My name is රයිටර් who writes, some kind of ඇවටියෙල් stories..

Thursday, May 3, 2012

මුතු මැණිකා

ඔහු හදිස්සියේ මතක් වුවා වැනි හැඟීමකින් යුතුව පසෙකින් තිබුණු හම් බෑගය තුල සුරක්ෂිතව පොලිතින් මල්ලකින් ආවරණය කරන ලද දශක දෙකකටත් වඩා පැරණි සීවලී දින පොත දිග හැර යමක් සොයන්නට විය. කීප සැරයක් අපරික්ෂාකාරීව එහාටත් මෙහාටත් පිටු පෙරලූ ඔහු නැවතත් සෙමින් මහත් ඕනෑකමකින් බලා යමක් ගෙන දිග හරින්නට විය. ඒ සමගම ඔහුගේ මුවේ නාඹර ගැටයකුගේ දෙතොලකට නැගෙන  සිනහවකට සමාන සිනාවක් සටහන් විය. මොහොතකට පෙර මිනිත්තු කීපයක් වෙහෙසී සොයා ගන්නා ලද එය හතරට පහට නවන ලද හසුනකි. ඔහු එය දිග හැර දෑතින්ම ගෙන මුහුණට ලංකරගෙන සිපගත්තේය. කඩදාසියක් පරණ වූ කල දැනෙන පුස් ගඳත් තීන්තවල සුවඳත් අතරින් ඔහුට ඇයගේ හදවතේ සුවඳ, ආදරයේ සුවඳ දැනෙන්නට ඇතැයි අපි අනුමාන කරමු.  ඇගේ වටකුරු අත්අකුරු වලින් ලියන ලද හසුන නාඹර ඉලන්දාරියෙකුට කුලුඳුලේ ගැටිස්සියකගෙන් ලැබුණු මුල්ම හසුන සේ මෙන්ම එය ජීවිතේ පලවෙනි වතාවට කියවන්නාක් මෙන් ආසාවකින් හැඟීමකින් ඔහු කියවන්නට විය. වරින්වර කට කොනකින් නැගුනු සිනහවත්, විටෙක රැලි වූ නළල් තලයත්, සිහින් වූ දෑසත් ඔහු නිමග්නව සිටි කල්පනාවේ ශාක්ෂි දරන්නට විය.


මිනිත්තු විස්සක් පමණ ගත වන විට ඔහු හසුන දෙතුන් සැරයක් කියවා අවසන්ය. ඔහුගේ මුහුණේ හා ඉරියව්වල පෙර තිබුණු උද්යෝගකාරි ස්වරුපය දැන් පහව ගොස් ඊට හාත්පසින්ම වෙනස්වූ ස්වරුපයක් ආරුඨ වී ඇති සෙයකි. බැසයන හිරුගේ මලානික රශ්මි කදම්භයකින් ඔපවත් වූ ආලෝක ධාරාවකින් ඔහුගේ දෙනෙත් කොන දිදුලමින් තිබුණු කඳුළු කැට එකින් එක දිරාගිය හම් සපත්තුවටත් දෑත මත රැඳී හසුන මතටත් වැටුණි. ආයාසයකින් වැටෙන කඳුළු කැට මැඩ නොගත් නිසා ලැබුණු අවරසරයෙන් තවත් කඳුළු කැට කීපයක් හසුනේ සටහන් වූ ඇගේ වටකුරු අකුරු පෙළක් බොඳ කළේය. සුසුමක් හෙලා ළය සැහැල්ලු කරගැන්මේ වුවමනාවක් ඔහු සතු වුවත් දැල්වෙන අතීතය විසින් හදවත පසාරු කරන වේදනාව ඔහු ඉවසා දරාගෙන සිටියේ අතීතයට කරන්නාවූ සරදමක් ලෙසිනි. තමා සමග වියපත් වූ හදවත, වියපත් නොවූ මෙන්ම කෙදිනකවත් වියපත් නොවන අතීත සේයාවන් වලින් පෝෂිත වී ඇති බැව් ඔහුට ඒත්තු ගියේ මීට බොහෝ කාලයකට පෙරය.  ඒ මෙතරම් කලක් ගත වුවත් මුතු මැණිකා හෙවත් "මුතු" පිලිබඳ දිනෙන් දින මුවහත් වූ වේදනාකාරී මතකය විසින් හදවත අභ්‍යන්තර පටක වරින් වර වේදනාවට පත් කරන්නේ අදක ඊයෙක පටන් පමණක් නොවන බැවිනි.

