Friday, October 19, 2012

"වොට්.....? හු ඊස් සෙනෙහෙ ලතා...?"

"එක්ස්....කියු...ස්ස්ස්...මී.....ගායිස්...! කැන් යූ ෂෝ මී ද වේ ටු කටුවැල් බටු වලව්ව"


රම්බායි මායි හැරිලා බලද්දී  කළු දොදොල් කෑල්ල වගේ හිටපු කෙල්ල ඇඹරි ඇඹරි කිව්වා.

"යාස්...ඔෆ් කෝස්....මැඩම්...ඩෙනිෆිට්ලි"

 රම්බාගේ හිනාවට කට කන ගාවට පළල වෙද්දී හක්ක දෙපැත්තෙන් කෙල ලීටර් දෙකක් විතර හැලුනා.
මට බිම තිබ්බ වැලි අහුරක් කටේ ඔබාගෙන මැරෙන්න හිතුනා ඒකිගේ කොමලේ දැකලා.. රම්බා අඩියෙන් අඩිය කෙල්ලට කිට්ටු වුණා. එක වීදුරුවක් පීරිසි කෝප්පයක් විතර සයිස් කලුපාට කන්නාඩිය ඒකි ගැලෙව්වේ නිකන් හරියට කතිරිනා කයිට් වගේ කියල පස්සේ දවසක රම්බා මට කිව්වා.


"ඔහේප් පලයන්....සෙනෙහෙලතා නැන්දා"  මගේ ඇස් දෙක ස්පෝඨනය වුණා, දිව එලියට විස්තාපනය වුණා"


"වොට්.....? හු ඊස් සෙනෙහෙ ලතා...?"


"ඇයි හත්වලාමේ මේ කටුවැල්බටු වලව්වේ රිචාඩ් මාමගේ......."


"ඕ...අයි...සී...අයි ටෝටලි කොන්ෆියුස්ඩ්....යේස්...යේස්..  මල්ලි අයි වොස් ලිවින්ග් දෙයාර් විත් රිචාඩ්...අයි චෙන්ජ්ඩ් මයි නේම් ඈස් ලතීනා, මම ලතා කියන එක චේන්ජ් කළා මල්ලි. මම ලතීනා. අබ්‍රෝඩ් ඉන්න කාලේ සෙනෙහෙ ලතා කියන නේම් එක යූස් කලේම නෑනේ. සෝ අයි ෆොර්ගොට්න් මයි ඕල්ඩ් නේම්"


"ඉතින් ඉතින් නැන්දේ...කවද්ද රට ගිහින් ආවේ"...ඉංගිරීසි අජීර්ණය වෙලා මට බඩ යන්ඩ වගේ ඔක්කාරෙටත් ආපු හන්දා මම සිංහලෙන් කතා කළා.


"මල්ලිට කියන්න මල්ලි ජස්ට් ඇරයිව්ඩ්..ජස්ට් ඇරයිව්ඩ්......සෝ...සෝ... හොට් මල්ලි" කියලා අතින් මුනට පවන් ගහලා සෙනෙහෙලතා නැන්දා බිම ඇදගෙන ආපු බෑග් එකෙන් අඩියක් විතර දිග පොඩි හතරැස් පෙට්ටියක් අරන් රම්බාට අල්ලගන්න කියල පියන ඇරියා.


"කිරි අප්පට සෙංගමාලේ කිව්වලු, සබන්, පව්ඩර්, දත්බෙහෙත්, කියුටෙක්ස්ට්, දිග ටියුබ්, කොට ටියුබ්, පාට පාට බෝතල්,  දුහුල් මල් හතරක් පහක් එක්ක තව නා නා ප්‍රකාර භාණ්ඩ ටිකක් එකේ තිබුනා ඒ මදිවට පෙට්ටියේ පියනේ තිබුනේ කන්නාඩියක් නෙමෙයි, තනිකර එල් සී ඩී ඩිස්ප්ලේ එකක්.


