My name is රයිටර් who writes, some kind of ඇවටියෙල් stories..

2012/04/20

ඉන්ද්‍රචාපය

ඉඩොරේ රස්නේ මැදින් හමාගෙන ආ උණුසුම් සුළං රැල්ලක් කටුමැටි ගසා තිබුණු පැල් කොටේ බිත්තිවල දැවටුනේ සුළඟත් සමග කැටුව ආ දුහුවිලි පදාසයකුත් සමගිනි. කනපාටින් තවත් කන පාටට හැරෙමින් ගරා වැටෙමින් තිබෙන මැටි බිත්ති දෙසත් කරකුට්ටම් වී ගිය වහලයේ පොල් අතු දෙසත් බැලු චන්ද්‍රපාලගේ මුවින් පිටවූ උණුසුම් සුසුමක්ද ඒ සමගම වාතලයට මුසු විය. ඔහු බිමට පහත් වී සරමේ වාටියෙන් දෑස්පිහදාගත්තේ ගිනි හුළඟට හිතින් බැනවදිමිනි. තව පොහොයකින් හෝ කීපයකින් පසුව කඩාපාත්වෙන මහා වැස්සට මුහුණ දෙන්නේ කෙසේද යනවග ඔහු මනසින් සැලසුම් අඳින්නට විය. ගේ ඉදිරිපස ඇති මිදුලේ ඉඩෝරයේ අරියාදුවට මට්ටු වී තැනින් තැන ඉරිතලා ගිය පොලවේ බොහෝ කලකට පෙර ඉන්දවූ අඹ ගහ පාමුල තැනුණු කොස් පිටපලු බංකුවට චන්ද්‍රපාල පැමිණ දැන් දෙහෝරාවකටත් ආසන්න විය.දෙපාමුල තිබුණු බුලත් වංගෙඩිය ගෙන දෙවන වතාවටත් විටක් හැපීමට බුලත් තට්ටුව අතට ගත් ඔහු මිදුලේ සෙල්ලම් කරමින් සිටි තම බාල දියණියට තමා වෙත පැමිණෙන ලෙස අතින් සඥා කළේය.


"සුදු බන්ඩියේ දුවිල්ලේ පෙරලීගෙන මක්කයි කරන්නේ"



 කිරිදත් පෙන්නා විරිත්තාගෙන පැමිණි සුදු බන්ඩි අප්පච්චි සමග හුරතල් වුවාය.


"කෝම්පිට්ටු උයනවා,"


මේ ඉඩෝරයේ කහපාටට හැරුණු දුවිලි පස් තට්ටුවට වතුර කඳුලක් නැතුව පොල්කට්ට තුල කෝම්පිට්ටු හැදෙන්නේ කෙසේද කියා ඔහු සුදු බන්ඩිගෙන් නොඇසුවේ ඒවගක් වටහා ගන්නට පොඩි ඒකිට තේරුමක් නොවූ නිසාද එසේත් නැතිනම් දියණියගේ කතාව ඔහු අවබෝධයකින් වටහා නොගත් නිසාද යන්න කිසිවෙක් නොදනී. එහෙයින් සංවාදය එතෙකින් අවසන් විය. සුදු බන්ඩිවත් කොස් පිටපලු බංකුව මත ඉන්දවූ ඔහු බුලත් නැට්ටක් කඩා සුදු බන්ඩිගේ මුවට එබුවේය. ඇය දෙඇස තදින් පියාගෙන දෑතින්ම සවන් යුග වසාගෙන සුරුවමට බුලත් නැට්ට හපන්නට විය. මොහොක් දෑස් දල්වා බලාසිටියේ තම ඉන්ද්‍රජාලික පියා දෙසය, කල්පනා කරන්නේ තමන් ජීවිතයේ පළමුවරට විඳි අපුරු අත්දැකීම පිලිබඳවය.


