Thursday, March 14, 2013

"රයිටර්..ඉක්මනට යමන්..අපේ නංගි පරල වෙලා

දවල් වරුව තිස්සේ ආතක් පාතක් නැතුව රට වටේ කරක් ගහලා ගහලා හැන්දෑවේ ගෙදර ආවේ නිරපරාදේ ගෙවිලා යන  වටිනා කාලෙන් හවස්කාලෙවත් ප්‍රයෝජනයක් ගන්නවාමයි කියලා හිතාගෙන. ආපු හැටියේ  ලිඳ ගාවට ගිහින්  දනි පනි ගාල වතුර බකට් දෙකක් ගණන් කරලා වක්කරගෙන සබන් නොගා ආවේ කම්මැලිකමටවත් තිබුන හදිස්සියකටවත්  නෙමෙයි, පත්තරේක තිබුනා හැමදාම ඔලුවට සබන් දාන්න හොඳ නෑ කියලා. ඔලුවට හැමදාම සබන් දාන්න හොඳ නැත්තම් ඇයි හත්වලාමේ ඇඟට කොහොමත් හොඳ නෑනේ. ඔලුවට වඩා වැඩිහරියක් වටිනාම අංග උපාංග ටික තියෙන්නේ ඇඟේනේ. පත්තර වල රුවගුණ උපදෙස් යන්නේ ඒවායේ වැඩකරන එවුන්ගේ අතපය කහනවට නෙමෙයිනේ. පත්තරේ ගන්න වියදම් කරන සල්ලිවල වටිනාකමට හරියන්නවත් ඒ උපදෙස් ඉඳලා හිටලාවත් පාවිච්චි කරන්න එපැයි.

අක්කා කුකරි ක්ලාස් එකේ උදේ දහයට විතර හදපු "හොට් ඩෝග්" එකක් අම්මා හදපු කරවල හොද්දේ පොඟවගෙන මම කෑවේ තිබුන පට්ට බඩකින්නට  ඇටැක් එකට. මොනඃ  ඒක බඩට දැනෙන්නේවත් නෑ.  ඒක කාලා මදි පාඩුවට චිලි පේස්ට් එක්ක  බතල අල දෙක තුනක් ගිල්ලේ වම්බටු සෝස් එක්ක. වම්බටු සෝස් එකත් අක්කගේ කුකරි ක්ලාස් එකේ පාඩමකට කියා දීපු එකක්ලු. කාපු කෑමේ හැටියට ස්වාරාලෙට පොඩ්ඩක් ලඟට එනකම් බඩ පිපිිලා. මහා රෑ දෙගොඩ හරියක් වෙනකම් බ්ලොග් එකට කතාවක් ලියන්න කල්පනා කර කර ඉඳලා බැරිම තැන දිලුත් එක්ක  කිතුලට නැගලා මලක් කපාගෙන යන්තම් දෙයියනේ කියලා ඇහැ පියාගත්තා.

"හෙන ගහනව උඹට සුදූ...ඌ" කියන්නැහේ මල ඉලව් ෆෝන් කට්ටට කෝල් එකක් ආව සද්දෙට  දඩස් ගාල ඇහැරුනා. ඇහැරුනා කිව්වට ඇහැරුනේමත් නෑ.ඒ වුනාට ඇහැරුනා, ඒත් හරියට පියවි සිහියට ආවේ නෑ. අත පත ගාලා ෆෝන් එක හොයා ගත්තේ බාගෙට පියවෙලා තිබ්බ එක ඇහැකින්. එක ඇහැක් සම්පුර්ණයෙන්ම පියවෙලා තිබුනේ කබවලට ඇලිලද කොහෙද.  මේ මහ රෑ මොකා මොන අවලම් වැඩකට කතා කරනවද කියලා කතා කරන එකා තමයි දන්නේ.  රෑ කියලා නෑ, ඇඳේ කියලා නෑ, මට මල විද්දේ අසුහාරදාස් ගානකට. මලාට කෝල් එක ආන්සර් කරන්නේ නෑ කියලා දරුණු තීරණයක් අරගෙන මම කට පැත්තකින් බේරෙච්ච කුණු කෙල තලිය සරමෙ කොනකින්  පිහදාලා සරම අස්සටම ආයේ ගුලි වුනා.

