My name is රයිටර් who writes, some kind of ඇවටියෙල් stories..

Monday, November 26, 2012

"චීඊ..චීඊ..සර්...අවකැපෙන කැත කතා කියන්න එපා. මේක ලයිව් ටෙලිකාස්ට් කරනවා.

රම්බාගේ නංගි චාරු ලතා, තේරුණ "රියල් රියලිටි" ටැලන්ට් ෂෝ එක වැටිලා තිබුනේ පහු වෙනිදට කොළඹ විකාශනාගාරයේ. ඉතින් කට්ටිය යමරෙට වැඩ..එක කාමරේක චාරුලතා සංගීත ප්‍රැක්ටිස් තොරන්  සුනිල් අයියා එක්ක. තවත් කාමරේක රම්බාගේ අම්මා, හතර වරිගෙම බවලත් උදවිය එක්ක පහුවදාට අඳින්න සාරි තෝරනවා. ඒ බවලත් උදවියගේ සුහච කීකරු යුග පුරුෂයෝ ටික අතින් කුස්සියේ මේ ඔක්කොටම කෑම හැදෙනවා. ඔය අස්සේ මමයි රම්බයි සිම් කෑලි ටික බදාගෙන පහුවදාට ජිල්මාර්ට් එක දෙන්න නුලට තිතට දශමෙට ප්ලෑන් කරනවා. මේ වගේ උත්තුංග කාර්යක් සිද්ධ වෙන වෙලාවේ රම්බාව තනි නොකරහන් කියලා ඌ දෙපයින් වැටිලා මට කරපු ගෞරවනීය ආරාධනය සලකලාම නෙමෙයි මම කලින් දවසේ රෑ උන්ගේ දිහා නැවතුනේ. මේවා මගෙනුත් කෙරෙන්න ඕනේ යුතුකන්නේ. ඒකයි ජාති ජාති රම්බාගෙයි මගෙයි අතරේ තියන අන්තර් සහජීවනය හා භෞමික අඛණ්ඩතාවය, වගේම ස්වෛරී භාවය වෙනුවෙන් මම එදා  හිත හදාගෙන උන්ගේ දිහා රෑ පහන් කරේ.


වෙන්න ඕනේ ඔක්කොම කටයුතු ටික ගානට තිතට නුලට සෙට් කරලා මමයි රම්බයි දෙයියනේ කියලා පොඩ්ඩක් ඇහැ පියාගන්න කියලා උගේ කාමරේට ආවා. සසර කල කිරවන රුප රාමු සහිත දර්ශන දාමයක පලවෙනි දර්ශනය එපා කියද්දී ඇස් ඉස්සරහා මැවුනේ රම්බාගේ ඇස් දෙක දොට්ට පනින්න ඔන්න මෙන්න තියෙද්දී කියලා මට හිතෙනකොටම බිත්තිය හයිකරලා තිබුන දඩාර් ඔරලෝසුවේ මහා රෑ දොළහේ බෙල් එක වැදුනා. රම්බාගේ දෛනික නාවර, කුණුකෙල වලින් තව තවත් ඔපනැංවුන දාර දාර  පෘෂ්ටයක් තිබ්බ හඩු ගඳ ගහන කොට්ටේ කොනක් හපාගෙන ඇස් දෙක බාගෙට ඇරගෙන නිදාගෙන හිටියේ රම්බාගේ ලොකු පූංචි කියලා ඌ මට ඊට පොඩ්ඩ වෙලාවකට පස්සේ  කිව්වට මම නම් හිතාන උන්නේ එවලේ මම දැක්කේ මොහිනීගේ නිවුන් සහෝදරී කියලමයි. රම්බා කේන්තියට දිව හපාගෙන මල විද විද මාවත් ඇදන් කාමර එකින් එක ගානේ ගියා.