"සසයිද සුදු බන්ඩියේ"

"ම්....ම්"

ඉවුම් පිහුම් කටයුතු හමාර කොට හාල් හේදු වතුර කොරහක් අතැතිව පිළිකන්නේ සිට පැමිණි චන්ද්‍රපාලගේ බිරිඳ  දියණියගේ හා පියාගේ සංවාදයට සම්බන්ධ වීමට සිතා වතුර කොරහ වී බිස්ස ළඟ මෑලි වුන රම්පා පඳුරට වක් කලාය. 


"හනේ අම්මප දවස තිස්සෙම විට කාල ගේ වටේ කෙල ගහනවා මදිවට පොඩි එකිටත් පුරුද්ද බෝ කරනවද මනුස්සයෝ?"


සිරිනිමාගේ කෑගැහිල්ලට බියට පත් සුදු බන්ඩි චන්ද්‍රපාලට තවත් තුරුල් වී ගුලි වුනාය. අපිරිමිත සෙනෙහසකින් දියණියගේ හිස අත ගෑ චන්ද්‍රපාල

"සුදුබන්ඩියේ ගේ ඇතුලට ගෙහුං කට හොදගන්ට, අම්ම කෑ ගහනවා."


නැවතත් සිරිනිමාගේ කෑගැහිල්ල ඇසුනු සුදු බන්ඩි තකහනියෙන් බංකුවෙන් පනින්නට ගොස් වැලමිටද හමගහ ගත්තාය. සිරිනිමා තමාටත් දියණියටත් මෙසේ බෙරිහන් දෙන්නේ කෝපයකින් නොවන බව චන්ද්‍රපාල දනී. එය සිරිනිමාගේ ගතිය බව ඔහු හොඳටම දනී. මන්ද මෙසේ තමාට බැන වැදී ඇති  අවස්ථා බොහෝ තිබුනත් ඒ සණ්ඩු මිනිත්තු කීපයකට වඩා නොපවතින හෙයිනි.


"බත් ටික කාල පොලට ගිහින් ආවනම් හොඳයි"

"හ්ම් එහනම් යං කන්ඩ"


හප හපා හුන් බුලත් විටෙන් ඉතුරු වූ හපය කාරා කෙල ගසා  සිරිනිමා සමග මුළුතැන්ගෙට පිවිසියේය.
තැනින් තැන ඉදුණු සුදු කෙස් ගස් චන්ද්‍රපාලට පමණට වඩා වයස්ගත පෙනුමක් එක් කරන්නට සමත් විය. එමෙන්ම ගිනි මද්ධහනත් සමග ඔට්ටුවීමෙන් දෙපා අතපය කළු පාටට ගැසී ඒවාට අවලක්ෂණ පෙනුමක් එක් වී තිබුණි.  වසරේ බොහෝ කාලයක අව් රස්නෙන් බැට කන චන්ද්‍රපාලගේ ගමේ උදවිය හා සැසඳීමේදී චන්ද්‍රපාලත් ඔවුනොවුනුත් අතර එතරම් වෙනසක් දැකගත හැකි නොවේ.
මන්ද චණ්ඩ වූ හිරු රැස් කාටත් අත්කර දෙන ඉරණම කොටස් කරුවන් අතර පන්ගුපෙරුවකින් තොරව සමසේ බෙදී යන නිසාවෙනි.


වංගෙඩිය මත හිඳගත් සිරිනිමාගේ දෑස ඈත එපිට මිරිඟුව අසල සැරිසැරීය.

චන්ද්‍රපාල බත් පත අනනවා මිසක කන කෑමක් නැත.මේ බව දුටු සිරිනිමා තම සුපුරුදු වාග් විලාශය හසුරුවන්නට විය.

"මොකෝ මනුස්සයෝ අහස පොලව ගැට ගහල ලිහ ගන්ඩ බැරුව දඟලනවා වගේ බත් පත අන අන විතරක් ඉන්නේ."

