Saturday, April 20, 2013

කාමර අංක "නමය"

කතිකා කරගත් පරිදි ගනුදෙනුවෙන් හරි අඩක් අහවර වූ කල්හි ඉතිරි අඩ සම්පුර්ණ කරනු පිණිස ලැබුණු යතුර අතැතිව මා පටු කොරිඩෝව දිගේ ඇවිදගෙන ගියේ කාමර අංක "නමය" සොයා ගනු පිණිසය. බාගවිට නමය නපුරු විය හැක. එනමුදු විකල්ප නොමැති බැවින් එයම තෝරාගත යුතුව ඇත. අඳුරු බිම්ගෙයක් වැනි කොරිඩෝව දිගේ ඇවිද යන විට වාදනය වූ මිහිරි ඉංග්‍රීසි ගීතයේ මාත්‍රාව හදවත ස්පන්දනය වූ මාත්‍රාවට වඩා බොහෝ පහල අගයක් ගත්තේය. එකිනෙකට බොහෝ ඈතින් පිහිටි කෙටි වීදුරු කවුළු තුලින් පෙරී ආ සඳ එලිය, අඳුර පරයා ටෙරාසෝ බිමෙහි ගුප්ත රටා මවමින් තිබිණ. අරමුණ කරා මා ඉදිරියට තබන සෑම පියවරක්ම,  බොහෝ දෙනෙකුගේ ජීවිතවල අනාගතය තීරණය වන තීරණාත්මක සාධකයක් බවට පරිවර්තනය වෙමින් තිබිණ. මින් පෙර නොදුටු ඇයගේ නමද මාගේ නමද එම ලැයිස්තුවේ ඉහලින්ම සටහන් වීමට නියමිතව තිබුන අතර සෙසු නම් ඊට පසුගාමිව තිබිණ.

මැදගිල්ලෙන් අගුල් දා තිබු දොරටුවට කීප වරක් තට්ටු කර, අතැති යතුරෙන් දොර පළුව විවර කරගෙන මා කාමරය තුලට බට කල්හි නාසයට දැනුන මිහිරි සුගන්ධය, දල්වන ලද හඳුන්කුරක දුමක් නිසා හටගත්තක්ද නැතිනම් අන් කුමක් නිසා ගටගත්තක්ද යන්න පැහැදිලි නැත. කෙසේ වුවත් තව්සන්ගේ පවා දැහැන් බිඳීමට සමත් සිත කළඹන අනුරාගී උත්තේජකයක් ඒ සුවඳ තුල කැටිවී තිබුන බවනම් ඉඳුරා පැවසිය හැකිය. හිසට ඉහලින් නෙත් යොමුකළ කල බිත්තියේ තිබු ඔරලෝසුවේ රාත්‍රී දහය සටහන් වීමට මිනිත්තුවක පමාවක් සටහන් වී තිබුණි. ගිවිසුමට අනුව පැයක් වැනි කෙටි කාලයක් තුලදී ගනුදෙනුකරු වන මාගේ අවශතා සපුරා ගත යුතුය. ඒ සඳහා ඇයද සුදානමින් සිටින වග සැකහැර දැනගැනීමට කාමරය පුරා මා දෙනෙත් වෙහෙසුවෙමි. සිවු කොනේ දැල්වුණු බිත්ති පහන් වලින් ප්‍රභාශ්මිත වූ මන්දාලෝකය, අනුරාග සිතිලිවිලි මවෙතින් බලෙන් පැහැරගන්නා බව හැඟුනි.

සයනයට යාබදව දිලිසෙන මතුපිටක නිමාවකින් යුත් ටීපොවක් මත වූ දල්වන ලද ඉටිපන්දමක ආලෝකය තුලින් මා ඇගේ ආරාධනාත්මක ගනුදෙනුකාර දෙනෙත් දුටුවෙමි. ඇය දුටු කෙනෙහි මාගේ මුව මත සටහන් වූ සිනාව කවර හැඩහුරුකමක් ගත්තාදැයි නොදනිමි. බොහෝවිට හැඟීම් විරහිතව ඒ සිනාව කෘතීම ස්වරුපයක් ගන්නට ඇතැයි විශ්වාස කරමි. පය උස්සා ඉදිරියට පියවර තැබීම වෙනදාට වඩා ආයාසකර විය. නිසැකවම මා ඇය දෙසට පියවර තැබුවේ දෙපා බිම අද්ද අද්දා විය යුතුය. මා ඈ වෙතට කිට්ටු වී සයනය අසල තිබුන පුටුව මත හිඳ ගත්තේ ටයි ගැටය මදක් ලිහිල් කරමිනි. ඈ මා දකින සෑම අවස්ථාවකදීම පුරුදුකාරයෙක් ලෙස හැසිරීමට මා කෙතරම් උත්සාහ කලද අත්දැකීම් විරහිත අතීතය විසින් ඊට බාධා පැමිණවීය. මාගේ දෙනෙත් දෙස එක එල්ලේ බැලු ඇගේ මුව මත දඟකාර සිනාවක් සටහන් විය. උඩුකුරුව දුහුල් ඇඳුමක් ගත දවටා, සයනේ වැතිර සිටි ඇය ඇඳ වියල මත තිබු සාළුවක් ගෙන ළමැදට තද කරගෙන හදිසියේ නැගිට සිටියාය.

"කොහෙද යන්නේ" නොරිස්සුම් සහගතව මම විමසුවෙමි.

