Thursday, August 15, 2013

ආනේහ්.......රයිටර් බයියා...!! කොයිවෙලේද ආවේ

රම්බා අපේ ගෙදෙට්ට පණිවිඩයක් එවලා උන්ගේ දිහා පුළුවන් තරම් කලින් එන්ඩයි කියලා. හදිස්සියක්ලු.. උන්ගේ ලොකු මාමගේ දුවගේ දරු පවුල, ස්කොලේ නිවාඩුවට උන්ගේ දිහා ඇවිල්ලලු. මූ  නම් කියන්නේ ආපහු යන පාටක් නෑය කියලා. ලොකු මාමට, සති දෙකකට විතර කලින් ලමිස්සියෙක් උන දෝණිඇන්දා කෙනෙක් ඉන්න හන්දා ඒක නම් එච්චර අවුලක් නෑ කියලයි පස්සේ රම්බා කීවේ. ඌට අවුලක් නැත්තම් ඉතින් මට කොහොමත් අවුලක් නැති එකේ දත කට මැදගෙන බෝලකුඩුවේ එල්ලලා තිබ්බ ඩෙනිම අතට ගත්තා. 

හත් ඉලව්වට පායපු උල්කාපාතේ වගේ කලිසමේ වම් කකුලේ වාටියේ අග රණ කුඹලෙක් ගෙයක් හදලා. අපේ ආච්චි නම් කියන්නේ රණ කුඹල් ගෙවල් කඩපුහාම බඩේ අමාරු හැදෙනවයි කියලා. ඕනේ පොකිරිස්සෙක් කිලෝ එකයි තුන්කාලයි කියලා මම කෝකටත් රාක්කේ තිබුන අසමෝදගම් බෝතලේ අරගෙන ගුඩු ගුඩු ගාලා උගුරු තුනක් කට පුරෝලා බිව්වා. ඇස් දෙක පියාගෙන"පාණාති පාතා" පදේ මතුරන ගමන්, රණ කුඹල් ගේ අඹරලා සුන්නඃධුලී කරලා දාලා ඩෙනිම දාගත්තා. වැඩි හොඳට රම්බාගේ දිහා ගිහිං කෝපි එකකුත් හදාගෙන බොන්නං කියලා හිතා ගත්තා.

මං රම්බාගේ ගෙවල් වැට මායිමට යනකොට ඉඳි ගහට පයින වයසේ ඉන්න සුකිරි බඩිලි කොලු පැට්ටෙක් යටි ගිරියෙන් කෑ මොර දීගෙන කෙහෙල් ගහකට උඩ දාගෙන තඩි බානවා "ජාතිවාදියා... ජාතිවාදයා.... දේශ මාමකයා..... පරදේශක්කරයා...., ස්වදෙශිකයා..." කියා කියා. කෙහෙල් කඳ පරඞැල් වෙලා,  කීතු කීතු වෙලා පට්ට ගැලවිලා ඉස්ම පෙරනවා.  රම්බාගේ තාත්තා පැත්තක ඉඳන් "කමෝන් පුතා කමෝන්" කියලා පොඩි එකාට අප්පුඩියක් ගහලා චියර් පාරක් දුන්නා" ඒකෙන් තව ටිකක් ෆෝම් උණ කොල්ලා බිම තිබුණ ගඩොල් බාගයක් අරගෙන රවුමක් එහෙමකැරකිලා කෙලියා ගිරිය පුප්පගෙන කෙහෙල් ගහට. කරුමෙට කෙහෙල් දල්ල ලාවට ඉඹගෙන ආව  ගඩොල් බාගේ "දීඩීරියං" ගාලා  අහක හිටපු මගේ දරුගහ මුල වැදීලා කකුල් දෙක මුලට වැටුනා. පොඩි එකාව උප්පද්දවන්ඩ දිවා රෑ නොබලා වෙහෙස මහන්සි වෙච්ච දෙමහල්ලොන්ගේ මුණ පවා මැවිලා පෙනෙද්දී මම දිව හපාගෙන බිම ඉඳගත්තේ බඩ කොර වෙච්චි පාරට.