"නෑ මක්කක්වත් නෙමේ..............මේ වලෙන් ගොඩ එන්න අපට සුවිප් ටිකට් එකක්වත් ඇදෙනවානම්"

"ඇදෙයි ඇදෙයි අපට සුවිප් ටිකට් නෙමෙයි හතර මහා නිදානේ......මනුස්සයෝ නරකද බුලත් කොරටුවක්වත් පටන් ගත්තොත්"

"බුලත්......? මේ ගිනි අව් කුටකේ වැහි බිඳක් නැති පත්තුවේ."

"වතුර නම් වැව් බන්ට් එකෙන් කලගෙඩි වලට හරි අදින්න බැරියැ....දෙයියෝ බලල මේ කන්නෙදිවත් වී ටිකක් වපුරගන්න, බුලත් පාත්තියක් ඉන්දවන්න වැස්ස වලාහක දෙයියෝ දිවැස් හෙලනවානම්"


සිරිනිමා චන්ද්‍රපාලට අඩුවැඩිය බෙදමින් හුන් බොරට උයාපු හාල්මැස්සෝ හොදි රැඳී මැටිකෝප්පය පිල උඩ තබා දෑත චීත්තයේ පිහදාගෙන දොහොත් මුදුන් දී අහසට නමස්කාර කලාය.


දෙකේ කණිසම වැදෙද්දී පොලට ගිය චන්ද්‍රපාල යලි නිවසට පැමිණියේ දෙහෝරාවක් පමණ ගතවුවාට පසුවය.  ඒ ඉහ මත තබාගෙන ආ එලවලුත් තව අඩුමකුඩුම මල්ලකුත් නිසා ඔහු හොඳටම හෙම්බත් වී සිටියේය. සිරිනිමා එවලේ නිවසේ නැතිවීම ගැන හිතෙන ඇයට බැන බැන  කර මත රැඳී ලේන්සුවෙන් දාඩිය  පිහ දමා බිම තබා තිබු කලගෙඩියෙන් වතුර පොල්කටුවක් නමාගත් ඔහු දෙතුන් පාරක්ම වතුර නමාගෙන පිපාසය සංසිඳුවා ගත්තේය. නිවස ඉදිරිපස පිල් කන්ඩිය අසල ඇති බුරු ඇඳට පැමිණ මදක් හාන්සි වූ ඔහු හන්දියෙන් මිලට ගත් ඉනේ ගසාගෙන සිටි ලොතරැයි ටිකට් පත ගෙන ඒ දෙස මොහොතක් බලාගෙන සිටියේය.


දහසකුත් බලාපොරොත්තු, ගමන් විඩාව තෙහෙට්ටුව ඇතුළු තවත් බොහෝ දේ වක්‍රාකාරයෙන් බලපා ඔහුට දැඩි නිදිමත ගතියක් දැනුනි.


නැවතත් අත රැඳී ලොතරැයි ටිකට් පත දිහා බැලු ඔහු මනසින් අනාගතය සැලසුම් කරන්නේය.
පිටිපස්සෙන් ගෙපලක් කපල සිමෙන්ති බදාම වලින් ගේ කෑල්ලක් අටවගන්න පුළුවන්.ඒ කිට්ටුවටම වෙන්න ලිඳක් කපාගතහැකි. අල්ලපු වැටේ ගොයියා දැනගත්තොත් ඉරිසියාවේ පැලෙයි. අපට හුනියමක් වත් කරයිද දන්නේ නෑ. ඉක්මනට කඩපිල්වත්තේ ගුරාට කියල ආරක්ෂාවක් කරගන්න ඕනේ. කල් යල් නොබලා මේ සල්ලි ටික බැංකුවේ පොතක් හදල දාල ටික ටික හිමීට ගන්නවා.


