My name is රයිටර් who writes, some kind of ඇවටියෙල් stories..

Monday, April 9, 2012

අදිසි හස්ත

ජීවිත මාවතේ පළමු කාර්තුව අවසන් කරමින් සිටින ඇය ඉන්දීවරී නම් විය.කුලවත් වලව් පලන්තියක විසු ධනවත් දෙමාපිය යුවලකට දාව උපන් ඇය ජීවත් වුයේ දෙමාපියන්ගෙන් උරුම කරගත් අවේනික ජීවන දෘෂ්ටියක් ඇතිවය. දවසින් දවස සීග්‍රයෙන් සමාජයේ සිදුවනවෙනස්කම් වලට අනුගත වීමට ඇගේ දෙමාපියන් මෙන්ම ඇයගේද කැමැත්තක් නොවීය.
පාරම්පරික සාම්ප්‍රදායික චින්තන රටාවන් වලින් අත්මිදීමට සිදුවීම ඔවුන් සැලකුවේ අවනම්බුවක් විඳීමට සිදුවන්නක් ලෙසය.

එහෙතුවෙන් පරම්පරාගත චාරිත්‍ර වාරිත්‍ර අකුරටම ඉටු කිරීමට ඔවුන් නිතරම වගබලා ගත්හ.සුදුසු කාලය එළඹී කල්හි මව් දෙමව්පියන් වෙහෙසුනේ තම ආදරණීය දියණියට විවාහයක් කරදීමටය. ඒ සඳහා වලව්වේ ඒ කටයුත්ත පරම්පරාවෙන් පරම්පරාවට බාරව සිටි කපුවෙකුට නියම කෙරිණි.
එහි ප්‍රතිපලයක් වශයෙන් "මැදමංකඩවර වලව්ව" වෙත දීගෙක යෑම සඳහා අකමැත්තෙන් වුවද සූදානම් වීමට ඇයට සිදුවිය.


ඉන්දීවරී "මැදමංකඩවර වලව්ව" වෙත කැන්දාගෙන ආ දිනයේ පටන් දුටු වලව්ව වසා අවට පවතින අන්ධකාරයට දැඩිසේ සාප කළාය. හාත්පස අඳුරට හේතු වූ රූස්ස ගස් වලින් හා විශාල ස්ථම්භ වලින් සමන්විත "මැදමංකඩවර වලව්ව" ගුප්ත කම ඉහවහා ගිය ඉපැරණි වලව්වක් බව ඇගේ මනසේ සටහන් කරන්නට සිතුවිලි සමත් විය.


අඩක් විවෘත කල විශාල කවුළු පියන් තුලින් නික්මුණ අදුර මිශ්‍ර වූ සිහින් ආලෝකය විශාල සාලය පුරා තැනින් තැන පිළිවෙලට  තැන්පත් කර තිබුණු වටිනා පැරණි භාණ්ඩ එකතුව මත වැටීමෙන් ප්‍රතිබිම්බනය වන්නා වූ දර්ශනය ඇගේ සිත තුල විකාර රූපි සිතිවිලි මෙන්ම නාමිකව සඳහන් කල නොහැකි හැඟීම් රාශියක් ජනිත කිරීමට සමත් විය.


ලී තරප්පු පෙළ දිගේ ඉහල මාලයට පිවිසේත්දී නාස් හනු කඩාගෙන යන පුස් ගඳ ඇතිවන්නේ කාලෙකින් නඩත්තු නොකළ රට උළු වහලේ උළු කැට බුරුල් වීම නිසා වැසි දිනවල වහලයෙන් එන දිය සීරාවක් සොල්දොර මත තැන්පත් වීම නිසා බව සොයා ගැනීමට ඇයට අසීරු නොවිය. වසර ගණනකින් විවෘත නොකළ පාත මාලයේ ගබඩා කාමරයද ඇතුළු තවත් කාමරයක් ඇයගේ උපදෙස් මත කුලී කරුවෙක් ලවා අස්පස් කර දැමු ඇය එහි දොර ජනෙල් හැර තබා පෙර පැවති මුසල ගතිය පලවා හැරීමට සමත් වුවාය. 