 
ඔහු අපරිමිත ලබැඳියාවකින් තවත් වරක් සිපගත් හසුන සුරුවමට නමා දිනපොතේ පිටු අතර රැඳවීය.හිඳ උන් බංකුවෙන් මදක් ඉදිරියට වී පිටුපස ඇන්දට සුවපහසු ලෙස ඇලවූ ඔහු තම සිත අතීතය වෙත පාකර හැරියේ සෙමින් ජලාශයක් මත ගමන් කරන්නාවූ පාරුවක් සේය. අතීතය වෙත යාත්‍රා කරන්නාවූ සිත ජීවිතය නමැති ජලාශයේ දෙපස පිපි නෙලුම් මානෙල් මල් සුගන්ධය නම් වූ අතීතය තුලින් විහිදෙන සුවඳ ඔහු මනසින් තරුණයෙක් කළේය. සැන්දෑ අඳුරෙන් කාන්තිමත් වූ උද්‍යානයේ තුරුහිස් වලට ඔහු සිනාසුනි.

මීට බොහෝ කාලයකට පෙර මෙවැනිම සැන්දෑවක මහවැලි ගඟ ඉස්මත්තේ රූස්ස ගසකට හේත්තු වී සිටි ඔහුගේ සිත පිරි තිබුනේ මුතු මැණිකා පිළිබද දහසකුත් බලාපොරොත්තු වලින්ය. ඇය සිනාවෙන විට වලගැසෙන දෙකම්මුලත්, පමණට වඩා සිනාසුන ඇස්වලින් මතුවන කඳුළු කැටත් ඇයගේ දීප්තිමත් නෙතු සඟලත් ඔහුගේ සිතේ සෑම බිම් අඟලක්ම බලහත්කාරයෙන් අත්පත් කරගනිමින් සිටි යුගයක ඔහු පෙම්වතෙකි.

තම ජීවිතය ඇගේ දෑස තුලින් දුටු ඔහු ජීවිතයේ අරමුණු බලාපොරොත්තු ඇය වෙනුවෙන් පොදි බඳින්නට විය. කාලාන්තරයක් පෙරුම් පුරා ඔහුගේ සිතේ රජවූ මුතු මැණිකාට ඔහු ආදරය කලේ සංසාරික බැඳීමකින් බව ඔහුට සිතේ. තම දෑස් හරහා බැඳුනු සීතල දෑතක පහසක් ඔහුව කල්පනා ලෝකයෙන් ඔබ්බට ගෙනාවේය. ඒ මුතු මැණිකාය.


එදා සිතේ උපන් කුතුහලය පිරි සෙනෙහස මෙදිනත් ඔහු කෙරෙන් දිස්වුනත් ඒ  උද්‍යානය හරහා හමා ගිය සිහින් පොදක් බැවින් ඔහුගේ අනුමානික සිතුවිල්ල පිළිබද ඔහු පසුතැවෙන්නට විය.  දසත හමාගිය සිසිල් සුලන් රැල්ලත් ඔහුගේ ගතේ හිරිගඩු නැංවීය. විගසින් බෑගය අතටගත් ඔහු නවාතැන වෙත පියමැන්නේ කෙදිනකවත් සම්පුර්ණ කරගත නොහැකි සිතුවිලි සමුදායක් සමගිනි.

