Sunday, November 27, 2016

මෙ'අඳුර...




තාරකා කණු හිස්
එකිනෙකට යා කොට
බැන්දා වූ යොතක,
කවුරුන් හෝ
වියලෙන්නට වැනූ
තෙත දුහුල් සළුවකි,
මෙ'අඳුර...

පුරා හෝරා
දෙක තුනක් තිස්සේ
ඒ සළු බඳෙන් වෑහුණ
දාහක් දිය බිඳිති ය,
පිනි කියා තිබෙන්නේ
උදෑසන තුරු වියන් මත

~ නැචුරල් රයිටර් ~

3 comments:

  1. අහා ඒ අඳුරු දුහුල් සළු තිර !

    ReplyDelete
  2. සොඳුරු සිතුවිල්ලක්..

    ReplyDelete