දඩබ්බර මොනාශා,
බොහෝ කලකට
පසුවදී අමතමි...
බොහෝ කලකට
පසුවදී අමතමි...
තවමත් මැකී නොගියාවූ
ඔබේ දඟකාර නිය පහර කෑ දෑතෙහි,
සුවපත් වූ සීරුම්
හදිසියේ ඇස ගැටුණාවෙන් ලියමි...
ඔබේ දඟකාර නිය පහර කෑ දෑතෙහි,
සුවපත් වූ සීරුම්
හදිසියේ ඇස ගැටුණාවෙන් ලියමි...
මතුපිටින් සුවපත් වූ කැළලි
ඇතුලාන්තයෙන් පෑරීම,
ලියන්නට තරම් වටිනා
කාරණාවක් නොවන බැව් හඟිමි...
ඇතුලාන්තයෙන් පෑරීම,
ලියන්නට තරම් වටිනා
කාරණාවක් නොවන බැව් හඟිමි...
නැවත ලියලන්නට
ලදළු ප්‍රේමයක් ඉතිරිව
නොවනා නියාවෙන්,
හැකි පරිදි, හැකි ඉක්මනින්
අවසාන සුවඳ බිඳුවත්
රැගෙන යන මෙන් ඉල්ලමි...
ලදළු ප්‍රේමයක් ඉතිරිව
නොවනා නියාවෙන්,
හැකි පරිදි, හැකි ඉක්මනින්
අවසාන සුවඳ බිඳුවත්
රැගෙන යන මෙන් ඉල්ලමි...
~ රික්වෙස්ටින්ග් රයිටර් ~