බඩ ගාගෙන වගේ දෙකට නැමීගෙන ගේ ඇතුලට ගිහිං රම්බාට කතා කරා. ඌ උන්ගේ ගෙදරට ආව නැන්ද අල්ලාගෙන හෙන දේශනාවක් දෙනවා. ඌ කතාවේ ගැඹුරටම බැහැල හිටපු විත්තිය මට තේරුනේ, උට පිටිපස්සේ හිටපු මං නොදැකපු හින්දා.

"නැන්දට කියන්න නැන්දේ දැන් වතුර වල හෙනට විෂ, එතකොට කිරිපිටිවල විස අප්පට උඩු ඊට හපන්, කවුද දන්නේ නැන්දේ නැන්දා ඔය පොඩි එකාට පොවන මව් කිරිවල ඩී.වී.ඩී. ද මොනවද ඒවා තියනවද කියලා, කොහෙද ඉතින් මාමටවත් තේරෙන එකක් යෑ. ඉතිං එහෙව් එකේ කොහොමද පොඩි එකාට තේරෙන්නේ"

"හැබෑව නේන්නම් පුතේ හැබෑව"  කටට ආපු පලියට එහෙම කිව්වට නැන්දට ඌ කිව්ව කාරණාව ඇතුලේ තිබ්බ අලුකුත්තේරු කුපාඩි ඇවටියෙල් කතාව තේරුනේ පස්සෙද කොහෙද. ටික වෙලාවකින්  නැන්දගේ ඇස් දෙක සුදුමැලි වුණා. අතේ හිටපු කිරි දරුවා කිහිල්ලේ ගහගෙන නැගිට්ටේ කිරි පිටි හදන එවුන්ගේ හතර වරිගේ මතක් කර කර. "වල් හැත්ත.. දරුවෙක්ට කිරි ටිකක් පොවන්ඩ නෑ,, කාලාකන්නි කිරිපිටි කාරයෝ.. හැඳි ගෑවිලා මකබෑවිලාම පල ඕකුං..." ටික වෙලාවකට පස්සේ නැන්දා සර්වබලධාරියෝ අල්ලලා බැන්නා රම්බාත් පැත්තකින් අහුවෙන නොවෙන ගානට.

"ආනේහ්.......රයිටර් බයියා...!! කොයිවෙලේද ආවේ...!, ඉන්න මං අපේ භයියා ජීට එන්න කියන්නම්" රම්බාගේ නංගි චාරු පද්දල පද්දලා කිව්වා.

"හලෝ මයි බොක්ක රයිටර්...වරෙන් වරෙන්"

"මොකටද මට පයිණ්ඩයක් එව්වේ එන්ඩ කියලා"

"ආ ඔව් බං අපේ නැන්දගේ පොඩි එකාට සිංහල පාඩම් වගයක් කරගෙන යන්ඩ දීලා නිවාඩුවට. මෙහෙ කොහොද බං සිංහල දන්නා එවුං..උඹ හෙන රයිටරනේ...යමක් කමක් තේරෙනවනේ..අනේ බං පොඩ්ඩක් පොඩි එකාට කියලා දියන්කෝ...."

"අපෝ බෑ බං.... කෝ අර පොඩි කෙල්ල.. ඕනේ නම් ඒකිට නිදිමරාගෙන වුනත් උගන්වන්නම්"

"ආ... නෑ නෑ.. උඹ කරදර වෙන්ඩ එපා...මම කොහොමත් එයාට පාඩම් වගයක් කියාදෙන්න ඉන්නේ...."


පොඩි එකා විසිල් එකක් බාගෙන කොපි පොතක් කිහිල්ලේ ගහගෙන ඇවිත් පොත මගේ ඔඩොක්කුවට විසික් කලා.

"ඔය කෙටි යෙදුම් ටික කියලා දෙන්ඩකෝ සර් අයියේ" ඌ කින්ඩි හිනාවක් දාල මගේ දිහා බැලුවා.

"එහෙම බෑ.. ඉස්සෙල්ල මල්ලි පුතා උත්සාහ කරලා බලන්ඩ.. මම හරිද කියලා බලන්නම්" මමත් හෙන ආදරෙන් කිව්වා.

පොඩි එකාට දැන්  හිටගෙන මල විදින සයිස් එක. පොර දත් මිටිකනවා. ටිකක් වෙලා කල්පනා කර කර ඉඳලා පොර ටික වෙලාවකට පස්සේ  මට පොත ගෙනත් දුන්නා. මම හිතාගෙන හිටියේ කොල්ලා දස්සයා වෙන්ඩෑ කියලා.

