Friday, December 14, 2012

"තොගේ ආච්චිගේ හවරිය...යකෝ...මට...මට...වා...වා"

රියලිටි තරඟයේ පලවෙනි තරඟකරු හැටියට ආව තඩි අක්කා ස්ටේජ් එකට බැහැපු කඹේ කඩාගෙන අවාසනාවන්ත විදිහට බිම පත බෑවුනේ අහසෙන් ගිය ඉබ්බාට වැහි නැති හෙන ගැහුවා වගේ. පණ යන්න ඔන්න මෙන්න තියෙද්දී විනිශ්චය මණ්ඩලේ ජාතිය අමතලා වේදිකාව දෙවනත් කරපු හින්දා අනවුන්සර් මල්ලි පොඩි ක්ෂණික ඇඩ් එකකට ගියා. ඒ වුනාට කන් අඩි පැලෙන අප්පුඩි සද්දේ අස්සේ ඒකි කලේ රියල්ම රියල් ඇක්ටින් එකක් කියලා විනිශ්ය මණ්ඩලේ හිටපු තුන්දෙනාගෙන් දෙන්නෙක් බිම හැපී හැපී කිව්ව හින්දා තඩි අක්කව දෙවෙනි වටයට තේරුණා.


කොහොම හරි දෙවෙනියට තරඟ වදින්නේ අපේ ගමේ සකල අභිමානය වෙච්ච චාරුලතා නංගි. අපේ ගමෙන් ගියපු එවුන්, පොට යන්න ඔන්න මෙන්න තියන තම තමන්ගේ ඇස් දල්වාගෙන හුදී ජන පහන් සංවේගයෙන් තොල් විකාගෙන ඇඟිලි කටේ දාගෙන බෝඩ් ලෑලි වන වනා බලාගෙන ඉන්නවා ඒ උත්කර්ෂවත් මාහැඟි අවස්තාව එනකම්.  ඇඩ් එක යන අස්සේ අනවුන්සර් මල්ලි කට්ටියට වෙන්න ඕනේ දේවල් සැරින් සැරේ කියනවා, ඔයා මෙතන ඉන්න ඕනේ, ඔයා රවුමක් කැරකිලා දුවගෙන එන්න ඕනේ, ඔයා ආපු ගමන් එක පාරක් උඩ පනින ඕනේ.. ඉවරයක් නැතුව කියවන ඌ ගැන රම්බගේ ආච්චිට හොඳටම මල, "හත්වලාමේ, මට අර කොලුවාගේ කටට දෙකක් ඇනලා විනාකිරි ටිකක් වක්කරන්න තියනම්, වක්කඩේ ඉන්න ගෙම්බෝ පහරනවා වගේ හැමවෙලේම කියවනවට".   ඔය අස්සේ ටික වෙලාවකට කලින් ප්‍රීතියෙන් උදම් වෙලා හිටපු රම්බා  එතන හිටියේ බඩ යන්ඩ බෙහෙත් බීලා බදුලු කෝච්චියට නැගපු පොරක් වගේ හෙන අසහනයෙන්, මු දත්මිටි කාගෙන එහාට ඇඹරෙනවා මෙහාට ඇඹරෙනවා. බලාගෙන ඉන්න බැරි තැන මම ඇහුවා,


"මොකද බං...,දඟලන්නේ... උඹේ බඩ බුරුල් වෙලාවත්ද....?"

"තොගේ ආච්චිගේ හවරිය...යකෝ...මට...මට...වා...වා"

"අපේ ආච්ච්ගේ හවරිය උන්දෑ මැරෙන්න සතියකට කලින් බොම්බයි මොටයි හදන්න දුන්නා....වා...වා...ගාන්නේ නැතුව හරියට කියකෝ හිවලෝ...?.

"රයිටර්....මට වා...වා...."

 රම්බා කියන්ඩ හදපු එක එහෙම්පිටින්ම ගිලගන්න වුනේ අනවුන්සර් මල්ලි වැඩේ ආයෙම පටන් ගත්ත හින්ද....!


