My name is රයිටර් who writes, some kind of ඇවටියෙල් stories..

Wednesday, March 28, 2012

වික්ෂිප්ත

ස්ථානයක් හරි හැටි පැවසීමට නොදත් කොහේ හෝ ජනාකීර්ණ වෙරළක් අසබඩ තැනුණු බංකුවක බොහෝ වෙලාවක් එකම ඉරියව්වේ ක්ෂිතිජ ඉම දෙස නෙත් යොමාසිටි මගේ සිතද තිබුනේ සිතිජ වලල්ලෙනුත් එපිටය.


ඒකාකාරී මුහුදු රැල්ලේ ඝෝෂාවත් කොල්ලෝ කුරුට්ටන්ගේ කෑකෝ ගැසිමුත් පසුබිමින් බොහෝ දුරට මගේ කල්පනා දැහැනට බාධාවන් එක් කළහ.විටෙක සුළගෙ අවේගකාරි හඬද, සැපට හැදුනු බල්ලන්ගේ බිරුම්ද, වෙළෙන්දන්ගේ කන්දොස්කිරියවන්ද, අතොරක් නොමැතිව ඇසෙන්නට විය. එවන් බොහෝ ශබ්ධ රටා වලින් නොබිඳුණු මගේ දැහැන හදිසියේ සවනත වැකුණු සිනාවක දොන්කාරයකින් මුළුමනින්ම බිදී ගියේය.
සත්තකින්ම ඒ ඇයමද ? එය එසේම නම් ?.......


හිස ඔසවා ඒ සිනාවේ අයිතිකාරිය සොයා මගේ මනස වෙහෙසවන්නට විය. මා හිඳගෙන සිටි තැනට පියවර කීපයක් එපිටින් තාරා ගමනින් ඇවිදි ඇය සොයා ගැනීමට මට මිනිත්තු කීපයක් ගතවිය. තම ආදරණීය ස්වාමියාගේ හා පවුලේ උදවියගේ ආදරයට පාත්‍ර වූ ඇය දැකීමෙන් මගේ සිත අතීතය තුලින් බුර බුරා නැගෙන්නා වූ ගිනි දැල් වලින් දැවෙන්නට විය. ඇගේ ඉදිරියට නෙරා ආ කුස විදාපෑවේ තව නොබෝ දිනකින්ම ඇය උතුම්වූ මාතෘත්වයට හිමිකම් කියන්නයක් ලෙසය. සත්තකින්ම ඒ ඇයමද ?. මා පෙම් කල ඈමද ?


ඈ දුටු කෙනෙහිම මගේ හිත නොසන්සුන් වෙන්නට විය.දෙකන් පෙති රත්වීමත් සිහින් වැලිකැට චිරි චිරි හඬින් සවන් මතට වැටෙන්නාක් මෙන් ඇසීමත්, සර්වාංගයම හිරිවැටීමත් දෙතොල් මත පිපි දාඩිය බින්දුත් හදවතේ අසාමාන්‍ය ස්පන්දනයත් ඒ බව මට ඒත්තු ගැන්වීය.ඒ මීලඟට විඳින්නට සිදුවෙන කුරිරු වේදනාව නිසැකයෙන්ම අත්විඳීමට සිදුවෙන බැව් මා අත්දැකීමෙන්ම දන්නා නිසාවෙනි.ඒ සමගම ක්ෂණයෙන් මගේ දෙපා වෙව්ලන්නටත් හිස අභ්‍යන්තරයෙන් ඉවසා දරාගත නොහැකි වේදනාවත් මතුවූ නිසා දෑතින්ම හිස බදාගෙන පහත්වී දෙකකුල් අතර රඳවාගතිමි. වේදනාවට දෙනෙතින් කඳුළු කැට පනින්නට ඇත, දත් විලිස්සෙන්නට ඇත.භාහිර ලෝකයේ ශබ්ධ මට විකාර අපැහැදිලි ස්වරුපයෙන් ඇසෙන්නට විය. හිසබදාගත් දෑතින්ම සවන පත් වසා ගත් මම දෙනෙත් තදින් පියා ගතිමි. 


