Tuesday, August 7, 2012

රම්බා මුණ පුම්බා මට මෙසේ කීවේය ?

දඩස් ගාල පොරවන් උන්නු සරමත් එක්ක උඩ ගිහින් ඇහැරුනේ අක්කගේ විසි එක් වෙනි උපන්දිනේට  සීයා ගෙනත් දීපු එලාම් ඔරලෝසුවේ අවලස්සන, අවකැපිලා සුනේ සුන් වෙලා යන සද්දෙට. ඔරලෝසුව අක්කගේ වුනාට, සාපෙට වෙලාවට පාඩම් කරන්න ඔරලෝසුවක් නැති හින්ද තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග කියල අක්ක මට ඒක පරිත්‍යාග කළා.  ෆිල්ම් හෝල් එකේ ෆිල්ම් එක පටන් ගන්න සද්දේ හිතට දැනෙන සතුටයි පාන්දර ඔරලෝසු කට්ටේ එලාම් එකයි, එක වගේ උනාට ඒ සද්දේ හිතට දැනෙන්නේ කොච්චර වෙනසකටද. ඔන්න ඔන්න මගේ සුන්දර කවි හිත මගෙත් එක්කම තර්ක කරනවා. වට පිටාවේ වෙන හැම දේම මම දකින්නේ මගේ කවි හිතෙන්. ඔව් මං පරසිද්ධ කවි කාරයෙක්, ලේඛකයෙක්. මට මං ගැනම පුදුමාකාර ආඩම්බරයක් ආවා. ඔව් ආත්මාභිමානයක්,  ඒ ආඩම්බරකම, ආත්මාභිමානය පපුවට අරන් පපුව ඉස්සරහට දාගෙන, ඇස් පිහාටු අරින්න බැරි තරමට බදාම තට්ටුවක් ගහල වගේ තිබ්බ කබ ටික කඩ කඩ මම ඇඳෙන් බැස්සා. මං ගැනම දැනිච්ච සියුම් ආඩම්බරේට ඇස් වලට උනපු කඳුළු නිසා කබ ටික කඩා ගන්න එච්චර අමාරු වුනේ නෑ.  රෑ පුරාම දැකපු හීනේ හිටපු කෙල්ල පස්සේ දුවලා උදේ නැගිටිනකොට හතර හන්දි මදි නොකියන්නම රිදෙනවා. කකුල් දෙකෙන් දුවලා දුවලා බැරිම තැන බඩගාගෙනත් ගියානේ. මම නිකමට දනිස් දෙක දිහා බැලුවා රෑ පුරාම බඩගාපු බඩ ගෑවිල්ලට දනිස් පොල් කටු දෙක වදමල වගේ වෙලාවත්ද කියල.



උදේට බත් පංගුව කාලම දත කට මැදගන්නවා කියල හිතාගෙන මෙසේ කොනක බෙදල තිබුණු බත් පංගුව අතට අරන් කන්න ගන්නකොටම මිදුල පැත්තෙන් සති පොළ පටන් අරන් වගේ කාලගෝට්ටියක් ඇහුණා. නිකමට ජනේලෙන් හොම්බ දාල බැලුවම ආච්චි ඉදලෙන් එකෙක්ට දාගෙන තඩි බානවා.



"අනේ ආච්චි සුදු ආච්චි ගහන්න එපා"


"ගහන්න නෙමේ, උඹව හමගහනවා මම අද, වත්තක පැලක, ගහක ගෙඩියක් තියන්නේ නෑ"


අහල පුරුදු වොයිස් කට් එකක් එක්ක ආච්චිගේ ස්වීට් වොයිස් එක මිදුල පැත්තෙන් ශ්‍රවනය වේගෙන එද්දී බිම පෙරලීගෙන ආච්චිට වැඳගෙන ඉන්නේ "රම්බා" කියල මගේ කවි මොලේට තේරුනා. රම්බා මගේ බොක්කේ යාළුවා උනාට ඕකා මට කරපුවට රිටන් දෙන්නත් බැරි වෙච්ච එකේ ඕකාට හොඳම වැඩේ තව ටිකක් කාපුදෙන් කියල මම බත් පංගුවටම හිමින් සීරුවේ වග කියල දත් බුරුසුවට අළු ටිකක් ලිපෙන් අරගෙන ආච්චිගෙයි රම්බගෙයි සංග්‍රාමය පැත්තට අඩිය ඉක්මන් කළා දත මැද මැදම.