ගිනියම් වූ බොයිලේරුවක් පපුව මධ්‍යයේ සිරවී ඇති සෙයක් ඔහුට දැනිණි. කාර්ය බහුල වීදි අතරින් ඇවිද යද්දී වාහන වල ලාම්පු වල දීප්තිමත් ආලෝකයත් ඝෝෂාකාරී නලා හඬත් ඔහුගේ විඩාව තව තවත් වැඩි කළේය. ඉක්මන් පාගමනනික් පසු සුපුරුදු පරිදි අවන්හලට ගොඩවැදුණු ඔහු බීර බඳුනක් ඇණවුම් කළේය. අඳුරු මුල්ලක හිස්ව තිබු මේසයක් තෝරාගත් ඔහු ඇණවුම් කල බීර බඳුන ලැබෙන තුරු මේසයේ හිස ගසාගත්තේය. පසුබිමින් ඇසෙන සංගීත රාවයත් කවුළුව එපිටින් ඇසෙන ලොතරැයි කුඩුවේ වෙළෙන්දාගේ ගොරහැඩි හඬත් ඔහුගේ මනස තවත් අවුල් කළේය. ව්‍යාකුලත්වය අතරින් මුතු මැණිකාගේ රුව ඔහුගේ මනසේ හොල්මන් කරන්නට විය.
අවන්හල් සේවකයාගේ පැමිණීමෙන් ඔහු හිස එසවීය.


"සර් අද හවස හතරට විතර බාර් එකට ආපු මනුස්සයෙක් මේ ලියමන මහත්තයට දෙන්න කියල ගියා.
මතක ඇතුව දෙන්න කියල කීප සැරයක්ම කියල ගියා.  අපිළිවෙලට හිටපු ඒ මනුස්සය හිටියේ ටිකක් බයෙන් වගේ. මං....මං හිතන්නේ සර් හැමදාම බාර් එකට එනවා කියල හොඳටම දන්නා මනුස්සයෙක් වෙන්න ඕනේ."


"ම් ලියුමක්....? කෝ දෙනවා බලන්ඩ... තමුසෙට හොඳට විශ්වාසද මේක මටම දෙන්ඩයි කිව්වේ කියල. අනික් පාර වෙන මිනිස්සුන්ගේ ලියුම් කඩලා මම වැරදිකාරයෙක් වේවි."

"නෑ.....නෑ.....රත්නසිරි මහත්තයටම දෙන්ඩයි කියල තමයි කිව්වේ. මහත්තයාගේ හැඩ හුරුකමත් හරියටම කිව්වා."


ඔහු අතට ගත් ලියුම කඩා කියවන්ට විය. තවමත් අවහන්හල් සේවකයා ඔහු අසල රැඳී සිටි දුටු ඔහු සේවකයා දෙස යැටසින් බලා ඔහුට එතනින් යන ලෙස හිසෙන් පැවසුවේය.


ආදරණීය රත්නේ,

ඔයා කවදාවත් හිතන්න නැතුව ඇති මගෙන් මේවගේ ලියුමක් ඔයාට හම්බෙවී කියල. එත් මට හිතට එකඟ වෙලා මේ අදහස යටපත් කර ගන්න බෑ.
මම දන්නවා ඔයා තවමත් තනිකඩයෙක් කියල. මම මේ කරන දේ වැරදි කියල මම දන්නවා. එත් එකම එක සැරයක් මට ඔයාව හම්බෙන්න ඕනේ.
පුලුවන්නම් හෙට උදේ නමයට ඔරලෝසු කනුව ළඟට එන්න. ඔයා ඒවි කියල මම හිතනවා.
මීට
මුතු