දකින බොහෝදෙනෙක් මා පිළිබද විවිධ අර්තකථනයන් දක්වන්නට ඇත. කම් නැත.... කාලය මිනිත්තු කීපයක් ගත වෙන්නට ඇත.



හදිසියේ තිගැස්මකින් අවදි වූ මා වේදනාවෙන් මිරිකී ගිය දෑස් හැරියෙමි. ස්වේත වර්ණ පටලයක් මගේ දෘෂ්ටිය යන්තමට අහුරා තිබිණි.සම්පූර්ණයේම සුවනොවූ හිසේ කැක්කුම නිසා මට මහත් අපහසුවක් දැනිණි.  ඒ වන විටත් රක්ත වර්ණයෙන් අවට ලෝකය ගිලගනිමින් තිබෙද්දී මුළු වෙරලම පාලු ස්වභාවයක් ඉසිලීය. තම තමන්ගේ පා සටහන් පමණක් වෙරළ මත ඉතිරි කරමින් සියලු දෙනා වෙරළ තනිකර ගොස් සිටියහ. ලොම් හැලුණු නාටු බල්ලෙකුත් වෙරළේ තැනින් තැන සිටි කීපදෙනෙකුත් හැරුණු කොට එහි අන්කිසිවෙක් නොවීය. මා කල්පනා කලෙමි. බොහෝ දුරට කල්පනා කලෙමි. මීට සුළු මොහොතකට පෙර බොහෝ කලබලකාරී ස්වරුපයක් ඉසිලු වෙරල මෙතරම් ඉක්මනින් සන්සුන් වුයේ කෙසේද යන්න කල්පනා කලෙමි. අවසානයේ හිසේ කැක්කුම තවත් දරුණුවත්ම මා ඒ සිතිවිල්ල බලෙන් යටපත් කරගත්තෙමි.හුන් ඉරියව්වෙන් මතවත් හෝරාවක් පමණ ගෙවාදැමු මා දවසක නිමාව සටහන් කර අවරට ගොස් සැඟවුණු හිරුගේ චායාව දුටු තවත් එක සාක්ෂිකාරයෙක් වීමි.

දෙපා වලට වාරු වී හිඳහුන් තැනින් නැගිට අවසානයක් නොවන ගමනක තවත් එක පියවරක් තබන්නට සැරසුනෙමි. 


මා බොහෝ වෙලාවක් ඇවිදින්නට ඇත. සමහර විට සැතපුම් ගණනාවක්..... එසේ ඇවිදින බොහෝවිට නිතර නිතර මා මුමුණන දේ මට මතක නැත. අවබෝධයක් නැත.  නමුත් මා මුමුණන බව දනිමි. 


හිතවත් පාඨකය, උක්ත සඳහන් පුද්ගලයා පිළිබද ඔබට යම්කිසි ප්‍රතිරූපයක් මවාගැන්මට අපහසු වුවා යැයි සිතමි.ඔහු පරාජිත ප්‍රේමවන්තයෙක් නොවේ, හොරෙක්වත් මං පහරන්නෙක්වත් නොවේ. සැබවින්ම ඔහු උන්මත්තකයෙකි.යම් කිසි දෙකින් කම්පනයක් අත්විඳි සැනින් පෙරකී වේදනාව නිතර නිතර විද හුරු වූ කරුමක්කාරයකි. ඔහු ඒ වේදනාව විඳින්නේ මිනිත්තු කීපයක් කියා සිතුවත් ඒ හෝරා කීපයක්ය. මේ අසරණයාට එය වටහාගැනීමට නොහැක. එය දන්නේ ඔහු එසේ සිටිනවා දකින අයත් දැන් ඔබත් පමණි. එහෙතුවෙන් වෙරළේ විපර්යාසය ඔහුට තේරුම් ගැනීමට නොහැකි විය. ඔහු අවදි වන විට හෝරා කීපයක් ගතවී තිබිණ.  

