Thursday, January 2, 2014

මඩ පුවක් රසැති චුයින්ගම්

හාත්පස පැතිරිච්ච ඉර එලිය, ලෙසටම කාමරේ ජනෙල් කුරු අස්සෙන් ඇවිත් ඇස් දෙක වැහිලා තිබ්බ පිහාට්ට උඩ පිස්සු කෙලින්ඩ ගත්තායින් සරමේ ගැට්ට හපාගෙන සැප නින්දෙයි මර නින්දෙයි වෙනස අස්සේ ඉඟි බිඟි කර කර හිටපු මං අවාසනාවට වගේ දෛවෝපගතව ඇහැරුනා. මුණ පුරාම සිරියාවට තැවරිලා තිබ්බ කබ මිශ්‍ර කුණුකෙල තට්ටුවට උඩින් වතුර පොඩ්ඩක් ගාගෙන වලං අල්ලන රෙද්ද වගේ වෙච්ච වැලේ වනලා තිබුන තුවායෙන් මුණ පිහද පිහදා සාලේ පැත්තට ආවේ දවස ජීවයෙන් පටන් ගන්න හිතාගෙන.

තරුණ කාලේ කරන්ඩ පුළුවන් ඔක්කොම කුප්පකම් කරලා ඉස්තෝප්පුවට වෙලා බණපොත් කියවන අපේ බාප්පාගේ තාත්තා ඒ කියන්නේ අපේ තාත්තගෙත් තාත්තා, කරුමෙට මගේ සීයා,  කන්නාඩියට අක්කරයක් විතර පාතින් මං දිහා බලලා පොලවට ලම්බ සමච්ඡේදක වෙච්ච මෙසපොතෙමියස් හිනාවක් දැම්මා. ඒ හිනාවෙ යම්කිසි ඇවටියෙල් බවක් තියනවා කියලා මට තේරුනේ උන්දැගේ බොල් කටෙන් පිටවෙච්ච ඊළඟ වාක්කිය ඇහිලා.

"කොල්ලෝ මෙහෙන් ඈඳීගෙන මට විටක් කොටලා දීපංකෝ තරහ නැතුව" සීයා කියපි.

මේ හිරිමල් උදේ පාන්දර තරහ ගන්නැතුව කොහොමද යකෝ සීයේ විට කොටන්නේ. එහෙම හිතුවට,  කිව්වේ නෑ මට තව චිරාත් කාලයක් මේ වහල යට වසන්න ඕනි හින්දා.

"විට කන්ඩ හොඳ නෑ සීයේ පිළිකා හැදෙනවා..දවසට එක මිනිහෙක් මැරෙනවා, හෙට සීයද දන්නේ නෑ..සතියට හතක්, මාසෙට තිහක්, අවුරුද්දට රොම්බ ගානක්.."  මං සීයව බය කරා.

"අනේ පල යන්ඩ කෙප්ප නැතුව...කම්මැලිකමට, වැඩිහිටියෙක්ට සලකන්ඩ දන්නෑ තොපිලා.. උඹලා මගේ මුනුපුරෝ නෙමෙයි වල් ඌරෝ..තුහ්.. නොදකින්!" 

"හෙට අනිද්දා මැරිලා යන්න වයසක ඉන්න සීයා කෙනෙක් කියන කතාද මේ...? සික් අසික්කිත කුපාඩි කතා" මටත් ජුවල් හොඳටම...ඇයි  යකෝ මේ උදේ පාන්දර...

"කොල්ලෝ...එහෙනම් හංදියේ කඩේට අලුත් විට ජාතියක් ඇවිත් තියේ "බුලත්විට රසැති චුයින්ගම්" කියලා.. අනේ පින්සිද්ධ වෙයි මට එයින්  එකක් ගෙන්නෝලා දීපං. උඹට පිං සිද්ධ වෙයි." සීයා තොඳොල් වුණා.

"හැඃ...යකඩෝ ඒ මොනාද ඒ..?" මට මොංගල් වගේ...

"ඒ ඉදිච්ච පැහිච්ච තැලිච්චකම් වලින් වැඩක් නෑ හොඳ එකා වගේ මට ගෙනත් දීපන්කෝ.. මේ මතක් කරලා 'මඩපුවක් රසැති' එක ගෙනෙන් ඈ"

---
සුපුරුදු පරිදි අවුරුද්දේ අන්තිම දවසත් මුස්පේන්තු කරවන්ඩ රම්බා එනවා පේනවා ඈතින්, පස්සට ඔක්ටේන් අනු දෙක ගහලා වගේ පිඹගෙන.

