Monday, March 11, 2013

ප්‍රවේශමෙන් හැමතැනම "ෆේක්"

රයිටර්ට හෙන කාලෙක ඉඳන් ඕනේකමක් තිබුනා පොඩි රහස් එක්ස්පෙරිමන්ට් ටයිප් එකේ වැඩක් කරන්න. ඉතින් මම කලේ මුලින්ම හැදුවා ෆේස් බුක් ගිණුමක්..සුවර් එකටම ෆේක් එකක් කියලනේ අහන්නේ ? ඔව් ඔව් ඒකනේ ප්‍රශ්නේ ?  කොල්ලෙක්ගේ නමකින්ද..නෑ නෑ කෙල්ලෙක්ගෙ නමකින්..එතකොට මොකක්ද ඒ ෆේක් එක..? හරි හරි ඒවා ඔක්කොම මම කියන්නම්. ඔන්න කොහොම හරි ෆේස් බුක් ගිණුම හැදුවා කියමුකෝ. එතනින් නතර වුනේ නෑ, හැදුවා බ්ලොග් එකකුත්..මුලින්ම කවියක් ලියලා දැම්මා. යාලුවන්ගේ බ්ලොග් වලට ගිහින් කමෙන්ට් හෙමත් දැම්මා. ඒ මගේ ෆේක්  බ්ලොග් එක පොඩ්ඩක් කට්ටිය අතර හිට් කරන්න. වැඩේ සාර්ථකයි. 

 මම රඟපෑවේ බූට් එක කාපු කෙල්ලෙක් විදිහට. කතා දෙක තුනක් ලිව්වා (ආත්ම කථන) ඔක්කොම පොස්ට් 5යි. ඊට පස්සේ අමාරුම වැඩේ කෙල්ලෙක් විදිහට සමාජගත වෙන එකනේ. කොච්චර අමාරු වුනත් මම එක කළා. කොච්චර සාර්ථකයිද කියනවනම් බ්ලොග් එක හදලා සති දෙකයි ෆලෝවර්ස්ලා පනස් ගානක්. ෆේස් බුක් එකේ ෆ්‍රෙන්ඩ්ස්ලා සීයකට කිට්ටු වෙන්න ආවා. ෆේස් බුක් ගිණුමේ නම් මම තමයි රික්වෙස්ට් යැව්වේ මුලින්. ඒත් බාගෙකට කිට්ටු වෙන්න ඒ ෆේක් එකට රික්වෙස්ට් ආවා. දවසකට රික්වෙස්ට් උපරිම පහකට කිට්ටු වෙන්න තිබුනා. දාපු ස්ටේටස් වලට හොඳ කමෙන්ට් තිබුනා. එක දෙයක් විශේෂයෙන් කියන්න ඕනා. මොකද කියනවනම් කවුරුවත් කැත විදිහට වචනෙකින්වත් ෆේක් ගිණුම එක්ක චැට් කලේ නෑ. මගේ යාළුවො ගැන ආඩම්බරෙන් ඒ දේ කියන්න ඕනේ. ගොඩක් දෙනෙක් උදව් කළා. අලුත් උදවියට අත දෙන්න පරණ උදවිය එකපයින් නෑ බෑ නොකියා කැමති වුනා. වෙන්න ඕනේ ඒක තමයි.


ඉතින් මම මොකක්ද බලාපොරොත්තු වුනේ මේ ෆේක් එකෙන්.

1. මට ඕනි වුනා කෙල්ලෙක් විදිහට මට ලියන්න පුලුවන්ද බලන්න. අලුත් කතාවක් ගොඩ නගන්න. කෙල්ලෙක් විදිහට, අලුත් විදිහට හිතන්න. (පවනි තරංගාගේ  - මතක වස්තුව වගේ එකක් ලියන්න)
2. මගේ ඔරිජිනල් බ්ලොග් එකේ අලුත් වැඩක් විදිහට පොඩි බයිට් වැඩක් සෙට් කරන්න. (ඒ කියන්නේ හොඳම යාළුවො, විහිලු දන්න උදවියට පොඩි බයිට් එකක් සෙට් කරන්න), කැත විදිහට, අප්‍රසන්න විදිහට නෙමෙයි පිර්යක් ඇතුව. බයිට් කරලා ඒක ලස්සනට බ්ලොග් එකේ හෙළිදරව් කරන්න.
3. කොල්ලෙක්ට වඩා කෙල්ලෙක්ගෙ බ්ලොග් එකක් හිට් වෙන්න පුළුවන් වගේම ලේසියි කියන එක හරියටම තක්කෙටම බලා ගන්න
4. අනික මේ සයිබර් අවකාශය ඇතුලේ කොච්චර නම් ෆේක් ජීවිත, රියල් ජීවිත රවට්ටනවා ඇත්ද කියල බලන්න.
5. අනික ඒ ෆේක් චරිතය මගේ බ්ලොග් එකේ කතාවකට රියල් විදිහට සම්බන්ධ කරගන්න.. (ඒක පොඩ්ඩක් සංකීර්ණයි)  

