Wednesday, July 31, 2013

මගුල් නඩය


මනමාලිය සමග ඈගේ දෙමාපියනුත්, කපු මහතාත් අප නිවසට සේන්දු වීමට බලාපොරොත්තු වුවාට වැඩි වෙලාවක් ගත විය. බලාපොරොත්තු ඇතිවෙමින් නැතිවෙමින් තිබුණු පැය කීපයක කාල අන්තරයකට පසු, මිදුල මත ඇඳී ඉදල් රටා මතින් වැලි කැට අවුස්සමින් පැමිණි කුඩා ප්‍රමාණයේ වැන් රථයක් නිවසේ ඉදිරිපස පෝටිකෝව මැද නතර කෙරුණි. ඉදිරිපස ආසනයේ හිඳගෙන ආ කපු මහතා ඉන් බසිනු, මා උන් කාමරයේ දොර සළුව එහා මෙහා වීමෙන් ඇතිවූ හිඩැස තුලින් දුටුවෙමි. එහෙත් ඈගේ වතින් දශමයකුදු දැක ගැනීමට පෙරාතුව දොර සළුව නිශ්චල වීම නිසා මාසිතේ කනස්සල්ලක් ඇති විය. ආලින්දය දෙසින් ඇසුණු විවිධ කටහඬ පරාසයන්ට අනුව, පස් දෙනෙකුට වැඩි පිරිසක් මගුල් නඩය සමග පැමිණ ඇතැයි මම අනුමාන කලෙමි.

පාපිස්නාව මත දෙපා පිසදමන හඬට පසුව රිද්මයකට ඇසුණු "ටොක්" "ටොක්" හඬ, ඈ පැළඳි පාවහන් යුගලෙන් නික්මෙන්නට ඇතැයි මා අනුමාන කලෙමි. ඈ ඉතා සුන්දර ලෙස ඇවිදිනු ඇතැයි මට හැඟිනි.  නොබෝ වෙලාවකින් සාලයේ පුටු කකුල් පොලව මත ලිස්සා යන හඬ ඇසෙද්දී, කුෂන් පුටු කවර තුළ පිරී තිබු හුලං පිටව යන හඬ කීපසැරයක් ඇසී නතර වුයේ සියල්ලෝම වාඩිවී අහවර වූ නිසා විය යුතුය.

පෙර සුපුරුදු පරිදි මා මනාලියන් බැලීමට ගොස් ඇති බොහෝ දිනවල මෙන්, අප පාර්ශවයත් මනාලියගේ පාර්ශවයත් සමග ඇතිවෙන සුලභ කතා බහට සමාන අල්ලාප සල්ලාපයක්  අදත් සාලය දෙසින් ඇසුණි. වෙනදා මෙන්ම මා දැඩි ලෙස හුවා දැක්වීමට අකමැත්තක් දැක්වූ මාගේ අධ්‍යාපන තත්වයන් පිළිබදවත්, ඇල්කොහොල් සිගරට් වලින් තොර මාගේ ආත්ම ශුද්ධත්වය පිළිබඳවත් තාත්තාගේ පමණ ඉක්මවූ පම්පෝරිය මට මෙදිනද නොදිරවන්නක් විය.

"ඉතිං..!!! පුතා කෝ" යෝජිත මනමාලියගේ අම්මා යැයි සිතිය හැකි කාන්තාවක් ඇසීය.

 "කාමරේ ඉන්නවා, ඉන්න මං එන්න කියන්නම්" ඒ අපේ අම්මාගේ කටහඬය.

"දෙන්නට කතා කරගන්නත් කොයි තරම් නම් දේවල් ඇද්ද" පෙර නෑසුණු කට හඬකින් පිටවුනු ඒ වැකිය අවසානයේ නැගුනු සිහින් සිනා රැල්ලක් මුනුමුනුවක් බවට පත්විය.

මාගේ සිත කෙතරම් නිර්භීත වුවද, අනිවාර්යයෙන් මුහුණ දිය යුතුව තිබු ඉදිරි මොහොත නිසා හටගත් සියුම් චකිතයක් සිතේ නොරැඳුනාම නොවේ. දෑතේ හා දෙපයේ ඇඟිලි ගණනත් ඉක්මවමින් මා විසින් බැහැදකින ලද මනමාලියන් සියල්ලෝම ඒ පීඩනයට අනියම් වශයෙන් හෝ ගොදුරු නොවිනැයි පැවසිය නොහැකිය. බුලත් තට්ටුවක් රැගෙන මා ඉදිරියට පැමිණි බොහෝ කාන්තාවන්ගේ මුහුනුවල රැඳුණු කිසියම් අපුල ගතිය මුසු භීතිය හටගත්තේ එනිසාවෙන්ද නැතහොත්  මාගේ රූපකාය දැකීමෙන් ලද කුකුස නිසාදැයි නොදනිමි. සැලකිය යුතු අඩුපාඩුවක් මා වෙතින් බාහිරව නොපෙනෙන නමුදු කිසිවිටකත් මා එකඟ නොවන, වටහා ගත නොහැකි කාරණාවක් නිසා ඔවුන් මා ප්‍රතික්ෂේප කළ බව පසුව දන්වා එවා තිබිණි.

පුවත්පත්වල පළවූ මංගල දැන්වීම් දහස් ගණනකට පිළිතුරු ලියමින් දවස් මැරූ මාගේ කාමරය පුරා අස්සක් මුල්ලක් නෑර  මංගල දැන්වීම් අතිරේක පිරී තිබුණි. විටෙක විකල් වූ සිහි ඇත්තකු මෙන් මා සියල්ල එක් ගොඩකට කර ගිණි තැබීමි. නමුත් ඊට නොදෙවෙනි පත්තර ගොඩක් දෙසතියක් නොඉක්මවීමටත් මත්තෙන් කාමරය පුරා ගොඩ ගැසිණි. ලිවූ පිළිතුරු දැන්වීම් වලින් සැලකිය යුතු ප්‍රමාණයකටද ප්‍රතිපිළිතුරු ලැබිණි. ඒ අතර තිබුණු එක් ලියමනක්වූ "මාධවී" විසින් එවන ලද ලිපිය මාගේ සිත දැඩිව පැහැර ගැනීමට සමත්වූවා සේම, ඈ පිලිබඳ අරුම පුදුම ආලයක්ද මසිතේ පිලිසිඳුනේ කවර පදනමක් මතදැයි අදවන තුරු නොදනිමි. ඇය හඳුනාගැනීමෙන් අනතුරුවද මා අඛණ්ඩව මංගල දැන්වීම් තීරු පිරිස්සුවේ මන්දැයි පැහැදිලි වැටහීමක් නොතිබුණද, ඒ පිලිබඳ  දෙමාපියන්ගේ අප්‍රසාදය නම් නොඅඩුව ලැබිණි.

හඳුනා ගැනීමේ පළමු ලිපියෙන් අනතුරුව දෙමාසයක්  පමණ අප අතර හුවමාරුවූ ලියුම් හේතුවෙන් යම් පැහැදීමක් ඈ කෙරේ ඇති කරගත හැකිවිණි. වෙනස්ම ආකාරයකට සිතන පතන ඈගේ අදහස්වලට මා ඇලුම් කලෙමි. මා සාම්ප්‍රදාය රකින සාම්ප්‍රදායික මිනිසෙක් වුවද ඈගේ ගතිගුණ කෙරෙහි එසේ ඇල්මක් බැල්මක් ඇතිවුයේ මන්දැයි නොදනිමි. විටෙක ඒ පිලිබඳ මා පුදුමයට පත්වුවෙමි. බොහෝවිට පිදුරු ගසේ න්‍යාය ඒ සඳහා බලපාන්නට ඇත. යතාර්ථවාදී සම්මතයට ඔබ්බෙන් අදහස් දැරූ ඈ විසින් මා බැහැදැකීමට ඇගේ දෙමාපියන් සමග නුදුරේම පැමිණෙන බව මෑතක එවූ ලිපියක දන්වා තිබුණේ ඈගේ අරුම පුදුම චින්තන රටාවේ ස්වභාවය තහවුරු කරමිනි.

ඈගේ උපහාසාත්මක යෝජනාවට සාම්ප්‍රදානුකුල පවුලක් වූ අප නිවසින් කිසිදු විරුද්ධත්වයක් නොඑල්ල වීම පිලිබඳ මා සිතේ සැකයක් ඇති නොවුනාද නොවේ. එල්ලෙන්නට වැලක් නොවූ කල්හි දියෙහි ගිලෙන්නා පිදුරු ගසක හෝ එල්ලෙන සේ ඔවුන් තීරණයකට එන්නට ඇත. විකල්පයක් සොයාගත නොහැකි බොහෝ විට, සාම්ප්‍රදායන්, ප්‍රතිපත්තීන් තුට්ටුවකට මායිම් නොකරන තැනට මිනිසා පත්වේ. කෙසේ කවර හේතු සාධකයක් මුලික කොට ගෙන හෝ එසේ යෝජනාවක් කළ ඈ, දැන් දෙමාපියන් සමග සාලයේ සිටින්නේ මා මුණ ගැසීමේ අභිලාශය ඇතුවය.

"පුතා....!!!. අන්න අර දුවගේ දෙමාපියෝ පුතාට සාලෙට කතා කරනවා" කාමරයට පැමිණ පැවසු අම්මා ගේ මුහුණේ කුමන හැඟීමක් සටහන් වී තිබුණාදැයි මට නිච්චියක් නොවිණි.

ඈගේ යෝජනාව සම්මත සිරිත් විරිත් පුර්ණ වශයෙන් උඩු යටිකුරු කරන්නක් වුවද,  පිරිමියෙකු ලෙස සාම්ප්‍රදායික මනාලියකගේ භූමිකාවට අනුගත නොවීමේ පුර්ණ නිදහස මා සතුව තිබුණි. නමුදු මනාලියගේ පාර්ශවයෙන් ආරාධනය ලැබෙන තුරු ඔවුන් හමුවට නොපැමිණියේ සාම්ප්‍රදාය බිඳ දැමීමට අවශ්‍ය වූ නිසා වුවද එසේ නොකළ යුතුව තිබුණිදෝයි මට පසුව සිතුණි. ආලින්දයේ සැටියේ අසුන්ගෙන සිටි ඇගේ දෙමාපියන් යැයි සිතිය හැකි දෙදෙනාට මුලින්ද සෙසු වැඩිහිටියන්ට පසුවද අතට අත දුන්නෙමි. ඉනික්බිතිව මා ඈ අසලට පැමිණ අතට අත දී යාබද අසුනක හිඳ ගතිමි. සියල්ලන්ගේම අවධානය සෘජුව මාවෙතට යොමුවී තිබිණ නමුදු ඈ පමණක් බිම බලාගෙන සිටියාය.