මෙසේ කාලයක් ගත වෙත්දී වලව්වේ පැවති අඩුපාඩු එකින් එක සොයා ගනිමින් ඒවා පිළිසකර කිරීමෙන් හා පිළියම් යෙදීමෙන් මැදමංකඩවර වලව්වට නව එළියක් අත්කර දෙමින් වලව්වේ පරිසරයට පුර්ණ වශයෙන් අනුගත වන්නට ඇයට හැකි වුනා සේම මුණසිංහගේ හොඳ හිතද ඉක්මනින් දිනා ගැනීමටද සමත් විය. එහෙතුවෙන් මුණසිංහ හා ඉන්දීවරී අතර යහපත් පවුල් ජීවිතයකට පැහැදිලි අඩිතාලමක් ගොඩනගා ගැන්මට ඇගේ චර්යා රටාවන් හේතු විය.  


නමුත් ඇගේ සිතේ වලව්ව පිළිබද පැවති නිර්නාමික හැඟීම ඒ සැනින් යටපත් නොවීය.


සතියේ බොහෝ දිනවල පාන්දරින්ම තමන්ගේ පුද්ගලික වතු යායවල් වල රාජකාරී කටයුතු සඳහා මොරිස් මයිනර් රථයෙන් පිටත්ව යන මුණසිංහ පෙරලා වලව්වට පැමිණෙන්නේ රාත්‍රී අඳුර පොලවට වැටී හෝරා කීපයක් ගතවුවාටත් පසුවය.


මෙවන් දිනවල ඉන්දීවරී වලව්ව තුල තනි වුවාය.

ඉවුම් පිහුම් කරන වයෝවෘධ කාන්තාව හැරුණු කොට වත්ත පිටිය බලාකියා ගැනීමට සිටි විලියොන් උන්නැහේටද වලව්ව ඇතුලට ඒමට අවසරයක් නොවිය. එහෙතුවෙන් කුස්සි අම්මා මුළුතැන්ගෙටත් විලියොන් උන්නැහේ වත්ත පිටියටත් අමතරව මුළුතැන්ගෙටත් පමණක් සීමා විය. 

පාළුව තනිකම ගෙවා දැමීමට හා කාලය කා දැමීමට ඉන්දීවරී මැහුම් ගෙතුම් තෝරාගත්තේ එය ඊට හොඳම විසඳුමක් යයි සිතාය.දවසේ බොහෝ වෙලාවක් එකී කාර්යෙහි නිරත වීම සඳහා ඇය ඉහල මාලයේ ද්වාරයක් අභියස තැනුණු සඳලුතලයක් තෝරා ගත්තාය.
ඉඳහිට වුවද වලව්වට එපිට ගුරු පාරේ ගමන් ගන්නා අයෙකුට මේ ඉඳගෙන සිටින්නේ ඇය කියා අනුමානයක් නොමැතිවම කිව හැකිව තිබිණි.

දෑත සහ දෙඇස මල් රාමුව මත රඳවා තබා ගැනීමට ඇය සමත් වුවත් ඒ අකාරයෙන්ම ඇගේ සිතද ඈ අසල රඳවා ගැනීමට ඇයට හැකියාවක් නොවීය.
ඉඳිකටුව හා පාට යෙදු රජ්ජුව ඇගේ ඇඟිලි සමග ඔට්ටු වී සළුව මත මල් රටා මැවෙද්දී කාගේවත් අනුබලයකින් තොරව තමන්ට හිතු තැනක යාමට තිබෙන අයිතිවාසිකමෙන් ඇගේ හිතත් ප්‍රයෝජනය ගත්තේය.  