මම මේ වැඩේ කලේ සති දෙකයි. අකමැත්තෙන් වුනත් මගේ යාළුවො දෙතුන් දෙනෙක් බයිට් කළා.  මම හිතනවා උඹලා මගෙත් එක්ක අමනාප වෙන්නේ නැතිවෙයි කියලා. විහිළුවක්නේ කලේ. දුර දිග යන්න කලින් වැඩේ නැවැත්තුවා. ඒත් බයිට් කරලා හෙළි කරන වැඩේ මහා කුජීතයි කියලා හිතුන හින්දා මම අතැරලා දැම්මා. අන්තිමට ඉතුරු අරමුණු වලින් බාගයක්චකබ්ලාස් වෙලා ගියා බ්ලොග් එකයි ෆේස්බුක් ගිණුමයි වහලා දැම්මම.

කෙල්ලෙක් එක්ක ෆේස්බුක් එකේ චැට් කරන එක අමන වැඩක් නෙමෙයිනේ. කොල්ලෝ කෙල්ලෝ එක්ක චැට් කරන්නේ නැතුව කවුරු එක්ක චැට් කරන්නද අප්පා. උඹලා අප්සට් ගන්න එපා හොඳේ. මම මෙහෙම ෆේක් එකක් හදාගෙන කට්ටියව බයිට් කළා කියලා කිව්වම මුලින්ම, මගේ හොඳ යාළුවො සෙට් එකක් (බ්ලොග් ලියන) මට පලු යන්ඩ බැන්නා. යකෝ ඕවගේ වැඩ කරන්න එපා අරකය මේකය කියලා. ඒක අහලා මට හෙන පජාත හැඟීමක් ආව මම හෙන අවලම් වැඩක් කළා වගේ. එවලේම බ්ලොග් එකයි, ෆේස්බුක් එකයි මකලා දැම්මා.


මතක තියා ගන්න ඔබේ ජීවිතේට ලංවෙන සියලු දෙනා රියල් උදවිය නෙමෙයි. විශ්ෂයෙන් සයිබර් ලෝකයෙන්. ෆේක් ජීවිතයකට ඔබේ ජීවිතය බිල්ලට ගන්න බැරිකමක් නෑ. පරිස්සම් වෙන්න. ඒ ගිණුමෙන් මම ගොඩක් දේවල් තේරුම් ගත්තා.

උඹලා බයිට් වුනා වගේ දැනෙනවානම් මට මේල් එකක් හරි ෆේස් බුක් මැසේජ් එකක් හරි දාපන්. මම කියන්නම් ඒ ගිණුමයි බ්ලොග් එකයි මොකක්ද කියලා.  

අපේ තරුවා මේ වගේම පොස්ට් එකක් ලියලා තිබුනා මේ වගේ පරීක්ෂණයක් ලෙසටම කරපු එකක් 

සුභ ආරංචියක් තියනවා හෙළි කරන්න. මේ මාසේ මම බඳිනවා ඈ. ඒ ගැන වෙනම පොස්ට් එකක් ලියන්න හිතාන ඉන්නේ. වැඩ ගොඩයි. එහෙනම් අපි ප්‍රාධුර්භූත වුනා. වෙඩිමෙන් පස්සේ හම්බෙමු
 
 




106 comments:

  1. හපොයි රයිටරුත් කරන වැඩ :D!
    ඉතින් ඔය පරීක්ෂණයෙන් හොයා ගත්ත නිගමන තොරතුරු ටිකත් කිව්ව නම් හොඳයිනෙ.
    අනෙක ඕකට රික්වෙස්ට් එවපු අයගෙන් කොච්චරක් ෆෙක් ඇතිද!
    හැබැයි දැන් ඉතින් ටික දවසක් යනකල් බයිට් වුන අයට අහුනොවී ඉන්න වෙයි :p

    ReplyDelete
    Replies
    1. මේ සයිබර් අවකාශය ඇතුලේ කොච්චර නම් ෆේක් ජීවිත, රියල් ජීවිත රවට්ටන්න පුලුවන්ද කියල හොයා ගත්තා

      කොල්ලෙක්ට වඩා කෙල්ලෙක්ගෙ බ්ලොග් එකක් හිට් වෙන්න පුළුවන් ඉඩකඩ වගේම චාන්ස් එකක් තියන වග තක්කෙටම දැන ගත්තා.

