Monday, September 2, 2013

බටකොළ ආච්චිගේ චරිතාපදානය

ගමේ කවුරුත් උන්දැ හැඳින්නුවේ "ශාන්තිලගේ අම්මා" කියලා. ඒ වුනාට අපි කොල්ලෝ කුරුට්ටෝ කටේ ලේසියට උන්දැ හැඳින්නුවේ "ගිරා ආච්චි කියලා". තව  "බටකොළ ආච්චි" කියලත් කිව්වා. "ගිරා ආච්චි" කියලා කීවේ නම් ඕනෙවට වඩා දිග, ගිරා හොටයක් වගේ නහයක් තිබුණ හින්දා. "බටකොළ ආච්චි" කියලා කිව්වේ උන්දැට ඒ අසාමාන්‍ය නහයට අමතරව "බටකොළ ආච්චි" හා සමාන රුපකායක් තිබුන හින්දා. කෙසඟ සිරුරකට උරුමකම් කිව්ව ඈ ඇන්දේ රෙද්දයි හැට්ටෙයි. කලුපාට දුර්වර්ණ හමයි සුදු වෙච්ච කෙස් ගස් ටිකයි, වලගැසුණු දෙකම්මුල්ලුයි උන්දැගේ පෙනුමට අඩුවැඩිය එක්කරා. මට මතක ඇති කාලෙක දැකපු විදිහමයි උන්දැ අදත්. ගමේ හිටපු වයස නොයන ලයිස්තුවේ මුලින් හිටපු කෙනෙක් තමයි ගිරා ආච්චි. අපි පුංචි සංදියේ දකින්න භයංකාරම කාරණාවලින් එකක් තමයි උන්දැගේ අතේ ඉදලක් හරි කොස්සක් හරි තියන එක. ඒ කොයි වෙලාවේ හරි භයංකාර විදිහට පියාඹලා යාවි කියලා අපිට හිතුන නිසා.

කවුරු හරි කෙනෙක් උන්දැ කෝපවෙන මොකක් හරි කොලොප්පමක් කලොතින් කොලොප්පම කරන එකාට සිද්ධ වෙන දේ හිතාගන්න අමාරුයි. එක්කෝ කන්දෙක පිරෙන අමු තිත්ත කුණුහරුප අහගන්න වෙනවා, එක්කෝ කොලොප්පම කරපු එකා ගැන අහේතුකව දුෂමාන ආරංචියක් ගමේ පැතිරෙන්න පුළුවන්, එහෙමත්. නැත්තම් උන්දැ කරවන ගුරුකමකට බිලි වෙලා අකාලයේ ජීවිතෙන් තොලොංචි වෙන්න හරි සදහටම අබ්භාගාත වෙන්න බැරිකමකුත් නෑ.ඒ ගැන හොඳට දන්න කියන එකෙක් වුනත් උන්දැ එක්ක කොලොප්පමකට හරි එකකට එක කියාගෙන ගියොත් හරි  ඒ යන්නේ ජීවිතේට තියන ආසාව අතෑරලා කට පියාගෙන ඉන්න බැරිම තැන තමයි.

"උඹලට ගහන්නේ ඉලපතට හුජ්ජ කරලා දැනගනින්" ඇයව උසුළු විසුළුවට ඈඳ ගන්න නොසන්ඩාල කොල්ලන්ව මට්ටු කරන්න උන්දැගේ කටෙන් නිතරම පිටවෙච්ච හරුපේ තමයි මේ.

උන්දැ එක්ක ඉඩම් ප්‍රශ්න, වතුර ප්‍රශ්න දාගත්තු හමේ දෙතුන් දෙනෙක් ජීවිතෙන් වන්දි ගෙවන්න තරම් අවාසනාවන්ත වුනා කියල සමහරු කියන්නේ බොරුවට හේතුවක් නැතුව නෙමෙයි. ඒවගේ ප්‍රශ්න දාගන්න උදවියගේ පවුල් පිටිං බලාගෙන ඉඳිද්දී බංකොලොත් වෙලා හැඳිගෑවිලා ගියා. මිනිස්සු ගෙවල් අතැරලා ගියා.  අසනීප පිට හිටියත් එච්චර අමාරුවක් නැතුව හිටපු අපේ ලොකු අම්මටත් හදිසියේ රෝගය උත්සන්න වෙලා ජීවිතේ අතැරලා යන්න වුනේ උන්දැගේ ගුරුකමක් වැඩකරපු හින්දදෝ කියලා වෙලාවකට මට හිතෙනවා. අනික අපේ ගෙදර හිටපු බල්ලට අත්වුනෙත් ඒ ඉරණමම තමයි කියලා මට හිතෙන්නේ සිය දෙනෙක්ගේ විතර හපා කාලා යහතින් හිටපු ඌ, අන්තිම පාරට උන්දැව හපා කෑවට පස්සේ මාස හතර පහකට පස්සේ එකපාරට මැරුණ හින්දා.

