My name is රයිටර් who writes, some kind of ඇවටියෙල් stories..

Tuesday, June 27, 2017

මුතු මැණිකේ





ගොම මැටි අතුල
ගෙබිම සාලය මැද,
හැපී හැඬවෙනු ඇසෙයි
පයක බැඳි ගිගිර ඔබ,

සියුමැලිම අංශුව තෙක්
පෙරා රෑ හඳ එළිය,
පොල් අතු වහළයෙන්
වෙන් වෙයි,

නුරා හිස් අහස් මායිම,
නිවී යායුතු බැවින් තව
සුළු මොහොතකින් ඉක්බිති,
මැළැවුණු මුහුණකිනි පහනක්
ඉපැරණි ලී කනප්පුව මත,

සියක් වර දොවා හිස
සීතල උල්පත් ගඟුල් දිය,
ගැල්වූ සඳුන් පුසුඹක් හමා එයි,
කුටියේ දොර සීමාව බිඳ,

"ඉවසුම්" පවුර පාමුල විසිර
බිඳෙමින් සිටි අතරතුර සිත,
දොර උළුවස්සෙන්ය මැවුණේ
මුතු මැණිකේ ඔබේ රුව.

~ කවුන්ටින්ග් රයිටර් ~

8 comments:

  1. හම්මේ ඇති යන්තම් ඇවිත්! ඉස්කෝතුයි ඈ

    ReplyDelete
  2. මේ වගේ නිර්මාණයක් අගය කරන්න තරම් මං දැනුමින් පොහොසත් නැ.... ඒ නිසාම විශිෂ්ටයි පමණක් කියමී

    ReplyDelete