Friday, June 14, 2013

මට මේ මයිල් ගහේ පොටෝ එකක් ගහලා දියන් මචං

මේ දවස්වල මම හොම්බෙන් යන තරමට බිසී. බිසී කියන්නේ බිසී එකෙත් උපරිම නහුතෙට බිසී. දිවේ අග වාටිය උඩු තල්ලට රිවට් කරගෙන මහා රෑ පාන්දර දෙගොඩහරියක් වෙනකම් ලියනවා. එලි වෙන්න කිට්ටුව ලිවිල්ල කොච්චර දරුණු වෙනවද කියනවනම් උඩු තල්ලේ වැදිලා තියන දිවේ රිවට් එක අන්තිම හරිය වෙනකොට නහයේ අගට එනවා. ඒ විතරක් නම් මදැයි. ලියලා ලියලා මල පැනලා වගේ ඇක්ටින් එකක් බොරුවට හිතෙන් මවාගෙන, ඒ කොළ ගුලිකරලා ජනේලෙන් එලියට විසික් කරන්නේ සිරාම ගත් ගතුවර කැරැක්ටර් එකට එන්ටර් වෙන්න ඕන හින්දා. පහුවදා වැස්සට පෙඟීච්ච ඒ කඩදහි දැකලා, රම්බා මහපොලව නුහුලන කුපාඩි කතා කිව්වට මම ලාවටවත් සැලුනේ නෑ. සිරාවටම මට ඕනි වුනේ ගිනි පුලිඟුවක් වගේ නලියන ලොන්තයක් බලාපොරොත්තුවලට පෙට්රෝල් දාලා, ඒ බුර බුරා නැගෙන ගිනිදැල් මැදින් මගේ ෆේමස් රයිටර් හීනේ දකින්න. දෙයියම්පා, කිරිඅත්තා කොල්ලා  කාලේ ලයින් දාපු ගැටිස්සි පල්ලා මගේ හිත ප්‍රීතියෙන් උදම් වෙලා උද්දාම වෙලා තිබුනේ.

පහුවදා අපිට පත්තර කන්තෝරුවට යන්න තිබුන හින්දා මම රම්බාට උදෙන්ම එන්ඩ කිව්වා. උදේ පාන්දර දහයට විතර මූ ති දදා ඇවිත් කියනවා.

"මචං රයිටර් උදව්වක් කරහන්"

"ම්ම් මොකක්ද බං...?"

"මේ මේ ... වම් අතේ උරහිස ගාව අසාමාන්‍ය විදිහට පට්ට දිග මයිල් ගහක් ඇවිත් බං...අනේ  මට එකේ පොටෝ එකක් අරන් දියන් ෆේස් බුක් දාන්න"


කොහොම මම පැය ගානක් හරි මයිලට කැමරාව ෆෝකස් කරන්න දඟලපු පාර  අන්තිමට උගේ අසාමාන්‍ය මයිල හැලුනා. රම්බා ඒක හැලුන දුකට මට බැන බැන ඇඟේ අසාමාන්‍ය මයිල් ගස් හොයනවා.

කොහොම හරි රම්බාගේ කනේ ආපු අසාමාන්‍ය මයිල් ගහක් පොටෝ ගහගෙන ෆේස් බුක් අප්ලෝඩ් කරලා, මමයි රම්බයි බස් එකට නැග්ගේ එකම කතාව දෙතුන් වතාවක් පොටෝ කොපි ගහගෙන හදාගත්තු මගේ පට්ට සයිස් සම්භාව්‍ය කෙටි කතා කලෙක්ෂන් එකත් කිහිලි ගහගෙන. ලෝක පාලන දෙයියන්ට දෙපාරක් මැරී කරන්න වාසනාව ලැබෙන්ඩ ඕනි මටයි රම්බාටයි ලදරන් බස් කට්ටේ ඉඳගන්න සීට් එකක් ඉතුරු කරලා තිබ්බට. ටවුන් දෙක තුනක් පාස් කරනකොට බස් එක ඇතුලේ සෙනග පැක් වුනේ ලෝක ධර්මතාවෙ අනුව වුනත්, රම්බාගේ කට වවුලෝ සුප්පු කරපු වැල මදූල වගේ වුනේ සාපේක්ෂතාවාදයේ අභන්තර තියරි ඇස් පනාපිටම ඔප්පු වෙද්දී.  මට ඉස්සරහ සීට්වල මාරුවෙන් මාරුවට ගියපු සීයාගේ බුලත්විට පාරවලුයි, කැහි පාරවලුයි, තව කාගේද වමනේ පැකට් එකේ තිබිච්චයි, හුළං පාරට මගේ මුණේ ගෑවී නොගෑවී ගියේ නැත්තම් සමස්තයක් විදිහට ඒක නයිස් ටුවර් එකක්.  ඔය අස්සේ ලස්සන ගැමි ලුක් කෙල්ලෙක් ඉස්සරහ සීට් එකට ගාවා අයිනෙන් හිටගද්දී,  රම්බා හිටපු තැන අයිනට හිටගෙන යන්න සෙට් වුනේ පොෂ් ලුක් පත සයිස් සන්ග්ලාස් දාපු ඇන්ටි කෙනෙක්.