"විරාමයෙන් පසුව ඔබ නැවතත් එක්වන්නේ, හන්දියක් හන්දියක් ගානේ, පඳුරක් පඳුරක් ගානේ, පාලම් උඩ, බෝක්කු යට, නාන තොටේ, වක්කඩේ, ඉබාගාතේ සැරිසැරූ  හිතුවක්කාර ගං සමනලුන්ගේ ගං සමනලියන්ගේ අභිමානවත් මෝල් මංගල්‍යය හෙවත්, පිපෙන්නට තටමන පුංචි මල් කැකුළු තලා පුබුදුවා මෝදු කරවා, මල්වර කරවා, පරාගනය කරවා ජාතියට ජන්මයට පූජා කරන දේශයේ ජනප්‍රියතම රියල් රියලිටි තරඟය සමගයි."

රම්බාගේ ආච්චි දෑත පපුවේ තියාගෙන ස්ටේජ් එක දිහාවට වැඳගෙන ඉන්න අතරේ රියලිටි සභාවේ හිටපු උදවියගේ අත්පොලසන් සද්දයෙන් අපේ කන් අඩි රැව් පිලිරැව් දුන්නා.

"පිළිගන්න මීළඟට වේදිකාවේ  ධක්ෂතාවය ඉධිරිපත් කරන්නේ... සංගීතය තම ආත්මය කොටඝත්, නර්තනය තම අනියම් පෙම කරගත්, මදනකුලප්පුවේ සිට පැමිණි....චා........රුලතාආ...ආ...ආ...." දෙවනත් වෙන්න ඇහුන විසිල් පාරට චාරුලතාගේ පැත්තේ සපොර්ටර්ලගේ හිත් උණු වෙලා.

සහෝදර ප්‍රේමය දෝර ගලන්න වෙලා රම්බාගේ ඇස් වල කඳුළු ලීටර් ගානක් හෝ ගාලා දොට්ට පනින්න ගත්තා, බුරුස් බුරුස් ගාලා දෙපාරක් තුන් පාරක් නහය උඩට ඇද්ද රම්බා දෙකට තුනට නැමිලා කලිසම් සාක්කුවට හොටු ටික හීරුවා. ඊට එහාපැත්තෙ රම්බාගේ අම්මා උන්ගේ ආච්චි බදාගෙන අඬනවා. රම්බාගේ තාත්තා මට මෙහා පැත්තේ ඉඳන් රම්බාගේ නැන්දා බදාගෙන අඬනවා.. රම්බාගේ අම්මා ඒක දිහා බලාගෙන යටි ගිරියෙන් විලාප තිය තිය බලියනවා. 

ස්ක්‍රිප්ට් එකේ හැටියට දැන් තරඟකාරිය වෙච්ච චාරුලතා  ඉඳගෙන හිටිය පුටුවෙන් නැගිටලා කැමරාවට පොඩි ලාමක ටටා පාරක් දාන්න ඕනේ. ඒත් කාලාවරෙන්කෝ අග්ගලා ගෑරුප්පුවෙන් කියන්නැහැ, මේකි අව්වට වේලිලා ඇඹරිච්ච කූඩළු ඇටේ වගේ රුවිතෙට ගිහින් ඉඳගෙන ඉන්න තැනම ඉඳගෙන සතර දිශාවට ඇඹරෙනවා හරියට දෙපාරක් මල්වර වෙලා වගේ...මම බයේ හිටියේ බෝල කුහර සන්ධියක් ඒකිගේ ඉල ඇටේක පැටලිලා හුස්ම හිරවෙලා පණ කෙන්ද යයිවත්ද කියලා.

