Tuesday, February 26, 2013

මම ගහපු පොටෝ

වැඩි කතාවක් ඕනේ නෑ. කොටින්ම කියන්නම්කො මම පොටෝ ගහන්න හෙන ආසයි..එහෙම ගහපු පොටෝ ටිකක් දාන්න හිතුනා.  මේවා ගොඩක් ගහලා තියෙන්නේ ෆෝන් එකෙන් ඈ..  Sony Ericsson K800i |3.2 Mega pixels, Sony Ericsson J102i2 | 5 Mega Pixels  පොටෝ දෙකක්ද කොහෙද තියනවා 12 MP ට ආසන්න කැමරාවකින් ගහපු. ගින්දර වගේ  කනෙක්ෂන් එකක් තියන මැසිමක් හම්බුනා ඔෆිසියෙන්..ඉතින් පට පට ගාලා පොටෝ ටික ඇදලා දැම්මා බොගට. ඔහෙලගෙ මැසිමේ කනෙක්ෂමෙන් පින්තුර ඔක්කොම පෙනේවිද කියලා තමයි සැක...


අම්මගේ මල් පාත්තියේ අටපෙතියා මල් පොටෝ ගහන එක තමයි මම කැමතිම.කොහොම ගැහුවත් පට්ට...හොඳට අව්ව වෙලාවක් බලලා කැමරාව අල්ලපුහාම මැක්සා... ඊට පස්සේ පොටෝසොප් වලින් පොඩ්ඩක් වැඩ කෑල්ලක් දාපුහාම ඊටත් වඩා ගති.




අපේ ඔෆිස් එකට දවසක් පෙනුන කොළඹ අහස



කනෙයියාවෙක් මල උඩ








දඹුල්ලේ විහාරේ 

බෝඩිමේ ඉඳන් ගෙදර යන දවසක ගත්ත ගංගාරාමේ සීමා මාලකය
  
පරාක්‍රම සමුද්‍රය

දඹුල්ලේ විහාරේ  


පොළොන්නරුවේ "නරුපොළඟා" කොටලා තියන ගල උඩ  ඉඳන්

 12 MP ට ආසන්න කැමරාවකින් ගහපු එක

මතක විදිහට රුවන්වැලි සෑය






12 MP ට ආසන්න කැමරාවකින් ගහපු එකක්
අපේ ගමෙන් ටිකක් දුර ගියාම තියන නාන ස්පොට් එකක්

 සාතන් අයියයි බට්ටයි මමයි ගිය අවුරුද්දේ අග ගියා නානු ඔය රේල් හයික් එකක්. මේ තියෙන්නේ එකේ පින්තුර ටික. 
ෆොටෝෂොප් වලින් කලර් බැලන්ස් හදලා පොඩ්ඩක් ක්‍රියේටිව් ටයිප් ලුක් එකක් දුන්නා ඇරුනම වෙන වෙනසක් කරලා නෑ











රදැල්ලට වැටෙන මුල්ම ඉර එලිය


ඈතින් සිරීපාදේ පේනවා



පැනරාමා එකක් ගැහුවා








දවසක් පොඩි ලෝගෝ එකක් ඩිසයින් කරලා පොටෝ වලට දැම්මා. සමහර පොටෝ වල තඩියට තියෙනේ ඒක තමයි. ලෝගෝ දාපු ටික ඔරිජිනල් ටිකට රීප්ලේස් වුනා. දැන් හොයහන්කෝ ඔරිජිනල් ටික..ඒ ටික ගෙදර ඇති. ඉතින් ඒවා ගේනකන් ඉන්න බැරි නිසා මම ගෙනත් තියපු ටික දැම්මා..
තව ටිකක් තියනවා. පස්සේ දාන්නම්..මේක දාන්න හිතුනේ අයිලාස්ගේ කැමරා පොස්ට් සෙට් එක කියවලා....

85 comments:

  1. කැමරාවෙ කොලිටිය නෙවේ බං කැමරාකරුගේ දැකීමේ කොලිටිය තමා වැඩේ ගොඩ දාන්නේ..

    ජය වේවා.. !!

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත සෑම් අයියේ...!!.ජය වේවා !!

      Delete
    2. මං කියන්න හදපු එක මේකා කියලනේ...