සෙනෙහෙ ලතා නැන්දා රම්බාගේ අතේ තිබ්බ පෙට්ටියේ ඩිස්ප්ලේ එකෙන් මුණ බල බලා දුහුල් මල මුණේ ඇතිල්ලුව බෙල්ල හරෝ හරෝ. ඊට පස්සේ ස්පොන්චි කෑල්ලක් අරන් බෝතලේක ඔබලා මුණේ ඇතිල්ලුවා. රතුපාට ලිෆ්ටික් එකක් අරන් තොල පෙරලා පෙරලා තොලේ ඇතිල්ලුවා. සෙනෙහෙ ලතා නැන්දා තොල පෙරලනකොට රම්බාගේ තොලත් ඒ විදිහටම පෙරළෙනවා. රම්බාගේ මුණ කෝච්චියට අහුවෙච්ච සත පනහක් වගේ ඇද වෙලා තිබුනේ අබුද්දස්ස කාලේ තිත්ත ලබු කැවිලා වගේ.


"මට අහන්නත් බැරි වුනානේ....මල්ලිලාගේ නෙම්ස්වත්" ඇහි බැම්මක් පීරන ගමන් ලතීනා නැන්දා ඇහුවා.


"මම රයිටර්, මේ රම්බා...කොහේ මතක තියෙන්නද නැන්දා ගමෙන් යනකොට අපි ඇච්ච කොල්ලොනේ..."

  
සීවරන් දෙයියනේ හත් අවුරුද්දකට කලියෙන් ගමෙන් යනකොට අපායටවත් යන්න ඇඩ්රස් නැතිව  පාතාලේ ජාතික පුෂ්පේ වගේ හිටපු සෙනෙහෙලතා නැන්දාගේ මුණ බලාගෙන ඉන්දෙද්දී ඉටි රූපේ වගේ ඔප වැටීගෙන ආවා.


"ඕකේ මල්ලි...තෑන්ක් යු සෝ මච්....." කියල නැන්දා ඩිස්ප්ලේ එකට විරිත්තුවා..


"ඉතින් නැන්දේ ගෙදරට යන පාර අමතක නම් අපි නැන්දා එක්කම එන්නද?"


රම්බා බෙල්ලේ ගලක් ගැට ගහගෙන වහ කුප්පියකුත් බීල බඩ කපාගෙන කොහිල වලට පනින්නයි හදන්නේ.


"මෙහ්...මෙහ්...මේ.. අපිට පාර පෙන්නන්න නැන්දා එක්කම එන්න තිබුනා, ඒත් අපි පස්සෙන් එනකොට නැන්දාගේ නමට හොඳ නෑනේ, අපි වගේ හිපාටුවෝ දෙන්නෙක් පිරිවරාගෙන යනකොට නැන්දගේ නම්බුවටත් හොඳ නෑනේ ..ඉතින් අපි පාර පෙන්නන්නම්කො" 


දීකිරි හට්ටි හට්ටි ඔලුවේ හලාගෙන කේරලෙන් ආපු කලටි පොල් නැව බාන්න වෙනවා කියලා දන්න හින්දා මම පරණ පුස්කොල පොතක තියරියක් දැම්මා.


"ඌකේ...ගයිස් දෙන්...ශෝව් මී ද වේ ටු මයි හෝම්"


 අපි දෙන්නා පුළුවන් විදිහට පාර කියා දීල ලතීනා නැන්දාව ගෙදර යවලා ආපහු අපේ ගෙවල් පැත්තට එන්න ආවා.


"ෂා....බලපන්කො බං....රට ගිහින් සෙනෙහෙ ලතා නැන්දා තිරිහන් වෙන්න ඉන්ජෙක්ෂන් එකක්වත් විදගෙනද දන්නේ නෑ, බලන්ඩ එපායේ කොමලේ, ගමේ කෙල්ලෝ පරාදයි බං"


ඔව්ව හිතන්න ගියොත් මගේ මොළෙත් කරපට් වෙලා, අච්චාරු වෙලා, දියාරු වෙලා වැක්කෙරෙන හින්දා රම්බාගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ගියේ නෑ ඉතින්.