බස් එකෙන් බැහැල පයින් යද්දීත් රම්බාගේ මුණ නිකන් කුනුවෙච්ච අර්තාපල් ගෙඩිය වගේ තිබුන හින්දා මම නිකමට වගේ මුලින් වර්ඩින් එක දැම්මා.දුකට

"මචං රම්බා..හොඳ වෙලාවට ඉඳගන්න හම්බුනේ නැද්ද බං..?."

"ආ ඔව් ඔව් හොඳ වෙලාවට,... ඒ වුනාට යකෝ මට දුක...අර පත ඇන්ටිගේ හොඳම හරියෙන් කිලෝ පහලවේ විතර දෙකක්ම, එනකම් මගේ කර උඩ තියාගෙන එන්ඩ වෙච්ච එකට බං"

ඒක අහලා මට පාර අයිනේ තිබුන මාර්ග සඥා කණුවක ඔලුව ගහගෙන ගහගෙන යන්න හිතුණා ලොඳ පනිනකම්.  පහුවදා උදේ පත්තර වල කුජීත හෙඩ්ලයින් එකක් වෙන්න තුන් හිතකවත් වුවමනාවක් තිබුනේ නැති හින්දා මම දත කාගෙන ඉවසන් හිටියා.

කිරි අප්පගේ පුසී පැටව් ගහලා කියපි. හන්දියෙන් හැරෙනකොටම පාර අයිනේ හිඟන්නෙක් ලේ පෙරාගෙන හතරගාතෙන් වැටිලා කෙඳිරි ගානවා. දොළොස් පෝයට සිල් ගන්න අපේ ශ්‍රද්ධාවන්ත මිනිස්සු ඒ මිනිහව පාස් කරගෙන ආතල් එකේ එතනින් වාෂ්ප වෙනවා වගේ වගක් නැතුව. තවත් බැතිමත්තු දෙතුන් දෙනෙක් හොරෙන් හොරෙන් ඒක වීඩියෝ කර කර නෙට් අප්ලෝඩ් කරනවා "අඩෝ මෙතෙන්ට සිග්නල් නෑ බං %$&#$ " කිය කියා. තව ඩයල් එකක් ඇවිත් මිනිහට නසරානි වැඩේ කරපු එකා වටේ හොයා හොයා කෑ ගහනවා. ඕවර් පොෂ් ටයිප් කලම්බු සෙවන් කෙල්ලෝ දෙන්නෙක් "චීයා අනේ....මල ජරාව" කියලා හී හී හී ගාගෙන ටොයින් ටොයින් ගාල අඩියට දෙකට එතනනින් පැනලා ගියා.

මොන කුපාඩිකම තිබුනත් රම්බාටයි මටයි මල පැන්නේ නහුතෙට කිට්ටු වෙන්න. ඒ මනුස්සයාගේ  දුක දැකලා අපි දෙන්නගේ හදවතේ අභ්‍යන්තර පටක විජලනය වෙලා ඒටීපී ශක්තිය ඒඩීපී වෙලා කකුල් දෙකට ගලාගෙන යද්දී අපි දෙන්නා එකතු වෙලා කිසි බිසී ගාලා ඒ මිනිහව වාහනේක දාල ඉස්පිරිතාලෙට පිට කරා.  හත් ඉලව්වට ගහපු ඉස්කෝප්ප හතට ඇඩ්රස්  නෑ කිව්වලු, හෙන සෙට් එකක් කැමරා මයික් උස්සන් ආපි අපි හිටපු තැනට.