කියවන ලද කතාවක් නැවත කියවන්නා සේත්, හුරුපුරුදු හැඟුමක් සිතේ දැවටෙන්නා සේත් ඔහුගේ හිතේ අවිනිශ්චිත බලාපොරොත්තුවක් සක්මන් කරන්නට විය. අඩක් අවසන් වූ බීර බඳුන එසේම තිබෙද්දී ඔහු බිල ගෙවා නවාතැන වෙත ගියේ  සිත යට කැකෑරෙමීන් තිබුණු සිතුවිලි සමග බොහෝ වෙලාවක් ඔට්ටු වීමෙනි.  රාත්‍රියේ වරින් වර ඇහැරුණු ඔහුට හරිහැටි නින්ද ගියේ නැත.  ලැබුවේ කඩින් කඩ නින්දකි. පසුදින ගමන සඳහා යාමට ඔහුට ලෑස්ති වීමට වෙනදාට වඩා බොහෝ වෙලාවක් ගතවිය. කමිස කීපයක් වරින් වර හැඳ කණ්ණාඩිය ඉදිරියට ගොස් බැලුවේ එය මුහුණේ පාටට  ගැලපේද නැද්ද යන්නයි. අවසානයේ ලා නිල් පැහැති කමිසයකින් හා කළු පැහැති කලිසමිකින් සැරසුන ඔහු දාඩිය දමතැයි අඩිය තැබුවේ වෙනදාට වඩා සෙමිනි. ඔරලෝසු කනුව අසලට අට හමාර වන විට පැමිණීමට ඔහුට හැකි විය. ඔහු පාර පැන බාබර් සාප්පුව වෙත ගියේ තම අවුල් වූ හිසකෙස් සදා ගැනීමටය. කොණ්ඩය කපනු විනා අන් කිසිම හේතුවකට මීට පෙර මෙහි ගොඩ වැදී නැති බව ඔහුට මතක් විය.  කණ්ණාඩියට සිනාසුන ඔහු  එතනින් පැමිණ ඔරලෝසු කණුවට නුදුරින් පිහිටි දුරකථන කුටියක් අසල පඩියක හිඳ  සිටියේ ලැබුණු පණිවිඩයේ අවිනිශ්චිත බවකුත් ඇති නිසාවෙනි.


ඔහු ඇගේ සිනාසෙන විට වල ගැසෙන කම්මුල් හා ඇයගේ දීප්තිමත් ඇස් මෙන්ම ඇයටම අවේනික ගමන සිතින් මවා ගත්තේය. ඇත්තටම ඒ හිනාව තවත් ඇය සතුව ඇත්ද, එමෙන්ම කතා කරනවිට තාලයට සිහින් වන දෑස ඔහුගේ සිත මහා ලෝබ කමකින් පුරවන්නට විය.  මිනිත්තු පහලවක් පමණ ගත වන විට ඔරලෝසු කනුව අසලට පැමිණි කාන්තාවක් කවුරු හෝ වෙනුවෙන් රැඳී සිටිනු දැකගත හැකි විය. හිත පතුලෙන් හටගත් වේදනාවක් ඔහු සතු පැරණි මතක පාරවන්නට විය. වේගයෙන් ගැහුන හදවත නිසා ගත දහදියෙන් තෙත් විය. හුස්ම ගන්නට අපහසු බවක් හා කෙලින් සිට ගන්නට පවා නොහැකිව ඔහු නැවතත් පඩියට වාරු විය.


මිනිත්තු කීපයකින් තම සිතටම දොස් පවරා සන්සුන් වූ ඔහු නැවතත් තම ආදරණීය පෙම්බරිය වෙත යාමට නැගී සිටියේය. නමුත් කිසියම් වරදකාරී හැඟීමකින් ඔහු පෙලනු ලැබුවේය. ඒ කුමක්දැයි ඔහුට තේරුම්ගන්නට අවැසි නොවුනි.  පසුව  ඔහු පියවර කීපයක් ඉදිරියට තබා ඇවිද ගියේය. ඇය හමුවීමට සිත ගන්නා උත්සාහයට පරයා පෙරකී වරදකාරී හැඟීම ඉස්මතු වෙන්නක් මෙන් ඔහුට දැනුනි.


නැවතත් පියවට කීපයක් ඉදිරියට ගියේය.

නමුත්......


