Monday, October 1, 2012

ඇවටියෙල් වූ හදවත

අනක් ගුණක් නැති, නාහෙට අහන්නේ නැති හිතුවක්කාර සිතුවිලි එක්ක පොරබදලා පොරබදලා බෝඩිමේ කාඩ් බෝඩ් අතුරපු ඇඳ උඩ ඉඳන්, ගෙදරින් ගෙනාව අම්මගේ සාරිය පොරෝගෙන, පල්ලේ හෝටලෙන් ඇහෙන කොත්තු දාන සද්දේට  එකතු වෙච්ච බෝඩිම් වහලේ එල්ලලා තියන බරස් බරස් ගාන, දැන් ගැලවෙයි දැන් ගැලවෙයි කියල හිතෙන ෆෑන් එකෙන් එන සද්දේ මික්ස් කරලා බීට් එකට අරගෙන ඔද්දල් වෙච්ච හිතෙන් ෆෝන් එකේ ඩ්රාෆ්ට් කරපු කවියක්. කවිය ලිව්වට පස්සේ හැමදාම වගේ පැත්තක ඉඳන් මාව මරාගෙන කන්න හදන තනිකම එදත් මට කින්ඩියට වගේ හිනා වුනේ මම ලියන හැම කවියකටම ඌ පරදින හින්දා වුනත්  පැරදෙන්න ලේසියෙන් ලැස්ති නෑ කියන ගතියක් උගේ අසමජ්ජාති මුණේ තිබ්බා. මොකද ඌ හොඳටම දන්නවා ඌ මට වැඩිපුර කොලොප්පන් කරපුදාට මම කවියක් ලියල ඌව තඹේකට ගණන් නොගන්න විත්තිය. 

2012.09.20


ඔබ දුරින් ඉඳන් හිනැහී 
ඇස් වලින් දොඩයි රහසින්
හෙමි හෙමින් මදෙස බලමින්
ඔබ දුරයි ලඟට මගෙ නම්


නුඹ දුකෙන් කියන කවිනම්
මගේ ලඟට ඇවිත් ගයපන්
ඔය කඳුළු බර වැඩී නම්
මගේ කොටහ මට දියන් දැන්

හිත හීන මවන බවනම්
දැන නොදැන වගේ ඉන්නම් 
ඔබ ලඟට මගේ එනකම්
නෙතු නොපියා ඇහැර ඉන්නම්


තනිවෙච්ච හිතේ සරදම්
උහුලන්නේ කොහොම කියපන්
ගල් ගැසුණු හදේ කොනකින්
දුක ගලයි කඳුළු විලසින්


 
නුඹ නොදැක ඉන්නේ කෙලෙසින්
හද පුපුරු ගසයි දැවෙමින්
මට අයිති නොමැති හිතකින්
මතු කොහොම පතනු පැතුමන්


මුදු පවන දිගේ ඇවිදින්
සිප ගන්න මගේ කම්මුල්
ඉඩ තියන හදේ තැනකින්
දඟ නොකර ඇවිත් හිටපන්






