්බ ගන්න බෑ හිනා වෙලා.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් බලපන් බලපන් සරමවත් පැටලිලාද කියලා

      Delete
    2. උඹේ මේ පෝස්ට් එක මතක් වෙන සිද්දියකට මම මේ ලඟදි මූණ දුන්නා. එදා සිකුරාදා දවසක්. මම මරදානෙන් රුහුණු කුමාරියට ගොඩ වුණේ ගෙදර එන්න. සිකුරාදාවක් නිසා එදා කටකපලා සෙනග. කෝච්චිය මරදානෙන් ඇදලා ටික දුරක් යනකොට අවුරුදු 20ක විතර කොල්ලෙක් පඩිපෙළ දිගේ දුවගෙන ඇවිත් කෝච්චියේ එල්ලෙන්න හැදුවා. ඒත් කෝච්චියේ වේගයත්, ෆුට්බෝඩ් වල පවා එල්ලිලා හිටපු සෙනග කන්දරාවත් නිසා ඌට පය වැරදුනා. වේදිකාවත් දුම්රියත් අතරට වැටිච්ච කොල්ලගේ ඉරණම මොකක්ද බලන්න මාත් බිමට බැස්සා. බුදු අම්මේ... වනේ වනහතුරෙකුට වත් එහෙම දෙයක් නම් වෙන්න එපා. ඒ කොල්ලගේ ඉණ ගාවින්ම දෙකට වෙන්වෙලා. අතකුත් උරහිස ගාවින්ම වෙන් වෙලා ගිහින්. මේ අවාසනවන්තයාගේ සිරුර ගොඩ ගන්න උදව් වෙනවා වෙනුවට වටේ හිටපු උන්දලා කරේ උන්ගේ ෆෝන් වල කැමරා අටෝ ගෙන මේ දර්ශනය වීඩියෝ කරන එක. ඒ මදිවට කෝච්චියට නැගලා හෙන වීරයෝ වගේ තමන්ගේ ෆෝන් වල පින්තූර අනිත් එවුන්ටත් පෙන්නනවා. මේ මානසිකත්වය මොකක්ද රයිටර්? එළියට ඇවිත් කියලා හිතන් උන්නට අපි තාම කැලේ නේද බං ඉන්නේ?

      Delete
    3. එහෙම තමයි දීලා දැන් රටේ ඉන්න උන්ගේ මානසිකත්වය..තමන්ගේ අම්මා අප්පට ඔය දේ වුනත් ඉස්සෙල්ල මතක් වෙන්නේ වීඩියෝ කරන එක. ඒ මනුස්සයට වතුර පොදක් දෙන එක නෙමෙයි.

      Delete
  3. හෆොයි වැලන්ටයින්.....

    ඔය වැලන්ටිනෝ පියතුමා අද කාලෙ වෙන දේවල් දකින්න ජීවත් වෙලා හිටියා නම් බෙල්ලේ වැල දාගන්නවා ෂුවර්..

    ReplyDelete
    Replies
    1. හැක හැක හැක නැති එකමයි හොඳ

      Delete
  4. හුකෑස් හුකෑස්! මාර තෑග්ගක් නේ යකෝ දීලා තියෙන්නේ අර යකා! මොනවා උනත් වටිනවා!

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් ස්පෙෂල් සප්‍රයිස් ප්‍රසන්ට් එකක්නේ නාඩියා

      Delete
  5. තොගේ ආච්චිගේ සරම... මගේ බඩවැල් එකට පැටලුනාද කොහෙද

    ReplyDelete
    Replies
    1. හප්පට උඩු..උණ්ඩුක පුච්චේ ප්ලීහාව වටේ එතෙයි ඉක්මනට ලෙහා ගනින් මීගොඩස්

      Delete
  6. බොලා දාන කතා මට ප්‍ර‍ිද්දියේ කියන්න බෑ, අපේ ගෙදර මිනිස්සු පිස්සන් කොටුවට උස්සන් යන්න හදනවා..

