Thursday, July 18, 2013

"සියලු පෘටග්ජන මිනිසා පටෝස් ගා පත්තු වේ"

තවත් සාඩම්බර ඇවටියෙල් දවසක, 
ඇඳ මත හිඳ, 
මධ්‍යම රාත්‍රී එකොළහයි...

හදවත මෙසපොතේමියස්  වෙලා කියන්නේ, බලන්ඩ බැරි සයිස් එකට. දුක හිතෙනවා. දාර දාර කඳුළු කැට අස්සෙන් දියවෙලා දියාරු වෙලා යන ෆේමස් රයිටර් හීනේ හෙන ඇවටියෙල් හිනාවක් දාගෙන කින්ඩියට එහෙන් මෙහෙන් ඔච්චන් කරද්දී සර්වාන්ගේ කුපිත වෙලා සලිත වෙනවා. ඒත් එක්කම මෝදු වෙලා එන මගේ අනාගත ඩිරෙක්ටර් හීනේ, ජීවිතේට බලාපොරොත්තු බව්සර් පිටින් එන්නත් කරනවා.

-------------------------------------------------------------------------------------

ලයිට් බිල් වතුර බිල්, ඉන්ටර්නෙට් බිල්, අර බිල් මේ බිල් ගෙවාගෙන, සින්ඩි වලින් මාතෘකාව දැකලා පැණි හලාගෙන ඇවිත් මයිල් ගහක් ගැන තියන කතාව කියෝපුහාම මොන සක්කරයටද නැන්දම්මේ යකා නොනගින්නේ කියහන්කෝ. දවසෙන් දවස හිතට එන පජාත අයිඩියාස් ලියලා දාලා හීනි ෆනී ආතල් එකක් ගන්න අටව ගත්ත බ්ලොගට එන උදවිය ගැන වෙලාවකට අවංකවම පව් කියලත් හිතෙනවා.
-------------------------------------------------------------------------------------

කඩේට ගිය වෙලාවේ උද්‍යානා පාලිකා නැන්දගේ දුව කනේරුකා මදකිපුණි නංගියා අද මගෙත් එක්ක කොමලේ පපා හිනා වුණා. ආත්මගත සංසාරගත ප්‍රේමයක් රකින දිලුට ද්‍රෝහී වෙන්න බැරි හින්දා මම මුකුත් නොකියා නම්බරේ බස් ටිකට් එකක ලියලා දුන්නා හදිසියේ සීයට එහෙම අමාරු වුනොත් කතා කරන්න කියලා. අනේ අපරාදේ කියන්ඩ බෑ සිරික්කිය වැහෙන කටින් හිනා වෙලා එයා ගත්තේ "තැන්කියු" කියාගෙන. ඉතිං මමත් "සෙම් ටු යු" කියලා ලව මිශ්‍ර ආධුනික බැල්මක් දැම්මා.

දිනපොතේ සුපුරුදු පරිදි මගේ ඛේදවාචකය ලිව්වට, ඒක හරියට ඉවර කරන්න බැරි වුනේ එදාට වෙන් වෙලා තියන පිටුව ඉවර වුන හන්දා.

-------------------------------------------------------------------------------------

උඹට කියන්ඩ සහෝදරයා... තියන ලොට්ටක් වැඩ රාජකාරී දාලා, ලිපේ බත් හැලිය රොස් වෙද්දී..... හීටරේ, වතුර මෝටරේ කරන්ට් එකට ගහලා තියෙද්දී,..... පොඩි එකා උකුලේ තියාගෙන,...... හොද්ද හැඳි ගගා පවා ගෙවල්වල ඉන්න ඇන්ටිලා බ්ලොග් කියෝනවා. බොසාගෙන් බැනුම් අහ අහා,.... අතින් ෆුල් ඩම් එක දාල කට වහගෙන..... තනියෙන් හිනා වෙවී ආතල් එකක් ගන්න ගොඩක් අංකල්ලත් බ්ලොග් කියවනවා සහෝදරයා . තවත් සමහරු එනවා හදපතුලේ කකියන අසහනේ ඩිස්මැන්ටල් කරගෙන සිඟිති ළමා ලපටි ආතල් එකක් ගන්න හිතාගෙන. කවුරු ආවත් නැතත් සහෝදරයා, උඹ අපි වගේ උදවිය, රයිටර් කෙනෙක්ගේ වගකීම සමාජයට ඉටු කරන්න ඕනි..සමාජය ඒක අපෙන් බලාපොරොත්තු වෙනවා.. සමාජයේ වෙලාගෙන තියන රසදිය පටලේ ප්‍රතිබිම්භය රයිටර්ලගේ පෑනේ තුඩ හරහා කඩදාසියේ කැඩපතට දාන්න අපි වෙහෙසෙන්න ඕනි සහෝදරයා. ඔව් අපිට ඒක පුළුවන්.

