Wednesday, September 12, 2012

සික්ස් පැක් එන්නේ බඩේනේ රයිටර්...!!!

හීතලට ගුලි වෙලා සරම ඔලුවේ ඉඳන් පොරෝගෙන ගොරෝ ගොරෝ හිටපු රයිටර් දැක දැක හිටපු හීනේ සුන් බුන් චකබ්ලාස් වෙලා ගියේ අර දවසක් කීව අක්කගේ ඔරලෝසුවේ එලාම් සද්දෙට. අත්දෙක බෙල්ල වටේ කරකවලා ඇඟ අඹරලා හිරි ඇරලා ඇඳෙන් බහිනකොටයි මතක් වුනේ අද ඉරිදා කියලා. කන්නාඩිය ඉස්සරහට ගිහින් මුණ බැලුවේ පුරුද්දට වගේ වුනත් හැමදාම ඇස් දෙක නතර වෙන්නේ කනට පල්ලෙනුයි නිකට වටෙයි දළුලා වැඩෙන රැවුල් කොට ගාව. "ෂාහ්....! අමාරුවෙන් මාසයක් විතර වවාගත්ත රැවුල පීදෙගෙන එන ලස්සන......"කවියක්, කතාවක්  ලියල කවුරු හරි ලස්සනයි කිව්වම හිතට දැනෙන අහිංසක අභිමානය වගේ හැඟීමකට ලඟින් යන හැඟීමක්  එවලෙත් මට දැනුණා. මගේ හිත ඔද්දල් වෙන්න ගත්තා මං ගැනම. පැයක් විතර මුණම හෝදලා කෝකටත් තෛලය වගේ තියන  ස්ලිම්ෆ්ට් ඩෙනිම අතට ගත්තේ ඩෙනිම් කලිසම හොයාගත්ත මනුස්සයට පින් දිදී. දවසක් රයිටර්ගේ උපන්දිනේට දිලූ දුන්න ලා නිල්පාට ස්ලිම්ෆිට් ෂර්ට් එක ඇන්දේ වෙන අඳින්න එකක් නොතිබුන හන්ද නෙමෙයි, ආදරේ දළුලා වැඩෙන්න ඒවගේ පුංචි සිද්ධියක් වුනත් හොඳටම ඇති කියලා ලඟදි කියවපු පොතක තිබුන හන්දා. දිලුගේ ආදරේ පොඩ්ඩක් හරි වැඩි වුනොත් කාටද.. මටනේ...!

ලාච්චුවට අතදාලා පීරලා පීරලා  රුපියල් විස්සේ කොළ කෑල්ලක්  හොයාගත්තේ ගමන් වියදමට හරියන්න. එනකොට දිලුගෙන් රුපියල් පහක් ඉල්ලගන්නවා කියල හිතාගෙන.  යකෝ රටේ උද්ධමනේ මටත් සෑහෙන්න බලපාල වගේ. අන්තර්ජාතික ණය ආධාරයක්වත්  ඉල්ලගන්න හිටියේ අක්කා විතරයි. ඒත් රයිටර්ගේ යම් යම් පෙර වැරදි වලින් අන්තර්ජාතික නියෝජිතයින්ගේ විශ්වාසය පලුදු වෙලා තියන හන්දා මේ දවස් වල සැලසුම් සහගත රොබරියකින් ඇරෙන්න ආධාරයක් බලාපොරොත්තු වෙනවා බොරු. "බලමු බලමු ඉස්සරහට කරන දෙයක් කරමුකෝ" කියල හිතාගෙන  ශාරුක් අයියා ගාන ක්‍රීම් එකයි, ජෝන් ඒබ්‍රහම් ලොක්කා ගාන ක්‍රීම් එකයි දෙකම කලවම් කරගෙන මුනත්තහඩුවේ උලාගත්තේ මලපෙරේත පාට ටිකක් හරි යන්න.

