Friday, August 10, 2012

එයත් එක්ක රෙදි අපුල්ලන්න ආසයි බං

ගොත ගහ ගහ ඉන්න රම්බාගේ මුණ නිකන් හරියට පැණි කොමඩු ගෙඩියක් වගේ වුණා. මු කියන දෙයක් කියන්නේ නැති කොට මමත් අමාරුවෙන් දත කාගෙන හංගගෙන ඉන්න ඉවසීම, පනින්න ඔන්න මෙන්න වගේ.


"ඉතින් මොකද උඹ මට ආදරෙයිද. එව්වා හරියන්නේ නෑ පුතෝ ලංකාවේ තාම ඒ නීතිය සමාජගත කරලා නෑ, හොරෙන් ජීවත් වෙන එවුන් ඇති. ඒත් උඹේ අදහස් සුම්මා, එව්වා හඳේ හරිය, හොඳ හිතින් ඔය විකාර හිතෙන් අතැරලා  දාපන්" මටත් ඇති වෙච්ච කුතුහලේ හින්දයි මුගේ කෙකර බෑවිල්ල අන්තිමට මොකක් වෙයිද කියල නොදන්න හින්දයි බයේම මමත් කියලම දැම්ම.


"බොල අලගොඩුවෝ, මගුලක් කියනවද, බොට ආදරේ කරන්ඩ මට මඤ්ඤඃද......ඊට වඩා හොඳයි පිහියෙන් කෑල්ල කෑල්ල කපාගෙන මැරෙනවා. ඒක නෙමෙයි බං මම........උඹට...."


"දඩාන්....."


එතකොටම මගේ රතු කට්ට පනිනවා පනිනවා වගේ දැනුනා. මට මාවම කන්ට්‍රෝල් නැතුව ගියා, එවලේම අතට අහුවෙච්ච පොත් මිටිය රම්බාගේ මුණ සිපගත්ත සද්දේ තමයි ඒ..


රම්බගේ වම් කම්මුල ආනමාලුව වගේ දික් වෙලා එද්දී, ඇහැකින් දොට්ට පැන්න කඳුළු කැට සට සට ගාල වැටෙද්දී,


"මචන් මට හිතෙනවා මම බොරලුවත්තේ වෙරළු කඩේ ඇන්ටිගේ දුවට ආදරේ කරනවා කියලා, පෙරේදා ඒකි මට හිනා වුන වෙලේ ඉඳන් මං නිකං පාවෙනවා පාවෙනවා වගේ බං. මේ පපුව අස්සෙන් හිරි වැටෙනවා වගේ බං ඒකි මතක් වෙනකොට, අනේ බං මට ඒකි දකින්නේ නැතුව ඉන්න බෑ ..මට ඒකි මගේ කරගන්න ඕනේ බං. ඒකිගේ අතින් අල්ලන් ගම වටේ ඇවිදින්න ඕනේ බං..... එයා කන්න කැමති කෑම ගෙනත් දීල ඒවා ආසාවෙන් කන හැටි බලන් ඉන්න ආසයි බං...., බත් පංගුව අනල හිමින් සැරේ කට කට කවන්න ආසයි බං.... එයත් එක්ක ෆිල්ම් හෝල්  ඒකෙ අඩ අඳුරට වෙලා චිත්‍රපටි බලන්න ආසයි බං. මුහුදු වෙරළේ අත් අල්ලාගෙන ඇවිද ගෙන ගිහින් රැල්ල පාගන්න ආසයි බං. රෑට රෑට එස්.එම්.එස්. වලින් මල් කඩන්න ආසයි බං, ගමටම මගුල් කියල ඒකිත් එක්ක එක වහලක් යටට එන්න ආසයි  බං.  ළමයි පෝලිමක් හදල උන් එක්ක ඇලේ නාන්න යන්න ආසයි බං.එයත් එක්ක රෙදි අපුල්ලන්න
ආසයි බං.... මට කන්නත් ඕනේ නෑ බං......, බොන්න ඕනෙත් නෑ බං....... ඊයේ දවසටම එක වේලයි කෑවේ. මං කියන්නේ බොරුනම් අත තියල බලපන් මේ පපුවට ගැහෙනවා දිඩි දිඩි ගාල"


"ඉතින් බොල රත්තරනේ පපුව ගැහෙන්නේ නැත්තම් තෝ මැරිලානේ." වෙන්නේ මොකද කියල හිතා ගන්න බැරිව වෙව්ලන මගේ කටහඬ වෙව්ල වෙව්ල එහෙම කියනකොට, මෙච්චර වෙලා කටේ පිරිලා තිබ්බ කෙළ  ටික මම අමාරුවෙන් ගිල්ලා.


