Friday, September 21, 2012

නන්නාඳුනන ආගන්තුකයා

දෙනෙත් පවා රතුවී පුපුරු ගසන ගිනි කාෂ්ටක අව්වෙන් හෙම්බත්වුන කාපට් පාර තව තවත් ඔපේට දිලිසෙන්නට විය. ගහක් කොලයක් හෝ දකින්නටවත් නොමැති නිරුදක කතරක ඇති උණුහුමක් වාතලය පුරා පැතිරී තිබිණි. වරෙක සුවිසල් වූ අහස සිඹින ගොඩනැගිලි අතරින් පතර හමාගිය සුළඟ පවා ගෙන ආවේ දැඩි කටුක බවක් මිසක සිහිලසක් නොවේ. ජනාකීර්ණ වීදි මතින් ඇවිද යද්දී තියුණු  හී පහරවල් සේ මදෙසට යොමුවෙන නන්නාදුනන මිනිසුන්ගේ නොමනා නෙත්සරය මගේ හදවත අභ්‍යන්තරයටම කිඳා බැස්සේ ලේ නහර පවා හිරිවට්ටමිනි. කෘතීම නගරය තුල ගොඩනැගිලි මංමාවත් අතර  ජීවිතය සොයන්නන්, ජීවිතය යදින්නත් අතරේ ජීවත්වන්නවුන් සොයා මා බොහෝ දුරක් ඇවිද ගියේ අත වූ වේවැල් මල්ලේ තිබුණු බත්පැකට් කීපය නගරයේ හිඟන්නන් කීපදෙනෙක් අතරේ බෙදා දීමටය.  ඒ නිහාල්ගේ මරණයෙන් පසු අද දිනට හරියටම වසරක් සපිරෙන නිසාවෙනි. නිවසට හිමිනමක් වඩම්මවා සඟසතු දානයක් දී නිහාල්ට පින් අනුමෝදන් කිරීමට නොහැකි වීම පිලිබඳ සිතේ කැකෑරුනේ කනස්සල්ල මුසු හැඟීමකි. එහේතුවෙනි  මා මෙසේ බත් පැකට් කීපයක් මහමග හිඟමන් යන්දින්නන් අතර බෙදා දී නිහාල් වෙනුවෙන් පින් අනුමෝදම් කිරීමට ඉටා ගත්තේ. එමගින් සිතට දැනුනු තරමක හෝ සැනසිල්ල මට මහත් අස්වැසිල්ලක් විය.


