My name is රයිටර් who writes, some kind of ඇවටියෙල් stories..

Wednesday, May 23, 2012

නිරුවතින් අතුගෑම

බේරේ වැව ඉස්මත්තෙන් කොහොදෝ ඉඳන් හමාගෙන ආ සුලන් රැල්ලක් වෝක්ෂෝල් වීදියේ  පිහිටි බෝගසේ පත් නටවමින් අලුත් බෝඩිමේ ජනේලය තුලින් ඇතුළු වුයේ බෝ ගස අසල දල්වන ලද හඳුන්කුරු වල සුවඳත් මුඩුක්කු නිවාස පිහිටි දෙසින් රැගෙන ආ අපුල් දුර්ගන්දයත් සමගය. අපි පිළිකුලෙන් නහය හකුලාගත්තේ අනාගතයේ විඳිය යුතු දුකක මුල් පරිච්චේදය පිළිබද හෝඩුවාවක් ලැබුණු නිසාවෙනි. මමත් ලහිරුවත්, ලක්ෂ්මන් අයියාත්, බණ්ඩාර අයියාත්,  අරුනුත්, ගිහානුත්  ඇතුළු අපි සය දෙනාට කලින් සිටි බෝඩිමෙන් ද්වේශ සහගත ලෙස එලියට බැසීමට සිදුවූ නිසාවෙනි අලුත් බෝඩිමක් සොයාගන්නට වුයේ. පුරුවේ කල කරුමයක් ගෙවීමට සිදුවුවා සේ අපිරිසිදු වීදියක තැනු ගොඩනැගිල්ලක තෙවන මහලේ කුඩා කාමරයක් අපි අපේ බෝඩින් නිවාසය ලෙස තෝරා ගතිමු.

 පසුගිය සඳුදා දින මමත් ලක්ෂ්මන් අයියා මෙන්ම බණ්ඩාර අයියාද  නිවාඩුවක් දමා පරණ බෝඩිමේ සියලුම අඩුම කුඩුම අලුත් බෝඩිමට ගෙනෙන්ට වුයේ පරණ බෝඩිමෙන් ඉක්මනටම යායුතු බව බෝඩිම අයිතිකාර මනුස්සයා වචනයෙන් මෙන්ම ක්‍රියාවෙන්ද ඔප්පු කල නිසාවෙනි. හම්පඩ වූ කොට කලිසමකුත් ලක්ෂ්මන් අයියගෙන් ඉල්ලාගත් ටීෂර්ට් කඩමාල්ලකුත් ඇඳගත් මම පරණ බෝඩිමේ සිට අලුත් බෝඩිම වෙත අඩුම කුඩුම ප්‍රවාහනය කලේ ලක්ෂ්මන් අයියාත් සමග බණ්ඩාර අයියගේ තුන්සක රියේ පිහිටෙනි. කාර්ය බහුල කොළඹ වීදි අතරෙන් අතින් කටින් බෑග් මලු එල්ලගෙන වරින් වර පරණ බෝඩිමේ සිට අලුත් බෝඩිම වෙතත් යන අප ගැන බොහෝ දෙනෙක්ට වගක් නැති වුනත් අපි දෙස ඕනෙකමින් බැලු කීපදෙනෙක් හෝ සිටියානම් ඔවුන් අපි දවසේ පඩියට එදා වේල හම්බකරන් කන කුලීකාරයින් සේ සිතන්නට ඇත. වරදක් නැත.  අපි සියලු දෙනාගේ බාහිර ස්වරුපය එපරිද්දෙන් පෙනෙන නිසා ඔවුන්ගේ සිතුවිල්ල සර්ව සාධාරණය.