      අනික්වා කරගන්න බැරි වුනා ගිමා. මම බැනුම් ඇහුවනේ.

      Delete
  2. යකෝ කාව කාවද බයිට් කලේ??????? මොකක්ද බ්ලොගේ නම????? ම්මාත ගිහින් හිටියද බොල වස ලැජ්ජාව

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හෙහ් මම බොට මැසේජ් එකක් එවන්නම් කොමා.

      Delete
  3. දැන් ඉතින් නිගමන ටිකත් කියපන් මලයා.

    ReplyDelete
    Replies
    1. වැඩේ හරියටම කරගන්න බැරි වුනා නලීන් අයියේ. අතරමග නවත්තලා දැම්මා එකක් දෙකක් හොයා ගත්තා

      Delete
  4. අම්මා ගහයි.... සිරාවට? බදිනවද? එලනේ ඕයි... :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අඩෝ..........මම දන්නවා.

      මූ තමා අර අප්සරා ලියනගේ............ අඩෝ බස්සා උඹ නම් මරු

      Delete
    2. හා නැද්ද? මේ කියන විදිහට ඒක තමා... මොකද දෙකම මකලා!

      Delete
    3. ඔව් ඔව් රජෝ මම පින්තුර දාන්නම්කො ඈ..

      අප්සරා...? කට කට

      Delete
    4. අහ්හ්... අප්සරා..??? අර "කඳුළු මතින් නැගිටින, ජීවිතය ජීවත් කරවන අහිංසක කෙල්ලෙක්..." අප්සරාද????

      Delete
    5. ඕං බං රජා ඇනගත්තනං අපිට ඇහෙන්න කියපං. සන්තෝසේ බෑ රජා ඇනගත්තයි බං... ඒකනේ කියන්නේ මූට චීත්ත කෑල්ලක නූලක් වත් පේන්න බෑ

      Delete
    6. "කඳුළු මතින් නැගිටින, ජීවිතය ජීවත් කරවන අහිංසක කෙල්ලෙක්..." හෙහ් හෙහ් මේකත් මතකයිද අප්පා...?

      දේශකයා අඩෝ රජාට අපහාස කරලා රාජ උදහසට ලක් වෙන්න එපා ඈ. අපි හෙම දන්නේ නැ ගෙවල් පැත්තේ "සුදු" අස්පයෝ කැරකුනොත් හෙම.

      Delete
    7. අමතක වෙන්නේ කොහොමද බොල, මගේ සිය වෙනි ෆොලෝවර් නේ....... ;)

      Delete
    8. අඩේ සොරි වෙලා සමා වෙන්න ඕනි ඈ...? මම ඔක්කොම අන්ෆලෝ කරන්නම් ඈ.

      Delete
  5. උඹ බයිට් කරපු උන්ගෙන් බේරිලා හිටහන් කොල්ලෝ එහෙනම් . . හික් හික් හික්

    ReplyDelete
    Replies
    1. එච්චර දරුණුවට බයිට් කලේ නෑ දුකා අයියේ. මුං හම්බෙච්ච දවසක මට නෙලයිද හැබෑටම ?

      Delete
  6. මේ එක්ස්පෙරිමන්ට් එකේ හැටියට මේක බඳිනවයි කියන එකත් ෆේක් ද දන්නෑ.

    ඇත්තටම එහෙම එකක් වෙනවනං සුබ පැතුම් !

    ReplyDelete
    Replies
    1. රයිටර් තියරි තමයි ඉතින් වෙඩිමටත් ප්‍රසා අයියේ

      Delete
  7. අපි නම් නමට ෆේක්!!! :p :p :p කාටවත් හානියක් නොකර එක්ස්පරිමන්ට් කලාටනම් ඒ හැටි වරදක් නෑ.. ඒත් කවුරුහරි අපහසුතාවට පත්වෙනවානම් තමා හොද නැත්තෙ !!