"සියලු පෘටග්ජන මිනිසා පටෝස් ගා පත්තු වේ" කියන සමාජවාදී කියමන මචං ............ අනික් සහෝදරයා කතාව පටන් ගන්න හදනකොටම මං ඇක්සිඩන්ට්ලී ඇහැරුනේ,

"දඩින්....!" ගාලා ඔලුව කොහේ හරි වැදුන හින්දා.

බස් එකේ අයිනේ සීට් එක පැත්තේ බටේ කොනක කැත නැතුව නළල වැදුන විදිහට මම හිතුවේ වද මල ගල ගෑව වගේ තියෙයි කියලා. අකවුන්ට් එකේ අඩියේ ඉතුරු වෙලා තිබුන පිං කළඳක් පලදීලා අතුරු ආන්තරාවක් නැතුව බේරුනා. ඒත් වම් පැත්තේ නළල බම්ප් වෙන ගතිය එහෙමම හෙන වෙලාවක් තිබුණා. මම හිතුවේ වැදුණ පාරට පේෂී වලට පොඩි ආතල් එකක් ඇවිත් උඩ පනිනවවත්ද කියලා.

මට එහා පැත්තේ රම්බා, අපතයා අපායේ ගිහින් වගේ නිදාගෙන ගොරෝද්දේ අදිනවා.

"මචං රම්බා"

"හ්ම්...ඈ....ඇ..ඇ...." ඌ හීනේන් වගේ කිවා

"මගේ කෙටි කතාව අර පත්තර කන්තෝරුවේ මෑන් කිව්ව විදිහට ටෙලියකට ගහන්ඩ පුළුවන් වෙයිද බං" හෙනම හෙන බලාපොරොත්තුවක් හිතේ තියාගෙන මං ඇහුවා.

"එකෙන්ම එකෙන්ම... මම රඟපානවා... මදි පාඩුවට අපේ නංගි චාරුලතා, උඹේ අක්කා, උඹේ කෙල්ල, අර කඩේ ගෙදර කනේරුකා මදකිපුණි නංගි ගන්නවා.  උඹ ලියනවා,   අපේ කතාව අපිම ලියලා අපිම රඟපානවා, වීරයෝ වෙනවා, ෆේමස් වෙනවා, සල්ලි හම්බෙනවා."

----
හවස ඉරේ මලානික රැස් හොරෙන් හොරෙන් මහා පොලව එක්ක අනම් මනම් ජෝගි නටනකොට අපේ බඩේ බඩ පණුවන්ට මලපැන්නා. මොනවා හරි කන්ඩ කියලා හිතාගෙන කොත්තු සද්දෙන් ශශ්‍රීක වෙච්ච හෝටලේකට ගීයා. "හොටෙල් ඩී කාලා ගෙවාපන්"

"අයියේ කරෝල කොත්තු දෙකක්" රම්බා දෙදරලා යන කොත්තු සද්දේ පරයා ඔර්ඩර් කරා.