එදා ඉරිදා දිනයකි. එනම් ඉහත කී සඳුදාට පෙර දිනයයි. දහවල් කාර්යාලයේ වැඩ කරන විට ආ ඇමතුමෙන් කියවුනේ බෝඩිමේ අඩක් කඩා බිඳ දමා ඇති බවකි. ඇමතුම ලබා දුන් බණ්ඩාර අයියගේ මැදිහත් වීම නොවන්නට ඔවුන් විසින් බෝඩිම බිමට සමතලා කර දමා තවත් බොහෝ දේ සිදුවන්නට ඉඩ තිබිණි. ඒවා සිත ගැනීමටවත් අපහසු කාරණා විය හැක.  රාත්‍රී දහයට වැඩමුරය අවසන්වී බෝඩිම වෙත පියමැන්නේ විඩාවෙන් මඩිනු ලැබූ මගේ ගතේ වෙහෙස නිවා ගැනීමට හොඳ නින්දක් දමා පාන්දර අවදිවීමේ බලාපොරොත්තුව ඇතුවය. නමුත් බෝඩිම වෙත කිට්ටු වෙන විට ආ පිලිස්සු පරණ ගඩොල් වල සුවඳත් දුවිලි වල සුවඳත් මගේ සුපුරුදු ගමන් වේගය මදකට බාල කළේය.  කඩා හෙලනු ලැබූ බිත්තියක කොටසකුත් පහල කාමරයේ තිබුණු ඇඳන් දෙක වෙනුවට හිස් බිම් කඩ පමණකුත් ඉතිරි වී ඇති බව නෙත ගැටුණු මගේ ගතම හිරිවැටී ගියේය.  පපුව තුල යමක් හිරවෙන්නක් මෙන් හා දෙතොල් පට වෙව්ලන සෙයක් මට දැනුනි. හනිකට ලී තරප්පු පෙළ නැග ඉහල කාමරයට සේන්දු වුයේ එහි අපේ කවුරුන් හෝ සිටිනවාදැයි දැන ගැනීම පිණිසත් සිදුව ඇති නස්පැත්තිය සැක හැර දැන ගැනීමත් සඳහාය. නෙත් අදහාගත නොහැකිව දසත බලද්දී මගෙත් අරුන්ගේත් බණ්ඩාර අයියගෙත් වචන ගොළු විය. පෙර දින නිදා ගත් යකඩ ඇඳ වෙනුවට සී සීකඩ කරන ලද ඉහල කාමරයේ මෙට්ට කීපයත් කාඩ්බෝඩ් කැබලිත් ඇඳුම් සපත්තු, පොත්පත් ඇතුළු මා සන්තක සියල්ලත් මගේ සගයන් සතු සියල්ලත් කාමරයේ තැන තැන විසිරී තිබෙනු දැක ගන්නට ලැබුණි. කේන්තිය පාලනය කල ගත නොහැකිව මගේ මුවින් තරහව පිට දමන්නට විය. ඒත් සමගම අරුනුත් බණ්ඩාර අයියාත් මට හූමිටි තියන්නට පටන් ගත්හ.


බෝඩිම විකුණන කතාවක් මීට පෙර දැනගන්නට ලැබුනත් එය මේ තරම් කල් ඇතුව සිදු වෙතයි අපි කිසිවිටකවත් නොසිතුවෙමු. එසේ නොසිතන්නට බෝඩිම අයිතිකරුගේ වචනය මෙන්ම කුහක චේතනාව හේතු වන්නට ඇත, මන්ද ගතවන අවසාන තප්පරය වෙන තුරුත් මුදල් ලබාගැනීමේ පටු අරමුණ පමණක් පෙරදැරිකොටගෙන බෝඩිම විකුණා මුදල් අතට ගන්නා තුරු ඔහුගේ කටින් වචනයක් ලබා ගැනීමට අපි අපොහොසත් වුනෙමු. විකුණා දින කීපයකට පසු අපි දිනපතා රාත්‍රියේ කොළඹ අඳුරු වීදි අතරේ මෙන්ම අලෝකමත්වූ සුවිසල් මන්දිර අතරින්ද නවාතැනක් සොයාගැනීම සඳහා වෙහෙසුනෙමු. අවසානයේ වොක්ෂෝල් වීදියේ අවන්හලක ඉහල මාලය බදු දීමට ඇති බව දැනගන්නට ලැබිණි. තරමක් හොඳ මට්ටමක පැවති  කාමරය තත්වයකට ගැනීමට අපිට දවසක්ම ගත විය.  පෙලට තැබූ මෙට්ට රහිත ඩබල් ඇඳන් යුගලයත් සිංගල් ඇඳන් යුගලයත් අපි සය දෙනාගේ නින්ද සඳහා පිළියෙළ විනි. මතු පිටට කාඩ්බෝඩ් අතුරා ඊට උඩින් ඇඳ රෙදි එලා සුවපහසු යහනාවක් තනා ගත්තේ ඇඩ්වාන්ස් මුදලත් ගෙවා ඇති නිසා වෙන කල හැක්කක් නොමැති කම නිසාවෙනි. 


