Thursday, November 10, 2016

බොල් පිළිමයක් මම.



ගරා වැටෙමින් තිබෙන
ශේෂ නටඹුන් අතර
කල්පයක්
නොනැසී පවතින
ශිලා පිළිමයකි
නුඹ...

වංකගිරි
කොදෙව්වක.
අගුළු ලු
බිහිදොරක් අස,
ප්‍රේමයෙන්
ජීවිතය අයදින
බොල් පිළිමයක්
මම...

~ එම්ප්ටි රයිටර් ~

2 comments:

  1. එහෙත්
    අප දෙතැනකය
    උත්තරීතර සෙනෙහස හමුවේ
    දෙදෙනාම වැළපෙන.....

    ජයවේවා!!!

    ReplyDelete
  2. ඔබේ ආදරේ දෙවන පෑතිස් රජ දවසේ ශිලා ලිපියක් වගේ
    කියවා ගන්නට බෑ.. වටහා ගන්නට බෑ

    මට මතක් උනේ මර්වින් පෙරේරා මහතාගේ මේ ගීතය

    ReplyDelete