    වෙඩිමට සුභ පැතුම්!!!! අලුත් මනමාලිගෙ පින්තූරයක් එක්කම දාන්නකෝ බලන්න බ්ලොග් එකෙ.;)

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් හාටවත් හානියක් කලේ නෑ අප්පා. දාන්නම් දාන්නම් පොටෝ ඈ

      සුභ පැතුම් වලට ස්තුතියි ඈ

      Delete
  8. ෆේක් නං ඇති බං අනන්තවත්.. :)

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා... අනන්ත අප්‍රමාන

      Delete
    2. ආ සුබ පතන්න බැරි වුනානේ.. ජය මගුල් ඈ..!

      Delete
  9. තොට සාදු... ෆේක් හදනවට හොඳම දඬුවම ලැබේවි කසාද බැන්දම :P

    හිහි...හී... ජය මංගලං ඈ....

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් පිස්සුද බොල... කවුද බං කසාදෙ දඬුවමක් කියලා හිතන්නේ ඈ

      Delete
    2. මට සැක මූ කසාඳ බැන්දම ෆේක් වැඩි වැඩියෙන් හදයි කියල...

      Delete
    3. බදිනකම් හැමෝම හිතන්නේ ඔය වගේ සුන්දර විදිහට තමයි මල්ලි... රිංගලම බලන්න ඕනි කූඩුවේ රඟ....හික්ස්...

      Delete
    4. හෙහ් හෙහ් බැඳලාම බලමුකෝ එහෙනම් නෙහ්

      Delete
  10. සුබ මංගලම් පැතුම් මල්ලි..

    ෆේක් කිව්වාම ඉතින් අපිත් නමින් ෆේක්නේ.ෆේක් ඉන්න එකෙන් කාටවත් වදයක් නොවෙනවානම් එච්චරයි කියලයි මම නම් හිතන්නේ,ඔයාගේ එක්ස්පෙරිමන්ට් එකත් ඒ වගේ නම් ඉතින් අවුලක් නෑ.. :D

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් අක්කේ. කුරා කුඹියෙක්ට වත් හානියක් කලේ නෑ

      Delete
  11. ඇත්ත කියපිය...තෝ නේද මේ ලගදි ආපු අප්සරාවි...ඇහ් බොල වල් නරියෝ තව පොඩ්ඩෙන් මටත් නිකන් මොකද්ද එකක් කරනවා නේද බොල...ගෙම්බා...

    අඩේ පාටියක් ඕනි...හැපි වෙඩිමක් පැණි හදක් සහ පසු විපරමක් ලැබේවා.....

    ReplyDelete
    Replies
    1. හෙක් හෙක් මම උඹට කියන්නම්කො..ඈ..

      හරි හරි පාර්ටි දෙන්නම් තරුවා..තැන්කු කිව්වා සුභ පැතුමට

      Delete
  12. සුබ පැතුම් ඈ. මයි කන්ග්රැදුලෙසන්ස් :D

    ReplyDelete
  13. අඩේ මටත් වෙලාවකට හිතෙනවා වෑයෙන් පාරයි ... පොරොවෙන් පාරයි ගහගෙන කෙල්ලෙක් වෙන්න බං
    සිරාවටම

    ReplyDelete
    Replies
    1. ට්‍රයි කරලා බලහන් බං

      Delete
    2. වැයෙන් ඔලුවට ගහගනින් මචං.

      Delete
    3. මට තියන ප්‍රශ්නේ වෑයෙන් කරන දේ පොරවෙන්ම කරන්න බැරිද කියලා බං.

      Delete
  14. හේ හේ මම මේ බ්ලොග් කෙළියට සෙට් උනෙත් එහෙමනේ බං. පෝස්ට් එකක කියලත් ඇති. මට කියාගන්න බැරුව අයි ලවු යු අප්සරා ;) <3

    ReplyDelete
    Replies
    1. අප්පට උඩු ඒකනේ මම දැන්නේ විස්තරේ දන්නේ.. අප්සරා මලා. දැන් ඉතින් හිත හදා ගනින්

      Delete
    2. උඹ ඔය බඳින විදියට නම් අපි බැඳලා දික්කසාද වෙලත් ඉවරයි නේ බං. පොටෝ කෑලි ටික දාපන්කෝ අපටත් බලන්න ;)

      Delete
    3. හෙහ් හෙහ් දික්කසාදයක් නම් කොහොමත් බලාපොරොත්තු වෙන්නේ නෑ රෙපෝ මම.