දෛවයේ කෘර සැඩ පහරට හසුව ගසාගෙන ගොස් කෙදිනකවත් නොපැතූ නොසිතු ලෙස ජීවිතයේ උන්හිටිතැන් අහිමු වූ මිනිසෙකි. මීට වසර කීපයකට පෙර මධ්‍යම පාන්තික පවුලක ඉපද  තනිවම ජීවිතය සැලසුම්කල ඔහු තමන්ගේ ආදරණීය බිරිඳ මවක් වන ලකුණුත් තමා පියෙක් වන ලකුණුත් දැක ඉතාමත් සතුටට පත්ව තවත් වගකීමෙන් ජීවිතය තව තවත් පිළිවෙලට ගොඩනැගු ආදරණීයසැමියෙකි.ඇයට ඔහුවත් ඔහුට ඇයත් හැරුනුකොට ඔවුන්ගේ ජීවිතය වුයේ තවමත් නූපන් බිලින්දෙකි.

නමුත් සුතිකාගාරය දෙසින් පැමිණි මුහුණේ බලාපොරොත්තු කඩවුණු සේයාවක් සනිටුහන් වූ වෛද්‍යවරු පැවසු ආරංචිය ඔහුගේ ජීවිතය අවාසනාවේ අඳුරු ගුහාව වෙත ඇද දැමුවේය.

"අයි ඈම් වෙරි සොරි මිස්ට"


"ඇයි ඩොක්ටර් ?"


"කලබල වෙන්න එපා... අපට........ ඔයාගේ..... නෝනවත්...... දරුවවත්..... බේරගන්න.... බැරිවුනා....."


"මො.......න.....වා.....ඩොක්ටර්........එහෙම වෙන්නේ කොහොමද ?"


"අයි ඈම් වෙරි සොරි මිස්ට අයි ඈම් වෙරි සොරි"



බොහෝ වෙලාවක් රෝහලේ ලී බංකුව මත හිඳගෙන සිටි ඔහු ජීවිතයේ යතාර්ථය අවබෝධ කරගන්නට යත්න දැරීය. දකින්නා වූ දේ අසන්නා වූ දේ මායාවක්ද නැතිනම් සැබෑවක්ද යන්න තෝරා බේරා ගැනීමක ඔහු නිරතවී සිටියේය. සුතිකාගාරයේ දෙසින් එන ට්‍රොලියක ශබ්දය ඔහුගේ කල්පනාව බිඳදැමීය. සුදු රෙදි කඩකින් වසාමෝචරිය දෙසට ගෙන යන මෘත දේහය දැක ඔහුගේ හදවත ගැලවෙන තරම් වේදනාවකින් ගැහෙන්නට විය.ඇටේන්ඩන්ට් ගේ නොසැලකිල්ලෙන් අසල පුටුවක ගැටුණු ට්‍රොලියෙන් පහතට මෘතදේහයේ අතක් කඩා වැටෙන්නට විය.
   
   
පෙරදින පන්සලෙන් ආශිර්වාද කොට ඇගේ සුරතෙහි බඳින ලද පිරිත් නූල තවමත් එලෙසමය. වෙනසකට ඇත්තේ ඒ සුරත දැන් සුදුමැලි වී තිබීමය...... ඔහුගේ හැසිරීම් ක්ෂණයෙන් වෙනස් වෙන්නට විය. මහා හයියෙන් හඬාගෙන ට්‍රොලිය පසුපස දිව ගොස් දේහය බදාගෙන ඉකිගසමින් හැඬුවේය. රෝහල් සේවකයෝ ඔහුව අස්වැසීය. ඔහුට කිසිවක් මතක නැත.



හිතවත් පාඨකය, අපි දැන් උක්ත සඳහන් උන්මත්තකයා පසු පස ලුහු බඳිමු.

පිලී ගඳ ගහන බෝට්ටුවකට පිටදී මම රැය ගෙවා දැමුවෙමි.උදෑසන නොහික්මුණ පුද්ගලයෙක්ගේ පා පහරක් මගේ නින්දට බාධා කළේය.