කිරි කිරි ටොයින් සක්කර වට්ටම් ටයිප් කෙල්ලෙක් හති දාගෙන දිව හැපී හැපී අනවුන්ස් කරනවා කැමරාව දිහාට හැරී හැරී.

"ඔව් ආදරණීය ප්‍රේක්ෂකයිනි...දැවෙන කුරිරු අධම තුච්ච තුප්පහි  කුපාඩි ලෝකයේ, කට්ට කෛරාටික කුජීත පජාත චාටර් ඩයල් අතරේ පට්ට හොඳ සුපිරි සුන්දර මැක්සා ඩයල් තවමත් අල්ප වශයෙන් හෝ ජීවත් වෙනවා කියලා ඔබ දැන් දකින්න ඇති....ඔව් ඔබ කැමති ඇති ඒ සුන්දර මානුෂ හිතවාදියෝ දෙන්නා අඳුනා ගන්න." ඒ කෙල්ල මගේ දිහාවට හැරිලා මයික් එක ඇල්ලුවා  මං  ඒ කෙල්ලගේ මුණ දිහා බලද්දී රම්බා ඒ කෙල්ලගේම වෙන වෙන ඒවා දිහා බලනවද කියලා බලන්නවත් මට මීටර් තිබුනේ නෑ.

"ඔව් මහත්මයා... වෙල් කම් ටු අවර් නිව් ලයිව් ෂෝ.. මේක තමයි අපේ අලුත්ම වැඩසටහන "අසරණ සරණ රියල් රියලිටි ෂෝ" කෙල්ල දත් තිස් දෙකම එලියට පන්නගෙන හිනා වුනා.

ඉන්ටර්විව් එකට පස්සේ කොහොම හරි බලෙන් වගේ ඒ සෙට් එක අපේ අතේ රුපියක් දෙසිය පනහා ගානේ පන්සීයක් මිට මෙලෙව්වේ කැමරාවට පේන්ඩ අපිට දීපු රුපියල් පන්දාහ ආපහු ඉල්ල ගන්න ගමන් "අනේ අයියේ නොවරදවාම අපේ ප්‍රෝග්‍රෑම් එක බලන්න හොඳේ" කියලා.

පැයක් විතර කට්ට කාලා පත්තර කන්තෝරුව හොයාගෙන මම ඇතුලට ගියේ පට්ටම හැපී එකේ.

53 comments:

  1. තේරුමක් ඇති දෙයක් ලියපං යකෝ තේරුමක් ඇති දෙයක්. තොපේ පුකවල් වල මයිල් තිබුනත්, හැලුනත් අපිට මොකද? සින්ඩිකේටර් එකක මාතෘකාව දැකලා අපි මේවා කියවන්න ලයිට් බිල් ගෙවාගෙන එන්නේ තේරුමක් ඇති දෙයක් බලන්න. තොපේ මඤ්ඤං ගංජා කතා බලන්න නෙවේ.

    ReplyDelete
    Replies
    1. ගානක් නැත්නම් සින්ඩිකේටරේ මයිල් කියන වචනේ දැක්ක ගමන් පැනගෙන ආවේ ඇයි මෙයා..?? O.o

      Delete
    2. @ඇනෝ;
      මේ දරුවො බලෙන් කියවන්න කියල නැහැ නේද?
      අනිත් එක ලියල තියෙන්නෙත්,අර බයික් වලින් යද්දී වංගු නමද්දී ගෑවෙන කනේ මයිල් ගැන නේද?
      මම ලගදි ම ඇනෝල වෙනුවෙන්ම පටන් ගන්නව "මී හරකා"කියල බ්ලොගක්.ඒක කියවන්න එන්න.

      Delete
    3. ආ. කෙන්ජි අන්කල් කොහොමද?

      Delete
    4. උඹ ඉතිං මයිල බලන්න ආපු නිසා නේ මෙච්චර මල. උඹ මහා වල්.

