My name is රයිටර් who writes, some kind of ඇවටියෙල් stories..

Tuesday, December 4, 2012

සෙලෝලොයිඩ්

තිලකරත්න එදින කෙටි නිවාඩුවක් දමා වේලාසන නිවසට ඒමට තීරණය කලේ උවමනාවකටම නොවුනත් මාසික කෙටි නිවාඩුවක් ඉතිරිවී තිබුන හෙයින් ඒවා නොගැනීමෙන් මාසික වේතනයට සිදුවෙන විශේෂ සෙතක්ද නොමැති  නිසාවෙනි. සුපුරුදු පරිදි දක්නට ලැබෙන කාර්යබහුලත්වයෙන් තොර පදික වේදිකාව දිගේ ඇවිද ගිය ඔහු සිනමා ශාලාව අසල මදක් නැවතී උනන්දුවෙන් බැලුවේ විශාල දැන්වීම් පුවරුව දෙසය. ඒ මේ දිනවල තිරගත වන සිනමාපටය කුමක්ද යනවග දැනගනු පිණිසය. යොවුන් වියේදී මේ සිනමා ශාලාව තුල තිරගත වූ සෑම චිත්‍රපටියක්ම පාහේ නැරඹු ප්‍රේක්ෂකයින් අතර තිලකරත්නද සිටිබවට සාක්ෂි දරන්නේ ඔහුත් ඔහුගේ සමකාලීනයිනුත් පමණක් විය හැකිය.

පාසලෙන් කට්ටි පැන තම මිතුරන් සමග බයිස්කෝප් බැලීමට ගොස් ගෙදරට හසුවී දඬුවම්ද විඳ ඇති නමුදු ඔහුව මෙල්ල කිරීමට දඬුවම් තරවටු වලට නොහැකි විය. 70 දශකයේ මුල්භාගය වන විට ඔහුට චිත්‍රපට උන්මාදය තදින්ම වැළඳී තිබිණ. ඔහු සිනමා චරිත අනුකරණය කළේය, නළුවන් ලෙස වචන උච්චාරණය කළේය, කොටින්ම ඔහු ජීවිතය සිනමාවක් සේ සැලකුවේය. සිනමා ශාලාව තුල චිත්‍රපටිය තිරගත වන විට හාත්පස අඩ අඳුරට ඔහු තඳින් පෙම් බැන්දේය. ඔහු ඒ අඳුරේ, සෙලොයිඩ් පටය වෙතින් නික්මෙන ආලෝකය වෙත නෙත් අයා සිටියේ තත්පරයකුදු හෝ අවධානය වෙනතකට යොමුවීම වලක්වමිනි.  ප්‍රේක්ෂකයෙක් සිනමාපටය වෙත සෘජුවම සජීවීව සම්බන්ධ කරන විශ්මයජනක හැකියාවක් ඒ අඳුරට ඇති බව ඔහු විශ්වාස කලේ අත්දැකීමෙනි.  

කාර්යාලයට ගොස් එන විට බොහෝ දින වල සිනමා ශාලාවේ  දැන්වීම් පුවරුව මත සටහන් වූ දැන්වීම් දුටු ඔහු පස්චාත්තාප වුයේ හුදෙක් විශිෂ්ට ඝනයේ සිනමා පටයක් රසවිඳීමට නොහැකි වූ නිසාම නොව,  ස්වදේශික නිර්මාණකරුවා වැටී ඇති ගැඹුරු හෙල සිහියට නැගීමෙනි. නමුදු මෙවර එහි සටහන් වූ දැන්වීම නෙත ගැටෙත්ම ඔහු පස්වනක් ප්‍රීතියෙන් ඉපිල ගිය නමුදු එනිසාවෙන් හටගත් මන්දස්මිතය මුව මත නොරැඳී සැනින් අතුරුදන් වුයේ එහි පහතින් සඳහන් වූ වැඩිහිටියන්ට පමණයි ලේබලය දැකීමෙනි.  "චඃ අපරාදේ" යන්න මුවින් පිටවී ගිය නමුදු  එය නැරඹීමට ඔහුට ආශාවක් ඇතිවිය. මන්ද දෙස් විදෙස් සම්මාන ජයග්‍රහණය කරන ලද විශිෂ්ට ඝනයේ සම්භාව්‍ය සිනමාපටයක් ලෙස එහි ඉහලින් සටහන් වූ වැකිය ඒ බව ඔහුව ඒ කෙරේ අදෘශ්‍යමානව නැඹුරු කරන්නට  වූ නිසාවෙනි. එහෙත් සිනමා පටය නරඹනවාද නැද්ද යන්න ගන්නා  තීරණය  සිත තුල හටගත් උභය සිතිවිලි මත ඔබ මොබ දෝලනය වූයේ ඔහු ස්ථීරවම තීරණයකට නොඑළඹුනු නිසා විය යුතුය. සැලකිය යුතු සතුටකින්ද දුකකින්ද තොර වූ හදවතට තීරණයක් ගැනීමට ඇරයුම් කරමින් ඔහු නිවස දෙසට පය ඉක්මන් කලේ වියවුල් හදවතිනි. 

