Friday, June 8, 2012

අඳුනනවද බලන්න



සීතල මීදුම අතරින්
අත් පටලා ඇවිද යන්න
ඔබ එනවද මටත් කලින්
පමා නොවී දැන් කියන්න

ඇස් අහකට නොගෙන ඉන්න
මගේ තනියට ළඟම ඉන්න
 නුඹ වෙනුවෙන් පෙරුම් පුරපු
මේ ඇස් අඳුනනවද බලන්න

හෙමින් සැරේ උර මත හිස තියා ගන්න
සුළන් සරේ නුඹ රහසෙන් එපා එන්න
සිතුම් වැලේ පැටලීගෙන බලා ඉන්න
 සුසුම් සැලේ නුඹේ නාමෙන් අහන් ඉන්න.




ග්‍රැෆික් චිත්‍රෙ කාලෙකට උඩදී මම ඇඳපු එකක්.  කවියත් එහෙමයි.
ඔරිජිනල් ෆොටෝ එක ගුගල් එකෙන් හොයාගත්තේ.


53 comments:

  1. ලස්සන සිතුවිල්ලක්.... ග්‍රැපික් එකත් ලස්සනි කවුද අප්පා මේ?

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි කාව්‍යා අක්කේ. මේ අර ජෙනීලියා අක්කනේ

      Delete
  2. Replies
    1. යා...යා..යු ආර් කැරට්... සොරි කරෙක්ට් !!

      Delete
  3. Replies
    1. ගොඩක් ස්තුතියි ඉන්ද්‍රජිත් අයියේ

      Delete
  4. මලයා කලින් පොස්ට් එකේ කියල තිබ්බෙත් මෙයා ගැනම නේද?

    ReplyDelete
    Replies
    1. අනේ නෑ රේප් මහත්තය අයියේ. මේ කවිය ලියද්දි එයැයි ගැන මගේ තුන් හිතකවත් තිබුනේ නෑ අම්මප. මේක හිතුවිල්ලක් විතරයි.

      Delete
  5. කවියෙන් කියලා තියෙන්නේ හිතේතියෙන බලාපොරොත්තුවක් වගේ ,කවියත් ලස්සනයි චිත්රෙත් ලස්සනයි ...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි රොබින් මචෝ. ඔව් බලාපොරොතුවක් වගේ එකක් තමයි ප්‍රාර්ථනාවක්.

      Delete
  6. පුපුරු ගසන මේ ගිමිහන
    රුදුරු වෙසින් පාරයි මම
    සොදුරු අලුත් මල් පිබිදෙන
    වසත් කලක් ඒද මිතුර....

    ලස්සනයි කවි ටික...

    ReplyDelete
    Replies
    1. වසන්තයක් අත ළඟලු අක්කේ. කවියෙන් කියපු අක්කට ගොඩක් ස්තුතියි.

      Delete
  7. හානේ පැතුම් අය්යා.. මම අදුර ගත්ත ඈත තියාම.. ( ම්හ්හ් හඩු ගඳ )

    කවිය මරු... ග්‍රැෆික් එකත් මරු...

    ReplyDelete
    Replies
    1. ඈ බං...වෙන කවුරු හරි වෙන්ඩ බැරිද. මම හැමදාම නානවා බං. මට තේරෙන්නේ නෑ බං හඩු ගඳෙයි කවියෙයි සම්බන්දෙ ??

      ගොඩක් ස්තුතියි කිව්වා ඕන් ඈ.

      (පොඩ්ඩක් කවුරුවත් නැති තැනකට ගිහිල්ල අතයට ඉඹල බැලුවනම් මීගොඩයෝ, මට නිකමට හිතුන උඹේ ගඳටමවත්ද රැවටිලා තියෙන්නේ කියල)

      Delete
  8. සිංදුවක් වගෙ ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි ලොකු ජෝන් මචෝ

      Delete
  9. ලස්සන කවි සිතුවිල්ලක් (හැබෑවක් වුනානම් :) )

    පින්තුරෙත් මරු මචං

    ReplyDelete
    Replies
    1. එකනේ මඩියෝ හැබෑවක් වුනානම් පංකාදු පහයි.

      ගොඩක් ස්තුතියි ඈ....!

      Delete
  10. ඔබ එනවද බලන් ඉන්න..

    සිත්තරේත් නියමයි.

    ReplyDelete
    Replies
    1. සමහර විට ඒවි අසාර් අයියේ.

      ගොඩක් ස්තුතියි ඈ...!!!

      Delete
  11. මමනං දන්නෝ........ මේ අර අරයනේ... :-)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. පස්වාන් දහසකට ආයු බෝ වේවා !!!

      ඔව් ඔව් රජෝ අර අර එයා තමයි.

      Delete
  12. කවිය ලස්සනය්
    චිත්තරෙත් ලස්සනය්..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි පුබුදු මලේ

      Delete
  13. කව්ද අප්පා මේ.........? ලාවට දැකල පුරුදු මුනක් ද මන්දා....මීටරේ අස්පට්......:)
    කවියත් ලස්සනයි..චිත්රෙත් ලස්සනයි.....;):D
    ඉකමටම මේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මල්ලියෝ..
    ජයෙන් ජය..!!!

    ReplyDelete
    Replies
    1. ඇයි අප්පා මේ අර ජෙනීලියා අක්කනේ. මතක නැද්ද ? මීටරේ අප්සෙට් තමයි නැත්තම්

      ගොඩක් ස්තුතියි ඈ ඔයාටත්.