එහා ගෙදර කේලම් මෙහා ගෙදරටත්, රටේ නැති ඕපාදුප කියවන්නත් අපේ ගෙදරත් ඇතුළුව උන්දැ නිතර යන එන ගෙවල් කීපයක් තිබුනා. ඒ යන එක ගෙදරකින්වත් උන්දැගේ මේ කෙරුවාවට පොඩ්ඩක්වත් තියා කොහොමවත් මනාපයක් නෑ කියලා අපි දන්නේ අත්දැකීමෙන්. එකකට එකක් වෙනස් මහා පුදුම ගතිගුණ කෝටියක් විතර පිහිටලා තිබ්බ මේ බටකොළ ආච්චි හරි අමුතු චරිතයක්. කා එක්ක හරි කතාවට වැටුනාම නතර වෙන්නේ නැති තරම්. අපේ දිහා ආවම උන්දැගේ කතුර වගේ කියවිල්ල අහලා අම්මට ඔලුවේ කැක්කුම හැදිච්ච වාර ගාන අනන්තයි. ඔය හේතුව හන්දා අපි උන්දැ එක්ක කේන්තියෙන් ඉන්නේ කියලා දැන දැනත් උන්දැ නෙමෙයි පුරුද්ද නතර කරන්නේ. 

උන්දැගේ මනුස්සයා මැරිලා තියෙන්නේ ගොඩක් ඉස්සර මුන්දැ තරුණ කාලේ. ඒ ගමේම හිටපු මිනිහෙක්ගෙන් පිහි පාරක් කාලා . එදා මේ සිද්ධිය වෙන වෙලාවේ පාන්දර මුන්දැ මිනීමරුවා එක්ක පොරබදලා හටන් කරලා. වියරු වැටිච්ච මිනීමරුවා මුන්දැ ගේ බෙල්ලටත් පිහියෙන් ඇනලා පැනලා ගිහිං. මිනීමරුවා පස්සේ අවුරුදු ගානකට පස්සේ හිරේ විලංගුවේ වැටුනා කියලයි ආරංචිය. "මරනවෝ.....මරනවෝ" කියලා හයියෙන් කෑ ගහපු හින්දා එදා මුන්දැට ජීවිතේ බේරගන්න වාසනාව තිබුනා කොහොම හරි. බටකොළ ආච්චි අපේ අම්මා එක්ක කතා පෙට්ටිය ඇරගෙන ඉන්න වෙලාවක ඔය කතාව ඇදිලා ඇවිත්.

"එදා බෙල්ලට වැදුන පිහිපාරෙන් මගේ ඇඟේ තිබුන ඔක්කොම ලේ ටික පිටවුනා, තෙල් වතුර ඉස්ම ටික පවා පිට වුණා, දැන් ඇඟේ ලේ කලඳක් නෑ, ඒකයි ඔය නිතර නිතර කලන්තේ ගතිය, අර අමාරු මේ අමාරු හැදෙන්නේ, ඉස්පිරිතාලෙන් ලේ දුන්නෙත් නෑ."

ඉතින් අපේ අම්මා පිට පයින හිනාව බොහොම අමාරුවෙන් ගිලගෙන "අනේ ඇත්තද...බලන්නකෝ නේද නැන්දේ...ඉස්පිරිතාලවල ඔහොම තමයි" කියනවලු.