"වොෂ් එකක් දාගන්න"

"හ්ම්ම්...ගොඩක් වෙලා ගන්නවට මම කැමති නෑ"  මම අකමැත්තක් මෙන්ම බොරු හදිසියක් මවා පෑවෙමි.

"හ්ම්ම්..නෑ..ඉක්මනින් එනවා"

ඇය නාන කාමරයට ගොස් දොර වසනු වෙනුවට අඩවන් කරන ලද දොර පියන මත රැගෙන ගිය සාලුව රැන්දුවාය. ඇගේ ගත ගල්වන ලද සුවඳ විලවුන්වල සුවඳ ඇය නාන කාමරයට ගොස් බොහෝ වෙලාවක් යන තුරුත් මා වටා සැරිසැරීය. කරාමය තුලින් ගිලිහෙන ජල බින්දු ටයිල් පොලව මත වැටෙන හඬට පසුව මොහොතකින් සුමුදු ෂැම්පු සුවඳක් හැමීය.  ලැබුණු අවසරයෙන් මා අත තිබුණු දුරකතනයේ කැමරාවෙන් ඇයගේ කුටියේ චයාරුප දෙක තුනක් ලබා ගතිමි. සයනය අසල පිහිටි මේසයේ ලාච්චුව තුල වූ කොපි පොත පුරා මුතුවන් අකුරුවලින් කුරුටු ගෑ කවි කීපයක් හැරුණුකොට සෙසු පිටුවල ලියා තිබුනේ ඇගේ ජීවිතය යැයි මා අනුමාන කලද නිසැකවම ඒ බව තහවුරු කර ගැනීමට කාල වෙලාව හරස් විය.   අන්තිම පිටුව පෙරලද්දී චායාරුප කීපයක් අතරින් ඇයත් ඇගේ පෙම්වතා යයි සිතිය හැකි ඉලන්දාරියෙකුගේ චයාරුපයකුත් කුඩා සිඟිත්තෙකුගේ චායාරුපයක්ද මගේ අවධානය දැඩිව පැහැර ගන්නට සමත් විය. හදිසියේම නාන කාමරයේ දොර කිරි කිරි හඬ නැගුවෙන් මා අත වූ පොත ලාච්චුව වෙත විසි කලේ සයන මත උඩුකුරුව දිගා වෙමිනි.

නාන කාමරයෙන් එලියට පැමිණි ඇගේ ළමැද හරහා දෙදනට බොහෝ ඉහලින් සාලුව එතී තිබුනද,  නාරි දේහයේ වැඩි වපසරියක් ආවරණය කිරීමට එයට නොහැකි විය. ඇය තෙත බේරෙන වරලස පිට මැදට මුදා හැර සෙමින් පැමිණ සයනයේ මා අසලින් වැතිර ගත්තාය.  වරලස දීප්තියෙන් බබලන්නට වූ අතර එවෙතින් හැමූ සුගන්ධය, නන්නත්තාරව හැල්මේ දුවන අසම්පුර්ණ ජීවිත සනහාලන්නට උත්තේජකයක් වන්නේ මන්දැයි තේරුම් ගැනීමට මා හට එතරම් අපහසු නොවින.  කුෂන් මෙට්ටය මත වැටී තිබුණ මාගේ වමත ඇය තදින් ග්‍රහණය කරගත්තාය. සයන මත ඇලයකට හැරී ඇය දකුණතන් මාගේ ඇඟිලි තෙරපන්නටත් වමතින් මාගේ භාහුවේ ඉහල සිට පහළටත් රිද්මයානුකුලව පිරිමදින්නට විය. මට ඇය කෙරෙහි ඒ මොහොතේ ඇති නොවිය යුතු අනුකම්පාවක් දැනින. මා අගේ දෑස් දෙස හොරැහින් බැලුවෙමි. හීනියට මෝදු වූ කඳුළු කැටයක් ඇගේ ඇසක් අග්ගිස්සේ නලියනවා දුටුවත් ඒ කුමක් අරබයාද යන්න මම නිසැකවම නොදැන සිටියෙමි. බොහෝ විට ඇගේ ජීවිතය පිළිබඳව මෙන්ම  ඇගේ හැඟීම් සියල්ල පිළිබඳවත් ඒ නිහඬ කඳුළු කැටය එදා මෙදා තුර සාක්ෂි දරනවා විය හැක.

"මොකද කරන්නේ..ඇයි මෙච්චර වෙලා ගන්නේ...?" ඇය කුතුහලය මිශ්‍ර සිහින් හඬකින් විමසුවාය.

"මට පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද.....?" සැලසුමට අනුව සිදුවිය යුත්ත ලෙස පමා කිරීමට වුයෙන් එසේ කල්මැරීමට මා උපක්‍රමශීලී වුනෙමි.

"කතා කරන්න.?..මට...?..කතා කරන්නද මෙච්චර වියදම් කරලා මාව හොයාගෙන ආවේ..?" ඇය එකම වැකියක් ප්‍රශ්න තුනකට ගොනු කලේ විමතියෙනි.

"මං කියනදේ අහන්න මට ඕනි නෑ ඔයත් එක්ක එහෙම හැසිරෙන්න..කරුණාකරලා මම කියනදේ තේරුම් ගන්න...මම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්. මට ඕනි ඔයා ගැන විස්තර ටිකක් ගන්න....සමාජවිද්‍යා පරීක්ෂණයකට" ඇදබෑවේ මුසාවක් වුවත් ඇයට නොහැඟෙන සේ කීමට වගබලා ගත්තේ  මින් මත්තට සිදුවීමට යන දේ මා හොඳින් දන්නා නිසාවෙන්, එමඟින්  ඇය මදකින් හෝ පමා කිරීමට හැකිවේයැයි මට ඒත්තු ගිය නිසාවෙනි. ඈ මවෙත හැරී ගත දවටා සිටි සාලුව රැඳි තිබු ගැටය මුදා හැර සයන මත උඩුකුරුව වැතිරුනාය.