හැම කාමරයක්ම සැමන් ටින් එකේ මාස තුනේ බ්‍රොයිලර් කුකුල්ලු අමුවෙන් පැක් කරලා වගේ, ඒතරමට ජනකාන්ත ජනතාව සූ ගාලා. සංගීත ප්‍රැක්ටිස් කාමරේ මුල්ලක උඩැක්කි බෙරයක් බෙල්ලේ බැඳගෙන චාරුලතා, සර්පිනාව උඩ ඉඳන් හිටපු තොරන් සුනිල් අයියාගේ බෙල්ල දෑතින්ම බදාගෙන උගේ ඔඩොක්කුවේ ඉඳගෙන නිදි.. ඒ මදිවට සුනිල් අයිය ගොරවන්නෙත් "සරිගම" තාලෙට. ඊටත් හපන් චාරු ලතා. ඒකි ගොරවන්නේ "පධනිස" තාලෙට. රම්බා චාරුලතා දිහා බලලා මුණට ගත්ත අමුම අමු දුක්ඛ දායක ලුක් එකකින් මං දිහා බලලා හීල්ලුවා. 



"පව්... අහිංසකී....නේද රයිටර්...?"



"හ්ම්....පව් නේද බං..දුකේ බෑ....බලපන් හෙට ලෝකය දිනන්න උඹේ නංගි විඳින දුක..මට ආඩම්බරයි මචන් මට ආඩම්බරයි"  මම රම්බාගේ උරහිස්සෙන් අල්ලලා හොල්ලල හොල්ලලා හෙන ඕවර් ඇක්ටින් ජවනිකාවක් රඟපෑවා.



කොහොම හරි අන්තිමට සක සයින් සබ කොස් සබ ටෑන් කියන්නෑහේ  අපි නිදා ගත්තේ රම්බාගේ අත්තාගේ ගොන් කරත්තේ දිරච්ච ලෑලි තට්ටුව උඩ. ඇස් දෙකට රබර් කිරි වැක්කෙරුවත් ඇහැ පියවෙන්නේ නැති කටුක නිර්ලජ්ජිත, අවජාතක, මුග්ධ මුසල, අධම,  රෑ  පාන්දර එකට විතර රම්බා යටිගිරියෙන්  "චමරීරී...රීරීරී.....!" කියලා උගුර කඩාගෙන ලතෝනි දුන්නා, ආයෙත් පාන්දර දෙක හමාරට විතර "සුගන්දිකා අක්කේ...අනේ...මගේ අක්කේ කේ
...." කියලා බලියෑවා...ඊටත් පස්සේ චන්ද්‍රා ඇන්ටී..ටීටීටීඊඊ., ඊටත් ඊටත් පස්සේ...ගුණවතී ආ........ච්.....චීචීචීචී.... !!......කාපන්කෝ අග්ගලා ඔලුවෙන් හිටගෙන කිව්වලු ..අනික් ඔක්කොමත් හරි ගුණවතී ආච්චි......යකෝ මුගේ කට කැඩිලා පලකො දෙයියනේ මේ විලම්භීත කතා කියනවට. මේකා දකින හීන වල තියෙන්නේ මොන මොන අලුකුත්තේරු ජවනිකාද කියල කවුද දන්නේ.  එක්කෝ මුට පේනවා ඇත්තේ හෙන  කිලෝ ගානක පජාත ඇවටියෙල් සීන් ගොඩක්, එහෙමත් නැත්තම් ගඟක මුහුදක ලයිෆ් සේවින්ග් මිෂන් එකක්,  තව පොඩ්ඩකින් මේකා අපේ අක්කගේ නමත් කියන්න බැරි නෑ . ඒක හන්දා  තවත් මෙතන ටැග් ගැහුනොත් මටත් ඔට්ටුපාල් සම්බෝලේ තෙල්දාලම කන්න වෙන හින්දා මම එතනින් ඉක්මනට වහන් වුනා. 

