Thursday, July 5, 2012

පෙමට බඳින කවි




මේ සිහින සාගරේ
මායා දසුන් අතරේ
නිරතුරු රුවක් ඇඳුනේ
ඒ නුඹේ රුව ළඳුනේ

සිහින් ස්වරයෙන් සුසුමේ
නින්ද මගේ දුර ඇදුනේ
තුරුල් වී උර සයනේ
සිපගන්න කම්මුල් රහසේ

විඳගන්න ඔය සුවඳ රිසිසේ
තරු එක්ක මං එන්නම් සුළගේ
සඳ එක්ක නොගිහින් අහසේ
නවතින්න මං ලඟම මැණිකේ

 අද තරුවක් පායනවලු
හඳට වඩා එලිය තියන
වෙන සඳ තරු මොකටද මට
මගේ සුදු සඳ පායනකොට

සඳ පිනි කැට දියේ හොවා
ඒ සිසිලෙන් දෑත දොවා
නිම්හිම් නැති ලොවක් සොයා
ඇවිද යමුද හෙටක් පතා

නුඹ සිහිනෙන් දැකපු හීන
හෙට වෙනවා සැබෑ ඔන්න
සතුටු කඳුළු පිටකරන්න
ඇති වෙනකම් දැන් අඬන්න





ඉස්සර ලිව්ව කවි දෙකක් එකට යන හින්ද එකටම ලියල දැම්ම.
චිත්‍රෙත් ඉතින් අර මේනියාව ඔලුවට ගහල තිබ්බ කාලේ ඇන්ද එකක්.
ඔරිජිනල් පින්තුරේ නම් ගුගල් ලොක්කගෙන්.



[මේ විදිහට චිත්‍ර අඳින්න ආස අය ඉන්නවනම් කියන්නෝ..ඊළඟ පොස්ට් එකකින් කියල දෙන්නම්කො අඳින විදිහ, හරිය !!! ]

53 comments:

  1. සිරාවට කෝමෙයි චිත්‍රෙ අදින්නෙ??????
    කවි ටිකත් ලස්සනි ඈ..

    ReplyDelete
    Replies
    1. හයියෝ මෙයා මන් කොමෙන්ට් එක ටයිප් කරද්දී මුලින් කොමෙන්ට් එක දාලානේ........:)

      Delete
    2. ගොඩක් ස්තුතියි තරියා. චිත්‍රෙ කරන විදිහ මතුවට

      හිරු අක්ක පව් බං

      Delete
    3. ඔව් මන් පව්.............:)

      Delete
  2. මට දැනගන්න ඕනේ අදින විදිය පොස්ට් එකක් දාමු ඒ ගැන වෙනම......:)
    වෙනදා වගේම කවිය ලස්සනයි මල්ලියෝ..
    //සඳ පිනි කැට දියේ හොවා
    ඒ සිසිලෙන් දෑත දොවා
    නිම්හිම් නැති ලොවක් සොයා
    ඇවිද යමුද හෙටක් පතා//
    ඉක්මන්ටම මේ හීනෙ හැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම.. අනේ අපිටත් කේක් කැල්ලක් ඉක්මනටම ලැබෙනවා නම්...;)

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි අක්කේ. චිත්‍රෙ අඳින විදිහ මතුවට.

      දෙන්නම්කො කේක් ලොරියක්ම හීනේ හැබෑ වුන දවසට.

      Delete
  3. ගොඩක් ලස්සනයි පැතුම්........ඇත්තටම....

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි ශෂීයෝ

      Delete
  4. දැකපු සුභ හීන සැබෑ වෙනවා නම්
    තවත් මොකට ආල වට්ටම්..

    සුභ පැතුම් ඔන්න..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි අක්කේ හැබැයි මේක අනාගත වාක්‍යක් විදිහට තමයි කියන්න වෙන්නේ. තවම හීනේ හැබෑවෙලා නැතෝ.

      Delete
  5. අපි කැමතියි මේ විදිහට චිත්‍ර අඳින්න

    ReplyDelete
    Replies
    1. එල කිරි. එහෙනම් චිත්‍ර අඳින විදිහ මතුවට හොඳේ

      Delete
  6. සිත්තර අඳින විදිහ අපටත් කියලා දෙන්ඩ !
    අපිත් ආසයි සිත්තර අඳින්න !
    කවි සිතුවිල්ල නම් පට්ට ! මරු ආදර කතාවක් !