    ReplyDelete
    Replies
    1. වහන් වෙලා කියවහන් නංගියේ...නැත්තම් මටයි නරක නාමේ

      Delete
  7. හෙහ් නියම කතාව. මරැ තැග්ගක් නේ දිලා තියෙන්නෙ :පී

    ReplyDelete
    Replies
    1. ස්පෙෂල් වැලන්ටයින් ප්‍රසන්ට් එකක්නේ මදාරා අක්කේ

      Delete
  8. මෑඅ ඇග්නස් ආච්චිව පාරක තොටක වත් ආයේ හම්බ මම දුන්න කියලා කියලා උම්මා එකක් දීපන් ඈ . . .

    එල කොල්ලෙක්නේ චික් නෑ මේ එල කෙල්ලෙක්නේ ඇග්නස් ආච්චී . . .

    අහ් මේ බිමට වැටෙද්දී එල්ලිලා හිටපු එකාට රිදුනේ නෑ නේ ද බන් . .

    හික් හික් හික්

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් මම වෙලාවක ඇග්නස් ආච්චිව බොට මුනගස්සන්නම්කො, එතකොට බොලාම උම්මා එකක් දීපන්කො ඈ..!!!

      රිදෙන්න...?..හාක් හක්‌ හක්‌ ඌ කතා කළේවත් නෑනේ බං...අඩුම ගානේ "හ්ම්" කීවෙත් නෑ

      Delete
  9. උඹලා ඉන්න පළාතකනම් කොළුවෝ....,එල්ලිලාවත් මැරෙන්න හිතක් නෑ....

    ඇයි ඒකත් කොමිටලේට ගන්නවනෙ....

    ReplyDelete
    Replies
    1. හප්පා සුමිත් අයියේ...ඒ වගේ පැත්තකනේ එල්ලිලා මැරෙන්න ඕනි...බලන්ටකෝ කොයිතරම් හොඳ ප්‍රේක්ෂක ජනතාවක් මැද්දේ අවසන් ගමන් යන්න පුලුවන්ද කියලා.

      Delete
  10. matath hithune ara sumith mahathmayata hithuna dema thamayi. me gamata gihin parak ahannath bayayi ne.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්...කාගෙන්වත් නැතුව සයුරි අක්කේ ඔයා මගෙන් පාර අහන්න. මම කොමිටලේට ගන්නේ නැතුව කියලා දෙන්නම් එතකොට හරිනේ..

      Delete
  11. අනේ අෆොයි..! :D :D
    නපුරු හීන..!

    අර බිමට පතබෑ වුණ කෙනාට සිදිලා පණආවනම්.. :D

    ReplyDelete
    Replies
    1. හෑ සිරාවටම අහන්නේ නන්දු අක්කේ..එහෙම සිදුනොත් පණ ආයේ ඒවිද...කම්පනේ හින්දා..? හෙහ් හෙහ් !!

      Delete
  12. හතර වටේටම අල්ලලා උඹ දීලා තියෙන්නේ.... අඩෝ සිරාවටම මෙතන සමාජ ප්‍රශ්න කීයක් තියනවද... හිනාවෙන ගමන් ඇඬෙනවා....

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් අඬන ගමන් හිනා වෙන්න එපා තිසා, හිනාව ඉස්පොල්ලේ යාවි

      Delete
  13. උදේ පාන්දර ලේ පිරිසිදු වෙන්න මරු පෝස්ට් එක :)

    ReplyDelete
  14. නියමයි.හතර අතටම නෙළල!

    ReplyDelete
  15. උදේ පාන්දර හුස්මත් හිර උනා,,,

    ReplyDelete
    Replies
    1. හප්පා හුස්ම ගිරකරගන්ට එපෝ

      Delete
  16. 'බැරිම තැන රාලහාමි මුරුංග ගහ පාමුල ඉඳගත්තේ "දර්ශනේ නරඹලා ඉවරවෙලා කාරිය කියන්ඩකෝ ඈ එහෙනම් " කියලා' හපොයි.

    අර චංගුමී මාවත කියල පාරවල් නම්කරන එකනං ළඟදිම වෙයි වගේ.