"රයිටර්...වරෙන් යමන්"

"ඈ.. කොහෙද යකෝ"

"අඳනකඩේ බලවගන්න යන්න බං"


"ඈ...අඳනකඩේ බලවගන්න...යමං පලයන් පංසලට.. ගලේ වනලා ඇති ඕනේ තරම්"

"මොන රිලා කුනුහරුපයක්ද තෝ කියන්නේ හැකරල්ලෝ..මේ තියෙන්නේ අඳනකඩේ?" කියලා ඌ සාක්කුවෙන් රවුම් කරපු වේලිච්ච කොලයක් ඇදල අරං පෙන්නුවා.

ඌ කියපු අලුකුත්තේරු කතාව ඇහුණා නම් ලූස් මෝෂන් ටයිප් එකෙක්ට එතනම දෙපාරක් බඩයනවා . මම බොහොම අමාරුවෙන් ඉවසා වදාරා හිටියා.

"යකෝ වේලපත්කඩේ..වේලපත්කඩේ.. තොගේ අඳනකඩේ මගුලක් නෙමෙයි රෙද්ද.."


"ආ.. ආ..ඔව්..ඔව්.. ඒක තමයි..." රම්බා හතරට පහට අම්බරුනා. ලාමක ලජ්ජා සහගත ඉටිකිරිස් හුරතල් තාලෙට හිනා වුණා. මට සීයාගේ විට වංගෙඩියෙන් ඔලුවට තඩිබාගෙන මැරෙන්න හිතුනා.

"....අනේ රයිටර්... යමකෝ හන්දියේ ජෝතිෂ්‍යය පොට් එකට.. පොඩ්ඩක් බලවාගෙන එන්ඩ.. අලුත් අවුරුද්ද ලබන්නේ හෙටනෙ.. අම්මා කීවා පොඩ්ඩක් බලාගෙන වරෙන්ය කියලා."

මේ වගේ අවජාත පජාත මිත්‍රයෝ හින්ද එක විනාඩියක් ගෙදර ඉන්න විදිහක් නෑ..නෙද්දකින්....කොහේ හරි කුදලාගෙන යන්නමයි හදන්නේ.

මම ඇතුලට ගිහිං හම්පඩ වෙච්චි ඩෙනිම දෙපාරක් ඉඹලා එක පාරක් වැඳලා ඇඳගත්තා. මෙලෝ සිහියක් නැතුව වගේ දකුල් දෙකම එක කකුලට දාලා තව පොඩ්ඩෙන් මෙසේ ගැට්ටේ කොනක කන්ගැට්ට වැදිලා සදාතනික සුවයත් ලබනවා..

"අනේ කොල්ලෝ..මතක් කරලා අරවයින් එකක් ගෙනෙන් ඈ" මං රම්බගේ දඬු මොණරේ නැගලා එන්න හෙල්මට් එක ඔලුවේ දාද්දිම අපේ සීයා කියපි.
----

"නෙද්දකින් යකෝ මේකේ ගඳ.." රම්බාගේ හෙල්මට් එක තනිකර බොම්බෙලි ගඳයි. මට ඔක්කාරෙට ආවා.

"ඔව් ඉතිං කරෝල දාපුහාම පොඩ්ඩක් ගඳයි තමයි" රම්බා පද්ද පද්ද කියපි.

"තොට හෙන ගහන්ඩ මොන ගල් කොරලියාද යකෝ හෙල්මට් එකේ කරෝල දාන්නේ"

ජෝතිෂ්‍යය පොට් එකට එද්දී අප්පට උඩු අම්බ සෙනගක් සූ ගාලා පෝලිමේ. පැය දෙකක් විතර පෝලිමේ ඉඳලා අපි ඇතුලට ගියා.

සුභ ඵල කේන්දර බැලීමට රුපියල් දාහයි
අසුභ ඵල සඳහා රුපියල් දෙසිය පනහයි 
කියලා ඇතුල් වෙන තැන දොරේ ගහල තිබුනා.

