මම ඉන්නේ ගොඩක් සන්තෝසෙන් කියලා වටේ ඉන්න මිනිස්සුන්ට පෙන්නන්න ඕනි නිසා මම
අමාරුවෙන් මුණට හිනාවක් අලවගත්තා. මං හිතන්නේ ඒක තරම් අමාරු වැඩක් මේ ලෝකේ
තවත් නැතුව ඇති. හැඟීම් යටපත් කරගෙන බොරුවට හිනා වෙන එක මහා කරුමයක්.
ඊටත් වඩා මිදුලේ රවුම් මේස වටේ ඉඳගෙන, විස්කි බ්‍රැන්ඩි තොලගාන ඩැඩීගේ
යාලුවෝ, යාලුවන්ගේ ගෑණු, ඉස්සරහට ගිහින් අතට අත දීලා "හායි අංකල්....හායි
ආන්ටී" කියන එක මහම මහා වාතයක්. සමහර නාකි මනමාලයෝ කෙල හල හල මගේ ඇඟ දිහා
කන්න වගේ බලනකොට මට පුදුම තරහක් එන්නේ. බීගත්තු ගෑණු, මිනිස්සු මගේ කම්මුලට
කම්මුල තියලා හාදු දෙනකොට උන්ගේ කටින් එන අරක්කු ගඳට ඔක්කාරෙට එන එක මම
නවත්තගෙන ඉන්නේ කියා ගන්න බැරි තරම් අපුලකින්.
මොකක් හරි දෙයක් අකමැත්තෙන් මට කරන්න සිද්ද වුනොත් දවස් දෙකක් තුනක් යනකම්, සමහර විට සතියක් එකහමාරක් යනකම් මගේ මුඩ් එක හොඳටම අප්සට් යනවා. ඒ බව දැන දැනත් මමී, අලුතෙන් ගෙනාව මැක්සි ස්කර්ට් එකට හරියන බ්ලවුස් එකක් ඇඳගන්න කියලා මගේ අතට විසික් කල වෙලාවේ ඇත්තමයි මට බැල්කනියෙන් පැනලා මැරෙන්න තරම් හිතුනා. මම ඩැඩීට කොච්චරනම් පින්සෙන්ඩු වුනාද, මගේ පාඩුවේ කාමරේට වෙලා ඉන්න දෙන්න කියලා, එයාගේ සාදවලට මාව නොගාවගෙන. කොහෙද... එයාට ඕනි මාව ප්‍රදර්ශන භාණ්ඩයක් කරලා මිදුල පුරාම ඇවිද්දවල, ඒ ඇවිත් ඉන්න සල්ලිකාර මිනිස්සුන්ගෙන් කෙනෙක් අනාගත ලේලි විදිහට මාව තෝරාගන්නවා දකින්නනේ.
පාට පාට බල්බ් වලින් එලිය වැටුණු මිදුල පුරාම තැන තැන විසිරිලා ඉන්න මිනිස්සු ඇඹරි ඇඹරි ඩාන්ස් කරනවා. එක්කෝ වයිෆ් එක්ක නැත්තම් වෙන කාගේ හරි වයිෆ් කෙනෙක් එක්ක. සමහර විට ඔය ඩාන්ස් එක කෙලවර වෙන්නේ එක්කෝ, කාර් එකේ යතුරු හුවමාරුවෙන්, එහෙමත් නැත්තම් අපේ පහල තට්ටුවේ කාමරයකින්. සමහරු මේ ලෝකේ රහක් නැති විහිලු කරලා මහා හයියෙන් හිනා වෙනවා. තොල් රතුකරගත්තු ගෑනු, ඇඟිලි කරුවට හිරකරගත්තු සිගරට් එකයි, ඒ අතේම තියාගෙන ඉන්න විස්කි වීදුරුවයි මහා උජාරුවෙන් තොල ගාන්නේ මතට මත්වුන ඇස් පිහාටුවල අනතුරු ඇඟවීමවත් ගානකට ගන්නේ නැතුව.