රාත්‍රියේ ඇඳට වැටුන අපි බොහෝ දේ කතා කළෙමු. නමුත් අපේ හිත් වල විශේෂයෙන් සඳහන් කල යුතු විශාල දුකක් නම් ගෑවිලාවත් තුබුණේ නැති බව නම් සහතිකය. මක් නිසාදයත් කොතරම් කටුක බවින් යුක්ත වුනත් එවන් අඩුලුහුඬුකම් වලින් යුතුව ගෙවන ජීවිතයේ යම්කිසි රසයක් අපි විඳින නිසාවෙනි. විශාල පියන් පත් යුග්මයකින් තැනුණු ඉහල මාලයේ කවුළුවට බර වූ මමත් ලහිරුවත් ලක්ෂ්මන් අයියත් නැගිට ඇඳේ සිටම කාර්යබහුල වොක්ෂෝල් විදිය දෙස නෙත් යොමා බැලුවෙමු.  විවිධාකාරි මිනිසුන්ගෙන් පිරි වොක්ෂෝල් වීදිය කුඩු කාරයින්ගෙන්, මංකොල්ලකාරයින්ගෙන්  අඩුවක් නැති බව දැකගන්නට මෙන්ම දැනගන්නට ලැබුණි. සමහර විට ඔවුන් එසේ නොවුනත්  ඔවුන්ගේ බාහිර ස්වරුපය අපිට එසේ සිතීමට කරුණු කාරණා සැපයිය. පදික වේදිකාවේ සිට රාත්‍රී අහාර ගෙන එහිම නිදාගන්නා පිරිසක්ද, මුල්ලකට වී දුම් උරණ පිරිසක්ද හැරුණු කොට නිරුවතින් සිට මුඩුක්කු නිවාසයේ පොදු වැසිකිලිය හා ජලකරාමය අසල අතුගාමින් සිටින මැදිවියේ දෙදෙනෙකුත් දැකගන්නට ලැබුණි. ඔවුන් සිටියේ ඔවුන්ගේ රාජකාරියේ විය යුතුය. නමුත් ඔවුන් දෙනෙනා සිටියේ අමු නිර්වස්ත්‍රයෙන් බව විදුලි පහන් වල ආලෝකයෙන් අපට පැහැදිලිව දැකගත හැකි විය. ඇඳුමක් ඇඳ ගැනීමට ඔව්නට අවශ්‍ය නැත්තේ මන්දැයි මා නොදනිමි. නමුත් බෝඩිමේ අපිට එය එක්තරා අකාරයකට බොහෝ වෙලාවක් බඩ අල්ලාගෙන සිනාසීමට තරම් කාරණයක් විය. ඒ ඔවුන් අතු ගානවා වෙනුවට පොඩි එවුන් සේ සෙල්ලම් කරන සෙයක්ද දැකගන්නට ලැබුණි. එකෙක් අනිකාගේ ඇඟේ හැප්පි අනිකාව පෙරලන්න උත්සාහ කරන හැටි අපේ සිනහව තවත් වැඩි කළේය.  තරමක් ඉහල කාමරයේ සිටින අපට ඔවුන් පෙනෙන බව ඔවුන් නොසිතන්නට ඇති. එසේ පෙනෙනවා යයි සිතුනත් ඔවුන්ට එය වගක් නොවන්නට ඇති. නැතහොත් තව හේතු කාරනා තිබිය හැක. අපි ඒවා නොදනිමු.


සිනහව මැඩලාගෙන  කාමරයේ විදුලිපහන නිවා දමා අපි නිදන්නට වීමු. පහල හෝටලයෙන් ඇසෙන කොත්තු දමන සද්දෙත් තුන්කාන්දෙන් දමන දාඩියත් නුහුරු නුපුරුදු ගතියත් රාත්‍රියේ බොහෝ වෙලාවත් අපිව අවදි කරවා තබන්නට සමත් විය.


අවසානයට පෙර ලියමි.

ඉහත සඳහන් කතාව ලියන ලද්දේ මා විසින් නොබෝ දිනකට ඉහත ලබාගත් සත්‍ය අත්දැකීම් කීපයක් පදනම් කොටගෙනය. නමුත් එය ලියන ලද්දේ  කියවන ඔබ සැමගෙන් මා හට අනුකම්පාව ලබාගැනීමටවත් එවන් මුඩුක්කු ජීවිත ගත කරන්නවුන්ට ගැරහීමටවත් නොවන බව බුද්ධිමත් ඔබ සැම වටහා ගනු ඇති විශ්වාස කරමි.