"නෑ යකෝ විනාඩියට වාර එකසිය පනහක් විතර ගැහෙනවා බං. මං හිතන්නේ ආදරේ කරනකොට එහෙම වෙන්න ඇති. ඇයි බං මගේ හදවත විතරක් නෙමෙයිනේ, හදවත් දෙකක්නේ"


මම නිකමට කිට්ටු වෙලා රම්බාගේ පපු කිණිත්තට අත තියල බැලුවා. විනාඩියට එකසිය පනහක් තියා ඒකෙ එක ගැස්මක්වත් නැති තරම්. එක පාරක් ගැහිලා ආයේ තප්පර දහයක් පහලවක් යනකම් හාවක් හුවක් නෑ. මගේ පපුවත් සීතල වෙලා ගියා. මු දැනටමත් මැරිලද කොහෙද කියල, වෙරළු ඇන්ටිගේ සකුන්තලා ලමිස්සිට ආදරේ කියල කියන්නත් කලින් මෙහෙමනම් කිව්වට පස්සේ මේ ගැහෙන ටිකත් නතර වෙලාම යාවිනේ කියලා.


දැන් මගෙත් තුන්කාන්දෙන් දාඩිය වැක්කෙරෙනවා, මුට දිෂ්ටියක්වත් වැහිලද කියල,  ඇයි පෙරේදා බෝක්කුවේ කොපින් කනුව උඩ ඉඳගෙන "ඕන් බලපන් මගේ ජීවිතේට මං කෙල්ලෙක් එක්ක යාලුවෙන්නේ නෑ"  කියපු රම්බා අද මෙහෙම කියනකොට.  බයවෙච්ච පාර  මම,


"කියපන් කියපන් ඉතින් මගෙන් කෙරෙන්න ඕනේ"  මොනවා වුනත් මගේ බොක්කේ යාලුවනේ, ඕනේ සප් එකක් දෙන්න මේ රයිටර් එවරෙඩි


උගේ මුනෙන් ආදරේ පිටාර ගලල යනවා. පොල්කට්ටක් තිබ්බනම් එකතු කරන්න තිබුනා කියල මගේ කවි හිතට හිතුනා, පව් අහිංසකයා, මිත්‍යාවෙන් වෙලිලා, ආලෝකය හොයාගන්න බැරුව ලත වෙනවා. බ්ලොග් එකට කෙටි කතාවක් ලියන්න පට්ට මාතෘකාව, මම ශේප් ඒකෙ මේසේ උඩ තිබ්බ නොට් පොතේ ලියා ගත්තා. "රම්බාගේ විලාපය කියලා".

 
"මචන් රයිටර් උඹ අර බ්ලොග් ඒකෙ ලියන වචන සෙට් එක පාවිච්චි කරලා මට ආදරණීයම ආදරණීයම ආදරණීයම... පෙම් පතක් ලියල දියන්කෝ බං"


හුටා මු මගේ බ්ලොග් එකත් කියවනවද ඇයි හත්වලාමේ ඊයේ පෙරේදා වෙනකම් කියෙව්වට නම් කමක් නෑ ලඟක් වෙනකම් යස අගේට තිබුනා, ඒත් මේ ලඟදි ඉඳන්  ලියවෙන කැටගරිය දැක්කොත් රම්බා මගේ ආයේ මුණ බලන එකක් නෑ. මගේ අත කට වෙව්ලනවා. මු අපහාස නඩු දාන්න බැරිකමකුත් නෑනේ.


"උ...ඹ.. කොහෙන්...ද මම බ්ලොග් එකක් ලියනවා කියල දන්නේ"


"ඇයි බං අර රෙදි නැන්දගේ දුව කිව්වේ...... ඒකිගේ ෆේස්බුක් ෆේක් අකවුන්ට් එකෙන් දවසක් උඹත් එක්ක චැට් කරනකොට උඹෙන් දස වදේලු."