සමහරු නම් මට පලුයන්න බනිනවා ඇති තනිකමට අනම් මනම් කියන්න එපා ගරහන්න එපා කියල, කවුරු මොන බයිලා කතන්දර ගැහුවත් තනිකම සැපයි කියල කියන ගොඩක් උදවිය කාටත් හොරෙන් හිතෙන් වැලපෙනවා, එවුන්ගේ හෘද ශාක්ෂිය දන්නවා උන් තනිකම සැපයි කියල කියන්නේ එල්ලෙන්නවත් වැලේ වැල් නැතුව ඉඳිද්දී කියල,  හිත සනසවගන්න වගේම රවට්ටගන්න එහෙම හිතපුහාම ඒක ටිකක් සිම්පල් වැඩක්. එක්කෝ කෙල්ලෙක් හම්බුනේ නැති කොල්ලෙක්, කොල්ලෙක් හම්බුනේ නැති කෙල්ලෙක්, සැර බූට් පාරක් කාපු කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි ගොඩක් වෙලාවට තනිකම සැපයි කියල හිතන් ඉන්නවා. ඒත් ගොඩක් වෙලාවට එවුන් හිතෙන් වැලපෙනවා. හරියට මේ මං වගේ.
ඊයේ රෑ දහයට විතර ඔෆිස් එකෙන් ඔෆ් වෙලා බෝඩිමට පයින් ඇවිදන් යද්දී ටයිම් ටේබල් වැරදිච්ච හිතුවක්කාර බඹරෙක් ඇනපි කිව්වලු මගෙ ඉස් මුදුන හිල්වෙලා යන්න. වෙනදට විනාඩි විස්සෙන් බෝඩිමට යන මම ඊයේ විනාඩි එකොලක් විතර යනකොට බෝඩිමේ.  බෝඩිමට ඇවිත් ඔලුවේ සිද්ධාලේප ටිකක් අතුල්ලගෙන ඇඟ හෝදලා නිදියන්න ගියේ අද වැඩට එන්න ඕනේ හින්දා. ඒත්  අද උදේ පාන්දර ඉඳන් ඇඟට හෝන්දු මාන්දු ගතියක් එක්ක ඇවටියෙල් ගතියක් තිබුනට ඒක අතකට එකේ ඇඟම කිලිපොලායන කික් එකක් තිබ්බා. මොකද අද දවසෙම මට සකලවිද විශ්වයේම නැති දාර්ශනික අදහස්මයි පහල වෙන්නේ. 
[ලියන්නේ නෑ කියල හිතල ලිව්ව එක]

64 comments:

  1. //කවුරු මොන බයිලා කතන්දර ගැහුවත් තනිකම සැපයි කියල කියන ගොඩක් උදවිය කාටත් හොරෙන් හිතෙන් වැලපෙනවා,//

    මේක ඇත්තද බං....

    අර බඹරව හොයාගන්න බැරිද මටත් විද්දගන්න.... මේදවස්වල මොකුත් ලියන්න බෑ බන්

    ReplyDelete
    Replies
    1. ආයේ හම්බුනොත් අල්ලලා තියා ගන්නම්, උඹ ලංකාවට ආව දවසක විදගන්න දෙන්නම්කො

      Delete
  2. කවියනම් මරු.... මොකක්ද අප්පා මේ ඇවටියෙල් කියන වචනෙ තේරුම? මම අදමයි ඇහුවේ.

    ReplyDelete
    Replies
    1. ඇවටියෙල් කියන්නෙත් ඇවටියෙල් වචනයක්ම තමයි කවි අක්කේ

      Delete
  3. //කවුරු මොන බයිලා කතන්දර ගැහුවත් තනිකම සැපයි කියල කියන ගොඩක් උදවිය කාටත් හොරෙන් හිතෙන් ///
    මේක නම් ඇත්ත කියලා මමත් අහලා තියනවා..

    ReplyDelete
    Replies
    1. ඒක තමයි ගොඩක් දුරට ඇත්ත සිතූ...!

      Delete
  4. කවියත් එක්ක සිත්තරේ නම් පංකාදුයි !

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි මධුරංග අයියේ...!

      Delete
  5. මේක හොඳයි බන් සින්දුවකට...

    උඹ පිළිගත්තත් නැතත් අර තනිකම ගැන කියල තියෙන ටික මට අදාල නෑ ලොක්කා...

    ReplyDelete
    Replies
    1. අන්න අන්න සාතන් අයියත් උගුරට හොරා බෙහෙත් බොනවා..!

      නෑ නෑ හරි හරි එහෙම වෙන්නත් පුළුවන් ඉතින්,

      Delete
  6. 'ඔය කඳුළු බර වැඩී නම්
    මගේ කොටහ මට දියන් දැන්'

    මේ ටික මාරම ලස්සනයි..
    ජය!