"සාම්ප්‍රදාය" මට කියැවුණි.

"එහෙනම් දෙන්නා කතා කරගෙන දැන අඳුන ගන්නකො" පැමිණ සිටියෙකුගේ කටහඬය.

 මා මිදුලේ කොනක තිබු සිමෙන්ති බංකුව වෙත ඈ කැඳවාගෙන ගියෙමි.

"සාම්ප්‍රදාය..." මා ගුගුලෙමි.

"හ්ම්..ම්..සාම්ප්‍රදාය..." සිනහවෙමින් ඈ එයම ප්‍රතිරාවය කළාය.

"ඇයි  අපි සාම්ප්‍රදාය රකින්නේ....?"

"දන්නෑ.....!!!" ඈ සැහැල්ලුවෙන් පිළිතුරු දුන්නේ මා අපේක්ෂා කළ දීර්ඝ පැහැදිලි කිරීම නොකරමිනි.

දෙදෙනෙකු අතර, විශේෂයෙන් ආදරය කරන දෙදෙනෙකු අතර  මිනිත්තු කීපයක නිහඬතාව මෙතරම් අපහසුතාවක් දනවන ලද්දක් බව මා අසා තිබුනේ නවකතා, කෙටි කතා තුළදී පමණකි.

"මාධවී..."

"හ්ම්ම්"

"මම දන්නේ නෑ ඔයා මට කැමති වෙයිද කියලා, මොකද... මම සාම්ප්‍රදායික මනුස්සයෙක්. ඒත්..... මට බැරිවෙන එකක් නෑ  ඔයාගේ රටාවට හුරුවෙන්න"

"හුරුවෙන්න...?" ඇය උපහාසාත්මකව මදෙස බැලුවාය.

"ඔව්.. මං කිව්වේ කාලයක් ගිහිල්ලා හරි..."

"අපි මොකටද කවුරුවත් වෙනුවෙන් කාලයක් රැකගෙන ආව සාම්ප්‍රදායක් බිඳින්නේ...?"

"නැ.. මං කිව්වේ..මේ..මේ.." මා ඈගේ වචන අතර අතරමං වූවෙමි.

"ඇයි ඔයා අපි එනකොට කාමරේට වෙලා හිටියේ..." ඈ මගෙන් විමසීය.

"ම්ම්...." මොහොතක් කල්පනා කරමින් "මට ඕනි වුනා ඔයාගේ රටාවට හැඩ ගැහෙන්න..ඔයාගේ අසම්මත සම්ප්‍රදායේ කොටස්කාරයෙක් වෙන්න" මම කීවෙමි.

"සාම්ප්‍රදාය බිඳිනවා කියන්නේ සාම්ප්‍රදායේ හරියටම ප්‍රතිවිරුද්ධ පැත්ත අනුගමනය කරන එකද.....?"

"මට තේරුණේ නෑ"

"අතෑරලා දාමු..... මං කැමති නෑ මං වෙනුවෙන් වුනත්, කෙනෙක්ගේ ප්‍රතිපත්ති, සාම්ප්‍රදාය බිඳගන්නවට" ඈ කීව නමුදු මට තේරුණ දෙයක් නොමැත. මා හිස සැලීමි.

"මට ඔයාට දෙයක් කියන්න තියනවා." ඈ නැවත කීවාය. මම කුතුහලයෙන් හිස එසවීමි.

"මං කැමතියි ඔයාට.. ඔයා මොකද කියන්නේ...?" ඈ අසා නිමවනවාත් සමග මට සිනා ගියේය. මා සමග ඈත් සිනාසුනාය.

"සාම්ප්‍රදාය.....?" හිනාව අස්සෙන් මම ඇසීමි..

"හ්ම්ම් සාම්ප්‍රදාය" හිනාව අස්සෙන් ඈ සුන්දර ලෙස පැවසුවාය.


සිංහල බ්ලොග්වල ලියවෙන කෙටිකතා, කවි, නිර්මාණ ගැන විචාර ලියන්න පුළුවන් කෙනෙක් ඒවා විචාරය කරන්න වෙනම බ්ලොග් එකක් හදලාඅඩුපාඩු පෙන්නන්න පුළුවන් නම් මං  හිතන්නේ ඒක  ගොඩක් වටියි. (කමෙන්ට් එකකින් වුනත් කරන්න පුළුවන් වුණාට මම හිතන්නේ අර විදිහ ගොඩක් පහසු වෙයි. කවුරු හරි පිංවතෙක් ඒ අයට අත දෙන්න කියලා බ්ලොග් අවකාශේ ඉන්න කෙනෙක්ට  මම ආරාධනා කරනවා. 

99 comments:

  1. සම්ප්‍රදාය කන්නද බං. ඩිරෙක්ට් ඩයලින් තියෙන්න ඕන. අන්න කෙල්ලෝ

    ReplyDelete
    Replies
    1. කන්න පුළුවන් නම් බැරියෑ... හැමෝම එකවගේ නෑනෙ මචෝ

      Delete
    2. දේශකයගෙ ශෛලිය මම හරිම කැමති එකක් .දේශකයො බඳවා ගත්ත හැටි ගැනත් මම පෝස්ට් එකක් දාන්න ඉන්නෙ.මම ඉදිරියෙදි බ්ලොග් එක සම්පූර්නයෙන්ම කතා ශෛලියට හැරෙව්වට පස්සෙ දේශකයො කරපු කියපුව ගැන රස කතා කියන්නම්.

      Delete
  2. සම්ප්‍රදාය කියන්නේ අපිම හදපු දෙයක්නේ.. ඒක බිඳින්න අපිට 100% අයිතිය තියනවා එකෙන්ම

    .. මටැ මේක කියවල මැරෙන්න හිනා ඕයි..

    එච්චර හිනාවෙන්න දෙයක් තිබ්බද?

    බොලාට නැති උනාට මටැ තිබ්බා.... ඔය ගෑණු බලන්න යන්න මම එන්නෙම නැතිකොට අපේ ගෙදර උන්දැල එක්කසුවෙලා මට පෙන්නන්න කෙල්ලෙක් ගෙනාව

    ReplyDelete
    Replies
    1. අඩෝ සිරාද බං.... අදහන්නත් බෑ.. මම හිතුවේ මේක ෆැන්ටසියක් විතරක් වෙන්නැති කියලා

      Delete
  3. සම්ප්‍රදාය නම් මචන් වද දෙන වෙලාවට කඩන්නම ඔන.හෑබෑයි සමාජයට වරදක් නෙවෙන්න.මෙක කියවල නම් මට නිකන් KG ටිකක් ගෑහුව වගෙ උනා

    ReplyDelete
    Replies
    1. බොලා හරියට මත්වෙන ජාති පාවිච්චි කරනවා වගේ නේද.. මම කීප පොලකම දැක්කා.

      Delete
    2. හපොයි නෑ බොලෙ මම ආතල් එකට කිවුවෙ

      Delete
    3. සත්තයි කියපං ? :P

      Delete
    4. ඔව් යකො ඔව් දෑන් නවත්තල සෑහෙන කලක්

      Delete
  4. SAMAHARA BOGALA UNGE KATHA KIYAWALA FOLLOWERS LA DANA COMMENTS BLOCK KARANAWA. EHEMA EWUNGE KATHA BALANNA OONE NEHE. EKEK INNAWA OO HARI UDACHCHAI. NAMA KIYANNATH PULUWAN.

    ReplyDelete
    Replies
    1. අනුන්ගේ රෙද්දේ හිල් අපිට මොකටද බං, නැද්ද මං අහන්නේ ?

      Delete
  5. දේශකයා කියන දේ ඇත්ත.. කොල්ලෙක්ට කෙල්ලෙක්ට ඩිරෙක්ට් කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ.. ඇත්තටම යෝජිත මනමාලියෝ බුලත් හෙප්පුව අරන් බිම බලන් එන්නේ ලැජ්ජාවට කියල මං හිතන්නේ නෑ.. ‌ගොඩක් අය එහෙම එන්නේ සම්ප්‍රදායට.. සමහර නං බුලත් හෙප්පු අල්ලලම එපා වෙලා...

    ( ඇත්තටම මං නං කෙන්දර බලලා, කුල මල හොයලා අම්මලා තාත්තලට කැමති මිනිහෙක් හොයාල දෙන ජාතියේ යෝජිත මගුල් ක්‍රමයට එච්චර කැමති නෑ... දෙන්නෙත් අඳුන්නලා දීලා එයාලා කැමති නං කරන එක වෙනම දෙයක්... ඒත් ඒක සම්ප්‍රදායක් වුනත් නොවුනත් ඒක මට නං හෙන විකාරයක්...)

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක ඇත්ත. කොල්ලෙක් වුනාම එහෙම වෙන්න ඕනිනේ. ජීවිතේ ඉස්සෙල්ලම හෙප්පුව අරං එන මනමාලියෝ නම් බය වෙන්නේ අත්දැකීම් නැති හින්දා වෙන්ඩ ඇති. වැඩිය අඟර දඟර දාන්ඩ ගියොත් කැපෙන්න වෙනවනේ.

      සමහරු ඉන්නවනේ ඉතිං කෙල්ලෙක් පස්සේ යන්න වෙලාවක් නැති, අධික කාර්ය බහුල උදවිය. ඒ අයට නම් වෙඩින් ප්‍රපොසල් වටිනවා මං හිතන්නේ.