    නියමයි පැතුමො.

    ReplyDelete
    Replies
    1. රාලහමිලට පාලනය කරන්න බෑ ප්‍රසා අයියේ, ඒකයි සරෙන්ඩර් වෙලා ඉඳගත්තේ..

      "චන්ගුමි මාවත" කොච්චර ලස්සනද නේද..?

      Delete
  17. අර ආච්චිගේ කියන කතාව තමා පට්ටම...හි හි හී

    //ඕකා ඊයේ රෑ ඉඳන් එල්ලිලා හිටපු එකේ තව ටිකක් වෙලා එල්ලිලා හිටපුවාවේ අපිට නිවී හැනහිල්ලේ බලාගන්ට ...මොකෑ රාලහාමිට ඔච්චර හදිස්සිය මූ රාලහාමිගේ බෙල්ලේ එල්ලිලා ඉන්නවායෑ//

    නියමයි රයිටර්... :D

    ReplyDelete
    Replies
    1. කොහොමද මට හෙන ආඩම්බරයි ඉතින් අපේ ගමේ ආච්චිලා ගැන

      Delete
  18. උඹලත් එක්ක එල්ලිලා මැරෙන්නවත් බෑ බං. මම හිතුවේ උඹ ලියන එව්වගේ හැටියට මිනියට පන එයි කියලා අන්තිම මොහොතෙවෙත්.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් මැරුණු මිනිස්සුන්ට කොහොම පණ එන්ටද ඩුඩ් අයියේ...ඔන්න රම්බාවත් ඒ කතාව කිව්වා නම් ගණන් නොගෙන ඉන්න තිබ්බා. හීහ් හීහ් හීහ්

      Delete
  19. පට්ට තෑග්ග යකෝ. මුව මරලත් මදිනේ. අනෙක රයිටරයෝ. අර කෙලිගේ විස්සෝප වීම අහල මටත් යන්න හිතුන් ඒකි හොයාගෙන. ඒකිගේ විස්සොපේ පහවෙන්න දුක තුනීවෙන්න දුකට පුන් ටිකක් ගහල එන්න. මී අස්දෙක පළල මයේ පපු කැවුත්ත වාවන්නේ නැහැ බොලව්.
    කෝරලේ වලව්ව පැත්තේ ගොඩවදින්න

    ReplyDelete
    Replies
    1. මතක ඇතුව ලංකාවට එනකොට මුඛ වාඩමක් අරන්වරෙන් මම දුකට පුන් ගහන්න උඹව එක්ක යන්නම්

      පපු කැවුත්ත පැත්තකින් ගලවල තියපිය බොල

      Delete
  20. ආයෙ කියල වැඩක් නෑ... නියමෙටම කියන්න ඕන ටික කියල තියෙනව... ඇත්ත නේන්නම්.... බෙල්ලෙ වැලලාගන්න එකා ඒ වැඩේ කරගන්නව දැක්කත් විගහට ෆෝන් එක අරගෙන පොඩ්ඩක් හිටපං මචං මං පින්තූරයක් ගන්නකම් කියාවි.... අර නාකි උන්ද වයසටද කිව්ව කතාව.... hiks...

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් මතකනේ පහුගිය කාලේ වෙච්ච සිද්ධි

      Delete
  21. බොලගේ කතාව කියවලා තනියම හිනාවෙලා මේකට එන උන් මට තක්කෙටම පිස්සු තමයි කියලා ඔන්න සුවර්ම කොරගෙන අද ගියේ.....