බොහෝ වයස්ගත වූ අපිරිසිදු සිරුරින් වහැරීගිය සිඟමන් යදින්නන් දුටු මගේ හිත ඔවුන් කෙරේ මහත් අනුකම්පාවකින් පිරි ගියේය. ගෙනා බත්මුල් පහලවෙන් දාහතරක්ම බෙදා දී අවසානයේ අත ඉතුරු වූ බත් මුල බෙදා දීම සඳහා අයෙක් සොයනු පිණිස මා බොහෝ වෙලාවක් වෙහෙසුනමුත් අසාර්ථක වීමි.. එහේතුවෙන් අසල සිටි  පදික වෙළෙන්දෙකුට  එය දී එන්නට සිතුවේ නිහාල් වෙනුවෙන් හවස පන්සලේ පැවැත්වීමට සිතා සිටින බෝධිපුජවට සහභාගී වීම සඳහා සුදානම් විය යුතු නිසාවෙනි. හිස් වූ වේවැල් මල්ල දුටු කල  සිතට දැනුනු සැනලිසිදායක හැඟීම මා වින්දේ යටි සිතින් නිහාල්ට ඒ සියලු පින් අනුමෝදන් කරමිනි. දෙනෙතට නැගුනු කඳුලත් මුවගට නැගුනු සියුම් මදහසත් එලෙසම මොහොතක් ඒ අකාරයෙන්ම පැවතියේත් මා මොහොතක් ගල් ගැසුනෙත්  ලොතරැයි කුඩුව අසල සිටි පුද්ගලයා නෙත ගැටුණු නිසාවෙන්ය.  මැදිවයසේ පසු වූ ඔහු කිළුටු සරමක්ද දුර්වර්ණ වූ බැනියමක්ද හැඳ සිටි අතර ඔහුගේ දෙනෙත්වල  කිසියම් හුරුපුරුදු බවක් දැනුනත් එබවක් නොතකා මා හදවතින් සන්තාප වුයේ අවසන් බත් මුල හෝ  මොහුට ලබාදෙන්නට නොහැකි වීම හේතුවෙන්ය. වමත රැඳී කිහිලි කරු යුගලය දකිත්ම මා දෑස නතර වුයේ ඔහුගේ දෙපා  අසලය. ඇවිලීගිය හදවත, නොදන්නා හැඟීමකින් සසල වුයේ හුරු පුරුදු දෙනෙත් වලට උරුමකම් කියන්නා අබ්බගාතයෙක් වූ නිසාවෙන්ද නැතිනම් කුමක් නිසාද යන්න පැනයට නිවැරදි පිළිතුරක් මා සතු නොවුනි. නන්නාදුනන මහ මග සිඟාකන්නෙකු පිලිබඳ මා හද ලතැවෙන්නේ කුමක් අරබයාද යන්න යන පැනය මා හද විසින්ම මගේ හෘද ශාක්ෂිය වෙත ඍජුවම යොමු කරද්දී  ඒ නිර්නාමික සිතුවිලි වලින් අපමණ වෙහෙසට පත්වීමි.  ඔහු වෙනුවෙන් හද කම්පා වන්නේ බත් මුලක් ඔහු අත තැබීමට නොහැකි වූ නිසාමද යන පැනය පමණක් අවසානයේ මා අත ඉතිරි විය. මාගේ අහේතුක සිතුවිලි මගහැර යාමට නම් ඔහු මග හැර යායුතුය. එබැවින් ආපසු ඒමට ඉදිරියට පියවර තැබූ නමුදු  මා දෙපා ගල් ගැසී ඇති බවක් හැඟුනි, ආගන්තුකයාහට මුදලින් හෝ උපකාරයක් කලයුතුයි මා අවසානයේ තීරණය කලේ ආයාසයෙන් මැඩගත් හදවතිනි.