------------------------------------------------------------------------

පහුවදා බස් දෙකක් පුරෝලා නෑදෑයෝ හැත්ත බුරුත්ත දෙසීයක් විතර රියලිටි ටැලන්ට් ෂෝ එකට තිබ්බ තැනට ආවා....ෂාහ්...චාරුලතා..හප්පේ බලන්න එපායැ ලස්සන..කරමලේ මෝදුවෙච්ච බ්‍රොයිලර් කිකිලි වගේ..වරිගේ ඔක්කොම පෙරහරෙන් වගේ චාරුලතා පෝලිමේ මුලින් තියාගෙන රෙජිස්ටර් කවුන්ටරේ ගාවට ගියේ "චාරු...හ්..! චාරු...හ්...!!" කිය කියා. ඇවිත් හිටපු අනික් හැම මනුස්සයාම අපි දිහා බැලුවේ හරියට සහරා කාන්තාරේ මැදින් සෝමාලියාවට බලෙන් අරන් යන ඔටුවෝ රැලක් දිහා බලනවා වගේ.



කවුන්ටරේ හිටපු සුකුමාල මනෝහර චූටි නංගි තරඟය ගැන අපිට කෙටියෙන් විස්තරයක් කළා.

"මෙහෙමයි සර් වැඩසටහන් විස්තර, ඉස්සෙල්ලම තරඟකරු ගැන පොඩි ඇඩ් එකක් තරඟෙට කලින් ටීවී එකේ පෙන්නන්න ඕනේ නම් ඇඩිෂනල් ටෙන් තව්සන්ඩ් පේ කරන්න ඕනේ. ඒකෙ මේක් අප් එකට එක්ස්ට්‍රා  ටූ තව්සන්ඩ් චාර්ජ් කරනවා. තව තරඟය වෙලාවේ ඕඩියන්ස් එකට එන නෑදැයින්ගේ මේක් අප් වලට එක්කෙනෙක්ට වන් තව්සන්ඩ් පේ කරන්න ඕනේ, ඔක්කොම වෙන්න ඕනේ මේ ස්ක්‍රිප්ට් එකේ හැටියට. මෙතන යටම සයින් කරන්න ඕනේ අපේ ඇග්රීමන්ට් වලට එකඟ වෙනවනම්,  තරඟය විනිශ්චය වෙලාවේ කඳුළු පෙරාගෙන අඬන්න, බොරුවට කලන්තේ දාලා වැටෙන්න ඔක්කොම වෙන්න ඕනේ එදාට දෙන ස්ක්‍රිප්ට් එකේ හැටියට. තරඟයේ අන්තිම පස් දෙනා අතරට එන්න ඕනේ නම් වන් ලැක් ඩිපොසිට් එකක් තියන්න ඕනේ...."



"මේ.....මිස්  අපි එකඟයි එකෙන්ම....පූල් එකට බැස්සේ රෙදි අපුල්ලන්න නෙමෙයිනේ.... ඒත් මේ...මේ..මිස්....අපිට....මේක් අප් නැතුව වැඩේ ගොඩින් කරගන්න බැරි වෙයිද" රම්බා ඇස් දෙක උල් කරගෙන ඇහුවේ ගණන් අහලා තුන්කාන්දෙන් දාඩිය පෙරාගෙන වෙන්න ඇති.



"චීඊ..චීඊ..සර්...අවකැපෙන කැත කතා කියන්න එපා. මේක ලයිව් ටෙලිකාස්ට් කරනවා. සර්ලා මැඩම්ලා බාගෙට ටෝස්ට් වෙච්ච වඳුරෝ වගේ ටීවී එකේ පේනකොට අපේ චැනල් එකේ ඩිමාන්ඩ් එකට මොකද වෙන්නේ..? පොඩ්ඩක් ඒක ගැනත් හිතන්න"



රම්බාගේ පෞරුෂය වගේ එක ඒ සුකුමාල කෙල්ල ඉස්සරහ දෙදන පල්ලෙන් හේදිලා යද්දී  ඌ ඔක්කොම ඇග්රීමන්ට් ටිකට සයින් කළා ඇස් දෙක පියාගෙන.