සාමාන්‍යෙන්, සාඩම්බර "වැටෙන පමා" නින්දකට උරුමකම් කියන මම දිලුත් එක්ක මල් මල් පාට හීන ලෝකේක පාවෙවී හිටියේ. දිලූ හීනෙන් පේනකොට හරි ලස්සනයි අප්පා. දිලූ හැබෑවට පට්ට දැකුම් කළු වුනත් හීනෙන් පේනකොට පේන්නේ කිරි කිරි මාෂ් මේලොෂ් කෑල්ල වගේ. වඩා ගන්න හිතෙනවා. උඩ දාලා අල්ලන්න හිතෙනවා. එවලේ අපි දෙන්නා අත් අල්ලාගෙන ගිනි කුටක අව්ව පායපු කාන්තාරෙක වගේ එකක ඇවිද ඇවිද හිටියේ. ඒ වුණාට  අපි වටේට තරමක පට්ට මීදුමක් තිබුනා. වට පිටාවෙ අතරින් පතර තිබුන ගහක් ගලක්, බලුබෙට්ටක් ගොම්බෙට්ටක් ගානේම හෝ ගාල ශෘංගාරේ වෑහෙනවා වගේ මගේ හිතට දැනුනා. හැමුව හුළඟෙත් තිබුනේ හෙන කුපාඩි ගතියක්. ඒ හැමදේකින්ම පේන්නේ අදරේ විතරමයි කියලා මට හිතුණා.
"මගේ රයිටර් පැටියෝ...." දිලූ දොඩපි
"හ්ම්...ඇයි පැටී" මං හෙන ආඩම්බර පෙම්වතෙක්ගේ ලුක් එක මුනට ඇඩ්මිට් කරගෙන මයේ කෙල්ල දිහා බලුවා. 
"ඔයා මගේ පණ...මං මළත් ඔයා ගාවින් යන්නේ නෑ...ඔයා ගාවටම වෙලා ඉන්නවා..සත්තයි...වෙන කෙල්ලෙක්ට ඔයාට බැල්ම දාන්න ඉඩ තියන්නෙත් නෑ..ඔයාගේ පස්සෙන් ඔයා යන යන හැමතැනටම එනවා...! ඇත්තමයි...!! ඔයාටත් මං ගැන එහෙම හිතෙනවද සුදූ..මාව රකින්න, මව බලා ගන්න හිතෙනවද පැට්ටෝ...මට කියන්න..අනේ මට කියන්නකෝ....!" අන්තිම ටික දිලූ කිව්වේ හෙන කොමලෙන් ඇද ඇද තාලෙට ලතාවකට..
හරිනං ස්ක්‍රිප්ට් එකේ හැටියට මගේ මුනට ඇඩ්මිට් වෙන්න ඕනි සෙවල ටයිප් පැණි ඇඹල හිනාවක් වුනාට, ඒ හිනාව මගේ මුණේ එක මාංශ පේශියකටවත් එන්ටර් වුනේ නෑ..

"දෙයියනේ මං කරපු වැරැද්ද මොකක්ද දිලූ මට එහෙම කරන්න..මට කියන්න රත්තරන්...මට කියන්න ?"  ගල් රෝලකට අහුවෙලා බාගෙට පස්ස චප්පවුන කඩියෙක් වගේ අනාත වෙලා මම කිව්වේ මං ගැන ඇතිවෙච්ච දුකටමයි.    
ලිමිට් බිමිට් නැති මගේ  වාචාල කටින් ඒ වචන දෙක තුන දෙපාරක් හිතන්න කලින් පැන්නේ තුබූ තුබූ ගාල. එවලේ මං ගැනම ඇතිවෙච්ච ආත්මානුකම්පාවට ඇහෙන් පෙරපු කඳුලක් කඳුලක් ගානේ මං දෙයියන්ගෙන් ඉල්ලුවේ .අනේ දෙවියනේ මේක හීනයක්ම වෙයන් කියලා. හීනෙක ඉඳගෙන හීනයක්, හීනයක්ම වෙයන් කියන එක පට්ට ආතල් කියලා මම එදා දැන ගත්තා.