අතරින් පතර මගහැරුණු රසකතා කීපයක් නොලියා ඉතුරු කර ගත්තේ තව පොස්ට් කීපයක් සඳහා වවාගෙන කෑමට බවත් ඔබ දැනගත යුතුය.  


එක දිගට කෙටි කතා ලියමින් බ්ලොග් එක ඒකාකාරී කර නොගන්නා ලෙස බොහෝ දෙනෙක්ගෙන් ලැබුණු උපදෙස් හේතුවෙන් අත්දැකීමක් මෙසේ යුනිකෝඩ් කලේ සුපුරුදු භාෂා රටාවෙනි. නිදහස් ආරෙන් ලියන විට  මට කිසි දෙයක් ගැලප ගනු නොහැකිය. එසේ නිදහස් ආරකින් ලියා පල කරන ලද "මට ගලපා ගන්න බැරි ගැලපීම" නම් පොස්ටුව ඩිලීට් කලෙත් එය මෙලෝ රහක් නැති බව වැටහුණු නිසාවෙනි.


අලුත් නවාතැනේ අලුත් අලුත් සිද්දි සමග අද ඉඳන් ලියවෙන "බෝඩිම" නම් ලේබලය ඇතුලත් කතා අතර පළමු කතාව මෙසේ පබ්ලිෂ් වුන වගයි. 

"නිරුවතින් අතුගෑම" ලෙස පොස්ට් එකට නම යොදා එතරම් කික් එකක් ඇති දෙයක් අන්තර්ගතය තුල නැති වුනත්, මා එය එසේ කලේ එක්තරා  පරීක්ෂණයක් බවත් සලකනු මැනවි. ඒ පිළිඹදව තොරතුරු යථාකාලයේ දැනගන්නට සලස්වමි.

56 comments:

  1. ජිවිතේ හැමදාමත් අපිට සැප ලැබෙන්නෙත් නැ දුක ලැබෙන්නෙත් නැනේ...බෝඩින් ජිවිත ගැන කියලා වැඩක නැ..මම බෝඩිමක නොහිටියත් මම මගේ යාළුවො විදින දුක කමකටෝලු ගැන සැහෙන්න දන්නවා..
    ලෝකය ගෝලාකාරයි, මිනිස්සු විවිදාකාරයි කියනවනේ...මේක කියවපු ගමන්ම මට මතක උනේ එකලු..
    වෙනද වගේම දැනෙන්න ලියලා තියනව මල්ලියෝ.. හැමදේම වෙන්නේ මිනිස්සුන්ටනේ..හොද කාලයක් ඉක්මනටම ලබන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා...

    ReplyDelete
    Replies
    1. දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නේ නෑ. ජීවිතයේ හැමදාමත් සැප රැඳෙන්නේ නෑ. සිනහ වේවි සිනහ වේවි කල් ගෙවන්න බෑ. මේ යන විදිහට සුභ කාලයක් ඉක්මනටම හම්බවෙයි ළඟදීම අක්කේ.

      Delete
  2. මං හිතුවා උඹ නිරුවතින් අතුගාන්න ගිහිල්ලා මොකක් හරි අටමගලයක් වෙන්න ඇති කියලා... මමත් කාලයක් බෝඩිම් ජීවිතේ ගත කලා කොළඹ. දැන්නම් ටිකක් පිටිසරට වෙලා නිස්කලංකේ ඉන්නවා තනිකඩ වුනත්...

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ මචන්, මගේ ලැජ්ජා නහරේ තවම හොඳට තියනවා. ඔව් මචන් දුක් විඳින්න ඕනේ, කවද හරි සැප ලබන්න නම්. උඹේ ජීවිතේ නිස්කලංක කම ගොඩක් හොඳයි බං තනිකඩ උනත්. ඒ වුනාට දෙකඩ වෙන්නත් බැරිවෙන එකක් නෑ ඔය නිස්කලංක පැත්තේ වන මල් හෙම ඕනේ තරම් පිපෙනවා ඇති.

      Delete
    2. බලමු බලමු... අනාගතේදි දෙකඩ වෙයිද කියලා...