අවුරුදු හැත්තෑවකට වැඩි මිස අඩු නැති  බටකොළ ආච්චිට ගෑනු පිරිමි දරුවෝ පස් හය දෙනෙක් හිටියා මගේ මතකේ හැටියට. දැන් උන්දැගේ ගේපැල වටේ ගෙවල් කෑලි දෙක තුනක් අටෝගෙන දරුමල්ලෝ දෙතුන් දෙනෙක් වෙනම පදිංචි වෙලා ඉන්නවා. ඉඳහිට හැදෙන කොන්දේ කැක්කුමක්, උණක් හෙම්බිරිස්සාවක් ඇරුනාම එහාට මෙහාට දුවලා පැනලා ඉන්න පුළුවන් හොඳ නීරෝගී ජීවතයක් උන්දැට මෑතක් වෙනකම් තිබුණා.

ආයේ මේ මෑතක, ඒ කියනේ 1998 විතර දවසක මේසන් බාසුන්නැහේ කෙනෙක් වෙච්ච මුන්දැගේ පුතෙක් බයිසිකල් එකේ යද්දී බස් එකක හැප්පුනා. සිද්ධිය වෙලාවේ බස් කාරය පැනලා ගිහිං. බයිසිකලේට වෙච්ච අලාබෙ දැක්කාම මනුස්සය බේරුන එක පුදුමයිලු කියලා ගම්මු කතා වුනේ. මාස ගානක් ආණ්ඩුවේ ඉස්පිරිතාලේ ලැගලා ආවට දැන් වුනත් මනුස්සය ඇවිදින්නේ කකුලට හයි කරපු යකඩ පට්ටමක පිහිටෙන්, එක කකුලක් දනිස්සෙන් නමන්න බෑ, කොර ඇන ඇන යන්නේ.  මිනිස්සුනම් කියන්නේ මහ ගෑනි අනුන්ට කරන දේවල් දරුවන්ගේ පිටින් යනවයි කියලා. මම ඕවට හුමිටි තියන්න ගියේ නැත්තේ උන්දැගේ හැටි හොඳට දන්න නිසා. සතියකට විතර පස්සේ බස් එකක් උන්දැගේ පුතා හැප්පිලා වැටිලා හිටිය තැන කඩේ ගාව ඉවුරේ ගලක හැප්පිලා පොඩි පට්ටම් වෙලා තිබුනා. අවාසනාවට  බස් එකේ ඩ්‍රයිවර්ගේ පණ ටික එතනම ගිහින් තිබුනා. ගමේ  තැනින් තැන කතා වුනේ බටකොළ ආච්චිගෙන් පුතා හප්පපු එකේ සම්බුව උන්දැට පලිසන් දුන්නයි කියලා. 

ඔය කතාවේ සිද්ධියක් ඇදිලා ආව දවසක බටකොළ ආච්චි කියනවලු,

"එදා අපේ පුතාගේ කකුලේ තුවාලේ හින්දා ලේ බාල්දි ගානක් ගිහිං, ඒ වෙනුවට ඉස්පිරිතාලෙන් දීල තියෙන්නේ වෙන කාගෙද වැරදි ලේ. දැන් ඇඟේ දුවන්නේ කලවම් ලේ, එකයි ඔය පොඩි එකාට තියන ලෙඩේ හරියකට හොයා ගන්න බැරි"

අපේ ගෙදර මොනවා හරි විශේෂ කෑමක් හැදුවොත්, අපේ අම්ම ඉඳල හිටලා උන්දැටත් පංගුවක් අරිනවා. මුන්දැගේ ගතිය තමයි පහුවදා හරි දවස් කීපයකට පස්සේ හරි  අම්මා හදපු කෑමම හදාගෙන ඇවිත් අම්මා යවපු එකේ අඩුපාඩු කියන එක.

"අරකට පොල් බැදිලා වැඩියි...මිරිස් ටිකක් අඩු වුනා නම් හොඳයි, කර රහ එනවා වගේ" 

ඒවගේ අගුණදොස් විචාරේ ලැබෙන බව දැන දැනත් අපේ අම්මා උන්දැගේ පංගුව වෙන් කරන්න අමතක කලේ නෑ.