මැදිවිය ඉක්මවා ගිය ජීවිතයේ සැන්දෑ සමයේ මුල් කාර්තුවට පිවිස සිටින තිලකරත්න ගතින් තරමක් දුබලව සිටියද ගතිපැවතුම්, සිතුම් පැතුම් අතින් තවමත් ගැටවරයෙක්  සේ තරුණ බව තම බිරිඳද කාර්යාලයේ උදවියද  නිතර නිතර පවසන්නේ හුදෙක් විහිළුවක් කර සිනාසීම සඳහා පමණක් නොවන බවද එහි යම් සත්‍යතාවක් ඇති නිසා බවද ඔහු දනී. මිතුරන්, අසල්වාසීන්  සමග සංවාදයේ යෙදෙන විට ඔහුගේ මුවින් පිටවෙන වචන අදහස් හා තර්ක බොහෝ විට ගැටවරවියේ ඉලන්දාරියෙකුගේ සිතුවිලි වලට සමාන විය.

 "තිලකේ මං වයසට ගියත් ඔයානම් වයසට යන්නේ නෑ", වරෙක එසේ පවසනේ බිරිඳය.  "තිලකරත්න වයසට ගියාට තාමත් කොල්ලා වගේනේ හිතන්නේ", "තිලකරත්න අයිය නම් කවදාවත් වයසට යන්නේ නෑ" "තිලකේ කියහන්කෝ බං උඹ ඔය හිතන විදිහට හිතන්නේ කොහොමද කියලා" ඔහු හා කතාබස් කරන බොහෝ දෙනෙක්ගේ මුවින් මෙවන් වදන් පිට නොවන්නේ කලාතුරකින්ය. එවිට ඔහු පිළිතුරු දෙන්නේ "උඹලත් ඒ කාලේ ආව පිච්චර් හැම එකක්ම වරද්දන්නෙ නැතුව බැලුව නම් උඹලටත් එහෙම ඉන්න තිබ්බා" කියමින් සිනාසෙමිනි. ගැටවර වියේ චිත්‍රපට කිසිදු තෝරා ගැනීමකින් තොරව නැරඹුවද, අදහස් අතින්, වයස අතින් ඔහු කෙමෙන් පරිණත වෙද්දී ඒ ලැයිස්තුවට එක්‌ වුයේ තෝරාගත් නිර්මාණ කීපයක් පමණි. ඒ තෝරා ගන්නා නිර්මාණ පිළිබද ඔහු සෑම විටම උදම් ඇනුවේය..  බොහෝවිට කා සමග හෝ පිළිසඳරක යෙදෙන විට සිනමාව ගැන කියවීමට ඔහු විශේෂ කැමැත්තක් දැක්වීය. ගීතයකට සවන් දී එය කුමන චිත්‍රපටයේද, ගායනා කරන්නේ කවුරුන්ද මෙන්ම තිරගත වූ වසරද කටපාඩමින් කිවහැකි අපුරු හැකියාවක්ද ඔහු සතුව තිබිණි.

කෙටි නිවාඩු දමා කල්වේලා ඇතිව නිවසට පැමිණි ඔහු ඉස්තෝප්පුවට පැමිණ හාන්සිපුටුවට වී කහට කෝප්පයක් තොලගාමින් චිත්‍රපටිය නැරඹීම සඳහා යම්දෝ, නොයම්දෝයි කියා සිතිවිලි සමග නිදහසේ තර්ක කරන්නට විය. වැඩිහිටියන්ට පමණයි ලේබලය සහිත වර්තමාන සිනමාපට පිළිබඳව ඔහු තුල ඇති ආකල්පය එතරම් යහපත් එකක් නොවීය. ඔහු හා තර්ක කරන බොහෝ දෙනෙක් සමගද ඔහු තර්ක පිට තර්ක ගෙනෙමින් ඔප්පු කරන්නේද ඒ බවය. ඔහුට අනුව වර්තමාන සිනමාවේ පෙන්වන නිරුවත හෝ අඩනිරුවත හුදෙක් චිත්‍රපටයේ රසය ඉස්මතු කිරීම සඳහා නොව වාණිජ අරමුණු උදෙසා කරන ලද මවාපෑමක්ය. එවන් චිත්‍රපට නරඹන්නන් ලෙස ඔහු හඳුන්වන්නේ හුදෙක් සිනමාවක ඇති රසාස්වාදය උපරිමයෙන් විඳීම සඳහා නොව එමගින් හිත් වලට කාවද්දන කුණු රසය විඳගැනීමට බලාගෙන සිටින  සංවේදනයෙන් තොර නූගත් පිරිසක් ලෙසටය. බොහෝ කාලයකින් හොඳ චිත්‍රපටියක් නැරඹු දිනක්ද  ඔහුට හරිහැටි සිහියට නගා ගත නොහැකි විය. එහෙතුවෙන් එවන් සිතිවිලි විසින් තෙරපන ලද ආශාව ඔහුට උක්ත චිත්‍රපටිය නැරඹීමට කෙතරම් බල කලද තවමත් හරි හැටි ස්ථීර තීරණයක් ගෙන නැති බවක් ඔහු කෙරෙන් දිස් විය.