ආපසු එන අතර තුර බස් රියේ දෙදරන වීදුරු කවුළුවට මා හිස තබා ගත්තේ එයින් නැගුනු ශබ්දය කන්දොස්කිරියාවක් වූ නිසාත් එය වලක්වනු පිණිසත් අපමණ සිතින්ද ගතින්ද වෙහෙසට පත් වී සිටි නිසාත්ය. නමුදු සිදු වුයේ අනෙකකි, වීදුරුවෙන් නැගුනු ශබ්ධය බොල් වී ඇසුණ නමුදු මගේ හිසත් වීදුරුව සමග දෙදරීමට පටන් ගත් අතර සවන් පත් අගින් හටගත් සිහින් දෙදරීමක් සර්වාංගය පුරාම පැතිරෙන්නට විය. මිනිසුන් ගැවසෙන පෙදසක වුවද හුදකලාව සිටීමට මා සෑම විටම ප්‍රිය කලේ බොහෝ විට නිහාල්ගේ ඇවෑමෙන් පසුවය. කාලයෙන් කාලයට ජීවිතය විසින් කීයාදෙන පාඩම් සිත නමැති පිටුවල සටහන් වෙන්නේ දෛවයේ අක්ෂර ලෙස කිසිදා නොවෙනස් කළහැකි ලෙසින් බව මට වැටහුනේ මෑතකදීය. ඒද නිහාල් අවාසනාවන්ත ලෙස මෙලොව හැරාගියාට පසුවය.   කිසිදින කිසිවෙකුට වෙනස් කළනොහැකි දෛවය ජීවිතවලට බොහෝ දේ එක් කරන්නේ නිතැතිනි. ජීවිතය පිළිබද යථාර්තය තේරුම් ගනිමින් සිටින අවධියක දැන් මා පසුවන බව මගේ දිනෙන් දින  මුහුකුරා යන අදහස් නිබඳවම පසක් කළේය. විවිධප්‍රකාර සිතුවිලි අතරේ කැළඹෙමින් තිබුණු හුරුපුරුදු ඇස් ඇති නන්නාදුනන්නාගේ අපැහැදිලි චායාව හිත පුරා අනවසරයෙන් සක්මන් කරන්නට වූයෙන් මා සතු වටිනා දෙයක් මහමග දමා ආවා සේ සිතුවිල්ලක් හතවතින් පැන නැග  එය මට නැවත නැවත වදදෙන්නට විය. යලිත් වරක් ඔහුව දැකීමට හා ඔහු සමග වචන කීපයක් හෝ කතා කිරීමට අවැසි වූ මැඩගත නොහැකි ආශාවකින් මගේ හදවත හදිසියේ පෙළෙන්නට විය. අහඹුවකින් දුටු  නන්නාදුනන්නෙක්ගේ හුරුපුරුදු බව කෙලෙසින් කෙලෙස හදවත ඇතුළු පටක ස්පර්ශ කරන්නේද යන්න මා බොහෝ වෙලා කල්පනා කලෙමි. ඔහු ගැන සිතිවිල්ල අවසානයේ නතර වුයේ මා පිළිබඳවම බරපතල වරදකාරී හැඟීමකිනි. නමුදු එය සාධාරණීයකරණය කරන්නට මා සිතුවිලි සමග තනිවම සටන් කලෙමි.  නිහාල් මෙලොව හැර ගියද ඔහු තවමත් මාගේ නීත්‍යානුකුල සැමියා බව නොදන්නවා නොවුනද, නන්නාදුනන්නාගේ හුරුපුරුදු බව කෙරේ මා සිත චංචල වුයේ  ඔහු කෙරේ හටගත් ආදරයකින් නොව, විසඳාගත නොහැකි, වටහාගත නොහැකි සංක්ෂිප්ත කාරනාවක් නිසා බව වටහා ගන්නට මට පුළුවන් විය.

  
බසයෙන් බැසගත් මා ඉක්මනින් නිවස දෙසට පියනැගුවේ චංචල වූ හදවතිනි. පදනමක් නොමැති, හරයක් නොමැති අහේතුක සිතුවිලිවලින් හෙම්බත්වී ගිය කල ගතද නිරායාසයෙන් විඩාවට පත්විය. ගෙට ඇතුළුවත්ම වම්පස බිත්තියේ රාමුකොට මල්මාලයක් දමා ඇති නිහාල්ගේ පින්තුරය නෙත ගැටුණු විට පපු කුහරයතුල හටගත්තේ  අකුණක් පුපුරා ගිය කල්හි ඇතිවන වේදනාවක්ය. දෙනෙතින් පැනනැගුනු කඳුළු කැට නොනවත්වා ගෙබිම මත පතිත වන්නට විය. බොඳව ගිය දෙනෙත් අතරින් නිහාල්ගේ දෙනෙතත් නන්නාදුනන්නාගේ දෙනෙතත් මැවී මැවී පෙනෙන්නට විය. මේ ආගන්තුකයාගේ හැඩහුරුකම මෙතෙක් වෙලා යන තුරුත් මාහට තේරුම් ගන්නට නොහැකි වීම පිලිබඳ කලකිරීමක්ද ඇතිවුයේ, නිහාල් මෙලොව  හැරගොස් වසරක් යන්නටත් මත්තෙන් ඔහුගේ අධ්‍යාත්මය මසිතෙන් බැහැර වූ නිසාදැයි යන සිතිවිල්ල ඉස්මතුවී නැගුනු නිසාවෙනි. නන්නාදුනන්නෙක්ගේ හුරුපුරුදු බව මෙතරම් සිතට කුහුලක් වුයේ මන්දැයි අවසානයේ මා තේරුම් ගත්තෙමි. ඒ නිහාල්ගේ ප්‍රතිරූපය දෙස බලාගෙන නැවත ඒ ඇස් කිසිදිනක අමතක වන්නට ඉඩ නොතබන බව තරයේ මා හටම ප්‍රතිඥාවක් දෙමිනි. 