"මහත්තයා මේ..විකාර නැතුව මට බණ දේශනා කරන්නේ නැතුව ආව නම් ආව වැඩේ කරගෙන යනවද.........." ඈ පැවසුවේ කැරකෙන පංකාව දෙස බලමිනි.

"........මම මීට කලින් ඔයිට වඩා උපාසක බබාලා දැකලා තියනවා...හොඳ හිතින් කියන්නේ.....මට බණ දේශනා කරන්න විතරක් එන්න එපා...මොකද මට දැන් ඔව්වා අහලා තිත්ත වෙලා තියෙන්නේ...තමුන් අහන්න යන දේත් මම හොඳට දන්නවා..කොහොමද ඔයා මේ රස්සාව පටන් ගත්තේ..?. ඇයි ඔයාට හරි තීරණයක් ගන්න බැරි වුනේ මේ ජරා රස්සාවෙන් මිදෙන්න.?.ජීවිතේ ආයේ පටන් ගන්න පුංචි හරි උත්සාහයක් ගන්නේ නැද්ද....? ඔය ටේප් එක තමයි ඕවගේ එවුන්ගේ කටේ තියෙන්නේ..මහත්තයා මේ ........කරුණාකරලා මාව යකා අවුස්සන්නේ නැතුව මාව මරාගෙන කාපන්..දෙයියන්ගේ නාමෙන් මාව මරාගෙන කාපන්." 

ඇයට අන්තිම වචන පිටවෙද්දී හැඬුම් ආවේය. සත්තකින්ම මේ මෙහෙයුම අත්සන්කර භාරගැනීම පිලිබද මා බොහෝ සේ පසුතැවෙන්නට වීමි. දෙනෝදාහක් දෙනා ඉදිරියේ නිරුවත් වුවා වැනි හැඟීමක් මට දැනුන අතර ගිනියම් වී දියාරු වූ  හැඟීම් පර්වතයක් සේ ස්ථාවර කර ගැනීමට මා මහත් උත්සාහයක යෙදුනෙමි. මා මාගේ ජීවිතය සරිකරගැනීමට මේ රැකියාව කලයුතු වුවා සේම ඇයද ඇගේ ජීවිතය ජීවත් කරවීම සඳහා මේ රැකියාව කල යුතුව ඇත. කෙකුගේ රැකියාවක් තවත් කෙනෙකුගේ රැකියාවක් පිලිබඳ දැඩි තීරණයක් ගන්නා විරල අවස්තාවකට මා මුහුණ දෙමින් සිටියෙමි. 

ආශ්වාස ප්‍රාස්වාස හමුවේ වේගයෙන් උස්පහත් වන ඇගේ නග්න ළමැද අසාමාන්‍ය ලෙස  ගැහෙන්නේ ඇය කෝපයෙන් පසුවන නිසා විය යුතුය..එසේ නොවන්නට ඇය මළකඳක් මෙන් නිසලය.මොහොතකට පෙරාතුව අපහසුවෙන් දරාගත් පුපුරා පිටාර යන්නට තැතනු මාගේ හැඟීම් හද පතුලේ මහත් සටනක යෙදුනේ ඇගේ මුවගින් සිහින් ඉකි එකින් එක  පිටවෙද්දීමය..සැලසුම් සහගතව සිදුවිය යුත්ත පෙර පරිදි පමා කල යුතු වුයෙන් මා ඇය වෙත හැරී ටයිපටිය ගලවා දමා කමිසයේ බොත්තමක් සෙමින් පැන්නුවේ ඇය වෙත ආරාධනාත්මක බැල්මක් හෙළමිනි. ලැබුණු අවසරයෙන් ඇය සයන මත බඩගාගෙන පැමිණ මගේ හිස බදාගත්තාය. ඉනික්බිතිව මාගේ බඳවටා දෑත යවා කලිසමේ බඳ පටිය සෙමින් ලිහිල් කලාය.

"ඔයා මෙතන  ඉන්නේ එක හිතකින්....එක හැඟීමකින් නෙමෙයි. ඇත්තම කියනවනම් ඔයා මේ කරන්න යන දේ ගැන පසුතැවෙනවා. මම හරිනේ ...?...!" එවර ඇය සන්සුන් වූ සෙයකි. ඇය පැවසුවේ මාගේ කන්පෙත්තක් සෙමින් විකමිනි......"ගණන් ගන්න එපා...මෙහාට ආව හැමෝම එහෙම තමයි..ටික දවසකින් ඔක්කොම හරි යනවා" ඇය මුවගින් නක්කලේට සිනාසුනද ඒ සිනහව තුල කිසියම් අනුරාගී බවක් ගැබ්ව තිබුනා යයි මට හැඟිනි. 