චිත්‍රපටිය නැරඹීමට යනවා නම් තම බිරිඳ සමග යාහැකිය. එවිට එය නැරඹීමට තනිව යෑමෙන් උද්ගතවිය හැකි දරුණුම ප්‍රශ්න වලින් එකකින් සම්පුර්ණයෙන්ම නිදහස් විය හැකිය. නමුත් තම බිරිඳ සමග සිනමා ශාලාව තුල සිටිය වග දන්නා හඳුනන කවුරුන් හෝ දුටුවහොත්  තමාගේ ප්‍රතිරූපයට සිදුවෙන හානිය ගැන ඔහු කල්පනා කළේය. මිතුරන් ඉදිරියේ, අසල්වාසීන් ඉදිරියේ වැඩිහිටියන්ට පමණයි ලේබලය සහිත චිත්‍රපටියක් නිසා  තමන් හෑල්ලුවට ලක්වී  බොරු කයිවාරු ගහන පුරාජේරුකාරයෙන් වෙන ආකාරය ඔහු ඉදිරියේ මැවී පෙනෙන්නට විය. පිරිසට මුහුණ දීමට නොහැකිව අපහසුතාවයට පත්වන විට ඔවුනට පැවසීමට නිදහසට කාරණයක් ඔහු කල්පනා කළේය. "මගේ චොයිස් එක ඔය කවුරුත් දන්නවනේ, අද මම මේක බලන්න ආවේ ජාත්‍යන්තර සම්මාන අරන් තිබුන කියලා තිබුන හින්දා"... "චෑ චෑ චෑ ඒක හරියන්නේ නෑ."  ඔහු එය නොගැලපෙන බව සිතුවේ මීට පෙරත් ජාත්‍යන්තර සම්මාන ලද වැඩිහිටියන්ට පමණයි ලේබලය සහිත චිත්‍රපටි තමාගේ ලැයිස්තුවෙන් බැහැරවී ඇති නිසාය.


"තිලකේ....! ආව ගමන් ඉඳලා මොකෝ කල්පනාව..මං බලාගෙන සෑහෙන වෙලාවක ඉඳන්.......ෂෝට් ලීව් එකකුත් අරගෙන ආවේ මොකුත් අසනීපයක්වත්ද ?"


"ම්ම්හ්.... නෑ... සුමනා...එහැටි දෙයක් නෙමෙයි, මගේ ඔලුව කකියන්න ගත්තා, ඒකයි ටිකක් වේලපහින් ආවේ...."  තමන් කෙටි නිවාඩුවක් දමා කලින් ගෙදර ඒමට ගත්  තීරණය පිලිඹද සිත යටින් සතුටු වෙමින් ඔහු මුසාවක් ඇදබෑවේ, එවලේ තමන් සිතමින් සිටි කාරණය තවදුරටත් සඟවා ගනිමිනි. 


පසුදින කාර්යාලයට පැමිණි ඔහු සුපුරුදු පරිදි වැඩ රාජකාරීවල යෙදීමෙන් සිටින අතර තම මේසය අසලින් ගමන් ගත් කාර්යාල කාර්ය සහායකවන රත්නපාල ඔහු හා කතාවට වැටිණ.

"ගුඩ් මොර්නින්ග් තිලකරත්න මහත්තයා"

" ආ.... ගුඩ් මොර්නින්ග් රත්නේ"

"තිලකරත්න මහත්තයා නම් යන්නේ නෑ නෙව අලුත් ෆිල්ම් බලන්න...මහත්තයගේ චොයිස් එක ඒක නෙවෙයි නෙව"

රත්නපාල උපහාසාත්මකව ඔහු දෙස බලා සිනාසුනේ තමන් අපහසුතාවට ලක්කිරීමට බැව් තිලකරත්නට වරදවා තේරම් ගත්තද එබවක් පිටතින් නොපෙන්වීය.

"රත්නපාල දන්නවනේ මගේ චොයිස් එක...!" ඔහු බැරෑරුම් ස්වරයෙන් කීවේය.

"එහෙනං එහෙනං මොකෝ මං  නොදන්නේ.....අපි නම් ඔන්න ලබන සෙනසුරාදා ඔක්කොම අර අලුතෙන් ආව ෆිල්ම් එක බලන්න යන්න දාගෙන තියෙන්නේ"

"මොන ෆිල්ම් එකද ?...ඔක්කොම කිව්වේ..පවුලේ උදවියද...?" තිලකරත්න  කිසිවක් නොදත්තකු සේ තතු විමසුවේය.

"අපෝ නෑ පොඩි එවුන් එක්ක ගිහින් බලන්න පුලුවනෑ ඒක...මං කිව්වේ මේ කන්තෝරුවේ අපේ ඩිපාර්ට්මන්ට් එකේ අය ගැන"

"අඃ...එහෙමද....?...කවද්ද යනවයි කිවේ" තිලකරත්න එය අවධාරණය කොට ඇසුවේ එය ඔහුට තීරණයක් ගැනීමට කදිම අවස්තාවක් නිසා විය යුතුය.

"ලබන සෙනසුරාදා"

"හ්ම් හ්ම්...හොඳා හොඳා....!!" තිලකරත්න නොසැලකිල්ලෙන් පිළිතුරු දුන්නේය.

සවස කන්තෝරු වැඩ රාජකාරී අවසන්වී නිවස කරා එද්දීද ඔහු කල්පනා කලේ ඒ චිත්‍රපටිය නැරඹීමට යොදන සැලසුම පිලිබඳවය. "එක්කෝ කවුරු දැක්කම මොකෝ...මං ගන්නේ මට ඕන තීරණ..ඔන්න ඔහේ මම යනවා.." ....."ඒත් කන්තෝරුවේ උදවිය, අහල පහල උදවිය මූණට හම්බෙච්ච වෙලාවක මං එහෙ ඉන්නවා දැකල මොනවා නොකියා ඉඳීවිද..කටින් නොකීවත් මොනවා නොහිතාවිද "සුමනා වුනත් මොනවා නොකියාවිද, එයැයිත් මං මහ වචන දෙකේ මනුස්සයෙක් කියලා හිතන්න බැරි නෑ."  ඒ වනවිට වැහි කළුවෙන් බරවී තිබුණු අපැහැදිලි අහසත් ඔහුගේ චිත්ත සන්තානයත් අතර දැඩි වෙනසක් නොතිබෙන්නට ඇත. කඩා හැලෙන්නට මාන බලන වැහි කළුව උඩු සුළඟත් සමග තනිව උණුසුම් සටනකය. තිලකරත්නත් එසේම තම සන්තානගත සිතුවිලි සමග තනිව පොරබදන්නට විය.  