මල ඉලව් මල දානේ ආයේ රින්ග් වෙන්න ගත්තේ හීන කතා ඔක්කොම චකබ්ලාස් වෙලා යද්දී. මම දත්මිටි කාගෙන කබ කඩ කඩ ඇහැරලා බැලින්නම්, රම්බා. මොන පාන් ගෙඩියක් බැදලා කන්නද මේ මහා රෑ මේ හිපාටුවා කෝල් කරන්නේ. ඕනේ මගුලක්...ආන්සර් කරනවා..මගේ බුදු ෆිට් එකනේ..! මේ ටිකේ ලියන්න එව්වා නැති එකේ මු කෝල් කළා කියන්නේ අනිවා කතාවක් ලියන්න පුළුවන් මාතෘකාවකට පොටක් පෑදෙනවා. තණ්හාව මිශ්‍ර අවලන් කුපාඩි ටයිප් එකේ හිනාවක් මගේ කටින් පැන්නේ හක්ක පනින සයිස් ඈනුමක් එක්ක. 

"හෙලෝ"

"රයිටර්  ඉක්මනට.. දො..දොර ඇරපන්"

හත් ඉලව්වේ අද මුගේ චක්කරේ වැරදිලාද, මුගේ කොටු පැනිල්ල වැරදිලා මගේ කොටුවට පනින්න හදන්නේ..මගේ ඇඟ කිලිපොලා ගියා...නිදිමත මකබෑවිලා ගියා. දෙලෝ රත් වුනා. උන්හිටිතැන් අහිමි වුනා.

"රයිටර් කැහුට්ටෝ ඇරපන් බං  දොර...හ..හදිස්සියක්" රම්බා හෙන ලාමක වොයිස් එකකින් කියපි. ඔය කචල් අස්සේ හෙට උදේ පත්තර වල යන හෙඩ් ලයින් ටික මට මැවි මැවී පෙනුනා. මම කෝකටත් දොර පොල්ලක් අතට අරගෙන කෝල් එක කට් කලේ "හා හා ඔහොම ඉඳින්...මං එන්නම්" කියලා.

මම එලියට යනකොට රම්බා දොරට පිටුපාල පඩිය උඩ ඉඳගෙන බයි කලර් කරමල් කුකුලෙක් එක දබ වලියක්. ඇර සොයිසා ඇර කියලා හිතින් චියර් කරගෙන මොකද වෙන්නේ කියල බලන්න මමත් දොර පොල්ල විසික්කා කරලා කිට්ටු වුනාම දැක්කේ රම්බා උගේ බෙල්ල පාගාගෙන කටට පාංකඩයක් ඔබන්න අම්බ ගේමක් දෙන හැටි.

"රම්බා..මොකෝ සීන් එක...?"  බොක්ක පිච්චිලා ගියපු හින්දා මම කතා කලා.

"ර...ර..යිටර්.....රයිටර්..ඉක්මනට යමන්..අපේ නංගි පරල වෙලා"

"ඇහ්..සිරාවට....?" මගේ දිවත් හැපුණා ඒක අහලා.

"ඔව් බං විජහට මගෙත් එක්ක යමකො..."

"ඈ...බං දැන් කාලේ හැදෙන කෙල්ලෝ දෙපාරක් මල්වර වෙනවද බං....?" හෙනම හෙන විචිකිච්චාවෙන් ඇතිවෙච්ච කිචිය හින්දම මම ඇහුවා.

"තොගේ ආච්චිගේ මල්වරයක් නෙමෙයි යකෝ..අපේ නංගිට කළු කුමාරයා ගහලා"

"ඈ.... හුටඃ....එගොඩහ ප්‍රයිමරි ස්කොලේ  කලු කුමාර..අර ඒබරන් ගේ පොඩි එකා..? ඒත්  මං හිතුවා දෙන්නා එකක බැද්දේ කජු කඩන්ඩ යනකොට... ඉතින් උඹට වැඩේ අතේ මාට්ටුද..?..චාරුලතා ගැබ්බර වෙලාද.. උඹලා දැනගෙන ගොඩක් දවස්ද..?.. මල කෙලියයි...ගබ්සාව තාම නීතිගත කරලත් නෑ බං..?"

රම්බට දැන් ඇඩෙන සයිස්...

"අනේ රයිටර් වඳින්නම්....මාත් එක්ක යම....යන ගමන් කියන්නම් විස්තර.... විජහට යමකෝ ඉතින්" රම්බා කට නිකන් බොම්බයි මොටයි කවපු ගෙම්බාගේ වගේ කරගෙන මං දිහා බැලුවා.