අනේ මේකේ අසුභ ඵල විතරක්ම තිබිය තිබිය කියලා ඒක දැකපු වෙලේ ඉඳන් රම්බා තොල් මතුරන්ඩ ගත්තා..

"ආ කොල්ලනේ ඉඳගන්ට... කෝ ගමු බලන්ඩ වේලපත්කඩේ "

විනාඩි දහයක් විතර ඇස් දෙක කේන්දරේ අලෝගෙන හිටපු ජෝතිෂ්‍යය අංකල් මුණට හෙන බැරෑරුම් පාර්ට් එකක් ගත්තා..
"මෙහෙමයි කොල්ලෝ.. කිව්වට තරහ වෙන්ඩ එපා..සාස්තරේට බොරු කරන්ඩ බැරි හන්දා ඇත්තම කියන්නම්. බොලාට උදා වෙන වසරනම් ඒහැටි හොඳ නැති පාටයි... ශනි  බුධගේ රේඛාවේ ගමන් කරන හින්දා යටපත් වෙච්ච තිරිසන් ගති මතු වෙන්න පුළුවන්. අත ගහන මෙලෝ මගුලක් හරියන්නේ නෑ... දෙයියම්පා.. සිකුරු සෙනසුරට මුවා වෙලා හින්දා මේ අවුරුද්දේදී ගෑනියෙක් තෝ දිහා ඇහැක් ඇරලා බලන්නේ නෑ.."

රම්බාට දැන් ඇඩෙන සයිස්.... "ඉතින් අංකල් ඕකට ප්‍රතිකර්මයක් නැද්ද..?" කොච්චර වැඳ වැඳ හිටියත් රම්බා නහුතෙට බය වෙලා.

"මොකෝ නැත්තේ හාහ් හා හා මොකෝ නැත්තේ.... නිදියනකොට වැටකෙයියා මල් දාපු වතුර වීදුරුවක් කාමරෙන් තියාගෙන හිස් බඩ උදේට ඒක බීපං..... ගේ මිදුලේ මැද ඇඹුල් ගහක් හිටෝලා හැමදාම උදේට උදේට ඇහැරිලා උතුරු දිසාව බලාගෙන ඒකට මුත්‍රා කරාපන්.. ඊට අමතරව තව ගොඩක් ජාති තියේ.. මං ලියාලා දෙන්නම් ඒ විදිහටම කරාපන්.. වරදින්නේ  නෑ"

අපි රුපියල් දෙසිය පනහක් ගෙවලා ආපහු ගෙදෙට්ට විද්දා..

සීයා කට ඇරන් බලන් ඉන්නවා.. කිරි අප්පට මිලක් ෂේක් කිව්වලු...අමතක වුණා...

"බුලත්විට රසැති චුයින්ගම්"


01. "ෆේමස් රයිටර් මං" හා "මට අයිති නැති හිත"  
02. රම්බා මුණ පුම්බා මට මෙසේ කීවේය ?  
03.  එයත් එක්ක රෙදි අපුල්ලන්න ආසයි බං  
04. මම දෑවැදි ඉල්ලන මිනිහෙක් නෙමෙයි  
05. රයිටර් කසාද බැඳී වගනම්...!  
06. චිකෙයියා.......කනේ කොහෙද අනේ කන්යා0 පටල ?  
07. සික්ස් පැක් එන්නේ බඩේනේ රයිටර්...!!!  
08. කළු දොදොල් තමයි බං රහ  
09. "වොට්.....? හු ඊස් සෙනෙහෙ ලතා...?"  
10. "ජයන්ත....?...කවුද පරට්ටියේ ජයන්ත.....?"  
11. "චීඊ..චීඊ..සර්...අවකැපෙන කැත කතා කියන්න එපා. මේක ලයිව් ටෙලිකාස්ට් කරනවා.  
12. "තොගේ ආච්චිගේ හවරිය...යකෝ...මට...මට...වා...වා"  
13. "සෝරෝට කොහොම රිදිල්ලක් රිදෙනවා ඇත්ද නේද බං...?"  
14. ඇඩෝව් එතකොට උඹ බිහිවුනේ ස්පෝථනයෙන්ද.....?  
15. "පට්ටයි මචන්...ඒ පැත්තෙන් ඇවිත් යන්න"  
16. "අ.....නේහ්..!!!....එයාට රිදෙයි...!!! .පරිස්සමෙන්...අනේ"  
17. "රයිටර්..ඉක්මනට යමන්..අපේ නංගි පරල වෙලා  
18. ඇති දාට විතරයි නැති දාට බඩුම තමයි l  
19. අනේ අයියේ ප්ලී.....ස් දොර අරින්න  
20. "ඇයි බං රයිටර් අරූ මහා දවල් හෙඩ් ලයිට් දාගෙන යන්නේ....?"  
21. අපරාදේ කියන්න බෑ...යස අගේට පෙරෙනවා නැන්දම්මේ !  
22. මේ දන්සැලේ දෙන්නේ කෑම නෙමෙයි අයියේ.  
23. මට මේ මයිල් ගහේ පොටෝ එකක් ගහලා දියන් මචං  
24. "සියලු පෘටග්ජන මිනිසා පටෝස් ගා පත්තු වේ"  
25. ආනේහ්.......රයිටර් බයියා...!! කොයිවෙලේද ආවේ  
26. "සරමෙන් බැරිනම් අමුඩෙන්"  