      Delete
  2. Replies
    1. ඔව් ඔව් මචං සහනා. අයිලාෂ් අයියගේ ඒ පොස්ට් සෙට් එක කියවලා තමයි ඇඟයට තිබ්බ උණ මතුවුනේ

      Delete
    2. මල කෙලියයි... දැන් ඩෙංගු මර්දනයෙන් එයිද දන්නේ නැහැ මාව හොයාගෙන... හික්ස්..

      Delete
    3. @ සහන්

      ස්තුතියි මල්ලියේ සපෝර්ට් එකට.

      @ පැතුම්

      ඔය දන්නවද පැතුම් මගේ උණ සනීප වෙලා තිබුනා සැහෙන කාලයක්. ඒ කාලේ කැමරාවක් අල්ලුවෙවත් නැහැ. අපහු මට ඔය උන හසලා දුන්නේ මගේ පොඩි පුතණ්ඩියා.

      Delete
    4. හික්ස් කියන්න බෑ ඩෙංගු මර්ධන ඒකකයෙන් ආවත් ඉතින් අපිහෙම නැතෝ..

      පොඩි පුතණ්ඩියා කරලා තියන වැඩේ නරකම නෑ ඉතින්

      Delete
  3. පින්තූර ටික හරිම ලස්සනයි. අර කිව්වත් වගේ මා ලඟ පැත්තකට දාලා ඔහේ පුස්කන කැමරාව පැතුම්ට එවන්න වටිනවා.මට වැඩියෙන්ම ආස හිතුනේ රේල් පාරේ පින්තූරවලට..ඒවා හරිම ලස්සනයි. කැමරාවක් තිබ්බ පලියට හොඳ පින්තූරයක් ගන්න බෑ. පැතුම් ගේ " ඇහැ " හොඳයි වගේ...හි හි හී

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ලිහිණි අක්කේ එව්වා පින් අතේ වැඩ ඈ...!!! ආත්ම ගානක් විපාක දෙන කුසල කර්ම.. හික්ස්...ගොඩක් ස්තුතියි ඈ

      Delete
  4. ලස්සන ෆොටෝ ටික. මම ෆොටෝග්‍රෆි ගැන දන්න දෙයක් නම් නෑ. ඒත් ෆොටො ටික ලස්සනයි කියලා නම් දැනුණා.

    මොකාටද කනෙය්යා කියන්නේ මම නම් ඇහුවමයි ඒ නම?

    ReplyDelete
    Replies
    1. කනෙයියා කියන්නේ මී මැස්සන්ගේ වර්ගයට අයත් කුඩා මැස්සෙකුට. බඹර, මී, බුපලු, දඬුවැල්, කණවේ (කනෙයි) - පස් පැණි. පරණ ගෙවල් වල බිත්ති අස්සේ උන්ගේ ගෙවල් හදන්නේ. උන් විෂ නෑ විද්දත්. ඇවිල්ල ඇඟේ ඇලෙනවා.

      Delete
    2. බැද්ද පුරා සුදු රෙද්ද වගෙයි අද
      ඉද්ද පනා මල් කැන් පිපිලා
      සද්දෙ මොකෝ අවුරුද්ද ඇවිල්ලද
      නැද්ද "කනෙයියනි" රොන් හැදිලා

      Delete
    3. ගොඩක් ස්තුතියි අරුන්දතී අක්කේ..කනේයියාව ගැන මේ දෙන්න හොඳටම කියලා තියනවනේ. මම කියන්න ඕන නෑනේ...

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. හුඟාක් ස්තූතියි තිසර.. චන්දන..

      ඔය කියන ජාතියේ පුංචි වද වලට අපේ පැත්තේ කියන්නේ කුඩා මී වද කියලයි.. එහෙනම් මේ පැත්තේ කුඩා මී මැස්සෝ කියලා හඳුන්වන්නේ කනෙයියෝ වෙන්න ඇති.

      Delete
  5. නියමයි බන් මටත් තිබ්බා ඔහොම පිස්සුවක් හැබැයි වැඩිපුරම ඒවායේ තිබ්බේ මගේ මුහුණත් තහඩුව.

    ReplyDelete
    Replies
    1. හික්ස්...!!! මම දැක්ක...මම දැක්කා...එෆ් බී එකේ හිට් වෙනවා..