"නැගිටපන් පිස්සා"
"දවසම කාලකන්නි කරනවා"
"දුවපිය කිව්වේ"

බෝට්ටුවේ අයිතිකරුවෙන්නට ඇත. දවල් දවසත් ඔහේ ගතවිය. සිගමන් යැද ඉල්ගෙනකන්නට වූවමනාවක් නොවුනත් යන්තම් හෝ මගේ කුසගින්න නිවිණි. ඒ මොනවයින්දයි මට මතක නැත. අනන්තය පෙනෙන තෙක් මග වැටී ඇති හෙයින් සුපුරුදු ගමන ඇරඹීමි. මා මුමුණන්නට ඇත. පිළිවෙලක් නොවූ ගමන් රටාවක් මා කෙරෙන් දිස්වන්නට ඇත. 



පුදුමයකි.......මේ නම් ඇයමය.

මට පිටුපා තාරා ගමනින් ඇවිදින්නේ ඇයම විය යුතුය.

අවනත නොවූ සිත, දෙපයට වීරිය හා ජවය ගෙනාවේය.

වහා දිවගොස් ඇයගේ අතින් අල්ලා ගතිමි.


"ඔයාට මං කොහෙවත් යන්න දෙන්නේ නෑ....ඔයා කොහෙද ගියේ."



මා එසේ කියන්නට වචන සෙව්වෙමි. මා එසේ නමුත් පැවසීමට පෙර යටිගිරියෙන් කෑ ගැසූ ඇයගේ උදව්වට පැමිණි අවට සිටි හැඩි දැඩි පිරිමින් මට තඩිබාන්නට ගත්හ. පෙම්වතියන් ඉදිරියේ වීරයින් වනු පිණිසත් සමහර පෙම්වතුන් මට තඩිබාන්නට ඇත. වැල්ලේ බිමවැටි වකුටු වූ මා ඔවුන්ගෙන් බේරීමට තැත් කලෙමි. ඇස් වලත් මුව තුලත් වැලිකැට පිරෙන්නට විය. ලේ බින්දු උණුසුම් වැලි තලය තෙත් කළේය. සුපුරුදු හිසේ කැක්කුමත් ඊට අමතරව පා පහරවල්වල වේදනාවත් මගේ ගත සම්පුර්ණයෙන්ම අඩපණ කරන්නට සමත් විය. මා තදින් දෙනෙත් පියා ගතිමි.


මිනිත්තු කීපයක් ගත වෙන්නට ඇත.


බොහෝ දෙනෙක් මා වටේ සිට කෑකෝ ගසනවා ඇසී නිද්‍රාවෙන් මා අවදි විය.බොහෝ දෙනෙක් මාදෙස සතෙක් දෙස බලන්නාක් මෙන් බලා සිටිනු දුටුවෙමි.

"කොහෙද යන පිස්සෙක්"

කවුදෝ කියනවා ඇසුනි.

ඇත්තටම මම

පිස්සෙක්ද ?

75 comments:

  1. මම එක........දැන් කියවනවා හොදේ...:D

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්........මොනවද කියන්නේ කියල කතාව කියල සැහෙන්න කල්පනා කරන්න උනා මට මේ කතාවේ මුල කියවද්දී අද මට උනා සිදුවීමක් මතක වීම නිසා....හිතුන දෙයක් කියලා දාල තියන නිසා මම ඇත්තද කියල අහන්නේ නැ වෙනද වගේ.....කොහොම උනත් ඇත්තම චරිතයක් දැනෙන විදියට ලියලා තියනවා.වෙනද වගේම ඇත්තටම ලස්සන නිර්මානයක් මල්ලියෝ...ඔයාගේ උත්සාහය සාර්ථකයි හොදේ......ජය..!!! :)

      Delete
    2. හොද වෙලාවට නෙත්පානි යාලු කොමන්ටුව අයින් කලේ..නැත්නම් මම දෙකනේ..ලැජ්ජාවේ බැරි වෙනව එහෙනම්..මම තප්පරයකින් පරාද වෙලා තියෙන්නේ..:D

      Delete
    3. හිතුන දෙයක් තමයි අක්කේ. ගොඩක් ස්තුතියි කතාව කියවලා කමෙන්ට් දාන්න පොර කරනවට.