" ඉස්සෙල්ල මට කියන්න ඔයා මේ දේ කරන්නේ එක හිතකින්ද එක හැඟීමකින්ද..?" මම පෙරලා ප්‍රතිඋත්තර දුන්නේ හදවතට වහල්වූ හැඟීමක පීඩනයට ගොදුරු වූ නිසාවෙනි. දෙදෙනා දෙදෙනාට නැගු ප්‍රශ්නාර්ථ හමුවේ ඇය මෙන්ම මාද නිරුත්තර වීමු. ඇය සුසුමක් හෙළුවාය. සුසුමකටත් වඩා එය හීල්ලුමකි. අප දෙදෙනා අතර පරතරය බොහෝ සේ අඩුවුයෙන් ඇගේ හීල්ලුමේ කැටිව තිබුණ උණුසුම මා සවන් පෙති හිරි වැට්ටුවේය. ගිනියම් වූ අගේ හදවතේ නලියන වේදනාව කෙතරම්දැයි පසක් කරගැනීමට මාහට එය සෑහුනි.

"ජීවිතේ කියන්නේ සෙල්ලමක් මහත්තයා........" ඇයගේ දෙනෙතේ ගැබ්ව තිබුනේ සතුටක්ද, දුකක්ද එසේත් නැතිනම් කිසියම් පසුතැවීමක්ද යන්න මට තෝරා බේරා ගැනීමට නොහැකිවිණි. ඇය සිනාසුනාය, වරෙක හීල්ලුවාය.  "......අද මං දිනනවා..හෙට ඔයා දිනනවා..සමහර විට අපි දෙන්නම දිනනවා,...එහෙම නැත්තම් දෙන්නම පරදිනවා...වටේ ඉන්න මිනිස්සු මේ සෙල්ලම දිහා බලා ඉන්නවා...හිනා වෙනවා...චෝදනා කරනවා අපහාස කරනවා...ඉතින් උන්ගෙන් බේරෙන එකම සෙල්ලමක් නෙමෙයිද මහත්තයෝ" ඇය ගිරිය යටින් සිනාසුනෙන් මා වික්ෂිප්ත වීමි.

"මට විනාඩියක් දෙන්න..." කියමින් න් මා නැගිට නානකාමරය දෙසට පිය නැගුවේ  හැඟීම් වලට වහල් නොවී ගනුදෙනුව මෙතෙකින් හමාර කලයුතු නිසාවෙනි. ඇය මදෙස දවා හළු කරවන තරම් බැල්මක් හෙලීය. සිත තුල ජනිතවූ හැඟීම් ආයාසයෙන් හදවත තුල අකර්මන්‍ය කොට දුරකථනය ගෙන යැවිය යුතු කෙටි පණිවිඩය යැව්වෙමි.

"evry thngs al rght...its ur chance"

මා නාන කාමරයෙන් පිටතට පැමිණෙන විට පොලිස් නිලධාරීන් කීපදෙනෙක්ද නිලධාරිනියන් කීපදෙනෙක්ද පැමිණ සිටියහ. සයන මත ඇතිරිල්ල විසිරි ගොස් ඇත. බොහෝ දුරට ඇය පලා යන්නට උත්සාහ අරන්නට ඇත. ඇද වියලට හිස තබාගෙන විලංගු ලු දෑත උකුල මත තබාගෙන ඇය ඉකිබිඳිමින් සිටියාය.

"වෙල් ඩන් ඉන්ස්පෙක්ටර් යූ ඩිඩ් දැට්....වෙයිට් ෆොර් ද ප්‍රොමෝෂන්"
සෙසු සගයින් මට සුභ පතන්නට වුවත් මා හැඟීම් විරහිතව ඇය මෙන්ම වික්ෂිප්තව සිටි නිසා එතරම් ඒ පිළිබද සැලකිල්ලක් නොදැක්වීමි.

ඇඳ මත ඉකිබිඳින ඇයගේ දෙනෙත් රත්පැහැයෙන් නලියමින් තිබිණ. නිසැකවම ඒ දෑස දෑස් වෛරයෙන්  මට සාප කරනයුරු මා හොඳින් දුටුවෙමි.

පෙර පරිදිම ඉතා අපහසුවෙන් මා ඇයට ලං වුනෙමි.

"මට සමාවෙන්න..මම කලේ රාජකාරිය"

මා එය කියා අවසන් වනවාත් සමගම ඇය අප්‍රසන්න අයුරින් කාරා මගේ දෙපතුල මුලට කෙළ ගැසුවාය. එකෙනෙහිම කාන්තා පොලිස් නිල්ධාරිවරියන් ඇයගේ කෙස් වැටියෙන් අල්ලාගෙන කාමරයෙන් පිටතට රැගෙන ගිය අතර සෙසු මා මිත්‍ර සගයින් අවඥාවෙන් සිනාසෙන හඬ ඇසිනි 

මා තැබූ පියවෙරෙන් ඇයගේත් මගෙත් තව බොහෝ දෙනකුගෙත් ජීවිත එසේ තීරණය වුවද ඒ පිලිබඳ නිවැරදි අර්ථකතයක් දීමට අදවෙන තුරු මා අපොහොසත් වුනෙමි

78 comments:

  1. ජීවිතේ කියන්නේ අවස්ථා ගොඩක එකතුවක් ......... අපේ උන් අවස්ථාවෙන් ප්‍රයෝජනේ ගන්න දන්නේ නැතිඑකයි අවුල !!!!!