මිනිහෙක්ගේ හදවත ගැහෙන සද්දේ "ලබ් ඩබ්" වුනාට අපේ පපුව ගැහුනේ "ලබ්ඩ බබ්ඩ, ලබ්ඩ බබ්ඩ" කියලා වගේ කියලයි එවලේ දැනුනේ. ඇයි යකෝ රටට ලෝකෙට ණය වෙලා  රියල් රියලිටි තරුව වෙන්න කියලා ආපු එකී මුරුක්කුවක් වගේ ඇඹරෙද්දී රටේ ලෝකෙට එවුන්ට මුණ දෙන්න බැරුව ඉන්න අපිට ආහාර ජීර්ණ පද්ධතියේ අග කෙලවරට තංගුස් නුලකින් බ්ලැන්කට් මැස්මක් දාගෙන බඩ යන්ඩ ජාපාල ඇට කාලා මැරෙන්න හිතෙනවනෙ මේකි කරන වැඩ වලට. හත්වලාමේ රෑ තිස්සේ ඇහැරගෙන, නිදි මරාගෙන තොරන් සුනිල් අයිය උගේ ඇඟේ පතේ තියාගෙන කරපු ට්‍රේනින් ඔක්කොම ගඟට දාපු ගොම්බෙට්ටක් වගේනෙව.

දැන් අනවුන්සර් මල්ලීගේ රතු කට්ටත් ගැල වෙන සයිස් එකට ඇවිත්. "ඔව්....පිලිගන්න...වේදිකාවේ........."ඔව් පිළිගන්න වේදිකාවේ" කියලා දැන් දහ පාරකට වඩා කියලා".. පිලිගන්න තියා පලිගන්නවත් මේ හුචක්කුව නැගිටලා එන්න එපයි. ඉවසලා ඉවසලා බැරිම තැනද කොහෙද පොර අඩියක් හෙම පොලවේ හප්පලා ආයෙත්


"කිව්වම අහලා පිළිගන්නවා අයිසේ.. වේදිකාවේ..මීළඟට.....චාරුලතා..."


මොන...මේකි හෙල්ලෙනේ නෑ.......................අන්තිමට බැරිම තැනද කොහෙද අනවුන්සර් මල්ලි,


"අනේහ්  මට බෑ....... ඕයි"  ඌ ඇඩෙන නොඇඩෙන සයිස් එකට කට හදාගෙන කිව්වේ මුණ කෝච්චියට අහුවෙච්ච ගොලුබෙලිකට්ට වගේ කරගෙන "


අනේ අපි දැන් කෙටි විරාමෙකට යමු.." කියලා හෙන අහිංසක විදිහට කඳුළු අස්සෙන් කියලා බිමින් ඇන තියාගත්තා ඔලුවේ අත්දෙක ගහගෙන.   
 

මොන ජවුසම දැම්මත්, මොන විදිහකින්වත් ලේසියන් චාරුලතාව පුටුවෙන් හොල්ලන්න බැරි වුනා..අන්තිමට ඇඹරි ඇඹරි හිටපු චාරුලතාව පුටුවෙන් ගලවා ගන්න බැරුව පුටුව පිටින්ම උස්සන් යන්න සිකුරුට්ටෝ දෙන්නෙකුටත් එන්න සිද්ධ වුනා, ඒත් පුටුව ඒකිගේ පස්සෙන් ගලව ගන්න රම්බටයි මටයි ජඩ ගේමක් දෙන්න වුනා. සබකෝලේ ඉස්මුරුත්ත වෙච්ච නිසා ඒකිගේ අක්මාව අක්‍රිය වෙලා,  උණ්ඩුක පුච්චේට රුධිරය සපයන සිහින් ධමනියක් තාවකාලිකව අකර්මන්‍ය වෙලාද  කොහෙද මෙකි පුටුව බදාගෙන ඉඳලා තියෙන්නේ. අනික සූ ගාන විශාල ජනකායක් මැද්දේ ස්ටෙජ්  එකේ ඉන්නකොට හිතට දැනෙන "වේදිකා භීතිකත්වය" චාරුලතාව හතර අතේ වෙලාගෙන ඒකි නැත්තමට නැති කරලා දාලා වගේ එකකට එකක් නොදෙවෙනි තව තව විද්වත් මත ගොඩක් නිකන් තියන මගේ කනට ඇහුනා.