ලං.වී.ම = ලංකා විදුලිබලු මන්ඩලය - "මේක ටිකක් හරි පුතා.. හැබැයි  "බලු" නෙමෙයි "බල" හොඳේ". පොඩි එකා ඔලුව වනලා හිනා වුණා. 


රා.සේ.පි = රාජ්ජ සේවය පිනට - "හෙහ් හෙහ් මල්ලි පුතා.. පිණට නෙමෙයි පිණිස හොඳේ.. පුතා හොඳයිනේ..ඈ..ඔය ලියලා තියෙන්නේ හොඳට"

අ.පි.බ = අපිට පිස්සු බං - "මේක නම් වැරදි පුතෝ.."

ජ.වී.පෙ. = ජනතාව වීදිබැස පෙරට = "කතාව ඇත්ත වුනාට තේරුම වැරදියි පුතා මේකෙත් හොඳේ"

ග.නි.ස.ම = ගණිකා නිවාස සංවර්ධන මණ්ඩපය - " ග..ග...ග.. ගණිකා....කො..කො  කොහෙන්ද පුතා මේක හොයාගත්තේ.. මාව විහිළුවකට ගත්තද.." මට හොඳටම මළ. පොඩි එකා අඬන්න ඔන්න මෙන්න.  මම රම්බාට කතා කළා. පොඩි එකා ඒ අස්සේ අඬ අඬා කඳුළු අස්සෙන් තටම තටම කිව්වා

"ඒක ගැන විතරයි සර් හරියටම සුවර් එකක් තියාගෙන හිටියේ" 

83 comments:

  1. කොල්ල හරි මගෙ හිතෙ

    ReplyDelete
  2. හිතේ තිබ්බ කහට ඔක්කොම යනකල් හිනා වුනා :D :D :D :D :D
    කාලෙකට පස්සේ චාරුලතාගේ නමත් තියෙන්නේ.අද නම් අපේ සිරා අයියට නින්ද යයි මයෙ හිතේ.
    :v :v
    -Pramudi-

    ReplyDelete
    Replies
    1. චාරු ලතා... ආ ඔව්නේ සිරා අයියා ඇහුවා තමයි.. ඒත් කාලෙකින් සිරා අයියා දැක්කේ නෑ. මොකෝ දන්නේ නෑ නේ ?

      Delete
  3. පොඩි එකා හරි රයිටරේ. ;)

    ReplyDelete
  4. දරුගහ කියන්නේ අහවල් එකද බන්? ඔය වචනේ ඇහැව්වමයි.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් එහ ඔව් ඔව් අහවල් එක තමයි :D

      Delete
    2. මාත් මේ උඩ ඉඳන් දරුගහ අරන් ආවෙ මේකගෙන් අහ ගන්න. ඩිල්ශානුත් අහලනෙ.:D

      Delete
  5. මට නං හිතෙන්නෙ මල්ලි පුතා ලියලා තියන ඔක්කොම හරි වගේ... ඌ නං බක පණ්ඩිත ආතෙක් :D

    ඇද්ද රයිටරයට හිතේ ඇති කෙල්ලන්ට උගන්නන්න...හී හී හී :D :D

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හැමෝටම ඌ හරිනේ බලාගෙන ගියාම.

      නෑ ඉතිං.. ඒ පවුනේ. මොනා හරි ඉගෙන ගන්නේ නැතෑ

      Delete
  6. යකෝ හරිනේ පොඩි එකා! උඹ ශිෂ්‍යත්වේ කොළේ නැද්ද ඕක දන්නේ නැත්තේ!

    ReplyDelete
    Replies
    1. අඩේ ගෙදර කට්ටියගේ උවමනාවට ශිෂ්‍යත්වේ කොරා මිසක් කවුද බොලං ඔවා මතක තියා ගන්නේ

      Delete
  7. පොඩි එකාට වැරදි කියන නෙමෙයි උඹ... බොට වඩා මොලේ තියෙනව පොඩි එකාට..

    ReplyDelete
    Replies
    1. අනේ බං අයියේ ඇයි එහෙම කියන්නේ.. මේ හැම එකාම

      Delete
  8. දරුගහට වැදිච්ච පාරට ගස් බීජ කුඩු උනේ නැතෙයි???