      Delete
  3. උබලගේ කතාව නම් දුක හිතෙනවා ඒත් මොනා කරන්නද නේද?මේක උබලගේ ජීවිතෙනේ.

    ReplyDelete
    Replies
    1. ඔව් මචං දුක හිතෙන කතා නම් එමටයි මේ ලෝකේ. මොනවා කරන්නද බං ඉතින්. මේක අපේ ජීවිතේ වුනාට හැමදාම මෙතන ඉන්න හිතනේ නෑ මචං. අපිත් කවද හරි සුපිරි ගෙවල් වල ඉඳන් ඔපිස් එන්නේ නැතෑ.

      Delete
  4. හම්ම්...
    :(
    හැමදේම වෙන්නේ මිනිස්සුන්ටනේ මල්ලී... ඒකයි හේතුව

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කේ ඒක නම් ඇත්ත. අපි දැනගන්න ඕනේ කොහොම හරි වලෙන් ගොඩ යන්න.

      Delete
  5. මිහිමත අපාය මචං..

    ReplyDelete
    Replies
    1. අනිවා..... විටෙක මිහිමත අපාය. ඒත් විටෙක මිහිමත දෙව්ලොව

      Delete
  6. මුල් ටික කියවනකොටම මට හිතුනා මේක බොහෝඅ විට අත්දැකීමක් වෙන්න ඇති කියලා අන්තිමට ඒක සනාත උනා.බෝඩිං ජීවිතයක් ගැන කවදාවත් අත්දැකීමක් නැති නිසා ඒ ගැන යමක් කියන්න තේරෙන්නේ නෑ ඒත් මේක කියවද්දී ඒ ගැන අවබොධයක් ලැබුනා.හ්ම් ජීවිතේ දුකක් අප්පා

    ReplyDelete
    Replies
    1. බෝඩිම් ජීවිතේ මෙහෙම දුකක් වුනාට කොල්ලෝ සෙට් එක එක්ක විහිළුවක් කරගෙන ජොලියේ ඉන්නකොට ඒවායේ දුක තේරෙන්නේ නෑ අක්කේ. ජීවිතේ රසවත් අත්දැකීම් ටිකක් අතීතයට එකතු වෙනවා. ඒක වටිනවා.

      Delete
  7. මං මොකුත් කියන්න ඒනෙ නෑනෙ පැතූ.......??

    ReplyDelete
    Replies
    1. ඔයා මුකුත්ම කියන්න ඕනේ නෑ ශෂී....! (එක්කොත් ඔන්න ඔහේ තව මොනවා හරි කියල දාන්න අප්පා)

      Delete
  8. බ්ලොග් එකට විවිධත්වයක් එකතු වෙන එකනම් හොඳයි...ආ..මම දන්නවා ඔයාගේ පරික්ශනේ මොකක්ද කියලා :) එහෙනම් බෝඩිම් කතාත් කියන්නකෝ අපිට...

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කේ. එක්කකාරී වුනාම අජූත වෙනවනේ. ඉතින් කට්ටියගේ උපදෙසේ පොඩ්ඩක් හිතල බැලුව. පරීක්ශනේ දන්නවද ? ෂ්.......ෂ් !!

      Delete
  9. අපිත් තව ටික දවසකින් ඔය බෝඩිං ජීවිත ගෙවන්න යන්න නියමිතයි, එහෙම එකේ මේක වටිනවා! ඵල ඵල අළුත් වෙනසට!

    ReplyDelete
    Replies
    1. උඹල ගෙවන්න යන බෝඩිම් ජීවිතේ රසම රස එකක් වෙන්න කියල මම ප්‍රර්ථනා කරනවා මචෝ.

      Delete
  10. මේක පටන් ගට්ත විදිහෙන් මම හිතුවෙ කෙටි කතාවක් කියලා.. වෙනසක් කරන්න හිතපු එක හොදයි.. එතකොට තමයි ලස්සනක් තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ. කෙටි කතාවක් නොවුනට දැන් ඒක ලියල ඉවර වුනාට පස්සේ නිකන් එහෙම එහෙම වගේ.

      Delete
  11. බෝඩින් ජිවිතේ අත්දැකීම් අවුරුදු 6 ක් මමත් විඳලා තියෙනවා. ඒවායේ තිබුණු අමිහිරි අත්දැකීම් අද තනියෙන් ඉද්දි සුන්දර මතකක්. උඹ ලබපු ඒ කටුක අත්දැකීම වෙනස් විදියටයි අපි ලැබුවේ එත දුක එකමයි.