තරඟයට කලින් කරනවයි කිව්ව ඇඩ් එකට ගෙව්ව හින්දා චාරුලතා ෂුටින් එකට ගියා. කෙල්ලට තිබුනේ බදන්න බැරි සයිස් මාර ගහක කඳ අයිනෙන් එබිලා පොඩ්ඩක් විරිත්තන්න.. ඊටපස්සේ දුවගෙන දුවගෙන ඇවිත් රවූමක් කැරකිලා එක පාරක් උඩ පැනලා බිම නිදාගෙනම පෙරලි පෙරලි සින්දුවක කෑල්ලක් කියන්න. අපරාදේ කියන්න බෑ, බැල්ලි පැඩ්ඩා වගේ චාරු ලතා ඒක ලෙසටම කළා.  ඉතින් ඒකත් අහවර වුන හින්දා ඒ අතරේ මේක් අප් එක කර කර හිටපු අපේ රම්බාගේ පවුලේ උදවියයි, ගමේ උදවියයි එකා දෙන්නා ඇවිත් අන්තිම එකාත් ස්ටේජ් එක තිබුන හෝල් එකට ආවා.. තරඟය පටන් ගන්න විනාඩි පහක් තියලා කෙල්ලෝ දෙන්නෙක් බුරුසුවකින් ඕඩියන්ස් එකේ ඉඳගෙන ඉන්න අයගේ මුණ අතුල්ල අතුල්ල ගියා අන්තිම පාරට කරන මේක් අප් එක කියලා.


තරඟය පටන් ගත්තා, මුල්ම තරඟකරු විදිහට ස්ටේජ් එකට උඩින් කඹයකින් බැහැපු හෙන තඩි කෙල්ලට එයාගේ පර්ෆොර්මන්ස් එක හරියට කරගන්න බැරි වෙයන්, බැරි වෙයන්  කියලා අපි හිතුවට විනිශ්චය මණ්ඩලේ හිටපු ප්‍රවීණ දන්ත වෛද්‍ය රදනක මහත්තයාගේ චන්දෙනුයි, ප්‍රවීණ ව්‍යාපාරික හා ජෝතිෂ්‍යවෙදී  සුර්යමංගල මහත්තයගෙයි ඒකමතික චන්දෙනුයි ඊගාව වටේට තේරුනා.   තඩි අක්කා වැල ගෙඩිය පොලේ ගැහුවා වගේ වේදිකාවට වැටිලා වේදිකාව දෙවනත් කළා විනාඩි විසි පහක් හරියටම. 


"විශිෂ්ටයි දුව විශිෂ්ටයි, ඔයාට හොඳ අනාගතයක් තියනවා. ඔයා තාත්විකව අපේ ඇස් වලට කඳුළු එන විදිහට කළා. මම කැමතියි ඔයාව ඉදිරියට යවන්න. අපි බලමු අනික් දෙන්නගේ ප්‍රතිචාරේ කොහොම වෙයිද කියලා." එහෙම කිව්වේ දන්ත වෛද්‍ය රදනක මහත්තයා.


සභාව කන් අඩි පැලෙන අත්පොලසන්  නාදයෙන් දෙදරුම් කෑවා


"මට නම් තෘප්තිමත් වෙන්න බෑ.. ඔයාගේ ඇක්ටින් එක මම දකින්නේ හරියට ලුණු නැති හොද්දක් වගේ, මොකද ඔයා වේදිකාවේ එක තැනක විතරයි රංගනයේ යෙදුනේ., මට නම් අමාරුයි ඔයාව ඉදිරියට යවන්න, නමුත් අපි බලමු අනිත් කෙනාගේ අදහසත්" එහෙම කිව්වේ ප්‍රවීණ සූපවේදිනී රම්‍යා කුකරි මහත්මිය.


