Tuesday, September 6, 2016

හිස්තැන්




මා නුඹට
ප්‍රේම කළාදැයි
පුදුමත් හිතෙන තරමට,
අප අතර බැඳීමක්
තිබුණාදැයිත්
හිතෙන තරමට,
කාලය විසින්
අප අතර ඉදිකල
පවුරු පදනම
අතිශය ගුප්තය
ජුගුප්සාජනකය...
එනමුත් තවම
නොවියලුණු
හදවත් සෛල මත
උණු තෙල් බිඳිති
ඉසින්නාක් මෙන්,
ඉඳහිටක වුවද
දැනෙනා වූ
සෝ තැවුල් සාංකාව,
ජීවිතය මත
කිසිදාක පිරවිය
නොහැකියැයි හැඟෙන
හිස්තැනක් පමණක්
ශේෂ කර ඇත..

~ එම්ප්ටි රයිටර් ~

2 comments:

  1. ඉදහිට දැනුනත් ඒ හැගුම්වලින්, හදවත දවා අලු වෙනු ඇත. ජීවිතය ආපස්සට හරවනු ඇත.

    ජයවේවා!!!

    ReplyDelete
  2. විරහව . .
    මතකයට නැගෙන හැම මොහොතකම
    යලි යලිත් පාරවන
    තුවාලයක් මෙන්වූ
    හදවතේ
    සුව නොවන තුවාලය
    විරහව . . !

    ReplyDelete