"උඹ ලයින්කු ද මොකක්ද හැමවෙලේම එවනවලු"  "මං බ්ලොග් එකක් ලියනවා කියවන්න, ඔයත් බ්ලොග් එකක් ලියන්න මං උදව් කරන්නම්".. කියලා වැඳ වැඳ කියන සයිස් එකෙන් කියනවලු.   ඉතින් ඒකිට දුක හිතිලාම ඒකට ගිහින් බලලා.


කවුද බොලේ මම කීදෙනෙක්ට එහෙම කියල තියනවද, රම්‍යාද, දීපාද, සුගන්දිකාද, ගීතිකාද, දිල්කිද, සරෝජිද,  කවුද යකෝ මාව කාපු රෙදි නැන්දගේ දුව ? මම දිව හපාගෙන කල්පනා කරන අතරේ රම්බා කියනවා,

"අඩේ උඹ ලස්සනට ලියනවලු, හිතට වදින්න ලියනවලු. උඹ ලියපු ඒවා කියවලා ඒකිට ඇඬිලා. උඹට තියෙන්නේ කවි හිතක්ලු, කෙල්ලෝ මුලා කරන්න පුළුවන්ලු" 


ඒක අහපු මගේ හිත ප්‍රීතියෙන් ඔද්දල් වෙන්න පටන් ගත්තා. නහරයක් නහරක් ගානේ ආඩම්බරකම දෝරේගලන්න ගත්තා. මම මෙතෙන්ට එන්ඩ කොච්චර දුකක් වින්දද, ඒවායේ ප්‍රතිපල තමයි මේ, මගේ ඇස් ලාවට තෙත් වුණා. කමෙන්ට් දාන උදවිය එහෙනම් බොරුවට නෙමෙයි කියන්නේ. හ්ම් හ්ම්..


"ඇයි බං උඹ අඬන්නේ"  උඹ සකුන්තලාට ට්‍රයිද, මේ මේ මරාගෙන මැරෙනවා යාළුවා කියල බලන්නේ නෑ. ඒකි මගේ කැපුවත් මගේ. අදහසක් තියනවනම් දැන්ම අතැර ගනින් "


"පයිත්තියන් තොට ට්‍රයි මගුලක් නෙමෙයි..............උඹලට මං ගැන අගේ නැති වුනාට රටේ ලෝකේ එවුන්ට මාව මාව වටිනවා බං,"
ඉකියක් එක්ක පිට වුන මගේ කටේ අවංක සද්දෙට උට දුක හිතෙන්න ඇති


"අනේ නෑ බං කාට නැතත් මට උඹව වටිනවා"


රම්බා ලෝකේ හදන බටර් ටික ඔක්කොම තලපේ වගේ හදල මගේ ගාන්නයි ලෑස්තිය.



"අනේ බං ඒ විදිහට මට සකුන්තලාට දෙන්න ලියුමක් ලියලා දියන්කෝ"



රයිටර් රම්බාට ලියල දුන්න ලියුන් කඩදහිය කියවන්න කැමති ළමයි ඉන්නවද ? 

71 comments:

  1. ලියුමත් පට්ටෙට ඕන ආ ..

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා දෙනවා රොබින් අයියා !!

      Delete
  2. හෑ........
    රම්බාගේ කෙල්ලගෙ අවාසනාව..

    ReplyDelete
    Replies
    1. හෑ.....වාසනාව වෙයිද අවාසනාව වෙයිද දන්නේ නෑ තරියෝ බලමු බලමු !!!

      Delete
  3. ඒකනේ මල්ලි මම් කිව්වේ. කවුරුහරි වැඩක් කරගන්ඩ ඕන උනාම සෑහෙන්ඩ බටර් ගානවයි කියලා. හික්ස් :)
    අනිවාර්යෙන්ම... රම්බාට ලියපු ලියුං කඩදහිය මමකියවන එක කියවනවමයි !

    ReplyDelete
    Replies
    1. ඒක නම් එහෙම තමයි. බටර් යායයි, මොනවා හරි කරගන්න ඕනි වුනාම. එල එල. ලියුන් කඩදහියත් බලන්නකෝ එහෙනම් ඈ.....!!!

      Delete
  4. ලියල තියෙන විදිහ නම් හරිම ලස්සනයි පැතුම්...හරිම ආසාවෙන් කියෙවුවෙ.ලියුම නම් කියවන එක කියවනවමයි :D

    ReplyDelete
    Replies
    1. එල එල ලියුන් කඩදහියත් කියවන්නෝ එහෙනම් හොඳේ

      Delete
  5. අඩේ...දාපංකො බංස් ඒ ලියුම..ඒකෙන්වත් අදහසක් ගන්න ;)
    එළට ලියල ඈ..පට්ට..