 සිත, සීමා රහිතව වලව්වේ තැන් තැන් වල ඇවිදිද්දී යටපත්ව පැවති නිර්නාමික සිතුවිලි හිස එසවීය.
ඇය ආයාසයෙන් සිත මැඩ ගත්තාය.එවන් අවස්තාවක ඇය ඇගේ සිතට විලංගු දාගත්තේ ඉහලට හුස්මක් ගෙන එය තරමක් වේගයෙන් පිටකර හරිමිනි.
සුළු මොහොතකට පමණක් ඇගේසවිමත් අදෘශ්‍යමාන විලංගු වලින් ගැලවීමක් නොලැබුණු හිත ක්ෂණයෙන් ඉඩක් ලැබුණු සැනින් එසැනින් නැවතත් දසත සැරිසරන්නට විය.

එසේ ඇයට හොරෙන් නික්මුණ සිත අවසානයේ නතර වුයේ "මේ වලව්වේ භූත දෝස, හොල්මන් තියෙන්න බැරිද" යන කල්පිතයට සමාන තැනකිනි.


කල්පිතය ඇගේ සිතේ බොහෝ තැන්වල ප්‍රධාන සිතුවිල්ල වූ කල ඇය සිතට විලංගු දාගන්නේ නැත.
ඇය ඒ කල්පිතය යතාර්තයක්ද යන වග ඔප්පු කිරීමට වෙහෙසුනාය.


කල්පිතය බිඳීමට ප්‍රථම ඇය එවන් භූත දෝස හොල්මන් මේ වලව්වේ ඇති බව තහවුරු කොටගෙනය පිලියමක් කිරීමට ඉටා ගත්තේ. අත රැඳී මල් රාමුව මෙන්ම මැහුම් ගෙතුම් උපකරණ රැගෙන දිනපතා සඳලු තලයට පැමිණෙනවා හැරුණු කොට සළුව මත මැහෙන රටාවක් නැත.
ඒ ඇය ඇගේ සම්පුර්ණ අවධානය වලව්ව වෙත යොදවා සිටි නිසාය. 

  
දින කීපයක සිදුවීම් එකිනෙක ගලපා ගත් කල, තරප්පු පෙළ මතින් කිසිවෙක් ඇවිදින විට නැගෙන "කිරිස් කිරිස්" හඬත්, හිටි හැටියේ තිබුණු බඩු බාහිරාදිය අතුරුදහන් වීමත්, මල් බඳුන් බිම පතිත වීමත්, බත් පතේ වැලි කැට තිබීමෙනුත් යන දර්ශක කීපයක් මත ඇගේ මතය ඇස් පනා පිටම තහවුරු විය.
කවුරුත් නැති මේ නිවස තුල භූතයන් හොල්මන් කරන බව පිළිගැනීමට ඉහත ශාක්ෂි ඇයට හොඳටම ප්‍රමාණවත්ය.  


අවසානයේ ඈ නිගමනයකට එළඹුණාය.


දැන් දැන් ඇගේ ඒක චෛතසික මතය මේ වලව්වේ හොල්මන් භූතයන් වාසය කරන බව එකහෙලාම පිළිගනී.


මෙතුවක් රහසක්ව තබා ගත් සියල්ල ඇය එකින් ඒක පැහැදිලිව මුණසිංහ සමග සුදුසු වෙලාවක් බලා පැවසුවාය. 


ඈ සිතු අයුරින්ම ඇගේ පුහුමත විශ්වාස කිරීමට මුණසිංහ කෙසේවත් සුදානම් නොවීය.


"මහත්තයා ඇයි මං කියන දේ කනකට නොගන්නේ.? මේ වලව්වේ හොල්මන් තියනවා." 


"ඉන්දීවරී........ විකාර කියවන්නේ නැතුව පැත්තකට වෙලා ඉන්නවද" 


"විකාර, ඔව් මං කියවන්නේ විකාර, මහත්තයත් තනිපංගලමේ දවසක් හිටියොත් තේරේවි මං කියන්නේ ඇත්තක්ය කියල"


"ඉන්දීවරී"


ඇය යමක් පැවසීමට ගොස් නතර කළාය.  


"..............................."