      Delete
  15. පැතුම්ට සුභ පැතුම්!!!! වෙඩින් එකේ පින්තූර දාන්නකෝ අපිටත් බලන්න :)

    ReplyDelete
  16. මේකා කරන වැඩෙන් දැන් කෙල්ලන්ගේ බ්ලොග් පැත්ත පලාතක මේ කොල්ලො ගෙන්නගන්න බැරි වෙනවා, හැබැයි මලේ ඔය ප්‍රේමයෙන් පැරදුන දුකට උදව් කරන්න තමයි කස්ටිය සෙට් වෙන්න ඇත්තේ නැත්නම් ඉතින් ඔය තරම් ඉක්මනට ඔච්චර කට්ටිය එකතු වෙන්නෙ නෑනේ...

    ReplyDelete
    Replies
    1. මොන පිස්සුද...අප්පා..කෙල්ලොන්ගේ බ්ලොග් වලට බඹරු ඇදෙන්නේ සූ ගාලා...හෙහ් හෙහ් හෙහ්

      Delete
    2. අනේ මල්ලියේ සුභ පැතුම්... හැපි මගුලක්ම වේවා... ඉස්සෙල්ල කියන්න බැරි උනා...

      Delete
    3. හෙහ් හෙහ් තෑන්ක් යූ ඈ අක්කේ

      Delete
  17. උඹද අර සල්?
    හෑ ඒ පාර උඹත් හිරේ වැටෙන්නද යන්නේ?

    ReplyDelete
    Replies
    1. සල් මල් ?

      අමාරුවේ....පික්සුද බං...?

      Delete
  18. අම්මා ගහයි කී බෝඩ් එකෙන්! උඹ බඳිනවා?????????????????????????
    හපොයි. වෙන්න තියෙනවා නම් යමක් වලක්වන්න බෑ. විශ්ණුත් බට කොළ කෑවා කියනවනෙ අපලේ ගෙවෙනකල්!
    මොනවා කරන්නද. ජීවිතේ හැටි ඔහොම තමා! එන හැටියකට මූණ දීපං.

    කොහොම හිටපු එකෙක්ද!

    කොහෙන්ද උඹ ඉන්ෂුවරන්ස් එකක් ගන්න යන්නෙ?

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හෙහ් කී බෝඩ් එකෙන් කිව්වා.? අපෝ සුභ පතන්නේවත් නැති හැටි අම්මාප
      ඉන්ෂුවරන්ස් එක ගැන නම් තවම හිතලා නෑ ඩුඩ් අයියෙ :)

      Delete
    2. මෙන්න ඒකෙ මුල:
      http://deshakaya.blogspot.com/2013/02/blog-post_4633.html

      Dude February 11, 2013 at 6:24 PM

      බොට පිස්සුද දේෂ්? ප්ලාස්ටික් හන්දා තමයි අම්මා කී බෝඩ් එකෙන් ගහන කොට කීබෝඩ් එක කැඩිලා ඔලුව ඉතුරු වෙන්නෙ. යකඩෙන් හැදුවොත් වෙන දේ හිතාගනිංකො.

      'අම්මා ගහයි බැට් එකෙන්' යන යෙදුම මේ මොහොතේ සිට 'අම්මා ගහයි කී බෝඩ් එකෙන්' යයි සංශෝධනය කල බවත් හෙන්රිබ්ලොග්වෝකර් ද ඩූඩ් වන මා මේ මොහොතේ සිට බ්ලොග් ලිවීම සඳහා එම යෙදුම බාවිතා කරන බවත්, සියලුම සිංහල බ්ලොග් කරුවන්ද මා අනුගමනය කරන ලෙස ඉල්ලා සිටින බවත් මෙයින් දැනුම්දෙනු ලැබේ.

      අම්මා ගහයි කීබෝඩ් එකෙන් කිව්වලු!

      Delete
    3. අම්මා ගහයි කීබෝඩ් එකෙන් කිව්වලු ! ඒ යෝජනාව මා ස්ථීර කරනවා

      Delete
  19. බොලා බදිනවයි,,එහෙනම් සුබ මංගලම් ඇ,, !!!