69 comments:

  1. බුලත් විට කන්නේ නැතුව බුලත් විට රසැති චුයින්ගම් කනවානම් හොඳයි තමයි.. ඒත් එහෙම ඒවා තියනවද කියලා තමයි දන්නේ නැත්තේ..

    හැම මනුස්සයම හිතනවා ඇති අසුබ ඵල විතරක් තිබ්බනම් හොඳයි කියලා.. ඇයි අප්පා 4 ගුණයක් නේ...

    කාලෙකට පස්සේ හොඳට හිනා වුණා..... :D

    මේ අවුරුද්දෙ එක දිගට රයිටරේ ලියන්න.. සුබ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. අද කාලේ මොනාද ඉතිං කඩෙන් ගන්න නැත්තේ

      සිරාවට අසුභ ඵල වලට චාර්ජ් කරන්නේ අඩුවෙන්

      සුබ අලුත් අවුරුද්දක් වේවා !!

      Delete
  2. අස්පටසිරි ඔය ජ්‍යෝතිෂය කෙරුවාව දැන් ලේසිය්න් කොරන්ට පුලුවන් එකක් නෙවේ පැතුමෝ........අපලවලට දාන මුද්දක් රු 8000ක් විතර.එතකොට වෙලාව බලවන්ට 1000යි.යන්තර වලට තුන් හාරදාහක් යනවා.ඔන්න වැඩේ...........

    ඔක්කොම පැත්තක තියලා හඳහන් බලන්ට ඉගෙනගන්න හිතෙනවා.එක අතකට ඒම ඕනත් නෑ....සොෆ්ටෙයා එකක් දාගත්ත නං ගොඩනේ....හික් හික්...

    සුභ නව වසරක් වේවා පැතුමෝ...!

    මේ අර චුයින්ගම එකක් මටත් ඇස් ඇම් ඇස් කොරන්ට...අපේ සීයාට දෙන්ට...හික්ස්

    ReplyDelete
    Replies
    1. පිස්සු හැදෙයි අට්ටාලයක් අටෝගෙන කේන්දර ටිකක් බැලුවනම් ගොඩේ ගොඩ..

      හා හා මම කුරියර් එකකින් එවන්නං ඈ

      සුභ නව වසරක් වේවා රෙහානියෝ

      Delete
  3. සීයලාටත් අලුත් අලුත් ජාති කන්න හිතෙනවා නේද . ඊලඟ පාරවත් ගෙනත් දෙන්න පව්නේ .
    …සුභ නව වසරක් වේවා කියල පතනවා .

    ReplyDelete
    Replies
    1. සීයාලත් ඉතිං මිනිස්සුනේ..කන්න හිතෙනවනෙ

      …සුභ නව වසරක් වේවා ගිම් අක්කේ...

      Delete
  4. යකෝ මාර ලිවිල්ලක් බං...:v
    මුල් ඡේදේ මාර ගති. මොඩර්න් සාහිත්‍ය....:D

    ReplyDelete
    Replies
    1. හා හාහ් හාහ් හා. මොඩර් සාහිත්‍ය

      Delete
  5. හිනා කාලා බඩ පැලෙනවා බොල.