 
ආයෙත් සභාව කන් අඩි පැලෙන අත්පොලසන්  නාදයෙන් දෙදරුම් කෑවා.



"ඔව් දුව ඔයා හරියට මේ ඉර වගේ...ප්‍රතිභා පුර්ණ ලෙස රංගනය ඉදිරිපත් කළා..ඔයා  ලස්සනට පායලා ලස්සනට බැහැල ගියා, මම දකිනවා, මට පේනවා ඔයාට හොඳ ඉරණමක් තියනවා කියලා. මම කැමතියි ඔයාට අවස්තාවක් දෙන්න. ඒ ප්‍රවීණ ජොතිශයවේදී සුර්යමංගල මහත්තයා. 
 

 ආයෙත් සභාව කන් අඩි පැලෙන අත්පොලසන්  නාදයෙන් දෙදරුම් කෑවා.


"යකෝ මම වැටුණා, මගේ කොන්ද..මගේ දත අතනින් පහලට වැටුණා...තුනටිය තියද බලපන්, මට පෙන්නේ නෑ...යකෝ....අයියේ...මාව මෙතනින් නැගිට්ටපන් යකෝ.....ඕ.. ඉන්ඩ බැරියෝ.....බුදු අම්මෝ.....අනේ...හ් .!"


"ඔව්...ඔව්. අපි කෙටි විරාමෙකට යමු"  විරාමෙන් පසුව ඔබ යලිත් එකතු වෙන්නේ තාරුණ්‍යයේ මෝල් මංගල්‍යය වන රියල් රියලිටි තරඟය සමගයි.

82 comments:

  1. අම්මෝ මං හිනාවෙනවද නැත්තං මේ අඬනවද...
    හයියු... විශිෂ්ඨයි රයිටර්..
    ජය වේවා!!!
    සිනා බො වේවා!!!

    ReplyDelete
    Replies
    1. හපොච්චියේ පණු....ඒක දන්නේ ඔයානේ හෙහ් හෙහ් හෙහ්

      Delete
  2. චාරුලතයි, තොරන් සුනිලයි නිදාගෙන හිටියෙ කියල ෂුවර්ද බන්...

    ReplyDelete
    Replies
    1. ආයෙත් ආහලා, ඇස් හතරකින් දැක්කේ සාතන් අයියේ, ඇස් හතරකින් !!. දුකේ බැරුවා

      Delete
  3. කොයි තරම් අප්සෙට් මූඩ් එකක හිටියත් ෆේමස් රයිටර්ගෙ කතාවක් කියෙවුවම මදි නොකියන්න හිනාවෙන්න පුලුවන් :D හැමදාමත් වගේ අද කතාවත් නියමයි පැතුම්...ජය!

    ReplyDelete
  4. කවුද අප්පා වැටුනේ....:o නියමයි රයිටර් මලේ සුපිරියටම ලියලා තියෙන්නේ.... ඔහොම යමු....:) :D

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් වැටුනේ පලවෙනි තරඟකරු ප්‍රදී අක්කේ. හෙහ් හෙහ් හෙහ්

      Delete
  5. niyamai ayye kiyanna deyak na a taram gathi....

    Oyata kohen me adahas enawada manda appa hamadamat wage kathawaka charithawalata pana denna oyata mara hakiyawak tiyenne,mama film ekak kalot aniwa script eka liyanna oyata katha karanawa....

    ReplyDelete
    Replies
    1. ඔන්න මලේ මම ඒ චිත්තරපටියේ ස්ක්‍රිප්ට් එක ලියන්න ආසාවෙන් ඉන්නවා. සිරාම සිරා.