    ReplyDelete
    Replies
    1. යා යා මේ සතියේ..තෑන්ක් යු ඈ

      Delete
  20. අඩෝ සුභ වෙඩිමක් වේවා.

    උබ දන්නවද? මට බුකියේ කෙල්ලෙක් මටම රික්වෙස්ට් දැම්මම සැකයක් තියෙනවා. මැතක වූ සිද්ධි නිසා සැකේ තවත් වැඩි.

    චැට් එකේ චැට් කරපු විදිහෙන් හිතා ගනිනි.

    සුභම සුභ වෙඩිමක් වේවා !!!

    අපි නම් 12-12-13 :)

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්...එල කිරි ඈ... සැකයක් හිතෙන්න ඇති. ඒ වුනාට හැම පැත්තම ශේප් කළා.

      එල කිරි අවුරුද්දේ අන්තිමටත් වෙඩින් කේක් පාරක් දැම්මහැකි

      Delete
  21. මගේ ඔරිගීනල් facebook එකත් fake කියලා කියනවා.දෙන id එකේ photo එකක් එවන්න කියලා කියනවා.මටත් අපේ ස්කොලේ යාළුවොත් එක්ක 150 විතර හිටිය.සතියකට.request නම 10 වැඩිය දැම්මේ නෑ.මම අන්තිමට ස්කර්බග්ට ඩොන් ගහ ගන්න කියලා නිකන් හිටියා.

    ReplyDelete
    Replies
    1. කෝච්චර කල් හැංගිලා ෆේක් විදිහට හිටියත් කවදා හරි එලියට එන්න වෙනවා. ඒක සුවර්.

      Delete
  22. වෙඩිමට සුභම සුභ පැතුම් ඈ.....!!!
    ෆොටෝ කෑලි ටිකක් එහෙමත් දාන්නකෝ ජෝඩුව බලා ගන්නත් එක්ක.... :)

    ReplyDelete
    Replies
    1. තැන්කු ඈ.. හරියෝ පොටෝ කෑලි දෙක තුනක් දාන්නම්කො

      Delete
  23. නියම එක්ස්පරිමන්ට් එකක් තමයි ඒක. කට්ටියව ගිනි පිග් ලා කරගෙන නේද?

    බඳිනවයි කිව්වා? සුභ මංගලම් ඈ?

    ReplyDelete
    Replies
    1. නියමයි කියලා හිතුවට භයානක ප්‍රතිපල ගොඩක් තියනවා

      1. හොඳම යාළුවො තරහ වෙනවා
      2. යාළුවො අතර තියන විස්වාසේ නැති වෙනවා
      3. නරක නාම ගෑවෙනවා

      ඕකී මෙකී නොකී ගොඩක් දේවල් වලට මුණ දෙන්න වෙනවා

      Delete
  24. මගෙනුත් සුබ පැතුම් කොල්ලෝ.... හි හි... ඊට පස්සේ රයිටර් සහ චාරුලතා අතුරුදහන් වෙන එකක් නෑ නේද....?

    ReplyDelete
    Replies
    1. සුභ පැතුමට තැන්කු අක්කේ...නෑ නෑ බැන්දට පස්සේ ඒ දෙන්නවම ආස්සරේ කරනවා වැඩිවෙයි මීට වඩා..බොරුනම් බලන්නකෝ ඈ බැන්දම

      Delete
  25. එහෙනම් මේ ඇඹලයත් පැණි හැලියට බහින්නයි යන්නෙ.....!?

    අපෙනුත් සුබ පැතුම්....!

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් පැණි ? ඇඹලයා..?

      ස්තුතියි ඈ සුමිත් අයියේ

      Delete
  26. ඔබ බැඳීම පිලිබඳ මගේ බලවත් කනගාටුව! ඔහොම තමයි බං ජිවිතේ ගණන් ගන්න එපා!!
    අයියෝ සරා!!!! :p

    ReplyDelete
    Replies
    1. අපෝ බං කනගාටු වෙන්න එපා බොල...