"අන්න බලාපන්කෝ චන්ද්‍රපාලගේ මෝටර් බයිසිකලේ ලස්සන. ලස්ස ගානක්ලු." කඩපිලට ගිය විටදී මේ කියන්නේ තමා ගැන නේද යැයි චන්ද්‍රපාල ආඩම්බර වෙයි. මීට දෙතුන් දොහකට පෙර ගමේ කඩේ පිලේ එතරම් වැදගම්මක් නැති මිනිසෙක්ට හදිසියේ මෙතරම් පිළිගැනීමක් ගෞරවයක් ලැබුනේ දෙවියන්ගේ ආශිර්වාදය නිසාම බැව් චන්ද්‍රපාල කල්පනා කරයි.  කිසිදා තමා සමග ඕනේකමකින් කතා නොකරපු සිනා නොවුණු බොහෝ දෙනෙක් දැන් චන්ද්‍රපාල සමග ජයට ඇයි හොඳයියට එයි.


"චන්ද්‍රපාල ඕනේ වෙලාවක ඕනේ තරමක් බඩු ණයට ගන්න, පස්සේ පුලුපුලුවන් විදිහට ගෙවල දාන බැරියැ . අපි අපිට උදව් පදව් කරගත්තේ නැත්තම් අපිට වෙන කවුද ඉන්නේ" ඒ හන්දියේ කඩේ උබේසේකර මුදලාලිය. මීට සතියකට පමණ පෙර ගමේ කොල්ලෝ කුරුට්ටෝ ඉදිරියේ තවත් ණයට දෙන්න බැරි බව කියා පලු යනකම් බැන වැදුන මුදලාලිමය.


"චන්ද්‍රපාල අයියේ මෙහෙන් ඈඳී ගත්තනම්..වඩේ කෑල්ලක්  හරි රොටි කෑල්ලක් හරි කාල කහට උගුරුක් බොමු." 


 පුදුමයකි. දෑ අවුරුද්දකට පෙර සියඹලා තැන්න අක්කරේ උගසට තබාගෙන ගත් ණයෙන් මාස් පතා පොලිය හුරා කන ඇඩ්වින්ය.


"ඉඩම් අක්කරේ මං උඹට ආපු ලියල දෙන්නම්කෝ.. උඹල පොලිය ආයේ ගෙවන්න ඕන වෙන්නේ නෑ. පුළුවන් වෙලාවක කොටහ කොටහ දීල ඉඩම බේරගනින්, මොකද යනකොට අපි මේවා අරන් යන්නයෑ"


මුදලාලි වඩේ පින්ගානත් හකුරු බන්දේසියත් අඬු නැති කෝප්ප වලට දැමු තේ දෙකත් ගෙනවිත් දාම් ලෑල්ල මත තැබුවේය.


"ආ චන්දපාල අයියේ මේක බීල හිටියනම් වඩේ කෑල්ලක් කාල" ඒ ඇඩ්වින්ය

මුවමත සිනාවක් රන්දාගත් චන්ද්‍රපාල දෑතින්ම තේ කෝප්පය ගන්නට යද්දීම අවාසනාවකට ඇඟිලි තුඩු අතරින් මිදුණු කෝප්පය තමාගේ උකුල මතට වැටුණි. තේ කහට එතරම් රස්නයක් නොවුනත් චන්ද්‍රපාලගේ මුහුණ රතුවිය.

හදිසියේම අවදි වූ  චන්ද්‍රපාලගේ මුහුණ තවමත් රතුවී ඇත.


" මං කියල තියනව නේද සුදු බන්ඩිට චු බරනම් ඇඟේවත් බුරු ඇඳේවත් දාන්න එපා කියල එලියට යනවා මිසක්" ඒ සිරිනිමාය.

පියවි ලෝකයත් ස්වප්න ලෝකයත් අතර රැඳුනු චන්ද්‍රපාල මොහොතක් සිහි එලවා ගැනීමේ ප්‍රයත්නයක යෙදුනි . සුදු බන්ඩිව අතට ගත් චන්ද්‍රපාලට දැකගත හැකිවුයේ පොලට ගොස් එනවිට මිලදී ගත් ලොතරැයි ටිකට් පතේ බාගයක් සුදු බන්ඩිගේ මුව තුලත් ඉතුරු බාගය තවත් කුඩා කැබලිවලට පත්වී බුරු ඇඳ අසල වැටී ඇති ආකාරයත්ය  


