Thursday, June 29, 2017

"තද දුඹුරු" ඇස්




දකිනු රිසියෙන්
බිමට බරවුන,
ශෝකයෙන්
ඇළලුණු
"
තද දුඹුරු" ඇස්,

හිතයි මට අද
ඔබව රිදවන්නට,
මවාගෙන මුහුණට
බොරු අමනාපයක්...
"රහ නෑ කෑම අද...!"

සැලෙන සසැලෙන
දෙතොල තදකර,
හාරමිනි එකෙණෙහි
පයැඟිල්ලකින්
ගෙබිම ඔබ...

පමාවී තව
මදක් කල් ගෙන,
වහා පැන එමි
ඔබේ තුරුළට,

පෙර සැලැස්මෙහි
සිතාගෙන
සිටි පරිදි,
කඳුළු ගුලි පිරි
දෑස් පෙති මත
ඉනික්බිති මෘදු
හාදුවක් රඳවමි,

~ ප්‍රීටෙන්ඩඩ් රයිටර් ~

16 comments:


  1. ඉතින් පෙම්වත
    රස නැති බැවින් බත්පත
    සෙවුම සඳහා විවරය
    තද දුඹුරු ඇස්වල
    අයිතිය

    ReplyDelete
  2. පෙනේද මෙහෙමත් කට්ට වැඩ?

    ReplyDelete
    Replies
    1. ඇයි ! ඇයි.........යී !! :D

      Delete
    2. හැයි කියල අහනහැටි විතරක්! හුරතල් කරන්නත් හේතුවක් හදාගෙන මෙතන!

      Delete
    3. හාහ්හා හාහා ! ඇයි ! ඇයි.........යී ?

      Delete
  3. Pretended writer to Waterworks wife.

    ReplyDelete
  4. දිගටම බ්ලොග් එක අප්ඩේට් කරපිය

    ReplyDelete
    Replies
    1. ඒවා කොහෙද අපිත් එක්ක.... සොඳුරු! වටකරලා ඉන්නේ දැන් අපි දෙන්නම නැද්ද? හොඳින් නැත්තම් නරකින්

      Delete
  5. අනේ........

    කෝ මම දාපු පිළිතුරු කවිය :-(

    ReplyDelete
    Replies
    1. නෑ කියන්නේ.. අර තියෙන්නේ යසට පෝලිමේ මුලටම!!! අනේ මේ අපෘවල් අයින්කරන්නකෝ

      Delete
    2. අහ් අර උඩ තියෙන්නේ !

      Delete
    3. Comment Moderation දාලා තියෙන්නනෙ පොඩි ප්‍රශ්නයක් නිසා !!

      Delete
    4. මේ ලියන මෙව්වා වෙන කවි දැක්කහම ප්‍රශ්නේ පොඩි වෙන එකත් ප්‍රශ්නයක්! හි හි හි

      Delete
  6. එක හාදුවක් මදි වෙවී.. ඇඬෙව්වොත් එහෙම..
    ලස්සනයි අදහස.

    ReplyDelete