      Delete
    5. @ ඇනෝ 13:00PM;
      හායි!පුතා.
      මම සනීපෙන් පුතා.
      පුතා සනීපෙන් නේද.
      බුදු සරණයි ඇනෝ පුතා ඇතුළු දුවාල/පුතුලා ට...!!!

      Delete
    6. mona huyannakda ban ponna talk dila sindi wala danne..pu.. nodi meka uba taniyama liyagena balapan sydiyata danne natiwa

      Delete
    7. අකමැති නම් උඹ ආවේ ඇයි මයිල් බලන්න..?

      Delete
    8. තේරුමක් ඇති එව්වා කියවන බුද්ධිමත් ඇනෝතුමාට ටොපික් එක බලල පෝස්ට් එක ගැන අදහසක් ගන්න බැරිවුන එක නම් පව් වැඩේ... මක්කා කරන්නද ඉතිං එච්චර බුද්ධියක් තිබුනනම් ඔහොම ඉන්නවයෑ නේද?...

      Delete
    9. මාගේ ආමාශයික ආචාරය හැමෝටම

      Delete
  2. අඩේ මයිලේ පොටෝව දැක්කේ නෑනේ බුකියේ..

    ReplyDelete
    Replies
    1. මයිල වැටුනාම කොහොම පොටෝ ගහන්නද බන්

      Delete
  3. ඔමද දන්නෑ නේ අනිත් ඒවගෙත් දීපු සල්ලි ආයේ ගන්නවා ඇති..

    ReplyDelete
    Replies
    1. යාහ්...කවුදෑ දන්නේ ඔව්වා

      Delete
  4. නිකන් ඉඳල රුපියල් 250ක් මදි ද?.

    ReplyDelete
    Replies
    1. අදකාලේ හැටියට මදැයි නෙහ් ?

      Delete
  5. රයිටර්ව ටීවී චැනල් වලින් හොයාගෙන එනවද කොහෙද. මීට කලින් ගෙදරටත් ආව නේද චැනල් එකකින්?

    ReplyDelete
    Replies
    1. දෛවය නැත්තම් වෙන මොකක්ද ඈ ? :D

      Delete
  6. මේ ..උබලා මයිල් වල ෆොටෝස් විතරක්ම ගහලා ෆේස්බුක් අප්ලෝඩ් කරපන් ... වෙන එව්වා ගහන්නේ නැතුව හික්...හික්..

    ReplyDelete
  7. අපේ එකෙක්ව කෙල්ලෙක් කොනිත්තලා, ඒකෙ පොටෝවක් ගහලා බුකියෙ දාල තිබ්බ බං :ඩී

    ReplyDelete
    Replies
    1. හැක හැක හා.. අනුකම්පාව ගන්ට වෙන්ඩෑ

      Delete
  8. පැතුමා පටන් ගත්ත තැන ඉඳලා හතර වටේටම නෙලලානේ අද... හි හි...

    සම්භාව්‍ය ගත්කතුවර, ෆේස්බුක් ස්ටේටස්, මිනිහෙක් මළත් මුලින්ම ඒක විඩියෝ කරන්න දඟලන කට්ටිය, සල්ලි බෙද බෙද යන ටීවී ප්‍රෝග්‍රෑම්... මොකද පැතුමෝ මේ....

    ReplyDelete
    Replies
    1. අබුද්දස්ස කාලේ මිසක් ඉතින් වෙන මක්කෙයි අක්කේ

      Delete
  9. කියලා වැඩක් නැහැ . . . හැක! හැක!

    ReplyDelete
  10. කොලකෑලිවල කුරුටු ගාල ඒව ගුලිකරල ජනේලෙන් එලියට විසිකළාම ගත් කතුවරයෙක් වෙන්න පුලුවංද පැතුමො.

    අඩේ රම්බව සජෙස් කරහංකො ඌට රික්වෙස්ට් එකක් දාල මයිල බලාගන්න. :D

    ReplyDelete
    Replies
    1. ඇයි ගත් කතුවර ලුක් එකට එන්ටර් වෙන්න එහෙම කරන්න එපයි අයියේ :D

      Delete
  11. රයිටර් කාරයට මොකක් හරි අගුණයක් පල දෙනව වගේ.. මයිල හැලුනේ උඹේ වාසනාවට කියල හිතාගං. ඒකේ ක්සුද්‍ර පොටොවක් ගහන හැටි අයිලාස්ගෙන් අහගනිං. මැට්ටා..