      Delete
    2. කෙල්ලෙක් පස්සේ යන්න වෙලාවක් නැති, අධික කාර්ය බහුල උදවිය. //

      එහෙම එකෙක් කසාද බැන්දත් වැඩක් තියෙනවැ පැතම්... මොකද ඊට පස්සේ වෙලාව වැඩි වෙනවයෑ ගෑණගේ උවමනා එපාකම් බලන්නත්... නෑ නේ... එහෙම අය නොබැඳ ඉන්න තරමට හොඳයි...

      Delete
    3. ඔහෙප්පලයන් මට එහෙම එකක් හිතුනේ නෑනේ අක්කේ. ඒකත් හැබෑව තමයි

      Delete
  6. මේ ලංකාවෙ කොහෙන්ද බං කොල්ලො බලන්න කෙල්ලො එන්නෙ.
    සම්ප්‍රදායට ාහන ගැහිල ගියාවෙ කියල වැඩ ටික කරගන්න එකයි ඇත්තෙ.

    නියමයි කතාව.

    ReplyDelete
    Replies
    1. ඇයි හත් ඉලව්වේ අපේ මී ගොඩයා ඉන්නේ ලංකාවේ නොවේදැයි අයියේ ඈ ?

      Delete
  7. මට මුලදි පොඩ්ඩක් හොල්මන් වුනා.. මාත් කතාව කියවද්දි සම්පරදාය ඇතුලෙ ඉඳන් කියෙව්වෙ.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්... ටිකක් පැටළුම් ටයිප්/හොල්මන් ටයිප් තමයි :D

      Delete
  8. ටිකක් වෙලා ගියා කතාව තේරුම් ගන්න..කුතුහලය උපරිමේට වැඩි කරලා තමන්ට දෙන්න ඕන පණිවිඩය ඊටපස්සේ දුන්න නිසා මේ කතාව අපූරුයි..
    මෙන්න පැතුම්ගේ මම කැමතිම ජාතියේ කතාවක්..
    තව පිංවතෙක් විචාර බ්ලොග් එකක් අටවලා ඔෆිෂියල් විචාරයක් දෙනකම් මේ පොඩි විචාරය සලකලා බලන්න.

    කතාවේ හොඳ දේ:
    1. භාෂාව භාවිතා කරල තියන හැටි සරලයි.අපි කතා කරද්දි පාවිච්චි කරන භාෂාව ටිකක් පොලිෂ් කරලා අරගෙන තියන නිසා ඉක්මනට ලේසියෙන් ලියලා තියන දේ තේරුම් ගන්න පුළුවන්
    2. කතාවේ ගලායාම සුමුදුයි. සිදුවීම් එකින්එක පෙල ගස්වලා තියන විදිහට අපිට චිත්ත රූප මවාගන්න ලේසියි.
    3. උපමා උපමේය අඩුයි. ඒත් චිත්ත රූප මැවෙන විදිහට වාක්‍ය ගලපලා තියනවා.
    4. වෙනස් විදිහේ කතාවක්. සම්ප්‍රදාය ගැන ආයෙත් හිතන්න පොළඹවනවා

    මීට වඩා හොඳට ලියන්න නම්
    1. කුතුහලය උවමනාවට වැඩියිද මන්දා. පැතුම්ගේ ශෛලිය දන්න නිසා අවසානය දක්වාම කලබල වෙන්නැතුව එන්න පුළුවන් වුනා. ඒත් අළුත් පාඨකයෙකුට මැදින් මැදින් තව ඉඟි දුන්නා නම් හොඳයි කියලා හිතුනා.
    2. අන්තිම සිදුවීම (මාධවී එක්ක සිදුවන සාකච්ජාව) තව ටිකක් විස්තර වුනා නම් හොඳයි කියලා හිතෙනවා. විශේෂයෙන්ම //"සාම්ප්‍රදාය බිඳිනවා කියන්නේ සාම්ප්‍රදායේ හරියටම ප්‍රතිවිරුද්ධ පැත්ත අනුගමනය කරන එකද.....?"// මේ වාක්‍ය. පැතුම්ගේ කතාවේ උච්චතම අවස්තාව විදිහට මම දකින්නේ ඒක.

    ඊළඟටත් තවත් ලස්සන කතාවක් බලාපොරොත්තු වෙමි.

    ReplyDelete
    Replies
    1. ඔව් කුතුහලය අන්තිමට ඉතුරු කරන්න හිතාගෙන කතාව පෙළගස්වන හින්දා කුතුහලේ ගැන ඒ ප්‍රශ්නේ එනවා ඇති.

      "සාම්ප්‍රදාය බිඳිනවා කියන්නේ සාම්ප්‍රදායේ හරියටම ප්‍රතිවිරුද්ධ පැත්ත අනුගමනය කරන එකද....." ඒක මට එක පාරට පටස් ගාල හිතල ආව වැකියක් :D


      කාලයක් වැය කරලා කතාව කියවලා, මේ වගේ දිග කමෙන්ටුවකුත් දැම්ම එකට මම මුලින්ම ගොඩක් ස්තුති වෙනවා අක්කේ. අඩුපාඩු හදාගෙන කතාවක් ලියන්න මේවගේ කමෙන්ට් කොච්චර වැදගත් වෙනවද කියලා මම හොඳට දන්නවා. ගොඩක් ස්තුතියි

      Delete
  9. මොන සම්ප්‍රයදායක්ද බං , ඕවා අපිට ගැලපෙන විදියට හදාගන්න තියෙන දේවල් ...

    ඇත්තට කොල්ලෝ බලන්න කෙල්ලෝ එනවා නම් හොදයි..දැන් ගොඩක් කෙල්ලෝ සම්ප්‍රදායයි කියන එක කඩකරන එකනේ කරන්නෙම ..

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්... සාම්ප්‍රදායන් තියෙන්නේ අපි වගේ නෝටි, කෙල්ලන්ට, කොල්ලන්ට කඩන්නනෙව.

      Delete
  10. අපූරු කතාවක්. අන්තිමට තියන අදහස නම් ගොඩක් වටිනවා.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියෝ අක්කේ

      Delete
  11. අපේ ඉසව්වෙ නම් මනමාලි යන් නෑ මනමාලයගේ ගෙදර. ඒක ඇත්තටම වැඩක්ම නැති සම්ප්‍රදායක්. යකෝ මනමාලි ගේ බලන්න යන් නැතුව අම්මල තාත්තලා විතරක් ගෙහුන් හරියනවය. බදින්නේ උන් දෙන්නා නෙව. සම්ප්‍රදායේ පිලිගන්න බැරි දැන්වත් අත්හල හල යුතු හෝ සංශෝධනය විය යුතු කරුණු කාරණා තියෙනවා. ලිපිය නම් එක හුසමට කියෙව්වා.

    ReplyDelete
    Replies
    1. බොලාලෑ ඉසව්වේ නෙමෙයි මං නං හිතන්නේ නෑ සිරිලංකාවේ කොහෙවත් එහෙම වෙනවයි කියල

      Delete
    2. මං නං ගියා... මං යාලු වෙච්ච එකාගේ ගෙදර මං යන් නැතුව ඇති වැඩේ මොකද්ද... හි හි...

      Delete
    3. නෑ නෑ හිරු අක්කේ මම කිවේ, මනාලයාගේ ගෙදර එහෙම යන කතාව නෙමෙයි.... (ඔයා ගියේ දැන අඳුනගෙන, යාලු වෙලා ආදරේ කරන්න පටන් ගත්තාටත් පස්සෙනේ).. අර ඉස්සෙල්ලම යන එක... සාම්ප්‍රදායක් තියනවනේ කෙල්ල බඳින්න කලින් කොල්ලගේ ගෙදර යන්නෙත් නෑ කියලා... අන්න අක්කා ඒක බිඳලා.. මම හරිනේ ?

      Delete
    4. එහෙම යන එක නොවෙයි මේ කියන්නෙ .කොල්ල චාරීත්‍රානුකූලව කෙල්ල බලන්න යන එක උඩු යටිකුරු කිරීම.මෙතන කොල්ල ලැජ්ජාවෙන් බුලත් හෙප්පුව අරන් යන්න ඕන කියන එක.කොමෙන්ට් කරපු සමහර දෙනෙකුට මේක තේරුනේ නෑ.

      Delete
  12. සම්ප්‍රදාය කියන්නෙ වැදගත් දෙයක් .ඒක රකින එක අපේ වගකීමක්.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.. ඒත් ඊට පටහැනිව වැඩ කරන එක අදකාලේ උදවියගේ ට්‍රෙන්ඩ් එකක් වගේ කියල හිතෙන්නේ නැද්ද ?

      Delete
    2. එහෙම ට්‍රෙන්ඩ් එකක් නෑ.එහෙම එකක් මවන්න එන් ජී ඕ වලින් සූක්ෂ්මව වැඩ කරනවා.බහුතරය සම්මතය සමඟයි.බ්ලොග් ලෝකයේ අසම්මත ජීවිත ගත කරන ගැහැණු පිරිමි කීප දෙනෙක් ඉන්න බව පේනවා.

      Delete
    3. NGO වලින් එහෙම ට්‍රෙන්ඩ් එකක් ඇති කරනවද නැද්ද කියලා නම් මම දන්නේ නෑ... බ්ලොග් ලෝකේ විතරක් නෙමෙයි බාහිර සමාජේ කොතනත් ඒ වගේ උදවිය ඉන්නවා.. ඒක ඒ අයගේ කැමැත්ත.

      අපිට ඒවාට ඇඟිලි ගහන්න බෑ.. එහෙම ජීවත් වෙන්න එපා කියන්නත් බෑ.. මොකද එයාලට කන්න අඳින්න දෙන්නේ අපි නෙමෙයිනේ.

      Delete
  13. ජය වේවා මමත් අසයි මව බලන්න කෙල්ලෝ ගොඩක් එනවනම්....... හැබැයි ගෙදරට නෙවි .......හි....

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් අහුමුලුවලට ??

      Delete
  14. තාමත් නිකං ඔළුව තෝන්තු වෙලා වගේ... :D

    හැබැයි මුන් දෙන්න බැන්දොත් ඉර දෙන්නම්, හඳ දෙන්නම් කියන උන් බැන්දට වඩා සාර්ථකව ජීවිතේට, ජීවිතේ යතාර්ථයට මූණ දෙයි. ඊටත් වඩා උන්ගෙ පැටව් පොළොවෙ පැය ගහල ජීවත් වෙයි.