      Delete
  6. Replies
    1. ගොඩක් ස්තුතියි සයු අක්කේ

      Delete
  7. හරිම ලස්සනම පින්තූර ටිකක්. ගොඩක් කලාත්මක විදියට අර‍ගෙන තියනවා. ඩිජිටල් තාක්ෂණයෙන් වර්ණ සැකසුවේ නැත්ද? මට නම් සමහර ඒවා එහෙම පෙනුනා. එහෙම නොවේ නම් ගොඩක් හොදයි. ස්වභාවික තත්ව යටතේ නම්.

    සුභපැතුම් සහෝ.

    ReplyDelete
    Replies
    1. @ වන වදුල
      මෙහෙමයි යාලුවේ, ඩිජිටල් ඡායාරුප කරණයේදී, ඩිජිටල් තාක්ෂණයෙන් වර්ණ සැකසීම, යම් දේවල් ඡායරුපයට එකතු කිරීම මෙන්ම ඉවත් කිරීමත් අනුමතයි. සමහර අවස්ථා වලදී මේ දේවල් උපරිමයට යොදාගෙන තියෙනවා. ඒ තමයි නව ප්‍රවනතාවය.

      නමුත් මම නම් පුද්ගලිකව එසේ කිරීමට කැමති නැහැ. හැකි සැම විටම ස්වභාවික තත්වගෙන් රුපය කැමරාවට අල්ල ගැනීම තමයි මම කැමති. එහෙම උනත් සමහර විට පරිසරයේ තියෙන අධි තාක්ෂණික තත්වයන් මත, ලයිට් වයර් වගේ දේවල් අයින් කරන්න සිදුවෙනවා, තාක්ෂණික ක්‍රම මගින්.

      Delete
    2. ගොඩක් ස්තුතියි වන වදුල... ඔව් පොටෝෂොප් වලින් කලර් බැලන්ස් හදලා සමහර ඒවා ටිකක් ඩාර්ක් කරලා තියෙන්නේ..එක ෆොටෝ එකක අයිලාස් අයියා කියනවා වගේ ලයිට් වයර් එකක් මැකුවා..

      අයිලාෂ් අයියේ : ගොඩක් ස්තුතියි පැහැදිලි කිරීමට..මගේ හිතෙත් පොඩි කහටක් තිබුනා මෙහෙම එඩිට් කරන එක සාධාරණද නැද්ද කියන එක ගැන...

      Delete
  8. ඔක්කොම පින්තූර ලස්සනයි. //පොළොන්නරුවේ "නරුපොළඟා" කොටලා තියන ගල උඩ ඉඳන්// කියල තියෙන පින්තූරයට යටින් තියෙන ගහකුයි වැවකුයි තියෙන පින්තූරයට මං ගොඩක් කැමතියි

    ReplyDelete
  9. ඇත්තටම මාර ලස්සනයි පැතුම්.

    අව්ව වෙලාවෙ ගහපුවා වගේම අර මද අඳුරේ ගහපුවත් නියමෙට තියෙන්නෙ ඔය. විශේෂයෙන්ම අර ඔෆීස් එකේ ඉඳන් ගත්ත කොළඹ ෆෝටෝ එක හරියට හොලිවුඩ් මූවී එකක කෑල්ලක් වගේ.

    ඔය ලොකු කැමරාවලට වඩා ප්‍රැක්ටිකල් බං ෆෝන් කැමරා. ඒ මොකද හැමතිස්සෙම අතේ තියෙනවා. ගෙනියන්න ලේසියි. වැඩි ෂෝ එකක් නැතුව නෝන්ඩි නැතුව ෆෝටෝ එකක් ගහගන්න පුලුවන් තැන නොතැන බලලා.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි ඩුඩ් අයියේ..!!! ෆෝන් කැමරා ලේසියි පහසුයි ලාබයි...විනෝදෙට පොටෝ ගන්න මරු

      Delete
    2. @ ඩුඩ්

      ඔන්න මචන් උඹට නම් තේරුණා. ඔය දේ තමයි මම කිවේ, point & shoot ගන්නවට මැකේ කැමැත්තක් නැහැ ඒ වෙනුවට ෆෝන් කැමරා එකක් ගන්න කියලා, හැමවෙලේම ළඟ තියාගන්න. හොඳ කැමරා එක තියාගන්නවා සීරියස් වැඩ වලට.