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් සුවර් කරන්ඩ දෙයක් නෑ ඉතින් නේද බට්ටි අක්කේ... උන්දැලා හැමදාම දකිනවා ඇතිනේ..හෙහ් හෙහ්

      Delete
    2. බට්ටිගෙ විස්තර අපි ඉතින් ඉස්සර ඉඳන්ම දන්න නිසා, අපිට ඒක එච්චර පුදුම හිතන දෙයක් නෙමෙයි, නේද පැතුම්. ඒත් එතන්ට එන යන මිනිස්සු කතාවෙනවා ඇති 'මෙ කෙල්ලගේ තත්වය අද ටිකක් බරපතලයි වගෙ' කියලා. :D

      Delete
    3. හෙහ් හෙහ් හෙහ්..අමුතුවෙන් හිතන්න දෙයක් නෑ ෆා අක්කේ..අපි නම් ඉතින් දන්නවනේ...ඔයා කිව්වා වගේ මිනිස්සු ටිකක් බරපතලයි වගෙ හිතන්න ඇති නේ

      Delete
  22. නියමයි රයිටර් :D

    ReplyDelete
  23. අර සරම එතකොට එහෙමම තියෙද්දෙ අඹුඩෙ පිටිංද එල්ලිල හිටි එකා බලන්න ගියෙ ? එතකොට අර අම්මන්ඩී අඬන්න ඇත්තෙ වෙන අහවල් එකක් දැකලද මන්දා..

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් අමුඩ ගහන් නිදියන්නේ කවුද අප්පා සරත් අයියේ..මම ශෝටක් දාගෙන ගියේ ඈ...

      Delete
  24. අනේ ඇත්තට පැතුම් ඔය වගේ වෙලාවට රයිටරුයි රම්බයි කට ඇරගෙන බඩ උලාගෙන හිටියනේ හැබෑට අඬන්නැතුව!!
    මෙහෙමත් යාළුවො..!!

    ReplyDelete
    Replies
    1. අපි දුක පෙන්නන්න යන්නේ නැනේ රූ අක්කේ අපි හිතින් ඇඬුවා අම්බානක. එත් පිටට පෙන්නුවේ නෑ

      Delete
  25. අඩොව් ! මගේ බඩ කොරවෙලා ඉන්නේ මේ දවස්වල.

    ReplyDelete
    Replies
    1. හාහ් හාහ් හා තව ටිකක් කොර කරගමු

      Delete
  26. නියමයි රයිටර් නියමයි !
    මරු වැලන්ටයිමක්... :)

    ReplyDelete
    Replies
    1. ටොයින් ටොයින් වැලන්ටොයින්

      Delete
  27. වටේටම දීලා ඇදලා එක පාරින්ම... හි හි....

    ReplyDelete
  28. සුපිරි....... අනිවා උබලගේ ගම පළාතේ එන්න හිතෙනවා බන්

    ReplyDelete
    Replies
    1. එන්ටකෝ එන්ටකෝ දේවා අයියේ..එනකොට කල් ඇතුව දැනුන් දීලා එන්ටෑ

      Delete
  29. ඔය තියෙන්නේ ලෙසටම කලින් එක හරි නැහැ කිව්වට මේක සුපිරි බන් හිනා කාලා මැරෙනවා.මිනිය වැටුන හැටි මැවිලා පෙනුනා ඈ :D

    ReplyDelete
    Replies
    1. හැක හැක..රෙද්දට වැටිලා බම්පර් වුනා බං

      Delete
  30. අරයාට රිදුනද මන්දා :පී. කතාව සහ කතාව නම් නියමයි. තැග්ගත් කියලා වැඩක් නෑ.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් ස්පෙෂල් ගිෆ්ට් එකක්නේ දිනේෂ් අයියේ. කතාව සහ කතාව කිව්වේ ?

      Delete
  31. අඩෝ අරූ මහ ජරා තෑග්ගක්නේ බං දීලා තියෙන්නේ...
    ඇයි යකෝ තෑග්ග හම්බෙන්න කොච්චර කල් බලං ඉන්නෝනද?????
    අරූට ගහෙං බානකොට සිරාවට රිදෙන්න ඇති නේ බං???

    ReplyDelete
    Replies
    1. හා උඹ බැංකු ළමාගිණුමක් තෑගී දියන්, කල්පිරෙනකම් ඉන්න ඕනේ නැද්ද බලන්න. අනාගත ආයෝජනයක් බං මේකත්..ප්‍රතිපල ඉස්සරහට..