    ReplyDelete
    Replies
    1. අනිවා කියල දෙන්නම් එකනේ කිව්වෙත්. ගොඩක් ස්තුතියි ඈ...

      Delete
  7. ලස්සනට කවි ලියන්නේ කොහොමද ඇත්තටම ?

    ReplyDelete
    Replies
    1. ඒකට උත්තරේනම් මං දන්නේ නෑ රොබින්. ලස්සනට ලියන අයගෙන්ම තමයි අහන්න වෙන්නේ.

      Delete
    2. ඔය කිව්වෙ මූ කතාවක්.. :D

      Delete
  8. පලවෙනි කවි 3ට මම ගොඩක් ආසයි හ්ම්ම්..හරිම ලස්සනයි!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි හිරුහිමාවී

      Delete
  9. කවියත් හොදයි...චිත්තරෙත් හොදයි......

    සිංහල ෆොන්ට් හෙම හදන්නැද්ද..?

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි සුමිත් අයියේ. සිංහල ෆොන්ට් හදන්න පුංචා කාලේ ආසාවක් තිබ්බ. ඒත් ෆොන්ට් එකක් හදන විදිහ මම තේරුම් ගත්ත විදිහටනම් හෙන සංකීර්ණ වැඩක්. කොහොම කොහොම හරි ඒ ආසාව නැති වෙලාම ගියා. ඔන්න දැන් තමයි මතක් වුනේ

      Delete
  10. පෙම් බර කවිය ලස්සනයි පැතුම් :)

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි ෆාතිමා අක්කේ.

      Delete
  11. කවිය සිතුවම දෙකම අපූරුයි මල්ලි.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි දිනිති අක්කේ.

      Delete
  12. අපුරු කවිය ..ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි නිම්ශා

      Delete
  13. කවිය නියමයි.. චිත්‍රේ නියමාආආයි...

    අදින හැටිත් කියමු මලයා..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි දිනේෂ් අයියේ. අනිවා කියනවා අඳින විදිහ

      Delete
  14. අයියෝ... අහවල් දේකටද අඬන්නෙ සතුටු වෙලාවක? චිත්‍රය පස්ටයි ඈ..

    ReplyDelete
    Replies
    1. අයෙත් අහලා. නෑ නෑ මේ ගොඩක් ගෑනු ළමයි සතුටටත් අඬනවානේ...... ගොඩක් ස්තුතියි ලහිරුවෝ.

      Delete
  15. නියමයි ඈ! චිත්‍ර අදින හැටිත් ඉක්මනට කියන්න.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි ගිමන්. අනිවා කියා දෙනවා

      Delete
  16. නියමයි. සරා කාලෙකට ඉස්සර එහෙනම් ඊයක් විදල නේද?
    අපිත් කැමතියි චිත්‍ර අඳින්න. ඒකත් දාමු ඈ.( හැබැයි ඔන්න ෆොටෝ එකක් කාටූන් එකක් විදියට කන්වර්ට් කලා කියන්නනම් එප )

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි සඳු මචෝ. අපෝ නෑ. මල් සරා විදලා නෙමේ. හීනයක් දැකපු එකක් විතරයි.

      අපෝ පිස්සුද. අතේ මහන්සියෙන් කැපවෙලා තමයි චිත්‍රෙ අඳින්න ඕනේ. කන්වර්ට් කරලා නෙමෙයි.

      Delete
  17. නියමයි මල්ලි පින්තූරෙන්ම සුපිරි පළවෙනි කවිය හොදා සිංදුවකට

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි කවි අක්කේ. .

      Delete
  18. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. පස්වාන් දහසකට ආයු බෝවේවා !!!

      Delete
  19. //..සතුටු කඳුළු පිටකරන්න
    ඇති වෙනකම් දැන් අඬන්න..//

    කවිය නම් ලස්සනම ලස්සනයි....

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි සිතුවිලි.......!!!