      Delete
    3. ඒක ඇත්ත...සිරාම සිරා

      Delete
  10. ඔක්කොම වගේ හරිම ලස්සනයි පැතුම්! විශේෂයෙන් ගංගාරාමේ සීමා මාලකය , පරාක්‍රම සමුද්‍රය , රුවන්වැලි සෑය , කොළඹ අහස වගේ ඒවා ගොඩාක්ම කලාත්මකයි!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි ෆා අක්කේ..

      Delete
  11. ලස්සන ෆොටෝ ටික බං. ඩෙස්ක්ටොප් එකට දා ගත්තා එකක්.

    ReplyDelete
    Replies
    1. හික්ස් එල ඈ..ගොඩක් ස්තුතියි මචං

      Delete
  12. නියමයි ෆොටෝ ටික.. මාත් කාලෙකින් කැමරාව උස්සන් කොහේවත් ගියේ නෑ බං..

    ReplyDelete
    Replies
    1. අපරාදේ....!!!

      මට මතකයි දිනේෂ් අයියා පොස්ට් එකක් දැම්මා ඉතාලියේ තියන ප්‍රතිමා ගැන නේද ?

      Delete
  13. ඒ බං රයිටර්...
    //පොළොන්නරුවේ "නරුපොළඟා" කොටලා තියන ගල මොකක්ද බං?????
    අද්භූත විස්තරයක් ඒම තියෙනවනං ඒ ගැන දහංකෝ...
    නම ටිකක් අද්භූතයි වගේ.....

    ReplyDelete
    Replies
    1. අත්භූත සීන් එකක් නම් හරියටම දන්නේ නෑ..තරියා..මට මතක විදිහට හෙන දරුණු ලොකු පොලගෙක්,පොළොන්නරුවට ඇවිත් මේ ගල උඩින් ගිහින්, එතකොටලු ඌ ගලේ යනකොට උගේ පාර හිටලා තියෙන්නේ...නරු පොළඟා පස්සේ කාලේ පොලොන්නරුව වුනා කියලත් කියනවලු..හරියටම ෂුවර් නෑ මචං..

      Delete
  14. අර කොළඹ ගත්තු ෆොටෝ එක තමා මම වැඩියෙන්ම කැමති එක. එකේ අමුතුම ගතියක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් මම කෝල් එකක් ගන්න එලියට ආවම දැක්කේ..ඉතින් පට ගාල කෝල් එක පැත්තකට දාල ෆොටෝ එක ගැහුවා

      Delete
  15. මල් පොටෝ ටික නම් බුකියෙත් මම දැක්කා. කැමරාවක් තිබ්බට හැමෝටම හොඳ ඇහැක් නෑනේ , ඒ අතින් උඹ පස්ටයි. ඵල!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි ලහිරුවා

      Delete
  16. මරු චායාරූප ටික.. කපල එකක් දෙකක් ගත්තට කමක් නැද්ද ?

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි සරත් අයියේ...අයියෝ කමක් නෑ

      Delete
  17. ගොඩක් හොඳ ඇහැක් තියෙනවා පැතුම් ඔයාට. ෆොටෝ ටික number කළා නම් ගොඩක් හොඳයි. මම කැමතිම ෆොටෝ කීපයක් තියෙනවා.

    රුවන්වැලි සැයට පහලින් තියෙන කහ මල් වල ෆොටෝ එක. අන්න ඒ විදිහනට අපි නිතර දකින කෝණයෙන් වෙනස්ව බලන්න එතකොට හරි ලස්සනයි.
    දඹුල්ලේ විහාරේ කියලා තියෙන එකට පහලින් තියෙන වෙහෙර,
    රේල්පාරේ ෆොටෝ වල පලවෙනි එක,
    ඔයාගේ ඔෆිස් එකට කොළඹ පේන හැටි,

    ඔය ෆොටෝ ටික විශේෂයෙන් ම මගේ හිත ගත්තා. ඔයා හොඳ කැමරාවක් යොදා ගත්තනම් ගොඩක් හොඳ ෆොටෝ ටිකක් හදා ගන්න තිබුනා.

    මට නම් හිතෙන්නේ ඔයා හොඳ කැමරාවකට යා යුතුයි කියලා, අවම ලෙස bridge එකකට වත්.