    වවාගෙන කෑමත් එළ

    ReplyDelete
    Replies
    1. ඔව් ගොඩක් දෙනෙක් ඒ අත්දැකීම විඳලා තියනවා. ඒ ඔක්කොම පොඩි පොඩි වෙනස්කම් ඇරුනාම දුක සමව වගේ විඳලා තියනවා. ඒත් ඒවගේ ජීවිතයක් දවසක් හරි ගෙවන්න ඕනේ ජීවිතේ වෙනස තේරුම් ගන්න. වෙලාවකට දුක, තවත් වෙලාවකට රහ කියල වැඩක් නෑ බෝඩිම් ජීවිතේ ගැන. වවාගෙන කන එව්වා තමයි අයියේ ගුණ නැද්ද !

      Delete
  12. අම්මප උඹට නම් අම්බානකට පිස්සු ලොකු අයියේ... මොන මගුලක්ද මේ??
    … //නිදහස් ආරෙන් ලියන විට මට කිසි දෙයක් ගැලප ගනු නොහැකිය. එසේ නිදහස් ආරකින් ලියා පල කරන ලද "මට ගලපා ගන්න බැරි ගැලපීම" නම් පොස්ටුව ඩිලීට් කලෙත් එය මෙලෝ රහක් නැති බව වැටහුණු නිසාවෙනි. //
    …හිතට දැනුන විදියට අවංකවම කියනවනම් මේ අද දාපු පෝස්ට් එකයි එදා දාල අයින් කරපු පෝස්ට් එකයි දෙකම කියෝපු එකෙක් විදියට මට කියන්න තියෙන්නෙ වැඩිපුරම මගේ හිතට වැදුණේ ඔය වැඩක් නෑය කියල කියන එක.. මේක කියවල ඉවරවෙලා මම ආපහු සැරයක් කලින් නිදහස් ආරෙට ලියපු එකත් කියවල බැලුවෙ අයිය මේ කියන එක හරිද කියල තිතටම දැන ගන්නයි.. ඒත් ගොනෝ උඹ වැරදියි... මොකෝ දන්නවද?? මේක හොඳයි.. අරක හොඳායි නිසා.. කමක් නෑ.. ඒක නෙමේනෙ වැඩේ.. දැන් උන දේ.. ඒක ගැන කියන්නෙ එකම දෙයයි... ජීවිතේ හොඳම තැන් වලට ගිහින් තියෙන්නෙ වැඩිපුරම කටු කාපු උන්... කවද හරි මෙහෙම හිතෙයි.. "කලකදි වහලු කලකදි රස වෙනවාලු" කියල.. ඔන්න කොහෙ හරි ලියල තියාගං මම කිව්ව කියල ඈ..

    …( මේකත් මතක තියාගන්න ::: තමන්ගෙ හැකියාවන් රාමුවකින් කොටු කරගෙන, තමන්ගෙ ශෛලියට සීමා මායිම් දාගෙන නිකං අර පුස්කොලපොත ලියන බට්ට වගේ එකෙක් වෙන්න එපා :::: )
    …මීට,
    …-- Anonymous --

    ReplyDelete
    Replies
    1. උඹ හිටහං කට වහගෙන.. උඹ තාම පොඩී.. මේව තේරෙන්නෙ නෑ... නොදන්න ඒවට කට දාන්න එපා..

      Delete
    2. මොකද්ද බොල මේ හරුපේ..? :O

      Delete
    3. Anonymous
      දැන් මොකද මේ ප්‍රශ්නෙ?? මමයි කොමෙන්ට් එක දැම්මෙ... කාටවත් මුකුත් අවුලක් තියේද?? නිකං ලෙඩ දාගන්න එපා හරී... :@

      Delete
    4. ඇයි ඇනෝ...මොකෝ සද්දේ...?:@

      Delete
    5. එකම තමයි බං මට ගැලප ගන්න බැරි ගැලපීම. හා හා බට්ටෝ ලේ පුච්ච ගන්න එපා. මට තේරෙනවා රත්තරන් උඹ කියන දේ. මම ඊගාව පොස්ටුවෙන්වත් ගලපගන්න බලන්නම්කෝ. වෙනසක් කරන්න කියල මට ඉස්සෙල්ලම කීවෙත් උඹ කියන එක ගලේ කෙටුවා වගේ හරිය.