"අනේ....අනේ "රයිටර්" දෙයියෝ.... මාව බේරගනින්, උඹලගේ සුදු ආච්චි මට තඩිබානවා, මං කරපු ඉලව් හොරකමක් නෑ කියපන් අනේ බං පින්සිද්ධවෙයි, ප්ලීස් කරුණාකරලා කියපන්" 



අපේ ආච්චිගේ එක කකුලක් රම්බාගේ පිට මැද, රම්බා බිම බඩගාගෙන ආච්චිට හතරගාතෙන් වැඳගෙන ඉන්නවා. කහ පාට වෙච්චි කෙහෙල් ලෙලි හතර පහකුත් උගේ වගේ බිම වැටිලා. එක අතක රැඳිලා තිබුන ඉදල බිමට තියාගෙන හිටපු ආච්චි මට සිහි කලේ අතීතයේ හෙළ රජ දවස රාජ විරෝධී කුමන්ත්‍රනකාරයෙක් කුදලාගෙන ආ සෙන්පතියෙක් රජ්ජුරුවෝ ඉදිරියේ තමාගේ නිර්භීතකම විදහා දක්වන ආකාරය. මගේ හිතේ එවලේ ආපු වචන ටික මම ඒ විදිහටම හිතේ ලියාගත්තා. මොකද මං ෆේමස් රයිටර් කෙනෙක් හින්ද මේවගේ ත්‍රාසය ජවය ශක්තිය  යෞවනත්වය පිරුණු අවස්ථාවල හිතට නැගෙන සිතුවිලි වලින් ශ්‍රේෂ්ට නිර්මාණ බිහි කරන්න පුළුවන් බව දැනගෙන උන්නු හින්දා.  


හරිය, ඒකත් මගේ ටිකිරි කවි මොලේට වැටහුණා. මු මොකක් හරි රාජකාරි වැඩකට රයිටර්ව හොයාගෙන මගේ භවනට එද්දී ආච්චි වවපු බට් කෙහෙල් පැලේ ඉදුණු කෙහෙල් ඇවරිය දැකල මුගේ බඩජාරිකම හින්ද මු ගහේ කැන තියෙද්දීම ගෙඩි හතරක් පහක් ගිලල. රම්බා රඹ කැන් නොහොත් කෙහෙල් වලට පණ වුනත් අරින බව අපි දන්නා නිසාම උගේ නමට වරහන් යටින් රම්බා නම පට බැඳුනු හැටිත් මට විචිත්‍රවත් විදිහට හිතේ දිගෑරෙද්දී මම මගේ සුකුමල වොයිස් එක වාතලයට මුදා හැරියා.   


"ආච්චි හා හා නවත්තන්න ආච්චි, මේකා මගේ යාළුවා ඇයි ආච්චිට මතක නැද්ද ගිය සතියේ ආච්චිගේ පරණ පෙට්ටගමේ තිබුණු පුරාණ ඇන්ටික් ටික විකුණලා දෙන්ඩ සෙට් කලේ,"


මං එහෙම කියනකොටම ආච්චිගේ ඇස් තෙත්වෙනවා මම යාන්තමට දැක්කා, ආච්චි ඉකිගගහ අඩන්න ගත්ත.එකපාරටම බිම බඩගාගෙන උන්නු රම්බගේ පිට උඩින්ම ඉඳගෙන රම්බාව බදාගෙන අඬනවා. රම්බගේ මුණ පුරා ආච්චිගේ හොටු, රම්බත් ඇස් දෙක පියාගෙන නහයයි කටයි උගේ නෙමෙයි වගේ උල් කරගෙන මුනට අමුතුම ලීලාවක් ආරුඨ කරගෙන ඉන්න හැටි මම දැක්කා. මගේ කවි හිත ඒකත් සටහන් කරගත්තා.