අවසානයේදී මේ සිකුරාදා අසනීප නිවාඩුවක් දමා බිරිඳ සමග හවස චිත්‍රපටිය නැරඹීමට ඔහු ස්ථීර  තීරණයක් ගත්තේය. ඒ කාර්යාලයේ සියලු දෙනා සෙනසුරාදා චිත්‍රපටිය නැරඹීමට යන නිසාවෙන් ඊට පෙර දිනක කිසිවෙක් එය නැරඹීමට නොඑන බව අනුමාන කරමිනි. "ඔව් සිකුරාදා හොඳම දවස, එදාට කන්තෝරුවේ කවුරුවත් චිත්‍රපටිය බලන්න එන එකක් නෑ, කලින් දවසේ අසනීපයි කියලා කෝල් එකක් දීලා ගෙදර ඉඳලා හවස් වෙලා සුමනත් එක්ක යනවා චිත්‍රපටිය බලන්න.".."ඒත් අහල පහල උදවිය ආවොත් තමයි ප්‍රශ්නේ", "නෑ.. නෑ අද කාලේ හැටියට ඔලුව උස්සන්න බැරිකොට අහල පහල අයත් ඒවි කියලා හිතන්න අමාරුයි....", "මොනවා වුනත් තව ටිකක් බලමුකෝ ගෙදර ගිහිනුත් හොඳට කල්පනාකරලා." ....."තවම සුමනාට කීවෙත් නෑනේ".. පදික වේදිකාවේ තට්ටුවක විකිණීමට තබා තිබුණු කව් බෝයි තොප්පිය ඔහු මිලට ගත්තේ අතේ මුදල් ගැවසුණු නිසාවත්, ඔහුට එයට හිත ගිය නිසාවත් නොවන බැව් නම් පැහැදිලිය. මන්ද වෙළෙන්දා නියම කල මිල අඩු කිරීමට පින්සෙන්ඩු වීම ඔහුගේ සාමාන්‍ය පුරුද්දකි. එනමුදු ඔහු මෙවර ඒ තොප්පිය මිලදී ගත්තේ කිසිම විමසීමකින් තොරව නොපැකිලිවය. ඒ අනුව පිටතින් ඔහු දෙස බලන කල ඔහුගේ සිතේ කිසියම් දෙවන සැලසුමක් ක්‍රියාත්මක වන සෙයක් ඇත.

නිවසට පැමිණි ඔහු තරමක් කලබලකාරී ස්වරුපයෙන් නිවස ඔබ මොබ සක්මන් කරන්නට විය.  ගතින් වැඩිහිටියෙක් වුවද සිතුම් පැතුම් අතින් ගැටවරයෙක් කියා ස්ව හැඳින්වීමක් කර ගන්නා ඔහුම, මේ කාරණය තුල යම් පසුගාමීත්වයක් අත්කර ගැනීම පිලිබඳ ඔහුටද විමතියකි. ඒ පිළිබද තව දුරටත් සිතීමද වෙහෙසකාරී විය.


"සුමනා..අපිට ගොඩ කාලෙකින් චිත්‍රපටියක්වත් බලන්නවත් යන්න බැරි වුනා නේද...?"


"හ්ම්....බලන්න යන්න හොඳ චිත්‍රපටි දැන් එන්නේ නෑනේ" සුමනා පැවසුවේ උපහාසාත්මකව සරදමක් ලෙසය. එයින් පෑරුණු සිත් ඇතිව තිලකරත්න අපහසුතාවට පත්විය.


"ඔ....ව්...ඔව්..ඒක නම් ඇත්ත.. ඒවුනාට .මං මේ කල්පනා කලේ මේ සිකුරාදා ගෙදර නැවතිලා ඉහල ඉඩම සුද්ද කරලා දාල හවස් වරුවේ ඔයත් එක්ක චිත්‍රපටියක් බලන්න යන්න"

"හදිස්සියේම....?"


"නෑ එහෙමට හදිස්සියක් නෑ..ඉහල ඉඩමත් කැලෑවනේ හරියට,... තවත් නොසලකා හිටියොත් කැලෑව ඉහටත් උඩින් වැවෙයි."


බිරිඳගේ තදබල අකමැත්තක් නොමැතිබව පෙනුන නිසා ඔහු ප්‍රීතියෙන් පිනා ගියේය.

----

 උදා වූ සිකුරාදා දින උදෑසන කාර්යාලයට ඇමතුමක් දී සැලැස්ම අකුරටම ක්‍රියාවට නැංවීය. හවස් වරුවේ  චිත්‍රපටිය බැලීමට යාම සඳහා ඔහු ලකලැස්ති විය.


"මොකද මේ කවදාවත් නැතුව තොප්පියක් දාගෙන තිලකේ, අනික පට්ටි කාරයෝ දාන තොප්පියක්....ඔය ඇඳුමට ගැලපෙන්නෙත් නැතුව ?