"හෙලෝ දිලූ පැට්ටෝ....ගුඩ් මොර්නින්ග්..........! ඔන්න මම එනවා......!"


"හෙලෝ හෙලෝ රයිටර් පැට්ටෝ...ගුඩ් මොර්නින්ග් ....ම්.......ම් හොඳ....ළමයා අද කලින් එනවා නේද, හැබැයි වෙන කොහේ හරි රස්තියාදුවක ගිහින් එන්නහෙම පරක්කු වුනොත් හපනවා හොඳේ ...........කන කෑලි කෑලි වලට"


දකුණු කකුලේ සුළඟිල්ලෙන් ඇතිවෙච්ච හිරිවැටිල්ලක් මගේ වම් කන් පෙත්ත හරහාම ගියා.. එක අතකින් කන අල්ලාගෙන ෆෝන් එකත් කනේ ගහගෙනම අද්දන බස් එකේ දොරට පැන්නේ පරක්කු වුනොත් ගෙදර එන්න වෙන්නේ කන නැතුවනේ කියන බයට.


"මල්ලි තෝ  මැරෙන්න හදනවද ගස් ඌරෝ. දුවන බස් එකේ එල්ලෙන්නේ.....තොට මදන කුලප්පුව ඔලුවට ගහලද.....තෝ මලානම් තෝ සැතපෙයි පෙට්ටියේ...අපි එපැයි ගස් යන්ඩ, මොකද තෝ වලෙන් බැහැල ඇවිත් අපිව බේරාගන්නවා කියලද...මැරෙනවනම් මැරියන් කෝච්චියට පැනලා නැත්තම් බෙල්ලේ ගලක් ගැටගහගෙන ලිඳකට පැනලා.......බොලාගේ වරිගේ එවුන් තොගේ පෙට්ටිය තියාගෙන පාරවල් හරස් කරලා කෙලින පිස්සු පෙන්නන්න එවුන් ඉන්නවනේ...... රටේ මිනිස්සු ඉන්නවනේ ටීවී එක ඉස්සරහට වෙලා කට ඇරන් අනේ හපොයි කියන්න......අනේ මුන්ට .*&^&%$@#.... "


ඉස්සරහ සීට් එකේ හිටපු කෙල්ලො රංචුවගේ ඇස් කන ගාවට ගියේ කට බෙල්ල ගාවට ඇරෙද්දීමයි. උන් ටික මං දිහා බැලුවේ ආත්ම අනුකම්පාවෙන් කියල මට තේරුණා.
මම ලාමක ළපටි හිනාවක් පෑවේ උන්ගේ අවිහිංසාව දරාගන්න බැරුව.


"මල්ලි ඔය පොල්ල අතැරලා පස්සට යන්න, ඔය අක්කා අයියට හේත්තු වෙන්නේ නැතුව ඉස්සරට වෙන්න...මැද පොල්ල අල්ලාගෙන ඉන්න කට්ටිය කතා කරලා ඉස්සරහට වෙන්න..සල්ලි ගන්න...ටිකට් ගන්න..අනේ අක්කේ අක්කගේ ඔය ඩිකිය පොඩ්ඩක් ඇතුලට දාගන්න....කවුරු හරි මේ නංගිව වඩාගෙන ඉන්න අයියට  සීට් එකක් දෙන්න....! ඔය නංගි ගාව සීට් එක අල්ලන් ඉන්න මල්ලි සල්ලි ගන්න..මාරු සල්ලි ගන්න. ..මාරු දෙන්න.......පස්සෙන් බහිනවා...පස්සෙන් බහිනවා..ඉක්මන් කරන්න, ඉක්මන් කරන්න. ඉස්සරහින් නැග්ගද...හරි හරේ යං ?


"ඔය ෆෝන් එක කනේ ගහන් ඉන්න මල්ලි ටිකට් ගන්න" කොන්දා අයියා මං ගාවට ආවා...
"දොළහේ එකක්"


"මල්ලි ඉතුරු ගන්න....පේරද, ඇපල්ද, දිවුල්ද ?"