මම එහෙම්මම දොර වහලා රම්බා එක්ක උන්ගේ ගෙවල් පැත්තට අඩිය තිබ්බා.

රම්බාගේ ගෙවල් වලට කිට්ටු වෙනකොට කන් අඩි පැලෙන සද්දෙට සෙටප් එකක් දාලා.

"යූ මයි පම්ප්කින් පම්ප්කින්...හෙලෝ හනී බනී"
"හව් මෙනි ටයිම්ස් ලේඩි ලව් හැඩ් ගිවන් මී මිස් කෝල්ස්"

එක යුද්දයයි..ආවේශ වෙච්ච කෙල්ලෙක් ඉන්න ගෙදරක් කියලා කියන්නවත් බෑ..හෙන පාටියක් වගේ. කෝකටත් මම රම්බා එක්ක කාමරේට  ගිහින් දොර රෙද්ද ඈත් කරලා බැලුවා. බලන්ඩ දුකයි. චාරුලතාව අල්මාරියකට තියල ගැටගහලා. කෙල්ල යටිගිරියෙන් හනී බනී සින්දුව කියනවා. කොහොම හරි කෙල්ල මාව දැක්කා.

කෙල්ලට දැන් මල වගේ. මං දිහා කන්න වගේ බලාගෙන ඉඳලා ගෙරෙව්වා ගෙරවිල්ලක් දත් ටික උලමාගේ වගේ කරගෙන.

"ඇයි මීට කලින් මාව දැකල නැද්ද..නිකන් වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න" කෙල්ල කියපි.

වැඩේ දරුණුයි වගේ. දැන් හොයපන්කෝ කට්ටඩියෙක්...!!!





 

67 comments:

  1. අඩේ මරේ මරු......මම හිතුවා කසාදෙ කෙරුනටම පස්සෙම පොස්ට් එක දාවී කියලා ;)
    මේ අදහස් කොහෙන් එනවද මන්දා සුපිරියි මල්ලියෝ..:)
    ජයෙන් ජය..!!!

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්...කසාදේ වගේද අක්කේ රයිටරේ..කසාදෙනම් කවදා බැඳගන්න බැරිද..ඒවගේයෑ රයිටර්.

      Delete
  2. හෙහ් හෙහ්... ඔය කෙල්ලට පම්ප්කින් තම්බලා තෙලෙන් බැදල දුම් අල්ලපන්.... එතකොට හොඳ වෙයි... :P

    ReplyDelete
    Replies
    1. මේ යකා කිව්ව නම් වරදින්න විදියක් නෑ රයිටරයෝ..ඔව්වා අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි බෙහෙත් වෙන්න පුළුවන්....

      Delete
    2. බලමු බලමු එහෙමවත් කොරලා කට්ටඩියෙක් හොයාගන්නකම්වත් හෙහ් හෙහ්.. ඒත් පම්ප්කින් හොයා ගන්නේ කොහෙන්ද බං..?

      ඔව් බටිස් අක්කේ වරදින්නනම් විදිහක් නෑ..බලමු බලමු

      Delete
  3. හයියූ..... හයියූ...... පව් අනේ චාරුලතා..... නිදහසේ සිංදුවක්වත් අහන්න නෑනේ මෙයාලත් එක්ක.....

    ReplyDelete
    Replies
    1. සින්දු අහනවා නෙමෙයි හයියෝ..කෙල්ලට යකෙක් වැහිලා..වැහිලා ඉන්න යකාගේ ඉල්ලීමට තමයි පම්ප්කින් සින්දුව ප්ලේ කරලා තියෙන්නේ..හොඳ හොඳ සින්දු ඉස්සරහට ඈ..

      Delete
  4. මදෑ රයිටර් චාරුලතාගෙන් අහගෙන තියෙන දේ :D

    ReplyDelete
    Replies
    1. හෙහ් කියලා වැඩක් නෑ Chams

      Delete
  5. උඹත් අර කවුද වගේ අහුවෙන සේරම ටික ගානට ගලපලා ගන්නවා නේ.. එල එල..! :D

    ReplyDelete
    Replies
    1. අඩේ මොකා වගේද බං..කියකෝ

      Delete
  6. හයියෝ.....හි හි හී

    අර කිව්වත් වගේ මේ " මඟුල " අස්සෙ හොයාපල්ලකෝ කට්ටඩි..:b

    ReplyDelete
    Replies
    1. මගුල යකාට දාල කට්ටඩියෙක් හොයන්න වෙයි වගේ තියන ලයින් එකේ හැටියට

      Delete
  7. කණ පැලෙන්න හිනාවුනා. ඔබ හැබෑම දක්ෂයෙක්.