මම හිමින් ආච්චිවත් වත්තන් කරගෙන නැගිට්ටලා රම්බාවත් කෙලින් කටින් අරගෙන උගේ දිහා මුණ හරවලා අනුකම්පා ප්‍රොෆයිල් මුණ දැම්මා. අපේ ආච්චිගේ මතකෙට උපමා කරන්න උපමේයක් තවම මගේ කවි හිත හොයනවා. සමහර දේවල් ඕනෙවටත් වඩා මතක තියන ආච්චිට සමහර දේවල් සුටුස් ගල අමතක වෙන එකට සමාන වස්තුවක් මම තවමත් හොයනවා. මම ඕව රම්බාට කියන්න ගියේ නෑ.

රම්බ්ගේ කරට අතක් දාගෙන මම ඌව ගෙනත් මගේ ඇඳෙන් ඉන්දුවා. ඉදල් පාරවල් කාල ඉරටු පශ්චාත්භාගය පුරාම ඇනිලා හින්ද ඉඳගන්නකොටම මු ඉඳගත්ත වේගෙන්ම නැගිට්ටා වේදනාව දරා  ගන්න බැරුව මගේ හිතේ. 


මම හිමීට ඉරටු එක දෙක ඇස් දෙක පියාගෙන ගලවල මු ආපු කාරණේ අහන්න ගත්තා. වේදනාව හින්ද තවමත් මුට ඉඳගන්න බෑ. ඇඳේ මුනින් අතට දිගාවෙලා ඉන්න රම්බගේ මුණ හුළං ගහන බැලුම පිම්බෙනවා වගේ පිම්බීගෙන ආව.


"හරි ඉතින් රම්බා කියපන්කො උඹ මොකෝ මේ සීත මීදුම් උදෑසනේ මාව හොයාගෙන ආවේ කියල" 
මමත් මම උගතා කියාලා හිතාන ඉන්න හින්ද, දන්න සාහිත්‍යන්ම ඇහුවා


මුගේ මුනේ මැවිච්ච සුකුමාර හිනාව වැක්කෙරෙනවා. අඬන ළමයි බය කරන්න කියාපු භාණ්ඩේ මගේ කවි හිතට එහෙමත් හිතුනා. මු ඇඹරි ඇඹරි මට කියාගන්න බැරුව මං දිහා හොරෙන් බලනවා, මාපට ඇඟිල්ල කටේ දාගෙන ඇඹරෙනවා. ඌ උගේ මුණේ බොලඳම බොළඳ ප්‍රොෆයිල් එකක් දාගෙන මෙහෙම කියනවා තටම තටම,


"මම.....මම....උඹට.............." මේ.....මේ... "




රම්බා මට මොනවද කීවේ කියල බලන්න කැමති අය ඉන්නවද තවත් ?
ඉන්නවනම් කියන්න.
බොරුවට පුරාජේරුවට නෙමෙයි සිරාම අදහස, කියන්න.
උඹ මේ මගුල නවත්තලා ලියපු විදිහට පාඩුවේ ඉඳපන්. 
මවාගත්තු ෆැන්ටසි ලෝකෙන් බැහැල ඇවිත් බ්ලොගේ චොර කරන්නේ නැතුව කියල කියන්න හිතෙනවනම් කියන්න. 

මහා ලොකුවට කයිවාරු ගැහුවට මේ කෙරුවාව හරියන්නේ නැති පාටයි

54 comments:

  1. මේ ලියන්නෙ ඔයාමද කියලත් මට හිතා ගන්න බැරි උනා,නියමයි මල්ලි මම ඔයා මේ ලියන විදියටත් කැමති රම්බා මොකද කිව්වේ කියලා කියනන්කෝ බලන්න

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි කවි අක්කේ. අපි බලමු මොකක්ද වෙන්නේ කියල

      Delete
  2. එල එල ෆේමස් රයිටර්ලා ලියන්නෙත් ඔහොම තමා. හොදට කුතුහලයක් තියෙන තැනක් බලලා කතාව නවත්තනවා. ඔන්න ඕක ලියපන් ඉක්මනට ජය වේවා !!