ගෙදර ආවා විතරයි රම්බා දාඩිය පිටින් අපතයා ගහලා වගේ වැටුනා මගේ ඇඳ උඩ. ඊටත් පස්සේ මගේ කොට්ටෙ තුරුල් කරගෙන මුනට ලංකර ගත්තේ නිකන් හරියට කෙල්ලෙක් ආදරෙන් බදාගන්නවා වගේ.


"නෙදකින්...තුහ්...විතරක් යකෝ හඩු ගඳ....රයිටර්....තෝ මේ කොට්ටෙ අවුරුදු කීයකින් හේදුවේ නැද්ද"
"ගිය අවුරුද්දට එපිට අවුරුද්දට එපිට අවුරුද්දට හේදුවට පස්සේ හේදුවේම නෑ බං රම්බා....ඇයි ?"


"යකෝ මේ කොට්ටෙ යවපන් ඉස්පිරිතාලේ ඔපරේෂන් කරන මිනිස්සු සිහි නැති කරන්න ගන්න, තොට පිනක්වත් සිද්ධ වෙයි, දෙයියනේ කියල නහයටයි කටයි වැහෙන්න තප්පර පහක් අල්ලාගෙන හිටියා නම් සිහි නැති වෙනවා. උඹට ගෙවීමකුත් කරයි ආණ්ඩුවෙන්.."


මම ඇහුනේ නෑ වගේ ඉඳල කැරකෙව්වා "මල් මල් රේඩියෝ" චැනල් එක


මේ ගිහි මද්දහනේ කරපට් වෙච්ච කන් වලට මී පැණි සින්දු වක් කරන්න ඔන්න අදත් අපි ආවා "පුපුරු ගහන දවල් හීන" ප්‍රෝග්‍රෑම් එක අරගෙන, මම "පිහාටු"...මගේ ලඟින්ම ඉන්නේ "හිපාටු" ඔයාලටත් පුළුවන් අපේ පැත්තට හොට දාන්න, ජොයින් වෙන්න..අපි එක්ක...කරන්න තියෙන්නේ මෙච්චරයි ගන්න ෆෝන් එක ඩයල් කරන්න හත්සිය විස්සයි හත්සිය විස්සයි හතයි බින්දු හත. යුගයේ කුජීතම කුජීතම සින්දු අහන්න ඒ ගමන් අපිත් එක්ක චැට් කරන්න ලොග් වෙන්න මල් මල් එෆ් එම් ඉරක් ඩොට් කොම්  එකට. මෙන්න එහෙනම් අවිධිමත් සිත් විධිමත් කරන්න පැයේ අඟර දඟර සින්දුව..


"රයිටර්...."

"හ්ම්....?"

"අපිත් ගමුකො බං මල් මල් එෆ් එම් එකට කෝල් එකක්, බලපත් ඒ දැරිවියන්ගේ කටහඬ, මාල ගිරවුන්ගේ වගේ, ආසාවේ බෑ"

"මං ගාවනම් සල්ලි නෑ උඹේ එකෙන් ගනින්."


"ඔන්න අපිත් එක්ක ඉන්නවා අද කෙනෙක් දුරකතනයෙන්", ආයුබෝවන්ස්, වෙල්කම්ස්" ඔයාගේ නම මොකක්ද...?


"මම රම්බා"

"එකතුවෙන්නේ....?"

"එකතුවෙන වෙලාවට"

"ආඃ අහ්... නෑ නෑ මං ඇහුවේ කොහෙන්ද කියල කතා කරන්නේ"

"ටු වන් ඩබල් සීරෝ ෆෝන් එකකින්, නියම ෆෝන් එක, ගලේ ගැහුවත් වැඩ, හදිසියකට අඹයක් උනත් කඩා ගන්න පාවිච්චි කරන්න පුළුවන්."

"හානේ..ඔයා නම් හරිම විහිලු කාරයෙක් තමයි"

"මොකක්ද අහන සින්දුව"

"ඔයා දෙන ඕනෙම එකක්"

"හ්ම් අපිට කියන්න දැන් කවුද සින්දුවට එකතු කර ගන්නේ...?"