    ReplyDelete
    Replies
    1. පොටෝ ටික නම්බර් කරන්න බැරි වුනා.

      අනිවා අයිලාෂ් අයියේ...මගේ ඊළඟ හීනේ තමයි ඒක.. කොහොම හරි ඒකත් ඉෂ්ට කරගන්නවා

      Delete
  18. ඇත්තටම පට්ටම පට්ට ෆොටෝ ටික.. පට්ටම ලසනයි... කියල නියම කරන්ට බෑ.... මම හිතුවෙ Nokia N8 හරි Nokia 808 කියල... ඒ වගේ කොලිටි එකක් තියෙන්නෙ.... අනික උබේ කැමරා ඇස නියමයි...

    ReplyDelete
  19. මොනවද ඕයි මේ පුකේ සිංහල වචන. තමුසේ අටේ පන්තියට විතරද සිංහල ඉගෙනගත්තේ. මේ වගේ අච්චාරු තුප්පහි වචන ලියන්න එපා. ආපුහාම, දාපුහාම. පොටෝසොප්, කනේක්ෂම, තමුසේ දෙමළද?

    ReplyDelete
  20. කොළඹ අහස
    රුවන් වැලි සෑය
    රුවන් වැලි සෑයේ පොටෝ එකට දෙකක් පහලින් තියන අර අටපෙතියා? මල් එක්ක අහස බැක්ග්‍රවුන්ඩ් එකට අරං තියන එක

    ඔය තුන මගේ කැමතිම ඒවා...

    මාත් ෆොටෝග්‍රැෆි වලට ආස පොරක්... දාන්නංකෝ වෙලාවක

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි තිසා..දාන්නකෝ අපිට බලා ගන්න

      Delete
  21. මගේ ලඟත් තියෙනවා පොඩි පොඩි පොටෝ සෙට් එකක් දාන්න ඕනේ බලන්න කොහොම උනත් රයිටර් වැඩේ පංකාදුයි.

    ReplyDelete
    Replies
    1. දාමු... දාමු අපිටත් බලන්න.

      Delete
    2. එල එල කොමා දාමු දාමු

      Delete
    3. මම සැනසිමට පත්වන කරුණු අතරට මෙවැනි ආකාරයට පින්තුර ගැනිමද අයත් වෙයි. ස්තුතියි ඔබට අපිව දැනුවත් කිරීම පිළිබදව.

      Delete
    4. ස්තුතියි ගයනි අක්කේ

      Delete
  22. අපූරු පින්තූර ටික පැතුම්..
    ඔන්න මමත් එකක් දාගත්තා වෝල් පේපර් එකට..අර ඔරිජිනල් ටික ගෙනත් ඒවයේ ලෝගෝ එක පොඩි කරලා ආපහු දාන්න පුළුවන්ද..එතකොට අපිටත් ඔය වැඩ වලට පාවිච්චි කරතෑකි..:))

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි රූ අක්කේ..දාපු පින්තුර ටික නම් ආයේ දාන එක වෙන්නේ නැති වැඩක්...ඔයාට ඕනේ ෆොටෝ එකක් තියනම් කියන්න ගෙදර ගියාම මම හොයලා ගෙනත් දෙන්නම් ලෝගෝ එක නැතුවම..

      Delete
  23. අඩේ ලොවෙත් බං... සුපිරි :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  24. එල! බලාගෙන ගිහාම උඹත් මං වගේ ෆොටෝ පිස්සෙක්නේ!!!!

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා නාඩියා පිස්සෙක්ම තමයි

      Delete
  25. පට්ට ෆොටෝ කලෙක්ෂන් එක බං. නියමයි. :)

    මගේ නම් වැඩි කැමැත්ත රේල් පීල්ලත් එක්ක තියෙන මලට. ඒකෙ අමුතු ගතියක තියෙනවා මට.

    ReplyDelete
    Replies
    1. ඔය මල ගැන ටෙලෝ අක්කත් ඔය කතාවම කිව්වා ඉෂා..!!! ගොඩක් ස්තුතියි ඈ...!!!

      Delete
  26. ලස්සනයි පැතුමො පින්තූර ටික ඔක්කොම.
    අර පොලොන්නරුවෙ එක ගස් අස්සෙං නියමෙට ඇවිල්ල තියෙනව.