      තව පොඩ්ඩෙන් තප්පරෙකින් ජීවිතෙත් නැති වෙන සයිස්....

      Delete
    4. දවසක්ම දඟලලා දඟලලා ඔයාගේ වැඩ ඔක්කොම පැත්තකින් තියල මගේ අවුල ලිහා ගන්න මට උදව් කරපු "හිරු අක්කට" ස්තුති කරන විදිහ මට තේරෙන්නේ නෑ.

      සුදු අක්කට ගොඩා...............ක් පින්

      Delete
    5. :O හපොයි..කට කට..

      Delete
    6. සිතුම් අයියේ අපේ අක්ක කිව්වත් වගේ කට පරිස්සං කරගන්න වෙයි හොඳේ.... දන්නවනේ අපි බය වෙලා ඉන්න ඕනෙ... ආයිත් ඉතිං මං මේව නොකිව්වයි කියන්න එපා... අපි නොදැක්කට යක්කු ඉන්නව.. බය වෙයාං...

      Delete
    7. :O හපොයි......
      ඔව් බය වෙලා ඉන්න හොදේ..මම යකා.......:P

      Delete
    8. මෙන්න අපේ අක්කත් වලිගෙ පාගගෙන.... :P
      …ඔයාට නෙමේ අප්පේ කිව්වේ... වෙන යකෙක් ගැන...
      …ඒ යකා ගැන දන්නෝ දනිති... මෙහෙම යනකොට නොදන්නා අයද දැන ගනු ඇත...
      …නැද්ද සිතුම් අයියේ...

      Delete
    9. මේ....මව්ව හලි නෙලක වැඩ හලිඩ.....
      කියන වෙඩිමක් අපිටට් ටේලෙන්න කියන්න ඕනෙ....මෙව්ව ඔත්තු නා....:/
      ගර්..................................

      Delete
    10. මේකිගෙ ගෙරවිල්ල බලහල්ලකො... හිටුකො මාත ගොරවන්න පුරුදු වෙනවා කොහොමහරි...
      …අර්.. හර්... මට ටිකක් කල් දියංකො... මමත් ගොරෝල පෙන්නන්නං...

      Delete
    11. ඈ...හිකිස්....හීනෙන් ටමයි ඉටින්...... :P
      මට ගොරවන්න ආවොට් ඉටින් ඔයා ඉවලයි හොඩේ.....
      ගර්......................

      Delete
    12. හික්! උඹට ගෙරෙව්ව කියල අමුතුවෙන් ඉවර වෙන්න දෙයක් නෑ බොල... මං කොහොමත් ඉවරයි....
      …අර්... :P

      Delete
  2. හම්ම්....... මං මුලින් කියවද්දී මේකේ භාගයයි තිබුනේ. දැන්නේ ඔක්කොම කියෙව්වේ...

    ගොඩක්ම සංවේදී කතාවක්. මේ ඇත්තම චරිතයක්ද...
    :(

    ReplyDelete
    Replies
    1. ඔව් මුලින් දාද්දි ලොකු අවුලක් වුනා. ඉතින් ආයෙම දැම්ම. ඇත්තම චරිතයක් නෙමෙයි නෙත්පානි අක්කේ. ගොඩක් ස්තුතියි

      Delete
    2. බොලා හරිම නරකයි සිතුම් අයියේ... නිකං හිතෙන කතා ඇත්ත වගේම කියනව මදිවට මුලින් බාගයක් දාල පස්සෙ ඉතුරු බාගෙ දානත් පටං ගත්තද ඒ සැරේ... :P

      Delete
  3. සුපිරියි මචන්!
    බොහොම සියුම් තැන් වලින් පාඨකයාට කතාව දනවන්න සමත් වෙලා තියෙනවා.අර පිරිත් නුල බැදපු සිද්දිය වගේ ඒවායින්!
    අති සාර්ථකයි!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මචන්.... මට ඒ කොටස එක පාරට මතක් වුනේ.