"හ්ම්....ගිය සතියේ ගෙදරින් පැනල ගියපු නංගියි, මේ වෙලාවේ කුඹුරේ වැඩ කරන අපේ තාත්තයි, කුස්සියේ උයන අපේ අම්මයි, සකල විධ ලෝක වාසී "මල් මල් එෆ් එම්" අහන කට්ටියයි, මට ලයින් එක අරන් දුන්න ඇන්ටියි, ඔයාලා දෙන්නයිත් ආ.....දරයෙන් එකතුකර ගන්නවා."

"බොහොම ස්තුතියි අපි දෙන්නා එකතු කර ගත්තට"

"ආඃ මේ මේ. තව එක්කෙනෙක් ඉන්නවා..ගිය මාසේ මාව දාල ගිය මගේ පණයි, අද රට ඉඳන් ආවා සෙනෙහෙලතා නැන්දයි, නෑ නෑ ලතීනා නැන්දයිත් එකතුකර ගන්නවා.

"මේ...හිපාටු ඔයා පිහාටුත් එක්ක එකතු වෙලා ලස්සනට ප්‍රෝග්‍රෑම් එක කරනවා, මට ඔයාගේ නම්බරේ දෙන්න බැරිද"


"බීප්...බීප්..බීප්"

93 comments:

  1. හප්පේ අදමයි මෙහාට මුලින්ම ආවේ. කථාව නං සුපිරි. මොනව උනත් ඇත්තම ලියලා තියනවා. ලංකාවේ හුගාක් මිනිස්සු ඔහොමයි. රට යන්නෙ කොයි වෙලේ කියලා බලං ඉන්නෙ සිංහල අමතක කරන්න.

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා..උන්ගේ බොරුව බං තනිකර, ඇඩ් එක දානවා බොරුවට.. Zසුනෙර මචා මේ පැත්තට ආදරයෙන් පිලිගන්නවෝ

      Delete
  2. ශා...මට සැහෙන්න කාලෙකින් මේ පැත්තේ එන්න බැරි උනානේ...:(
    රයිටරේ දිගටම නැගලා යනවා වගේ... අනේ අම්මපා අර රම්බාගේ පැණි හැලිල්ල තමා මාර පැණි හැලිල්ලක්නේ...
    දැන් එතකොට අර 6000/= කිරිපිටි එක බිලා රයිටර් ඇග හදා ගත්තද..?
    වෙනදා වගේම ලියවිල්ල සුපිරියටම සුපිරියි..ජයෙන් ජය මල්ලියෝ...!!!
    (කොමෙන්ට් කොටන්න නාවට පොස්ට් ටික නම් පහුගිය කලේ කියෙව්වා හොදේ සමාවෙන්න ඕනේ කොමෙන්ටුවක් දාලා යන්න බැරි උනාට...:( )

    ReplyDelete
    Replies
    1. හරි හරියෝ, මං දන්නවා කියවනවා කියලා. වෙල්කම් බැක් ප්‍රදී අක්කේ. ඔව් ඔව්. ඇඟ හදාගෙන යනවෝ, අපරාදෙනේ දිලුගේ 6000.

      Delete
  3. ලොල්! හොඳට ලියැවිලා තියෙනවා! :)

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් , ස්තුතියි සභියෝ..

      Delete
  4. එල ෆන්එකක් ගත්ත බං මේක කියවල! නියමයි.

    ReplyDelete
    Replies
    1. එල එල එහෙනම් රාජ් අයියේ, ගොඩක් ස්තුතියි ඈ...

      Delete
  5. හි හි. ආවෙත් අදමයි..ඔන්න ෆලෝ පාරකුත් දැම්මා...

    මේ දවස් ටිකේම තැන් දෙක තුනකම රට ගිය කට්ටියගේ වැඩ කිඩ කියෝ කියෝ හිටපු නිසා මේකත් හරියටම හරි.... හි හි.... අම්මපා ඇන්ටිලා තමයි වැඩිපුරම කෙල්ලෝ වෙලා ආපහු එන්නේ... අනිත් එක මල් මල් රේඩියෝ ප්‍රෝගෑම්..... හි හි.....