දෙගොඩ තලා ගලා ගිය ගංගාවක් හදිසියේ සිඳුනාක් මෙන් ඔහුගේ සිත තුල හදිසියේ මතුවූ වරදකාරී හැඟීම ප්‍රබලව ඉස්මතුවීම නිසා  නිසා ඔහු ආපසු හැරී කලබලෙන් නවාතැන වෙත පියමනිනු දැකගත හැකිවිය.        

53 comments:

  1. Replies
    1. හ්ම්ම්ම්ම්ම්ම්.....සෑහෙන්න දේවල් හිතන්න ඔයා අන්තිමේ ඉතුරු කරල තියෙනව පැතූ.....

      කාලය මැව් වෙනසක අරුමේ........

      Delete
    2. ගොඩක් ස්තුතියි ශෂී. කාලය ගොඩක් දේවල් වලට විසඳුමක් වගේම ගොඩක් දේවල් වලට ප්‍රශ්නයක්.

      Delete
  2. මේ ලිපිය කියවපු අපටත් හිතන්න යමක් ඉතුරු කරලා.

    ReplyDelete
    Replies
    1. හිතන්න වෙනවා එයා ඇයි ගියේ කියල එච්චර පේ වෙලා ආව එකේ. වරදකාරී හැඟීම එයට පරශ්නයක් වගේම අපට ප්‍රශ්නයක්

      Delete
  3. හිමි වීමට වඩා අහිමි වීම විඳීමක් ද ..?

    ReplyDelete
    Replies
    1. හිමි වීමට වඩා අහිමි වීම විඳීමක් අනිවාර්යෙන් සුමිත් අයියේ.. මොකද අහිමිවීම තුල දුක කියල යමක් තියන හින්ද.

      Delete
  4. හම්ම්...
    සමහර විට මෑණිකා දාලා ගිය ඒ වේදනාව එයාට මතක්වෙන්න ඈති.
    :(

    ReplyDelete
    Replies
    1. සමහර විට ඒක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් අක්කේ

      Delete
  5. නියමයි මලයා.. මලයගේ කතාවල දැන් හොද පරිණත බවක් තියෙනවා.. දිගටම ලියමු.. ජය..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි දිනේෂ් අයියේ. ආධුනිකයෝ කවද හරි දවසක පරිනත වෙනවා. එදාට මුල අමතක කරපු කෙනා අනාගතයේ දවසක විඳවනවා.

      Delete
  6. හොඳ අනාගතයක් තියෙනව ලියන විදියට නම්.....මට ඔහොම දෙයක් වුනා නම් මුතු මැණිකා හම්බවෙලාම තමයි යන්නෙ......

    ReplyDelete
    Replies
    1. මට එහෙම උනා නම් මාත් කොහොම හරි යනවා...;)එත් අපිට කොහෙන්ද පුසෝ මාළු..අපි යන්නේ නැනේ මුදු...:( :'(

      Delete
    2. ගොඩක් ස්තුතියි හිත හොඳ පිස්සෝ. එක එක කෙනා හිතන විදිහ වෙනස් වෙනවනේ. යන නොයන එක තමන්ගේ සිතුම් පැතුම් එක්ක සම්බන්දයි කියල මට හිතෙනවා. අනිවාර්යෙන්ම එතන රත්නේ මුතුව හම්බෙන්න යා යුතුමයි. එත් එයා ගියේ නෑනේ

      හිරු අක්කට මාළු ඕනනම් මුදු යන්නම ඕනේ නෑ මාර්කට් එකට යන්න. ඇති පදම් තියනවා. :P
      අනිවාර්යෙන් හම්බෙන්න යන්න ඕනේ. එත් රත්නේ ගියේ නෑනේ.

      Delete
  7. අයියගෙ ලිවීමේ හැකියාව නම් උපරිමයි අයියා :)

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි නංගි. එත් අපි තවම පුංචියිනේ !