    ReplyDelete
    Replies
    1. හරි හරි එහෙනම් ඒකෙන්වත් අදහසක් ගනින්කෝ ඈ !!

      Delete
  6. මට මතක් වුණේ එදිරි ගෙ සාටරේ!! ඵල ඵල!

    ReplyDelete
    Replies
    1. ඔව් බං ගොඩක් අයට ඒක මතක් වෙලා ගිය පාර පොස්ට් එකෙත්. එදිරියාගේ ලිවිල්ල තරම් සුපිරි ලිවිල්ලක් මං ජීවිතේට දැකලා නෑ

      Delete
  7. අලෙ නියමයිනේ....ඉතුරු ටික ඉක්මන්ටම දන්නා මල්ලියෝ...ලියුම කියවන්න අපි එනවා අනිවාර්යෙන්ම...
    ඔයා නියමෙටම ලියනවා මල්ලියෝ...
    ඉතිරිය කියවන්න අපි එනවා..අනිවාර්යෙන් දාන්න හොදේ..:)
    ජයෙන් ජය...!!!

    ReplyDelete
    Replies
    1. හරියෝ එන්නෝ ලියුන් කඩදහියත් කියවන්න එන්නෝ !!!

      Delete
  8. යකෝ ලියුම දාපිය... ඒක මීට වැඩිය ආතල් ඇති...

    මැක්ස් මචං ලියවිල්ල නම්...

    ReplyDelete
    Replies
    1. දානෝ දානෝ. ඒකත් දානවෝ මචෝ

      Delete
  9. onna mamath enawa sithum ayye a letter eka kiyawanna....... :) (ayyata hamoma kiyanne pathum kiyalane.....wenasakatath ekka mama ayyata sithum kiyala kiyannam hode....kamak nane?)

    ReplyDelete
    Replies
    1. හරි හරි නංගියෝ කොහොම ආමන්ත්රණේ කරත් මම මමමයි. මේ ලෝකෙටම මං වගේ ඉන්නේ මං විතරයි :D :D ඔයාගේ කැමැත්තක් !!!

      Delete
    2. එහ්.. කවුරුවත් නැත්තෙ නෑ.. මමත් දැකපු දවසෙ ඉඳං මූට කියන්නෙ සිතුම් කියලනේ ඈ.. ;)

      Delete
  10. එකෙන්ම කැමතියෝ :ඩ්

    ReplyDelete
    Replies
    1. එල කිරි එහෙනම් හම්බෙමු ඒකෙන් ආ....!

      Delete
  11. මේක මෙහෙම නම් ලියුම කොහොමට තියෙයිද? එල ඈ

    ReplyDelete
    Replies
    1. බලමු බලමු අවතාරේ !!! ලියුම් කඩදහිය කොහොම වෙයිද කියලා

      Delete
  12. එතකොට "මම උඹට.." කියල පටන්ගත්ත වාක්කියේ ඉතුරු ටික මොකද්ද? ඒක හැලිලා නේ...මරු ආ

    ReplyDelete
    Replies
    1. මම... උඹට.. උඹට... කියල සෙනේ කොළයක් ලියාගන්න ආවෙ...
      …එහෙම හොඳයිනේ.. අඩේ ලොකු අයියේ.. මටත් ලියල දියකෝ ඈ..

      Delete
    2. නෑ සයුරි අක්කේ, හැලිලා නෙමෙයි. උට ඉතුරු ටික කියාගන්න හම්බෙන්නේ නෑ. රයිටර්ගෙන් කනවනේ අර පොත් මිටියෙන්. ඉතින් එතනින් එහාට වාක්‍යක් නැතෝ.

      බට්ටෝ උඩ එක බලපන් ඈ...!

      Delete
  13. හහහා........ලොවෙත් ආ.. :-))))

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ආයුබෝවේවා රජතුමනි !!!