අලුත් අවුරුද්දේ ආහාර අනුභවයේ නැකත ගෙවිලා පැය දෙක තුනක් යන්නත් කලින් හා පුරා කියල නෑයෝ විදිහට අපේ දිහාට ඉස්සෙල්ලම එන්නේ උන්දැ තමයි. නිකන්ම නෙමෙයි ගල් ගෙඩි වගේ හයිය මුං කැවුම්, කොකිස් පාර්සලයක් අරගෙන. ඒ ඇවිල්ලත් පැයක් දෙකක් ඉඳලා කාගේ හරි ඔප දුපයක් අඹරලා තමයි යන්නේ. ගෙදර උදවිය ගෙදරින් එලියට බැහැලා ගියොත් මිසක ඒ වාචාල කටෙන් ගැලවෙනවා බොරු. මම ගෙදර ඉන්න දවසට උන්දැ අපේ දිහා එනවට මං අමනාප මට අම්ම එක්ක කයියක් දාන්න තියන වෙලාව උන්දැ බලහත්කාරයෙන් ගන්න හින්දා.

ඉඩම් ප්‍රශ්න විසඳන්න කට උත්තර ගන්න එන පොලිසියේ මහත්තරුන්ට පවා මුන්දැ නෙමෙයි සලෙන්ඩර් වුණේ. අන්තිමට පැමිණිල්ල පොතේ ලියවෙනවා විතරයි, විභාගයක් නෑ.  බස් එකක ගමනක් ගියොත් කොන්දොස්තරගෙයි, ඩ්‍රයිවර්ගෙයි දෙමවුපියන්ගේ ගුණ නොගයන දවසක් නැති තරම්. ඉතුරු සල්ලි නොදී, හෝල්ට් එක පහු කරන් ගියපු බස් කාරයෝ තමයි ඒ ඉරණමට කොච්චරවත් මුණ දුන්නේ.

දවසක් අපේ පුද්ගලික ඉඩමක වැට මායිම් ප්‍රශ්නයක් වෙලා අල්ලපු ගෙදර උදවිය එක්ක පොඩි බහින් බස් වීමක් වුණා. අපි ඒ ප්‍රශ්නේ කොහොම හරි ගොඩින් කතා කරලා බේරාගත්තා. මොකක් හරි හේතුවක් නිසා එදා බටකොළ ආච්චිත් අපේ දිහා හිටියේ.

"මම එහෙම නම් ලේසියෙන් අරින්නේ නෑ.. මතකනේ සොමසිරිගේ පවුලට වෙච්ච දේ, මගෙත් එක්ක කට ගහගෙන ආවා, අන්තිමට මොකද වුනේ.."

කලබලේ අස්සේ වෙන කල්පනාවක් පිටද කොහෙද ගිරා ආච්චිගේ කටින් නිකන්ම කියවුන ඒ වචන පේලිය මාව සසල කරේ සොමසිරිගේ පවුලට සිද්ධ වුන අවාසනාවන්ත ඉරණම මම දැනන් උන්න හින්දා.  ගහක් ගලක් වගේ හිටපු සොමසිරිගේ පවුලට පලවෙනි ළමයා හම්බෙනකොට මේ ලෝකෙන් යන්න වුනේ දරුවාට අම්මගේ මුණවත් දකින්න ඉඩක් ඉතුරු නොකරම.  මරණෙට හේතුව වෛද්‍ය විද්‍යාත්මකව මොකක් වුනත් මට සිද්ධ වුණා ඒ දේ වුණේ ගිරා ආච්චිගේ ගුරුකමක් නිසාමයි කියලා විශ්වාස කරන්න. වැරදීමෙන් කියවුන ඒ කතාව වහන්න ගිරා ආච්චි ට්‍රැක් එක වෙනස් කරන්න අමාරුවෙන් දත කන්න දඟලපු හැටි මට හොඳට මතකයි.

මම උන්දැ ගැන මෙහෙම කතාවක් කිව්වා කියලා  බැරිවෙලාවත්උන්දැට ආරංචි වුනොතින් තුන්වරුවක් යන්නත් කලින් මට ඒ වගේ අවාසනාවන්ත වින්නැහියක් වෙන්න බැරිකමකුත් නෑ. ඒක හින්දා උන්දැගෙ හොඳ ගතියක් දෙකක් ලියලා ජාමේ බේරගන්න වෙනවා.