    ReplyDelete
    Replies
    1. තියන හැම අවස්ථාවකින්ම ප්‍රයෝජනයට ගන්නත් බෑ මචන් මට හිතෙන විදිහට

      Delete
  2. නියම කතාව මචන්
    කුතුහලය තියෙන්න ඇරලා අන්තිමට පුපුරවල දාන විදිය අපූරුයි
    ඒත් මේ ප්‍රශ්නේටනම් කතා කරන පලියට උත්තරයක් නැති බව නම් එයා කියන දෙයින්ම තේරෙනවා
    ""........මම මීට කලින් ඔයිට වඩා උපාසක බබාලා දැකලා තියනවා...හොඳ හිතින් කියන්නේ.....මට බණ දේශනා කරන්න විතරක් එන්න එපා...මොකද මට දැන් ඔව්වා අහලා තිත්ත වෙලා තියෙන්නේ..."
    ජයවේවා !

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත මචන්... ඒ ප්‍රශ්නෙට උත්තරයක් නෑ,, ගොඩක් ස්තුතියි මචෝ

      Delete
  3. මම දාන කමෙන්ට් ස්පෑම් වෙනවා හි‍ටු කියලා. උඹේ එකට දාපු එකත් එහෙමමයි. ඒකයි මෙහෙම දාන්නෙ. හොඳ එකා වගේ ස්පෑම් එකි බලලා මගේ කමෙන්ට් එකක් ගොඩිං තියාපං පැතුමා.

    ReplyDelete
    Replies
    1. ස්පෑම් බාල්දියේ නෑ ඩුඩ් අයියේ..මම බැලුවා...ඇයි අයියෝ එහෙම වෙන්නේ

      Delete
    2. ඇත්තෙන්ම ඒක පබ්ලිෂ් වෙලා තියෙනව මම දැක්කත් පේජ් එක රීලෝඩ් කරනකල්ම.
      මම කිව්වේ මට මතක හැටියට මෙහෙම එකක්.

      මම කිව්වෙ උඹේ සුපුරුදු ශෛලියට වෙනස්ව උඹ ලියපු තවත් හිත් ඇදගන්නා කතාවක්.

      එතකොට මෙච්චර භාෂාව ගැන සැලකිලිමත් වෙන එකා ඇයි තව පොඩ්ඩක් කොමා ගැන හෙම තව පොඩ්ඩක් සැලකිලිමත් වෙන්නේ නැත්තේ කියලත් මම ඇහුවා. උදාහරණයක් විදියට, >>මැදගිල්ලෙන් අගුල් දා තිබු දොරටුවට කීප වරක් තට්ටු කර, << කිව්වම දැන් මේ දොර මැදඟිල්ලෙන්ද අගුල් දාලා තිබුනේ කියලා කෙනෙකුට හිතෙන්න බැරි කමක් නෑ. :D

      මම මේක දෙවිදියටම දාලා බලන්නම් මොකද වෙන්නෙ කියලා.

      Delete
    3. ඇත්තෙන්ම ඒක පබ්ලිෂ් වෙලා තියෙනව මම දැක්කත්, පේජ් එක රීලෝඩ් කරනකල්ම.
      මම කිව්වේ, මට මතක හැටියට මෙහෙම එකක්.

      මම කිව්වෙ, උඹේ සුපුරුදු ශෛලියට වෙනස්ව උඹ ලියපු, තවත් හිත් ඇදගන්නා කතාවක්.

      එතකොට මෙච්චර භාෂාව ගැන සැලකිලිමත් වෙන එකා, ඇයි තව පොඩ්ඩක් කොමා ගැන හෙම සැලකිලිමත් වෙන්නේ නැත්තේ කියලත් මම ඇහුවා. උදාහරණයක් විදියට, >>මැදගිල්ලෙන් අගුල් දා තිබු දොරටුවට කීප වරක් තට්ටු කර, << කිව්වම දැන් මේ දොර මැදඟිල්ලෙන්ද අගුල් දාලා තිබුනේ කියලා කෙනෙකුට හිතෙන්න බැරි කමක් නෑ. :D

      මම මේක දෙවිදියටම දාලා බලන්නම් මොකද වෙන්නෙ කියලා.

      ඔන්න Name/URL දැම්මා.
      දැන් දානවා මගේ බ්ලොගර් ප්‍රොෆයිල් එකෙන්.

      Delete
    4. ඇත්තටම එහෙම හිතන්න බැරිකමක් නැත්තෙත් නෑ තමයි. :D :D ගොඩක් ස්තුතියි ඩුඩ් අයියේ..මම ඊගාව පොස්ට් එකේදී ඒ අඩුපාඩුව හදා ගන්න ට්‍රයි කරනවා. වැරදි අඩුපාඩු පෙන්නලා දෙන එක මට දැනෙන්නේ කොහොමද කියලා අමුතුවෙන් කියන්න ඕනි නෑනේ

      Delete
  4. නියමයි මචං ලිවීමේ තවත් විදියකින් මේ කතාව ලියල තියෙන්නේ. එත් කතා රාමුම පරණයි.

    ReplyDelete
    Replies
    1. ඔව් අසාර් අයියේ..ඒක ඇත්ත... පරණයි මම පොඩ්ඩක් පොලිෂ් ගාලා ගත්ත

      Delete
  5. ශහ්හ්හ්හ්හ්හ්!!! පැතුම්ගෙ ලිවිමෙ ශෛලිය දැන් හුඟාක් දියුණු වෙලාද මංදා... :) කතාව පරණ එකක් වුනත්, අලුතෙන් ලියපු විදිය ලස්සනයි :)

    ReplyDelete
    Replies
    1. එල කිරි හිතුවො තැන්කු ඈ

      Delete
  6. ෂා මේ අර කතාව නේද?????