      Delete
  8. හොඳට ගලාගෙන ගියා. හිටි ගමන නැවතුනා. අගින් තව චුට්ටක් දික් කළා නම් හොඳයි කියල හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. කතාවේ අවසානේ ගැන මට අදහස් ගොඩක් ආව. එක හන්ද එකක්වත් හරියට ලියාගන්න බැරිවුණා. මං හිතන්නේ එක තමයි අවුල.

      Delete
  9. ඇටිකෙහෙල් කා විඳවනවාට වඩා...පුසුඹ උහුලා සිටිම දැනට වඩා..හෙට ට, හොඳය...

    ReplyDelete
    Replies
    1. කතාව සහතික ඇත්තය. මං මේ මසුරමක් හොයනවා. :D

      Delete
  10. හ්ම්ම්ම්....සැහෙන්න හිතන්න ඉඩ තියලා වගේ…? තමන්ගේ අතීතයෙන් අනාගතයට අත්දැකීම් එක්කර ගන්නවා කියන්නේ ඕකට තමා. ඇත්තටම ඇයි ඒ වරදකාරී හැගීමක් ආවේ…? අහිමි විමක ප්‍රතිපලය නිසාද, එහෙම නැත්නම්, තමන්ගේ ආදරයට තමන් නිසා කරදරයක් වේවි කියලා හිතේ ඇති උන දෙගිඩියාව නිසාද?මේ මොනවා උනත් නියම කතාව..චරිත වලට වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම සාදාරනය ඉෂ්ට කරලා තියනවා.වෙනදා වගේම උපරිමයි මල්ලියෝ.. කතාව කියවද්දී මම එක තුල ජිවත් උනා වගේ මට දැනුනා.ඒ කියන්නේ ඔයා සාර්ථකයි කියන එකනේ.ඔයා හැමදාමත් උපමා රූපක ගලපන්න දක්ෂයිනේ. නුදුරු අනාගතයේ දක්ෂ රචකයාට හදවතින්ම සුබ පැතුම්.ජය..!!!

    ReplyDelete
    Replies
    1. පොඩි කොමෙන්ට් එකක් කොටලා යන්න හැදුවත් හැමදාමත් හිතේ තියන හැම අදහසම ප්‍රකාශ කරන්න ඕන කියලා හිතෙන නිසා කොමෙන්ටුව පොඩ්ඩක් දිග උනා හොදේ.සොරි වෙන්න…:) ;)

      Delete
    2. ඔව් අක්කේ හිතන්න ගොඩක් තියනවා. වරදකාරී හැඟීමක් ආවේ ඇයි කියල කියන්න අමාරුයි. සමහර විට ක්ෂණික තීරණයක් වෙන්නත් පුළුවන්. අහිමි වීමක ප්‍රතිපලේ එක සාධකයක් වෙන්න ඇති. ගොඩක් ස්තුතියි අක්කේ දිගම දිග කමෙන්ට් එකට.

      කමෙන්ට් එක කොච්චර දිග වුනත් මට කමක් නෑ අක්කේ. මොකද මම ගොඩක් කැමතියි දිග කමෙන්ට් වලට. මොකද ඒවගේ ඒවා කියවද්ද හිතට මාර ගැම්මක් එනවා. පුංචි කමෙන්ට් වලින් එක වෙන්නේ නෑ කියනවා නෙමෙයි. අකුරු දෙකක වචනයක් වුනත් හිතට ලොකු හයියක්

      Delete
  11. ඔයාට තියෙන්නෙ වෙනස්ම ලිවිමේ කලාවක්.මන් කියවන බ්ලොග් වලින් වෙනස්ම විදියේ කතා තියෙන එකක්.ඔයාගෙ මේ කෙටි කතා පත්තරේකට දාන්න මල්ලි. ඔයාට හොද තැනක් ලැබෙයි

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි අක්කේ. මටත් ඒ ගැන අදහසක් ආවේ අක්ක කිව්වට පස්සේ.