කොහොමත් මාසෙකට සැරයක්නම් අපේ ගෙදර මේ වගේ ග්‍රෑන්ඩ් ස්කේල් පාටියක් තියනවමයි. උපන්දිනයක්, සංවත්සර උත්සවයක් වගේ විශේෂ හේතුවක්ම ඕනි නෑ අපේ මමීටයි ඩැඩීටයි පාටි තියන්න. කොටින්ම හේතුවක් නැති එකත් හේතුවක් කරගෙන පාටියක් ඔර්ගනයිස් කරන්න අපේ මමීටයි ඩැඩීටයි ඒහැටි වෙලාවක් යන්නේ නෑ. "ගොඩ කාලෙකින් පාටියක් ඔර්ගනයිස් කලෙත් නෑනේ" ඕක තමයි මම අහන්න අකමැතිම වචන ටික. ඉතින් මම අමුතුවෙන් කියන්න ඕනි නෑනේ මට අවුරුද්දකට කන්න වෙලා තියන කටු ගැන. මට පාර්ටි එපා වෙන්න හේතුවුන ලොකුම හේතුව තමයි ඩැඩීගේ බිස්නස්වල ෂෙයාර් හෝල්ඩර් කෙනෙක් වුන ඇල්බට් අංකල්. ඇල්බට් අංකල් සුදුවෙච්ච කොන්ඩෙ කළු පාටින් ඩයි කරපු, මුණේ දෙපැත්තෙන් තරමක රැවුලක් තියෙන ටිකක් ඇඟපත තියන පිළිවෙලට අඳින මනුස්සයෙක්. අපේ ඩැඩීගේ බිස්නස් ගොඩක්ම දුවන්නේ ඇල්බට් අංකල්ගේ සල්ලි වලින්. ඉතින් බිස්නස් වැඩ රාජකාරි වැඩ නිසා ඇල්බට් අංකල් එයාලගේ ගෙදර ඉන්නවටත් වඩා වැඩිය ඉන්නේ අපේ ගෙදර. අපේ ඩැඩීටත් එයාට වඩා හොඳ මිනිහෙක් නැති තරම්. ඒ වුනාට ඇල්බට් අංකල් අපේ දිහා ආව වෙලාවල්වල ඩැඩීට හොරෙන් මං දිහා බලන බැල්ම නිසා මට එයා ගැන පුදුම කේන්තියක් දැනුණේ. මම පුදුම බයෙන් හිටියේ කවදා හරි මට ඇල්බට් අන්කල් හින්දා ජීවිතෙන් වන්දි ගෙවන්න වෙයි කියලා. එහෙම නැත්තම් මං හන්දා ඇල්බට් අංකල්ට ජීවිතෙන් වන්දි ගෙවන්න වෙයිද කියලා.
බැල්කනියේ කෙලවරේ පුටුවට වෙලා ඉන්න මට පහල වෙන ඔක්කොම හොඳට පේනවා. ඩැඩී යාලුවොත් එක්ක බර කතාවක. මමීගේ අතෙත් විස්කි වීදුරුවක් තියනවා දැක්කම මට හොඳටම තරහයි. මමී ආයේ ඩ්‍රින්ක්ස් ගන්නේ නෑ කියලා මට පොරොන්දු වෙලා සතියක් යන්නත් කලින් ඒ පොරොන්දුව කිසිම තැකීමක් නැතුව කඩකරනකොට මට මිදුල මැදට දුවගෙන ගිහින් හයියෙන් කෑ ගහලා කියන්න හිතුනා "දෙයියන්ගේ නාමෙන් මට මගේ ජීවිතේ දියං, මට මගේ පාඩුවේ ඉන්ඩ ඉඩ දීපල්ලා" කියල.
ඔලුව පුපුරන්න කැක්කුමයි. බැල්කනියට ඔලුව තියාගන්න හදන අන්තිම තප්පරේදී මම දැක්කා සමර් හට එකක් යටට වෙලා හිටපු ඇල්බර්ට් අංකල් මේ දිහාව බලාගෙන ඉන්නවා. මිනිහා ගොඩක් වෙලා ඉඳන් මං දිහා බලාගෙන ඉන්න ඇති කියල මට හිතුණේ දැන්. මම ගස්සාගෙන නැගිටලා ගිහිං කාමරේට වෙලා දොර වැහුවා. කවුරු කතා කලත්, මැරුණත් දොර නම් අරින්නේ නෑ කියලා දොරේ යතුර අරං කොමඩ් එකට දාලා ෆ්ලෂ් කරා. ඇඳ උඩට වෙලා දනිස්දෙක අස්සේ ඔලුව ගහගෙන විනාඩි පහක් ඉන්න ඇති. මට ඇහුණා දොරේ අගුල කැරකෙනවා මම ඇඳෙන් බැහැලා එන්න හදනකොටම දොර අරගෙන මතු වුනේ ඇල්බට් අංකල්. අතේ විස්කි වීදුරුවකුයි සිගරට් එකකුයි තිබුනා. තොලකට ලේවකාපු උගේ මුණේ තිබුනේ තිරිසන් හිනාවක්.