61 comments:

  1. හුරේ....මම එක...දැන් කියවල එන්නම්...:D

    ReplyDelete
    Replies
    1. කතාව කියවද්දිම මතක් උනේ අර දීකිරි විකුනන්න ගෙනියපු ගැණු ළමයාගේ කතාව...:) [මම හරිද මන්ද ඉතින් හොදේ..]
      මම ඉතින් වෙනද කියන දේම තමා කියන තියෙන්නේ.. මේක කියවද්දී ඒ ගැමිකම මට සැහෙන්න දැනුනා..ඔය ඒ චරිත වල ජිවත් වෙලා ඉන්න විදියට ලියන්න හුගක් දක්ෂයි මල්ලියෝ. දිගටම ලියමු..දක්ෂ රචකයාට හදවතින්ම ජය පතනවා දිගු ගමනකට...!!!! :)

      Delete
    2. හැමදාම පළවෙනිය වගේ දැන් නේද ? ගොඩක් ස්තුතියි හිරු අක්කේ.

      Delete
    3. @පැතුම්: අනේ ඉදලා ඉදලා පළවෙනියා උනේ....ආපහු වෙන්නේ නෑ...:(

      @IP MAN: ඇයි අප්පා...කට ඇරගෙන..:O
      මම ඉදලා ඉදලා පළවෙනිය උන එකද පොස්ට් එකක...?

      Delete
    4. පළවෙනි කොමෙන්ට් එක අක්කගෙ නිසා තමයි බොලං මේකට අදහස් ගලාගෙන එන්නෙ... ඒකට තමා වාසනාව කියන්නෙ.. :)

      Delete
  2. කියවනකොට හරි අපූරුවට කතාව මැවිල පේනව පැතුම්...ඔයා ඒ කතාව ඇතුලෙ අපිව කොහොම ජීවත්කරවනවද මන්ද...
    ඇත්තටම ඔයා දක්ෂයි පැතූ...ඊට වඩා කිසිමදෙයක් මට කියන්න තේරෙන්නෙ නෑ....
    මං අසරණයි...මට දැනෙන හැමදේම අකුරු කරන්න බැරි නිසා......

    ඔයාට ජයෙන් ජය පැතූ......!! :)

    ReplyDelete
    Replies
    1. තවත් අසරණ නොවී මේ කියපු ටික හොඳටම ඇති. ගොඩක් ස්තුතියි ශෂී.

      Delete
  3. චින්ත රූප මැවෙන අපුරු කතාවක් මල්ලි....

    ReplyDelete
  4. නියමයි.. කෙටි දෙබස්.. ඒවා ගොඩක් දුර ඇදිලා යන්නේ නෑ.. එන්න ඒකට මම කැමතියි..

    අදත් ලස්සන කතාවක්.. නියමයි මලයෝ..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි දිනේෂ් අයියේ.

      Delete
  5. අයියෝ... අන්තිමට කාල තියෙන්නෙ බුලත් නෙමෙයිද?... මැවිල පේන්න ලියල තියෙනව...

    ReplyDelete
    Replies
    1. බුලත්. ? මට තේරුනේ නෑනේ සාතන් අයියේ කමෙන්ට් එක. :(

      Delete
    2. මෙහෙමනේ මල්ලියෝ..සාතන් අයියාත් පටලගෙනද මන්දා...මේකේ පොඩි එකානේ බුලත් කියලා හිතාගෙන ලොතරැයිය කාල තියෙන්නේ... :)
      [අනේ මන්ද කාටද මන්ද ටැපලුනේ මෙතැනදී]

      Delete
    3. හරි හරි සාතන් අයියේ මට දැන් තමයි මීටර් වුනේ. බුලත් නෙමෙයි කාල තියෙන්නේ සුදු බන්ඩි ලොතරැයි ටිකට් එක.