    අනේ පුළුවන් නම් අර රම්බාට ලියලා දීපු ලිස්ට් එක මටත් දියන්කො. මගෙත් ශනියා යන්නෙම අනුන්ගෙ රේඛා වල බන්.

    සීයාට මගේ ගානෙ මඩ පුවක් තවරලා කොහොල්ලා ගුලියක් දීපන් බුලත් කොලේක ඔතලා. එතකොට වැඩේ ගොඩ.

    :-D :-D :-D

    ReplyDelete
    Replies
    1. හාහ් හා හා...

      ලිස්ට් එකක් ඕනි නෑ.. වැටකෙයියා මල් වතුරට දාලා බීපංකෝ...බීල අර විදිහට කරං.

      හා හා උඹ දෙන්න කිව්වයි කියලම දෙන්නම්කො

      Delete
    2. අනේ අම්මේ ඔය වැටකෙයියා මල් වල ගනන් ඇහුවම වහ ටිකක් කාලා වැටකෙයියා පඳුරක් අස්සෙ රිංගන්න හිතෙනවා බන්. නිකන් නෙමෙ තවත් කවුරු හරි එක්ක.

      Delete
  6. /සිකුරු සෙනසුරට මුවා වෙලා හින්දා මේ අවුරුද්දේදී ගෑනියෙක් තෝ දිහා ඇහැක් ඇරලා බලන්නේ නෑ/
    ඇත්ත කියහන් රම්බට නෙවේ උඹට නේද මෙහෙම කිව්වේ..??

    ReplyDelete
    Replies
    1. පල පල...

      ඇත්ත ඇතිසැටියෙන් විතරයි

      Delete
  7. ඔය කියන බුලත් විට තියෙන්නෙ කොහෙද දන්නෙ නෑ. වෙනදා වගේම රසවත් නිර්මාණයක් පැතුමු. සුබ නව වසරක් වේවෘ...!

    ReplyDelete
    Replies
    1. කඩවල් වල තියේ අයියේ...හෙහ් හෙහ් හෙහ්... තව අවුරුදු දෙක තුනකින්...

      සුබ නව වසරක් වේවා...!

      Delete
  8. තව මොනාද බං සාත්තරකාරයා කිව්වේ! චුයින්ගම් හපන්න කියලත් කිව්වද? ;)

    ReplyDelete
    Replies
    1. හා හාහ් හාහ් ... ඒවා ලිස්ට් එකක ලියාල දුන්නේ නාඩිස්

      Delete
  9. ඔය අයිඩියා එක වෙළඳ පොලට හඳුන්වලා දුන්නනම් නැගල යාවි

    ReplyDelete
    Replies
    1. මාත් බැලුවේ බිස්නස් එකකට අත ගහන්න කියලා මේ අවුරුද්දේ හෙහ් හෙහ් හේ

      Delete
  10. මොකෝ තියන්නේ.?චුයින්ගම් බිස්නස් එකට බහිමුද?

    www.amila-psx.blogspot.com

    ReplyDelete
    Replies
    1. අනිවා එලස්.... එකෙන්ම බහිමු !

      Delete
  11. අලුත් අදහසනම් නියමයි මෙ වගෙ චුයින්ගමයක් හදමුද..? එක එක රසට තියෙන එක හොඩයිනෙ.. එතකොට පිලිකත් නැහැ.. වැඩෙත් වෙනවා

    ReplyDelete
    Replies
    1. එහෙනං එහෙනං ලෙඩත් අඩු වෙනවා ආතල් එක එමමයි :D

      Delete
  12. අලුත් අවුරුද්දේ අලුත් චුයින්ගම් නිෂ්පාදනයක් විදියට එලි දැක්වුවා නම් හරිනේ :D
    සුභ නව වසරක් වේවා !!!

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මාත් මේ බැලුවේ මොකක් හරි කරන්න

      Delete
  13. උදේ නැගිටින තැන ඉදල සීය සමග දෙබස හිනා යමින් කියෙව්වා.
    හදහන්/කපුවෝ මට කවදත් විහිළු සපයන්නෝ.
    අදත් වෙනද වගේ රසවත්.
    මාසෙකට එකක් වත් ලියපන්කො අපිට කියවන්න.