    ReplyDelete
    Replies
    1. එහෙනම් එහෙනම්. ඇන්ටිලා තමයි නංගිලා වෙන්න යන්නේ හිරු අක්කේ..මල් මල් රේඩියෝ ගැන නම් ඉතින් කතා කරලා වැඩක් නෑනේ.

      මේ පැත්තට ආදරයෙන් පිලිගන්නවෝ හොඳේ

      Delete
  6. නියමයි...හි හි... අර අන්තීමට ටික නම් නියමයි...

    ReplyDelete
  7. මේක දාන්න මෙච්චර කල් ගියේ ඇයි බොල?
    සුපිරි ඈ වෙනදා වගේම ලෙසටම වනලා තියෙන්නේ :)

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි මඩියා...වෙලාවක් එහෙමටත් ගත්තේ නෑ බං

      Delete
  8. පට්ට සිතුමො... උඹ මේක පරක්කු කරන එක නම් හරි නෑ...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි සාතන් අයියේ. පුළු පුළුවන් වෙලාවට ලියනවා ඉතින්

      Delete
  9. පට්ට යකෝ.... තව පොඩ්ඩෙන් හිනා නහරේ පුපුරනවා :)

    ඒ මේ.. අර දිග ටියුබ් කොට ටියුබ් කිව්වේ මොනාද බං?

    මගේ කොට්ටෙත් ඔය වගේ..බලන්න ලස්සනයි. ඒ වගේම සුවද... අම්මා කාමරේට ආවොත් අනිවා කොට්ටෙට බැනලා තමා යන්නේ :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. පස්වාන් දහසකට වල්කම් රජෝ..

      හිනා නහරේ පරිස්සම් කර ගනින්.

      ඔය ඉතින් උඹ කැත විදිහටමනේ හිතන්නේ. දිග ටියුබ් කිව්වේ අර අරවා නෙමෙයි බොල .

      මම හිතන්නේ කෝට්ටේ කොල්ලන්ගේ ආවේනික ලක්ෂණයක් වෙන්න ඇති.

      Delete
  10. හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්...... හිනා කාලා මැරෙනවා... අන්තිම ටික ෆට්ටම ෆට්ටයි!!!! :D

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි හිතු අක්කේ....හෙහ් හෙහ් හෙහ් හිනා නම් කාල මැරුණත් මොකෝ

      Delete
  11. හික්ස්!!!! මගේ කේන්තියත් නිවිලා ගියා අප්පා මේක කියවල...
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි පණු... ඇයි අප්පා කේන්ති ගන්නේ, හිනා වෙලා ඉන්නකෝ.. සිනා බෝ වේවා....!

      Delete
  12. කථාව නම් නියමයි පැතුම්....පහුගිය ටිකේ දිගටම කථාව කියෙවුවත් කමෙන්ට් කරන්න බැරි උනා වැඩ වැඩි උන නිසා. ඇත්තටම ගොඩක් ආසාවෙන් කියවන කථාවක්...පොඩ්ඩක්වත් කම්මැලි නැතුව කියවන්න පුලුවන් :D

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි Chams කමෙන්ට් නොදැම්මට මොකද අප්පා, පුළුවන් වෙලාවට කමෙන්ට් එකක් දාන එකම මදැයි..

      Delete
  13. මේකනම් සුපිරි සිතුමෝ !

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි සෑම් අයියේ

      Delete
  14. සික්..රේඩියෝවේ කට්ටියටත් ලයින් දාන්න ගිහින්..

    ReplyDelete
    Replies
    1. රම්බා කියන්නේ ගිය තැන ඇදගෙන නාගන්න ළමයෙක්නේ සයුරි අක්කේ

      Delete
  15. Patta machan
    Nidi mathe avith kiyevve
    Nidimathath nathi una :)

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි මචං මඩයා. හප්පොච්චියෙ දැන් ඉතින් මුලක ඉඳන් නිදියන්න පටන් ගන්න එපැයි.