38 comments:

  1. අදයි බං මේ ටික දැක්කේ..

    ඒක සිරාම කියමනක්..

    ///ඕනෑම බ්ලොගයක ඇති ඕනෑම ලිපියකට ඔබ කමෙන්ට් දැමිය යුත්තේ ඔබගේ බ්ලොගයට පෙරළා කමෙන්ට් ලබාගැනීම සඳහා නොව....
    //

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි සෑම් ලොක්කා සහ නුවනා

      Delete
  2. මෙහෙම දේවල් මටත් සමහර වෙලාවට පාරේදී සිද්ද වෙනවා.. එදාට දවසම අප්සට්...

    ReplyDelete
    Replies
    1. පාරේදී, වගේම තව ගොඩක් තැන් වල. අතරමන් වෙනවා ඒවගේ වෙලාවට අපි නොදන්නා ලෝකෙක. හේතුව හොයා ගන්න බැරි වුනාම

      Delete
  3. දවස් දෙකතුනක් යනකම් හොම්මංවෙලා ඉන්නව අප්ප මේවගේ සිද්ධි නිසා...

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හොම්මන් වෙනවා නේන්නම් ශෂීයෝ

      Delete
  4. ලොවෙත් ආහ්..... මට නම් වෙන්නෙම මේ වගේ දේවලම තමා.... මොනවා කොරන්නද....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචං. ගොඩක් අයට එහෙම වෙනවනේ කාලයක් යනකොට

      Delete
  5. මම හිතුවා වැරදිලාවත් ඒ නිහාල්ද කියලා :)

    ReplyDelete
    Replies
    1. මටත් හිතුනෙ එහෙම්මමයි..

      Delete
    2. නෑනේ නිහාල් මැරුණානේ. එකනේ කතානායිකාව දානයක් දෙන්නේ බත්මුල් බැඳගෙන ඇවිත්

      Delete
    3. නෑ නෑ...මට මුලින් හිතුනේ වෙනස්ම විදිහකට. සමහරු මැරුණට මිනිය හොයාගන්නේ නෑ නේ. මේකත් ඒ වගේ මරණයක් උනා නම්...

      Delete
    4. හ්ම් හරි හරි හැබෑට එහෙම හිතන්න බැරිකමකුත් නෑනේ සයුරි අක්කේ. ඔයා හිතපු විදිහත් හරි. කතාවේ මරණේ ගැන හරියට කියවෙන්නෙත් නෑනේ

      Delete
  6. මෙහෙම උනාම දවසම මියෑව් වෙලා යනවා නෙහ් :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මියැව් වෙලා අන්තිමට බව් බව් වෙලා ඊටත් පස්සේ බක බක වෙනවා රජෝ

      පස්වාන් දහසකට "වල්කම්"

      Delete
  7. දෙතුන් සැරයක්ම කියෙව්වත් මට හරියට තේරුනේ නෑ පැතුම්..

    ආ පුළුවන් නම් ඊළඟ දවසේ පෝස්ටුව justified alignment කරලා ලියන්න. පෝස්ටුව මැද තියනකොට කියවන්න අමාරුයි..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි රූ අක්කේ. කතාව හරියට හිතේ තිබුණු විදිහට ලියාගන්න බැරි වුනා. ටිකක් නෙමෙයි ගොඩක් අවුල් වුනා. තේරෙන්නේ නැති වෙයි කියල හිතුන ගොඩක් අයට. "අලයින්මන්ට් වැරැද්ද" ඊගාව පොස්ට් එකෙන් හදන්නම් හොඳේ. වැරදි අඩුපාඩු කියල දුන්නට ආයෙමත් ගොඩක් ස්තුතියි අක්කේ.