අපි පොඩි කාලේ මට අවුරුදු තුනක් හතරක් ඇති, අපේ මල්ලිට අවුරුද්දක් දෙකක් වෙද්දී තාත්තට හදිසියේ අසනීප වෙලා ඉස්පිරිතාලේ නැවැත්තුවා. ඉතින් අම්මා එහාට මෙහාට මල්ලිත් කිහිලි ගහගෙන ඉස්පිරිතාලේ යනකොට මව නතර කරලා ගියේ උන්දැගේ ගෙදර. මං පොඩියි කියලා කර අරින්නැතුව තමන්ගේම දරුවෙක් වගේ මාව බලාගත්තා,  මොනා කලත් අදත් අපේ අම්මා ඒ ගැන මතක් කරන්නේ පිං දිදී. කොයි තරම් ජඩ ගති තිබුනත් අබ මලක රේණුවක් වගේ හොඳ ගතියක් මිනිහෙක්ට තියනවා වගේ, කොයි තරම් හොඳ වැඩ කලත් පොඩි හරි ජඩ ගතියකුත් තියන නිසා ගිරා ආච්චි එක අතකට මේ ලෝකෙට ඉපදුන වෙනස් ගති ලක්ෂණ තියන තවත් එක ගැහැනියක් විතරයි.

සම වයසේ ඉන්න ආච්චිලා සිල් ගනිද්දී මුන්දෑ කොර ඇන ඇන අනුන්ගේ පොල්වතු ගානේ ගිහින් පොල් පුවක් රෙද්ද අස්සේ ගහගෙන ඇවිත් කාට හරි දීලා කීයක් හරි හොයා ගන්නවා. කුකුලෝ ඇති කරලා ගම්බිත්තර විකුනනවා කොහිල කොටුවේ කොහිල කඩේට දානවා.  ගිහින් දෙන බත් පිඟානේ අගුණ දොස් අහන්නයි, වත්තේ වැටෙන දර අත්තයි, පොල් ගෙඩියයි, පුවක් ගෙඩියයි තව චිරාත් කාලයක් ඇහිදින්න උන්දැට ශක්තිය වාසනාව ලැබෙන්න ඕනි කියලා මම ප්‍රර්ථනා කරනවා.


http://www.google.lk/imgres?imgurl=http://thegraphicsfairy.com/wp-content/uploads/blogger/-iad4v2tL68Y/TlO4_kUxeEI/AAAAAAAAN20/3f8petFnYew/s1600/halloween%252Bwitch%252Bvintage%252Bimage%252Bgraphicsfairy.jpg&imgrefurl=http://thegraphicsfairy.com/vintage-halloween-clip-art-witch-with-moon/&usg=__XAhHIuAAdpyrp3OXYeKzWybD8Jc=&h=1202&w=1350&sz=162&hl=en&start=13&sig2=aEXSmqUXiAYkiZZD0hXhFA&zoom=1&tbnid=pFZaORS-Ed_6DM:&tbnh=134&tbnw=150&ei=hXAkUvqqIYTCtAasooGoCQ&um=1&itbs=1&sa=X&ved=0CEMQrQMwDA
Image - Google

63 comments:

  1. අනේ අප්පේ මඩේ දාලා දාලා ... අන්තිමට හෝදලා දාලා

    ReplyDelete
    Replies
    1. කොහෙන් කැරකිලා යයිද දන්නේ නෑනේ ඔව්වා

      Delete
  2. උඹත් පෙරේසමෙන් ඉඳින්,බැනල බැනල හොඳ කිව්වට හරියන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. කරුමේ කොහෙන් කැරකෙයිද දන්නේ නෑ

      Delete
  3. මේ කතාව කියවගන යද්දී ගැමි සුවඳ වගේම ගැමි ගඳ කියා දෙයකුත් තියන බව වැටහේවි කියවන හැමෝටම.

    ඒ වගේම මට නිතින් සිහියට ආවේ එස් ඒ දිසානායක සූරීන්... ඔහු තමා ඔය බටකොළ ආච්චිව අපි අතරට ගෙනාව කෙනා.

    ReplyDelete
    Replies
    1. ඒ කතාව ඇත්ත නලීන් අයියේ

      බටකොළ ආච්චි දැනන් හිටියට එතුමා ගැන අහලා නෑනේ කලින්.

      Delete
    2. බටකොළ ආච්චි මිහිර පත්‍රය හරහා සිතුවම් කරමින් කතාව ගොඩ නැගුවේ එතුමන් තමා.