    ReplyDelete
  7. අනේ පැතූ.... පෝස්ට් එක නම් තේරුණා... ඒත් මොකක්ද මේ ඇවටියෙල් කියන්නේ? අම්රිතා අක්ක නම් ලස්සනයි ඈ....

    ReplyDelete
    Replies
    1. ඇවටියෙල් ගැන කියල දෙන්න ගියොත් ඔයත් ඇවටියෙල් වෙනවා මාත් ඇවටියෙල් වෙනවා අප්පා. හෙහ් හෙහ් ඇවටියෙල් කියන්නේ ඇවටියෙල්. නිකන් හරියට එලොවටත් නැති මෙලොවටත් නැති වගේ ම්....ම්.... මෙලෝ දෙයක් තේරෙන්නේ නැති වගේ තව "මඤ්ඤං" වගේ එකක් තමයි

      Delete
  8. මිනිහා සමාජීය සත්වයෙක්ලුනේ බන්!ඒ නිසා උඹ කියන ඒක හරි,තනිකම හොඳයි කිව්වට එහෙම කියන හැමෝම වැළපෙනවා!
    සිරා අදහස!

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා මචන්, සමාජීය සත්වයෙක් නේන්නම්.. උඹේ අලුත්ම ටෝක නේද

      'සමාජීය සත්වයා" හෙහ් හෙහ් හෙහ් මම කලින් පොස්ට් එකෙත් දැක්කා

      Delete
  9. කොරියාවේ දේශීය වයිද්යවරු මිනිස්සුන්ගේ අසනීප හොඳ කරන්න බඹරුන් ලවා හිස් මුදුනට දෂ්ට කරවනවා. අහල තියෙනවාද ? ලංකාවෙත් දේශීය වයිද්යවරු කුඩල්ලන් පාවිච්චි කරනවා. අර ස්පයිඩර්මෑන් මකුළුවෙක් විදලානේ බොහොම බලවත් උනේ.. ඔන්න අපේ පැතුමාට බඹරෙක් විදලා හිස් මුදුනටම.. ඉස්සරහට හොඳ හොඳ සෙල්ලම් බලන්න පුළුවන් වෙයි..

    ReplyDelete
    Replies
    1. කුඩල්ලන් බෙහෙත් කරන්න පාවිච්චි කරනවා කියල අහල තියනවා සරත් අයියේ..ඕවට ගන්නේ අර දිය කුඩල්ලන් කියන ජාතිය නේද ?.ඒ වුනාට බඹරු ගැන නම් අහලා නෑ. හම්බෝ ඔව් ඔව් කොහොමද අර බඹරාගේ දෂ්ට කිරිල්ලෙන් මටත් බලයක් හෙම ආවනම්.

      Delete
  10. මූටත් හිතෙන දේවල්!
    කවිය නම් පංකාදු පහයි!
    "කව්රු සැපයි කිව්වත් තනිකම නම් හැබෑවටම සැපක් නෙවෙයි" ඔන්න මාත් එකඟයි. ඒත් ඉතිං තාම මිදි තිත්තයි කිය කියා ඉන්නවා. :D

    ReplyDelete
    Replies
    1. අවේලාවේ බඹරාගේ විදිල්ල තමයි අප්පා මේවා හිතෙන්න හේතුව මං හිතන්නේ. ඒකනේ ඒකනේ මිදී තිත්තයිලුනේ.

      Delete
  11. // කවුරු මොන බයිලා කතන්දර ගැහුවත් තනිකම සැපයි කියල කියන ගොඩක් උදවිය කාටත් හොරෙන් හිතෙන් වැලපෙනවා //

    සහතික ඇත්ත. මට නම් තනිකම වහ කඳුරු වගේ...ඒත් ඉතින් මම වැඩිපුරම ඉන්නෙ තනිකම එක්ක...

    //මොකද අද දවසෙම මට සකලවිද විශ්වයේම නැති දාර්ශනික අදහස්මයි පහල වෙන්නේ //

    මේ වගේ වෙලාවට ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න...මෙන්න මේ වගේ පෝස්ට් වලින් හරි...