නැවත මොන මොනවදෝ තොල් මත මැතිරූ ඇය කී දේ මුණසිංහට නොඇසුනාට වඩා එය උනන්දුවකින් ඇසීමට මුණසිංහට අවශ්‍යතාවයක් නොවුනි.  


කොතෙක් දවසක් තමන්ගේ අදහස මුණසිංහ වෙත පැවසීමට යත්දී  ප්‍රශ්නයට විසඳුමක් වෙනුවට ලැබුනේ දෙදෙනා අතර පැවති ඇයිහොඳයියත් පලුදු වීමය.

වෙනදාට වඩා බොහෝ අසහනයෙන් කාලය ගෙවා දමන ඉන්දීවරී අවසානයේ තම දෙමාපියන්ගේ මාර්ගයෙන් කට්ටඩියෙක් කැඳවා විශාල තොවිලයක් වලව්වේ පැවැත්වීමට සුදානම් විය.

මුණසිංහගේ මේ පිළිබද එතරම් කැමැත්තක් නොවුනද තම බිරිඳගේ පුහු මතය බිඳීමට මෙමගින්වත් හැකිවේදෝයි සිතා කරබාගෙන සිටියේය.   

තොවිලය රැයක් පුරා පැවැත්වීය. කට්ටඩියා තම වගකීම හරියටම ඉස්ට කල බව තොවිලය අවසානයේ ඉන්දීවරීගේ අදහස විය.

දැන් ඉන්දීවරීගේ හිත නිදහස්ය. නැවතත් පෙර තත්වයට පත්ව ඇත.
දෙදෙනා බොහෝ සතුටින් කාලය ගත කළහ.

මේ කාලයේ ඉන්දීවරී මවක් වීමට සුදානම් වෙමින් සිටියාය.

කාලය මාස කීපයක් ගතවිය.
  
      
නැවතත් පෙර කී භූත ලක්ෂණ වලව්ව තුල මතුවන්නට විය. 


"මහත්තයා"


"ඉන්දීවරී ඇයි'


"අපි කරපු තොවිලේ වැඩක් වෙලා නෑ වගේ"


සියල්ල වටහා ගත් මුණසිංහ කෝපාවිෂ්ට බවක් තම මුහුණට ආරෝපණය කරගනිමින්


"මගේ යකා අවුස්සගන්න ඒක වහාම නතර කොලොත් හොඳයි ඉන්දීවරී, මම ආයේ නොකිව්වය කියන්න එපා"



පසුවදන


ඉන්දීවරී දුටුවේ සතයක් නොව. එය ඇය විසින්ම හදා ගත් පුහු මතයකි. එක සිතිවිල්ලක් ගැන ඕනෙවට වඩා සිතීමෙන් අවසානයේ එයින් අත්මිදීමට නොහැකි තත්වයකට පත්වේ. 

   
තරප්පු පෙළ මතින් කිසිවෙක් ඇවිදින විට නැගෙන "කිරිස් කිරිස්" හඬ නැගුනේ මෙතුවක් ඇය එන තුරු වසා දමා තිබුණු සාලය තුලට හිරු එලිය වැදීමෙන් තෙත බරියම් වී තිබුණු සොල්දොරේ ලෑලි වල සිදුවූ විපර්යාසය හේතුවෙනි.  


හිටි හැටියේ තිබුණු බඩු බාහිරාදිය අතුරුදහන් වීම වුයේ, ඇගේ කල්පනාව මේ සිතුවිල්ල නිසා දැඩි ලෙස පීඩාවට පත්වී තිබීමත් ඇයගේ නොසැලකිල්ලත් හේතුවෙන්මය  


මල් බඳුන් බිම පතිත වුයේ හරින ලද කවුළු පියන් පත් තුලින් වලව්වට වැදෙන සුළං නිසාය
බත් පතේ වැලි කැට තිබුනේ කුස්සි අම්මා ඉතා වයස් ගත වීම නිසා හාල් ගැරීම හරිහරි සිදු නොවුන නිසාත්ය. 