      Delete
    3. @ නලීන්.....දිසාණායක මහත්මයා මතක් කරදීම ලොකු දෙයක්.

      Delete
    4. මාත් මුලින්ම වගේ කියවපු චිත්‍රකතාවක් තමා බූයි, සිඟිතියි කළු නික හොයන්න ගිහින් බටකොළ ආච්චි හම්බ වුණ කතාව.
      එතකොට කපුටුලන්ද, යෝධයා සහ පඬිතුමාගෙ කතා,..... එස් ඒ දිසානායක මහතා ඒ අවධියේ පොඩි ළමයින්ගෙ මනස දැනුමෙන්, අවස්ථාවෝචිත නුවණින් පුරවන්න මාර දාවකත්වයක් තමා දුන්නෙ

      Delete
    5. ගොඩක් ස්තුතියි ඒ ගැන මතක් කලාට ඔක්කොටම

      Delete
  4. ඔබට නිවන් සුව රයිටර්....

    ReplyDelete
  5. අනේ පලයන් යන්න බොරුවට අර අහින්සක මනුස්සයට පද හදන්නෙ නෑතුව.එ මනුස්සය හෑම අවුරුද්දෙම ඉස්සෙල්ලම උබලගෙ ගෙදරට එන නිසා තමයි ඔය උබලට කිරියෙන් පෑනියෙන් උතුරල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. උඹලට විශ්වාස නෑනේ..

      අපොයි කියලා වැඩක් නෑ.. කිරි උතුරලා පිටාර ගලලා දෝරේ යනෝ බං.

      Delete
  6. අනේ දෙයියනේ ගහක් ගලක් වගේ හිටිය රයිටර් ට මොකද මේ වුනේ...?
    (තව සතියකින් විතර හත දවසක් ගතකරන ගමන් පැවසීමට බලාපොරොත්තු වෙමි)

    ReplyDelete
  7. රයිටරයා තව වැඩි කාලයක් බ්ලොග් ලියන එකක් නෑ වගේ. බටකොළ ආච්චිගේ ඊළඟ ගුරුකම උඹට තමයි. බඩුම තමයි රජෝ!

    ReplyDelete
  8. සිරාවට ආච්චිගෙ ගේ අස්සෙ බලපං පියාඹන කොස්සක් තියේද කියලා... බයික් එකේ තෙල් ගාන ඉතුරු කරන් ආශික් එකේ හාමිනේ එක්ක පාවෙලා යන්න පුළුවන් :)

    ReplyDelete
    Replies
    1. හේ හෙහ්.. හා හා පොඩ්ඩක් හොයලා බලන්නම්කෝ

      Delete
  9. බටකොළ ආච්චි බ්ලොග් කියවන්නේ නැති නිසා තමයි මේකා වීරයා වගේ ලියලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. බටකොළ ආච්චිගේ මුනුපුරෙක් වත් නොදකී කියලද හිතන්නේ ඈ

      Delete
  10. අපේ ගමෙත් හිටියා බටකොල ආච්චියෙක්..එයා ගමනක් යද්දී ඉස්සරහට හම්බුනොත් අනිවාර්යෙන්ම යන වැඩේ හරියන්නේ නෑ..දැන් නම් එයා ජීවතුන් අතර නෑ..
    හපෝ ඔය හදි හූනියම් කරන ඈයොන්ගෙන් පරිස්සම් වෙන්න ඈ :D

    ReplyDelete
    Replies
    1. ඔහෙප්පලයන් එහෙත් හිටියද බටකොලයෙක්... :D

      පරිස්සමෙන් නේන්නම්. එකනේ මං මේ බයේ ඉන්නේ

      Delete
  11. හැම ගමකම ඔය වගේ චරිත ඉන්නවා. බටකොළ ආච්චි බ්ලොග් නොබලන නිසාම හොඳයි.

    ReplyDelete
    Replies
    1. එහෙනං එහෙනං....

      කියෝපු කෙනෙක් බටකොළ ආච්චිගේ කනේ තිබ්බොත් එහෙම.

      Delete
  12. ඔහෙම ආච්චිල ඉන්නව බං. උන් තමා ඇවිත් හොල්මන් කරන්නෙ මැරුනට පස්සෙ.