      Delete
  8. පොඩ්ඩක් හරි පිට ගියොත් කතාව නොතේරෙන තරමට සංකීර්ණයි කියල මට හිතෙන්නේ!ඒ නිසා දෙපාරක් කියෙව්වා!
    මනුස්සයෙක්ගේ සිත කියන එක මහා පුදුම දෙයක්නේ!
    අපි ආස කෙන්ක්ගේ වියෝවෙන් පස්සේ අපි කොච්චර හුදකලාවෙන්න හැදුවත් මිනිහා කියන්නේ සමාජීය සත්වයෙක්නේ!
    අපිට තනි වෙන්න බෑ!
    ලෙසටම ලියල තියෙනවා!
    ජය!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතිය් මචං නුවනා. කතාව අමාරුවෙන් හරි කියවල තේරුම් ගත්තාට

      Delete
  9. හ්ම්ම්..ඔහොම උනාම හෙන අවුල් තමා..

    ReplyDelete
  10. නියමයි සහෝ! මිනිස් හිතේ ව්‍යාකූලත්වය නියමෙට විස්තර කරල තියෙනව.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි ගිමෝ අයියේ

      Delete
  11. සාර්ථක කෙටි කතාවක්......!!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි සුමිත් අයියේ

      Delete
  12. උඹට මාර හැකියාවක්නෙ තියෙන්නේ මේ වගේ ලිපි ලියන්න
    ජය වේවා

    ReplyDelete
  13. ඇත්තෙන්ම මේ තත්වය මටත් ඇතිවෙලා තියෙනවා. මම බොහොම ආදරේ කල මනුස්සයෙකුගේ මුණ මට හිතෙන මවා ගන්න බැරිකම. මං හිතන්නේ අපේ හිත වේදනාව සමනය කරන්න බෙහෙතක් හැටියට ඒ රුව වහල දානවා කියලයි.. දරා ගන්න බැරි වේදනාවක් ඇති උනාම සිහි නැති වෙනවා වගේ,..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි සරත් අයියේ. අයියා නම් කතාව තේරුම් අරං වගෙයි.

      Delete
  14. ලස්සනයි ලොක්කා! මේ දවස් වල බිසී වගේ නේද හොඳටම ?

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි මචන් ලහියෝ... ඔව් බං පොඩ්ඩක් විතර වැඩ අධිකයි.

      Delete
  15. ගොඩක් පරක්කු උනා මේ පැත්තට එන්න. මෙ දවස්වල වැඩිය අන්තර්ජාලයේ රැදෙන්නෙ නෑ. මම හිමිහිට දෙපාරක්ම කියෙව්වා මේ කතාව.සුපිරි ලියවිල්ල මල්ලි හැමදාමත් වගේ. මෙහෙම දෙවල්නම් ජීවිතේ කොච්චරක්නම් වෙනවද.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි කවි අක්කේ. කතාව ගොඩක් යට තේරිලා නෑ අප්පා.

      Delete
  16. සිතුවිලි වලට හැගීම් දැනීම් වලට කොහොම වැට බදින්නද?
    පොඩියට ලියවුන ලොකු කතාවක්ද මන්දා..

    ReplyDelete
  17. බං අයියේ මේක කෙටි කතාවක්ද ආත්ම කතනයක්ද කියලා හිතාගන්න බැරි තරම් ලස්සනට ලියලා තියෙනවනේ.මේ විදියට චරිතයට ආවේශ වෙන්නේ කොහොමද අප්පා?? පිස්සු හැදෙනවා මාර විදියට වදිනවා ඇටකටු වලටම.මේ ලිවිල්ල නිසා තමයි එක පෝස්ට් එකක්වත් මිස් කරන්න හිතෙන්නේ නැත්තේ.පරණ ඒවා කියෙව්වත් ඒවට කොමෙන්ට් දාන්න හිතෙන තරම් පෝස්ට් එකට වටිනාකමක් දීලා ලියන මේ ලිවිල්ල නම් සුපිරියි. තවත් කේ.ජයතිලකයන් කෙනෙකු ඉපදී ඇත...

    ReplyDelete