කල්පෙකට පසු අද
ඔබව දුටුවෙමි...
දිගු නිද්රාවකින්
පසු ඇහැරුණ,
හිතද රවටා ගතිමි...
මගේ ප්රියතම
කොණ්ඩ මෝස්තරය,
ඔබ දමා ඇත්දැයි බලමි...
ඒ කොණ්ඩ කටු හා
මුදුවද,
ලා පාට බෑගයද, මාලෙද,
මා තිලිණ දුන් ඒවා වගට
සහතික කර ගතිමි...
මෘදු ලැවැන්ඩර්
සුවඳ
ළඟින් හමතැයි හඟිමි...
ඔබට ළංවී
තුරුළුව ඇවිදින,
තව කෙනෙකු දැක ගනිමි...
ඒ කවුරුදැයි
නොහඳුනමි...
ඉනික්බිති එය
සිහිනයක් බැව්
මම තනිව මුමුණාගමි,
කිසිත් සිදු නොවුණ සේ
යළිත් ආපසු හැරෙමි...
~ අන්අයිඩින්ටිෆයිඩ්
රයිටර් ~