      Delete
  4. පැතුම් ඔයා මාරයි අනේ............මාරයි.......

    ජීවංකර පෑන් තුඩක්
    මායංකර සිතුවිල්ලක්
    බන්ධනයට ලක්කරන්න
    කියවන පාඨක අපසැම
    සමත් ඉන්ද්‍රජාලිකයෙක්....:)

    ReplyDelete
    Replies
    1. අනේ මං මාර නෑ අනේ ...මාර නෑ .

      ඔයාගේ කවියට ගොඩක් ස්තුතියි ශෂී

      Delete
    2. අග්නියො සාක්කුවෙ හිලක්ද කොහෙද.... උඹ යන යන තැන කවි හැලෙනව.. :P
      …හැබැයි අර සාක්කුවෙන් හැලුණත් වගේ ඇත්තට මාරයි ඈ...

      Delete
    3. හලේ පැතුම්..............මේ බලන්නකො හලේ මෙයා මත වීලු කලනව.....:(
      මට කතා ලියන්න බෑ ටමයි.....ඒකනෙ මං කවිදෙන්නේ...:)

      Delete
    4. මෙන්න මෙච්චර ලස්සන කවි ලිය ලිය මේකි කියන කතාව....
      …වෙහෙර ගිලපු යකාට අග්ගලා කජ්ජක්ද කියල ඕං ඔහෙ කතාවක් ලියමු බං...

      Delete
    5. මෙන්න මෙච්චර හොඳට කවි ලිය ලිය මේකි කියන කතාව....
      …වෙහෙර ගිලපු යකාට අග්ගලාව කජ්ජක්ද කියල ඕං ඔහෙ කතාවක් ලියමු අග්නියො....

      Delete
    6. බැලි වැඩ කලන්න බෑ හලේ....:‘(

      Delete
  5. අමුතුම ශයිලියක්...ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි සයුරි අක්කේ

      Delete
    2. ඇත්තටම අමුතුම ශෛලියක් තමා සයුරි අක්කේ... මම දැකපු වෙනස් ම එකක් මේක..

      Delete
  6. ඇත්තටම වෙනස් කතාවක්.. තේමාවත් අපූරුයි..

    ReplyDelete
    Replies
    1. කල්පනා කරලා කරලා තමයි මාතෘකාව දැම්මේ. ගොඩක් ස්තුතියි දිනේෂ් අයියේ

      Delete
    2. හික් හික්... ඔය තේමාව කියල තියෙන්නේ මාතෘකාවට නෙමේ සිතුම් අයියේ... කතාවෙ සරල අදහසට නොහොත් හරයට නොහොත් මෙහෙම කතාවක් ලියනව කියල හිතට ආපු සිතුවිල්ලට... වලිගෙ පාගගෙන... :P

      Delete
    3. හප්පට සුර මලේ. අද වෙනකම් මං හිතන් උන්නේ තේමාව කියන්නේ මාතෘකාවට කියලනේ. බට්ටා මලේගේ කතාව ඇත්තක්ම තමා.

      Delete
  7. හොඳ ලියවිල්ලක්....

    ReplyDelete
  8. හ්ම්ම් ඇත්තටම ලස්සනට ලියල තියෙනවා..ඒ වුනාට කියෙව්වම දුකයි.. :(

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි සිත් රූ. වැඩේ කියන්නේ මගේ ඔලුවට එන්නෙම දුක් කතාමයිනේ

      Delete
    2. ඔව් ඔව්... කාලෙකට එහෙම වෙනවලු සිතුම් අයියේ... පස්සෙ හරි යනවලු.. :P

      Delete
  9. ඔයා හොඳ පනිවඩයක් දීල තියෙනවා සමාජයට . හොඳ ලිපියක් .