      එකනේ අක්කේ මටනේ පැටලිලා තියෙන්නේ

      Delete
  6. හරිම ලස්සනයි!! ඒ වචන වලත් අමුතු ලස්සනක් තියෙනවා කියවන්න ආස හිතෙන!! පැතුම් කෙටි කතා පොතක් ලියන්න!!!
    හොඳට හිට් වෙයි! :) :)

    ReplyDelete
    Replies
    1. කෙටි කතා පොතක්. හම්මෝ. බ්ලොග් එකේ දාමු ඒ මදැයි. ඔයාල කියවනවානේ. ගොඩක් ස්තුතියි

      Delete
    2. ඔන්න අපි කලින්ම් කියපු දේ දැන්වත් තේරුම් ගත්තොත් හොදයි පුතෝ...අපි කියන ඒවා අහන්නේ නැනේ...:( දැන් එක 4 ,5 ක්ම කියලා..:)

      Delete
    3. හම්මෝ තව ගොඩා........ක් කල් තියනවනේ.............!

      Delete
  7. ඇත්තටම ලස්සනට කතාව ලියලා තියෙනව.ආසාවෙන් කියෙවුවෙ.දිගටම මේ වගෙ ලස්සන කතා ලියන්න..... :)

    ReplyDelete
  8. මට එන්න බැරි වුනානේ මල්ලී.... :)
    කතාවනම් මැවිලා පෙනුනා....

    ReplyDelete
    Replies
    1. හයියෝ එකට කමක් නෑ. මේ ඇවිත් ඉන්නේ. :)

      ගොඩක් ස්තුතියි අක්කේ.

      Delete
  9. කියන්න දෙයක් නැහැ කතාව නියමට ලියල තියෙනවා.හැම පැත්තක්ම විස්තර ඇතිව ලියල තියෙනවා.

    තවත් මේ වගේ කතා ලියන්න මල්ලි..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි අසරණයා අයියේ. හැමදාම ලියනවා. දැන් බ්ලොග් එකත් ජීවිතෙන් කොටසක් වෙච්චි කොට.

      Delete
  10. සුපිරී මචන් පංකාදුයි....අකුරක් නෑර තේරෙනවා..
    ජය!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි අඩවි රජෝ..මේ පැත්තට උණුසුමින් පිලි ගන්නවා.

      Delete
    2. ඔව්.. හොඳම දේ ඒක... ඕනම එකෙක්ට අකුරක් නෑර තේරෙනවා... මේ මටත් තේරිච්ච එක ආයිත් මොනාද.. ?? ;)

      Delete
    3. අඩේ මං බයේ බං ලිවේ උඹට තේරුම් ගන්න බැරිවයිවත්දෝ කියල, තේරුනා නම් ගොඩ බට්ටෝ

      Delete
  11. බොහොම ලස්සනට ලියලා තියෙනවා ඔයාගේ හැකියාවනම් උපරිමයි.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි කාව්‍යා අක්කේ.

      Delete
  12. මේ කතාවල ආඛ්‍යානය-උපමා-අලංකාර චරිත නාම හැම දෙයක්ම අයිති වෙන්නෙ පැරණි මාදිලියට...ඒත් ඒකෙ කිසිම ගැටළුවක් නෑ. ආසාවෙන් කියවන්න පුළුවන්, පැහැදිළියි නිරවුල්.

    සිතු කියන්න වගේ පොතක් කළොත් නරකද ?

    ReplyDelete
    Replies
    1. මේ මනුස්සයට ඕක ඔහොම කියල හරියන්නෙ නෑ සුමිත් අයියේ.... බෙල්ලෙන් අල්ලල, පයින් දෙකක් දීල, කනත් මිරිකල තමයි කියන්න ඕනෙ..

      Delete
    2. ගොඩාක් ස්තුතියි සුමිත් අයියේ. තවම මං ආධුනිකයිනේ. ඉස්සරහට බලමුකෝ


      බට්ටෝ. හනේ ඇයි බං මං මොන වරදක් කලාටද මට එහෙම කරන්නේ ඈ.....?