    ReplyDelete
    Replies
    1. අන්න හරි මම අදහස් කලෙත් එහෙම කතාවක් තමයි ...

      Delete
  15. පටන් ගන්නකොටම අවුල් කියලා හිතුණා පැතුමෝ. මෙතැන මට ගැටලුව සම්ප්‍රදාය බිඳිම නොවේ. එය කළ යුතුයි. ඒත් මේ විදියට. කෙනෙකුට පෙනෙයි මේ සැබෑ වෙනසක් කියලා. ඒත් ආකල්පමය ලෙස ගත් කල මේ මනාලියන්ට අන්දන එකෙකුගේ තත්ත්වයට වැටීමක් නොවෙද වෙලා තියෙන්නේ මේ මනාලයා. පිරිමින් මේ තත්ත්වයට දාන්න බලවේගයක් තියනාවා අප කවුරුත් නොදන්න.
    අවංකවම කියන්නං (මේ විචාරයක් නොවේ). මේ කතා සංකල්පයට මං කැමති නෑ. ඒත් නුඹ හොඳ ලියන්නෙක් වග දන්නවා. සම්ප්‍රදාය කඩපං. ඒත් මේ විදියට නොවේ. මෙයිට වඩා තැනකිං හිතපං.

    ReplyDelete
    Replies
    1. ඒත් ආකල්පමය ලෙස ගත් කල මේ මනාලියන්ට අන්දන එකෙකුගේ තත්ත්වයට වැටීමක්//

      හි හි... මට පේන්නේ නලීන් අයියටත් අර බලපෑම ඇතිවෙලා වගේ... මට නං එච්චර කේස් එකක් පේන් නෑ... මෙතන සම්ප්‍රදාය කණපිට හැරවීමක් විතරයි සංකේතවත් කරලා තියෙන්නේ... මේක ගෑණියෙක්ට යටත් වීමක්, නැත්තම් ගෑණියෙක්ගේ තැනට පිරිමියෙක් ඇවිල්ලා වගේ කියලා දැනෙනවා වගේ නං ගිහින් ඔලුව බලව ගන්න...

      Delete
    2. දෙවනි පාරට කියෙව්වට පස්සේ මේ ටික කියන්න හිතුනේ... පත්තරේ යෝජනා වලින් මනාලියක් හොයන තමන් අතිශයින් සම්ප්‍රදායිකයි කියලා හිතන පිරිමියෙක් සහ සම්ප්‍රදාය තුට්ටුවකට සලකන්නේ නැති රැඩිකල් ගැහැණියක් අතර ඇති වෙන දෙබස පැතුම් ලස්සනට ගලපලා තියෙනවා... යෝජිත මනාලිය කාමරයට වෙලා ඉඳලා එළියට එන විදිය සම්ප්‍රදායික පිරිමියාගේ හිතේ තියෙන විදියම අනුගමය කරන්න පෙලඹෙන්නේ යම්තරමකට හෝ ඇයගේ සිතුම් පැතුම් අඳුරගෙන තියෙන නිසා.. ඒත් ඇය කියනවා තමන් වෙනුවෙන් කෙනෙක් වෙනස් විය යුතු නැති බව.. ඇය අතිශයින්ම නිදහස්... ඒ වගේම ඇය ළඟදි ඔහුත් අතිශයින්ම නිදහස්...

      “ සම්ප්‍රදාය...?” කියලා අන්තිමට කියන එක ඇයත් අනුමත කරනවා “ හ්ම්ම්.. සම්ප්‍රදාය..” කියලා...

      විවෘත හා සංවාදශීලී වෙන තරමටම සහ අනිකාට ඇහුම්කන් දීම සහ පිළිගැනීම කියන ටික තියෙන තැන සාර්ථක හවුලක් අනිවාර්යයෙන්ම ඇති වෙනවා...

      පැතුම් මේක මේ විදියට හිතන්න නැතුවත් ඇති සමහර විට.. ඒත් මට හිතෙනවා පැතුම් අපේ සමාජයේ ආකල්ප වල වෙනස් විය යුතු තැන තමන්ගේ සංකේත වලින් නියමෙටම අල්ලලා තියනවා කියලා...

      ( විචාරයක් ඕනේ කිව්වා නේ.. ඔන්න දුන්නා පැතුමෝ.... හි හි)

      Delete
    3. මනාලියෙකුට අන්දන එකෙක්ගේ තත්වයයි මේ මනාලයා පත් වෙලා තියන තත්වෙයි මට හරියටම පැහැදිලි නෑ නලින් අයියේ. පිරිමි නිර්මාණ කරුවෙක් නිර්මාණයක් කරන්න ඕනි පුරුෂාධිපත්‍ය රැකෙන විදිහට විතරද. මට හිතෙනවා අයියේ එහෙම කලොත් නිර්මාණ කරුවා එක පැත්තකින් කොටු වෙනවා කියලා රාමුවකට. පිරිමින්ව විතරක් උස්සල තියලා නිර්මාණයක් කරොත් මම හිතන්නේ නෑ ඔහුට/ඇයට පැවැත්මක් තියේවි කියාලා. {ගොඩක් ස්තුතියි නලීන් අයියේ අදහස කෙලින්ම කිව්වට}.

      ගෑනියෙක්ට යටත්වීමක් ගැන නිර්මාණයක් කරනකොට අපි සීමාවක් පනවාගන්න ඕනිද.? පිරිමියා හැම කතාවකම මේ මේ තත්වය නොවෙනස්ව තියාගෙන ඉන්න ඕනි කියලා.

      ඇත්තම කියනවනම් මම ඒ ගැන ඔච්චර සංකීර්ණ විදිහට හිතුවේ නෑ හිරු අක්කේ. මට ආව දළ අයිඩියා එක තමයි "අපි කවුරුවත් හින්ද තමන්ගේ ප්‍රතිපත්ති වෙනස් කරගන්න ඕනි නෑ" කියලා. එකේ හොඳ පැත්තක් වගේම නරක පැත්තක් තියෙන්න පුළුවන්, කවුරු හරි හිතනවානම් කතාවේ අන්තිමට තියෙන්නේ (කතාවේ සාරාංශය) සමාජය පිළිගත්ත සම්මත යතාර්ථය කියලා නම්, අන්න වැරදුණ තැන.

      ඇත්තම කියනවනම් මම කතාව ලියනකොට ඔය තරම් ගැඹුරට හිතුවේ නෑ අක්කේ. ගොඩක් ස්තුතියි විචාරේට. මං හිතුවේ වත් නැති පැත්තකට කතාව අරං ගියාට ඊටත් වඩා ස්තුතියි.

      Delete
    4. අඩේ මම මෙච්චර දවස් හිතාන හිටියේ රටේ ස්වෛරී භාවයට අත පොවන කුමන්ත්‍රණ විතරයි තියෙන්නේ කියල.දැන් බලාගෙන යනකොට පිරිමින්ට විරුද්ධවත් එහෙම කුමන්ත්‍රණ තියේද..?
      ෆුටාම ෆුටා :D

      Delete
    5. මෙහෙමයි සමාජය විසංවිධානය කරන්න ඒක තේරෙන බාසාවෙන් කීවොත් කඩා බිද දමන්න බටහිර කුමන්ත්‍රනයක් තිබෙනවා.මේක බැලූ බැල්මට ස්ත්‍රියට හිතවත් පිරිමියාට එරෙහි එකක් ලෙස පෙනුනත් ඇත්ත ඒක නොවෙයි.මෙතනදි බටහිරයාට අවශ්‍ය සමාජ හරයන් බිද දමන්නයි.මේ හරයන් බිද දමන විට පුරුෂයාට පහර දීමට බටහිරයාට අවශ්‍යයි.එහෙම නැතිව සුද්දට අපේ රටේ ගෑනු ගැන කැක්කුමක් නෑ.කැක්කුමක් ඇති එක වෙනම කතාවක්.ආධාර දෙන විට ප්‍රමිතියක් ලෙස සමලිංගිකත්වයට දිරි දීම සළකා බලන ලෙස බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් ම කියා තිබුනා.ගල් කපන්නො ගැන ඩේවිඩ් ට කැක්කුමක් නෑ.ඔහුට අවශ්‍යැ මේ අහ්‍රහා පවුල්ස් අංස්ථාව බිද දමන්න.කාන්තාව පිළිබද අධ්‍යන වලට අති විශාල මුදලක් බටහිර එන් ජී ඕ වලින් වැය කරන්නේ ඒ නිසයි.අපි මේවා කියන්නේ හොදින් දන්න නිසයි

      Delete
    6. මෙහෙමයි සමාජය විසංවිධානය කරන්න ඒක තේරෙන බාසාවෙන් කීවොත් කඩා බිද දමන්න බටහිර කුමන්ත්‍රනයක් තිබෙනවා.මේක බැලූ බැල්මට ස්ත්‍රියට හිතවත් පිරිමියාට එරෙහි එකක් ලෙස පෙනුනත් ඇත්ත ඒක නොවෙයි.මෙතනදි බටහිරයාට අවශ්‍ය සමාජ හරයන් බිද දමන්නයි.මේ හරයන් බිද දමන විට පුරුෂයාට පහර දීමට බටහිරයාට අවශ්‍යයි.එහෙම නැතිව සුද්දට අපේ රටේ ගෑනු ගැන කැක්කුමක් නෑ.කැක්කුමක් ඇති එක වෙනම කතාවක්.ආධාර දෙන විට ප්‍රමිතියක් ලෙස සමලිංගිකත්වයට දිරි දීම සළකා බලන ලෙස බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් ම කියා තිබුනා.ගල් කපන්නො ගැන ඩේවිඩ් ට කැක්කුමක් නෑ.ඔහුට අවශ්‍යැ මේ අහ්‍රහා පවුල්ස් අංස්ථාව බිද දමන්න.කාන්තාව පිළිබද අධ්‍යන වලට අති විශාල මුදලක් බටහිර එන් ජී ඕ වලින් වැය කරන්නේ ඒ නිසයි.අපි මේවා කියන්නේ හොදින් දන්න නිසයි

      මේ ලිපිය ගැන මම වෙනම කතා කරන්නම්.මේක කලකට ඉහත විකාශනය වුන බට්ටි කතාවෙ සිදුවීමක් ගෙඩිය පිටින්ම අරන් ලියල තියෙන්නෙ.ඒකෙ වරදක් නෑ.ඒ කතාවෙ ඔය සිදුවීමට අදාල තරුණියගෙ නාමත් මාධවී.නම් ගම් වත් අඩුගානෙ මනඞකල්පිත නෑ.තරුනයගෙ නම වික්ටර්.
      මේ වගෙ සිදුවීම් ලංකාවෙ නම් වෙන්න බෑ.කොල්ලට පිස්සු තිබුනත් උගෙ දෙමවුපියො හරි මේ මොන විකාරයක්ද කියල අහනවා.අනික අපි හිතන හිතන දේවල් දඩාවතේ යන බැල්ලියො වගෙ කරන්න බෑ.කෙල්ල නන්නත්තාරෙ යාන් ස්ත්‍රීවාදිනියක් නම් කොල්ල සාම්ප්‍රදායිකව හිතනවානම් මේ කසාදෙ කොහොමවත් ගැලපෙන්නෙ නෑ.එක්කො එක්කෙනෙක් වෙනස් වෙන්න ඕන.