    ReplyDelete
    Replies
    1. සමාජයට පණිවිඩයක් දෙන්න කියල හිතල නම් නෙමෙයි අක්කේ ලිව්වේ. එත් මං දන්නෙත් නැතුව එහෙම එකක් කියවෙනවානම් ශෝක්නෙ.. ගොඩක් ස්තුතියි.

      Delete
    2. ඒ අදහසට මමත් එකඟයි... කොතන හරි කලබලයක් වෙච්ච ගමං මැද්දට පයින සමහර ගොන්නු මොකෙක් හරි අල්ලගෙන ඌට තඩි බානවා... හේතු කාරණා මුකුත් බලන්නෙ නෑ... බයික් කාරයෙක් දකුණු පැත්තෙන් ගිහින් බස් එකක හැප්පිලා මැරුණත් ගුටි කන්නෙ බස් කාරය... මේක පෙන්නන්න ඕනෙ ඒවගේ අහුවෙන එකෙක්ට ගහන්න බලං ඉන්න එවුවොන්ට...

      Delete
  10. වෙනස් කතාවක්...

    සිතී

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි (ඇනෝ)
      සිතී අක්කේ.

      Delete
  11. හැමදාමත් කියනව වගේ " නියමයි" අයියා.. ලස්සන අදහසක්..

    ReplyDelete
  12. මාරම ලස්සනයි අයියේ හරිම අමුතු විදියකට ලියැවිලා තියෙන්නේ මම කවදාවත් මේ විදියට ලියනවා දැකලම නෑ කවුරුවත්... ඒ ලියලා තියෙන විදියට කතාව ඇතුලටම අපිව ඇදලා ගත්තා සෑහෙන්න දුක හිතෙන කතාවක්... අවසානය කොහොම වෙයිද කියලා අවසන් වෙනකන්ම හිතාගන්න බැරිවුනා ඒත් අන්තිමට සේරම පැහැදිලියි... ඇත්තටම ඒ පිස්සෙක්ද ඔය ප්‍රස්නේට උත්තර නැතිවෙයි කවදාවත්....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ගැමී මල්ලි. පිස්සා කවදාවත් හිතන්නේ නැතුව ඇති මිනිහට මිස්සුද කියල

      Delete
    2. ඒ පිස්සෙක් තමා... හැබැයි ඒකා දිහා මේ කතාවෙ අනිත් චරිත ටික බලන විදියට බලන එවුවොන්ට තරං ම නං ඒකට පිස්සු නෑ...

      Delete
  13. අමුතු කතාවක් හොද හැකියාවක් තියෙන හැඩයි.ඔන්න මගේ හිතේ තියෙන දේත් කියල යන්න ආවා මේ පැත්තට

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි කාව්‍යා අක්කේ. හිතේ තියන දේ කියන යන එක කොච්චරනම් දෙයක්ද

      Delete
  14. නොවෙන්න පුලුවන් දෙයක් නෙවෙයි තමයි, ඒක ලස්සනට ලියලා තියෙනවා! අපූරුයි!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි මචන්, නොවෙන්න පුලුවන් දෙයක් නෙවෙයි කිවේ අනිවා වෙන්න පුළුවන් දෙයක් කියල නේද. ?

      Delete
  15. මේක නියමයි මචං.......තව ඕන මේ වගේ ඒවා........

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි මචන්,මං දිගටම ලියනවා දිගටම ලියනවා.

      Delete
    2. ඇත්තටම අපිට තව ගොඩාක් ඕනෙ මේ වගේ වෙනස් කතා.... දිගින් දිගටම ලියන්න...

      Delete
    3. ගොඩක් ස්තුතියි බට්ටා මලේ. ඉල්ලුමට අනුව සැපයුම. එත් ඉල්ලුමක් නැති වුනත් මම දිගටම සපයනවා.

      Delete
  16. මාර ලස්සනට ලියලා තියෙනවා මල්ලි..අගෙයි....

    ReplyDelete
  17. Replies
    1. බොහොම ස්තුතියි මචන් කිරි පුතේ

      Delete
  18. අමුතුම කථාවක් මේ ඇත්ත සීන් එකක් ද....