    ReplyDelete
  8. මඟුල් කාලා ඉවර උන එකේ දැන් නටමු තොවිලයක්..

    ReplyDelete
    Replies
    1. මගුල් කාල ඉවර නෑ දිනේෂ් අයියේ තවම..මගුල ඉස්සරහට...

      Delete
  9. ඕක සනීප කරගන්නනං ගංනම් ස්ටයිල් තොවිලයක් නටන්න වෙයි.

    බොලාගෙ ලියවිල්ලනං සුපිරියි මලේ.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් බලමු Praසන්ன අයියේ..කට්ටඩියා කියන දේ එපැයි කරන්න..ඒකා මොකක් කියයිද දන්නේ නෑනෙ..

      Delete
  10. මත්තලට එන පලවෙනි ප්ලේන් එකෙන් තෙල් ටික්ක අරගෙන ඔය කෙල්ලගේ ඔළුවේ ගාපිය. තව දින 3යි තියෙන්නේ...

    හිනාවෙලා හිනාවෙලා බඩත් කොර උනාද මන්දා..නියමයි නුඹ නම් හැබෑම රයිටරයෙක් තමයි පැතුමෝ....

    ReplyDelete
    Replies
    1. හප්පට උඩු යෝජනා ඕසේට..බලමු බලමු...තව දවස් තුනක් ඉන්න එපැයි ඉතින් ඒකටත්.. හෙහ් හෙහ්

      Delete
  11. සියලුම පාරවල් අන්තිමේදි ගිහින් තියෙන්නෙ රෝමෙට නේ?

    උඹට කබ බිස්නස් එකක් පටන් ගන්න බැරිද බං? අර මී කුණකින් කෝටිපතියෙන් වෙච්ච පොරකුත් හිටියේ...

    ReplyDelete
    Replies
    1. "සියලුම පාරවල් අන්තිමේදි ගිහින් තියෙන්නෙ රෝමෙට නේ?" ඇහ්හ්...ඇයි හත්වලාමේ මට මේ කමෙන්ට් එක තේරුම් ගන්න බැරි..?

      බිස්නස්...? ඇහ්...මොන බිස්නස් එකක්ද ඈ....? මේක ඊට හපන්...තේරෙන්ට කියන්ටකො ඩුඩ් අයියේ..!

      Delete
    2. බොල,

      All the roads lead to Rome කියලා කතාවක් තියෙනවා. රෝම අධිරාජ්ජෙ කාලෙ උන් යටත් විජිත අත්පත් කරගෙන නොමබර එකේ සුපිරි පාරවල් හැදුවා යුරෝපය පුරාම. කොයි පාරෙන් ගියත් රෝමෙට යන්න පුලුවන්.

      මේ දවස් වල හුඟක් කතා ඉවර වෙන්නෙ "ඇයි මීට කලින් මාව දැකල නැද්ද..නිකන් වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න" කියන කෑල්ලෙන්. උඹත් ලස්සනට ගලපාගෙන ඇවිත් එතනට ම ඇවිත් තියෙනවා දැකලා මට හිනා ගියා.
      ඒකයි All the roads lead to Rome!

      අනික කතන්දරයක්නෙ බං. උඹ කබ ගැන කියලා තිබ්බ නිසා මට හිතුනා අර කතාවෙ වගෙ ඕනැම අහකයන දේකින් නියම ප්‍රයෝජනය ගත්තොත් දියුණු වෙන්න පුලුවන් කියන ධනාත්මක චින්තන කෑල්ල. එච්චරයි.

      Delete
    3. හෙහ් හෙහ් හෙහ් පලවෙනි කතාව තේරුනා.. බොහොත් තෑන්ක් ඔබට..රට යන අතට අපිත් යන්න එපැයි

      හෙහ් හෙහ්...කබවලට වෙළඳපොල ඉල්ලුම බලලා හොඳ තැනක් තියනම්, ඩුඩ් අයියල වගේ උදවියගේ සප් එකෙන් ඉන්ටර්නැෂනල් මාර්කට් එකත් අල්ලලා දෙනවනම් මම එක පයින්.