    ReplyDelete
    Replies
    1. හාහ් හාහ් හා... ගස් බීජ.. අඩෝ සිරාවටම තැලෙන්ඩ ඇති

      Delete
  9. හරිම රසවත්. හිස් අහසේ සඳරුට
    පස්සෙ මම දැකපු දක්ෂම රචකයා ඔබ. තව තවත් ලියන්න ශක්තිය
    ධෛර්ය ප්‍රර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් ස්තුතියි ඈ

      Delete
  10. රාජ්‍ය සේවය පිනට... හෙහ් හෙහ් එල ඕයි...

    ReplyDelete
    Replies
    1. හා හා හා. හෙහ් හෙහ් හෙහ්

      Delete
  11. අර පොඩි එකා නං මොලේ ඇති එකෙක්.. මේ වගේ උන් තව ඉපදුනොත් අවුරුදු විස්සකින් විතර අපේ රටේ මොලේ ඇති චන්දදායකයො ඉඳී..

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා කවුරු කවුරුත් දැන්ම ඉඳන් මහන්සි වුනොත් බැරි වෙන එකක් නෑ නේද සරත් අයියේ ?

      Delete
  12. මේකා පොඩි එකෙක් නෙමේනෙ බලනකොට :D

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් දැන් හැදෙන එවුන් දන්නේ නැද්ද ඉතින් ගිම් අක්කේ

      Delete
  13. පොඩි එකා, මම පොඩි කාලේ වගේ එකෙක්...

    ReplyDelete
    Replies
    1. අහා.. මේ ඉන්නේ මේ ඉන්නේ සාක්ෂි.. වාසනාවන් මාතලන් අයියේ

      Delete
  14. දැන් දරුහහේ තත්වේ කොහොමද?... පොඩි එකා හරි නේද?

    ReplyDelete
    Replies
    1. දරු ගහ ඉතින් නිතරම දළු දානවනේ අයිලාස් අයියේ එහැටි අකරතැබ්බයක් නෑ දැන්

      Delete
  15. අම්මපා මේ එක එක අසබ්බිය වදන් නැතුව කෙලින්ම දරුගහ කිව්වනං තේරුමත් තේරෙනවා, කිසි අසබ්බිය ගතියක් නැතුව ඕනෙ තැනක කියන්නත් පුළුවන්... ඔය වදන් හදන කාලේ උඹ කොහෙද හිටියේ රයිටරයෝ.... උඹේ මොලේ උන්ට ටික ටික කැව්වනං වත් අද අපේ මේ ළමයින්ට අසබ්බිය වදන් උගන්නන්න ඕනෙ නෑ‌‌ නේ... හි හි....

    ගණිකාවටත් ඔය වගේ වචනයක් හදපන්කෝ රයිටරේ... අර කකාත් ලියලා තිබ්බා අද ඔ‌ෙහාම කතාවක්.. අම්මට පත්තරෙත් තහනම් උනාය කියලා... කොච්චර පවුද ඒ මනුස්සයා... අසබ්බිය නැති වචනයක් තිබ්බනං ඔය ටික වෙන්නෙ නෑ නේ... හි හි

    ReplyDelete
    Replies
    1. දරු ගහ අපේ කොල්ලෝ සෙට් එකේ වචනයක්. කොහෙන් අවදා දන්නේ නෑ අප්පා.

      ගණිකාව ෂාහ් ඒක කොච්චර ෂෝක් වචනයක්ද අප්පා :D

      Delete
  16. මරු පොඩි එකෙක් නොවැ

    ReplyDelete
    Replies
    1. ඉඳි ගහට පනින වයසේ එවුන් එහෙම තමයි බං

      Delete
  17. යකෝ උඹ ඔච්චර රයිටරයෙක් වෙලත් පොඩි එකා ලියල තියෙන ඒව වැරදියි කිව්වෙ මොකටද බොල.

    ReplyDelete
    Replies
    1. ගුරුවරු ඉතින් හරි දේ උගන්වන්න එපයි... හෙහ් හෙහ් දැන් හැදෙන පොඩි එවුන් ඉතින් දන්නේ නැද්ද ප්‍රසා අයියේ. ටීචර්ලාටත් උගන්වනවනේ

      Delete
  18. එල්ලුම්ගහ වෙනුවට දරුගහේ එල්ලල මරන්න ඕන මුංව.........