අන්තිමට අපි වන්දනා නඩේ වගේ හිටපු හැත්ත බුරුත්ත ඔක්කොම අකුලාගෙන එන්න හදනකොට ප්‍රෝග්‍රෑම් ඩිරෙක්ටරයා දුවගෙන දුවගෙන ඇවිත් අපිට වැඳ වැඳ කිව්වා "අනේ...බුදු මල්ලියේ..කියන තැනකට වඳින්නම්..කියන ගානක් දෙන්නම්..මේ ඉස්සකුඩිච්චිය අරගෙන උඹල ආපු අතක් බලාගෙන මගේ දෑහෙට පේන්න ඉන්නේ නැතුව මෙතනින් තොලොංචි වෙලා පලයන්" කියලා. අන්තිමට ඌ හුල්ලලා හුල්ලලා රම්බා එපාම කියද්දී අතේ කීයක්ද මන්දා මිට මෙලෙව්වා.

එමින් ගමන් රම්බාට වගේම උන්ගේ පවුලේ උදවියට ඇතිවෙච්ච කැළල ගැන ආපු උදවිය හෙන අම්බ කයිවාරු ගහනවා. රම්බාගේ දුරින් නෑයෝ වෙන ආච්චි කෙනෙක් විටක් ඔතන ගමන් සීයට කියනවා මම අහගෙන "පොල්ලට්ටක් පිරෙන්න මුත්තරා කරන්න බැරි ඇච්ච කෙල්ලෝ රටවල් අල්ලන්න ගියාම ඔහොම තමයි, නැද්ද...අපේ මහත්තයා, වියදම් කරපු සල්ලි වලින් හරක් පට්ටියක් දැම්ම නම් ඊට වඩා හොඳයි..... හොග් හොග් හොග්"

ඒ කතාවටනම් මටත් තද වුණා...රම්බට අසූ හාරදාස් ගානට තද වුනා වගේ මම දැක්කා.. මල විදපු පාරට රම්බා බස් එකේ සීට් එක හපාගෙන හපාගෙන ගියා අවසිහියෙන් වගේ.  

ඇයි යකෝ හරක් පට්ටි දැමීම කෙසේ වෙතත් පොල්කට්ටක් පිරෙන්න මුත්තරා කරලා රට අල්ලනයෑ, ගිනස් වාර්තා තියන්නයෑ..මෙව්වා කාට කියනන්නද...

ගෙවල් ගාවින් බැස්සට එකෙක් හ්ම් නෑ...ලෝක විනාසේ වෙන්න තප්පරයයි වගේ හැම එකාගෙම මුනේ හෙන මළගෙවල් මූඩ් එකක්.
රම්බාගේ තාත්තා කල්පනා කර කර ඉඳලා හෙන බැරෑරුම් පාර්ට් එකක් මුනට අරන් චාරු ලතා ගාවට ඇවිත් ඇහුවා


"මගේ චුටි මණික...ඇයි මයේ අම්ම බය වෙලා වගේ හිටියේ...කියන්න මයේ අම්මා...ඇයි උඹ අපිව නැති කරේ කියපන් කෙල්ලේ"


චාරුලතා, තාත්තගේ බෙල්ල බදාගෙන හු කියා කියා බලියන්න ගත්තේ නැතැයි.


"අනෙහ් තාත්තේ.... එවලේ මම සෑහෙන පීඩනයෙන් හිටියේ.... මං දිහා බලාගෙන උන්නු අයියලා ඔක්කොම මට  චියර් එක දීලා කෑ ගහනකොට මම කීරි ගැහුනා තාත්තේ..කීරි ගැහුනා.."



66 comments:

  1. කීරි ගැහිලා තියෙන්නේ කො‍හෙටද බං???????????

    ReplyDelete
  2. මොනව උනත් පව් අනේ චාරුලතා...

    ReplyDelete
  3. ඔච්චරත් හරියක් කරලා ටයිම් එකටම වේදිකා භීතිකාව වගේ එක එක මගුල් ආවාම තද වෙනවා නේ බන් :/

    ReplyDelete
  4. එල ඈ වෙනදා වගේම

    ReplyDelete
  5. මෙච්චර කරලත් මේකි සින්දුව කිව්වෙ නැද්ද.. හයියෝ.....

    ReplyDelete
    Replies
    1. ඒකනේ හිරු අක්කේ බලන්නකෝ ඒකිගේ වැඩ.

      Delete
  6. දැන් ඉතින් සභාන් බාල්දියක බැහැල හිටියත් මේ නව නින්ගිරාව නැති කරන්න බැහැ.. අපරාදේ සල්ලි..