      කෙල්ල කියනවනම් ඇය වෙනුවෙන් කවුරුවත් වෙනස් වෙන්න ඕන නෑ කියල එළ හරකයි මී හරකයි බැන්ද වගෙ තිබෙයි.ඒ උදාහරනෙත් වැරදියි .දෙන්නම එකම විශේෂෙ නෙ.හරකෙකුයි බල්ලෙකුයි කරත්තෙ බැන්ඳ වගෙ තිබෙයි.

      මේ වගෙ ඒවට කිසියම් පිරිමියෙක් කැමති වුනත් ඔහුට යම් සීමාවකින් පසුව මේවා දරා ගන්න බෑ.බටහිර පිරිමි බොහෝ දුර යමින් මේවා දරා ගන්න බව මම දන්නවා.අපි මේ ක්ෂේත්‍රය ගැන අධ්‍යනය කළා.කාන්තාවන්ගෙන් දරුණු වධ හිංසා වලට ලක් වෙමින් එයින් ආශ්වාදයක් ලබන පිරිමි ඉන්නවා.ඒත් මෙවැනි ස්වාමි දුවකට යටත් වීමේ සීමාවක් ඕනම කෙනෙකුට තිබෙනවා.මානසික රෝග බෝ වන බවට වූ මතය ඇත්තක්.ඒ මතය දැන් පිළිගන්නවා.මැසොකිස්ම් කියන වචනෙත් ආවෙ එක්තරා නවකතාවකින්.ස්ත්‍රීන් පුරුෂකරනය කිරීම ස්ත්‍රීන්ටත් එපා වෙනවා.ඒ තුලින් ඔවුන්ගේ ලිංගිකත්වය විකෘති වෙනවා.පොදුවේ මුළු සමාජයටම යම් සීමාවකින් පසු මේ පුරුෂ පරිභවකරනය හා ස්ත්‍රීන් කෘත්‍රිමව පුරුෂකරනය කිරීම දරා ගන්න බැරි වෙනවා.

      Delete
    7. පැතුම් @
      උත්තර වෙනම දමන්නෙ වෙන වෙන උත්ත්‍ර නිසයි.පැතුම් ඔබ කියනවා

      පිරිමි නිර්මාණ කරුවෙක් නිර්මාණයක් කරන්න ඕනි පුරුෂාධිපත්‍ය රැකෙන විදිහට විතරද. මට හිතෙනවා අයියේ එහෙම කලොත් නිර්මාණ කරුවා එක පැත්තකින් කොටු වෙනවා කියලා රාමුවකට. පිරිමින්ව විතරක් උස්සල තියලා නිර්මාණයක් කරොත් මම හිතන්නේ නෑ ඔහුට/ඇයට පැවැත්මක් තියේවි කියාලා.//

      උත්තර වෙනම දමන්නෙ වෙන වෙන උත්ත්‍ර නිසයි.පැතුම් ඔබ කියනවා ඔබ නිර්මානය කරන්නෙ අස්වාභාවික ලෙස ස්ත්‍රිය ඔසවා තබා පුරුෂයා පහත් කරලයි.ඉතින් එතන නිර්මාණකරුවා සීමාවකට කොටු වෙලා නැද්ද? ස්ත්‍රීවාදී රාමුවක් තුල කාන්තාධිපත්‍ය නිරූපනය වන ලෙස නිර්මාන කිරීමෙන් නිර්මානකරුවා කොටුවෙනවා.කාන්තාධිපත්‍ය මතුකරමින් අස්වාභාවික නිර්මාන කිරීමෙන් හාස්‍ය රසය ජනිත වෙනවා මිස නිර්මානකරුවාට පැවැත්මක් නම් නෑ.පුරුෂාධිපත්‍ය ඔසවා තැබුවත් වැරදියි ඔබ මෙහි කර තිබෙන ලෙස කාන්තාධිපත්‍ය ඔසවා තැබුවත් වැරදියි .හැබැයි එහෙම වෙන්නෙ මේ ඔබේ නිර්මානයක් නම් පමනයි.කොපි කළ දෙයක් නම් නිර්මානයක් වත් නිර්මානකරුවෙක්වත් නැහැනෙ

      Delete
    8. හිරු @ මේ කොමෙන්ට් වලින් ඔබේ තිබෙන කැරළිකාරකම මැනවින් පෙනුනා.එසේම ඔබ සමාජය කෙරෙහි දක්වන ප්‍රතිරෝධී ආකල්පයත් පෙනුනා.කාන්තාධිපත්‍ය නිසි ලෙස ප්‍රදර්ශනය කරමින් ඉදිරිපත් කෙරුන මේ නිර්මානය ඔබ අමන්දානන්දයට පත් කළ බවයි පෙනෙන්නේ.අප සමඟ විවාදයට එන වීර ස්ත්‍රීවාදිනියක් ලෙස අප ඔබට ගරු කරනවා.දැන් අහන්න එපා අපි කවුද මම කවුද කියලා.

      Delete
    9. අනේ සැමට මිතුරු... ඔයාට කියලා වැඩක් නෑ අප්පා... ඔයාට තියෙන ලෙඩේ ගැන කියන්න මම දොස්තර කෙනෙක් නෙවෙයි.. ඒත් මට පැහැදිලිවම පේනවා ඔයාට ලෙඩක් තියෙනවා කියලා...

      දැන් ඔයා මට ස්ත්‍රීවාදිනියක් කියන්නේ මම ඔයා එක්ක මේ විදියට කතා කරපු නිසා.. හා නැද්ද... කලිනුත් මේකට තමයි උනේ... මතකනේ ප්‍රමුදි, පොඩ්ඩි එක්ක මං කතා කරපු වෙලාවෙත් ඔයා අපි ඔක්කොම ස්ත්‍රිවාදිනියෝ විදියට හංවඩු ගැහුවා.... අඩු ගානේ ඔයා මං ලියන බ්ලොග් ලිපි කියවලා වත් තියෙනවද... මේකෙන් තේරෙන්නේ මං අර නලීන් අයියගේ පෝස්ට් එකේ මුලින්ම කිව්ව දේ ඇත්ත කියන එක... ඔයාලට අනුව සමාජයේ කාන්තාවක් එළිපිට කතා කරන එකම ඇති ඔයාලට එයාව ස්ත්‍රිවාදිනියක් විදියට හංවඩු ගහන්න... මට ඔයා කවුද කියන එකෙන් ඇති වැඩක් නෑ... මම එදා ඒ ප්‍රශ්නෙ ඇහුවෙ ඔයා මොකක් හරි සංවිධානයකට, මුදලට වැඩ කරන කෙනෙක් කියල මට සැක හිතුන නිසා... ඒ සැකය දැන් තහවුරු වෙලා තියෙනවා... එතනින් එහාට ඔයාලා කවුද, මොනවද කරන්නේ කියන එක මට අදාල නෑ.. මට පැහැදිලිව කියන්න තියෙන්නේ එක දෙයයි.. ඔයා මේ කරන්නේ විශබීජයක් පතුරවන එක.... ඕකෙන් වෙන එකම දේ දැනටත් ලෙඩ ගොඩක් වෙලා තියෙන මේ සමාජය තව දුරටත් ලෙඩ වෙන එක විතරයි... ඉස්සෙල්ලම තේරුම් ගන්න මේක ලංකාව කියල... මේක යුරෝපය වත් ඇමරිකාව වත් නෙවෙයි... ඒ ඇරෙන්න ඔයාට වෙන කියන්න දෙයක් නෑ... ඔයා ඔයා පෙනී හිටින මතය වෙනුවෙන් ඉදිරිපත් වෙන්න.. ඒකට කමක් නෑ.. හැබැයි මේ අහක ඉන්න ගෑණුන්ට ලේබල් ගහන්න යන්න එපා... කරුණාකරලා...

      Delete
    10. මට මුදල් දෙනව කියන එකනම්හි හි හිකිස් කතාවක්.කවුද මට මුදල් දෙන්නෙ කාටද එහෙම සල්ලි දෙන්න අවශ්‍ය.හැබැයි ස්ත්‍රීවාදය ප්‍රචාරය කරන්න නම් මුදල් දෙන එක නොදන්න කෙනෙක් නෑ.ඔබ ඔළුව වල්ලෙ හංග ගන්න හරි ඉක්මන් වෙන බව පේනවා.එන් ජී ඕ හෙර කතාවෙන් දැනේ කියල අපේ පැත්තෙ කියමනක් තිබෙනවා.ඔබට නොවෙයි මේ කියන්නෙ.සල්ලි කතන්දර ඉස්සර කරන කොට ප්‍රවේසම් වෙන්න.මොකද ස්ත්‍රීවාදී සංවිධාන එන් ජී ඕ සල්ලි වලින් අපේ වගෙ රටවල සමාජයන් විනාශ කරන බව නොදන්න කෙනෙක් නෑ..ඒ වගේම සල්ලි ඒ අය දෙන්නෙ ප්‍රසිද්ධියෙ.ඒක ඒ අයගෙ දේශපාලන ව්‍යාපෘතියක්.බ්ලොග් ලියන්නියන් ගැන මොකක්ද හොටෙල් එකක කාන්තාව හා මාධ්ය සාමූහිකයෙන් වැඩමුළු එහෙම කළානෙ.ලියන විදිය පවා ඉගැන්නුවනෙ.මගෙ කට අවුස්සගන්න එපා නෝන.
      අපි මොන වාද කළත් හෙළිදරවු කිරීම සදාචාරාත්මක නොවන දේවල් තිබෙනවා.මොකද එකට බ්ලොග් ලියන වාද කරන අය අමාරුවෙ දාන එක වැරදියි.බ්ලොග් පිටුපස අතුරු කතා හෙළි කිරීමේ බලාපොරොත්තුවක් නෑ.