    ReplyDelete
    Replies
    1. යකෝ ඒකෙ එල්ලන්නේ කොහොමද. කර මුලින් ගැලවිලා වැටෙයි

      Delete
  19. ඒ මම නං කියන්නේ රයටරයා පොඩි එකාගෙන් ඉගෙන ගන්න ගියා නං හරි :D ඌට තව උගන්නන්න දෙයක් නැති හැඩ යි!

    ReplyDelete
    Replies
    1. දැන් හැදෙන පොඩි එවුං හෙන දස්සයෝ අප්පා

      Delete
  20. //....මම දිව හපාගෙන බිම ඉඳගත්තේ බඩ කොර වෙච්චි පාරට.// රණ කුඹල් ගෙවල් කඩපුහාම බඩේ අමාරු හැදෙනවයි කියලා ආච්චි කියපු කථාව හරි එහෙනම් :)

    ReplyDelete
    Replies
    1. කල කර්ම පලදීම හේ හ්හෙහ් හෙහ් එහ

      Delete
  21. දැන් පොඩි උන් නම් ඔහොම තමයි... කොහොමත් මල්ලි දරුගහ පරිස්සම් කරගන්න...නැත්නම් රටේ අනාගතය අදුරේ...

    ReplyDelete
    Replies
    1. ආ හරි හරි... ඒවා ලෙසටම පරිස්සම් කරනවා.. නැත්තම් අනාගතේ අඳුරෙනේ අප්පා

      Delete
  22. හිනාවෙලා පන ගිය බං උඹේ වචන සැට් එකට.දැන් දරුගහ හොඳ ඇති මගෙ හිතේ

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.. දරු ගහ සැපෙන් අයියේ

      Delete
  23. හම්මේ බඩත් රිදෙනවා රයිටර් ඔබේ වචන වලට. අනේ අම්මප මේක අපේ රටේ ඇමති උන්නැහෙලා ටිකත් කියෙව්වනම් කොච්චර හොදද? ජයවේවා මචං!

    ReplyDelete
    Replies
    1. අම්මෝ... පිස්සුද බං... සුදු වෑන්වලට මම බයයි

      Delete
  24. එල..එල..මචං ඈ හොදට හිනාවුනා.. පොඩි එකා හරි බං ඒවා තමයි හරි වචන පස්සේ මහින්ද මාමට කියලා වෙනස් කරමු මේ විදියට ..

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් මිනිහා කැමති වෙයිද බං

      Delete
  25. හිනා වැලයි.ආසාවෙන් කියවන්න පුලුවන්.

    ReplyDelete
  26. උඹේ පෝස්ට් මරු බං...සිරාවටම...

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් ඩින් ඩොන්

      Delete
  27. හිනා හිනා.. තාමත් හිනා..

    දරු ගහේ අතු නැද්ද බං.. ගෙඩි කනවද ඒවයෙ :D

    පොඩි එකාට ඌ කැමති දෙයක් අරන් දීපන් මං දුන්න කියල.. :D :D

    ReplyDelete
    Replies
    1. අතු නෑ බං.. කෙඳි තියෙන්නේ.. හෙහ් හෙහ්.. ගෙඩි අලුතෙන් හැදෙන්නේ නෑ බං.. පැලවෙනකොටම හැදුන ඒවා දෙක තමයි..

      හා හා උඹ මට සල්ලි එවකෝ අරන් දෙන්නං

      Delete
  28. කෙටි යෙදුම්වල නූතන අපුර්වත්වය නියමට ගලපලා තියෙනවා.

    ReplyDelete
  29. සුනිල් ගේ ඉස්සර මං ගිය පාසැල ඇරිලා සිංදුවේ කෑල්ලක් මතක් උනා.

    ReplyDelete
    Replies
    1. අඩේ මොකක්ද බං ඒ සින්දුව හැබෑටම ?

      Delete
  30. Km P H 32 කියලා ගහන්න කලින් ලොරිවල පිටිපස්සෙ ගහලා තිබ්බේ M P H 20 කියලා. ඕකටත් අර්ථ දැක්වීමක් තියෙනවා.
    එතකොට තානාපති වාහන වල DPL බැජ් එක.
    අ පො ස (ඒක නම් කවුරුත් දන්නවනේ.)
    තව CTB...