"ඇඃ....මොකක්..මුකුත් එපා අයියේ දැන් බෑ....ඉතුරු දියන්කෝ "


"ඉතුරු දෙන්න මාරු නෑ ඉඳා ඒවාට හරි යන්න මේ ටොෆි ගනින්"  


"අයියේ ගස්ලබු නැද්ද" පිටිපස්සෙන් හිටපු එළ කොල්ලෙක් කියනවා ඇහුණා, කෙල්ලෝ ටික කිචි බිචි ගෑවා දෙමලිච්චෝ රංචුවක් වගේ.... කොන්දට මල පැනලා අංශක විසි තුන හමාරයි පොයින්ට් දෙකයි කාලකට විතර.   කොන්දා මගේ අතේ රුපියල් පහක් එක්ක ජාති තුනෙන් ටොෆි තුනක් මිටමෙලෙව්වා ගස්ලබු ඉල්ලපු එකාට රවාගෙනම.


----------------------------------------------


කියපු වෙලාවට තත්පර 80ක් විතර තියලා මම දිලූ ගාවට ගියා.
පාට පාට හීන වල අතරමන් වෙච්ච අන්ධ වූ ආදරවන්තයෝ ආදරවන්තියෝ මැදින් මමත් දිලුගේ අත අල්ලාගෙන පාක් එක ඇතුලට ගියේ පාට පාට ලෝකෙක අතරමං වෙන්න හිතාගෙන...


"අනේ රයිටර් බලන්නකෝ ඔයාගේ ඇඟේ හැටි, ඔයා හරි කෙට්ටුයිනේ...හුළඟක් ආවොත් ගහගෙනත් යාවි..එහෙම නෙමෙයි රයිටර්....කොල්ලෙක් වුනාම සික්ස් පැක් තියෙන්න ඕනේ, ආම්ස් දෙක තියෙන්න ඕනේ ෂර්ට් එක ඇන්දාම  කිටි කිටියේ හිරවෙන්න. ෆෝර්ආම්ස් තියෙන්න ඕනේ කැපිලා පෙන්න. කෝ
ඔයාගේ සික්ස් පැක් තියද කියන්න"

"ආ... ඔව් ඔව් තියනවා සික්ස් පැක්...තියනවා හයක් නෑ හැබැයි.....ඊට වැඩියි"


"කෝ එහෙනම් කීයක් තියද..පෙන්නන්න බලන්න?"


මම ගැඹුරු හුස්මක් අරං බඩ අකුලන් එකේ ඉඳන් 12 ට ගැනලාම මගේ පපුව පෙන්නුවා

"පිස්සුද අනේ ඔය ඉල ඇට කුඩුවනේ. සික්ස් පැක් එන්නේ බඩේනේ හලෝ... ම්....ම්...ම්.... හරි හරි ....කමක් නෑ හොඳ ළමය වගේ මං දෙන මේ පිටි එක අරං ගිහින් බීලා ජිම් එකක් හොයාගෙන යන්න. ආ...මේ තව ඔය මල්ලේ සීඩී එකක් ඇති එක්සසයිස් කරන විදිහ.. ඒක බලල ඒ විදිහට කරන්න හොඳේ...කොහොමද රයිටර් ජෝන් ඒබ්‍රහම් වගේ වෙලා ආවම.....කාටද ආඩම්බර...? ඔයාගේ දිලුටනේ..හා නැද්ද හා...?"


දිලුගේ මුනේ තිබ්බේ බලාපොරොත්තු සහගත බැල්මක්. එක අතකට දිලූ කියන්නේ ඇත්ත තමයි. දිලූ කියන විදිහට කරලා බලන්න ඕනේ.  මගේ හිතත් බලාපොරොත්තු වලින් ගොජ ගොජ ගාල පිරෙන්න ගත්තා.