      Delete
  20. Replies
    1. ගොඩක් ස්තුතියි තරුවා

      Delete
  21. //නුඹ සිහිනෙන් දැකපු හීන
    හෙට වෙනවා සැබෑ ඔන්න
    සතුටු කඳුළු පිටකරන්න
    ඇති වෙනකම් දැන් අඬන්න//

    දැන් අඩලා හරි හීනෙ හැබෑ වෙනවා නම් කොයිතරම් හොදයිද? නියමයි මචං (Y)

    ReplyDelete
  22. ඔක්කොටම ඉස්සෙල්ලා මෙන්න මේකට අදහසක් දෙන්නම්

    //[මේ විදිහට චිත්‍ර අඳින්න ආස අය ඉන්නවනම් කියන්නෝ..ඊළඟ පොස්ට් එකකින් කියල දෙන්නම්කො අඳින විදිහ, හරිය !!! ]//

    මටත් ආසයි කියන්ඩෝ.........

    සිරාවට මේ වගේ අඳින්න මට මාර ආසයි.මීට කලින් එක් ගමනක් දාලා තිබුණු පින්තූරෙ දැක්කමත් මට අහන්න හිතුනා කොහොමෙයි ඇන්දේ කියලා ඒත් ඉතින් කියලා දෙන්න වෙලාවක්වත් නැතිවෙයි කියලයි මම හිතුවේ... මාර වටිනවා හොඳේ...

    ඊළගට කවි පන්තිය...

    මුලින් පටන් ගත්තාම මට හිතුණා ගීතයකට මාර ලස්සනයිනේ කියලා.... ඒ වගේම තැන් දෙක තුනක තියෙන කවි එකතු කලා නම් ගීතයකට මරුම තමා....

    ඒක නෙමේ අර සිත්තරේ අඳින්න අවශ්‍ය ද්‍රව්‍ය ගැනත් දැනුවත් කරන්ඩෝ....

    කවියට චිත්‍රයට වගේම කතාවටත් දක්ෂයෙක් ඔයා... ජය වේවා අයියේ...

    ReplyDelete
  23. ලස්සනයි චිත්‍රත් ඒවගේම තමා.

    ජය!!

    ReplyDelete
  24. //නුඹ සිහිනෙන් දැකපු හීන
    හෙට වෙනවා සැබෑ ඔන්න
    සතුටු කඳුළු පිටකරන්න
    ඇති වෙනකම් දැන් අඬන්න//

    මෙහෙම අහන්න තියෙනවානම්!!!! :D

    ලස්සනයි මලයෝ!!

    ReplyDelete
  25. ලස්සන කවි ටික..

    ReplyDelete
    Replies
    1. හරි.. කියන්න ඕනෙ මේකයි අයියෙ.. පළවෙනි කවි තුනට මගේ ඒ හැටි කැමැත්තක් නෑ.. ඒත් අනිත් කවි තුනට කැමතියි.. කවි පද හතර නම් එකකට එකක් ගැලපෙනව.. එත් එක එක පදයක වචන අතරෙ මීට වඩා තේරුමක් දෙන්න පුලුවන්නම් තවත් හොඳයි මට හිතෙන්නෙ.. ඒ වුනාට ආදරණීයයි ඈ.. :D (කවුරුහරි අමුතු විදියට බලලද මන්ද මුගේ දිහා)

      Delete
  26. කවිය එල..
    මේං මේ ටික නම් පට්ටයි!!

    //අද තරුවක් පායනවලු
    හඳට වඩා එලිය තියන
    වෙන සඳ තරු මොකටද මට
    මගේ සුදු සඳ පායනකොට//

    මේ කොටස කියවද්දී වික්ටර් රත්නායකයන්ගේ ආදරයේ උල්පත වූ අම්මා ගීතය මතක් වුණා!!

    සඳ පිනි කැට දියේ හොවා
    ඒ සිසිලෙන් දෑත දොවා
    නිම්හිම් නැති ලොවක් සොයා
    ඇවිද යමුද හෙටක් පතා //

    ජය වේවා!!

    ReplyDelete
  27. කවියයි චිත්රෙයි දෙකම හරි ලස්සනයි මල්ලි....

    ReplyDelete