    උබ කිව්ව වගේම හොද ගති තියෙනවා කොච්චර නරක චරිත වල වුණත්.

    ජය !

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් තණ්හාවෙන් ඉඳලා මැරුණට පස්සේ දාලා යන්න බැරි වෙලා පෙරේතයක් වෙලා උපදිනවා.

      ඔව් පොඩි හරි හොඳක් තියේ ඕනෙම නරක මනුස්සයෙක්ගේ

      Delete
  13. පැතුම්ට බටකොළ ආච්චි ගැන ලියන්න හිතුනෙ මොකෝ?

    ReplyDelete
    Replies
    1. නිකං ඉතිං.. හැමදාම කෙටිකතාවකුයි, රයිටරෙයි පට්ට ගහන එකනේ කරන්නේ, වෙනසකට චරිතාපදානයක් ලිව්වා..

      Delete
  14. අනේ මල්ලියේ තව මාසයක් ඉවසලා ඉන්න බැරි වුනාද? අයියෝ දැන් ඉතින් අපිට රයිටර් මල්ලියෙක් කෝ?
    මෙහෙම හොදද නැත්නම් තව ප්‍රැක්ටිස් කරල එන්නද?

    ReplyDelete
    Replies
    1. ටිකක් මදි, ඊළඟ වටේට දාන්නම්, හොඳට පුරුදු වෙලා එන්න ඊගාව පාර.

      Delete
  15. හිටහං බටකොලාච්චි එනකං.. උඹ ඉවරයි රයිටරේ. නියම ලිවිල්ලක්...

    ReplyDelete
    Replies
    1. හාහ් හාහ් හාහ් උඹලා කැමති ඇති නිදි මරන්න

      Delete
  16. මල්ලියෙ උඹ තාම යහතිං ඉන්නව නේද?
    උඹ පොඩිකාලෙම ආච්චිව ෆිට් කරගත්තනං අර ඉදලෙ නැගල ආතල් එකේ රවුං ගහන්න තිබුණනෙ.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් උන්දැට අකුරු බෑ..අයියේ

      උන්දැ ඒකටත් ගානක් අයකර ගනීවි අනිවා

      Delete
  17. හරිම ලස්සනට ලියපු කතාවක්. ඔය වගේ චරිත ලක්ෂණ අඩු වැඩි විදිහට තියෙන අය ගම් වල ගොඩක් ඉන්නවා. මේ කතාව කියෝල මමත් මිට අවුරුදු ගානක් ඈත අතීතයට ගියා. කතාව කියෝල කමෙන්ට්ස් කියවද්දිනේ තේරුනේ රයිටර්ගෙ යාලුවෝ දානයක් එනකල් මග බලන් ඉඳල කියල... :D

    ReplyDelete
    Replies
    1. හෙහ් හේ කොහෙත් ඉතින් ඔයවගේ අය ඉන්නෝ...

      එහෙම තමයි හොඳ යාළුවො

      Delete
  18. ෂුවර් එකට ඔය නං බබයිගා යකින්න තමයි බං... හි හි

    ReplyDelete
    Replies
    1. කවුද බබයිගා යකින්න කියන්නේ, මට මීටෙර් නෑනේ අක්කේ

      Delete
  19. පරිස්සමින් හිටහන් දැන් , උබටත් කොරයිද දන්නේ නැහැ හුරුකමක් ..

    ReplyDelete
    Replies
    1. ඔව් කල කල දේ පල පල දුන්නොත් එහෙම

      Delete
  20. හිටපං මම මෙසරේ පඩියට මගේ ගානේ බටකොළ ආච්චිට ඉන්ටනෙට් අරං දීලා බ්ලොග් කියවන්න් පුරුදු කරනවා.

    ReplyDelete
    Replies
    1. බොලා ලෝන් දාලා ඉන්ටර් නෙට් කනෙක්ෂන් අරන්දුන්නත් උන්දැට අකුරු සාස්තරේ උගන්වන්න බොලාට ඉඩම් කඩම් උගස් තියන්න වෙයි ඇ

      Delete
  21. පැතුම් උඹ ලියලා තියෙන විදිහට මාත් ගමේ ලොකු රවුමක් ගියා.නියමයි.