    // නුඹ දුකෙන් කියන කවිනම්
    මගේ ලඟට ඇවිත් ගයපන්
    ඔය කඳුළු බර වැඩී නම්
    මගේ කොටහ මට දියන් දැන් //

    මේ පද ටිකනම් සිරා...

    ReplyDelete
    Replies
    1. ඒකනේ තනිකම කියන්නේ ඇවටියෙල් කතාවක්ම තමයි, වෙලාවකට ගති, වෙලාවකට මෙලෝ රහක් නෑ

      Delete
  12. මටත් ඕනේ මචං ඇවටියෙල් වෙන්න...

    ReplyDelete
    Replies
    1. දඩාවතේ යන බඹරෙක් අල්ලාගෙන විදගත්ත නම් ගොඩේ ගොඩ තරියෝ, ඇවටියෙල් වෙන එක සිම්පල්

      Delete
  13. සුපිරි....

    කවුද බං අර පින්තූරේ ඉන්න ගෑල්ලමයා :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. කාලයක් මං ලයින් දාපු අක්කනේ බං එයා. අන්තිමේදී දුක විතරක් එකතු කරලා එයා වෙන කොල්ලෙක් එක්ක එක වහලක් යටට වුනා

      Delete
  14. කවිය මරු මලයෝ...ඊටත් වඩා ඔයා ඇදපු චිත්‍රයට මම ආසයි....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බට්ටි අක්කේ. ඔයාටත් දැන් මේ විදිහට චිත්‍ර අඳින්න පුළුවන් ඇතිනේ නෙහ්?

      Delete
  15. ජීවත් වෙන මෙහොත විඳින්න පුරුදු වුනාම මුළු ජීවිතේම විඳවන්නැතුව ගෙවන්න පුළුවන් පැතුම්..

    ReplyDelete
    Replies
    1. අනිවා රූ අක්කේ ඔයාගේ කතාව හරි, ඒත් විඳින්න තියන මොහොතේ "තනිකම" එකට හරස් කපනකොට ජීවිතේ විඳින එක පොඩ්ඩක් වෙනස් වෙනවා, ඒ කියන්නේ තනිකමේත් වෙනම සුන්දරත්වයකුත් තියනවා. නමුත් 100% ජීවිතේ විඳින්න බෑ ඔය තනිකමත් එක්ක

      Delete
  16. අම්මප ඇත්ත... තනියෙං ඉන්නවා කියන තරං වහක් තවත් නෑ... ඒත් මේ මිනිස්සු කියන ජාතිය කරන කියන වැඩ දැක්කම තනියෙං ඉන්නවා කියන තරං රහකුත් තවත් නෑ කියලා හිතෙනවා...

    ReplyDelete
    Replies
    1. එකනම් හැබෑව.. ඒත් ඔහොම කියලත් හිත රවට්ටගෙන බෑනේ මචන්, අපි මේ තනිකමට එරෙහිව නැගී සිටින්නම ඕනේ...

      Delete
  17. බඹරෙක් දෙන්නෙක් අල්ලගෙන තියාගත්තනම් මරු, ඉක්මනට බෝඩිමට යාගන්න තිබුණා!

    ReplyDelete
    Replies
    1. අඩේ අප්පේ ලහිරුවෝ, උඹ ඔය ගැන කියනකම් මට හාන්කවිසියක්වත් මතක් වුනේ නෑනේ. ඒකත් නරකම නෑ බලාගෙන ගියාම

      Delete
  18. සුපිරියි මචො...

    ReplyDelete
  19. තනිකම ගැන විග්‍රහා කරපු කරුණු ඇත්ත කියලයි මටත් හිතෙන්නේ.තරු පිරුණු කළුවර රැයක ලාවට සිහිල් සුළඟක් ගත කුල්මත් කරගෙන හමද්දී මගේ තුරුලේ මට තුරල් වෙලා හිටියේ ඒ තනිකමමයි.එයා වෙලාවකට මාව කවිකාරයෙක් කරනවා තවත් වෙලාවකට මට හොඳ නිර්මාණ මවලා දෙනවා.මමත් ඒ තනිකමට ගොඩක් ආදරේ කරනවා.මම වැඩියෙන්ම ආස තනිකමට.