"තාත්තා මට එක්ස්ට්‍රා කී එක දීලා තිබුනේ" දැන් ඉතිං දැඟලුවට වැඩක් නෑ කියන්නැහේ ඌ කඩා පැන්නා මගේ ඇඟට. පාටියේ ඩිස්කෝ සද්දේ පරද්දන්න මගේ කෑ ගැහිල්ලේ සද්දේ මදිවෙනන ඇති. මම වෙට්ටුවක් දාලා දිව්වා සාලෙට, ඇල්බර්ට් අංකල් සාලෙට ආවේ වියරුවෙන්. මම දෙපාරක් හිතුවේ නෑ කැබිනට් එක උඩට නැගලා බිත්තියේ එල්ලලා දාපු ෂොට් ගන් එක අතට ගත්තා. ඇසිපිය ගහන ඇසිල්ලෙන් ගන් එකේ ට්‍රිගර් එක ගැස්සුනා. ඇල්බර්ට් අන්කල්ගේ විස්කි වීදුරුව තිබ්බ අතේ උරහිස ගාවින් පදාසයක් ගැලවිලා වැටෙද්දී පිටිපස්සේ බිත්තියේ ලේ පැල්ලම් යායක් බිමට රුටල වැටුණා මම දැක්කා.
"කණගාටුයි සර්....රැඳවියන් මුණ ගැහෙන්න තිබුන වෙලාව ඉවරයි" මැදිරියේ ජේලර්වරයෙක් ගුගුලෙන් මා ඈගේ ලෝකයෙන් මිදුණෙමි
"මට විනාඩියක් දෙන්න ප්ලීස්" මම ඔහුට බැගෑපත් වුනෙමි.
"මට කියන්න ඔයා මේ හිරේ ඉන්නේ ඒ මිනීමැරුම් චෝදනාවටද.."
ඈ සුසුමක් හෙළුවාය. මැදිරියේ කවුලකින් පෙරී ආ හිරු එලිය දෙස බලාපොරොත්තු රහිත බැල්මක් හෙලු ඈ
"නෑ මහත්තයා.. ඒ පටන් ගැන්ම විතරයි"

------------------------------

ගිනියම් උඩු හුළඟ
වලාකුළු අතර
වල්මත්ව
සඳ සොයන සඳ
මහා දවාලේ...
වීදියක් පාසා
මිනිසුන්
නොමිසුන් අතර
තෙරපී
සුර ලොවක්
මවන ලඳ
ඈ කරුවලේ....
හමුවූ දිනෙක
ගිණි හුළඟ සඳ
එකිනෙක
මහ දවාලේ...
හමුවෙයි නුඹට
සුර සැප
කෙදිනක හෝ
ලැයිම් කාමරේ...
~ රයිටර් ~
මෙය හුදෙක් නිර්මාණයක් පමණක් වුවද මෙවැනි සිදුවීම් මේ රටේ අනන්ත වෙනවා බං මල්ලි. ඇත්තටම කාලකන්නි මිනිස්සු සල්ලි වැඩි උනාම උන් දන්නේ නැහැ ඒ සල්ලි වලට මොනවා කරන්නද කියලා. නියමයි කොල්ලෝ
ReplyDeleteසල්ලි වල පීනනකොට එහෙම තමයි
Deleteමේ ලඟදි මගේ ඥාති දියනියක් කිව්ව කතාවක් මතක් උනා. එයාගෙ පන්තියෙ කෙල්ලෙක් ලොකු ළමයෙක් වෙච්ච පාටියට මල්වෙඩි වෙනුවෙන් ලක්ෂ තුනක් වියදම් කලාලු. මල්වෙඩි වගේ ජීවිත!
ReplyDeleteබුදු අම්මෝ........බැංකුවේ දාලා දුන්නනම් දුප්පත් ලමෙක්ගේ පොතක.. ඌ මැරෙනකම් පිං දේවි
Deleteකතාව හොදා. මට හැබැයි ආයේ කියවන්න හිතුනා..
ReplyDeleteසිරාවට ??
Delete"පිදුරු එලි කළ පැල්පතේ ඇති සාමෙ නැත මහ මන්දිරේ....." කියනවනේ රයිටර්. මුදල්ම ජීවිතය වූ සමාජයක ඔය වගේ සිද්ධි අනන්තවත් විය හැකියි.
ReplyDeleteකොහොම වුනත් කතාව නම් දෙපාරක්ම කියෙවුවා. ලස්සනයි මචෝ.
එල කිරි !!
Deleteඋඹත් දෙපාරක් කියෙව්වද ?
සල්ලි වලට දරුවොත් විකුණන රටක් මේක...