    ReplyDelete
    Replies
    1. M P H 2
      DPL
      CTB

      අඩේ අයියේ සිරාවටම ඒවා මොනාද දන්නේ නෑනෙ. අහලා නෑනෙ.

      Delete
    2. M P H 20මගේ (අහවල් එකේ) හිල් විස්සයි
      DPL (ළමා වර්ෂන් එක)ඩීසල් පෙට්‍රල් ලාම්පුතෙල් (දරුණු වර්ෂන් එක) දීපං (අහවල් එක) ලොක්කට.
      CTB සිලෝන් ටකරං බස්

      Delete
    3. කිරිකිත්තට උඩු කිව්වලු.. පට්ටනේ අයියේ. මම අහලා තිබුනේ නෑ මලාට

      PPS මතකද ? පැන පැන සර්විස්

      Delete
  31. පොඩි එකාට ෂුවර් එක නම් මටත් ෂුවර්, එකනම් වරදින්න විදිහක් නෑ, උඹලා දන්නවද බ.ජා.ස.ශා. කියන්නේ මොකක්ද කියලා.

    ReplyDelete
    Replies
    1. අඩේයප්පා පොඩි එකාට ගිය කලක්..

      සිරාවටම බ.ජා.ස.ශා. කියන්නේ මොකක්ද බං ?

      Delete
    2. බ.ජා.ස.ශා. = බණ්ඩාරනායක ජාත්‍යන්තර සමන්ත්‍රණ ශාලාව හෙවත් B.M.I.C.H එක.

      Delete
    3. අඩේයප්පා යෙකද.. මම හිතුවා නිකන් ඇවටියෙල් එකක් කියලා හෙහ් හෙහ්

      ඒත් M එක මිසින්ග් නේ බං..එතකොට

      Delete
    4. ඉතිං ඉංගිරිස් එකෙත් "M" අයින් කරගනිං එතකොට B.I.C.H මරුනේ......!

      Delete
    5. හෙහ් හෙහ් එහෙම හොඳයෑ.. හාකෝ හාකෝ එහෙනම්

      Delete
  32. යකඩො ගඩොලකින් දරු ගහට වැදුන නම් උඹ උහොම ඉන්නවා පුදුමයි .........

    ReplyDelete
    Replies
    1. ගඩොල් භාගයක් බං හෙහ් හෙහ් හෙහ්

      Delete
  33. // කිරිවල ඩී.වී.ඩී. ද මොනවද ඒවා තියනවද කියලා//

    DDT awe nadda me paththe... :D

    ReplyDelete
    Replies
    1. ඒකා පන්සලේ වත්ත උදළු ගානවලු....

      Delete
    2. කවුද DDT කියන්නේ අප්පා.. මට මීටර් වෙන්නේ නෑනේ

      Delete
  34. ආව් ආව් ...චාරුලතා නංගිත් කාලෙකට පස්සෙ සීන් එකට ඇන්ටර් වෙලා තියෙන්නෙ...

    මාමා සනීපෙන් ඉන්නවා නම් කොලුවො...මව්කිරි වල ඇති විෂක් නෑ...

    ReplyDelete
    Replies
    1. හැක හැක හැක මාමා පරීක්ෂණාගාර මීයෙක් එතකොට ?

      Delete
  35. දරු ගහේ බොහෝ...
    ගෙඩි දෙකක් තිබේ...
    පැහිල ඉඳිල බිමට නැමිල..
    බර වෙලා අතූ.....

    ReplyDelete
  36. රෑ කියල බලන්නෙ නැතුව හොඳට හිනාවුණා. අම්ම අහනවා මොන යකෙක් වැහිලද රෑ තිස්සේ හිනා වෙන්නේ කියලා. මේ පෝස්ට් එක මට මඟඇරිලනේ.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හොහ් හොහ්

      Delete
  37. පොඩි එකාට නම් හොඳටම වයර් මාරු වෙලා පාටයි..ඊටත් වැඩිය සර්ට..!!

    ReplyDelete
    Replies
    1. සර් අහිංසකයි රටක් වටියි.. පොඩි එකා නම් වසයි

      Delete
  38. රයිටර් ගෙ ලිපි කියවන්න ගත්තේ අදමයි. හොඳට හිනා වෙන්න පුළුවන් මේ ලියල තියෙන කතා වලට. නියමයි! මගෙනුත් සුබපැතුම්...

    ReplyDelete