    ReplyDelete
    Replies
    1. සමාවෙයන් උඹේ කවිය ගැන මට මුකුත් හිතුනේ නැහැ ඒක ඉතින් කොහොමත් සුපිරිනේ.උඹේ ලිවිල්ල නිසා මට හිතුන දේ තමා උඩින් කොමන්ට් කරේ.

      Delete
    2. ඔව් මචන් කතාව ඇත්ත වුනත් උඹ කරන්නෙත් හිත රවට්ටගැනිල්ලක්. බොරුනම් උඹ උඹෙන්ම අහල බලපන් ..!

      Delete
  20. හොද වෙලාවට ඒ බබරා මට විද්දේ නැත්තේ ....... තනිකමෙත් අමුතු ගතියක් තියෙනව බං . හිත හදා ගන්න නෙවෙ කිව්වේ

    ReplyDelete
    Replies
    1. සමහරවිට ඔය පැත්තේ ආවොත් උඹට විදලම යාවි, පරිස්ස්සමෙන් ඉඳපන් හොඳේ. හෙහ් හෙහ් නෑ කිව්වට පොඩ්ඩක් විතර රවට්ටගත්ත නේද දිනෝ ?

      Delete
  21. දාර්ශණික බඹරෙක්..! ඒක නෙමෙයි කොණ්ඩෙ තිබුණෙ නිකන් බඹර කූඩුවක් උස්සන්යනවා වගේද.. :P

    තනිකමත් එක්ක.. වටපිටාවෙ පාලු යන්න මොන සද්ද දැම්මත් තාලෙට හිතට ඇවිත් තියෙන කවි සිතිවිලි ටිකනම් සුපිරි ග්‍රැ‍ෆික් මල්ලියෝ.. ග්‍රැෆික් එකත්..! :)

    ReplyDelete
    Replies
    1. ඒකත් එකටම නන්දු අක්ක කියනවා වගේ දාර්ශනික බඹරෙක් වෙන්න ඇති. නෑ අප්පා මගේ කොන්දේ එච්චර අජූත බෑ අක්කේ, බම්බරත් ඇවටියෙල් වෙලා ඉන්න ඇත්තේ අවේලාවේ එලි බැස්ස හින්දා.

      Delete
  22. බඹරෙකු ආවයි නිරිත දිගේයා
    ඇවිදින් ඇන්නයි ඉසේ මුදුනටා
    සිතුවිලි ආවයි සෝකෙන් බෝවා
    කවිය ලියූවයි මියුරු රසේයා......

    ReplyDelete
    Replies
    1. ෂෙක්....! පිළිතුරු කයියක් ලියන්න කල්පනා කළා කළා අදහසක් ආවේ නෑ අප්පා. ගොඩක් ස්තුතියි සුමිත් අයියේ.

      Delete
  23. 'සකලවිද විශ්වයේම නැති දාර්ශනික අදහස්මයි පහල වෙන්නේ.'

    ඒකනං එච්චර හොඳ දෙයක් නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. ඇඃ...ඒකත් එහෙමද ? එහෙනම් විස බස්ස ගන්න මොනවා හරි ඉක්මනට කරන්න වෙයි වගේ

      Delete
  24. අපූරු සිතුවිල්ලක්. තනියම ඉන්න වෙලාට මේ වගේ මනෝ විකාර හිතෙ පහල වෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දයානන්ද අයියේ. ඔව් තනිකම ගොඩක් වෙලාවට මවන්නේ මනෝ විකාර තමයි