      රිදෙන්න ඇති බං..කොහෙද ඌ කටක් ඇරලා කියන එකක්යැ..හෙහ් හෙහ්..හෙහ්

      Delete
  32. ජීවිත කාලෙටම තියාගන්න කියලා මරු තැග්ගක් දීලා තියනවා ඔඩියා. :D :D

    ReplyDelete
    Replies
    1. ඔඩියා දුරදිග හිතල බලලා දීලා තියෙන්නේ ෆා අක්කේ හෙහ් හෙහ්..හෙහ්

      Delete
  33. අලුතින් එදිරිගේ සාටරේ ලියන්නේ උඹද.

    නියම ලියවිල්ල. අරුට පන අවනම්.ඒ වගේමයි එතනට ආපු පොලිසියේ තිබුන සංවරකම ආසයි!!

    ReplyDelete
    Replies
    1. එදිරිගේ සාටරේ ලියන්නේ සමන් එදිරිමුණි අයියනේ...කොහොමද ඒක මැක්සා නේ...? අකුරක් අකුරක් ගානේ හිනා යනවා..

      රෑ ඉඳන් එල්ලිලා ඉඳපුහාම කොහෙද අසාර් අයියේ පණ එන්නේ පණ යනවා මිසක්‌.. හෙහ් හෙහ්

      Delete
  34. හික්ස්.... අයියෝ අයියෝ... ඇත්තට බිමට පත බෑ වුනු විදියට එයාට රිදුනද දන්නෙත් නෑ. පව් අප්පා.....

    ReplyDelete
    Replies
    1. රිදුනත් කට ඇරල කියන එකක්යෑ..හෙහ් හෙහ්..පව් අහිංසකයා ඉවසා දරාගෙන ඉන්න ඇති නෙහ්...?

      Delete
  35. උඹ ලියන ඒවනම් .. කියල වැඩක් නෑ.. මාර නිර්මාණාත්මකයි..

    ReplyDelete
    Replies
    1. හාහ් හා ස්තුතියි ඈ දයා අයියේ

      Delete
  36. දැන් උඹ ගියාද මං අර කිව්ව බලු කපුටු දානෙට

    ReplyDelete
    Replies
    1. මොන දානේ කිව්වා..? උඹ මට එහෙම එකක් කිව්වේ නෑනේ තරුස් !!!

      Delete
  37. මං හිතුවේ මුරුංග අත්ත කඩාගෙන ඩබලම බිම කියල. :)

    මේක මරු ලිවිල්ලක් මචං.. මෙහෙම කතා ඇතුලේ කතා ලියන එක ලේසි නෑ. එල..!

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හෙහ්...!!

      Delete
  38. පැතුම් මේ ලියන ඉට්ටයිල් එකට මම හරි ආසයි.. හිනා වෙලා පන යනවා.. හෆොයි...

    ReplyDelete
    Replies
    1. ඔපඃ රයිටර්ස්ටයිල්....!!!

      Delete
  39. නියමයි මලයා! සුපිරියට ලියල තියෙනවා!
    අමතක නොවන වැලන්ටයින් තෑග්ගක් දීලා තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. ස්පෙෂල් වැලන්ටයින් තෑග්ගක් ගිමා අයියේ

      Delete
  40. හහැහැහැ , කාලෙකින කිව පට්ට අයිටම් එකක් ඔයි සිරාවටම <3

    ReplyDelete
  41. හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්.... හිනා වෙලා පන යනවා හෆ්ෆා..... :D මරු තෑග්ග

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්....!!!

      Delete
  42. අයියෝ ෂල්ලි.... උදේ පාන්දර හිනාවෙලා පන යනවා. නියමයි මල්ලි. ජය...!

    ReplyDelete
  43. මුරුංගා ගහේ අත්ත කඹේකින් ලග ගහක බැදලද බන් අරූ බෙල්ල වැල දාගෙන තියෙන්නෙ...

    ReplyDelete
  44. එළ පැතූ.... //"අ.....නේහ්..!!!....එයාට රිදෙයි...!!! .පරිස්සමෙන්...අනේ"// හරී හුරතල් කෙල්ල නෙ?

    ReplyDelete