    ReplyDelete
    Replies
    1. දිගටම ලියන්ඩ හිතාන ඉන්නෝ කෙන්ජ් අයියේ...මේ අවුරුද්දේ ඉඳන්වත්

      Delete
  14. රම්බගේ පිටින් දාලා උඹ නේද බං හදහන බලාගත්තේ.. පවු වැඩේ බොල සීයා.. හදහනට වැඩිය වටිනවා ඒක..

    ReplyDelete
    Replies
    1. චිකේ..අපි ඒවගේ කැත වැඩ කරන්නේ නෑ චී.. චී.. චී..

      යා යා ආයේ හංදිය පැත්තට ආවම ගෙනල්ල දෙන්ටෝනේ

      Delete
  15. උඹ තමා ඔය හදහන් බලන එකා. මට සුවර් ඒක.. කොහොම උනත් අගේ ඇති ලියවිල්ල.. බොට සුනවවේ!!

    ReplyDelete
    Replies
    1. ඔය ඉතිං කිව්වට විශ්වාස කරන්නේ නෑනෙ....

      Delete
  16. මං මේ හිත හිත හිටියෙ රයිටරයා වලකජ්ජ ගහලද කියල... හි හි

    ReplyDelete
    Replies
    1. ආස ඇති නෙහ් වලකජ්ජ ගහනවානම් හාහ් හාහ් හා

      Delete
  17. හෙ හෙ හිනත් යනවා ...... බුලත් විට රැසැති චුංන්ගම් එකක් මාත් හොයලා බලන් ඔනි :P

    ReplyDelete
    Replies
    1. හාහ් හාහ් හා...හොයාලා බලාපං....සොයන්නට සම්බ වේ

      Delete
  18. හපොයි හරිම ලොල් සහගතයි

    ReplyDelete
  19. නරකද සීයට බාබුල් එකක්වත් ගෙනත් දුන්නනං. සදාකාලික සුවයක් ලද්දහැකි.
    ඇත්ත කියහං රම්බ එක්ක ‍උඹේ කේන්දරෙත් බලවගත්ත නේද?

    වෙනද වගේම රසවත්ව ලියල තියෙනව මලයො.

    ReplyDelete
    Replies
    1. බාබුල්...? තහනම් නේද ප්‍රසා අයියේ..?

      අපෝ පිස්සුද ඈ...මයේ නෑනේ ඕවයේ විශ්වාසයක්

      Delete
  20. හැක් චුයිංගම් කතාව එත් මඟුල් සීන් :) 

    ReplyDelete
    Replies
    1. ඈ.... මොකක්ද මේ කිවේ...මට එන්ටර් නෑනේ :/

      Delete
  21. අන්න හදනවනං චුයිංගම් ! සෑහෙන ඉල්ලුමක් තියේවි.
    මට නං බුලත් විඩක් කන එක චුයිංගම් කනවා වගේ නෑ.. වුලත් විඩනේ මරු !
    ලියවිල්ල එක හුස්මටම කියවගෙන ගියා කට උත්තර නැති වෙන්ඩම.. මරු ඈ.. පංකාදු පහයි !

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හදමුද ?

      අල වගේද ගෝවා කියන්නේ නිකංයෑ

      Delete
    2. ඔවු ඒක නේන්නං...

      අල පෙති ! ගෝවා රැලි !

      Delete
  22. උඹට සුභ නව වසරක් පතන්න හිටියත් අමතක වුණා. මම උඹේ ෆොටෝ එක දැක්කා ගෙට්ටුවේ...

    ReplyDelete
    Replies
    1. කිරි අප්පොච්චියේ ඒකට මක් වෙනවද

      Delete
  23. ළගදීම වෙළද පොළෙන් විට රසැති චුයින්ගම්... රයිටර් වෙළදනාමය යටතේ

    ReplyDelete
    Replies
    1. හාහ් හාහ් හා නලීන් අයියගේ පත්තරේටලු මුලින්ම ඇඩ් එක දෙන්නේ

      Delete
  24. රයිටර් කොලුවගේ ලියවිල්ල හරිම රහයි! ජයෙන් ජයම වේවා!!

    ReplyDelete
  25. ඔච්චර හන්දියට ගිහිල්ලත් සීයට චුයින්ගම් එකක් ගෙනත් නොදුන්න එක නම් හරි නෑ රයිටර්.