"ජිම්...?....එක්සසයිස්....?....පිටි.....? සික්ස් පැක්....? කොහෙන්ද වස්තු ඔයා මෙව්වා හොයා ගත්තේ."
"නෑ අනේ මං ජෝන් ඒබ්‍රහම් ඉන්න අලුත් ෆිල්ම් එකක් බැලුවා. මටත් හිතුනා මගේ රයිටර්වත් ඒ විදිහට හදල ගන්න ඕනේ කියලා....ඉතින් මම අපේ අයියගේ සුට් කේස් එකේ තිබ්බ පිටි එකේ නම ලියාගෙන ඔයාට එකක් අරං දුන්නේ. අපේ අයියත් ජිම් යනවනේ.  එයා ගන්නෙත් ඔය "මාස්" එකමයි. ජිම් එකේ මාස්ටර් කියල තියෙන්නේ ඒ ජාතිය හොඳයි කියල....හොඳ ළමයා වගේ කුක්කු ටින් එකම බොන්න හොඳේ.  


"ම්.ම්ම් එතකොට මේක කීයක්ද"


"ඒවා වැඩක් නෑ ඔයා බොන්නකෝ..ගාන වැඩක් නෑ"


"නෑ නෑ කියන්නකෝ....ප්ලීස්...!"


"කිලෝ එකම හයදාහක්"



73 comments:

  1. මරු බන් දැන් උඹ ලියන එව්වා....

    ඉස්සර සඳරේණු පත්තරේ ගියා කොමිටල් විජිතය කිය කොමඩියක් ( සංඛ අමරජිත් ලිව්වේ ) මට ඒක මතක් උනා.. සුපිරි ඈ

    මේ දිලූට කියපන්කෝ අය්යගේ පිටි එක උස්සල මට ගෙනත් දෙන්න කියලා

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්. දිලුට කියන්න ඕනේ නෑ මම පිටි එකේ නම මේල් කරන්නම්කො මී ගොඩයෝ...!!

      Delete
  2. මළා. මගෙ බඩෙං ටිකක් උඹට දෙන්න පුළුවන් මල්ලි. මට වැඩි වෙලා ඉන්නේ. ජය...!

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් අනේ අම්බෝ ප්‍රදීප් අයියේ බඩ නම් එපා...බඩ අඩු කරගන්න එක්සසයිස් කරන්නේ හෙහ් හෙහ් හෙහ්

      Delete
  3. හයියෝ බන් මරේ මාරු .. කියල වැඩක් නැහැ එලම එල.. මගේ බද රිදෙනෝ.. මේ ඔය පිටි එකේ නම මොකක්ද බන් ..මමත් ඔය වගේමයි හික්ස්

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්... "මාස්" "මාස්" මචන් "මාස්" උඹත් ඔය වගේද,...? හපොයි දිගටම කරගෙන පලයන් එහෙනම්, නවත්තන්න එපා.

      Delete
  4. හිකිස්...අඩේ පට්ට ඈ....

    ReplyDelete
  5. නියමයි නියමයි.......ඔයා ඕවා බිලා නේද මල්ලියෝ ඇග හදා ගත්තේ...?
    කිලෝ එකක්ම හය දාහක්ලු මගේ අම්මියෝ....පිස්සු නැත්නම් හොදයිනේ..
    අනේ ඔය ඉල ඇට ටික කඩා ගන්නේ නැතුව හිටු...:P
    දිගටම ලියමු...:)

    ReplyDelete
    Replies
    1. ආයෙත් ආහල. ඔව්ව බීල තමයි අක්කේ ඇග හදා ගත්තේ ;).

      හෙහ් හෙහ් ඉල අට ටික කඩාගත්තොත් කෙලින්වත් ඉන්න බෑනේ අප්පා. හෙහ් හෙහ් හෙහ්...