      ආ..... මේ....එක නෙමෙයි බං ..... ප්‍රොෆයිල් දෙකකින් එක පාර කමෙන්ට් දාන විදිහත් මට වෙලාවක කියල දීපන්කො බොලන්

      Delete
  13. හොද කාලයක් ඉක්මනටම ලබන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා...:)

    ReplyDelete
    Replies
    1. ඒක එසේම වෙනතුරු මම මග බලාන ඉන්නවා. (එත් ඒක අතකට මේ ජීවිතෙත් අර්ධ වශයෙන් මරු අක්කේ )

      Delete
  14. මාත් හිතුවේ මේකත් කෙටිකතාවක් කියලා තමා... හි හි පරික්ශනේ මොකක්ද කියලත් අපි දන්නවෝ.... :)))

    ReplyDelete
    Replies
    1. කෙටි කතාවක් නෙමෙයි අනුවෝ...පරීක්ෂණේ දන්නවද ? ෂ්.....!!!!

      Delete
  15. බොඩිං ජීවිතයෙ අත්දැකීම් නැති හින්ද දැන ගන්න ඒක හොදයි...

    ReplyDelete
    Replies
    1. බෝඩිම් ගැන නම් කියල වැඩක් නෑ අයියේ. එහෙනම් කියවන්නකෝ ඉස්සරහට ලියවෙන දේවල්.

      Delete
  16. බෝඩිම කියන්නෙ එක්තරා උප සංස්කෘතියකට.....වෙනසකට සීරු මාරු වෙච්ච තැන හොදයි....

    ReplyDelete
    Replies
    1. හරියටම හරි. ඒ උප සංස්කෘතිය හරි සරලයි, ගැඹුරුයි, ඒවගේම රසවත්

      Delete
  17. ජීවිතේට වගේම හැම දේකටම වෙනසක් ඕනෙ.. ඔය බෝඩිම් ජීවිත වෙලාවකට හරි සුන්දරයි.. වෙලාවකට හරිම කටුකයි!! කොහොම වුනත් අත්දැකීම් ජීවිතේට වටිනවා..

    හැම දෙයක්ම හොදින් සිද්ද වෙන වාසනාවන්ත කලක් ලැබෙන්න කියලා මම ප්‍රරථනා කරනවා!!

    ReplyDelete
    Replies
    1. හරියටම හරි ජීවිතේට වෙනසක් වගේම කටුක මිහිරි අත්දැකීමුත් ගොඩක් වටිනවා.

      ඒ කාලේ අද හෙටම හම්බ වෙයි.

      Delete
  18. අදයි මේ බ්ලොගේ පැත්තේ ආවේ ඕං ! බෝඩිම් කථා ටිකත් අහන්න ආසාවෙන් ඉන්නවා...

    සහෝ ! බ්ලොගේ ලියන ලිපි ඔක්කොම එක ශෛලියෙන් ලියන්න එපා. එතකොට ඒක පාඨකයාටත් වදයක් වෙනවා.... මේ කථාව ඔයාගේ සජීවී අත්දැකීමක් වුනත් දැනෙන්නේ කෙටි කථාවක ආකාරයට... මේ ලිවිල්ල ඉතාම හොඳයි... මේකට වරදක් කියනවා නෙවෙයි. ඒත්, අත්දැකීමක් වගේ දෙයක් ලියද්දී කථන භාෂාවෙන් ලියනවා නම් හොඳයි... සජීවියි...!

    ජයෙන් ජය සහෝ... !

    ReplyDelete
    Replies
    1. හරියටම හරි මචන්. උඹ කියන විදිහ හරි. මට ගලපගන්න බැරි ගැලපීම තමයි ඒක. එත් මම අද හෙටම සරල විදිහට කතාවක් ලියනවා. ගොඩක් ස්තුතියි මචං ඒවගේම සාදරයෙන් පිලි ගන්නවා මේ ඉසව්වට.

      Delete
  19. දවසක අපිටත් ඉර පායාවී....... එත් දුක එක්ක ගෙවන බෝඩිම් ජීවෙතේ මට නම් දැන් සතුටක්
    බෝඩිමේ කොල්ලෝ සෙට් එකත් එක්ක කරන මල වීකර ගැන නම් කියල වැඩක් නැ........
    මේ ජීවිතේ අතල් එක දන ගන්න නම් බෝඩිම ඉන්නම ඕනා ........ දුක කියන එක අගට දනේනෙත් එතකොට එක නම් ජීවිතේ දිනන්න අසීර්වාදයක්
    ඒ මන් හිතන හැටි ..............