"මො... ක...ක....කරෝල කොත්තු නෑ මල්ලි"

"එහෙනම් පාන් කොත්තු දෙකක්" රම්බට හොඳටම මල දැන්

"පාන් කොත්තුත් නෑ ඕයි" දැන් මුදලාලියට මල

"මේක මහා අසාධාරණ ලෝකයක්නේ අයියේ, ඉඳි ආප්ප කන්ඩ කැමති එවුන්ට ඉඳිආප්ප කොත්තු, මාළු කන්ඩ කැමති එවුන්ට මාළු කොත්තු, නූඩ්ලස් කොත්තු කන්ඩ කැමති උන්ට ඒවා..එලොලු එවුන්ට එලොලු... කරෝල විතරක් කන එවුන්ට කන්ඩ කරෝල කොත්තු නෑ" රම්බට දැන් ඇඩෙන සයිස් එක.

ඕනේ මගුලක් අවුන්සයයි කියලා මම ඔර්ඩර් කරා කිඹුලා බනිස් දෙකකුයි කිරි හොදි කරී එකකුයි.

-------------------------------------------------------------------------------------

රම්බා ටීවී එකේ ඇඩ් එකක පෙන්නන දත් බෙහෙත් එකකින් දත් මැදලා වැඩි ප්‍රතිඵල ගන්ඩ එකෙන්ම පොඩ්ඩක් දිය කරලා මුණත් හෝදලා, ඒ මදිවට ඒකෙ ක්‍රිරියාකාරිත්වය පැය විසි හතරක් තියනවා කියලා පාරේ මුණට හම්බෙන හැම එකාගෙම මුණට මු පිඹ පිඹ යනවා. මූ හිතන්නේ මූ පිම්බාම වටපිටාව කලර් වෙලා හෙන නැවුම් වෙනවා කියලා. මොනඃ... මු පිඹින පිඹින එකාගේ මුණ කොමඩ් එකේ වතුර බීපු එකෙක්ගේ වගේ වෙනවා. ගොඩක් එවුන්ට ටික වෙලාවක් යනකම් හුස්ම ගන්ඩත් බෑ. පොඩි එවුන් නම් බැරිකමට බිම ඉඳගන්නවා. සමහර එවුන් වමනේ දානවා.

61 comments:

  1. හිකි හිකිස්‌.
    කරෝල කොත්තු :D :D :D :D :D:D

    ReplyDelete
    Replies
    1. ඒක නෙවේ.කවුද දිලූ කියන්නේ..?? ;)

      Delete
    2. දිලූ කියන්නේ මගේ පරම පිවිතුරු සුගම සුකුමල කෙල්ලනේ

      Delete
  2. හි හි... මූට නං නින්ද ගිහිල්ලම නැද්ද කොහෙද... වටපිටාව හෙන නැවුම් වෙලා කලර් වෙන ඇඩි එක දැක්කම මටත් ඔහොම හිතුනා... හි හි

    අර විදියේ සීන් වලට නං හරියන්නෙම සමාජවාදී සහෝදරයන්ගේ කතා ශෛලියම තමයි....

    ReplyDelete
    Replies
    1. සහෝදරී අක්කටත් එහෙම හිතුනෙයි ? හේ හ හෙහ් හ

      Delete
  3. මොකො කේරල එවයින් ටිකක් වත් හම්බ උනයි.

    ReplyDelete
    Replies
    1. පික්සුද මෂන් අපි ඔව්වට නෑ නෙව හෙහ් හෙහ් හෙහ්

      Delete
    2. ඕවා ගහලා අපේ එකෙක් මුළු රැයක්ම හිනා උනා බං.... ඉල නෑ!!! :D :D

      Delete
  4. කරෝල කොත්තු.... හික්.... පව් අප්පා රම්බා... ඇත්තටම බැලුවොත් රම්බගේ මානව අයිතිවාසිකම් උල්ලංගනය වෙලා නොවැ....

    ReplyDelete
    Replies
    1. ඔව් අන්න අරු යූ එන් කොමිසමට පෙත්සමක් ලියනවා

      Delete
  5. එළ මචන් හැමදාම වගේ රිලැක්ස් මූඩ් එකට එන පෝස්ට් එකක්..දිගටම ලියන්න පැතුම්..ආසාවෙන් බලනවා....