      Delete
  6. කුක්කු ටින් එකම බොන්න ඕනේ ඈ :P

    ReplyDelete
    Replies
    1. බොමු බොමු බිව්වොත් කාටද මටනේ.... හෙහ් හෙහ් හෙහ්..

      Delete
  7. කිලෝ එකම 6000යි මචං..
    වැඩි නෑ...

    ReplyDelete
    Replies
    1. සතයක්වත් අඩු නෑ....500යක් තුන්දාහයි.. කිලෝ එකම 6000යි

      Delete
  8. අනේ අහිංසක පිටි ටින් එක.බීපන් කෝ.පට්ට කතාව බන් හිනාවෙලම අමාරුයි.

    ඇඟ හැදෙන අනිත් කුක්කු එක්ක බැලුවම මේක සාපේක්ෂව ලාබයි වගේ කිලෝ එකක්ම 6000 යි නේ

    ReplyDelete
    Replies
    1. (1) ඇයි බං අහිංසක මං ඉද්දි පිටි ටින් එක අහිංසකයි කිව්වේ

      (2) ඇඟ හැදෙන අනික් කුක්කු එක මොකක්ද අප්පා.

      මම මේ දහ අතේ කල්පනා කරනවා

      Delete
  9. ela ela piti eka beela set eka dahan jhon ebraham wage anga hadunama katada adambara

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්. අනිවා අනිවා.. උපරිමෙන් කැප වෙනවා. හදා ගත්තොත් රයිටර්ටනේ...හෙහ් හෙහ් හෙහ්..
      !!!

      Delete
  10. අනේ පව් ! එතකොට පිටි බිව්වම සික්ස් පැක් එක එනවා කියලා ෂුවර්මද ...කමක් නෑ කමක් නෑ.වැඩිය ගණන් නෑනෙ... කිලෝ එකම 6000 මොකද්ද :P

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හෙහ්. කිරි ගහට ඇන්නා වගේ ෂුවර් ලිහිණි :D

      Delete
  11. ඌරු පෙත්තක් ගැහුවා නම් හරි බං!රන්ජන් අයියා වගේ පුස් ඌරෙක් වෙන්න පුළුවන්!! :D

    ReplyDelete
    Replies
    1. ඌරු පෙත්ත ගහන කම් විතරයි බං පිම්බිලා එන්නේ. පස්සේ නිකන්ම පුස් ඌරෙක් වෙනවා. හෙහ් හෙහ් හෙහ්...අපේ දන්නා කියන එකෙක්ට වුනා.

      Delete
  12. අයියෝ සල්ලි කිව්වලු....

    ReplyDelete
    Replies
    1. අයියෝ සැලරි තමයි මචං

      Delete
  13. කාලෙකින් ලංකාවේ බස් එකක යන්න බැරි උනා. පේන හැටියට රස සාගරයක්නේ..

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා. රස සාගරයක් කියන්නේ කියල වැඩක් නෑ සරත් අයියේ .

      Delete
  14. නියමෙට ලියල තියනවා

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හෙහ් එල එල... :)

      Delete
  15. ජෝන් ඒබ්‍රහම් වගේ උනොත් අනිවාර්යෙන්ම අභිෂේක් ගෙන් බේරිලා ඉන්ඩ !
    එලටික් එකටම ලියලා තියෙනවා. මරු ලියවිල්ලක් රයිටර් මලේ !

    ReplyDelete
    Replies
    1. එහෙනම්...එහෙනම්. රයිටර් ඉන්දියාවට යද්දියි උන් ලංකාවට එද්දියි වහන් වෙලා හිටියා නම් හරිනේ....!

      Delete
  16. genu lamaya aran denawanam moka wunama moko.bonna bonna. :D

    ReplyDelete
    Replies
    1. හඩේ අප්පේ අක්කා කියන්නේ වහ වුනත් බොන්න කියලද ඈ....?

      Delete
  17. පැක් දාගෙන බ්ලොග් ලියපං !