      Delete
  6. Replies
    1. රිදෙන්න නැතුව ඇති ජෝන් අයිය්යේ

      Delete
  7. //විනිශ්චය වෙලාවේ කඳුළු පෙරාගෙන අඬන්න, බොරුවට කලන්තේ දාලා වැටෙන්න ඔක්කොම වෙන්න ඕනේ එදාට දෙන ස්ක්‍රිප්ට් එකේ හැටියට.//

    හිනාව නවත්තගන්න බැරිව..
    නියමටම ලියලා තියෙනවා මල්ලියෝ..
    ඉතින් ඉතින් කාවද අර කඩාගෙන වැටුණෙ.. :D

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හේ. කඩාගෙන වැටුනේ තරඟයේ පලවෙනි තරඟකරු නාන්ඳු අක්කේ.

      Delete
  8. සිරා බං සිරා.. මේක ඉක්මනට ලියපන්කෝ..

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හෙහ්. වැඩ අහුවුනාම හුස්ම ගන්නවත් බෑ දිෂ් අයියේ

      Delete
  9. කාලෙකින් මේ පැත්තෙ ආවෙ. නියමයි. උපහාසය කියන්නේ නිර්මාණකරුවෙක් තුල තියෙන දුර්ලභ හැකියාවක්. සුබපැතුම් මල්ලි. ජය...!

    ReplyDelete
  10. රම්බ දැකපූ හීන ටික ලයිව් ටෙලිකාස්ට් කලානං ඊට වඩා හොඳට තියෙයි.

    නියමයි මලේ..

    ReplyDelete
    Replies
    1. කෙටි චිත්‍රපටියකට වගේ ගන්න තිබුනා නේද Praසන්ன අයියේ ? හෙහ් හෙහ් හෙහ්

      Delete
  11. අඩේ ඔය තරම්ම අමරුද රියලිටි තරඟයකින් ඉස්සරහට්ට යන්න. හික්ස් :)
    මරු ඈ. ලියවිල්ල නම් පංකාදුයි !!!

    ReplyDelete
    Replies
    1. එහෙනම් එහෙනම්. ලේසි නෑ මධුරංග අයියේ. පේනවනේ කට්ටිය විඳින දුක

      Delete
  12. රියැලිටි නම් මරු, ස්ක්‍රිප්ට් එක තමයි වටින්නෙ ඈ..

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා, ස්ක්‍රිප්ට් එකට පිටින් කිසි දෙයක් බෑ ලහිරුවා

      Delete
  13. හික් නියමයිනේ.... අපිත් ගියා ඔහොම එකක් බලන්න. භාගයක් ඇත්ත හික් හික්...

    ReplyDelete
    Replies
    1. හේ හෙහ්... ඒකනේ ඒකනේ කොහෙත් එකයි මහී අක්කේ.

      Delete
  14. ඕන්න රියලටි. :D
    රයිටර්ටත් සිංදුවක් කියන්න චාන්ස් එකක් ගන්න තිබ්බෙ.

    ReplyDelete
    Replies
    1. හප්පෝ රයිටර්ට සින්දු කියන්න බැරියෝ...ගිමා අයියේ.

      Delete
  15. කියල වැඩක් නැහැ පැතුම් නියමයි ප්‍රතිභා සම්පන්න ලියවිල්ලක්. යකෝ..... කෙටියෙන් කිව්වොත් ඔබේ ලිවීමේ කලාව චන්ද්‍ර අනගිරත්ත වගෙයි. පට්ටයි ඈ..............