      Delete
  14. ඇත්තටම පැතුම් මේක නම් නියමෙට යනවා.. දැන ඔයා ෆේමස් රයිටර්ම තමා..
    අපි ඉතින් කොහොමත් අනුන්ගේ ලියුම් කියවන්න කැමති ඈයෝ නේ..
    එක සැරයක් නවය වසරේදී මම මගේ යාළුවෙකුයි අක්කා කෙනෙක් අපිව ධූතයා කරගෙන අයියා කෙනෙක්ට දෙන්න කියපු ලියමක් කඩලා කියව කියව ඉන්නකොට ඒ අක්කටම මාට්ටු.. ඒත් හැබැයි එයා හෙන අවුලෙන් හිටපු නිසා ඒක එච්චර ගානක් වුනේ නැ.. නංගි ලියුම කියවල ආයේ හොඳට කවරෙට දාලා දෙන්න කිව්වා.. විලි ලැජ්ජාවේ බැ.. එදායින් එදා තමට අනුන්ගේ ලියුමක් කියවලා නැ..
    ජය වේවා.. :D

    ReplyDelete
    Replies
    1. සිකේ...මාට්ටු වෙන්න ඔය වැඩ කරන්නේ කවුද ඩබල්.ආර්.එච් ?

      අර අක්කට වහ කන්න හිතෙන්න ඇති. හපෝ !!!

      Delete
    2. නැ අනේ එයා ටිකක් විතර කොහොමත් අවුල් කෙනෙක්.. අනික එයා කිව්වා එය ලේ වලින් ලියුමේ ලිව්වා කියලා.. ඔහොම ෆිල්ම් සීන් නොබලා අතාරින්න පුළුවන්ද.. හිහිහිහිහිහි....

      Delete
    3. ඇයි අප්පා ඒ අක්කට නිකන් අර අපි කියන්නේ මොංගල් වගේ මොංගල් නෑ කියල එහෙමද?

      හැබෑව හැබෑව ඕවගේ ෆිල්ම් නොබලා ඉන්නේ කොහොමද ?

      Delete
  15. දෙන්න දෙන්න ලියුම දෙන්න...

    ReplyDelete
  16. අෆ්ෆා.. ලියුම මරුවට ඇතිනේ බ.. එකත් දාපං ඉක්මනට...

    ReplyDelete
    Replies
    1. හරියෝ හරියෝ දෙනවෝ දිෂ් අයියේ

      Delete
  17. ලියල තියෙනවා සුපිරියටම.නංගිලා නම මාරු කරලා කතා කරද්දී පැණි බේරෙනවා නේද?ලියුමත් ඉකනට දාන්න.

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි ඉතින් කෙල්ලොන්ට කොල්ලෝ පැණි හලන්නේ නැතුව වෙන මොක්කු හලන්නද අප්පා !!! හිහ් හිහ් හිහ්

      Delete
  18. නියමයි හ්ම්ම්..පව් කොහොම උනත් අර යාළුවා..ඉක්මනටම අපිටත් කියවන්න දාන්නකෝ ලියුම.. :)

    ReplyDelete
    Replies
    1. රම්බා පව් වුනාට බ්ලොගේ මොනව හරි ලියන්නත් එපැයි. හිහ් හිහ් හිහ්

      Delete
  19. ලියුමෙ කොපියක් බ්ලොගේටත් එයිවගේ.

    ReplyDelete
    Replies
    1. අනිවා රාජ් අයියේ දාන්නම වෙනවනේ. කට්ටිය බලාන ඉන්නවනේ ලියුම් කියවන්න

      Delete
  20. ඔන්න යාළුවො.. මමනම් ජීවිතේට සිතුම් පැතුම්ට කියලා ලියුමක් ලියව ගන්නෙ නෑ. ලියුම කියවන්න නම් එනවාමයි... ජය...!

    ReplyDelete
    Replies
    1. හපෝ ප්‍රදීප් අයියේ ඔහොමත් කියනවද ? රයිටර්ට කියල ලියෝගත්තොත් වරදින්නේ නෑ ඒක ෂුවර් !!!

      Delete
  21. කතාව මරුවට යනවනෙ :D
    ලියුම බලන්න වැඩි කල් ඉන්ට වෙන්නෙ නැති වෙයි නේද?

    ReplyDelete
    Replies
    1. නැත නැත වැඩි කල් ඉන්න වෙන්නේ නැත. ඉක්මනට දානවෝ

      Delete
  22. උඹ ලියුම ලියපන්.. නම වෙනස් කරල කවුරු හරි කෙල්ලෙක්ට මමත් ඕකම දෙනවා...

    ReplyDelete
    Replies
    1. එල කිරි සාතන් අයියේ. දුන්නොත් වරදින්නේ නෑ. කෙහෙල් ගහට ඇන්නා වගේ තමයි කොට්ටෝරුවා

      Delete
  23. හපොයි රම්බට වෙච්චි දෙයක්...පව් අප්පා...මේවා දැක්කොත් වහ කාල මැරෙයි...