    ජය !

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හොඳමයි සෑම් අයියේ. හෙහ් හෙහ්

      Delete
  18. ඔය පිටි එක ගනන් යන්නෙ නැද්ද බන්... මම දන්න කාලෙ ඉඳල ඕක 6000යි... ;) එල ඈ...

    ReplyDelete
    Replies
    1. කවුද දන්නේ අප්පා සාතන් අයියේ. අඩු වෙනවා වැඩි වෙනවා වෙනද ඇති මයේ හිතේ....

      Delete
  19. හිකීස්... අයියෝ දැන් බස් වලත් ඉතුරු සල්ලි වලට ටොෆිද දෙන්නෙ?

    ReplyDelete
    Replies
    1. ඇයි දන්නේ නැද්ද කවි අක්කේ. පහු ගිය ටිකේ නිව්ස් එකක් ගියේ ඇත්තටම එහෙම වෙලා.. හෙහ් හෙහ් හේ

      Delete
  20. නියම වැඩක්....

    ReplyDelete
  21. ටොෆි එකතුකරලා ආපහු යද්දි දීපන්....

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි හිතාන ඉන්නේ ලහිරුවෝ

      Delete
  22. හිකිස්‌!!! මරු කතාව... :D

    ReplyDelete
    Replies
    1. ඇඃ ...මෙන්න බොලේ පණුච්චියෙකුත් බඩගාගෙන ඇවිත්. සන්තෝසයි සන්තෝසයි...!!!

      Delete
  23. හිහිහිහි... ඊට පස්සේ අපේ රයිටර් කලන්තේ දාලා එතනම වැටුනලු.. :D

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හෙහ්.. කවුද අප්පේ එහෙම කිව්වේ...ඩබල් ආර් එච් ?

      Delete
  24. දැන් ඇත්තටම උඹට මේ වගේ ප්‍රශ්නයක් තියෙනවද??:D
    මට නම් හිතෙන්නේ ඇත්තටම කෑල්ල කියලද කොහෙද මහත්වෙන්න!:P
    සුපිරියි බන් කතාව නම්!

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.....නුවනා මචන් උඹ දන්නවනේ ඇත්ත මොකක්ද කියලා.

      Delete
  25. Replies
    1. හෙහ් හෙහ් අගෙයි අගෙයි එහෙනම් ඈ...!

      Delete
  26. හච්චෝ හච්චෝ..ඔයා ලියන ශයිලිය නම් මරේ මරු.

    ජයම වේවා සහෝ! :)

    ReplyDelete
    Replies
    1. හච්චෝ හච්චෝ..අඩේ ඒ වචනේ මරු....!

      Delete
  27. නියමයි බං.. උඹ දැන් ලියන විදිහ එල..

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් ස්තුති කිව්වා එහෙනම් ඈ....!!!

      Delete
  28. Replies
    1. ස්තුතියි කිව්වා ඕන් එහෙනම්.....!!

      Delete
  29. එන්න ටිකක් පරක්කු වුනාද මංද! කතාව නම් මරු!

    ReplyDelete
    Replies
    1. පරක්කු වෙලා ආවම මොකෝ කලින් ආවම මොකෝ. වටින්නේ එන එකනේ...!

      Delete
  30. හපොයි..රයිටර්ටත් වුන වැඩක්..අහන්න අමතක වුනා බස් එකේ ආපහු එන්න දිලූගෙන් ඉතුරු සල්ලි ඉල්ල ගත්තද?

    ReplyDelete
    Replies
    1. හප්පේ, රූ අක්කා මතක් කල හින්දාම හොඳයි, තව පොඩ්ඩෙන් අමතක වෙනවා.

      Delete
  31. රයිටර්ට කලන්තේ දාන්න ඇති ඊට පස්සේ

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හෙහ් අපෝ නෑ, දෙන දෙයියෝ ගෙට ගෙනවිත් දෙනකොට කලන්තේ දාන්නේ මොකටෙයි.