    ReplyDelete
    Replies
    1. නියමයි නියමයි ඇත්තටම මම මේ ස්ටයිල්එකට මාර ආසයි අෆ්ෆා

      Delete
    2. ගොඩක් ස්තුතියි අක්කේ

      Delete
  7. කියන්න දෙයක් හිතා ගන්න බෑ අප්පා...

    ReplyDelete
  8. සිතට එන සිතුවිලි වචන වලට පෙරලගන්න බැරිව ඉන්නවා .
    …ලස්සනයි සිතුම් .

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි ගිම් අක්කේ

      Delete
  9. අවසානය මං නොහිතුව එකක්. ලස්සනට ලියල තියෙනවා. කෙනෙක් කරන දෙයක හොඳ නරක තීරනය කරන්න අපිට අයිතියක් නැති වග ඔයා ලස්සනට විස්තර කරල තියෙනවා. ස්ට්යිල් එක ලස්සනයි.

    ReplyDelete
  10. මේ වෙනස් ලිවිල්ල එල මචං..

    ReplyDelete
  11. ලියවිල්ල නම් සුපිරියටම සුපිරිය.
    රාජකාරිය වුනත් පව් කියල කියල හිතුන.එයාලත් මනුෂ්‍යයෝ නිසා.
    පුදුමයි මූනට කෙල නොගහපු එක.

    ReplyDelete
    Replies
    1. ගොඩක් Kenji ස්තුතියි අයියේ..
      වටපිටාවේ හිටපු නිලධාරින් නිසා සමහර විට සැර බාල වෙන්න ඇති

      Delete
  12. මම සදුදට දාන්න ඉන්නේ room no 13 කතාව.. හැබැයි මීට වඩා වෙනස් ඒකනම්..

    නියමයි මලයා කතාවනම්.. පහුගිය ටිකේ ලිවුව විදිහත් එක්ක සෑහෙන වෙනසක්..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි දිනේෂ් අයියේ මම ඒක කියෙව්වා... සුපිරියි ඒකත්..

      Delete
  13. හිතාගන්න බෑ මොනවද කියන්නෙ කියල..හිතට ගොඩක් දැනුන කතාවක් සිතුම්

    ReplyDelete
  14. ජීවිතය හැරවුමත් නැවතුමත් ජීවිතය අයිතිකෙනාගෙම අතින් නොවෙන කොට ලෝකයා විසින් එය බාර ගන්නවා.
    ලිවීමේ රටාවේ කලාත්මක වෙනසක්.. ලස්සනයි මල්ලියෝ කතාව.

    ReplyDelete
    Replies
    1. ඒ කතාව ඇත්ත නන්දු අක්කේ. ගොඩක් ස්තුතියි ඈ..!!!

      Delete
  15. මොකක් කියන්නද කියලා මට හිතා ගන්න බෑ බං!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් සමහර විට වෙන්න පුළුවන් මචො :D

      Delete
  16. තරමක් වෙනස් ශෛලියකින් ලියලා ඔන්න :)... මුලින්ම හිතෙන්නේ සාම්ප්‍රදායික ගණිකාවට පෙම් කිරීමේ කතාව කියලා, එතනින් එහා ටිකක් දුර යනවා තමයි. ඒත් ලොකු වෙනසක් ඇති කරන්න සමත් වෙලා නෑ වගේ කියලා හිතෙනවා. අනික ගණිකාවක් අත් අඩංගුවට ගැනීමට මේ වගේ සිදුවීමක් අවශ්‍යවෙන්නෙ ඇයි කියන ප්‍රශ්නෙත් එනවා. කතාවේ භාෂාව, සිදුවීම් විස්තර කිරීම අගේට කරලා තිබ්බට, සමස්ථයක් විදිහට ගත්තහම කතාවෙන් හිතට දැනෙන හැඟීම ප්‍රභල නැහැ. සැර වැඩිද මන්දා.... :)

    ReplyDelete
    Replies
    1. හරියට හරි තිසා..කතාව ලියනකොට මම හෙන රාමුවක කොටු වුනා. මොකද මේවගේ ලාවට 18+ ටයිප් එකේ කතාවක් ලියනකොට ගොඩක් පරිස්සම් වෙන්න ඕනි හින්දා. අන්න ඒ හින්දා හිතේ ඇඳුන විදිහටම කතාව ලියන්නේ නැතුව ඕනෙවට වඩා වෙනස් කරපු හින්දා ඔය කියන ප්‍රභල හැඟීම ආවේ නැද්ද දන්නේ නෑ. සිරාවටම කතා රාමුව පැරණියි, ඒකාකාරී තේමාවක්නේ. සමහර විට ඒකත් බලපාන්න ඇති. පරණ කතාවකට මම කරලා තියෙන්නේ සුදු හුණු පොඩ්ඩක් ගාපු එක විතරයි. මම හිතනවා මට ඇත්තටම මීට වඩා පොඩි වෙනසක් හරි තිබ්බ තිබ්බා කියලා දැන්. සැර....? පිස්සුද තිසා...වැරද්දක් කියල දෙන එකෙන් තමයි ලියවෙන ඊළඟ කතාවට පන්නරයක් වෙන්නේ. මේවගේ දැනමුතුකම් දෙනකොට මීට වඩා සැරෙන් කිව්වත් මට කිසි ප්‍රශ්නයක් නෑ.