      Delete
  12. මාරම ලස්සනයි අයියේ ඔයා ලියන විදිය හරිම අමුතුයි ඒක මම වෙන කොහේදිවත් නොදැක්ක විදියේ ලිවීමේ රටාවක්.මේ කතාව කියවද්දි වේදනාවක් දැනෙන විදියට ලියලා තියෙනවා.විවිධ දේ හිතේ මැවෙනවා.මම මාර ආසයි මෙහෙම කතා කියවන්න මොකද කවදාවත් මේ කතාව අවසානයි කියලා හිතෙන්නේ නෑ.කියවලා සෑහෙන්න වෙලාවක් ඒ කතාව ගැන පාඨකයාට කල්පනා කරන්න දෙනවා කියන්නේ රචකයා අතිශයින් සාර්ථකයි....කියන්න දෙයක් නෑ සුපිරි ලේඛකයෙක් ඔයා නම්.... මම කල්පනා කරන්නේ මේ පුද්ගලයා කරපු දේ හරිද කියන එක.ඒ පුද්ගලයා මම උනානම් මම මොනා කරයිද.එක මොහොතකට හම්බුවෙලා හිත පාරගන්න එකට වඩා සුන්දර මතක එක්ක ජීවත් වෙන්න මම ආසයි.මේ වාක්‍යය මාව සෑහෙන්න දුරකට අරං ගියා //ඇය සිනාවෙන විට වලගැසෙන දෙකම්මුලත්, //

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි ගැමි මල්ලි. ඒ වෙලාවේ ගන්න තීරණේ ඒ කෙනාගේ හැටියට කියලයි මම හිතන්නේ. සමහරු ඒ තීරණේ ගන්නත් පුළුවන් සමහරු නොගන්නත් පුළුවන්. ගැමි මල්ලිගේ කතාත් මාර ගතිනේ. මේවගේ වාක්‍ය //ඇය සිනාවෙන විට වලගැසෙන දෙකම්මුලත්, // මම ලිවේ ගොඩක් පරිස්සමෙන් මල්ලි. මොකද මම ලියන හැම කතාවක්ම අම්මට පෙන්නනවා. (ප්‍රින්ට් කරලා දෙන්නේ) ඉතින් නිකන් මට ලැජ්ජයි ලැජ්ජයි වගේ හිතුන අම්මට පෙන්නන්න ඒවගේ ගොඩක් වර්ණනා. එක හින්ද බොහෝද අඩුවෙන් පෙම්වතිය වර්ණනා කලේ. (මොනවා වුනත් ඇත්තම කියන්න එපැයි) (සමහරු නම් හිනා වෙයි. :බී)

      Delete
  13. හ්ම්... වරදකාරී හැඟීමක් එන එක හරි... අනුන්ගෙ පවුලක් කැඩෙන එකයි හිත රිදෙන එකයිනෙ වෙන්නේ ගියානම්... හැරිය ගියපු එක තමයි හරි... දෙබස් තව ටිකක් තාත්වික උනොත් හොඳයි වගේ සිතුම් අයියේ.. ඔය සිද්ධිය ඇත්තටම වෙනකොට, ඒ චරිත ඇත්තටම ඉන්නකොට කතා කරනව වගේ උනානම්... දැනටත් ලොකු වරදක් නෑ හැබැයි... බලන්නකෝ හිතල...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි බට්ටෝ. බට්ට කියන කතාව හරි. මං හිතුව බට්ට කිව වගේ. ලියන කතාවල මම අකමැතිම ටික වගේම අමාරුම ටික තමයි දෙබස් ගලපන එක. ඉතින් එවලේ හිතට එන දේ ලියල දානවා. ඊළඟ පාර ඒ ගැන ගොඩක් හිතන්නම් බට්ටෝ.