      Delete
  16. මරැ කතාව නියමම නියමයි

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි මදාරා අක්කේ.

      Delete
  17. අනේ සිතුම් මොකද මේ...:D :D
    අන්තීමට ටික නම් මරැ!

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් කවුද දන්නේ ෆාතිමා අක්කේ මොකද කියලා. ගොඩක් ස්තුතියි අක්කේ

      Delete
  18. උඹ මේක ලියනවා හෙමින් වැඩියි සිතුමෝ... පට්ට කතාව...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි දිනේෂ් අයියේ. එහෙමටත් හිතලා පරක්කු කරන්නේ නෑ අප්පා ඉතින්

      Delete
  19. පට්ට පට පට සිතුමෝ.. මෙව්ව තමයි නියම උපහාස කියන්නෙ.. වදින්න ඔන තැන් වලට වදිනව නියමෙට...

    හාස්‍ය උපද්දවන්න කුණුහරුප ඔනේම නෑ කියලා උබ සිරාවටම ඔප්පු කරලා තියනවා..

    මේ ලියවිල්ලට මගේ ගානේ පරසතු මල් 3ක් දෙනවා
    ( මල් ගාන ලියවිල්ල හිතට වැදිච්ච ප්‍රමාණය අනුව තීරණය වෙන්නෙ හරිය , උබෙන් තමයි පටන් ගන්නෙ හික් හික් )

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි මී ගොඩයෝ...අඩේ අප්පේ, පරසතු මල් තුනක් දෙනවා...!!!, ෂා....දිව්‍ය සුවඳයි ඈ...දිවය බැල්මත් වැටුනා එහෙනම්.

      Delete
  20. හී හී ආතල් ..... :D

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් ආතල් නේන්නම්, කට්ටිය මේ කියන්නේ

      Delete
  21. මැක්සා උපහැරණ ටික... ඉලඅැදෙනවා..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි නරකොයෝ, හිනා වුනාට කමක් නෑ, ඉල ඇට ඇද ගන්න එපා, ඇද වෙච්ච ඉල ඇට අලයින්මන්ට් කරන්න ලංකාවේ කොහෙවත් තැනක් නෑ

      Delete
  22. මමත් ආසම මේකෙ උලමා උපමේය වලට පැතුම්. මම මේක කියවලා හයියෙනුත් කිව්වා ගෙදර අනිත් අයට අහන්න. මැක්සා! කීපිටප්යැ!
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි ඩුඩ් අයියේ. ගෙදර අයටත් ඇහෙන්න කියෙව්වා ඇඃ..හෙහ් හෙහ් හෙහ්

      Delete
  23. මෙ වගෙම කතාවක් මං අහලා තිබුනා සින්හල අමතක වෙන අයට මෙවා හොද පඩම් ජය..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි මචෝ.රට ගියාම ගොඩක් උන්දැලාගේ අක්මාවේ කොයිල් පිච්චෙනවා මචෝ, එකයි ඔය හෙහ් හෙහ්

      Delete
  24. නියම කථාව.. උපහැරණ ටිකනම් පන්කාදු පහයි ..

    ReplyDelete
  25. අඩේ පට්ට බං...මරු...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි තරුවා. හෙහ් හෙහ් හෙහ්

      Delete
  26. හප්පේ... හිනාවෙලා පන ගියා...
    "සීවරන් දෙයියනේ හත් අවුරුද්දකට කලියෙන් ගමෙන් යනකොට අපායටවත් යන්න ඇඩ්රස් නැතිව පාතාලේ ජාතික පුෂ්පේ වගේ හිටපු සෙනෙහෙලතා නැන්දාගේ මුණ" මේක නම් නියමයි.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි තාරා. හෙහ් හෙහ්, රට යන ගොඩක් අය එහෙම තමයි නෙහ්..?

      Delete
  27. හිනා වෙලා බඩත් රිදෙනවා...
    රයිටර්ගේ ලිවීමේ හැකියාව නම් උපරිමයි..