    ReplyDelete
    Replies
    1. අන්න එදාට තමයි රම්බගෙයි රයිටර්ගෙයි ජීවිතේ තීරණේ වෙන්නේ රෙහානා !!!

      Delete
  24. අර විශ් ලිස්ට් කට මම හරිම ආසයි සිතුම්! මාර නිර්මාණාත්මකයි.
    ඔය ලියන්න යන ලියුම තියෙනවා නේද?
    ඔන්න ඔයවගෙම ලියුමක් මම කියෙව්වා චමී4යූ කියන සයිට් එකේ. පොඩ්ඩක් කියවලා බැලුවනම්. ඒකත් මාරයි!
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. චමීගේ සයිට් එක මට හරියටම නෝට් නෑනේ අයියේ. ලින්කුව දුන්න නම් වටිනවා

      Delete
  25. // උඹට තියෙන්නේ කවි හිතක්ලු, කෙල්ලෝ මුලා කරන්න පුළුවන්ලු//

    හික්ස්ස්... රස නහර පිනා ගියානේ?? කොහොමවුනත් රම්බාට මොනාවෙයිද කියලා මටත් ශුවර් නෑ ලියුම බලනකම්..;)

    ReplyDelete
    Replies
    1. ඒකනේ ලියුම බලන්නම වෙනවනේ රම්බාගේ අනාගතේ ගැන හිතන්න අක්කේ

      Delete
  26. හික් හික් හික්
    ලියපන්කො ලියපන්කෝ ලව් ලෙටර් එකත්

    ReplyDelete
    Replies
    1. යා යා ලියලා තියෙන්නේ. මඩියෝ !!!

      Delete
  27. අනුන්ගේ ලිවුම් කියවන්න හොඳ නැහැ ලු නේ. කමක් නැහැ දාපන් අපි කියවන්නම්. ෆෙමස් රයිටර් කෙනෙක් ලියන ඒවා කියෙවුවට කමක් නැහැ.

    ReplyDelete
    Replies
    1. හිහ් හිහ් හිහ් එහෙනම් අසාර් අයියේ කියවන්නකෝ !!!

      Delete
  28. අඩේ දාපං දාපං ලව් ලෙටර් එකක් කියවපු කාලයක් මතක නෑ..හුටා අපේ නොනට ඇහුනද දන්නැ...හික්ස්

    ReplyDelete
    Replies
    1. නෑ නෑ ඇහෙන්න නැතුව ඇති බය වෙන්න එපෝ. කන ගාවට ගිහින් නවතින්න ඇති. හිහ් හිහ් හිහ්

      Delete
  29. කොහොම හරි පැතුම් ෆේමස් රයිටර් කෙනෙක් කියලා කපු නැන්දගෙ දුව ලවා කියවගත්තා නේද?
    අයියෝ සල්ලි..හික්ස්..

    ReplyDelete
    Replies
    1. නෑ ඉතින් රෙදි නැන්දාගේ දුවමනේ කියලා තියෙන්නේ. රම්බා කිවේ එහෙමනේ !!!

      Delete
  30. හයියූ මම එන්න පරක්කු උනානේ මේ තියෙන්නෙ මරුවට, හි හී දිගටම ලියමු හොදේ

    ReplyDelete
    Replies
    1. ඒකනේ කවි අක්කේ මම බැලුව මොකෝ ඒත් මේ සුනංගු කියලා

      Delete
  31. අනේ ඔයා රම්බාගේ ලියුම ලිව්වා කියලා මගේ බ්ලොග් එකේ පෙන්නවා..ඒත් ඔයාගේ එකට ආවම බලන්න බැනේ..ඒක නැ කියනවා... :'(

    ReplyDelete
  32. හයියෝ දැන් මේක කියෙව්වට පස්සේ ෆේමස් රයිටර් ගේ ලියුම බලන කල් ඉවසිල්ලක් නෑ... මොන මොනවා ලියල ඇද්ද දන්නෙ නෑ...

    ReplyDelete
  33. ජංජාලේ පැතුම්ලා හතරපස් දෙනෙක් අස්සේ මට මේක මිස් උනානේ පැතුම්.. එළකිරි ලියවිල්ලක්නේ..

    ReplyDelete