My name is රයිටර් who writes, some kind of ඇවටියෙල් stories..

Monday, November 21, 2016

මොනාශා




දඩබ්බර මොනාශා,
බොහෝ කලකට
පසුවදී අමතමි...

තවමත් මැකී නොගියාවූ
ඔබේ දඟකාර නිය පහර කෑ දෑතෙහි,
සුවපත් වූ සීරුම්
හදිසියේ ඇස ගැටුණාවෙන් ලියමි...

මතුපිටින් සුවපත් වූ කැළලි
ඇතුලාන්තයෙන් පෑරීම,
ලියන්නට තරම් වටිනා
කාරණාවක් නොවන බැව් හඟිමි...

නැවත ලියලන්නට
ලදළු ප්‍රේමයක් ඉතිරිව
නොවනා නියාවෙන්,
හැකි පරිදි, හැකි ඉක්මනින්
අවසාන සුවඳ බිඳුවත්
රැගෙන යන මෙන් ඉල්ලමි...

~ රික්වෙස්ටින්ග් රයිටර් ~

4 comments:

  1. තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන් රැගෙන යන්න සොඳුරියේ ඔබෙ සුවඳ මා ලඟින්

    ReplyDelete
  2. මම කාලෙකට කලින් සින්දුවකට කියලා ලියපු නිසැඳැසක් තියෙනවා මගේ ලඟ .
    ඒකේ පටන් ගැන්ම

    "ඔබ කවියක්
    ඔව් ඔබ අතීතයේ ලියවුනු පෙම් කවියක්
    ඉවත ලන නොහී
    විලස හදේ ඇනුනු සියුම් තුඩැති අවියක්!"

    උඹ ගොඩක්ක වි කියවද්දී මට දැනෙන්න නැතිඋනු ආදරේ කියන්නේ හදවතේ ඇන්නු පිහි තුඩක් වගේ.
    ඒ පිහි තුඩ ගැලෙව්වොත් ලේ ගිහින් මැරෙනවා!
    නොගැලෙව්වොත් සදාකාලිකවම විඳවනවා!

    ReplyDelete
    Replies
    1. දුකා: පුදුමේ කියන්නේ.... මට දැනෙන්නෙත් ඒ විදියටමයි!! ඇනුණු දෙයක් වගේ... අපොයි

      Delete
    2. ස්තූතියි !! @Duka!| @Likhitha !

      Delete