      හෙහ් හෙහ් සරා අප්සරා මලා

      Delete
  27. ෂැහ්..!
    මගේ අලුතින් බ්ලොග් පිටුවටත් එකතු කරගත්තනෙ ඔය බ්ලොග් එක.. බලන්න ඉතින් හොඳ හිතින් කලාම දෙයක් එකෙක් මදිවට ගෙම්බො දෙන්නෙක්ම.. :D :D

    අර වෙඩිම සුබම වෙඩිමක් වේවා යනු මගේ ප්‍රාර්ථනයයි..! ;)

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් සොරි අප්පා නන්දු අක්කේ...සුභ පැතුමට තැන්කු ඈ

      Delete
  28. ඇඩෙනවා...
    බඳිනවා????????????
    මගේ උණුසුම් සුභ පැතුං ඈ....
    ජයවේවා!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. හික් තරියාටත් කල්පනාවක් පහල වෙලා ව‍ගේ.. හෙහ්...

      Delete
    2. තෑන්ක් යූ තරියා එල කිරි ඈ

      Delete
  29. කාන්තාවගේ දෘෂ්ඨි කෝණයෙන් ලිව්වට කමක් නැහැ. ඒත් පැතුම් සැබෑ ජීවිතයෙදි කාන්තාවක් වගේ මිතුරන් බයිට් කිරීම නම් හරියි කියලා මම හිතන්නෙ නෑ. යාලුවන්ගේ දෝෂාරෝපණයත්, ඊට පස්සෙ උඹ එක නැවැත්තුව එකත් හොඳයි.

    "සුභ මංගලම්" කියලා පතනවා උඹට. මනමාලි, උඹේ ලිවීමේ හැකියාව දන්න, ඒකට අතහිත දෙන එකියක් වේවා කියලත් පතනවා. එහෙමනම්, ඉතා සොඳුරු සති කීපයකට පසු නැවතත් හමුවෙමු.

    ReplyDelete
    Replies
    1. තිසරයා නං ලෙසටම දීලා තියෙන්නේ.. +++++++++++++++++++++++++++++

      Delete
    2. ඔව් තිසා...කට්ටිය කිව්වට පස්සේ මටම හිතුන වැඩේ කැතයි කියලා. එකයි නවත්තලා දැම්මේ.

      සිරාවටම තක්කෙටම කිව්වා අයියේ උඹ, මගේ මනාලි මගේ ලිවීමට අතහිත දෙන මගේ ලඟින්ම ඉන්න ප්‍රර්ථනා කරන කෙනෙක්. ගොඩක් ස්තුතියි ඈ

      Delete
  30. බැඳි සමුලුවේ සාමාජිකත්වයට සාදරයෙන් පිලිගනිමු !!!

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් ගොඩක් ස්තුතියි සරත් අයියෙ

      Delete
  31. ලොකු දෙයක් මේ වගේ උන් හිර කරල දාන එක... නැත්නං අනිත් උන් අමාරුවේ දානවා.. හෙක්.. එහෙනං සුභ මංගලම් ලොක්කා...

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් බොලාල හරහටමයි හිතන්නේ නේ....උඹලා සුභ පැතුවට පස්සේ හිනාවෙයි. බලහන්කො බොරුද කියලා

      Delete
  32. අනේ ඉතින් මාත් අනිත් අයගෙන් අහල සොයල බලල ඇඩ් කරගත්තා අලුත් බ්ලොග් කාරියක් කියල හිතාගෙන .
    …ඒත් ඉතින් කවුරු එකතු කර ගත්තත් බොහෝ වෙලාවට මම අනුගමනය කරන්නෙ ඔහු හෝ ඇය කතා කරනකම්
    …මම කතා නොකර ඉන්න එකයි . මෙතනත් කලේ ඒක. මම ඉතින් බලා හිටියා මේ අලුත් යෙහෙලිය අඳුන ගන්න :D

    ReplyDelete
    Replies
    1. දන්න කියන හැමෝටම කතා කරන්න ගියේ නෑ අප්පා. එතකොට මාට්ටු වෙනවනේ.. ඒක හොඳයි..කතා කරනකම් කතා නොකරන එක, අලුත් යෙහෙළිය දැන් මළවුන් අතර :)

      Delete
  33. නව දිවියට සුබ පැතුම් මල්ලී...
    අර වැඩේ නම් හරි නෑ කියලයි මටත් හිතෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි අක්කේ... ඔව් අක්කේ හරි නෑ කියලා හිතුන. ඒකයි නවත්තලා දැම්මේ දුරදිග යන්න කලින්.