    ReplyDelete
    Replies
    1. ඒ පින මට අනුමෝදන් වේවා....!!!

      Delete
  6. හික්ස්..... කාලෙකින් සෑහෙන්ඩ හිනාවුනා......^_^

    ReplyDelete
  7. කරවල කොත්තු . හොඳ අයිඩියා එකක් තමයි :)

    ReplyDelete
    Replies
    1. ප්‍රමෝට් කරලා ගත්තොතින් හොඳ බිස්නස් එකක් තමයි ගිම් අක්කේ

      Delete
  8. මද කිපුණු නංගිලත් එක්ක ගණුදෙනු පරිස්සමින්.... :D

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් මෙයා ඉපදෙන්න ඉන්නකොට, කනේරු කාලා අලියෙක් මද කිපිලා ගෙට ගහලා. ඉතින් දෙමව්පියෝ ඒක සිහි කරන්න නම තියලා "කනේරුකා මදකිපුණි" කියලා

      Delete
  9. නොදකින් මේ බඩගිනි වෙලේ කොත්තු මතක් කලා :( දැන් පලකෝ ඇන්ටිගේ බත් එකට බූට් එක තියලා නානාගේ කඩේට කොත්තු කන්න :(

    ReplyDelete
    Replies
    1. ඇන්ටිගේ බත වගේද කියකෝ කරෝල කැලි හැපෙන කොත්තුව ?

      Delete
  10. Replies
    1. හෙහ් හෙහෙ එහෙනම් මදැයි

      Delete
  11. අපේ කැන්ටිමේ එකාටත් පුරුදු කරන්න ඕනේ කරෝල කොත්තු දාන්න!!!!

    ReplyDelete
    Replies
    1. නරක නෑ...ඒකාකාරී බවෙන් මිදෙන්ඩ පුළුවන් කෑමක්

      Delete
  12. කිරි හොදි එක්ක කිඹුලා බනිස් කන එකත් මරු ^_^

    ReplyDelete
    Replies
    1. කාපු එවුන් විතරයි බොල රහ දන්නේ නැද්ද රෙපා අයියේ

      Delete
  13. උඹේ ඔය අදහස් දෙකට කොපිරයිට් මෙව්ව එක ගන්ඩෙපෑ.

    ReplyDelete
    Replies
    1. අඩේ සිරවටද අයියෙ...කොහොමෙයි එහෙම පේටන්ට් එක ගන්නේ ? කරෝල කොත්තුව එකක්, එතකොට අනික මොකක්ද අප්පා, පාන් කොත්තුවද අයියේ ?

      Delete
  14. අඩෝ කරෝල කොත්තු වලට අනං මනං කියාං එන්න එපා හරිය...

    ReplyDelete
    Replies
    1. එකනේ බං බලහකෝ වේටරයයි මුදලාලියයි

      Delete
  15. Replies
    1. ජුන්ඩක් කාලා බැලුවනම් ඔහොම කියයි

      Delete
  16. යකෝ මාත් සිරාවටම ගිහින් ඉල්ලන්න ඕනේ කරෝල කොත්තුවක්... නෑ කිව්වොත් ඉල්ලනවා පාන් කොත්තුවක්. කිඹුලා බනිස් කිරි හොදි එක්කත් කාලා බලන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. වෙනස් වෙන්න ඕනි තිසා...වෙනස්වෙන්න ඕනි..... අපි මේ පවතින ඒකාකාරී සමජා රටාව වෙනස් කරන්න ඕනි...හැමදාම බිත්තර කොත්තු, චිකන් කොත්තු නොකා ඉඳහිට කරෝල කොත්තුවක්, පිට්ටු කොත්තු, බත් කොත්තු, කාලා නව ජීවන රටාවකට හුරු වෙන්න ඕනි.

      Delete
  17. පනයනව උඹේ වචන කියෝලා.නියමයි.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හෙහ් හෙහ් :D :D :D :D

      Delete
  18. සියලු පෘටග්ජන මිනිසා පටෝස් ගා පත්තුවෙන්නෙ පැට්‍රෝල් දාපුවහමද?