මේ සියල්ල කියව අවසානයේ යම් ප්‍රශ්නයක් පාඨක ඔබ හට මතු වුවොත් " සෑම දෙයකටම සීත හා සිතුවිල්ලේ ස්වභාවය මුල්වේ" යන සිතුවිල්ල සිහි තබාගැනීමෙන් ප්‍රශ්නය විසඳාගත හැක. 
එත් නොහැකිනම් පහත කමෙන්ටුවක සටහනක් කරද පිළිතුරක් ලබා ගත හැක

36 comments:

  1. මට ජය වේවා...!!!
    ඔන්න මම එක..දැන් කියවල එන්නම් හොදේ.....:D

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්....කතාවේ තිබ්බ ගුප්ත බව මගේ හදවතටම දැනුනා..ඒවගේ ගුප්ත සිතුවිලි තනියම කාලය ගත කරන කෙනෙක්ගේ හිතේ ඇති වෙන එක සමාන්‍ය සිදුවීමක් උනත් එක කතාවේ තේමාවට සාමාන්‍ය රචකයෙක්ට නොහිතෙන දෙයක් හිතන්න මල්ලිගේ හැකියාව හොදටම පේනවා...නුදුරු අනාගතයේ දක්ෂ රචකයට ජය පනතනවා..දිගටම ලියන්න හොදේ....:)

      Delete
    2. ගොඩක් ස්තුතියි අක්කේ. තනියෙන් ඉන්නකොට ගොඩක් දෙනෙක් වැඩිපුර හිතනවනේ. අන්තිමට ඒ හිතිල්ල මානසික ප්‍රශ්නයක් දක්වා දුර දිග යන්නත් පුළුවන්නේ,

      Delete
  2. සිරාවටම එල පැතුම්!
    ඒ වලව්වේ ස්වරුපයත් ඉන්දීවරිගේ සිතුවිල්ලට හේතු වෙන්න ඇති !
    ඒත් ගෙදරක තට්ට තනියම ඉද්දි මනසට විවේකය වැඩි උනාමත් ඔය වගේ අද්භූත දේවල් හිතෙනව!
    සිද්ධි ගැලපීම නම් අතිශය සාර්ථකයි!:)

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි මචං. මනසට විවේකය වැඩි උනාම තමයි මේවගේ විකාර සිතුවිලි හිතට එන්නේ

      Delete
  3. කතාව සුපිරියි මලයා.. ඒත් මේ කතාවේ පසු වදන නොයෙදුනානම් හොදයි කියන අදහසේ මම ඉන්නේ.. මොකද, ඉන්දීවරීට එහෙම හිතුනේ ඇයි කියන කතාව අපිටම හිතාගන්න ඉඩ දුන්නනම් හොදයි කියලා මම හිතනවා.. මේක මගේ අදහසක් විතරයි..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි දිනේෂ් අයියේ.

      මම පසු වදනක් දැම්මේ නැත්තම් කියවන අයත් හිතනවා ඉන්දීවරිගේ සිතුවිල්ල ඇත්තක් කියල. මට ඕනේ වුනේ ඉන්දීවරී විශ්වාස කරන්නේ මිත්‍යාවක් කියල පෙන්නන්න. එකයි පසුවදනක් දැම්මේ.

      Delete
  4. ඇත්ත, හැමදේම මනෝ විකාර තමයි බලාන ගියාම! අන්තිම ටික නොදා බලන අයටම හිතාගන්න ඇරියා නම් තමයි හොඳ!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි ලහිරු. අන්තිමට පසුවදන දැම්මේ කියවන ඔයාලත් ඉන්දීවරීගේ මනසින්ම කතාව කියවල ඉවර කරයි කියල හිතුන හින්දයි.

      Delete
  5. හරි ලස්සනට ලියලා අයියෙ.. මෙහෙම අදහස් කොහෙන් එනවද මංද අයියට.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි නංගි. මමත් මේ කල්පනා කරන්නේ මටත් මේ අදහස් කොහෙන් එනවද කියල.