"ආහ්.... නැ... නැ විශේෂයක් නෑ..මේ දවස් ටිකේ හවස පින්න වැඩි නිසා පරිස්සම් වෙන එක හොඳයි, සෙම හැදුනොත් හරි අමාරුයිනෙව.... ඇඳුමට ගැලපෙන්න ඕනේ නෑ..පරෙස්සමනේ වටින්නේ..අනික ඔයා දන්නවද දැන් මේක අවුට් ඔෆ් පැෂන් වුනාට මේක ඒකාලේ ජනප්‍රිය විලාසිතාවක්." අතීතය ආවර්ජනය කරමින්ද ඔහු සැරසුනේ ඒ බව සාධාරණීයකරණය කරන්නටය.


පුරා හෝරා කීපයක් දැහැනකට සමවැදුනාක් මෙන් චිත්‍රපටිය නැරඹු ඔහුගේ මුහුණේ යම් තෘප්තිමත් බවක් පෙනෙන්නට තිබුණි. යොවුන් වියේ විඳි අත්දැකීම නැවත වරක් මුහුකුරා ගිය අවධියක සිට ඔහු නැවත හදවතින් වින්දේය. සිතු පරිදි එල්ල විය හැකි කරදර නොපැමිණීම පිලිබඳ ඔහු සතුටු විය. චිත්‍රපටි ශාලාවෙන් එලියට එද්දී ඔහු බිරිඳට සමග කතාවට වැටුනේ වටපිට බලමින් දන්නා හඳුනන කිසිවෙක් හමුවේදෝයි සැලකිල්ලෙන් බලමිනි .

"කාලේ හැටියට හොඳ නිර්මාණයක්, කලාතුරකින් බිහිවෙච්ච විශිෂ්ට නිර්මාණයක්, මං හිතන්නේ මිනිහට තව දුර ගමනක් යන්න පුළුවන් වෙයි".

"අනේ මන්දා ඉතින් මටනම් ඔව්ව තේරෙන්නේ නෑ, ඉස්සර බලපුවයෙයි මේකෙයි එහැටි වෙනසක් නම් නෑ" බිරිඳගේ රසවින්දනය ගැන ඔහු කම්පා වුනත් ඉක්මනින් පියගැට පෙළ බැස්සේ කිසිවෙකු දැකීමට පෙර නිවසට ඒමේ අභිලාෂයෙනි.


"හලෝ.......තිලකරත්න මහත්තයා, නෝනත් එක්ක ෆිල්ම් එක බලන්න ඇවිල්ල වගෙයි, තිලකරත්න මහත්තයට අසනීපයි කිව්ව හින්දා කන්තෝරුවේ කට්ටිය තීරණය කළා සෙනසුරාද ගමන කැන්සල් කරලා අද ෆිල්ම් එක බලලා හෙට තිලකරත්න මහත්තයාගේ අසනීප තත්වය බලන්න එහෙ ගෙදර එන්න"

ඒ අවට විසිරී සිටි කාර්යාලයේ උදවිය සියලු දෙනාම තමා අසලට පැමිණ  තමා දෙස උපහාසාත්මකව බලා සිටිනු දැකීමෙන් ඔහු මහත් අපහසුතාවට පත්විය. දෙකන් පෙති රත්වී අවට ශබ්දය මුනුමුනුවක් බවට පත්වෙද්දී ඔහු බිරිඳගේ අත තදින් මිරිකා ගත්තේය.


"තිලකරත්න මහත්තයට එච්චර අමාරුවක් නැති පාටයි" රත්නපාලගේ උපහාසාත්මක ස්වරය ඈතට පියමන් කරද්දීත් ඔහුට ඇහුනේ දෙසවන් බිහිරි කරන ඝෝෂාවකිනි.

නිමි.

74 comments:

  1. හිතට දැනෙන සිරා හැඟීම නම් මේක එළකිරියට ලියා තිබෙන වගයි. උඹට දක්ෂ කෙටිකතාකරුවෙක් වීමේ හැකියාවක් තියෙනවා. අදමයි ආවෙ. ආයිමත් එන්න ලුහුබැඳුමකුත් දැම්මා ඔන්න. ජයවේවා...

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි රතු රජරට..මේ පැත්තේ ආව එක ගැන හදවතින්ම සතුටු වෙමි. ජයවේවා...!

      Delete
  2. මිනිස්සු හිතන ඒවා ගැන වද වෙන්න ගත්තොතින් අපිට කියලා ආත්මයක් නැති වෙනවා

    ReplyDelete
  3. කියන උන්ට නම් මොනවා කියන්න බැරිද..... සමහර අම්මලා තාත්තලා දරුවෝ සම්බන්ධයෙන් පත්වෙන්නේත් ඔය වගේ තත්ව වලට තමයි...

    ReplyDelete
    Replies
    1. හ්ම් ඒක ඇත්ත හිරු අක්කේ.....

      ඔයා කියන්නේ සමහර දෙමව්පියෝ තමන්ගේ ළමයි ගැන පිට උදවිය කියන්න බලාගෙන ඉන්න කතා ගැන බොරුවට වද වෙනවා කියලා නේද

      Delete
    2. ඔව්.. ඒක තමයි... අන්තිමට අම්මලට තමන්ගේ දරුවන්ගේ ලබා ගන්න ඕනේ දේවල් ලැබිලත් නෑ.. දරුවන්ට ලැබිය යුතු දේවල් ලැබිලත් නෑ.... නම්බුවයි, සෝබනේයි විතරයි ඉතුරු වෙන්නෙ... ඔය දෙකෙන්ම ඇති වැඩක් තියෙනවයැ...

      Delete
    3. අක්කගේ කතාවට නම් දෙපයින්ම එකඟ වෙනවා..