      Delete
  25. කවිය පට්ට මචං
    කවිය ලියන්න කලින් උඩ ලිව්වා ටිකත් පට්ට
    තනියෙන් ඉද්දි හිතට අමුතු හිතුවිලි ගලාගෙන එනවා ඒක මං අත්දැකීමෙන්ම දන්නවා :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචන්..තනිකම කියන්නේ හරි අමුතු දෙයක් බං

      Delete
  26. හුග කාලෙකින් එන්න බැරි උනා අයියා.. සමා වෙන්න ඒකට :(
    ඉදලා ඉදලා ආවම මේ දාලා තියෙන්නෙ මරු පෝස්ට් එකක් කවියකුත් එක්කම..
    අයියාට එන අදහසුත් මාරයි.. ඔක්කොටම වඩා ඒවා ලියන විදිය සුපිරියි. : D

    ReplyDelete
    Replies
    1. හම්බේ මම දැක්කා නංගියෝ ඔයාටත් අසාධ්‍ය වුනා කියල, හොඳටම හොඳයිනේ දැන් ?, එහෙනම් ඉතින් පටන් ගන්නකො දැන් ඔයත් ලියන්න

      Delete
  27. තනිකම බොහොම නිදහස් තමයි... ඒත් ජීවිතයට බලාපොරොත්තුවක් ඒ තනිකම ඇතුලෙ නෑ.... බලාපොරොත්තුවක් නැති ජීවිතය නීරසයි...

    ReplyDelete
  28. ඕනෑම බ්ලොගයක ඇති ඕනෑම ලිපියකට ඔබ කමෙන්ට් දැමිය යුත්තේ ඔබගේ බ්ලොගයට පෙරළා කමෙන්ට් ලබාගැනීම සඳහා නොව....
    පැතුම් එහෙම ලියලා තිබ්බට, මම මේ ආවේ පැතුම් මගේ ඩෙනිමෙ දාලා තිබ්බ කමෙන්ට් එක නිසා. උඹ ඒක දැම්මෙ නැතිනම් මට මේවගෙ මම කැමති විදියෙ පොස්ට් තියෙන හොඳ බ්ලොග් එකක් අත හැරෙනවා.

    තනිකම ගැන මම කමෙන්ට් කරන්න යන්නෙ නෑ. නමුත් අර පින්තූරෙ ගැන මට සෑහෙන කුතුහලයක් නම් ඇති වුනා. ඇයි කියලා කියන්න ඕනෙ නෑනෙ. තවත් තියෙනවද ඕවගෙ ඇඳපුවා, පැතුම්?

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි ඩුඩ් අයියේ.

      ඔව් මේවගේ ඇඳපුවා ගොඩක් තියනවා. ඉඳ හිට මම එව්වා දාලත් තියනවා. මම මේවා අඳින විදිහ පොස්ට් එකක් ලිව්වා. ට්‍රයි එකක් දීල බලන්න

      http://sithumpethum.blogspot.com/2012/07/blog-post_15.html

      Delete
  29. කවිය ලස්සනයි මල්ලි.....

    ReplyDelete
  30. එහෙනං උඹත් සිත්තර කාරයෙක්

    ReplyDelete
    Replies
    1. එහෙම කිව්වට වරදකුත් නෑ අටම් අයියේ

      Delete
  31. මම දැක්කේ ඇටිකෙහෙල් වූ හදවත කියලා.මම හිතුවෙම රයිටර් සීරිස් එකේ කතාවක් කියලා කවි දැක්කම තමා ආයේ මාතෘකාව දැක්කේ... කවිය හොඳයි චිත්තරේ හොඳා...යි

    තනිකමට බනින උන් ඉන්නවා වගේම තනිකම අහිමි එවුන් තනිකමේ සුන්දරත්වය විඳින එවුන්ට ඉරිසියත් කරනවා අයියේ.

    ReplyDelete
  32. Way сoоl! Somе ѵeгy vаlіd
    points! Ӏ appreciаtе you writing this рost anԁ thе
    rеst of the site іs also vеrу gοod.
    my page: dealdash

    ReplyDelete
  33. කවිය එල ගින්දර වගේ...

    ReplyDelete