      Delete
  12. ඔය චාරුලතාට වැහිලා ඉන්න කළු කුමාරයාගේ නම ලසිත් මාලිංග මං හිතන්නේ.. හි හි....

    ReplyDelete
    Replies
    1. හිරු අක්කට ෂුවර්ද...? කළු කුමාරයා වැහිලා කියල දැනගත්ත එකේ නටන්න ඕනේ තොවිලේ නොදන්න හේතුවක් නෑ..කට්ටඩි වැඩේට අක්කට එන්න බැරිවෙයිද ? රයිටර් වෙනුවෙන්වත් ?

      Delete
    2. මං කට්ටඩි වැ‌ෙඩ්ට ආවොත් චාරලතාගේ භුතයා කෙසේ වෙතත් උඹට වැහිලා ඉන්න රයිටර් භුතයාව නං බෝතලේක දාගෙන එනවා.. හි හි

      Delete
    3. ඒ ඇයි අප්පා..රයිටර් අහවල් වරදක් කලාටද ඈ

      Delete
    4. උගේ ඔය වචන ටික ඉගෙන ගන්න... හි හි

      Delete
    5. හෙහ් හෙහ්...එව්වා හඳේ ඈ...:P

      Delete
  13. යකෝ අර සින්දු දෙක.... ඇඩෙනවා ඕයි :) :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. පම්ප්කින් සින්දුවද බං..දෙකක් ? කෝ...? කොහෙද බං ?

      පස්වාන් දහසකට වල්කම්!!!

      Delete
  14. අනේ යකෝ මගුල අත ලග තියාගෙන වෙන වෙන මගුල් කරන එකෙක් කියල මම දැකල තිබුනේ එකයි. ඒ මගේ සැමි අයියා, බලන් ගියාම ඒකා හොදයි වගේ. මේ තාම බ්ලොග් එක අස්සේ රින්ගගෙන මොනව කරනවද? ඒ අස්සෙ අනිත් ගෑණු ලමයින්ට කට්ටඩි හොයන්නත් පටන් අරන්. අන්න මම දැම්ම ඔයාගේ විස්තරේ මගේ බ්ලොග් එකේ... ගිහින් බැලුවනම්..

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්..දැක්කා දැක්කා. දෙවෙනි පෝස්ට් එක දැකලා මම රැවටුනා කියන්ටකො අක්කේ...සොරි ඈ...එතන පොඩ්ඩක් ඩෙඟා නැටුවට

      Delete
  15. ඕක කළු කුමාර දිෂ්ථිය නෙවෙයි බං, මාලිංග දිෂ්ථිය

    ReplyDelete
    Replies
    1. දෙයියම්පා කියහන් යසියා..!!

      Delete
  16. හීනෙක ඉදගෙන හීනෙ හීනයක් වෙයං කියන එකත් පට්ට ආතල් කේස් එකක් තමයි බං.
    දැන් රයිටරේ වෙඩිම පැත්තක තියලා නටාපියකෝ තොයිල්.

    ReplyDelete
    Replies
    1. අඩේ උඹටත් එහෙමම හිතිලා තියේවිද..ඒකනේ ඒක පට්ටයි නේද..

      රම්බා වෙනුවෙන් රම්බාගේ නංගි වෙනුවෙන් ඕනේ දෙයක් මචං

      Delete
  17. ඇයි මීට කලින් මාව දැකල නැද්ද..නිකන් වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න :D

    ReplyDelete
    Replies
    1. ආ ඒ පාර බොලාටත් බෝ වුනාද

      Delete
  18. ඇතිද රයිටර් චාරුලතාගෙන් අහගත්තා....:P :P

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් මදිනේ අප්පා

      Delete
  19. බය වෙනද එපා. ..හෙට වෙත්දී සද්ද නැතිව ආපු එයි...."කොහොමද?" කියල ඇහුවත් උත්තර දෙන එකක් නෑ.....

    ReplyDelete
    Replies
    1. හොඳටම ෂුවර්ද...? හෙහ් හෙහ්..ඒ ඉතින් අරයනේ..මෙයා කොහොමද දන්නේ නෑනේ

      Delete
  20. :D රයිටර්ම හින්ද ඉවසනව ඇති! නැත්නම් මේ මගුල් තුලා අස්සේ කට්ටඩි හොයන්න යයිද!