      Delete
    4. ඒක ඇත්ත..නම්බුවයි, සෝබනේයි විතරක් තිබිලා වැඩක් තියනවායෑ.. කාට පෙන්නනද, කවුරු හින්දද...!

      Delete
  4. කවදත් වගේ රයිටර් කතාව අපූරුවට පෙළගස්වලා තියෙනවා...

    ReplyDelete
  5. කාතාව හිතට දැනුනා බං..

    ReplyDelete
  6. ඌ ඇත්ත කිව්වත් පිලිගන්න එකක් නැහැ කට්ටිය :(

    හොද නිර්මානයක් මචං

    ReplyDelete
    Replies
    1. ඔව් සෑම් අයියේ මිනිහට ඇපත් නැති ටයිප් එකක් තියෙන්නේ...!

      ගොඩක් ස්තුතියි සෑම් ලොක්කා

      Delete
  7. ඒ සිරා කතාවක් ඈ...
    සිරාම සිරා...
    එක එකාලට ඕන විදිහට ජීවත් වෙන්නැතුව තමංට ඕන විදිහට ජීවත් උනානං ඒ කිසි ප්‍රස්නයක් නෑනේ..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි තරියා....ඔව් මචා අපි මොකටද කවුරුවත් හිතන එව්වා ගැන වද වෙන්නේ, අපිට අපි ගැනවත් හරියට වෙලාව හොයාගන්න නැති කොට.

      Delete
  8. නියමයි පැතුම්...!අනුන් කියන කරන දේ ගැන නෙවෙයි තමන් හරි ප්‍රතිපත්තියක ඉන්නවනනම් කාටවත්ම බය වෙන්න ඕනි නෑ

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි රෙහානි අක්කේ. ඔව් ප්‍රතිපත්ති රකින්න ඕනේ. ඒත් ඒකටත් එක්තරා විදිහක් තියනවනේ.

      Delete
  9. බඩු අතේ මාට්ටු.
    ඔච්චර බය වෙන්නේ මොකටද බන් අඳුරන උන්ට ඕන කරන ඒවාද අපි කරන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ඔව් මඩියා....ඒක ඇත්ත. රටේ ලෝකේ එවුන්ට ඕනේ විදිහට නෙමෙයිනේ අපි ජීවත් වෙන්න ඕනේ

      Delete
  10. නිර්මානයනම් එල කාලෙකින් දැක්ක හොඳ කෙටිකතාවක්. නමුත් මමනම් ඔය හෝල් වලට ගිහිං බලන්න කැමති නැහැ බලන දෙයක් ගෙදර තමයි. ඇන්දේ දිගාවෙලා මොනා හරි හප හප ෆිල්ම් එකක් බල තරම් කික් එකක් හෝල් එකේ බලද්දී නැහැ.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි කොමා.

      එහෙම බලන එකෙත් යම්කිසි ගතියක් තියනවා තමයි, ඒත් හෝල් එකට ගිහින් බලනවා වගේ ගතියක් නෑ කියලයි මට හිතෙන්නේ.

      Delete
  11. තිලකරත්න මහත්තයා ට අයියෝ සල්ලි....අහෝ...

    ReplyDelete
  12. හොදයි මචං නිර්මාණ්ය .. උබ මේ වගේ කතා වලට දක්ශයි...

    ජය ,

    ReplyDelete
  13. චිත්‍රපටයේ දිග හැරැම වෙන අයට පැවරුවම අධ්‍යකෂක කම අවුල් තමයි.. කතාව නම් සුපිරි මල්ලියා.. හැමෝටම ඕන ඕන විදිහට ජීවත්වෙන්න ගියොතින් කොයින්ද ජීවිතයක්..

    ලියමු තව තවත්..! :)

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි නන්දු අක්කේ. ඒකනේ එතකොට අන්තිමට නටන්න වෙන්නේ අනුන්ගේ බෙරේ පදයට

      Delete
  14. කතාවේ අන්තර්ගතය ගැන මුකුත් කියනවට වැඩිය හොඳයි කියල හිතෙනවා මේක කෙටි කතාවක් විදියට මම දකින්නේ කොහොමද කියලා කියන එක :) මම දවසකුත් ඔයාට නේද කිව්වේ මේ කතා කියවනකොට මට මතක් වෙන්නේ "ගී ද මෝපසාන්" ගේ කතා කියලා? අමුතුවෙන් කියන්න ඕන නෑ සිරාම සිරා. තිලකරත්නගේ හිතේ තමා සමගම ඇති වෙන ඝට්ටනය නියම විදියට ලස්සනට ඉදිරිපත් කරලා තියනවා. මේ වගේ හැකියාවක් තියෙන්නේ කලාතුරකින් කෙනෙකුට. ඒක දියුණු කරගෙන ඉදිරියටම යන්න.

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි සයුරි අක්කේ. මේවගේ කමෙන්ට් එකක් කියවල හිතට දැනෙන කික් එක නිසා තමයි අලුතෙන් හිතන්න මහන්සි වෙන්නේ..ආශාවක් ඇතිවෙන්නේ. නිර්මාණකරුවෙක්ට (මම ඇතුළු සියලු දෙනාට) අවශ්‍ය වෙන්නේ අන්න ඒ දේ තමයි අක්කේ. ඔයාලා මාත් එක්ක ඉන්න නිසා තමයි මෙච්චර දුරක් එන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ සාර්ථකත්වය පිටිපස්සේ නිහඬව ඔයාලා ඉන්නවා කියලා මම හොඳට දන්නවා.