      Delete
  17. නියමයි පැතුම් මල්ලි. අවසානය වෙනකං කුතුහලය තියෙන්න ලියල තියෙනව.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි ප්‍රසන්න අයියේ

      Delete
  18. කථාවෙ මැදක් හරියට එද්දි මට හිතුනා අවසානය මේ වගේ වෙයි කියල. හැබැයි ඔයා ලියල තියෙන ශෛලිය නිසා අවසානය වෙනකන් බොහොම අසාවෙන් කියවගෙන ආවා. සමහර මාතෘකා ඔස්සෙ කතා ලියද්දි ලොකු වෙනසකට යන්න අමාරුයි..මට හිතෙන්නෙ මේත් ඒ වගේ මාතෘකාවක්. ඉතින් ඒ සාම්ප්‍රදායික කතා රාමුව ඇතුලත ඔයා වෙනසක් කරන්න උත්සහ කරල තියෙනව...මට හිතෙන්නෙ ඒ උත්සහය සාර්ථකයි.

    ReplyDelete
    Replies
    1. හ්ම් ඔව්...Chams..ලියද්දි එක රාමුවකට කොටු වුනා කියලා මට හිතුනා..කතාවේ අවසානයට ඒක ගොඩක් බලපෑවා. ගොඩක් ස්තුතියි ඈ

      Delete
  19. එකඑක්අ ඣවිත දිහා එක එක කෝණවලින් බලන්න පුළුවන්... හැබැයි මටත් හිතෙනවා මෙයාලා බොහො විට කියන්නේ ඇත්ත නෙවෙයි කියලා... සමහර විට මම වැරදි ඇති.

    ReplyDelete
    Replies
    1. ඒක හරි දයා අයියේ..ඕනේ දෙයක් දිහා ඕනේ කෝණයකින් බලන්න අයිතියක් තියනවනේ. දයා අයියා මෙයා කියලා කිව්වේ කතා නායකයාද එහෙම නැත්තම් උප නායිකාව ගැනද.

      Delete
  20. mokadda appaa me kaamara anka scene eka? arehe dinesh kamara anka 13 gana liyala. katha dekama thama baluwe ne. balala comment karannam.

    ReplyDelete
    Replies
    1. ඔන්න කියෙව්වා. මේක වෙනස් කතාවක්. කවුරු හරිද කවුරු වැරදිද කියන්න මටනම් තේරෙන්නේ නෑ

      Delete
    2. හෙහ් හෙහ්..ඔන්න මම තමයි ඉස්සෙල්ලා දැම්මේ ඈ.. :D :D..අපි හිතමු කවුරුවත් වැරදි නෑ කියල

      Delete
  21. හැමදාමත් වගේ හිතට දැනෙන්න ලියල තියනවා... මට නම් හිතෙන්නෙ ගණිකාවෝ බිහිවෙන්න පලවෙනි වැරැද්ද කරන්නෙ පිරිමි විසින්..

    ReplyDelete
    Replies
    1. පිරිමි විතරද..? තනි අතින් අත්පුඩි ගහන්න බෑ කියලා කතාවකුත් තියනවා නේදෝ ?

      Delete
  22. අති සාර්තකයි කොල්ලෝ. හොද ඇහැකින් මේවා දැකල නිර්මාණ කරන්න හැකියාවක් තියෙන්න ඕන. මම ආසම ඒ විදිය.. ජය වේවා..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි මචං දේශ්

      Delete
  23. අපි කලින් කතා කරපු යම් හේතුවක් නිසා මේ පැත්තේ එන එක අතැරලා දාලා තිබුණේ.. ඒත් අද අහම්බෙන් මේ පැත්තේ ආවම, කොමෙන්ටුවක් නොදා යන්න බැරි තරම් අගේ ඇති කතාවක් කියවන්න ලැබුණා..

    බොහොම ස්තුතියි මිත්‍රයා! ජයෙන් ජය ම වේවා!!

    ReplyDelete
    Replies
    1. ඔව් මචෝ උඹ කිව කතාව තේරුනා. ගොඩක් ස්තුතියි මචං අඩුපාඩු කියල දෙනවට.

      Delete
  24. කතාව කියෙව්වට ෆෝන් කට්ටෙන් කොමෙන්ටුවක් දාන්න බැරි උනානෙ. මරු කතාව. මේ මතෘකාව ගොඩක් සංවේදී. හොඳට ලියල තියනවා.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි ගිමා අයියේ

      Delete
    2. මෙතනදි කවුද හරි කියන එක හොයන එක වැඩක් ද මන්දා, ඒ වුණත් වැදගත් ම් අප්‍රශ්නෙ තමයි එක හිතකින් ද මේක කරන්නෙ කියන එක. බහුතරයක් නම් නෑ කියලයි මගෙත් නම් අදහස. ඒක සාධාරණීකරණය කරන්න පුලුවවන් කාටද ඒත්?

      Delete
    3. කාටවත් හරියට සාධාරණියකරණය කරන්න බැරිවෙයි මගේ හිතේ

      Delete
  25. උඹ අමාරුවෙන් ඇවිත් මගේ WordPress බ්ලොග් එකේ (මට හිතෙන හැටි) අමාරුවෙන් කමෙන්ට් දාන්නේ මොකෝ මේ අච්චර ලේසියෙන් මගේ Blogger සයිට් එකේ (මගේ ඩෙනිම) කමෙන්ට් කරන්න තියෙද්දි? ඇත්තටම පැතුමා මගේ ඩෙනිම ගැන දන්නෙ නැතුවද කියලා හිතලා මේ දැම්මේ. :D