      Delete
  13. අයියෝ මං හොදටම පරක්කුයි නෙ :(
    …කියන්න දෙයක් කට්ටිය ඉතිරි කරල නෑනෙ ඉතින්

    ReplyDelete
    Replies
    1. මං කලින් ආවනම් ඕක වත් කියන්න ඉතුරු කරන්නෑ... අයියෝ මං හොඳටම පරක්කුයිනෙ කියලා... :P

      Delete
    2. පරක්කු වෙලා හරි ආව එක මදැයි නංගි. අනික් අයත් කීවට කමක් නෑ ඔයාටත් කියන්න තිබ්බේ. :D

      Delete
  14. අදයි ආවේ.. සිතුම් පැතුම් කිව්වම මිල්ටන් මල්ලවාරච්චිගේ සිංදුවක් මතක් වුනා..

    සරලව කියන්නම් ලිවිල්ල සුපිරි.. සුමිත් අයිය කියපු දේ හිතල බලන්න..

    ජයෙන් ජයම වේවා... !

    ReplyDelete
    Replies
    1. අපි කලින් ඕක කිව්වා සැම් අයියේ...කොහෙද ඔයාලවත් කියා බලන්නකෝ....:)

      Delete
    2. සාදරයෙන් පිලිගන්නවා සෑම් අයියේ. ගොඩක් ස්තුතියි. අපි ඉස්සරහට හිතල බලමුකෝ


      ඔව් ඔව් හිරු අක්කා කලින් කියල තියනවා. කොහෙවත් ලියාගත්තේ නැති වුනාට මට හොඳට මතකයි හොඳේ !

      Delete
  15. චරිත අපූරුවට ජීවත්කරලා.. උපරිමයි.. මගක් කියවන් යද්දි මතක් වුණේ බයිසිකලය කෙටිකතාව ජයතිලක මහත්මයගෙ.. :)

    සුබ පැතුම් තව තවත් නිර්මාණ කරන්නට..!!!

    ReplyDelete
    Replies
    1. හ්ම්... බයිසිකලය කතාව මම කියෙව්වෙ පරන පෙළ පොතකින්... මමත් ආසයි ඒකට..

      Delete
    2. ගොඩාක් ස්තුතියි අක්කේ. බයිසිකලය කතාව ඉස්කෝලේ සිලබස් එකට තිබුණා. එක විශිෂ්ට කෙටි කතාවක්.

      Delete
  16. මේකට කොමෙන්ට් එකක් දාගන්න බැරුව දවස් දෙකක් මේක දිග ඇරගෙන හිටිය බොලං... මෙහෙමයි... මේකෙ උඩ ඉඳන් ආපහු කියෙව්වොත් සිතුම් අයියට ඇහැක් වෙයි පොඩි වැරදි ටිකක් හොයාගන්න.. හොඳ උනන්දුවෙන් කියවල බලන්න... ඒව ඒ හැටි ගනන් ගන්න තරං දේවල් නං නෙමෙයි... ඒක නිසා කතාවට වෙනිද කියන දේම කියන්නම්...

    …නෑ... කියන්නෑ... වෙනිද කියන ඒව මතකනං අයියම හිතාගන්ඩ.. :P

    ReplyDelete
    Replies
    1. හික් හික්...දවස් ගානක් තිස්සේ මේකේ වැරදි හෙව්වද මල්ලියෝ..:D
      ඉතින් ඒක අකුරකවත් ඇදයක්වත් හම්බුනේ නැද්ද..? :O

      Delete
    2. හම්බුනා අක්කේ... ඇ යන්නෙ ඉඳලම තවත් අකුරු ගොඩකම ඇදය තිබුණා... ඒත් දීර්ඝ ඇදය තිබුණෙ ටිකක් අඩුවෙන්... :D

      Delete
    3. දැනට මේ බ්ලොග් එකේ මේ පොස්ට් එක කියවල තියන අය ගානට වඩා මම මේ කතාව කියවල ඇති බට්ටෝ.සිය පාරකටත් වඩා. උඹ කිව නිසාත් මම දෙතුන් පාරක් කියෙව්වා. මට වැරැද්ද හොයා ගන්න ඇහැක්වුනේ නෑනේ බන්.