ReplyDeleteඑහෙනං එහෙනං. බල්ලෝ මරලා හරි සල්ලි හොයන්න තමයි බලන්නේ
Deleteසල්ලි වලින් අන්ධ ජිවිත.ලස්සන කතාවක්.සැබැවත් ඔය විදියම තමයි
ReplyDeleteඔව් ඉතිං හැබෑවත් මේ වගේ තමයි..
Deleteසමාජයේ තවත් එක් පැති කඩක් . මේ වගේ සිටු මැදුරුවල අසරණ වුන කුමාරිකාවෝ කොච්චර ඇත්ද ? ලස්සනයි සිතුම් .
ReplyDeleteඅපිවගේ අහිංසක කොල්ලෝ ඉන්නේ ඒ කුමරියෝ ගලවාගන්න තමයි :D !!
Deleteඔය උඩ ඉන්න ඇල්බට් අංකල්ලා.......පල්ලෙහාත් ඔය වගේම ඇල්බට්ලා ඉන්නවා.....වෙඩිතියන්න තුවක්කු නැහැ. නියමයි පැතුම්.
ReplyDeleteසමහර විට අංකල්ලාගෙන් වෙඩි කන්න වෙන්නේ මේ වගේ අහිංසකියන්ට
Deleteසල්ලි උඩ පිනනන්න තියෙන ආසාවට මිනිස්සු තිරිසන්නු වෙන වෙලාවල් අනන්තයි බං!
ReplyDeleteඅනිවා බං
Deleteනියමෙට ලියලා තියෙනවා...
ReplyDeleteඑළකිරි අයියේ
Deleteගොඩක් වෙලාවට සල්ලිකාර පවුල් වල ජීවිත වටිනාකමක් නෑනේ... සල්ලි වලින් තමයි හැම දේම මනින්නේ... බොහෝ වෙලාවට ඒවටම හරියන දරුවො තමා ඒ පරිසරයේ ජීවත් වෙන්නේ... එහෙමත් කෙනෙක් තමයි ඊට විරුද්ධව යන්නේ... ඒත් ඒ සේරම වගේ කෙලවර වෙන්නේ මෙතනින්... අපේ තාත්තා කියන කතා එක්ක සෑහෙන්න සමානයි...
ReplyDeleteවෙනදා වගේම සුපිරි ලියවිල්ලක්... කතාවක් මෙච්චර කෙටියෙන් ඒත් හැම පැත්තම ගලපලා හිතන්නත් දෙයක් ඉතුරු කරන එක නම් මට කරන්න අමාරුම වැඩක්... ඉගෙන ගන්න දේ බොහෝයි... ආයෙ මුල ඉඳන් පටන්ගන්ඩෝනා
ජය වේවා අයියන්ඩි
ඔව් සල්ලිකාරයින්ට වටින්නේ සල්ලි විතරයිනේ. ජීවිත නතිං..
Deleteඑල කිරි මල්ලි මං දැක්කා කල එලි බැහැලා ඉන්නවා. සන්තෝසයි සන්තෝසයි ඈ
නියම ලිපියක්. ඔය වගේ සමාජයේ අපි නොහිතන පැති කොච්චර ඇත්ද?
ReplyDeleteඅම්බෝ. අම්බානක ඇති
Deleteවෙනදා ලියන ශෛලියෙන් පිට පැනලා ලිව්ව අපූරු නිර්මාණයක්...හැබැයි රයිටර් උඹට පුදුම තදියමක්නෙ මේ කථාව ඉවර කරන්න තිබිලා තියෙන්නෙ...ඒක නැත්නම් ටොපේ ටොප්....
ReplyDeleteමට තියෙන්නේ ජේලර්ට තියන තදියමනේ අයියේ.. වෙලාව ටිකයි, කෙටියෙන් ඉවර කරගන්න ඕනි
Deleteනොවෙන දෙයක් නෙමෙයි. මෙහෙම පැත්තකුත් තියෙනවා.
ReplyDeleteහ්ම්ම් හ්ම්ම් අනිවා
Deleteවැඩිපුර එලිදරව් නොවුනොත් මෙහෙම දේවල් අනන්තවත් ලංකාවේ සිද්ධ වෙනවා ඇති....සිතුම් පැතුම් වලට ගොඩවැදුනු පලවෙනි පාර..........
ReplyDeleteඑළිදරව් වෙන්නේ නැති එක තමයි හෙනේට හිටින්නේ.
Deleteනියමයි පැතුම නිර්මාණය.
ReplyDeleteගුඩේ ගුඩුස්...