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා. දිව්ය ලෝකෙවත් නැතුව ඇති මේවගේ නව නින්ගිරාව යවන්න විදිහක්

      Delete
  7. අලේ අප්පා..එතකොට චාරුලතා කීරි ගැහිලා විතරයි..කෙලියා නේද තාප්පෙට...හි හි හී

    ReplyDelete
  8. ඉවර නෑ නේද බං

    ReplyDelete
  9. ඒ බං ඕක කලින් දැම්මද මට නිකං කිටවල පුරුදුයි වගේ නෙව..

    ReplyDelete
  10. //පිළිගන්න මීළඟට වේදිකාවේ ධක්ෂතාවය ඉධිරිපත් කරන්නේ... සංගීතය තම ආත්මය කොටඝත්//

    එල... ගොඩක් නිවේදකයෝ දැන් ඔහොම තමයි උච්චාරණය, ඕන්නැති මහප්‍රාණ දානව.

    චාරුලතා නංගි ගැන මටත් දුකයි. අහිංසක කෙල්ල, පව්.

    ReplyDelete
  11. සිරාවටම චාරැලතා පව් තමා....

    ReplyDelete
  12. පුක හපාගෙන මැරෙන්න හිතෙනවා ඕයි මේ ක කියවලා
    අයියෝ චාරු....

    ReplyDelete
    Replies
    1. අපෝ බං ් පහුවදාට **** මොකෙන්ද එතකොට

      Delete
  13. ගමේ පන්සලේ සල්පිලේ ගස්ලබ්බක් අතට අරං කයියක් කිව්වනම්.....ඔයිට වඩා මාකට් එකක් තියෙනවා...

    පව් අහිංසකී.....;)

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා..ගස් ලබ්බ ගන්නේ මයික් එකටද සුමිත් අයියේ...

      Delete
  14. අඩේ බොට මේ වචන කොහෙන්ද එන්නෙ පැතුමො.

    එළට තියෙනව කතාව.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා ප්‍රසා අයියේ මටවත් තේරෙන්නේ නෑ

      Delete
  15. අප්පේ පව් යකෝ අර චාරුලතා කෙලි! මුත්තරා බොක්ක පිරි ඉතිරි පිටාර ගලන්න ඇති!

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් අඩේ අප්පේ එහෙම වුනාද දන්නෙත් නෑ. ලජාවට කියන එකක්යෑ

      Delete
  16. අනේ අම්බෝ ...කවුද බොල මේ චාරුලතා....

    ReplyDelete
    Replies
    1. බට්ටි අක්කා මැදින් ඇවිත් චාරු කවුද අහනවා

      Delete
  17. අර දේශපාලකයෝ වේදිකාවල බෙරිහන් දෙන්න ඉස්සල්ල "ඝට"ගන්න බොන පෙත්ත/කරල හොර ෆාමසියකින් අරගන චාරු එකීට පොවාගන යන්න බොට අමතක උනැයි පැතුම් ළමයො.

    ReplyDelete
    Replies
    1. අඩේ අම්මප මොකක්ද ඒ පෙත්ත..? මං දැනන් උන්නේ නෑනේ. ශිකේ ඔය වගක් කලින් දැනන් හිටියානම්

      Delete
  18. චාරුලතාගෙන් තොර කතාවක් රයිටර්ට නැහැ නේ බොලව්

    ReplyDelete
    Replies
    1. චී චී කතන්දර හදන්න එපා කොමෝ

      Delete
  19. මේ වගේ ලිපියක් හදිස්සියේ කියවන්න බෑ. හොඳට වෙලා අරගෙන නිවාඩුවේ රස විඳින්න ඕන. ගෙදර ගිහින් කියවලා කමෙන්ට් එකක් දෙන්නම් මලේ :)

    ReplyDelete
    Replies
    1. පවු දෙයියනේ. චාරුලතා කීරි ගැහිලා. !!!

      Delete
    2. මධුරංග අයියට කියන්න මධුරංග අයියේ මටත් වාවන්නේ නැතුවා

      Delete
  20. අදත් පස්ට ඈ....මේ උඹේ බ්ලොග් පෝස්ට් එකක් තරුණයා පත්තරේ තියනවා දැක්කා.එල ඈ..