    ReplyDelete
    Replies
    1. අඩේ හැබෑට එහෙමද රෙප් මහත්තයෝ !!! එල එල එහෙනම්

      Delete
  3. මේ ලියන විදියේ අවුලක් නෑ හොඳයි. හැබැයි කතාව ඉවරයක්‌ කරලම හිටියනම් තමයි හොඳ :පි

    ReplyDelete
    Replies
    1. මේක සීරිස් එකක් සයුරි අක්කේ දිගටම ලිව්වොත් මට පොස්ට් කරන්න වෙන්නේ නෑනේ ලිය ලියා ඉන්න වෙනවා මිසක්කා !!!

      Delete
  4. මට මතක් වුනේ කොලුවො එදිරිගෙ සාටරේ... එල ඈ... රම්බා උඹේ නංඟට බැල්මට් එක දාල වෙන්ටෑ... හොයල බලපන්.... :)

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා සාතන් අයියේ. එතුමාගේ ආභාෂය තමයි.......බලමු බලමු. රයිටර්ට ඉන්නේ අක්කෙක්නේ !

      Delete
  5. හිහිහී.. බලන්න ඉතින්.. හොඳම යාළුවා ගුටි කනකල් බත් කන කල්‍යාන මිත්තරයෝ.. :D

    ලියවිල්ලට වෙනසක්..!

    ඉතින් මෙනවද කිව්වෙ කියලා ලියන්න බලන්න..

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි හොඳ යාළුවො නන්දු අක්කේ !!!

      Delete
  6. කලින් පෝස්ට් එක මට කියවන්න උනේ නැති නිසා එක පාරටම මේ වෙනස මොකක්ද කියල තේරුම් ගන්න බැරි උනා.දැන් තමයි වැඩේ තේරුනෙ:) මේ වෙනසත් හොඳයි...රම්බා මොනවද කියුවෙ කියලත් ඉක්මනට ලියන්නකො....

    ReplyDelete
    Replies
    1. රම්බා කිවේ මොනාද කියල බලමුකෝ !!!

      Delete
  7. රම්බා නොසෑහෙන්ඩ ගුටි කාලා නේ..
    ඔන්න මට නම් හිතාගන්ඩ බෑ.. මොකද්ද කිව්වේ කියලා..

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි අපේ ආච්චි වස චණ්ඩියා

      Delete
  8. ඇඅඩේ මේ ලියලා තියෙන දේ පට්ට බං.උඹමද ලිව්වේ කියලත් සැකයි ඒ තරමට පට්ට ආ.
    ඊළඟට වෙන දේ හෙටම ලියපන් යකෝ

    ReplyDelete
    Replies
    1. ආහ් රම්බා උඹට අයි ලව් යු කිව්වද දන්නෙත් නැහැ :D.උඹට මීට වඩා හිට්ස් ගන්න පුළුවන් හැම කොමන්ට් එකටම රිප්ලයිත් කරානම්.

      Delete
    2. අඩේ මඩියා දන්න දේවල්, "බ්ලොග් හිට්" පිලිඹද උපදේශකයෙක්ද බං උඹ.

      එල එල ....... හැබැයි අඩේ මම රිප්ලයි කරනවා බං !!!

      Delete
  9. නෑ නෑ අදහස හොඳයි
    හිතෙන්නේ නෑ අප්පා උත්තරයක්‌ :/

    ReplyDelete
    Replies
    1. උත්තරේ බලමුකෝ එහෙනම් ඉස්සරහට !!!