      මට මතකයි බට්ට මලේ. උඹල ඔක්කොම කියපුව. ගොඩාක් ස්තුතියි උඹටත් මලේ.


      එකනේ අක්කේ මමත් මේ බැලුවේ වැරැද්ද මොකක්ද කියලයි.

      Delete
  17. පට්ට පට්ට, ආසාවෙන් කියෙව්වා! දිගටම ලියන්න!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි.. සාදරයෙන් පිළිගන්නවා මේ පැත්තට... ඔයාල කියවනකං දිගටම ලියනවා... ඒත් දැන් පොඩි වෙනසකුත් කරොත් හොඳයි කියලත් හිතෙනවා... :D :P ;)

      Delete
    2. ගොඩක් ස්තුතියි ලහිරු.

      මං දෙන්න ඕනේ රිප්ලයි කමෙන්ට් එක මෙන්න බොලේ බට්ටා දීල. වරදිලාවත්ද ?

      Delete
  18. තාරකා වාසලමුදලිආරච්චි, කළු පොත ලියද්දි මානසික රෝගියෙකුගේ සත්‍ය හැසිරීම සහ ඊට අදාළ දේ පිළිබඳව හොඳ වැටහීමක් ගන්න කාලයක් අංගොඩ සහ මුල්ලේරියාව මානසික රෝහල් වල ගත කළා කියලා මම අහලා තියෙනවා. ඒ කතාව කියවද්දී අදාළ සිදුවීම් වලට මේ තරම් ම සමීප වෙලා තේරුම් ගන්න ලේඛිකාවකට පුළුවන් කමක් තියෙනවා ද කියලත් වෙලාවකට හිතෙනවා. ඒ තරම් ම ඒ කතාව තාත්විකයි. ඇගේ දෙහි සහ මැටි කතා වලත් කළු තරම් ම නොවුණත් ඒ බව දකින්න පුළුවන්.
    ඔබේ කතාව කියවද්දී මට ඒ පිළිබඳව මතක වුණා.
    සාර්ථකයි.
    ජය!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි. ඒ කියන්නෙත් මගේ කතාවෙත් තාත්වික ගතිය යන්තම් හරි ගෑවිලා තියනවා කියන එක නේද.? :D

      Delete
  19. කතාව ගොඩක් ලස්සනයි.
    ඔයාට කතා ලියන්ඩ අපූරු හැකියාවක් තියෙනවා !!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි මධුරංග අයියේ.

      Delete
  20. නියමයි අයියේ මොහොතකට මාව කරකවලා අතෑරියා වගේ වුනා ඒත් ටිකක් කල්පනා කරද්දි තමා සිද්ධිය තේරුණේ පුදුමාකාර කතා විලාසයක්....මුලින් මේක කියවන්න එන්න බැරිවුනාට දුකයි

    ReplyDelete
  21. ම්..ගිලෙන්න ගිහාම පිදුරු ගහෙත් එල්ලෙන්න බලන් ඉන්න අසරණ මිනිස්සු..
    ලස්සන කතාවක් පැතුම්..

    ReplyDelete
  22. අදමයි මේ පැත්තෙ ආවෙ වෙලාව තියන විදියට අනිත් පොස්ටුත් බලන්නම්

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි ලොකු ජෝන්. සාදරයෙන් පිලිගන්නවා.

      Delete

ඕනෑම බ්ලොගයක ඇති ඕනෑම ලිපියකට ඔබ කමෙන්ට් දැමිය යුත්තේ ඔබගේ බ්ලොගයට පෙරළා කමෙන්ට් ලබාගැනීම සඳහා නොව....ඕනෑම බ්ලොගයක ඇති ඕනෑම ලියවිල්ලක් ගැන ඔබේ හිතට දැනෙන සිරා හැඟීම ඔහුට/ ඇයට පැවසීමටය..!!
(රයිටර්)