    මේ පැත්තෙ කොත්තු මල්ලිලටත් පුරුදු කරන්න ඕන කරෝල කොත්තු ගහන්න. ඒකට හරියන සිංදුව හොයාගන්න එපැයි ඉස්සෙල්ල.

    නියමයි පැතුමො.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ ප්‍රසා අයියේ....මල පැනපුහාම තමයි පත්තු වෙන්නේ


      ...බොම් බොම් බොම් බෝම්බෙලි කරවල...

      ආ කොහොමද ඒක පුරුදු කෙරෙව්වොත් ?

      Delete
  19. පටෝස් ගාපු විත්තිය නං පේනවා හොද එකෙන්ම..

    ReplyDelete
  20. //දිවට ඒකෙ ක්‍රිරියාකාරිත්වය පැය විසි හතරක් තියනවා කියලා පාරේ මුණට හම්බෙන හැම එකාගෙම මුණට මු පිඹ පිඹ යනවා.//හැක් හැක් ... මට මතකයි ඒ ඇඩ් එක ....පිඹ පිඹ යන ,ෆ්රෙශ්නස් ජෙල් හ්හි....හි ..//මම හිතුවේ වැදුණ පාරට පේෂී වලට පොඩි ආතල් එකක් ඇවිත් උඩ පනිනවවත්ද කියලා.//මට මැවිලා පේනවා බොල ඒක :D :D

    ReplyDelete
    Replies
    1. ජෙල් එකකුත් තියද ඈ...? අරු නම් කියන්නේ දත් බෙහෙත් එකක්ලු..


      Delete
  21. රයිටරයගේ කතා කියවද්දි අපිව කර වෙනවා බොල!! ^_^

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  22. Aru-ge adaviy ට වරක් ගොඩ වැඩි කියවන්න.රස ගුලාවක්.

    ReplyDelete
  23. සමහර වෙලාවලට කල්පන‍ා ටල‍ේකවල මද සිහියෙන් තනිවුනාම හැම දෙයක්ම පේන්නේ කරවල කොත්තු වගේ.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් දයා අයියාත් කාලා තියන හැඩයි

      Delete
  24. උදේ පාන්දර හිනාවුනා බං. ඒකත් උඹට පිනක් හිනස්සවපු එක. ඇත්ත තමයි කරෝල කොත්තු නෑ නේන්නම්. හැබැයි දාන්න පුලුවන් එහෙම එකකුත්. ඒක නෙමෙයි අර මදකිපුණි නංගියා කියන නම කොහෙන්ද හොයාගත්තේ බං..හේහ්

    ReplyDelete
    Replies
    1. හෙහ් එහ හෙහ්... "මදකිපුණි" කොහොමද කෙල්ලෙක්ට හොඳයි නේද බං ?

      Delete
  25. Replies
    1. හෙහ් හෙහ් ඉරිසියාකාර වල් හාවී

      Delete
    2. ඉලිසියාවේ පැලෙන හල් වාවා (වල් හාවා)

      Delete
  26. // ඒ මදිවට ඒකෙ ක්‍රිරියාකාරිත්වය පැය විසි හතරක් තියනවා කියලා පාරේ මුණට හම්බෙන හැම එකාගෙම මුණට මු පිඹ පිඹ යනවා// :D :D :D

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හෙහ් හෙහ් හෙහ් හෙහ්

      Delete
  27. කලෝස් අප් එකෙන්ද දත් මැද්දේ..... මමත් මුලිං ඔහොම කරා.. පිඹින පිඹින එකා කලන්තෙ දාල වැටුන නිසා වැඩේ අතෑරියා

    ReplyDelete
  28. ගෙදර කඩේ ළඟ මුදලාලිටත් කරෝල කොත්තු අයිඩියා එක දාන්න ඕන..
    දිනපොත් සීරිස් එක දිගටම ලියන්න හොඳේ..

    ReplyDelete
    Replies
    1. ඒකට අක්කා මනාපයිද ? :D

      Delete