Friday, October 6, 2017

"නාලක" "විජිත"




දුවයි මාවයි ගෙදර තනිකොට
ආපහු එන ගමනකුත් නැති කොට,
මගේ ඇස් දෙක මට තව
අදහගන්නට බෑ තමයි "නාලක",

බල්ලෝ රෑනක් උඩු බුරපු දවසක
"බ්රාස්" ගාගෙන ආව ජීප් එක,
ගෙනා මූසල පයින්ඩේටම
අවුරුදුම කීයක් ගතවුණාවද,

උඹේ හැඩරුව බැල්ම කැටි කොට
ගමේ උන් විරු පිළිමෙ හැදුවට,
එතැන පහු කර කර ආව වාරෙට
පිච්චුණේ මැරි මැරි, මමයි තනියම

කුස්සි කළමනාවෙන් පටන්ගෙන
නිදි පැදුරේ අඩුපාඩු
හොයනකොට "විජිත",
දුකක් තනියක් නොදැනීම
ඇත්තක් නම් තමයි "නාලක"

ඒ වුණත් හංදිය පහුකර
උඹේ ඇස්දෙක දිහා බලාගෙන
බඩක් උස්සන් ක්ලිනික් යන්නට
කියාපන් දෙවියනි පුලුවන්ද මට


~ දිස් ඊස් නොට් රයිටර් ~



2 comments:

  1. හම්මා... මේක නම් දරුණු කතාවක්...

    බොහොම ප්‍රභල ප්‍රස්තුතයක්.. නියම ලියවිල්ලක්.... සතියක් පපුව හිරවෙන කතාවක්

    ReplyDelete