      පොඩ්ඩිට හෝ වෙන කාටවත් මම එහෙම චෝදනාවක් කළේ නෑ.පොඩ්ඩි එහෙම කෙනෙක් නොවෙයි.ඒක කෙළින්ම කියනවා.හැබැයි සමහර අනෙක් අය ගැන මම නිහඩ වෙනවා.

      Delete
    11. බට්ටි කතාවේ එහෙම මනාලි මානාලයා බලන්න එන සිද්ධියක් මට නම් මතක නෑ (මම කීවේ චාරිත්‍රවලට අනුව).. කාන්තා ආධිපත්‍යට යට වූන පිරිමියෙක් ගැන නම් මතකයක් තියනවා.

      අනික කොහෙවත් ගිය කතාවක් ගෙඩිය පිටින් අරං දාන්න මම මෝඩයෙකුත් නෙමෙයි. එහෙම දානවනම් "මාධවී" කියන නම වෙනස් නොකර ඉන්නත් මම අමු මෝඩයෙක් නෙමෙයි. ඒ නම ගැලපීම, මගේ කතාවේ නමයි එකයි එකම වීම 100% අහඹු සිදුවීමක්.

      ඒ වගේ සිද්ධියක් ලංකාවේ වෙන්න බැරි මොකද ?... අද අපි දවස ගානේ නිව්ස් වලින් අහන්නේ ලංකාවේ ඉස්සර වෙච්ච දේවල්මද...? කොච්චර නම් අලුත් දේවල් ඔය වගේ අහන්න දකින්න වෙනවද..?

      කසාදෙ ගැලපුණා කියලා මම කියලා නෑනේ.. අනික ඒ දෙන්නා බඳින්න තීරණය කළා කියලා මම කියලා නෑ. මගින් නවත්තල තියෙන්නේ හිතන්න නිදහසක් දීලා.


      මචං මිතුරු...ඔයා කතාව තේරුම් අරං නැති පාටයි.. මෙතන කතාවේ මම පිරිමියා ගැහැණියට යටත් කරලා කතා කරලා තියද...? කොල්ල කියනවද මං ඔයාට යටත් වෙලා ජීවත් වෙන්නම් කියල.. ස්ත්‍රීන් පුරුෂ කරණය වෙන එක කොහොම වෙනවද කියන්න මම දන්නේ නෑ. ඒත් මේ වගේ කතාවක් කියවලා මානසික ලෙඩ හදාගන්න තරම් ඔය කියන පිරිමියා දුර්වලයි නම් අන්න එතනයි ප්‍රශ්නේ මට නම්.


      මේ කතාවේ තේමාව එක විදිහක්.... නිර්මාණ කරුවෙක් එක කතාවක් එක රාමුවකට කොටු වෙන්නේ නැතුව කොහොමද කතාව ගොඩ නගන්නේ. මම කිවේ ලියවෙන හැම නිර්මාණයක් ලියද්දීම එකම රාමුවෙන් ලියන්න බෑ කියලා.. කතාවේ තේමාව අනුව කෙල්ලගේ පැත්තට, එහෙම නැත්තම්, කොල්ලගේ පැත්තට අදින්න වෙනවා. ඒක කතාවෙන් කතාව වෙනස් වෙනවා.

      මම ආයෙත් කියනවා කොපි කිරීමක් කොහෙවත් වෙලා නෑ..මේ කතාව ලියනකොට ඒ ටෙලිනාට්‍ය ගැන මගේ මතකේවත් තිබුනේ නෑ..; අනික එහෙම කොපි කරලා ලියලා, කියවන උදවිය ගොනාට අන්දන්න මට කොහොමත්ම ඕනෙකමක් නෑ. මං දන්නවා කියවන උදවිය බුද්ධිමත් කියලා.

      කෙටි කතාවක්, නිර්මායක් කියන්නේ, නිර්මාණයක් මිසක්, එකට සමාජේ යතාර්තයම පදනම් වෙන්න ඕනි කියලා මම හිතන්නේ නෑ.. අනික නිර්මාණය තුලින් නිර්මාණ කරුවා වගේම සමාජය දකින එක නම් අන්තිම මෝඩ ගතියක්.



      Delete
  16. thuthi ayata mewa thelenne na HAL wAWO

    ReplyDelete
    Replies
    1. තුති බබා ගිහිං මං අරං දුන්න හෝඩි පොත කියවන්න කුක්කු බෝලේ.

      Delete
  17. අර අන්තිමට දාල තියෙන අයිඩියා ඒකනම් හොඳයි! මමත් එක සැරයක් "කවියක් කතා කරයි" කියලා කරන්න පටන් ගත්තේ ඔය වගේ වැඩක් තමා...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඔව් නාඩියා.. කවුරු හරි පිංවතෙක් ඒ ගැන සලකා බලනවානම් හොඳ වැඩක් තමයි.

      Delete
  18. දොර සළුව කියන යෙදුම මම ඇහුවාමයි.

    මේකත් අමුතුම කතාවක් . උඹත් එක එක පර්යේෂණකෘති කරනවා නේද විටින් විට?

    අර අන්තිමට උඹ කියලා තියෙන දේ ඇත්තටම අවශ්‍යද? මට නම් එහෙම හිතෙන්නේ නෑ. දැනට නැති වාරණ දාගන්න මම නම් කැමති නෑ. උඹට ඕනෙම නම් අපි නලියාට කියමු අර පොත් විචාර ලියන අමරෙට බ්ලොගක් පටන් ගන්න කියලා උඹලා ලියන ඒවායේ ගුණදොස් විචාරයට කරන්න... මොකද කියන්නේ? :D

    ReplyDelete
    Replies
    1. උදේ පාන්දරම හෙන්රිය හිනා කතාවක් කියල පන ගියා.
      මේක නම් අවුරුද්දෙ හොදම කියමන වෙනව.
      හෙන්රිම නලිට කියල බලන්න.

      Delete
    2. දොරට දොර කිව්වා, රෙද්දට සළුව කිව්වා.... නිකම්ම දොර රෙද්ද, දොර සළුව වුණා... මටත් හිතිලා ලිවේ.. කලින් කොහේ හරි ලියවෙලා තියද දන්නේ නෑ.

      අන්න හරි ඒ අයිඩියාවනම් හොඳයි.. දෙයියනේ කියලා පටන් ගත්තොත් ගොඩම තමයි.

      ගොඩක් ස්තුතියි ඩුඩ් අයියේ..


      කෙන්ජි අයියත් කියලා බලන්නකෝ

      Delete
    3. අඩේ පැතුම්, උඹ ඒක සිරාවට ගත්තද? මට පේන්නේ උඹ කියවලා නෑ වගේ නලියගේ බ්ලොගේ යන අමරෙගේ පොත් විචාර. ඒක කියවපු එකා ආයේ පොත් ලියන්නෙත් නෑ , ඒ පොත බලන්නෙත් නෑ, විචාර කියවන්නෙත් නෑ. :D

      දැන් නලියා ඇවිත් මගේ ඔලුව පලයිද දන්නේ නෑ, බං. :-O

      Delete
    4. අප්පට සිරි රජ සිරි.... හැබෑවනේ...මම එකක් දෙකක් කියෝලා තියේ.... ඒත් මට කමෙන්ට් එක කියවද්දී ඒ අමරේ මාමාව මීටර් වුනේ නෑනේ. මට හිතුනේ නලීන් අයියට ලියන්න අයිඩියාව දෙමු කියාලා.

      විචාරේ කෙසේ වෙතත් මං බයේ ඉන්නේ නලීන් අයියා ආයේ මේ පැත්තේ එන්නේ නැති වෙයිද කියලා...

      Delete
    5. හෙහ් හෙහ්. නලියා කියන්නේ එහෙම බොලඳයෙක් නෙවෙයි බං. ඌට විහිළු තේරෙනවා.

      Delete
  19. අනේ මම නම් සයුරුලාගෙ ගෙදර ගියා බදින්න කලින්...අහවල් එකක් වෙනව කියලය. යාලු වෙච්ච අයට ඔය සම්ප්‍රදාය එච්චර බලපාන්නේ නෑ මම හිතන්නෙ

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට සමහරු නම් ඉහ උඩින් රකින්නේ ඔය සාම්ප්‍රදාය

      Delete
  20. උඹ මේ යටින්ම හයිලයිට් කරල තියෙන ටික නැති වුනත් මට මේකට විචාරයක් ලියන්න හිතිල බන් තිබුනෙ කියවන් යද්දි... ඉක්මනටම විචාරෙ එවන්නම්.. :)

    ReplyDelete
    Replies
    1. හා හා අඩේ එළනේ... බලමු බලමු

      Delete
  21. සම්ප්‍රදාය කියන්නෙ මිනිස්සු හික්මීමත් එක්ක හදාගත්ත දෙයක් ඒත් සමහරු කාලේ එක්ක වෙනස් නොවී තාමත් පරණ අදහස් එක්ක ඉන්න ගියාම කරදරයි... මමත් බදින්න කලින් සැමි අයියගේ ගෙදර ගියා.. ඔයාගේ සුපුරුදු ලිවීමේ හැකියාව සාර්ථකව යොදා ගෙන තියනවා මල්ලි..

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි අක්කේ ... කාලයක් එක දෙයක් එක දිගට කරනකොට නිකම්ම එක පුරුද්දක් වෙනවා....පුරුද්ද කාලයක් යනකොට සාම්ප්‍රදායක් වෙනවා...සාම්ප්‍රදාය සංස්කෘතියක් වෙනවා....අන්න ඒක තමයි උරුමය වෙන්නේ.