      Delete
  6. මටත් හිතෙනවා අන්තිම ටික දැම්මෙ නැත්නම් කතාව වෙනස් විදිහකට දැනෙන්න තිබුනා..
    ඒත් ඔය හැටි පාළු බංගලාවකට වෙලා ඉන්න පුළුවන් කාටද අප්පා..මහිලා සමිතියක්වත් නැතුව..!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි රූ.....අන්තිම ටික දැම්මේ කියවන ඔයාල කතාව මං හිතුවේ නැති වෙන විදිහටක තේරුම් ගනීවි කියල හිතුන හින්දයි.

      පාලු බංගලාවල මහිලා සමිතිත් තියනවද අප්පා.

      Delete
  7. හ්ම්ම්..ඔයා ලියන කතා ඇත්තටම මාර ලස්සනයි..නොහිතන තේමාවල් ඔස්සේ තමයි නිතරම කතා ලියවෙන්නෙ..ඒක හැමෝටම කරන්න පුලුවන් දෙයක් නෙමෙයි..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි සිත් රූ සිහින.. හැමෝම ලියනවට වඩා වෙනස් දෙයක් ලියන්න තමයි මම ආස.

      Delete
  8. නරක ද මේකට film 1ක් හැදුවොත්... මට නම් මැවිලා පෙනුනා.

    අනිත් අය කියලා තියෙනවා වගේම මල්ලී ලියන කතා හරිම සංකීර්ණ මාතෘකා. කියවන්න ආස හිතෙනවා.
    :)

    ReplyDelete
    Replies
    1. ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක් වෙන එක මගේ ජීවිතේ එක්තරා අවදියක තිබුන හීනයක් නෙත්පානි අක්කේ.

      අපි බලමුකෝ එහෙනම් ෆිල්ම් එකක් හදන්න. ආසාවෙන් ඔයාල කියවනවා කියල දන්නා හින්ද තමයි අක්කේ මම ආසාවෙන් ලියන්නේ.

      Delete
  9. මමනම් හිතුවේ මේක හොල්මන් සිද්ධියකින් ඉවර වෙයි කියලා. කතාව ඇත්ත...හිත තමයි ඔක්කොටම මුල..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි සයුරි අක්කේ. ගොඩක් දැම්මේ නැත්තම් හොඳයි කියපු පසු වදනක් දැම්මේ ඒක තමයි

      Delete
  10. ඔයා කතාව ඇතුලෙ අපිව ජීවත්කරවන්න ගොඩක් දක්ෂයි පැතුම්......:)

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි ශෂී. ඔයාල කතාව ඇතුලේ ජීවත් වෙන හින්ද තමයි මම කැමැත්තෙන් ලියන්නේ

      Delete
    2. ආව් ආව්...අලුත් ඇඬුමක් අන්ඩලා.....ලත්තනයි ලත්තනයි....^_^

      Delete
  11. ඔනැවට වැඩිය හිතන්ඩ ගියහම ඔයවගේ දෙවල් වෙනව.අපේ කථා නායකයට මුලින්ම කරන්ඩ තිබ්බේ ඔය ගැනු ලමයට කරන්ඩ වැඩටිකක් පන්ගාත්තු කොරන එක..එහේම උනානම් අර තොවිලෙට ගිය වියදමත් ඉතුරුයි..ගැනු නිකන් හිටියම ලෙඩගොඩයි

    ReplyDelete
    Replies
    1. හිත තමයි ගොඩක් දෙකට මුල... වැඩ ගොඩක් පන්ගරාර්තු කරාට පස්සේ ඒවා ගැන හිතල පිස්සු නටයිද දන්නේ නෑ

      Delete
  12. හිත චංචල වුනාම මේ වගේ දේවල් වෙනව කොහොමත්.........දිනේශ් අයිය කිව්ව කතාවට එකඟයි......