    අර නාන ස්පොට් එකේ ෆොටෝ ගහනකොට නාන ගැටිස්සියෙක් එහෙම අහුඋනේ නැතෙයි.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි ප්‍රසා අයියේ..නාන ගැටිස්සියෝ පොටෝ කරන්න ගිහින් පේනවනේ ලොකු ළමයි ගහ මරාගෙන තියන හැටි..

      Delete
    2. ප්‍රසිද්ධ ස්ථානවල ෆොටෝ ගන්න කාගෙන්වත් වසර ගන්න ඕනේ නැහැ. නමුත් නිතිය බල්ලට ගිය රටක ?

      Delete
  27. ලස්සන පින්තූර ටික.... පැතුමට කලා ඇහැක් නොවැ තියෙන්නේ.....

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි සමනලී

      Delete
  28. Replies
    1. හෙහ් හෙහ්...වෙන්න පුළුවන් ඇනෝ ළමයෝ වෙන්න පුළුවන්

      Delete
  29. //අපේ ගමෙන් ටිකක් දුර ගියාම තියන නාන ස්පොට් එකක් //

    මෙන්න මේකෙන් පස්සෙ තියන පොටෝ ගත්තෙ කොහෙදිද කියන්නකෝ,,අර රේල් පාර එහෙම තියෙන්නෙ??
    තව අර පැනරාමා පොටෝ එක කොහෙද?? //රදල්ලට වැටෙන මුල්ල ඉර එළිය// ඒකට කලින් තියන පොටෝ එක කොහෙද??

    කියපියෝ..... මේ රදල්ලෙද??

    ReplyDelete
    Replies
    1. එතනින් පහල තියන එව්වා ඔක්කොම රදැල්ල සිට ග්‍රේට්වෙස්ටර්න් හරහා වටගොඩ දක්වා ශම්මියෝ..

      Delete
  30. ඇහ්...මටත් ඔය උණ නම් හෑව්. කැමරාවක් නැති හින්දා හූල්ල හූල්ල ඉන්නවා

    ReplyDelete
    Replies
    1. සතේ සතේ එකතු කරලා අපි ගමු තරුස් හොඳ කැමරාවක්

      Delete
  31. කොළඹ අහස කළු කරගෙන-මුහුදු හුළඟ අඬලනකොට
    මට මතක් වුණේ ඒ පින්තූරෙට මේ සින්දුව..
    ගොඩක් ලස්සනයි මල්ලි. කොලිටි කැමරාවකට වඩා අවදිමත් ඇස් වලට කොයිතරම් දෙයක් කරන්න පුළුවන්ද.. ඕන වෙන්නෙ ඒ සුන්දරත්වය දකින මනසක්..! ඒ දේ මේ ෆොටෝස් වලින් කියවෙනවා.

    ග්‍රැෆික් අතරින් ෆොටෝග්‍රැෆි වලටත් ඉඩක්.. :D
    ජය වේවා..!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි නන්දු අක්කේ

      Delete
  32. ෆෝන් කෑල්ලෙන් බලන්න බෑ වගේ. කොම්පීටරෙන්ම ඇවිල්ල බලන්නම් ආයෙ

    ReplyDelete
    Replies
    1. පින්තුර ගොඩක් තියන හින්දා ලෝඩ් වෙන්න වෙලා යනවා ඇති මයේ හිතේ

      Delete
  33. ලස්සනයි මචං. කටපුරාම ලස්සනයි කියන්න පුළුවන්. කොච්චර හොඳ කැමරාවක් තිබුනත් වැඩක් නෑ ඒක පිටිපස්සේ ඉන්න එකාට කලාත්මක ඇහැක් නැත්නම්. සුබපැතුම්...!

    ReplyDelete
  34. හුටා.. මං සිරාවටම හිතුවෙ නෙට් එකෙන් ගනිපු පොටෝ කියලා... ඇත්තටම ඔයාද ගැහුවේ ? මොකක්ද කැමරාව ?
    මමත් අම්මා ගාවට ගිහින් අඬනව කැමරා එකක් ඉල්ලලා

    ReplyDelete
  35. කහ මල් ටික නම් උපරිමයි පැතූ.....

    ReplyDelete