    ReplyDelete
  28. //පාතාලේ ජාතික පුෂ්පෙ වගේ//
    නියම වචන කොල්ලො...සිත සැහැල්ලු කරල ලේ පිරිසිඳු කරනවට තුති...

    ReplyDelete
    Replies
    1. මම නිකන් ආතල් එකට ලියන එව්වයින් හිත පිරිසිදු වෙනවනම් කොච්චර දෙයක්ද මචං. ගොඩක් ස්තුතියි ඈ

      Delete
  29. හික්. හිනා වෙලා කියවන්න පුළුවන් පෝස්ටුවක්.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් එහෙනම් හිනා වෙවී කියවන්නකෝ ඈ. ගොඩක් ස්තුතියි හොඳේ

      Delete
  30. //අපායටවත් යන්න ඇඩ්රස් නැතිව පාතාලේ ජාතික පුෂ්පේ //

    කොහෙන්ද බොලේ මේ අදහස් එන්නේ... හිනාව තද කරගත්තේ බෝම අමාරුවෙන්.ඊට පස්සේ තියෙන කොට්ටෙ කේස් එකට නම් හිනාව නවත්තන්න බැරි වුනා... මාරම ලස්සනට ලියලා තියෙනවා.අගය කරන්න වචන නෑ අප්පා.

    අර කොට්ටේ කේස් එකනම් මටත් ඔහොම්මයි ඈ... අනිවා අම්මා කාමරේට ආවොත් බනිනවා පලු යන්න.කතාව මැවිලත් පේනවා ලියලා තියෙන විදියට.සුපිරියි අයියේ සුපිරියි... ජය වේවා

    පත්තරේකින් කතා කරොත් නෑ බෑ නොකියා එක පයින්ම ලියන්න යන්න ඈ...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි ගැමි මල්ලියෝ..අනේ මන්ද බං ගැමියෝ අදහස්නම් කොහෙන් එනවද කියලා. හෙහ් හෙහ් හෙහ්.

      කොට්ටේ ඉතින් කොහෙත් කොයි ගෙදරත්එකයිනේ. අම්මා හේදුවේ නැත්තම් හැමදාම උදේ ඇහැරෙනකොට සිහි නැතිවෙලා තියෙයි. හෙහ් හෙහ්.

      පත්තරේකින්, ?...මෙව්වා දැකලා කතා කරයිද බං මලේ මට?, හ්ම් හ්ම් කතා කලොත් යන්නම්කො එහෙනම් ඈ එක පයින් නෙමෙයි, හතර ගාතෙන්.

      Delete
  31. පැතුම්, ඔබ හැමදාමත් නිර්මාණාත්මකව භාසාව භාවිතාකර විඳින්න පුළුවන් නිර්මානයක් කරනවා. මේකත් ඒවගේ. කතාවට ගැලපෙන පරිදි සිංහල වගේම ඉංග්‍රිසි භාවිතයත් හරිම අපුරුයි විචිත්‍රවත්.. ඉතාමත්ම නිර්මානාත්මකයි.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි දයානන්ද අයියේ.

      Delete
  32. මචං ලියන විදිය ලස්සනයි... දිගටම මේ විදියට ලියපං... ජය !

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි මචං...කාමරේ සිරා

      Delete
  33. රයිටරයාගේ සෙනෙහෙ ලතා දැන් කොමෙයි ඉන්නේ..

    ReplyDelete
    Replies
    1. හනේ අම්බෝ අසාර් අයියේ සෙනෙහෙලතා නොහොත් ලතීනා නැන්දා මගේ නෙවෙයි, කටුවැල් බටු ගෙදර (ලතීනා නැන්දට අනුව වලව්ව) රිචාඩ් මාමගේ

      Delete
  34. Fantastic.I like your article very much. Saw it for the first time today. (Don't think that I am another Senehelatha!)