    ReplyDelete
    Replies
    1. අමතක වුනානේ අප්පා ඉතින් නොසිතු නොවූ විරු ලෙස

      Delete
  26. බුලත් විටක් අහලක තිබ්බැහැකිද බං ඔය කොහොල්ලැ ගුලි

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට ඉතින් යෞවනේ පොපියන අරකනේ කොහොල්ලැ ගුලි

      Delete
  27. ඔන්න මම ප්‍රිය කරන ශෛලියෙන් ආයෙම ලියලා තියෙනවා. ඒ වුනාට උඹට තිබ්බේ සීය පප්පට මඩ පුවක් ෆ්ලේවර්ඩ් චුවිංගම් විටක් ගිහින් දෙන්නයි

    ReplyDelete
    Replies
    1. අමතක වුණානේ ඉතින් අප්පා අර අරුගේ කේන්දරයක් හින්දා

      Delete
  28. කිව්වත් වගේ ඉන්දියාවේ තියෙනවා බුලත් විට වගේ චුයින්ගම් මොකෝ බොලෑ සීයා ලඟදි දඹදිව වත් වන්දනා කොලාද?

    ReplyDelete
    Replies
    1. ඇඃ හැබෑට එව්වා තියේද එහෙත් ?

      Delete
  29. ඕ යේශ් රයිටර් ඊස් බැකිං ඇක්ශං :D

    උබ එදිරි වගේද එදිරි උබ වගේද ? ;)

    ReplyDelete
    Replies
    1. හම්මෝ බං එදිරි එදිරි වගේ මං එදිරි වගේ...

      Delete
  30. එදිරිගෙ සාටරේ මමත් ඒ දවස් වල බොහොම රස වින්ද ලියවිල්ලක් සමුදුර පත්තරේ මට මතක විදියට ගියේ....

    බොලාගෙ මේ උපහාස ලියවිල්ල බොලාටම අනන්‍ය වෙච්ච එකක්....ඒකෙ ආයෙ කියන්න දෙයක් නෑ...හැමදාමත් වගේ රසය උපරිමයි...චුට්ටක් හරි චාරුලතා නගා පේන්න හිටියෙ නැත්තං එදාට මට අවුල්....ඊලග වතාවෙවත් නගාව පොඩ්ඩක් සැන්ටර් කොරපන්....ජය !

    ReplyDelete
    Replies
    1. එදිරිගේ සාටරේ සමුදුර පත්තරෙත් ගියාද... දැන් නම් යන්නේ තරුණයා පත්තරේ...හැබැයි..

      චාරුලතාට සිරා අයියගේ මෙව්වා එකක් තියේ නෙහ්........ හා හා හා

      Delete
  31. නියමයි! නියමායි!! නියමාආආආආආආආයි!!!!

    රයිටෝ බයිට් වගේ රසයි!!!!!!!!

    ReplyDelete
    Replies
    1. එල කිරිරීරීරීරීරීරී

      Delete
  32. මාත් යන්ඩ ඕනේ අඳනකඩේ බලා ගැනද.. :D

    මෙජෙව් ලියවිලි රයිටර් ගෙන් පමණි.. එලම තමයි.

    ReplyDelete
    Replies
    1. ඇබිත්තියගෙන් කාලා වරෙන්කො ඈ

      Delete
    2. මං කුණු හබ්බ වාගේ ඒවා නෙ බං ලියල ගිහින් තියන්නේ..

      //අඳනකඩේ බලා ගැනද// නොවේ. අඳනකඩේ බලා ගන්න...

      //මෙජෙව්// නෙවෙයි.. මෙහෙව්...

      හීතලට වෙන්න ඇති නේද බං.. :D

      Delete
  33. කලින් පාරක් ඇවිත් කියවලා ගියාට කමෙන්ට් එකක් දාන බැරි උනා නිස ආයෙ අවා.. අඉයගෙ ලිවිල්ල නම් මරු. අර කරවල ගන්ද යන්න හොදට නාගන්න ඇති මගෙ හිතේ.. ;p

    ReplyDelete
  34. "පොලවට ලම්බ සමච්ඡේදක වෙච්ච මෙසපොතෙමියස් හිනාවක්".... කොහෙන්ද පැතුම් මේවා හොයාගන්නේ...

    ReplyDelete