      Delete
    2. සම්ප්‍රදාය කියන්නෙ යම් අවශ්‍යතා නිසා ඇති වූ පුරුදු සමූහයක්.සම්ප්‍රදාය නිත්‍ය දෙයක් නොවෙයි.වෙනස් වෙනවා.ඉස්සර අපේ සීයල කුඹුරෙන් වී ගත්තෙ නව වැඳුම් වැඳලා.ඒ පළමු පස් පිඩැල්ල කැපීමේ ඉදන්.කමතට වෙනම බාෂාවක් තිබුනා.අද කොම්බයින් හාවෙස්ටර් සහ ට්‍රැක්ටර් භාවිතය නිසා මේ සම්ප්‍රදායන් නැත්තටම නැති වෙලා.භූතයා කියන යන්ත්‍රය නිසා මුළු කපන්නෙත් නැතිව එක දිගට කපා ගෙන යන නිසා මොනම සිරිතක් විරිතක්වත් නෑ.එහෙම වුනා කියල ඒක ප්‍රශ්නෙයක් කරගන්න ඕන නෑ.හැබැයි එන් ජී ඕ ව්‍යාපෘති වලට අනුව කෘත්‍රිමව සම්ප්‍රදායන් විනාශ කරන එක හෙළිදරවු කරන්න ඕන .මොකද එතන දුෂ්ට අරමුණක් තිබෙන නිසා.

      Delete
    3. NGO මැදිහත්වීම ගැන නම් මට අත්දැකීමක් නෑ, ඒ වගේම ඔබ තුමා කියන්න හදන්නේ මොකක්ද කියලවත් හරියට මට තේරුම් ගන්න බෑ.

      Delete
  22. මම බැලුව මෙයාට කොල්ලයි කෙල්ලයි මාරු වෙලාද කියලා හි හි ...සම්ප්‍රදාය ගැන හිතුනේ පස්සෙනේ ... අනර්ඝයි පැතුම් !

    ReplyDelete
    Replies
    1. මට හිතුණා මුලින්ම කට්ටිය පටලා ගනිදෝ කියාලා...හෙහ් හෙහ්

      Delete
  23. සම්ප්‍රදාය කෙසේ වෙතත් ගැලපෙන දෙන්න හමු වෙලා තියනවා . හොඳ කතාවක් පැතුම් . පෝස්ට් එකක් කියවලා ලබන සතුට ඔයාගෙ පෝස්ට් වල නොඅඩුව තියනවා .

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි ගිම් අක්කේ.

      Delete
    2. දෙන්න ගැලපෙන්නෙත් නෑනෙ.කෙල්ල කියනවනෙ එයා නිසා වෙනස් වෙන්න එපා කියල.කෙල්ල නට් ලූස් කේස් එකක් වගේ

      Delete
  24. බැන්දයින් පස්සේ, ඔය පුරුෂාධපත්‍ය බල්ලා මාක් වැටෙනවා ගොඩක් තැන්වල. ඊට පස්සේ ගෙදර බල්ලටත් වඩා බයෙන් ඉන්නේ. මේකේ පටන් ගන්න කොටම ඒක වෙලා. සම්ප්‍රදාය කඩන උන්ට නම් මම කොහොමත් කැමතියි.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්... අර නීති, මේ නීති...දහසක් නීති...බැන්දට පස්සේ..

      මේ කතාවේ එහෙමම නෑ කියන්නත් බෑ.. නැත්තෙත් නෑ තමයි.

      Delete
  25. සම්ප්‍රදාය ඔන්න වෙන තැනුත් නැත්තේ නෑ ම් කතාව මරු...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් එන එන විදිහට උළුවස්ස ගහන්න වෙන වෙලාවල් වලට සාම්ප්‍රදාය කඩන්ඩ වෙනවා.


      ගොඩක් ස්තුතියි අයියේ

      Delete
  26. සම්ප්‍රදාය නේ??? ඕක කඩලම තමා මම අපේ ගෙදර මිනිස්සුන්ගෙන් හැමදාම බැනුම් අහන්නේ! :)

    කතාව සිරා හොදේ...!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.... බැනුම් ඇහුවට රජා හැදෙයි :P :P :P

      තැන්කියු වේවා

      Delete
  27. තමන්ට පිළිගන්න පුළුවන් නම් ඒ දේ වටිනාකමක් තියෙනවනම් සම්ප්‍රදායික දේවල් පිලිගත්තට කමක් නෑ.තමන්ට පිළිගන්න බැරි නම් හොඳක් වෙන්නෙත් නැත්නම් තමන්ගේ නිදහසත් නැති වෙනවනම් සම්ප්‍රදාය කරේ තියාගෙන යන්නේ අහවල් දේකටද බං..?

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා මචි අනිවා

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
  28. සම්ප්‍රදාය කඩපු හින්දා තමයි අපේ වෙඩින් ෆොටෝ එකේ නොපෙනෙන තුන්වෙනියෙකුත් ඉන්නේ.එයා දැන් හරිම ලොකුයි

    ReplyDelete
    Replies
    1. අන්න එළ පොරවල්.... ඇරපං aru

      Delete
    2. ඒක නම් පට්ට ටෝක් එක ඈ

      Delete
  29. This comment has been removed by the author.

    ReplyDelete
  30. පැතුම් @ මම මේ දේ කියන්නේ නිර්මානකරුවෙකුට තවත් බ්ලොග් කරුවෙක් දෙන උපදෙසක් ලෙසයි.ඔබ මේ විදියේ කතා දිගටම ලියන්න.මොකද මේ ක්ෂේත්‍රයේ රික්තයක් තිබෙනවා.කාන්තාධිපත්‍ය හා පුරුෂ පරිභවකරනය යටතේ ස්වතන්ත්‍ර නිර්මාණ සිංහල සහිත්‍යයේ අඩුයි .ඔබ ඉංග්‍රීසියෙන් ලියන්න පුළුවන් නම් හොද වෙළද පොළක් තිබේවි.කාන්තාධිපත්‍ය බටහිර සාහිත්‍යයේ වැදගත් අංගයක්.මම මෙහෙම ලීවෙ ඔබෙන් නිර්මාන කුසලතාවයක් දුටු නිසයි.මේක බට්ටි කතාවෙ සිද්ධියක් වුනත් වචන එහෙ මෙහෙ කරල ලිව්වෙ ඔබනෙ.ඔබට සුබ අනාගතයක්

    මේක කියන්නෙ පැතුම්ට නොවෙයි හැමෝටම.සමලිංගිකත්වය ගැන ගීත දෙක තුනක් ලියවිලා තිබුනට කාන්තාධිපත්‍ය ගැන එක ගීයක්වත් ලියවිලා නෑ.බාඳුරා මලේ////නැත්නම් හිරු නැති හෝරාවේ කියමින් ගීයක් ලියන්න පුළුවන්.සල්ලිත් ලැබේවි

    ReplyDelete
  31. මට තනු ඒ තරම් බෑ ඕනෙ නම් අදහසක් දෙන්නම්.
    යදම් බැඳි වහලා මමයි
    මගේ රැජිනිය වෙත මුළු සිතම දන් දුන්
    මගේ රැජිනිය අසු අරා එන්නේ
    සුරත රැදි කස පුපුරනා හඩ
    මගේ දිවියම එකළු කරවයි
    නුඹ කුස නගින හිරු සේ
    මගේ භාරිය වධක බාරිය
    ඔබ නොමැති ලොව මගේ ලොව තුල
    හිරු නැති හෝරාව මය සාමි දියණිය
    මගේ මනසේ ඇඳුන ගනදුර
    දුරු කරනු මැන පායලා එනු මැන

    තව එකක්

    මගේ බාඳුරා මලේ
    ඔබ වෙතට ඇඳෙනා දාසයා වෙමි
    මගේ සාරය උරා බොනු මැන මගේ සොදුරිය
    මගේ බාඳුරා මල
    මම පියා ස්ලනෙමි මගේ කපුරු මල වෙත
    ඔබේ උදහස වගුරවනු මැන
    ඔබේ ගිනි දැල් නගින බලුමන්
    අකුණු ගසනා වැනි ඔබේ තෙපුල්
    ඔබේ රැවුම් ගෙරවුම්
    මගේ ආත්මය සුවපත් කරවයි
    ඔබෙන් ගුටිකන මා ඔබ වෙතට එන්නෙමි
    මගේ මුක්තිය ඔබම වෙනු මැන
    හඩ හඩා මම ඔබ වෙතට එන්නෙමි\\
    ඔබේ ඇඳිවත වෙත ඇලෙන්නෙමි
    මගේ දේවතාවිය මගේ රැජිනිය
    මගේ වරදට ඉපල ගනු මැන

    මේ වාගෙ ස්ත්‍රීවාදී ,කාන්තාධිපත්‍ය ගීත සාහිත්‍යයක් ගොඩ නගන්න පුළුවන්

    ReplyDelete
    Replies
    1. මේක ඔයාගේ නිර්මාණයක් නම් ඇත්තටම ඔයා දක්ෂයි කියල මට හිතෙනවා... මට නං පද 4ක් ගලපගන්න බෑ තාම... හි හි....

      Delete
    2. ස්තුතියි.මගේ නිර්මාණයක් තමයි.නමුත් දෙවන එකට බෙංගාලි මහා කවි දිනේශ් චන්ද්‍ර සෙන් ගේ කවියක කොටසක් දැම්මා.දිනේශ් චන්ද්‍ර සෙන් කියන්නෙ නොබෙල් ත්‍යාග ලබපු කෙනෙක්ද මන්ද.

      මව ගෙන් ගුටි කන මුත් පොඩි ළමයා
      අම්මෝ අම්මෝ යැයි කියමින්
      තව තව ඇයගේ ඇදිවත වෙතටම
      ඇලෙමින් ඇය වෙතටම යන්නේ

      මෙතන නම් දිනේශ් දාර්ශනික අදහසක් මතු කරනවා බෙංගාලයේ මාතෲ දේව වන්දනය ගැන.