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි අයියේ, සිතුවිල්ලක් කතාවකට නැගුවා විතරයි. අත්තක් නෙවෙයි.

      Delete
  19. attamai aiyee oyaage mee katawa godaak lassanaii... navum kata temawak...

    ReplyDelete
  20. මට කියන්න තියන සේරම ටික උඩ කිවා... අන්තිමට ම කියන්න තියෙන්නේ මම මේ පෝස්ට් එක අල කරා නං සමාවෙන්න සිතුම් අයියේ... සමහර විට මම එහෙම කරේ මේ කතාව කියවද්දි ඒකෙ ලස්සනට මට පිස්සු හැදුනද දන්නෙ නෑ...

    ReplyDelete
    Replies
    1. ඕං බලන්නකො පැතුමගෙ වැඩ.....පිස්සු කොල්ලෙක්ගෙ පිස්සු වැඩිකරල.....
      හැබෑට මුන්දැගෙ පිස්සුව අඩුවෙන්න කතාවක් ලියන්ඩ බැරිද පැතුම්...;)

      Delete
    2. බට්ටා උඹ මගේ පොස්ට් එක අල කලේ නම් නෑ..මං හරි කැමතියි බං කමෙන්ට් වැටෙනවට. අඩා මං ලියන කතා වලින් බොලාට පිස්සු හැදෙනවානම් කතා ලියන එක ගැන තුන් හතර වතාවක් හිතන්න වෙනවනේ. :D

      අග්නි. තව කතාවක් ලියනවා. මුන්දෑ කියන විදිහට කතාව කියවල පිස්සුව වැඩි වෙයිද දන්නේ නෑ.

      Delete
  21. ඇයි බං මැරෙන ඒවම ලියන්නේ ඒක දිගට දාපු කතා තුනම කවුරුහරි කෙනෙක් මැරෙන ඒවා නේ තිබ්බේ

    ඒත් මචං උඹේ ලියවිල්ල මරුලියවිල්ලේ කිසිම වරදක් නැහැ.තිරගන්න සංකල්පය ගැන විතරයි මම කිවුවේ.

    ජයෙන් ජය.!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි අයියේ

      අසාර් අයියට පැටලිලාද කොහෙද. මං දැනට කතා හතරයි ලියල තියෙන්නේ. 1. පණ පිටින් මියැදෙමි (මේකේ නම් කෙල්ල මැරෙනවා) 2. අකාරුණික දෛවය (මේකේ නම් කවුරුත් මැරෙන්නේ නෑ) 3. කසාදය (මේකෙත් කවුරුවත් මැරෙන්නේ නෑ) 4. වික්ෂිප්ත (මේකේ නම් මැරෙනවා.) කතා දෙකක විතරයිනේ අසාර් අයියේ මැරෙන්නේ.

      Delete
    2. ඒ දෙකම ඒක ළඟ වැඩි වගේ කියල හිතුනා.. මට දැනුන විදියට සංකල්ප සංවේදී.සමහට විට ඒකාකාරී වෙන්න පුළුවන්.අතරින් පතර හාස්‍ය කතාත් ලියපං.මොකද උඹට හැකියාවක් තියෙනවා.

      හැබැයි මේ මගේ අදහසක් විතරයි...

      Delete
    3. ඇත්තටම..... හොඳ ලස්සනට කරන්න පුලුවන්නං විතරක් අසාර් අයිය කියන විදියට වෙනසක් කරන්න පුලුවන්නං හොඳයි.... උත්සාහයක් දාල බලන්න.... සිතුම් අයියට බැරි වෙන්න විදියක් නෑ කොහොමත්...

      Delete
    4. ගොඩක් ස්තුතියි අයියේ. ඒ වගේම බට්ටෝ. මේ වගේ අවවාද අනුශාසනා අඩුපාඩු පෙන්නලා දෙන එක මගේ ගමනට ලොකු ශක්තියක්

      Delete
  22. මේ වගේ කතා කියවන්න බෑ අෆ්ෆා....

    ReplyDelete