      ප්‍රර්ථනාවට ආයෙත් ස්තුතිය හොඳේ !!!

      Delete
  14. සිංදුවක් ද? කවියක් ද? වැඩි බර සිංදුවකට.....
    චිත්‍රයත් ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. "කැමති කෙනෙක්ට කැමති විදිහකට" සුමිත් අයියේ.

      ගොඩක් ස්තුතියි ඈ ඔයාට...!

      Delete
  15. ලස්සනයි ලස්සනයි පැතුම්..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි නිම්ෂා !

      Delete
  16. ජෙනෙලියා අක්කනේ.. මේ කසාද බැදපු අයට කවි ලියන්න ගිහින් ගුටි කන්න එපා මලයා..

    කවියයි චිත්‍රෙයි දෙකම ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ දිනේෂ් අයියේ, බැඳපු අයට නම් කවි ලියන්නේ තියා බැල්මක්වත් දන්නේ නෑ. මම මේක මෙයා බඳින්න කලින් ලියපු එකක් හැබැයි.

      ගොඩක් ස්තුතියි ඈ..!

      Delete
  17. පැතුම උඹට හොඳට කවි ලියන්නත් පුළුවන්නේ.උඹ ලියපු කවියක් දක්කමද කොහෙද.
    ඒක නෙමේ අර පින්තුරේ ඉන්න දැරිවි කසාද බැඳලද දන්නෑ ;)

    ReplyDelete
    Replies
    1. අඩේ මේක හොඳයිද බං. ලියපු කවි ගොන්නක් තියනවා මචෝ. බ්ලොග් එකේ දාපු දෙවෙනි ඒක. පළමු එකට නම් කවියක් කියන්න අමාරුයි.

      ඔව් මචෝ දුක තමයි මේ ලඟකදී කසාද බැන්දා.

      Delete
  18. රිතේෂ් අයිය පොල්ලක් අරන් එයි ඈ....අපි ඩන්නෑ.....^_^

    “සුසුම් සැලේ නුඹේ නාමෙන් අහන් ඉන්න.“

    ඇත්තටම ලස්සනයි......:)

    ReplyDelete
    Replies
    1. රිතේෂ් අයිය මගේ බොක්කේ ෆිට් එකක් ශෂීයෝ ! වෙඩිමටත් එන්න කීවා. මට යන්න බැරි වුනා හෙම්බිරිස්සාවක් හැදිලා. පස්සේ මම සුභ පැතුමක් මේල් එකකින් යැව්වා.

      ගොඩක් ස්තුතියි ඈ ඔයාටත්...!!!

      Delete
  19. හරි හරි අපි අදුර ගත්ත කවුද කියලා :D
    කවියයි , චිත්‍රයයි දෙකම ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ආන්න....හරි. අඳුර ගත්ත නම් එයා තමයි.

      ගොඩක් ස්තුතියි ගිම්හානි අක්කේ.

      Delete
  20. කවියයි සිත්තරෙයි නියමයි ඈ.... සිත්තරේ ඇන්දේ Art Rage වලින්ද??

    මම මේ කෙල්ලව අදුරන්නෑනේ... මෙයා මොනාද කරන්නේ?? බොලිවුඩ්ද හොලිවුඩ්ද?? බොලිවුඩ් නම් සොරි තමා මම මෙයාව දන්නෑ

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි ගැමි මල්ලි. සිත්තරේ ඇන්දේ ඉලස්ට්‍රේටර් වලින් මචෝ.

      මෙයා බොලිවුඩ් සහ කොලිවුඩ්, තව තෙලිඟු වලත් රඟපානවා. (මේ...කොලිවූඩ් කියන්නේ තෙලිඟු වලට නෙමේ නේද ? දෙමල වලට නේ ?) හොලිවුඩ් වලටත් යාවි සමහර විට.

      Delete
    2. ඒකනේ මෙයාව දන්නැත්තේ පොඩි සර්ච් පාරක් දාන්ඩෝන

      Delete
  21. සිතිවිල්ල ඇත්තක් වුනානම් අම්මපා හරි ෂෝක්.
    කෝ ඉතින් මෙයා බැඳලලුනෙ.මේ දිනේශ් අයියා කියන්නේ.

    රෑපෙ අපූරුයි.

    ReplyDelete
    Replies
    1. එකනේ අප්පා. අත්තක් වුනා නම් මල් හතයිනෙ.

      එකනේ මෙයා මේ ලඟදි බැන්දනේ...

      Delete
  22. සිත්තරෙත් එක්ක කවිය මාර ගති !!!
    මම දෙපාරක්ම කියෝලා බැලුවා.
    අපට කොහෙන්ද බැදපු මාලු !!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි මධුරංග අයියේ.

      එහෙනම් තම්බපු මාලුවෙක්වත් හොයාගමු නේ ?

      Delete
  23. මට නම් අඳුරගන්න බැරිවුණා... ජෙනීලියා අක්කව. මෙයා බැන්දා නේද ළඟදි? මේක එහෙට මෙහෙට කරලා ගත්තොත් සින්දුවටත් මරු!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි මචෝ. මේ අක්ක ලඟදි බැන්ද බං.....

      Delete
  24. Lassanai Yaluu :)

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි හිරුහිමාවී.

      Delete
  25. සින්දුවකට කියන්න පුළුවන් ලස්සනට පද පේලි ටික..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි වෙනී අයියේ

      Delete
  26. ara school bas eke hambuna ekkena needa?

    ReplyDelete