Wednesday, August 23, 2017

කවිද, මමද ?


සියළු තත් බිඳ,
කිසි දොසක්
නොනගන්න,
වීණාව වැරදි නැත,
මියුරු ස්වර
නොවැයීම ගැන,

යුෂ්මතිය ඔබ,
වැරදිකාරියද
නිවැරදිකාරියද,
කවියෙකුට කවි
අහිමි කරලීම
සම්බන්ධව,

ස්වාමිනි ගරු,
ඔහු පැටැලුනේ
ඇස්වල,
ඉනික්බිති,
හදවතේ මැද,
කොයි ගෑණිටද
පුළුවන්,
ආදරේ බෙදා ගන්න,

ස්වාමීනි ඔහු,
තීරණයක්
ගත යුතුව ඇත,
අදින් පසු,
කවිද, මමද ?

~ ව(ර්)ඩික්ටඩ් රයිටර් ~

4 comments:

  1. හත්වලාමේ කිරිමේල් එකක් කඩවගෙන නේද? දැන් ඉතින් පලයල්ලකෝ උසාවි..!

    වන්දියක් ගෙවල ආයෙමත් කවි ලියන්ට ඈ

    ReplyDelete
  2. ඔන්න උසාවි යන්ට වෙන කේස් එකක්..
    අගෙයි ලියමන..

    ReplyDelete
  3. "කවිද, මමද ?"
    ඔන්න ප්‍රශ්න

    ReplyDelete