    ReplyDelete
    Replies
    1. අවාසනාවන්ත කාලෙට ගල් බනිසුත් මැල්ලුම් එක්ක කන්න වෙනවා කියන්නේ ඕක තමයි දේශ්

      Delete
  12. මගෙත් වම් පැත්තේ කුක්කු එක ළඟ අසාමාන්‍ය මයිලක් තියෙනවා...ඒ මයිලට මාත් ආසයි එයත් ආසයි...

    ReplyDelete
    Replies
    1. මගෙත් එහෙම මයිලක් තියෙනව.මම ඉන්නෙ දවසක හැලප ගෙ ලිපියකට විස්තර ඇතිව දාන්න.

      Delete
    2. පින්තූරෙත් එවපං කෙන්ජියො ලිපියෙ උඩින්ම දාන්න

      Delete
    3. මගේ වෙන්න මනුස්සයාගේත් ඔය විදිහේ අසාමාන්‍ය මයිලක් තියෙනවද කියල අහල බලන්න ඕනි :v

      Delete
    4. නැතිවෙන්න බැහැ.පින්වත් පුතුන් ගෙ අනිවා!.

      Delete
    5. අපරාදේ බොලා ෆේස් බුක් නෑනේ...නැත්තම් දාන්න තිබුණා @Silent

      කෙන්ජි අයියේ යව යව අපිටත් බැරියෑ බලා කියා ගන්ට @ Kenji

      එල කිරි හැලපේ අයියේ @ Halapa

      බැන්දට පස්සේ ඉතිං බලන්ඩත් බැරියෑ @ Methu

      පින්වත් පුත්තු @ Kenji

      Delete
  13. මයිලක් ගිය දුර නේද?
    වෙනද වගේම ඉතින් මල්ලි හතර අතටම නෙලලා තියෙන්නෙ මේ...

    ReplyDelete
    Replies
    1. බලන්නකෝ මගේ මයිල ගිහින් තියෙන දුර .. :(

      Delete
  14. මේක උඹේ බ්ලොග් කෙරුවාවේ මයිල්ස්ටෝන් එකක් වගේ.

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා සෛලමය අකුරෙන් ලියන්ඩ ඕනි මයිලාමය මයිල්ස්ටෝන් එකක් හේ හෙහ් හෙහ් ඩුඩ් අයියේ :D

      Delete
  15. මයිලක් ගිය දුරක්! බලපන් තව මයිලක් හැලුනොත් උඹ ආයේ ටීවී එකට යනවා සුවර්!!!

    ReplyDelete
    Replies
    1. හාහ් හාහ් හා ඒ මොකෑ බං ඒ ?

      Delete
  16. හෑක් හෑක් මරුවට විදල තියෙන්නෙ.නියම උපහාස රසේ

    ReplyDelete
  17. මේ බස හැසිරවීමේ කලාවටයි මම හැමදාම කැමති. ඒ රිද්මයත් රසයත් හැමදාම අලුත්.

    ReplyDelete
    Replies
    1. මාගේ අමාශයික උත්තමාචාරය

      Delete
  18. පැතුමා මයිල් ගහෙන් නෙලල නෙ වටටම.. :) එල එල..!!

    ReplyDelete
  19. උඹේ උපමා උපමේය ටික වෙනම එකතු කරලා තියාගන්න වටිනවා... උඹේ විහිලු සරලයි සජීවීයි වගේම පොලිටිකල්...

    ReplyDelete
  20. මේ පාරත් දුන්න බැටේ නෙහ්

    ReplyDelete
  21. ey wal hawo ko 4to eka

    suwi

    ReplyDelete
  22. හිකේ... රයිටරයගෙ මයිල් ගහ අන්තිමට රියැලටි උනා

    ReplyDelete
  23. මොකුත්ම නැති එකේ 500ක් හරි ලැබුනානේ බං හවසට කාලක් ක්‍රියා කොරල බුදිය ගනිං

    ReplyDelete