      Delete
  10. සොලී හොදේ පොස්ට් කියවන එක තාම පටන් ගණන බැරි උනානේ මට...:/
    සුපිරියටම සුපිරියි ලොකු පුතේ... මේ ඉතිරිය ඉක්මනටම දාමු......
    රම්බා එන්නේ ලව් ලෙටර් එකක් ලියාගන්න වෙන්නේ ඕනේ....;)
    ඔයා නම් ෆෙමස් රයිටම තමා.....
    ඉතිරි පොස්ට් දෙකට කොමෙන්ටුව ආපහු කියවලාම පස්සේ දාන්නං හොදේ...
    අලේ මට මතක උනේ අර බන්ටිගේ කතාවනේ අප්පා මේක කියවන් යද්දී...;) අලුත් වෙනස නියමයි දිගටම ලියමු හොදේ... ජයෙන් ජය..!!!
    ඔන්න ඉකමනට කතාවේ ඉතිරිය ඕනේ හොදේ...කතාව නැවත්තලා තිබුනොත්නේ......:/ :@

    ReplyDelete
    Replies
    1. ආහ්.....! අපි බලමු එහෙමද කියල අක්කේ. බෑ බෑ මම නඩු දානවා කමෙන්ට් දැම්මේ නෑ කියල.

      අපෝ පිස්සුද, කමෙන්ට් නම් මොනවද අප්පා. කමෙන්ට් ගැන වද උනේ ඉස්සරනේ මම !!!

      Delete
    2. ප්‍රදීගේ අනාවැකිය හරියටම හරි ගිහින් නේ :D

      Delete
  11. මම මේක කියවලා ආයෙම බැළුවා මේ උඹමද කියලා.. මරු මරු.. මේ අර කිවුව වෙනස වෙනන් ඕන.. නියමයි ඔහොම යං...

    ReplyDelete
    Replies
    1. මමම තමයි දිනේෂ් අයියේ. හැබැයි තවම ටෙස්ට් රන් එක !!!!

      Delete
  12. නියමයි.. දිගටම ඔහොම ලියාපන්!

    ReplyDelete
  13. ෂා..නියමයි.. නියම ෆේමස් රයිටර් වගේමයි කතාව.. ඔහොම යන්..ඔහොම යන්..
    ජය වේවා.. :D

    ReplyDelete
    Replies
    1. අඩේ එවගේමද එහෙනම් මං හිතාන ඉන්න විදිහ හරි.. එහෙනම් හොඳයි !!!

      Delete
  14. හී හී මරු කතාව.ඔහොම යංකො බලන්න.

    ReplyDelete
    Replies
    1. හී හී යමු යමු ඔහොම නිසුපා අක්කේ !!!

      Delete
  15. ෆේමස් රයිටර් ඉතුරු ටිකත් කියල දාපන් බන්..

    ReplyDelete
    Replies
    1. එල එල කියනවෝ මී ගොඩස් මාමේ

      Delete
  16. onna mamath awa sithum ayyage katha kiyawanna.......... :) kathawe itiri kotasath ikmanatama danna ayya.......

    ReplyDelete
    Replies
    1. ayyo......ayyage nama pathum neda??soly hode.....poddak mata tapalila. :))

      Delete
    2. ඉතුරු ටිකත් මේ ලියන ගමන් අරලි.......!!!! අයියෝ ඕකට මොකද ගොඩක් අය මට කියන්නේ සිතුම් තමයි

      Delete
  17. අඩේ මරුනේ අයියේ එදිරිගෙ සාටරේ මතක් වුනා කියවගෙන යද්දි... ඊළඟට මොනා කිව්වද දන්නෑ හැබැයි මට පේන්නේ රයිටර්ට යෝජනාවක් දාන්න ඇවිත් වගේ.... හොඳ වෙනසක් මෙහෙමත් ලියන්න පුළුවන්නේ එහෙනම් වෙනදා වගේම ඉදිරියට අරගෙන යන්න පුළුවන් කතා වස්තුවකුත් තෝරගෙන තියෙනවා... ඉතිරි ටිකත් බලමු ජය වේවා ඈ