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කෝමා හෙහ් හෙහ් හෙහ්

      Delete
  16. උබේ හැකියාවනම් සුපිරි සිතුමෝ... හැමදාමත් වගේ ඉතින් අදත් එකෙන්ම හිනා ගියා

    ReplyDelete
  17. සත්තයි ආයිත් නම් මේකෙ ඉතිරි කොටස් ඔ‍ෆිස් එකේදි කියවන්නේ නෑ.. හිනාව තද කරගෙන කියවන්නේ මොකටෙයි.. ගෙදර ගිහින් හිනාවෙලා පනයන්න පුලුවන්කම තියෙද්දී.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.. තද කරගෙන ඉන්නේ බලාගෙන සරත් අයියේ. හිනා බොක්ක සුටුස් ගාලා පිපුරුවොත් මොන දෙයියන්ට කියන්නද මං අහන්නේ

      Delete
  18. Replies
    1. මේකා පස්සේ කියෙව්වද දන්නේ නෑ...

      Delete
  19. අප්පොච්චියේ....පැතූටත් කොහෙන් එන අදහස්ද මන්ද... එක හුස්මට කියෝගෙන යන්න පුළුහන් මේ ලියන ලිවිල්ලට...

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් එක හුස්මට කියෝගෙන ගිහිල්ල අන්තිමට හුස්මහෙම හිරවුනයි කියල කියන්නහෙම එපා හොඳේ අනුවෝ

      Delete
  20. හි හි හි..මරේ මරු..ඒත් අර වේදිකාව මැද්දෙ වැටුනේ කවුද ? ඒ කියන්නෙ ඒක හීනයක්ද ?

    ReplyDelete
    Replies
    1. අයියෝ නෑ ලිහිණියෝ හීනයක් නෙමෙයි. ඒ වැටුනේ රියල් රියලිටි තරඟයේ පලවෙනි තරඟකරු වෙච්ච තඩි අක්කා කෙනෙක්

      Delete
  21. අපරාදේ ...අර ඩිපොසිට් එක ළඟ තිබුනානම් අද රයිටරුත් ස්ටාර් කෙනෙක්..!හිකිස්...

    ReplyDelete
    Replies
    1. අපෝ පිස්සුද රෙහානි අක්කේ....රයිටර්ට ඒ උණ නැතෝ. රම්බා, නංගි වෙනුවෙන් ඩිපොසිට් එකේ බාගයක් තිබ්බා..

      Delete
  22. අයියෝ.. හිනා වෙලා පණ ගියා... හි හි

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හේ හපොයි දෙවියනේ

      Delete
  23. හික්..හික්..නියමයි ..ඈ

    ReplyDelete
  24. පට්ට එකෙනුත් උපරිමයි ඈ
    උඹ පිළිගත්තා එහෙනම් උඹ(ලා) බාගෙට ටෝස්ට් වෙච්ච වඳුරෝ වගේ කියලා :D

    කවද හරි චාරු තෝරන් සුනිලයා එක්ක පැනලා යන එකනම් ෂුවර් වගේ.

    ReplyDelete
    Replies
    1. පිස්සුද බං මගේ ටෝමියාවත් පිලිගන්නවද ? රම්බා තමයි පිළිගත්තේ. චරුලතාට ජයන්ත ඉන්නවා මඩියෝ හෙහ් හෙහ් හෙහ්

      Delete
  25. හි..:) හි...:)..... ශෝක් කතාව අයියේ... ලස්සනට ලියලා තියෙනවා හිනා වෙන්නම. ඒක නෙමේ කවුද අර වැටුනේ.. අනේ... ඉතිරියත් ඉක්මනට ලියන්න..

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්. වැටුනේ පලවෙනි තරඟකරු වෙච්ච තඩි අක්කා කෙනෙක් සිත්තරාවි

      Delete
  26. හයියු.... මට හිනාව නවත්ත ගන්න බැරියෝ....... :D

    ReplyDelete
    Replies
    1. හනේ හපොයි හිනාව හිරවෙයි සමනලියෝ. හිනා වෙලා වැඩිකමට බලාගෙන ඔය පිහාටු හැලේවි හොඳේ. පරිස්සමෙන්

      Delete
  27. මලේ , උමේ ලියවිල්ල හැමදාමත් ඉස්තරම්, මේ වගේ අදහස් පහළ වෙන පුංචි මොලේ රත්තරං... වෙන මොනව කියන්නද

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි දයානන්ද අයියේ.