එල කිරි කෙන්ජි අයියේ
Delete"ඒ පටන් ගැන්ම විතරයි" කියන එකේත් සෑහෙන ගත යුත්තක් තියනවා නේද? එතනින් එහා සිද්ධ වෙච්ච දේවල් සඳහන් වෙලා නැතත්, ඒ අවසානාවන්ත සිද්ධියෙන් පස්සෙ මිනිහෙක්ගේ ජීවිතේ කොච්චර වෙනස් මාර්ගයක ගමන් කරන්න පුළුවන්ද කියන එක හිතන්න පොළඹවනවා.
ReplyDeleteකතාවෙන් කවියට මාරුවීම ටිකක් ඉක්මන් වැඩි ගතියක් දැනෙනවා...
අනිවාර්යෙන් තිසා.. ඒ පටන් ගැන්ම විතරයි. ඒත් ඒක නෙමෙයි හේතුව හිරබත් කන්න. ඊට පස්සේ සිද්ධ වෙච්ච දේවල් ගොඩක් තියේ.
Deleteකවිය ගැලපෙන්නේ නෑ කියල තේරුනේ තිසා කීවාට පස්සේ..
පටන් ගැන්මෙන් පස්සේ මෙහා ටික ගැන ලාවට අයිඩියා එකක් දෙන්න හිතලා ඒක දැම්මේ
සල්ලි කොළ වලින් අන්ධ විච්ච ජීවිත නතරවෙන්නෙ බොහෝ විට හිරගෙවල්වල හෝ මිනී පිට්ටනිවල තමයි.
ReplyDeleteනියම කතාවක් පැතුම් මල්ලි. හැබැයි ඔහොම ළඟ නමන්න එපා ඊළඟ පාර.
අනිවා ප්‍රසා අයියේ.....
Deleteළඟ නැමුවේ කතාවේ හැටියටනේ. මෙයා හිරේනේ ඉන්නේ...
ඔය තියෙන්නේ ගෑණු ඇහැකින් බලලා ලියලා. අර සර් කියන එක උඹ හිතාමතාම යෙදුවේ සීන් එකත් එක්කම ලිංගය මාරු කරන්න නේද?
ReplyDeleteඒත් බං අතේ පදාසයක් ගැලවුනාට අරූ මැරෙන්න නැතුව ඇති නේ? මට තේරුණා මේ හිරේ ගිහින් තියෙන්නෙ ඒ කේස් එකට නෙවෙයි කියන එක. අර අන්තිමට "මට කියන්න ඔයා මේ හිරේ ඉන්නේ ඒ මිනීමැරුම් චෝදනාවටද.."
කියලා අහන නිසයි එහෙම ඇහුවේ.
//අතේ පදාසයක් ගැලවුනාට අරූ මැරෙන්න නැතුව ඇති නේ?// මටත් හිතුනෙ මේකමයි.
Deleteපටන් ගැන්ම විතරයි? මේ මතුසම්බන්ධයි එකක්ද?
ReplyDeleteනෑ නෑ.. කතාව "නිමි"
Deleteඊටපස්සේ ජීවිතේ වෙනස් වීම් වලට ලක්වෙන්නේ හිතාගන්නවත් බැරි වේගෙකින්. මේ කතාවත් එහෙමද ..?
ReplyDeleteඅනිවාර්යයෙන්..එහෙමයි
Deleteසල්ලි උඩ පීනනකොට ඊට යටින් තමන්ගේ ජීවිතවලට තියන අනතුරු කාටවත් පේන්නෑ...ඒ අන්ධ බවින් මිදෙනකොට වෙන්න ඕන දෙවල් වෙලා ඉවරයි..
ReplyDeleteනියමයි ඈ
එල කිරි ඈ
Deleteඒ පාර ටිකක් සිරියස් කතාවක් වගේ...
ReplyDeleteග්ම්ම් ටිකක්
Deleteහ්ම්ම් මොනවා කියන්න බං උඩ අය ඔක්කොම වගේ කියලා සල්ලි ජීවිතේ කරගත්තු කරුමක්කාරයෝ
ReplyDeleteඑහෙනං එහෙනං
Deleteමේක නියමයි පැතුම් ... පුදුම තේරුමක් තියෙනවා.. නියමයි ...
ReplyDeleteකොහෙද ඉතිං හිතට ආව දේ කියන්නේ ඔක්කෝමත් වගේ කමෙන්ට් කරලා නොවෑ මගේ හිතට ආව අදහසම.. :( මොනා උනත් ලස්සනට ලියලා හොඳේ.. කෙල්ලෙක්ගේ පැත්තෙන් බලලා ලිව්ව එකට නම් ජය වේවා
ReplyDelete