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි. අපෝ නෑ....කඩ්ඩෙන් කොටපු පලියට මම බ්ලූ ලෝටස් ගැන එහෙම හිතන්නේ නැතෝ. හෙහ් හෙහ් හෙහ්

      Delete
  35. ලස්සන ලියවිල්ල යාළුවා!! ජය!!

    ReplyDelete
  36. :D මදැ දෙන්නත් එක්ක දොදොල් කන්න ගියා.

    ReplyDelete
    Replies
    1. මම ගියේ නෑ ගිමෝ, රම්බනේ කෙල හල හල ගියේ...!

      Delete
  37. මරු මරු! ටිකක් පරක්කු වුණා එන්න!

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් පරක්කු වුනාට මොකෝ, මේ ඇවිත් ඉන්නේ

      Delete
  38. හී හී හී :) මාර කතාව :) :)

    ReplyDelete
  39. මරු මරු......... ලතීනා.... ලස්සන නම..

    ReplyDelete
    Replies
    1. එකනේ නිසු අක්කේ සෙනෙහෙලතා නැන්දා ඒ නම දාගෙන තියෙන්නේ

      Delete
  40. හත් ඉලව්වයි බං ඔය වගේ චරිත සිරාවට තියෙනවා මෙහෙත් ඉන්නවා. ඔයවගේ චරිතයක් මම පස්සේ වෙලාවක ලියන්නම්.

    ReplyDelete
    Replies
    1. කොහේ කොහෙත් ඉන්නවා කෝරලේ මහත්තයෝ මේ වගේ උන්දැලා. හා හා එහෙනම් ලියමුකො බලන්න අපිටත් කියවන්න

      Delete
  41. හික් හික්...බොරු සෝබන..! අපේකම අමතක වෙනවා නෙවෙයි අමතක කරනවා..

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ බොරු සෝභන නේන්නම්. ඔව් විහින් පොෂ් වෙන්න යනවා.

      Delete
  42. මොනවද කියන්න ඕනේ?
    එකෙන්ම සුපිරියි... (Y)
    අදයි ඉස්සෙල්ලම මේ පැත්තේ ආවේ.. පරණ පොස්ටු ටිකත් හිමින් බලන්න ඕනේ... :D

    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. හ්ම්...වෙන මුකුත් ඕනි නෑ. මේ හොඳටම ඇති. ගොඩක් ස්තුතියි. ආයේ එනවා කියල දන්නවා :)

      Delete
  43. ඉතාමත් චාම් බ්ලොග් පිටුවක්.ඔබට ජය!
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
  44. පිස්සු හැදෙනවා නේන්නම් උපහැරණ වලට.... සිරා ලියවිල්ලක්...

    "අපි උඹලගේ ඒවගේ කොමෙන්ට් දාන්නම ඕනේ උඹලව මෙහෙ ගෙන්න ගන්න... " එහෙම නොහිතං මලේ... ඔය පලෝ කිරිලි දැනන්හිටියේ නෑ නෙව කලින්.. ඔන්න දැන් නම් දැම්ම පලෝ එකක්... ආයේ පාර හොයං ආවැකි..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි තිසා. ඔව් බං ඉතින් අයියේ, උඹ මගේ කලින් පොස්ට් එකේ කමෙන්ට් එක දැම්මේ නැත්තම් මට බොලාව මිස් වෙන්නත් තිබුනා. හා හා දැන් ඉතින් පලෝ කලර තියන නිසා මටත් එහෙ පැත්තේ එන්න බැරියෑ

      Delete
  45. ආපහු කතා කරලා නම්බර් එක ඉල්ලා ගන්න එපැයි අප්පා ,සිරා කතාව .....

    ReplyDelete
    Replies
    1. රම්බාට කියන්න ඕනේ ට්‍රයි එකක් දෙන්න කියලා. ගොඩක් ස්තුතියි රෝබිනෝ

      Delete
  46. හිහිහ්....රයිටර්ගේ වික්‍රම නැඟලා යනවා නේ.. කාලෙකට පස්සේ ආවේ.. හෙමිට කියවන්න ඕනේ ඔක්කෝම ටික. ජය වේවා පැතුම්.

    ReplyDelete