      Delete
  15. මේක මචං අර "කේ.ජයතිලක" ස්ටයිල් ඒකෙ එකක් වගේ! පට්ට ඈ!
    මම බය උනා මේකා නාඩිරත්න ද කියලා! බලපුවහම තිලකරත්න! ;)

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි නාඩියා.. ඒ කියන්නේ උඹත් ටිකක් හරි තිලකරත්න වගේ කියලද ? නැත්තම් ?

      Delete
  16. සාර්ථක නිර්මාණයක් පැතුමෝ.. මිනිස්සුන්ගේ සිතුම් පැතුම් වෙනස්..

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි දිනේෂ් අයියේ. . අන්න ඒ වෙනස් වීම ගැන කොච්චර නම් හිතන්න දේවල් තියනවද ?

      Delete
  17. උඹේ ඉළ කැඩෙන විහිළු කියවලා මේක කියවනකොට හොල්මන්... මටත් කතාව ඉවර වෙනකොටම මතක් උනේ ගී ද මෝපසාන් ගේ කෙටි කතා දෙකක්... නූල් කෑල්ල සහ කිවිසුම (දෙකම එයාගෙ මං හිතන්නේ)... තමන්ගේ ක්‍රියාවන් අනිත් අය දකින ආකාරය ගැන උවමනාවට වඩා හිතන චරිත තමයි ඒ කතා වලින් කියැවෙන්නේ.... උඹ කතාව ගොඩ නගලා තියන ආකාරය, චරිත, සිදුවීම් බොහොම තාත්විකයි... මචං සිරාවටම උඹේ හැකියාව උපරිමයි....

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි තිසා....! කිවිසුම කතාවෙත් යන්නේ ඒවගේ තේමාවක් තමයි...ඕනෙවට වඩා හිතන්න ගිහින් වරද්ද ගන්නවා.

      Delete
  18. නියම නිර්මාණයක්, ලස්සනට ලියල තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි Praසන්ன අයියේ ...!

      Delete
  19. මං දැක්කම හොදම නිර්මාණයක් සහෝ.නියමයි.

    ජය!

    ReplyDelete
  20. තමන් පුරුදු වෙලා තියෙන රටාවෙන් පිට දෙයක් කරන්න යද්දි ඕනම කෙනෙක්ගෙ හිතට, අනිත් අය මේ ගැන මොනව කියයිද, මේ දේ මොන විදිහට පිළිගනීද කියන බය ඇතුල් වෙනවා. තරුණ පරපුරේ අයට වඩා වැඩිහිටියන් අතර මේ වගේ වෙනසකට තියෙන බය වැඩියි. ඒ නිසා ඒ අය තමන්ගෙ ජීවිතේ තමන් පුරුදු වෙලා තියෙන රටාවෙන් එහා ගිය පුංචි හරි දෙයක් කරද්දි ඒ ගැන ඕනවටත් වඩා හිතන්න පෙලඹෙනවා. අන්න ඒ මිනිස් ගතිය ඔයා මේ කතාවේදි හරිම තාත්වික විදිහට ඉදිරිපත් කරලා තියෙනව. ඉතාම සාර්ථක නිර්මාණයක් පැතුම්....
    ජය!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි Chams! ඔව්...ඇත්තට හෝ බොරුවට ප්‍රතිපත්තියක් වගේ ස්වතහංචි සීමාවන් පනවාගෙන ජීවත් වෙලා පොඩ්ඩක් හරි ඒවායින් පිට පනින්න වුනාම ඔයා කියනවා වගේ ඕනේවට වඩා හිතනවා. ඊට පස්සේ නොහිතන ගැටළු, හිත් වලට මුණ දෙන්න වෙනවා

      Delete
  21. පස්ටයි, ඉස්සර කාලේ මටත් ඔය වගේ දේවල් වෙලා තියෙනවා, ඒ කිව්වේ ප්‍රතිපත්ති සහ සිතිවිලි අතර ගැටුම්. ඒත් ඒවා කාලයත් එක්ක ම අඩුවෙලා යනතැනට වැඩ කරනවා දැන් මම!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි ලහිරුවා...!! අන්න අත්දැකීම් ඒක තමයි අත්දැකීම් ජීවිතේට පාඩමක් කරගන්නවා කියන්නේ

      Delete
  22. හිතට වදින විදිහට කතාව එලටම ලියලා තියෙනවා මලේ

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. ගොඩක් ස්තුතියි මධුරංග අයියේ

      Delete
  23. machan man nam poth paththara kiyawana kenek
    newe..eth ube mahansiya age karanawa..
    digatama liyanna.. jaya wewa...
    monawa monawa hari thamanta puluwan loketa
    wadak wena deyakne karanna ona..
    digatama liyanna...

    ReplyDelete
    Replies
    1. එල කිරි මචන්...! ගොඩක් ස්තුතියි

      Delete
  24. අනිත් අය හිතන දේවල් බලන්න දෙයක් නෑ තමන් කරන්නෙ නිවරැදි දෙයක් නම්. ඔන්න නෝනට හොරෙන් ගියා නම් තමා යුද්ධයක් වෙන්නෙ. :D
    ලියල තියන ශෛලිය නම් මරු. අඩුපාඩුවක් කියන්න නෑ නියම රහට තියනවා.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි ගිමා අයියේ. ඔව් ඔව් එකනේ මිනිහා නෝනත් එක්ක ගියේ...!

      Delete
  25. Replies
    1. ගොඩක් ස්තුතියි තරු අක්කේ ...!