      Delete
  34. මාත් හදවතින්ම සුබ පතනවා පැතුම් මලයාට...අර අප්සරා ලියනගේ නේද ෆේක් එක, මාත් අහු උනානෙ නෙ ඒකට! :D :D

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් තරහා නෑනේ...? ගොඩක් ස්තුතියි අක්කේ

      Delete
    2. තරහ නම් නැ...මං අනේ පව් කෙල්ල කියලා, friend suggestion පවා කළා :P :P

      Delete
    3. හෙහ් හෙහ්..අලුත් අයට අත හිත දෙන එක හොඳ දෙයක්නේ ෆා අක්කේ

      Delete
  35. හේ හේ මරු වැඩ තමයි කරන්නේ මේ රයිටරයත්..මට ඔය කියන අප්සරාද පැස්බරාද මතක නෑනේ බොල. මගේ එකේ හිටියදවත් කියලා...
    හේ හේ බදිනවා කියන එක නම් ඉතිං අමූලික ඇත්තක් තමයි...:P:P

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම්ම් ඔයාට රික්වෙස්ට් එකක් එව්වේ නැද්ද කොහෙද අප්පා.

      බඳින කෙනා ඔයා දන්නවනේ බස්ටි අක්කේ.

      Delete
  36. Replies
    1. ඔව් ඔව් ගයනි අක්කේ ඔයා ෆලෝ කරාවගේ මතකයි.

      Delete
  37. මාත් අහුවුනාද ඇ...? අවුලක් චැට්වලට සෙට්වෙන ඕනෙම එක්කෙනෙක් එක්ක වචනයක් හරි කතාකරන එක යුතුකමක්.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ දයා අයියා අහුවුනේ නෑ..ඔව් කතා කරන්නැතුව ඉන්නකොට මල පනිනවනේ

      Delete
  38. මම එක දවසක් අව තමා බ්ලොග් එකට චැට් එකනම් සෙට් වුනේ නැහැ. වැඩ වැඩි කම නිසා. වල් රජා තමා අප්සරා ගැන කිවුවේ.

    මේ උඹ බඳින්නේ නැහැ කියල හොඳටම දන්නවා. මේකත් උඹේ තවත් කුපාඩි වැඩක් වෙන්න ඇති.

    තෝ මැරියන්.

    ReplyDelete
    Replies
    1. අපොයි බං කසාදෙට කලින් මැරෙන එක හෙන අපරාදයක්නේ..

      Delete
    2. මම මැරියන් කිවුවේ උඹට නෙවෙයි බං රොබින් හුඩ් එකේ ඉන්න මැරියන් නාග ගැන.

      Delete
  39. ලකෆ්‍රෑන්ස් නමින් මෙතෙක් කල් අනිකුත් බ්ලොග්කරුවන්ට අපහාස වන අන්දමේ බ්ලොග් අඩවියක් පවත්වාගෙන යාමට නොදැනුවත්වම දායක වීම ගැන ඔබ සියලු දෙනාගෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටිමි. බ්ලොග් අවකාශය තුල මිතුරන් යැයි මා මෙතෙක් සිතා සිටි කතන්දර/වැප්/ඕනමැන්ටල් යන අපාය සහායක මිතුරන් නිසා මට මේ කරුමෙට දායක වීමට සිදුවිය. අදින් පසු මම ඉහත නම් කියූ උන් සමග ඇයි හොදයියක් නැත. කරුණාකර පෙර මෙන් මා පිළිගෙන මට සමාව දෙන්න....ඔබේ මිත්‍රත්වයේ හස්තය මා වෙත දිගු කරන්න.

    ජංගම දුරකථනයට දිනපතා පැමිණෙන මරණ තර්ජන නිසා බක්මහා උළෙලට සහභාගි විය නොහැක.

    ස්තූතියි,

    මම ඔබේ හිතවත් අභීත

    ReplyDelete
    Replies
    1. බුවහා හා හා !! ඒ ඔයාද?. අපි හොඳටම රැවටුනා.

      Delete
  40. හොඳ ලිපියක්. ඔන්න ඔය කරනේ නිසා මගේ ෆේස් බුක් එකේ ඉන්නේ නැදා සනුහරේ විතරයි.

    එහෙම සුභ මංගලම් වේවා!!!

    ReplyDelete


  41. යකෝ රහස් රැක්ක උන් ගැන වචනයක් වත් නැහැ
    එහෙනම් ඈ ?
    (දැන් මේක නොදකින්න මන් තාම දාගෙන රහස් රකිනවා..
    හයියෝ සල්ලි ..:D )

    ReplyDelete