      Delete
  28. සිරා සිරා.......... :D තාර්ය්න්යයෙ මොල් මංගල්ලය... අනෙ අනිච්චං....

    ReplyDelete
    Replies
    1. සිරා මෝල් මංගල්‍යය...නොහික්මුණ සෛල කුජීතම වෙන්න තියන වැඩසටහන සචියෝ

      Delete
  29. පට්ට කතාව ඈ..මතක් කර කර හිනායනවා..
    හෙහේ

    කවුරැ කවුරැත්
    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
  30. කියන්න වදන් නෑ බන්... පස්ටයි... මේ වගේ වදන් උඹෙන් මිසක් වෙන කාගෙන්වත් කියවන්න ලැබෙන්නෙ නෑ... බොට මේවා කොහොම හිතෙනවද කියලත් හිතෙනවා... ඊළග වටයට ඔබ සුදුසුකම් ලබනවා....

    ReplyDelete
    Replies
    1. ෂාහ් ඊගාව වටයට එන්න මම කොච්චර හීන මැව්වද සිරා අයියේ සිරාවටම...

      Delete
  31. අති විශිෂ්ඨයි මලේ.....!!!
    මේ වගේ කොලම් වලට අවශ්‍ය වචන සෙට්එක උඹ ගාවා අඩු නැතුවම තියෙනවා....

    ජය වේවා...!

    ReplyDelete
  32. තාපොඩ්ඩෙන් හුස්මත් හිරවෙනව හලේ.........

    ReplyDelete
    Replies
    1. ඔය ඉතින්. ඕනේ නැති දේවල් කරගන්න හදනවනේ....!!

      Delete
  33. හික්ස්. චාරුලතා ගේ පාර්ට් එක නියමෙට තියේවි නේද? බලමුකෝ

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් චාරුලතාගේ අංකේ ඊළඟට තියෙන්නේ

      Delete
  34. නව කථාවක් ම ලියන්න ශක්තිය ලැබේවා!

    ReplyDelete
  35. හිකිස් පට්ටස්..

    ReplyDelete
  36. මාරු උපාම ටික. තව තියෙනවා නේ.

    මම ඉතින් එතන ඉඳන් බැලුව ඒ තමා දැන්..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් තව එහෙම්පිටින් තොගයක් තියනවා අසාර් අයියේ...!!!

      Delete
  37. පැතුම්ගෙ කතාවට වගේම මේ උපමා වලටත් මම මාර කැමතියි. මේවා ස්ව නිර්මාණද? නැතිනම් පැතුම්ලට ආවේනික ඒවද?
    //ඇස් දෙකට රබර් කිරි වැක්කෙරුවත් ඇහැ පියවෙන්නේ නැති...//
    ඔය කොට්ටේ හෝදපං බං.

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. "ආවේනික ස්ව නිර්මාණ කියලා" කියමුද....?... නෑ නෑ ඩුඩ් අයියේ වට පිටේ ඇහෙන දේවල් තමයි මේ මට හිතෙන විදිහට අගක් මුලක් නැතුව ගලපන්නේ. හෙහ් හෙහ් හෙහ්

      Delete
  38. උඹේ උපමා නම් ඉස්තරම් ඇන්ඩ් ඔරිජිනල්.... ඔපිස් එකේ කට තද කරං හිනා වුනා... ගොඩක් අය අහලා තියනවා වගේ අර අන්තිම ලතෝනිය කාගෙද කියලා පැහැදිලි මදි..

    ReplyDelete
  39. ඔන්න ඕකයි මල්කාන්ති අක්කේ පුල්මුඩේ තත්වෙ කිව්වලු....
    හිනා වෙලා පන යන්න වගේ.......
    ඉට්ටයිල් එක නම් පට්ට ඈ...............

    ReplyDelete