      Delete
  14. කියවල විතරක් ඉන්න බැහැ.ඊට පස්සේ මොකද වුනේ ගොඩාක් වෙනස් කතාවක්.දිගටම ලියන්න ම්මේ වගේ.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි අසරණයා අයියේ. (අසාර් කියන නම භාවිතා කරන්නේ නෑ කියල කිව මතකයි ඒ වුනාට කියන නම මොකක්ද කියල අහන්නත් බැරි වුණා). කියවල විතරක් ඉන්න බෑ කිවේ, හිතන්න තියනවා කියලද එහෙම නැත්තම් කමෙන්ට් එකක් නොදා යන්න බෑ කියලද අයියේ. :ද

      මං දන්නවා අයියා අනිවාර්යයෙන් මගේ පොස්ට් එකක කමෙන්ට් එකක් දානවාමයි කියල.

      Delete
    2. කියල විතරක් ඉන්න බෑ කිවුවේ කතාව ගැන හිතන්න ඕනේ තව ටිකක්. ඒ අදහස ඇතුව එහෙම කිවුවේ.

      ජයෙන් ජය.

      Delete
    3. ගොඩක් ස්තුතියි අසරණයා අයියේ. ගොඩක් අයට හිතන්න ඉතුරු කරන්න මම මාර ආසයි.

      Delete
  15. නියමයි මල්ලි..නියමයි...හිතන්න දේත් තියලා අපිට....

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි දිනිති අක්කේ.

      Delete
  16. ශාහ්හ්!! නියමයිනෙ... හොදට ලියලා උපරිමයි!! අව්සානයත් කෙලින්ම අපිට අමු අමුවෙ කියන්නෙ නැතුව වෙනස් විදියකට ලියලා.. අපූරුයි!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි හිතුවක්කාරියේ. අවසානේ හිතාගන්න ඕනේ කියවන අය.

      Delete
  17. ලස්සන කතාවක් පැතුම්...අවසානය ප්‍රභලයි....

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි අනු. ගොඩ දවසකින් මේ පැත්තේ දැක්කේ.

      Delete
  18. අවසානය නම් පට්ටයි.
    මම වගේ නම් ලොවෙත් එහෙම ආපහු හැරිලා යන 1ක් නෑ!:)

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි මචන් නුවන්. හැම කෙනාම එක වගේ නෑනේ බං මචෝ

      Delete
  19. කිව්වත් වගේ, අවසානය නම් පට්ටයි.. පට්ටයි කියන්නේ පට්ට පට පට..
    වෙන කියන්න දෙයක් නෑ.. එල!

    ReplyDelete
  20. Replies
    1. ගොඩක් ස්තුතියි ඉන්ද්‍රජිත් අයියේ.

      Delete
  21. අයියෝ මම බ්ලොග් එක රීඩරේට දාගත්තා කියලයි හිතාන හිටියේ..
    ඒත් එහෙම නෑනේ..මට ගොඩක් පෝස්ට් මිස් වෙලා..

    ලස්සන කතාව පැතුම්...දිගටම ලියන්න සුභ පැතුම්..
    මේක කියෙව්වාම ලක්මි ප්‍රභාගෙ පළවෙනි නවකතාව මතක් වුනා.. (මට නම මතක නෑ)
    ඒකත් මේ වගේ ලියුමක් වටා ගෙතිලා තියන ලස්සන කතාවක්..පුළුවන් නම් හොයාගෙන කියවන්න..

    ReplyDelete
    Replies
    1. අයියෝ එහෙමද. එහෙනම් මිස් වුන ඒවත් නිවාඩුපාඩුවේ කියවන්නකෝ. මම අර පොත හොයාගෙන කියවන්න බලන්නම්කෝ. ගොඩක් ස්තුතියි

      Delete
  22. පැතුම් කෝ ඔයාගේ අලුත් පෝස්ට් එක?
    මට ගලප ගන්න බැරි ගැලපීම ??

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න මඩියෝ.. ඒ පොස්ට් එකේ පොඩි අවුලක් ගියපු හින්ද එක ඩිලීට් කරන්න වුනා. අද හෙටම එකක් ලියනවා.

      Delete