      Delete
  32. ම්ම්ම්ම්ම් පැතූ... ඇත්තටම ඔයත් ගොඩක් ආසාවෙන් රයිටර් සීරිස්‌ එක ලියන බව පේනවා... ඒ නිසා අපිත් කියවන්න ආසයි...

    මාරු සල්ලි වලට බස් වල ටොපි දෙන කතාවක් නම් ඇහුවමයි... මේක වර්තමාන කතාවක්ද? අතීතයේ කතාවක්ද?

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.... අනු මෙහෙම තමයි දැන් බස් වල ඉතුරු සල්ලි දෙන්නේ

      අතීතයෙන් වර්තමානෙට හෙහ් හෙහ් හෙහ්...!!!

      Delete
  33. හිනාකාල පණ ගියා පැතූ...........කොන්දගෙ ටිකට් ගැනිල්ලනම් මරු ඈ.....;)

    ReplyDelete
    Replies
    1. හයියෝ හයියෝ මේ වතුර උගුර බොන්න එහෙනම්. මෙයත් කරගන්න වැඩ..!

      Delete
  34. එල එල! :)දැන් පිටි එක ගහලා එහෙම කාරිය ඇඟ හදා ගන්නවලාකෝ!!
    ජය වේවා!!

    ReplyDelete
  35. අපේ පැත්තෙත් ඔය ඉතුරු සල්ලි වලට ටොපි දෙන සීන් එක නම් නෑ!! :)
    දැන් එහෙනම් පිටි එක එහෙම ගහලා ඇඟ හදා ගනින්කෝ!!

    ReplyDelete
    Replies
    1. කොහොමද ජෝන් අයියා වගේ පිම්බිලා අවාම. ඉතුරු සල්ලි වලට ටොපි දෙන එක තමයි අලුත්ම ක්‍රමේ රටේ

      Delete
  36. අදමයි මේ පැත්තට ආවේ..
    පැතුම් ලියනවා ලස්සනට,
    මරු gf අප්පා.. දැන් ඉතින් ඇග හදාගත්තෙ නැත්තම් තමා පුරශ්නෙ..

    ReplyDelete
  37. හ්ම් හ්ම් මෙහාට ආයුබෝවන් කිව්වා එහෙනම්.

    නෑ නෑ ඇඟ හදා ගන්න ට්‍රයි එකක් දෙනවා ඇප කැප වෙලා

    ReplyDelete
  38. //හැබැයි වෙන කොහේ හරි රස්තියාදුවක ගිහින් එන්නහෙම පරක්කු වුනොත් හපනවා හොඳේ ...........කන කෑලි කෑලි වලට"//

    අයියේ මේ ඇත්තමයි කියන්නේ මෙයාලා හපනවා කිව්වොත් හපනවමයි.දවසක් ගෙදරට හොරා කෙල්ල බලන්න ගියාට පස්සේ නාහේ ඩබල් ඩෙකර් වෙන්න ආදරී හැපුවා.අන්තිමට ගෙදර ආවේ නාහේ අතින් වහගෙන.පහුවදා ක්ලාස් ගියාම අපේ එවුන් මගෙන් ඇහුවා කොහොමද බං නාහෙට දත් පාරක් ආවේ කියලා.එතකොට මට තේරුනා ගෙදරටත් නෝන්ඩි කියලා... ආයෙත් අහලා කෙල්ල ගැන ගෙදරට කිව්වම අම්මා මගෙන් අහපි එදා නහය හැපුවෙත් ඒකිමද කියලා...

    අර සික්ස් පැක් 12 සීන් එකට නම් පතුරු යන්න හිනා ඈ... සිරාවට කොහෙන් ආපු අදහසක්ද ඒක.තාමත් හිනා මතක් වෙද්දි.. පට්ට ඈ

    ReplyDelete