      Delete
  32. මේ කතාව ඉතාම අසාර්ථක කතාවක් ලෙස මම දකින්නේ මාධවී තමන් වෙනුවෙන් පෙම්වතා සම්ප්‍රදාය බිදිනවාට අකමැති නිසයි.මෙහි ගැලපීමක් ඇති වීමට ඔහු සම්ප්‍රදාය බිදිය යුතුමය.ඔහු ඊට සූදානම් බවද පෙනේ.ඔහු පොන්න කීකරු සැමියෙකු වීමට සූදානම්ව සිටියදීත් ඇය ඊට එරෙහි වන්නේ ඇයි.හිරු කියන ලෙසින් ගෑනි යන දිහා ඉන්න දිහා මිනිහ දන්නෙ නැති මිනිහ ඉන්න දිහා යන දිහා ගෑනි දන්නෙ නැති බටහිර ජීවන රටාවද?ඇඳුම් මාරු කරන ලෙසින් සැමියන් හා බිරියන් මාරු කරන බටහිර ජීවන රටාවද? බටහිර ජීවන රටාව ලොව පුරා ප්‍රචාරය කිරීමාටත් ඊට එරෙහි මතවාද මානව හිමිකම් කැඩ්ඩෙම් ලෙසත් අර්ථ දක්වනු අප අසා ඇත.

    ReplyDelete
    Replies
    1. //හිරු කියන ලෙසින් ගෑනි යන දිහා ඉන්න දිහා මිනිහ දන්නෙ නැති මිනිහ ඉන්න දිහා යන දිහා ගෑනි දන්නෙ නැති බටහිර ජීවන රටාවද?//

      ඇත්තටම .... කොහෙද අනේ මං එහෙම කිව්වේ..... හි හි...

      කොහොම උනත් මේ පෝස්ට් දෙකන් පස්සේ මං ඔයත් එක්ක කතා කරන්නේ නෑ.. ඔයත් එක්ක කතා කරලා මගේ ලේ ටික පුච්චගන්නවා විතරයි.... බොහොම ස්තූතියි...

      Delete
    2. ඔබට මා ගැන කොහොම හැඟීමක් තිබෙනවද මන්ද අවංකවම මට දැන් ඔබ නුදුටු මිතුරියක්.වෙනස් මත දරන මිතුරියක්.හැමෝම එකම අදහස් දරන්න ඕන නැහැනෙ.මම කාන්තාව හා මාධ්‍ය සාමූහිකයෙ එන්. ජී. ඕ කතා මීට පස්සෙ කියන්නෙ නෑ.ඒ ගැන සොරි.ඔබව අපහසුතාවයට පත් කරන්න මට හිත දෙන්නෙ නෑ.හැබැයි පත්තර සම්බන්ධව ලොකු හෙළිදරව්වක් නම් ගම් එක්කම මම කරනවා.ඡායාරූප හා හඩ පට පවා අප ලඟ තිබෙනවා.
      මාත් එක්ක කතා කරල ලේ පුච්ච ගන්නෙ ඇ‍යි.ඒකෙන් පේන්නෙ ඔයා ස්ත්‍රීවාදය නිසා හතර මහ අපායෙ ඉන්න කෙනෙක් වගෙනෙ.මම මේ බ්ලොග් ලිව්වට මම මේව බරක් කරගෙන නෑ.මගෙ හිත නිදහස් කා එක්කවත් තරහ නෑ.හැමෝටම මෛත්‍රිය කරනවා.අමතක කරන්න එපා මම සැමට මිතුරු.ඔබ ස්ත්‍රීවාදය ඔළුවෙ තියාගන පුදුම විදවිල්ලක්නෙ විදවන්නෙ.මනස රිලැක්ස් කර ගන්න.

      Delete
    3. කරුණාකරලා මං ගැන දුක් වෙන්න එපා... මගේ ලේ පිච්චෙන්නේ මම පෞද්ගලිකව විඳපු දෙයක්, සල්ලි හොයන්න හදාගත්ත හේතුවක් කියලා කියනකොට විතරයි... ඇත්ත.. මම බස් එකක යද්දිත් ගැහැණියක් වීම නිසාම පිරිමින්ගෙන් හිරිහැර විඳලා තියෙනවා... හැබැයි ඒ වෙලාවල මං වෙනුවෙන් කතා කරන්න ඉදිරිපත් උන පිරිමිත් මේ ලංකාවෙම හිටියා.. ඒක නිසා මට පිරිමින්ට වෛර කරන්න උවමනාවක් නෑ... ඒත් ඔයා කියනවා වගේ පුරැෂාධිපත්‍යය නිසා ජීවිතේ හතරමහ අපාය වෙච්ච ගෑණුත් මේ ලංකාවේ ඉන්නවා... ඒ වගේ අය ගැන පෞද්ගලිකව දන්න නිසා තමයි මම මේ ගැන කතා කළේ...

      මම පළවෙනි දවසේ ඉඳලම උත්සාහ කළේ ඔයා කියන තරමට ඔය ප්‍රශ්නෙ මෙහෙ ඔඩුදුවලා නැති වෙන්න හේතුවක් තියෙනව කියන එක... ඒ කිව්වේ ඔයා කියන පිස්සු ගෑණුන්ට ප්‍රශ්න නැති නිසා ප්‍රශ්න මවාගෙන පෙළපාලි ගියාට මේ ලංකාවෙ ඉන්න ගෑණුන්ට ඇත්තටම ඊට වඩා විසඳ ගන්න ප්‍රශ්න තියෙන බව තේරුම් කරලා දෙන්න..

      සමහර පැරණි සමාජ සම්මත, සම්ප්‍රදායන් නිසා ගොඩක් කෙල්ලන්ට, ගැහැණුන්ට ලංකාවේ ස්වාධීන ජීවිතයක් නැති තත්වයක් තියෙනවා.. ඒවා වෙනස් වෙන්න ඕනෙ... ගැහැණිය කියන්නෙත් පිරිමියා වගේම හිතක්, ජීවිතයක් තියෙන මනුස්ස ප්‍රාණියක් කියන තැනට ලංකාව එන්න ඕනෙ... ඒක නිසා මං ඔයාට කියන්න කැමතියි ඔය එන්ජීඕ සල්ලි කියන පැත්ත පැත්තකින් තියලා ඔයාගේ ඔය මතය මේ සමාජයට ඇත්තටම ආදේශ කරලා බලන්න කියලා... අන්න එතකොට ඔයාට තේරෙයි ඔය මතය දැනට මේ සමාජයට වැටෙන්නේ විශබීජයක් විදියට කියලා... මොකද ඔයා ඔය විදියට ඔය අදහස ඉදිරිපත් කරන හැම වතාවකම කාන්තාවක් මේ ස්ත්‍රිවාදයට ඇදිලා යන්න පුළුවන් කියලා මං ගැන හිතුවම මට හිතෙනවා... ( මම ඒක ඔයාට කලින් වතාවකුත් කියලා තියෙනවා)

      ඒක නිසා ඔයා කරන දෙයක් සත්ගුණවත් බාවයෙන් කළත් ඒක අවශ්‍යද කියලා හිතලා බලලා වැඩ කරන්න කියලා මං ඉල්ලනවා...

      ආ .. අර උඩ කියලා තියෙනවනේ බ්ලොග් වල පිටුපස අතුරුකතා හෙළිදරවු කරන්න කැමති නෑ කියලා... හැබැයි තවත් බ්ලොග් පිටුපස ඔයා කියනවා වගේ විශබීජ පතුරවන්න වෙනම ඇජන්ඩා හදාගෙන ඉන්න අය ඉන්නවා නං ඒවත් හෙලිදරවු කිරීම යුතුකමක් කියලා මං හිතනවා.... ඇත්තටම එහෙම දේවල් තියෙනව නං කරුණාකරලා හෙළිදරවු කරන්න.. පෞද්ගලිකව මට නම් එහෙම කරන්න පුළුවන් කමක් නෑ... එහෙම කෙනෙක් කියලා මට තරමක සැකයක් ඇති උන එකම කෙනා ඔයා විතරයි.... ඔයා කියනවා වගේ “අන්තවාදී ස්ත්‍රීවාදයක්” ලංකාවට එනවනං ඒකට මුලින්ම විරුද්ධ වෙන කෙනෙක් මම..

      දැන් ඇති මේක.. මේ පෝස්ට් එකට අදාළ සංවාදයක් නෙවෙයි මේක.... බොහොම ස්තූතියි පැහැදිලිව කතා කළාට...

      සමාවෙන්න පැතුම්.. පෝස්ට් එකේ සංවාදය වෙනත් පැත්තකට ගියා...

      Delete
    4. ගොඩක් ස්තුතියි අදහස් දැක්වීමට... කමෙන්ට් තුලින් පුද්ගලිකත්වයට පරිබව කරගන්නවාට වඩා දෙයක් කරන්න පුළුවන්.

      මම ස්ත්රීවදියෙක්වත්, පුරුෂවාදියෙක්වත් නෙමෙයි.... මම කැමති ඒ අතර මැද සමානාත්මතාවට... කවුරුත් කාවවත් පාලනය කරන තැනට පත් වෙනවට මම කැමති නෑ.

      මේක සාම්ප්‍රදය ගැන නිර්මාණයක් මිසක් මට නම් කොහොමත්ම පිළිගන්න බෑනේ පුරුෂයා ස්ත්‍රීකරණය කරලා තියනවා කියලා. අනික මම එහෙම අහදසක් ඔලුවේ තියාගෙන නෙමෙයි ලිවේ.

      මගේ තීම් එක වුනේ මනමාලි බලන්න මනාලයා යන සම්ප්‍රදාය අනික් පැත්තට දකින්න.. එහෙම වෙන්න බැරිද කියල හිතන්න.. එක අත්දැකීමක්වත් කොහෙන්වත් උස්සපු කොපියක්වත් නෙමෙයි.

      ගොඩක් ස්තුතියි අදහස්වලට

      Delete
    5. සමාව ගන්න තරම් දෙයක් වෙලා නෑ හිරු අක්කේ.

      Delete
  33. සම්ප්‍රදාය ඇතුලෙ ඉඳන් කථාවෙ මුල ටික කියවන්න ගිහින් මාව හොල්මන් උනා :O

    ReplyDelete