      Delete
  26. මුලින්ම මේ අපිට දැනුන අවංක අදහස. උඹමිට එහා දෙයක් කරන්න පුළුවන්.බ්ලොග් එකෙන් එහා යන දෙයක්.සිරාවට හොඳ හැකියාවක් තියෙනවා.

    මේ කතාව ලියන්න හිතුන විදිය ටිකක් කියපන් කෝ.

    හදිස්සියෙවත් ගමේ මිනිස්සු තොප්පිය නිසා ඔහු අඳුර ගත්තේ නැත්නම් ඒ බිරිඳට වෙනත් කතාවක් හැදෙන්න ඉඩ තිබුනා..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි අසාර් අය්යේ


      මේ කතාව ලියන්න හිතුන විදිය කෙටියෙන් කියන්නම්..

      මෙහෙමයි දවසක් අපේ ඔෆිස් එකේ මම නයිටක් ඉන්නකොට..තව කීප දෙනෙක් එක්ක ඉස්සර ඉඳන් තිබුන චිත්‍රපටි ගැන එක එක දේවල් කතා කර කර හිටියා. ඔහොම කතා කර කර ඉන්නකොට මට ටක් ගාල පොඩ් අදහසක් හිතේ මැවුනා...ඒක හරිම පොඩියි වචන දෙක තුනක් ...මම එවලේම ෆෝන් එකේ මැසේජ් එකක් ලියලා සේව් කළා "Adults only film ekak balanna yanna try karana old couple ekak" කියලා. පස්සේ ඊට දවස් දෙකකට පස්සේ අදහස ඔලුවේ තියාගෙන පොඩි පොඩි වෙනස්කම් කරලා කතාව ලිව්වා.

      ඔය වගේ කලින් මතක් වෙච්ච අදහස් සේව් කරගන්නේ නැතුව ඉඳලා, පස්සේ කල්පනා කරනකොට මතකෙට එන්නෙම නෑ. ඉතින් එකයි ඔය වගේ අදහසක් මතක් වුනාම ෆෝන් එකේ සේව් කරගන්නේ.

      Delete
  27. නියමයි!!!! ඇත්තටම අනිත් මිනිස්සු හැමෝම හිතන පතන විදියට හැඩහැහෙන්න ගියොත් පිස්සු හැදිලා තමයි නවතින්නෙ..

    හොද කතාවක්!! වෙනස් අදහසක්!!! උපරිමේටම ලියලා තියෙනවා!!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි හිතු....පිස්සු හැදිලා නැවතුනොත් මදැයි හෙහ් හෙහ් හෙහ්

      Delete
  28. රයිටර් ගේ හැකියාව නියමයි නේ ඉතිං කොහොම ලිවුවත්...
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
  29. මට නම් හිතෙන්නේ මේක ඉතාම සාර්ථක නිර්මාණයක් පැතුම්.... ඔයාගේ ලිවීමේ හැකියාවනම් උපරිමයි කියල මට හිතෙන්නේ. තවත් ඒක දියුණු කර ගන්න...

    ReplyDelete
  30. කියන්න වදන් නෑ බන්...කාලෙකින් කියවපු අති සාර්ථක නිර්මාණයක්... රතු කියනවා වගේ කෙටිකතාකරුවෙකුගෙ හෙවනැලි ඔබ කෙරෙන් දිස් වෙනවා... භාෂාවෙ හැඩතල මටසිළුටු විදියට යොදාගෙන තියෙන ආකාරයත්... කථාවේ විශ්වාසවන්ත භාවය රැකගෙන තියෙන ආකාරයත් කදිමයි...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි සිරා අයියේ ගොඩක්

      Delete
  31. නියමයි පැතුම්..හිතේ දෙගිඩියාව ගලපලා තියෙන හැටි අති විශිෂ්ටයි..
    තවත් කතා ලියන්න.බ්ලොග් ඒකට විටරක්‌ සීමා කරන්න එපා.පුළුවන් නම් පත්තර වලට එහෙමත් යවන්න..
    ජයෙන් ජය!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි ප්‍රමුදි අක්කේ. මගේ හිතේ එහෙම අදහසකුත් තියනවා

      Delete
  32. ඇඩෙනවා ඕයි!!! :)


    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  33. සිරාවටම පැතුමො පට්ටෙටලියලා තියනවා...

    ReplyDelete
  34. නියම කතාව.
    අද සමාජයට බයෙන් තමයි ගොඩක් අයට තීරණ ගන්න වෙලා තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගොඩක් සිතු..ඔව් ගොඩක් දෙනෙක් තීරණ ගන්නේ එහෙම තමයි

      Delete
  35. සමාවෙන්න ඕනෙ පරක්කු වුනාට. නමුත් මේක හොඳ නිර්මානයක් කියලා නොකිව්වොත් මම කුහකයෙක් වෙනවා.
    අනික රයිටර්ට ශෛලීන් කීපයක් තියෙනවා නේද?
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි ඩුඩ් අයියේ..!

      පරක්කු වෙලා ආපු එක සමාව ඉල්ලන්න තරම් වැරද්දක් නෙමෙයි ඩුඩ්් අයියේ...!...පරක්කු වෙලා හරි කතාව කියවන්න හොයාගෙන එන එක මට කොච්චර වටිනවද කියලා ඔයාලා දන්නවනේ. ඔයාලා වචනෙකින් හරි දෙන උදව්, තල්ලු නිසා තමයි ආසාවෙන් වචනයක් හරි ලියන්න හිතෙන්නේ.

      හ්ම් එකම රටාවකට කොටු නොවී එක එක විදිහට ලියන්න හිතනවා.

      Delete