    ReplyDelete
    Replies
    1. අඩේ සිරාවටම මම දන්නවා ඩුඩ් අයියට දෙකක් තියනවා කියලා (බ්ලොග්. මම එතකොට අමාරුවෙන් කමෙන්ට් කරලා තියෙන්නේ ඒ බ්ලොග් එකේද.....? කවුද අප්පේ දන්නේ...? මම හිතුවේ ඩුඩ් අයියා "මට හිතෙන හැටි" බොගේ ගියපුවා මගේ ඩෙනිමේ ආපහු දානවා කියලා... මම හිතුවේ අනික අලුත් ටෙම්ප්ලේට් එකක් මාරු කළා කියලා. ඒකනේ කිවේ සුපුරුදු කමෙන්ට් බොක්ස් එක නැති වෙලා කියලා හිතුනේ. හයියෝ ටකරන් කිව්වලු.. හත්වලාමේ එතකොට මම කියවලා තියෙන්නේ මගේ ඩෙනිම නෙමෙයිද ඈ

      Delete
  26. ලස්සණ කතාවක්, පැතුම් අයියේ. මම අදමයි ආවේ ඔයාගේ පිටුවට. හ්ම්ම්, අන්තිම වෙනකං කුතුහලය පිරිලා. හිතුවේ නැහැ මේ වගේ අවසානයක් ඇති කියලා.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි ධාරා නංගියේ..ඔයා අපේ ශෂීගේ නංගි නෙමෙයිනේ නේද ?

      Delete
  27. වෙල් ඩන් පැතුම්..මේ වගේ කතාවක් තමා බලාපොරොත්තුවෙන් හිටියේ..කතාවේ අන්තර්ගතය වගේම ලිවීමේ ශෛලියත් ලස්සනයි වගේම හරවත්..පැතුම්ගේ ලිවිල්ලේ මම කැමතිම දේ තමයි උපමා ගලා යන විදිහ..මේ කතාවේ තවතත් ඉස්සරහට ගිහින් චිත්ත රූප මවන විදිහට ලියලා තියනවා..ඉන්ස්පෙක්ටර්ගේ පිටිපස්සෙන් අපිත් ඒ කතාව වින්දා වගේ දැනුනා..

    ඒත්..
    කතාවේ අන්තිම ටිකක් පැටලිලි සහගතයි..ගණිකා මඩම් වටලන හැටි දන්නැති නිසාද දන්නෑ..ඒ එක්කම කතාව තවත් දික් වුනා නම් හොඳයි කියලා හිතෙනවා..අන්තිම සිදුවීම් ටික ගලාගෙන ගිය වේගේ වැඩියි කියලා හිතුනා..

    කොහොම වුනත් පැතුම්ගේ ඇත්තම හැකියාව මේකෙන් පේනවා කියලයි මට හිතෙන්නේ..දිගටම ලියන්න පැතුම්..

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි රූ අක්කේ... ඔව් මම මේ කතාව ලිව්වේ මේ ලඟදි පත්තරේක ගිය නිව්ස් එකක් දැකලා..සමහර විට ඒ වටලන විදිහ ආර්ටිකල් එකෙක් විදිහට කියෙව්වට හරියටම තක්කෙටම නොදන්නා හින්දා වෙන්න ඇති අන්තිම හරිය අවුල් ගියේ.. (කතාවක් ලියනකොට සමාජය ගැන පුළුල් අවබෝධයක් තියෙන්න ඕනිනේ..මගේ ඒ අඩුපාඩුව ටිකක් වැඩිපුර තියේ.) මටත් ගොඩක් දෙනෙක් කිව්වා අන්තිම හරිය පැටලිලි සහගතයි කියල....මගේ තියන දුර්වල තාවයක් තමයි අක්කේ අන්තිම හරිය පට පට ගාලා ඉවර වෙන එක. ඒක හදා ගන්න ට්‍රයි එකක් දෙනවා ටික ටික.

      Delete
  28. අනේ මන්දා මුනා කියන්නද කියලා....

    පැතුම්ගේ ලිවිම ගැන නම් ඉතිං ආයි අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.... සුපිරියි.....

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි සමී අක්කේ

      Delete
    2. සමි??? ඒ කවුද බොල ඒ???

      Delete
    3. සමනලී
      සම + නලී
      සම + ඊ - නලී
      සම්ඊ
      සමී

      (+ අක්කා or නංගි )

      සමී අක්කා or නංගි :D :D

      Delete
    4. අප්පද බොල මෙයා හොයා ගෙන තියෙන එව්වා..... හික්.... සමී අක්කා.... එල එල.... :)

      Delete
  29. පව් නැද්ද කියල හිතුන අද.අනේ මන්දා

    ReplyDelete
  30. පට්ට පතුරු ලියවිල්ලක් පැතුම්. ඒක නම් මාර පැත්තකින් හිතලා ලියල තියෙන්නෙ.
    අපේ පත්තරයක් තියෙනවා ‘රන්බිම කියලා‘ මාත් ඒකෙ කතෘ කෙනෙක්. මේක එවපං කො ‘fmabhaya‘ ෆොන්ට් එකෙන් මගෙ මේල් එකට. drackey@gmail.com උඹේ හැකියාව විශිෂ්ඨයි.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි මචං.... මම පුළුවන් ඉක්මනට එවන්නම්..ආයෙමත් ගොඩක් ස්තුතියි

      Delete
    2. ඉතිං එවපංකො බං ඉස්තූතිය පැත්තකින් තියලා. කතාව එව්වට පස්සෙ ඕන්නං දහඅට පාරක් විතර ඉස්තූති කොරපං.

      Delete