    ReplyDelete
    Replies
    1. බලහන් ගිමා අයියේ මගේ කැපවීම

      Delete
  21. චාරුලතාට ගහලා තියෙන්නේ රත්ගම පැත්තේ කළු කුමාරයෙක්!!!

    ReplyDelete
    Replies
    1. අප්පට සුර..දෙයියම්පා කියහන්

      Delete
  22. හිකිස්...හොයහල්ලකො දැන් කට්ටඩියෙක්,
    හොයා ගත්තට පස්සෙ මක්කෙයි උනෙත් කියමුකො එහෙනම් තව පොඩ්ඩක් හිනා වෙන්න.

    ReplyDelete
    Replies
    1. හාකෝ හාකෝ තවම හොයනවනේ..හොයා ගත්තාම කියන්නම්කො ඈ

      Delete
  23. හිකිස්...අඩේ පරලා උනා කියන්නේ මොකද්ද බං ඇත්තටම

    ReplyDelete
    Replies
    1. මම හිතුවෙත් මල්වර වෙනවා වගේ සීන් එකක් කියලා බං...නෑ කියහන්කෝ. බැලින්නම් ආවේශ වෙන සීන් එකක්

      Delete
  24. චාරුගෙන් අන්තිමට ඕක අහගත්තාට පස්සේ බොලත් හිතන් ඉන්නේ ඒකිගේ පටිරෝල් කරන්නැයි? අර මාධ්‍යවේදියෝ දැන් කරනවා වගේ..

    පට්ට ඈ කතාව.!

    "හීනෙක ඉඳගෙන හීනයක්, හීනයක්ම වෙයන් කියන එක පට්ට ආතල්.." හි හි හි.. ඒක තමා එළම.

    නොබැඳි සමුළුවේ සිට බැඳී සමුළුවට එක්වෙන උඹට සුබපැතුම් මචං! (ඒ පෝස්ට් එක කියවන්න ලැබුනේ අද)

    ReplyDelete
    Replies
    1. අපෝ පිස්සුවක් ඇතෑ...පටි රෝල් කරන්න කාගේවත්..මම මේ මගේ පටිය රෝල් කරගන්න බැරිව ඉන්නවා..රෝල් කරහන්කෝ තව වෙන කාගේවත් පටියක්..

      උඹත් හීනෙක ඉඳන් හීනයක්, හීනයක් වෙයන් කියල පතලා තියනවැයි.?

      තැන්කු ඈ

      Delete
  25. කොහොමද මෙහෙම වචන ගලපන්න ඉගෙන ගත්තේ? කතාව නම් නියමයි. ඇත්තටම හිනා ගියා. :D

    ReplyDelete
    Replies
    1. අනේ මංදා අප්පා දෙයියෝ දනී මං නොදනී...හෙහ් හෙහ් හෙහ්

      Delete
  26. කෙල්ලට ඇති ලෙඩක් නැහැ බොලව් බෝලාටයි ලෙඩ

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔන්න ඉතින් උඹත් වරපරෙන්නේ බලලා තියෙන්නේ..

      Delete
  27. චාරුලතා බඳින්න එපා බං. කාලෙකට පස්සේ ආයෙත් කලුකුමාරය වැහෙන්න ඉඩ තියෙනවා.

    එත් උඹ බන්දා කියන පොස්ට් එක මග හැරිලද?.

    ReplyDelete
    Replies
    1. පිස්සුවක් ඇතැ..චාරු ලතා බඳින්නේ කවුද අසාර් අයියේ... රයිටර්ගේ කෙල්ල දිලූ (දිල්රුක්ෂි).

      නෑ නෑ....මග ඇරෙන්න පොස්ට් එකක් දැම්මේ නෑ.. හෙහ් හෙහ් මේ සීන් එක වුනේ මගුල අස්සෙනේ

      Delete
  28. පරල වෙනවා කියන වචනේ නම් මම ගොඩක් අහල තියෙනවා.... ම්ම්ම්.... දැන් වෙඩිම ගත්තද පැතූ..?

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් ඔව් අනු... වෙඩිම ගත්තා.

      Delete
  29. හෙලෝ හනී බනී ^_^

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්... ඉදර් උදර් හාට් බවුන්චින් ලයික් අ පිංපොන් බෝල් බෝල් බෝල් බෝල්

      Delete