    ReplyDelete
    Replies
    1. හිත තමයි අපිව ලෙඩ කරන්නේ. දිනේෂ් අයිය කිව්ව කතාව ඇත්ත. නමුත් මම පසුවදන දැම්මේ කියවන අය මං හිතුව විදිහට වෙනස් විදිහකට හිතයි කියල.

      Delete
  13. ඇත්තම ඇත්ත හිත තමයි ගොඩක් දේවලට හේතුව....

    මේ කතාව කියවද්දී හිතින් මැවිලා පෙනුන.ඒ තරමටම ලස්සනට ලියල තියෙනවා.ටිකක් වෙනස් විදිහකට ලියවුන කතාවක්....

    අදයි මේ පැත්තට ආවේ.දැන් දිගටම එනව කියවල යන්න.මගේ බ්ලොගය පැත්තට ආවටත් ඔයාට හුඟාක් ස්තුතියි යාලු.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි සිහින. මේ පැත්තට සාදරයෙන් පිලිගන්නවා. සිත තමයි ඔක්කොටම මුල් වෙන්නේ.

      Delete
  14. උඹ කිවුවට විස්වාස කරන්නේ නැහැ මලේ මේ පොස්ට් ඒක කියවන්න දවස් තුනක් ගියා.මේ පොස්ට් ඒක ඔපෙන් කරපු ගමන් මොනවා හරි වැඩක් වැටෙනවා..කතාවේ තියෙන ගුප්ත බව වගේමයි.

    වෙනද වගේම ඉතින් කතාව ලස්සනයි.වෙනස් තේමාවක්.

    ReplyDelete
    Replies
    1. මොන වැඩේ වැටුනත් මගේ පොස්ට් එක කියවපු එකට ගොඩක් ස්තුතියි අසාර් අයියේ.. විස්වාස කරනවා මම, මොකද මම බැලුවා අසාර් අයියගේ කමෙන්ට් එක පරක්කු මොකද කියල.

      Delete
  15. ලස්සන කතාවක් ලස්සන තේමාවක්...අදයි මේ පැතුතෙ ආවෙත්..හැමදාම ඇවිත් යන්න එන්නම්...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි. මේ ඉසව්වට ආදරයෙන් පිලිගන්නවා.

      Delete
  16. ඔව්... වෙනස් විදියට හිතනවනං වෙනස් දෙයක් කරන්නත් පුලුවං ඔය හිතටම තමයි කියල මම කියන්න ඕනෙ නෑ නෙව සිතුම් අයියට... මම මේකෙ වැඩියෙන්ම කැමති වාක්‍ය වල තියන පැහැදිලි ගතියට... ගොඩක් අය වාක්‍ය සංකීර්ණ කරන්න ගිහිල්ල ඒකෙ පැහැදිලි කම, ලස්සන හැමදේම නැතිකර ගන්න හැටි මං දැකල තියනවා... ඒත් මම වගකීමෙන් කියනව සිතුම් අයියගෙ වාක්‍ය සේරම පැහැදිලියි.. ඒවගෙ අර්ථය පිරිසිදුයි.. ඒක නං ගොඩක් වටිනවා මොකද මම ගොඩක් අයගෙ දකින වැරැද්දක් නිසා ඒක.. නියමයි කතාව..

    ReplyDelete
    Replies
    1. ඇයි අග්නියෝ...? සිතුම් අයියගෙ අදහස් වල අපැහැදිලි කමක් උඹට පේනවද? නැත්තං මගේ අදහසට එකඟද...? මම කිව්වෙ මගේ අවංක අදහස මිසක් සිතුම් අයියට බටර් ගෑවනං නෙමේ...

      Delete
  17. මිනිසාට පුළුවන් තමන්ගේ සිත මිතුරු කරගන්නත් ඒ වගේම හතුරු කරගන්නත්.....! ඉන්දීවරි කියන්නෙ අළුත් නමක්...නමුත් මුනසිංහ කියන්නේ පැරැණි නමක් නෙ...:)

    ReplyDelete