    ReplyDelete
    Replies
    1. එදිරිගේ සාටරේ තමයි මල්ලි. මට අප්සෙට් එකේ ඉන්නේ ඒ සාටරේට අසාධාරණයක් වෙයිද කියල! මගේ කතා එදිරිගේ කතා අහලකින්වත් තියන්න බැරි එක වෙනම කතාවක්. ඒත් නිර්මාණයේ අනන්‍යතාවට එක අවුලක් වෙයිද මන්දා. එතනයි අප්සට් එක. අන්තිමට කොපීඩ් (COPIED) ලේබලේ වදියිද දන්නේ නෑ

      Delete
  18. ඔයාගේ ආච්චි සෑහෙන්න එඩිතර කාන්තාවක් වගේ පේනවා . ඉතින් ඉතිරි ටිකත් ලියන්න බලන්න . ආසයි මොකද උනේ බලන්න ..

    …ඊලග පෝස්ට් එක මතක ඇතුව රීඩර් එකට දාන්න හොදේ .

    ReplyDelete
    Replies
    1. යා යා ගිම් අක්කේ අල බතල කාලා ශක්තිය වඩාගත්තු ජවසම්පන්න ආච්චියෙක් තමයි මටත් ඉන්නේ !!!

      Delete
  19. අම්මපල්ල .....එළ බලමු හේට

    ReplyDelete
    Replies
    1. හෙට නම් බැරි වෙයි රාජ් අයියේ නොබෝ දිනකින් බලමු, අමනාප නොවේවා හොඳේ !!!

      Delete
  20. නියමයි බන මේ සිද්දිය වෙනස හොඳට වැඩ කරනවා දිගටම මේ විදියට ලියන්න.

    ReplyDelete
    Replies
    1. දිගටම ලියනවා අයියේ අනිවා. එපා කියල හිතෙනකන් ලියනවා !!!

      Delete
  21. ඇත්තටම ඔයා ලියන විදිහනම් නියමයි හ්ම්ම් :)

    ReplyDelete
    Replies
    1. ලියන විදිහ නියමයි නම් එච්චරයි හ්ම්ම් :D :D

      Delete
  22. මොකක්ද මේ ලියන විදියෙ තියෙන අවුල?? :O මටනම් තේරෙන්නෙ නෑ එහෙම එකක්.... එකම අප්සට් එක ඉතින් කතාවෙ ඉතුරුටික නොකියා අපිව අතරම්ං කරපු එකයි...:P

    ReplyDelete
    Replies
    1. අප්සැට් යන්න එපා හිතු අක්කේ මේක සීරිස් එකක්නේ :D

      Delete
  23. නියමයි මල්ලි. උඹ ෆේමස් රයිටර් වෙනවාමයි. සුබපැතුම්. ජය...! මතකයිනේ... හිතට දැනෙන දේ ලියපං...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රදීප් අයියේ. අනිවා මතකයි ඔයා කියපුවා

      Delete
  24. අළුත් වෙනස නම් හොඳයි වගේ.. මරු මරු!

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම් අපි බලමුකෝ ඉස්සරහටත් ලහිරුවෝ

      Delete
  25. අඩේ.. මම මේ විකාර ලියන එක නවත්තන්න කියන්න කලින් මූ අනිත් එකත් ලියලනේ.. ඒක අසාධාරනයි ඈ.. :/
    …හිටහං අනිකත් කියවල බලන්න.. ;)

    ReplyDelete
  26. ආච්චිත් ඉතින් අපේ රටේජනතාවගෙන් කෙනෙක්නෙ.. ඉතින් අර ම දැන් විඳපු දේ මතක නැතිවෙන එකට හොඳම උපමාව මහජනයා නොහොත් ජහ මනයා ( ජහ ජහ කියල දක්කන්ට පුළුවන් මනසක් ඇත්තා )

    ReplyDelete
  27. නියමයි..ඔහොම යං..
    ජය වෙවා!!

    ReplyDelete