    ReplyDelete
    Replies
    1. ආ ඔව් ඔව් තරුවා onezerozerowords එකට ලියපු කතාවක්


      (Thankyou onezerozerowords)

      Delete
  21. මලේ උඹ හැමදාමත් ලියන ලියවල්ල නම් මරු. හොද අනාගතයක් පේනවා. ස්පිරි ලේඛණ හැකියාවක්.

    ReplyDelete
  22. දැන් මොකෝ කරන්නේ?

    ReplyDelete
    Replies

    1. දෙන දෙයක් කාලා බුදියාගන්න තමයි තියෙන්නේ සයුරි අක්කේ

      Delete
  23. හපොයි....දෙයියනේ........ මේ චාරුලතා ගම කනවා.... මට නම් දුක අර රම්බා ගැන....... හික්......

    ReplyDelete
    Replies
    1. රම්බා පව් ඇයි එතකොට රයිටර් පව් නැතෙයි ?

      Delete
  24. කීරි ගැහුනා කියලා නේද කිවුවේ. මට හරියට ඇහුන් නැතුවා

    ReplyDelete
    Replies
    1. ඇහුන්නෑ කිව්වා...? මොකක්ය කිව්ව්වේ ? හෙහ් හෙහ් හෙහ්

      Delete
  25. අනේ අම්මෝ................ පව් අෆ්ෆා............. කිරි ගැහුනා......................

    ReplyDelete
  26. නියමයි ඈ! සිද්දිය මැවිල පෙනුනා :D

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් .. කෝ ගිම් අයියේ ගිමන්හල ? වහලද ? පෙන්න නෑනේ ටික කාලෙක ඉඳන්

      Delete
  27. ඇයි යකෝ රටට ලෝකෙට ණය වෙලා රියල් රියලිටි තරුව වෙන්න කියලා ආපු එකී මුරුක්කුවක් වගේ ඇඹරෙද්දී රටේ ලෝකෙට එවුන්ට මුණ දෙන්න බැරුව ඉන්න අපිට ආහාර ජීර්ණ පද්ධතියේ අග කෙලවරට තංගුස් නුලකින් බ්ලැන්කට් මැස්මක් දාගෙන බඩ යන්ඩ ජාපාල ඇට කාලා මැරෙන්න හිතෙනවනෙ මේකි කරන වැඩ වලට.//හික් හික් ...හැබෑටම කියල දියකො ඒක කොන්න විදිහ;)
    මරු හලෝ ඇත්තමයි ...ඒ ඔය වගේ සීන් ඇත්තටම වෙනවා ඇති නෙහ් රියැලිටි වල !

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා.මෙව්වා නේන්නම් වෙන්නේ...

      Delete
  28. චාරු පව් අනේ

    ReplyDelete
    Replies
    1. දුකයි අප්පා මටත්. ඉහිලුම් නෑ

      Delete
  29. සික් මම හිතුවේ මේකි මෝල් මංගල්‍යය අනිතිම ව්ටේට ඇවිත්.. මෝල් රැජිනක් වෙයි කියලා

    ReplyDelete
    Replies
    1. මොනවා කරන්නද බං..පව් අවාසනාවන්ත කෙල්ල..

      Delete
  30. පව් බං චාරු.. මේකේ තවත් කොටස් තියේද බං? වෙනදා වගේම එළ!

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් කොටස් තියේ. හැබැයි වෙන එපිසෝඩ් එකක්.. හෙහ් හෙහ්

      Delete
  31. This comment has been removed by the author.

    ReplyDelete
  32. කියන්න වදන් නෑ

    ReplyDelete
  33. මම හිතුවෙ චාරුලතාගෙ පස්ස පැත්ත පුටුවට තියලා අලවලා කියලා...

    ReplyDelete
    Replies
    1. අපිත් හිතුවේ එහෙමම තමයි සිරා අයියේ..බැලින්නම්...

      Delete
  34. ෂා.. දැනෙන්නම භාෂාව හසුරවල... සුභ ගමන් මල්ලි...

    ReplyDelete