    ReplyDelete
    Replies
    1. කතා කරලා වැඩක් නෑ. උඹ හිතන හැටි හරි ඒවගේම තමයි මමත් හිතන්නේ. කොල්ලෝ එක්ක විකාර කරලා ආතල් එකේ ඉන්නකොට අර දුක දන්නෙම නැතුව නැතිවෙලාම යනවා.

      Delete
  20. දුකම වළඳන කොට ඒකත් පැණි රසයි කියලා කියනවනේ..
    මේක ඒ වගේ කතාවක්ද කොහෙද..

    ReplyDelete
    Replies
    1. දුක පැණි රහ වෙනවා සතුට හින්ද. කොල්ලෝ එක්ක ජොලියේ ඉන්නකොට දුක අමතක වෙනවා.

      Delete
  21. මාතෘකාව දැක්කම මම හිතුවේ තවත් ලස්සනම ලස්සන අමුතු විදියක කතාවක් කියලා ඒකයි නිවාඩු පාඩුවේ කියවන්න ඉතුරු කරගත්තේ අන්තිම මොහොත වෙනකන්ම මට දැනුනේ මේ ලියන්නේ කතාවක් කියලා.මේ ලිවීමේ ශෛලිය ගැන කියන්න වචන නෑ වෙනදා වගේම අදත් සුපිරියි තාමත් මට හිතාගන්න බෑ මේ ඇත්තටම ඔයාට වෙච්චි දෙයක්ද කියලා....

    ආයාසයකින් තොරව කියවන්න පුළුවන් නිසා තමයි මේ තරම් රසවත්.වෙලාවකට මට හිතෙනවා මේ ක්‍රමය කොපි කරන්නත්...ඒත් එහෙම කරන්න හැදුවත් මම මගේ පුරුදු ක්‍රමයටම වැටෙන නිසා ඒ අදහස පාලනය කරගත්තා...මේක අයියගේ අනන්‍යතාවය නියමයි අයියේ.... මේ ලියන සිස්ටම් එක වෙලාවකට ලෝක ප්‍රසිද්ධ රචකයෙකුගේ වගේ.... "ලුබ්ලිනයේ ඉන්ද්‍රජාලිකයා" කියන පරිවර්තනය පුරාවටම මේ වගේ රචනා විලාසයක් තියෙන්නේ... දිගටම ලියන්න අයියේ සීමා මායිම් දාගන්න එපා හිතට එන දේ ලියන්නකෝ මේවට කැමති අය ඉන්නවනේ...

    පරීක්ෂණය හිට්ස් ගැනද??

    ReplyDelete
    Replies
    1. සිරාවටම මේක මට වෙච්ච දෙයක් තමයි මලේ. කොපි කරන්න මලේ කොපි කරන්න කොපි කරන්න. මම මේවට පේටන්ට් අරගෙනවත් මැරෙනකොට ගෙනියන්නේ වත් නෑ. ඉතින් කිසි අවුලක් නෑ. (කොපි කරන්න දෙයක් තියද මන්දා අප්පා) මල්ලිගේ භාෂා ශෛලියත් හරි අපුරුයි. ඒක ඔයා ඔප්පු කරලා පෙන්නලා තියනවා. ඒක අපි දන්නවා.

      Delete
  22. මේ සිරාම කතාවක්ද බං?? :-0

    එන්න පරක්කු උනා..අද ගෙදර ආවේ..

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. සිරාම කතාවක් බං. මං බැලුව මොකෝ මේ රජා පරක්කු වඩින්ඩ !!

      Delete
  23. මමත් බොඩිං ජීවිතය අත් විඳලා තියනවා... මෙච්චර කටු කාලනම් නෑ

    රසවත් වැදගත් පෝස්ට් එකක්..

    ReplyDelete
    Replies
    1. කටු තමයි බං මචන් පට්ට රහ.

      Delete
    2. I will come back again to read all ...

      Delete
    3. අයි ඈම් වෙයිටින්ග් ෆොර් යුවර් ඇරයිවල් :)

      Delete
  24. මම අදමද මන්දා ආවේ ආයෙත් එන්නං

    ReplyDelete