    ReplyDelete
    Replies
    1. සිරා කතාවක්නේ අරු අයියේ

      Delete
  22. ඉඳපිය මං මේකෙ ප්‍රින්ට්අවුට් එකක් අරං ආච්චිට පෙන්නන්න....

    ReplyDelete
    Replies
    1. අනේ බං ඒ වියදමෙන් මගේ මේ මාසේ ඉන්ටර් නෙට් බිල ගෙවල දියන්කෝ

      Delete
  23. බය නැතුව මෙහෙම එකක් ලිව්වේ කොහොමද අම්මපා

    ReplyDelete
    Replies
    1. ජීවිතේ පරදුවට තියලා රයිටර්ගේ වගකීම ඉටු කළා අක්කේ :D

      Delete
  24. මට අපේ අම්මලගෙ ගමේ හිටිය පොඩි හාමි ආච්ච්ව මතක් උනා :) එයැයිගෙ චරිතෙත් මේ වගේ

    ReplyDelete
    Replies
    1. දෙන්නගේ නෑකමක්වත් තියනවද දන්නේ නෑ දුරින්

      Delete
  25. බලපං කී දෙනෙක් උඹ වෙනුවෙන් නිදිමරන්න ලෑස්තිවෙලා ඉන්නවද කියලා...:D

    ReplyDelete
    Replies
    1. මට නම් හිතෙන්නේ කමෙන්ට් වලින් මගේ අතිජාත මිත්‍රකැළ ගැන යහපත් ප්‍රතිරූපයක් මවාගන්න පුළුවන්

      Delete
  26. ගමේ තියෙන ජරා පැත්තක් ගැන ලිය උන හොඳ ලිපියක්...

    ReplyDelete
    Replies
    1. ගං වල මතුපිටින් පේන දේවල් වලට යටින් මේවගේ තව කොච්චර දේවල් තියද අයියේ. කොයි දේත් මතුපිටට වඩා ඇතුලාන්තය වෙනස්නේ

      Delete
  27. මම පාසල් යන කාලෙ පාසල අවට රතු පාටින්ම හැම ඇදුමක්ම අදින රතු පිස්සි නම් මන්ද මානසික තැනැත්තියක් හිටියා මේ කියන වයසට ආසන්න...මට ඇයව තමයි මේ කථාව තුලදි මතක් වුනේ...

    ReplyDelete
    Replies
    1. එයා එකම පාට අඳින හේතුවයි එයාගේ මානසික ආබාධයට හේතුවයි දෙකම එකක් වෙන්න ඇති

      Delete
  28. අඩෝ උඹෂ මලොත් පනිවිඩයක් එවපන් හරිය. මොකට නැතත් දානෙට එන බව දන්නවනේ...

    ආ මේ උඹේ නෙවෙයි වගේ බං කතාව. ඒ කිව්වේ මේ වෙනදට ලියන ශෛලිය වෙනස් උනාම නිකන් මොකද්ද වගේ. මේ වගේ කතාවකට ඒක ගැලපුනාට අර උඹටම තියන සඉස්ටයිල් එක නැතුව පාළුයි වගේ ඕයි.

    ReplyDelete
  29. අයියෝ යකෝ පතුමෝ උඹටත් ජයසිරි මංගලම් එහෙනම්. හිටහන් මම ටැලිග්‍රෑම් එකක් ගහන්න ආච්චිට මේ බව කියලා. (සිරාවට බං ඔය ගෑනි ගුරුකම් කරන තැනින් කරවගන්න ඕනේ හූනියමක් අපේ ලොක්කට) :P

    ReplyDelete
  30. හප්පා හැමතැනම බටකොලිගේ ඥාති සහෝදරියෝ ඉන්නවා. අගෙයි රයිටර්

    ReplyDelete
  31. බොලෑ ගමෙත් බටකොළ ආච්චිලා ඉන්නවද..
    // සම වයසේ ඉන්න ආච්චිලා සිල් ගනිද්දී මුන්දෑ කොර ඇන ඇන අනුන්ගේ පොල්වතු ගානේ ගිහින් පොල් පුවක් රෙද්ද අස්සේ ගහගෙන ඇවිත් කාට හරි දීලා කීයක් හරි හොයා ගන්නවා. // දුප්පත් කමට වෙන්ටැ...........

    ReplyDelete